PMC ගැන මොකද හිතන්නේ?????

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    PMC ගැන මොකද හිතන්නේ?????

    මේ දවස් වල සෑහෙන්න කත කරන topic එකක්නේ PMC ගැන.....
    හිතුනා ටිකක් කට්ටියගේ අදහස් අහල බලන්න....
    කට්ටිය මොකද හිතන්නේ???
    comment කලාට කමක් නෑ...
    හැබැයි බොරුවට කෑ ගහන් නැතුව හොදට හිතලා සාධාරණ කරුනුත් එක්ක comment කරන්න ඕන.......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මම අහන මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්න.....

    01.) ඔබ PMC වලට විරුද්දද?

    02.) ලන්කාවේ සිසුන් පිටරට ගිහින් medicine course කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා දන්නවද?

    03.) කිසිවෙකු හෝ පිටරට ගිහින් medicine course එක කරනවට ඔබ අකමැතිද?

    04.) මෙතෙක් කල් පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ට කිසිවෙකු හෝ
    විරුධ්ද වි තිබෙනවාද??

    05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද??

    06.) වෛද්්‍යවර්යෙකුගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔබ ඒ වෛද්්‍යවරයා කුමන විශ්වවිද්්‍යාලයක දැයි ඔබ විමසා තිබේද????

    07.) දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයිනුත් කවදා හෝ ලංකාවට සේවය කිරීමට පැමිනෙන බව ඔබ දන්නවාද?

    08.) මාලබේ PMC එකෙන් නිදහස් අධ්්‍යාපනය විනාස වෙනවා නම්,
    දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයින්ගෙන් නිදහස් අධ්්‍යාපනය විනාස
    වෙන්නේ නැද්ද????

    09.) කවදා හෝ පිටරට PMC වල ලමයින් හා මාලබේ PMC ලමයින් ලැබුවොත් ලබන්නේ එකම උපාධියයි..... එසේ නම් ඔබ මාලබේ PMC ලමයින්ට පමනක් එරෙහි වන්නේ ඇයි??

    10.) දැනට මාලබේ තිබෙන PMC එක වහාලා, ඒ ලමයි ටිකත් වෙන ලමයි වාගේ
    චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගත්තොත් , ඒකටත් ඔබ විරුද්ද වෙනවාද?

    11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්‍ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් (දැනට) අවශ්ය බව දන්නවාද????

    12.) කොහොම හරි මාලබේ PMC එක වහලා, ඒ ලමයි ටිකත් අනිත් අය වගේ පිටරට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ලා, ACT 16 Exam එක pass උනොත් , ඔබ එදාටත් ඔව්න්ට විරුද්ධ වෙනවාද???

    13.) අනික ඔය මොන PMC එකට ගියත් රජයෙන් පවත්වන ACT 16 නම් විභාගයෙන් PASS උන් නැත්නම් ලංකාවේ DOCTOR කෙනෙක් ලෙස පිලිගන්නේ නැති බව දන්නවාද????

    කරුණාකරලා බොරුවට කෑ ගහන්නවත්, හූ කියන්නවත් එපා........ තර්කානූකූලව comment කරන්න....

    post කරන්න කලින් අනිත් අය දාපු post කියවලා ඉන්න... මොකද ගොඩාක් හොද තර්ක කට්ටිය හදලා තියෙනවා......
     
    Last edited:
    1-කොහෙත්ම මම විරුද්ධ නැත

    2-සුද්දා ලංකාව පාලනය කල යුගයෙත් ගියා කිව්වොත් මම හරි (කොළඔ මෙඩිකල් කොලිජිය අරින්න කලින්)

    3-මම මොකට අකමැති වෙන්නද,මම කැමතියි

    4-එ ගැන මම නොදනි (කැපිලි තියනවා ඇති)

    5-ඔව්

    6-නැත

    7-10% එන බව දනි

    8-මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලය ගැන හොඳින් දනිමි,එයින් නිදහස් අධ්‍යපනයට කිසිදු තර්ජනයක් නැත

    9-මම සයිටම් වෛද්‍ය සිසුන්ට එරෙහි වන්නෙ නැත

    10-සයිටම් වෛද්‍ය සිසුන් පිටරට යවන්නෙ කුමකටද? ඔවුන්ට ඔවුන්ගේ උපධිය මෙහෙදිම අහවර කිරිමේ හැකියාව තිබේ

    11-දැන් මට මතක නැත

    12-සයිටම් එක වහන්නෙ නැත,වැසියන්නෙත් නැත

    13-ඔව්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ p.m.c. එකේ student කෙනෙක්ද ?
    Bangladesh වලින් උපාදිය අරන් වැඩකරන එකේ , ප්‍රමිතියක් තියෙනවනම් ලංකාවේ දුන්නට මටනම් වැරද්දක් පෙන්නේ නෑ. එත් මේකේ හොර සහතික (සල්ලි වලටම විතරක් ) දෙන තැනක් වෙන්න බෑ වගේම අනිවා act16 පාස් වෙන්න ඕනි කියල නීතිය තියෙන්න ඕනි.
     
