උඹට පිස්සුද බන්. ඒ ලෙවල් ෆේල් කියලා ජීවිතේ නැති වෙනවද ? සමාජයෙන් කොන් වෙනවද ? යාලුවෝ හිනා වෙනවද ? උඹට ඇඩෙනවාද ? අනේ මචන් මුලින්ම තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා, ඒ ලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි මචෝ. උඹ දන්නවද මම ඕලෙවල් ගොඩ දාගත්තේ දෙපාරක් කරලා. පලවෙනි පාර මම ගණන් ෆේල්. දෙවැනි පාර පට්ට කට්ටක් කාලා කොහොමහරි s එකක් දාගත්ත. ඒ ලෙවල් රිසාල්ට් ලා s එකයි w දෙකයි මචන්. තාත්තට ජොබ් එකක් හරියට නෑ මචන්. මම කරේ ආර්ට් මචන්. උඹ හිතපන් ඕ ලෙවල් වලට දෙවැනි පාර s එකක් අරගෙන යන්තමින් ගොඩ දාගෙන , අන්තිමේදී ඒ ලේවලුත් කෙලවාගෙන. මම කොහොම ඉඳ ඕනෙද ? උඹ කියන්නේ අපේ ගෙදර සමහර වෙලාවට කන්ඩත් නෑ. මම ඒවා ගැන හිතලම පිස්සු හැදෙන්ඩ ඕනේ මචන්. මම කම්පුටර් වලට ආස උනාට ක්ලාස් යවන්න ගොඩක් සල්ලි තිබ්බේ නෑ. මට ඉන්ටනෙට් තිබ්බෙත් නෑ. මම පලෙනි පාරට ඉන්ටනෙට් ගියේ 2011 දෙසැම්බර් මාසේ මචන්. එත් මම කොහොමහරි කම්පුටර් ඉගෙනගත්තා. පත්තර වලින් , පොත් වලින් හොයාගෙන ඉගෙන ගත්තා. මම මේ වෙනකන් එක ක්ලාස් එකකට ගිහින් නෑ. එත් උඹ දන්නවද අද මම සති අන්තෙට කම්පුටර් ක්ලාස් කරනවා, මට වැඩිය අවුරුදු 4,5ක් වැඩි එවුන්ට. මම කරන්නේ games programming ක්ලාස් මචන්. android apple ෆෝන් වලට ගේම්ස් හදනවා. මම වැඩ කරන්නේ RPG developing කම්පැනි එකක. ලඟදි හැදුවා peoples bank එකට project එකක්(තනියම හැදුවේ කම්පනියට) දැන් මට අවුරුදු 20යි මචන්. මම ඒ ලෙවල් කරේ 2011. මම යාන්තමින් ඔ ලෙවල් පාස් කියලා , අන්තිමේදී ඒ ලෙවල් ෆේල් කියලා(ආර්ට් කරලා පාස් වෙලා කැම්පස් ගියත් වැඩක් නැහැනේ), වැඩි දුර ඉගෙන ගන්ඩ සල්ලිත් නෑ කියලා, ඔලුව මොංගල් කරගෙන නිකන් ඔහේ හිටියනම්, අද Error365! කියලා ID එකක් එළකි එකේ නෑ මචන්. එහෙනම් මම අද මොකක්හරි කඩේක බඩු කිරනවා, නැත්තම් මුට්ට කර ගහනවා. තේරුම් ගනින් ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මිට වැඩිය දෙයක් නම් කියලා මට උඹට තේරුම් කරන්න දන්නේ නෑ මචං. අන්තිමට කියන්න තියන්නේ ජීවිතේ කියන්නේ මොකද්ද කියල ඉගෙන ගනින්. වෙච්ච දේවල් ගැන නොහිතා, අද දවසේ අලුත් දෙයක් කරපන්. මේ ලෝකේ කරන්ඩ බැරි දෙයක් නෑ 
උඹට ජය 


උඹට ජය 

