අනේ දරුවෝ ඔයා AL කියන දේ ඔයාගේ ඔලුවෙන් මකල දාන්න. මම කලිනුත් කීවා වගේ තව ඉදිරියේදී හොඳ රැකියාවක් කරද්දී ඔයාටම හිතේවි ඔයා මේ තරම් පසු තැවුණු මෝඩ කම් කියල AL වෙනුවෙන්. මල්ලියේ Degree ලබා ගත්තයින් පස්සේ ඔයා ඉල්ලුම් කරන රැකියාව සඳහා ඒ degree එක මූලික සුදුසු කමක් නම් එතනින් එහාට කවුරුත් ඔයාගෙන් AL අහන්නේ නැහැ. මොන degree තිබුනත් වැඩක් නැහැ බුද්ධිය කියන දේ නැත්නම්. ඒ හන්ද හොඳට මොලේ පාවිච්චි කරලා ඉදිරි වැඩ කටයුතු ටික කරගන්න. ඔයා USA යනවා නේද ඉතිරි studies වලට. එහෙ ටික කාලයක් ඉද්දී තේරේවි ඔයාට සුදුසු කම කියන්නේ ඉහලට පය තියාගන්න ඉනිමගක් විතරයි කියල. කැප වීම, උනන්දුව, උත්සාහය මේ මුලික ලක්ෂණ නැති මිනිහෙක්ට degree 100ක් තිබුනත් දියුණු වෙන්න බැහැ.
ඔය තරම් යට ගිය දේවල් ගැන පසු තැවෙන්න තමන්ගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. ඒ වෙනුවට තමන්ගේ ජිවිතයට වැදගත් වෙන පුංචිම දෙයක් හරි කරන්න ඒ කාලය යොදා ගන්න. ඔයාගේ බුද්ධිය මෙහෙයවලා කල්පනා කරලා බලන්න degree එකෙන් සහ AL වලින් ඉගන ගන්නේ මොනාද කියල. AL වලදී ඔයාට ලබා දෙන්නේ මූලික දැනුම, ඉතාමත් සුළු මට්ටමෙන් විශාල විෂය ප්‍රමාණයක් ආවරණය කරනවා. Degree එකේදී ඔයා ඒ කරුණුත් ඇතුළුව ඒ කරුණු වලින් කිහිපයක් වැඩියෙන් හදාරනවා. ඉතින් යම් විෂය කරුණු ටිකක් වැඩියෙන් හදාරලා එන ඔයා ආයිමත් නැවත ඒවායේ හෝඩියටත් යා යුතුද ???? Degree එක මුලික සුදුසු කම් වුනු රැකියාවක, AL වලදී ඔයා ඉගන ගන්න දැනුම ඉබේටම අන්තර්ගත වෙලා ඉවරයි. ඒ හන්ද කවුරුත් ඔයාගේ AL ගැන හොයල වද වෙන්නේ නෑ. හැබැයි එහෙම නොවෙන්න වග බල ගත යුත්තේත් ඔයාම තමයි. මොන තරම් උපාධි තිබුනත්, රැකියාව කරද්දී ඔයා අට පහ නොදන්නා මෝඩයෙක් ගානට හැසිරුනොත් ඉබේටම ආයතනයක් පෙළබෙනවා නැවත වතාවක් ඔයාගේ අධ්‍යාපනික පසුබිම හොයල බලන්න. පොතේ ඉගන ගන්න දේවල් ප්‍රයෝගිකව අදාළ කරගන්න ඔයා බුද්ධිමත් විය යුතුයි. මට දැනෙන විදියට ඔයාට ඒ හැකියාව සහ උනන්දුව තියනවා. ඔයා දැනටමත් ඒ ගමන පටන් අරන්. ඒ හන්ද පසුතැවිලි වෙන එක නවත්තලා ජිවිතේ ඉස්සරහට ගිහින් බලන්න මොකද වෙන්නේ කියල. ජිවිතයට පැහැදිලි අරමුණක් අවශ්‍යයි. නමුත් මේ අස්ථිර ජිවිතේ අපි කාටවත් කල් තියා හරියටම කියන්න බැහැ මොකද වෙන්නේ කියල. එහෙමයි කියල, අරහෙම වෙයි මෙහෙම වෙයි කියල ජිවිතේ තීරණ ගන්න බැරි මිනිස්සු කවදාවත් ලෝකේ දිනන්නේ නැහැ. හෙට දවසේ අරමුණ වෙනුවෙන් අද දවසේ මගේ වැඩ ටික මම හරියටම කරනවා කියල හිතාගෙන වැඩ කරන්න. අනිවාර්යෙන්ම හෙට දවස සාර්ථකයි.
මම අද මෙතන ලිව්වයි කියල මතක තියාගන්න මල්ලියේ. ඔයා ජිවිතේ තව ඉස්සරහට යන කොට AL වලට වඩා ඕනෙ තරම් ප්‍රශ්න ජීවිතේට එනවා. සමහර වෙලාවට අපි හීනෙකින් වත් නොහිතන ඒවා. අපි අම්ම තාත්තාගෙන් වෙන් වෙලා අපේම ජිවිත පටන් ගත්තම AL කියන්නේ කකුලට පෑගෙන වැලි කැටයක් තරම් පුංචි ගැටළුවක් විතරයි. එදාට කවුරු හරි ඔයාගෙන් AL ගැන ඇහුවොත් ඒ කෙනාට උත්තරයක් දෙන තරම් පෞර්ෂයක්, කාලයත් එක්ක ජිවිතේ අත්දැකීම් එක්ක ඔයාට ඉබේම ලැබෙනවා. එදාට ඔයාට හය්යක් තියේවි, මෙන්න මේ ටික කියන්න ඔලුව කෙලින් තියාගෙන ඔයා දැන් මේ කරගෙන යන studies හරියට කරගත්තොත්, "ඔව් මම AL fail, නමුත් මම වැටුනේ නැහැ, මම මේ degree එක කලා, මම අද මේ තත්වේ තමයි ඉන්නේ". තමන්ට වැරදුන තැන් පිළිගන්න කවදාවත් ලැජ්ජා වෙන්න එපා. මොකද ඔයා වැරදුන බව දැනගෙන, වරද නිවැරදි කරගත් නිසා. ඒක කවදාවත් තමන් ගැන අවතක්සේරු කිරීමක් නෙවේ. ඔයා ලැජ්ජා වෙන්න ඕනේ කවදාවත් ඔයාට ඒ වරද හදාගන්න බැරි උනොත් තමයි. අනිත් එක ඔයා මේ පසු තැවෙන්නේ තව අවුරුදු 3කින් 4කින් වෙයි කියල හිතන දෙයක් ගැන. ඒක එදාට හිතන්න ඉතිරි කරලා අඩියෙන් අඩිය ඉස්සරහට තියන්න. ඔයාට ජය. බුදු සරණයි.