    උබ කියන දේ කෙලින් කියන මිනිහෙක් මචන්.... හරියටම, තර්කෙට කියලා තියෙනව.....
    මාලබේට හොදෛයි කීව නිසා කියනවා නෙවෙයි, සිරාවටම කීවේ....
    අද ඉන්න අපේ ගොඩාක් එව්න් බොරුවට කෑ ගහනවා මිසක් කිසිම දෙයක් හොයා බලන්නේ නෑ.......

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    RePost බුවා;12987718 said:

    මම අහන මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බලන්න.....

    01.) ඔබ PMC වලට විරුද්දද?
    දැනට ලංකාවෙ තියෙන තත්ව යටතේ ලංකාවට වෛද්‍යවරුන්ගේ හිඟයක් නැහැ. තියෙන්නේ වෛද්‍යවරු එක එක ප්‍රදේශවලට බෙදිලා යාමේ වෙනසක්. pmc ලංකාවට අවශ්‍ය නෑ
    02.) ලන්කාවේ සිසුන් පිටරට ගිහින් medicine course කරන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා දන්නවද?
    ලංකාවෙන්ම MEDICINE කරන්න ලොකු ගාණක් පිටරට යනවා කියලා ආණ්ඩුවට තමා පෙන්නන්න ඕනී. PMC සාධාරණිකරණය කරන්න. ඔයා ගාණ බොහොම පොඩි ගාණක්
    03.) කිසිවෙකු හෝ පිටරට ගිහින් medicine course එක කරනවට ඔබ අකමැතිද?
    තමන්ගෙ මට්ටම් තම්මැට්ටම්

    04.) මෙතෙක් කල් පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ට කිසිවෙකු හෝ
    විරුධ්ද වි තිබෙනවාද??
    ARPM එක හරියට pass වෙලා ලංකාවෙ ලෙඩ ගැන Diagnostic Skills, Clinical Exposure හරියට තියේ නම් අවුලක් නෑ . ඒත් මූලිකවම act 16 pass වෙන ප්‍රතිශතය බොහොම අඩුයි. Gov කැම්පස් වල ළමයින් එක ශොට් එකෙන් අති බහුතරයක් pass වෙන common mcq එකම foreign graduates ලා පාස් වෙන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්
    05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද??
    නෑ

    06.) වෛද්්‍යවර්යෙකුගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔබ ඒ වෛද්්‍යවරයා කුමන විශ්වවිද්්‍යාලයක දැයි ඔබ විමසා තිබේද????
    නෑ ඒත් මාලබේ PMC එක තිබ්බොත් එහෙම අහන්න වෙනවා

    07.) දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයිනුත් කවදා හෝ ලංකාවට සේවය කිරීමට පැමිනෙන බව ඔබ දන්නවාද?
    ශුවර්ද ? ලංකාවට සේවය කරන එක පැත්තකින් තියමුකෝ. ලක්ශ හැට හැත්තෑවක් වියදම් කරලා ඩිග්‍රිය ගත්ත කෙනා යයිද වන්නියේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට ආණ්ඩුවේ සොච්චම් පඩියට බේත් දෙන්න ? ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටිවල ළමයි තරම්වත් දුප්පත් ලෙඩ්ඩු ගැන මෙයාලා හිතයිද ? වියදම් කරපු ලක්ශ හැට හැත්තෑව හොයනවා ඇරෙන්න ?
    08.) මාලබේ PMC එකෙන් නිදහස් අධ්්‍යාපනය විනාස වෙනවා නම්,
    දැනට පිටරට PMC වල ඉගෙන ගන්න ලමයින්ගෙන් නිදහස් අධ්්‍යාපනය විනාස
    වෙන්නේ නැද්ද????
    දෙකෙන් කෝකද වඩා භයානක ? අටුව කඩලා පුටුව හැදිය යුතුද ?
    09.) කවදා හෝ පිටරට PMC වල ලමයින් හා මාලබේ PMC ලමයින් ලැබුවොත් ලබන්නේ එකම උපාධියයි..... එසේ නම් ඔබ මාලබේ PMC ලමයින්ට පමනක් එරෙහි වන්නේ ඇයි?
    ?
    නැහැ, ඔබ වැරදියි

