me thread eka kiyawaddi mata kaduluth awa... api jeewithe kiyala hithagena hitiye mokakda... me thread eka dapu kenata saha reply karapu hamotama godak sthuthi
dapan ballata A/L palayn rata giyama hariyanwasudu akkala dakinakota

me awulata muna dena dahas gananak innawa....ube witharak prob ekak neweyi.
mewwa gana ali gali hithana eka thamayi lokuma awula.a nisa ena widihata prob walata muna dipan....
aagama mokak unath a paththatath wadi pura naburu weyan.
good luck!!!!

akke oya kauru unath godak watina dewal kiyala thiyanwa thanks.. math A/L anagaththa kollek,campus yanna godak aswen hitiya eth bari una,O/L walata A9 k thiynwa.eth wadak na,math asi thawa godak iagan ganna..kawada hari degree 1kak araganwa mama. godak dewal dana gaththa oya kiyapuwagen.. godak pin..!
mama elakiri 1kata aluth,mama maha loku waddek neme.. habai kauru hari watina deyak kiwwama eka hodata aha gannawa..
mata godak advice deepu aiya knkuth innawa meke.(soldierthilina)aththama meka godak watina site 1kak.igana gaththa dewal share karanwata hamotama godak pin...!!!
Listen. There is a PHP developer in our office who failed ALs but he is making around 140,000.You can do a foundation and enroll to a degree.
me thread eka kiyawaddi mata kaduluth awa... api jeewithe kiyala hithagena hitiye mokakda... me thread eka dapu kenata saha reply karapu hamotama godak sthuthi

a/l kiyanne jeewithe neme machan...ubata athi tharama comments labila thiyenawa eka therum ganna..math godaaaaak dewal gaththa me mulu thread ekama karala...uba USA transfer wenna mehe koheda diploma eka karanne?ANC or ACHE??? Anyway ubata kochchara kiuwath therenne nathi wei.but Degree ka gaththata passe ubata A/L monada kiyala hithei.good luck!!!
පිට රටක degree එකක් කරන්න AL ඕනේ වෙන්නේ නෑ. ඔයාගේ සුදුසු කම් අනුව පිටරටක degree එක කරද්දි අවශ්‍ය මුලික courses ටික මුලින් කරලා තමයි degree level එකට යන්නේ. එතකොට AL වල දැනුම ඉබේම එනවා. ඒ හන්ද ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ලංකාවේත් Open University එකේ AL subject වලින් පටන් අරන් degree එක සම්පුර්ණ කරන්න පුළුවන්. තව ඒ වගේ private institutes ලංකාවේ ඕනේ තරම් ඇති. තමන්ගේ අධ්‍යාපන මට්ටම උසස් වෙන්න වෙන්න රැකියාවට අදාල වෙන්නේ ඉහලම සුසුදුකම මිසක් AL නෙවෙයි. එතකොට ඔයාගේ AL results මොනාද කියල කවුරුත් අහන්නේ නෑ. ජිවිතේ එක තැනක් වැරදුනා කියල ඔයාගේ අනාගතේම නැති වෙන්නේ නැහැ. ඔයා වැරදුනු තැන් හදාගෙන උසස් අධ්‍යාපනය හදාරලා ඔයා කවදාහරි ඔප්පු කරන්නේ ඔයා දක්ෂයෙක් කියලයි. එදාට ඔයා ගියපු පාසලවත් ඔයාගේ OL සහ AL results වත් කාටවත් වැඩක් නැහැ.
Bachelors Degree කියන්නේ AL වලට වඩා එහා ගිය දෙයක් කියල නොදැන ඉන්න තරම් ඔයා මෝඩයෙක් නෙවේනේ. USA නෙවේ ලෝකේ කොහේ කලත් ඔයාගේ resume එකේ මුලින්ම වැටෙන අධ්‍යාපන සුදුසු කම උපාධිය. එත් ඒක සුදුසුකමක් විදියට විතරක් තිබිල බැහැ ඔයා practically ඒ මට්ටමට දියුණු වෙන්න ඕනේ. job interview එකක ඔයා මුහුණ දෙන විදියෙන් තමයි ඔයා දක්ෂයෙක් කියල ආයතනයක් තේරුම් ගන්නේ. මොකද ඔයා එක්ක කතා කරන විනාඩි කිහිපය ඇති interview board එකකට ඔයාව මැනගන්න. ඔයාට A 4ක් AL වල තිබුනත් වැඩක් නැහැ ඔයා ගිහින් බුද්ධිමත්ව කතා නොකලොත්. අධ්‍යාපන සුදුසුකම් කියන්නේ ඒ රැකියාවට අදාල අවම සුදුසු කම. රැකියාවකට උගත් කම විතරක් තිබිල මදි. මොලය පාවිච්චි කිරීම නැතහොත් බුද්ධිමත් කම තමයි රැකියාවට විතරක් නෙවේ මුළු ජීවිතේටම ඕනේ. ඒක තමයි ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ. AL කට පාඩම් කරලත් pass වෙන්න පුළුවන්. BS එකත් කට පාඩමින්ම කරගන්න පුළුවන්. එත් රැකියාවක් කරද්දියි ජිවත් වෙද්දියි කිසිම දෙයක් කට පාඩමින් කරන්න බැහැ. හැම මොහෙතේම ඔලුව මෙහෙයවල තීරණ ගන්න වෙනවා. ඒ හන්ද අධ්‍යාපන සුදුසු කම් කියන්නේ ජිවිතේ උඩට නැග ගන්න උදව්වක් මිසක් ජිවිතේ තීරණය කරන සාධකයක් නෙවෙයි.
ඔයාට තියෙන ප්‍රශ්නේ ලෝකෙට මුහුණ දෙනවට වඩා ඔයාගේ හර්ද ශාක්ෂියෙන් ගැලවෙන්න බැරි කම. ඒකට හොඳම දේ ඔයා දක්ෂයෙක් කියල ඔයා ඔයාටම ඔප්පු කරලා පෙන්නන එකයි. එක තැනක් වැරදුනාට ඔයා විනාස උනේ නැහැ කියල ඔයාගේ හිතට ඒත්තු ගන්නන එකයි . එකට හොඳම අවස්ථාවක් ඔයාට ඇවිත් තියනවා. දැන් තවත් වතාවක් ඔයාට ජීවිතෙන් වාරයක් ලැබිල තියනවා වැරදි නිවැරදි කරගන්න. ඔයා ඒක හරියට පාවිච්චි කරලා ජිවිතේ යන්න පුළුවන් ඉහලම තැනට යන්න අරමුණක් ඇතිව වැඩ කරන්න. අරමුණක් නැතිව කවදාවත් හොඳ ගමනක් යන්න බැහැ. පරණ දේවල් මතක් කරලා ඒවායින් හිත රිද්ද ගන්න එක නෙවෙයි කල යුත්තේ. ඒවා ජීවිතේට ශක්තියක් කරගෙන ඔයාගේ ගමන යන එක. මගේ ජිවිත අත්දැකීමෙන් මේ කියන්නේ. මම ඔයා වගේ AL fail උනේ නැහැ. නමුත් මට අවශ්‍ය තැනට යාගන්න බැරි උනා. මම ලංකාවෙන් 10 දෙනා අතර 5 වසරේ සිෂ්‍යත්වේ pass උනා. නමුත් AL මට ඉහලින් සමත් වෙන්න බැරි උනා. ඔයාට වගේම මට මම ගැන ලොකු ලැජ්ජාවක් සහ මගේ අම්ම තාත්ත ගැන පුදුම දුකක් තිබුන. එත් මම ඔයා වගේ වැටුනේ නැහැ. මම මගේ ජිවිතේ මටම අභියෝගයක් කරගත්ත. මම දෙවෙනි වතාවෙත් AL නොකර open university science degree එක කලා. කරලා first class එකක් ගත්ත. ඉන් පස්සේ ලංකාවේදීම මම ආචාර්ය උපාධිය (PhD) සම්පුරණ කලා. මම අද USA වල scientist කෙනෙක් මල්ලි. USA එද්දී AL කෙසේ වෙතත් අර BSc degree සහතිකෙවත් බැලුවේ නැහැ. වැදගත් උනේ ඉහලම සුදුසු කම විතරයි. ඔන්න ඕකයි ජිවිතේ තමන්ට ඕනේ අතට කරකවා ගන්න ඕනේ කියන්නේ. එදා ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් මදි උනු මට අද ලංකාවේ විශ්ව විද්‍යාලයක උගන්වන්න සුදුසු කම් තියනවා. මම AL හොඳට කලේ නැහැයි කියල අද කවුරුවත් මට කියනවද නැහැනේ. එදා නොහිටපු අලුත් යාළුවොත් බලෙන් යාලු කම් වලට එනවා. ඕක තමයි ලංකාවේ තත්වේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජිවිතේට වටිනාකමක් අරන් දෙන්න. අපි ජිවිතේ මෝඩ කම් කරනවා. ඒවායින් අපිට සමහර තැන් වරදිනවා. එකේ තේරුම ඔයා කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් කියන එක නෙවේ. අපි අපේ මොලේ හරියට පාවිච්චි කලේ නැහැයි කියන එකයි. අපි හැමෝටම එක වගේ දක්ෂකම් තියනවා. නමුත් ඒවා මතු කරගන්න අපි අපේ මොලේට කියල දෙන්න ඕනේ. මේවා දැම්මේ ලොකු කමට නෙවේ. ඔයා දෙයක් ඔලුවට ගනීවි කියලා. මොකද ඔයා ගොඩක් මානසිකව වැටිලා කියල දැනෙනවා ඔයා ලියල තියෙන විදියට. ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න. Good luck.![]()

මොනවා කියන්නද කියල හිතා ගන්න බැහැ. කෙටියෙන්ම කල්‍යාණ මිත්‍රයෙක් ගේ වචන පෙළක්.![]()

ගොඩක් ස්තුතියි මල්ලි.![]()
ගොඩක් ස්තුතියි මල්ලි.![]()

Akke man dannwa oya dan mata bani,gahai mechara kiyalath muta therum ganda baida kiyala.Eth akke mata therenne na.Mage future eka awul karana balawegayak da manda me A/L wikare...![]()
මල්ලි තරහ වෙන්න එපා මෙහෙම කිව්වට, උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් ෆෝරම් එකක ඕනවට වඩා කියව කියව ඉන්නේ නැතුව මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙයන්.