    10.) දැනට මාලබේ තිබෙන PMC එක වහාලා, ඒ ලමයි ටිකත් වෙන ලමයි වාගේ
    චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගත්තොත් , ඒකටත් ඔබ විරුද්ද වෙනවාද?
    විරුද්ධ වෙනවා නම් විය යුත්තේ ඒ අයගේ skills මත
    11.) චිනය, රුසියාව, වැනි රටකට ගොස් එහි PMC එකක ඉගෙන ගැනීමට අවශ්්‍ය වන්නේ AL වලට S තුනක් බවත්, මාලබේ PMC එකෙහි ඉගෙන ගැනීමට AL වලට C 1යි, S 2ක් (
    දැනට) අවශ්ය බව දන්නවාද????
    ඉස්සරහට කියන ප්‍රශ්නය මගේ හිතට එනවා. A/L S3 අරං කී පාරක් ACT 16 ලියනවද ?
    12.) කොහොම හරි මාලබේ PMC එක වහලා, ඒ ලමයි ටිකත් අනිත් අය වගේ පිටරට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ලා, ACT 16 Exam එක pass උනොත් , ඔබ එදාටත් ඔව්න්ට විරුද්ධ වෙනවාද???
    සුදුසුකම් දක්ශතාව මත තීරණය වෙයි. වෛද්‍ය වෘත්තියට නුසුදුස්සන් ඇවිත් ක්ශේත්‍රය විනාශ කරනවට වෛද්‍යවරු කැමති වෙයිද ?

    13.) අනික ඔය මොන PMC එකට ගියත් රජයෙන් පවත්වන ACT 16 නම් විභාගයෙන් PASS උන් නැත්නම් ලංකාවේ DOCTOR කෙනෙක් ලෙස පිලිගන්නේ නැති බව දන්නවාද????

    මේක බොරු දැන් මාලබේට උපාධි ප්‍රදාන අයිතිය ආණ්ඩුව දුන් නිසා අළුත් අයට ACT 16 අවශ්‍ය නෑ . මේකයි භයානකකම

    • Like
    Reactions: sayo

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹ p.m.c. එකේ student කෙනෙක්ද ?
    Bangladesh වලින් උපාදිය අරන් වැඩකරන එකේ , ප්‍රමිතියක් තියෙනවනම් ලංකාවේ දුන්නට මටනම් වැරද්දක් පෙන්නේ නෑ. එත් මේකේ හොර සහතික (සල්ලි වලටම විතරක් ) දෙන තැනක් වෙන්න බෑ වගේම අනිවා act16 පාස් වෙන්න ඕනි කියල නීතිය තියෙන්න ඕනි.

    අනේ නෑ මචෝ.... මම PMC නෙවෙයි... අඩුම ගානේ PMC එක හැබැහින් දැකලවත් නෑ.......
    ලොවෙත් ACT 16 අනිවා කරන්න ඕන....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ARPM එක හරියට pass වෙලා ලංකාවෙ ලෙඩ ගැන Diagnostic Skills, Clinical Exposure හරියට තියේ නම් අවුලක් නෑ . ඒත් මූලිකවම act 16 pass වෙන ප්‍රතිශතය බොහොම අඩුයි. Gov කැම්පස් වල ළමයින් එක ශොට් එකෙන් අති බහුතරයක් pass වෙන common mcq එකම foreign graduates ලා පාස් වෙන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්

    අඩුවෙන් හරි ඒ pass වෙන percentage එක qualified අය නෙවෙයිද?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ] ශුවර්ද ? ලංකාවට සේවය කරන එක පැත්තකින් තියමුකෝ. ලක්ශ හැට හැත්තෑවක් වියදම් කරලා ඩිග්‍රිය ගත්ත කෙනා යයිද වන්නියේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට ආණ්ඩුවේ සොච්චම් පඩියට බේත් දෙන්න ? ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටිවල ළමයි තරම්වත් දුප්පත් ලෙඩ්ඩු ගැන මෙයාලා හිතයිද ? වියදම් කරපු ලක්ශ හැට හැත්තෑව හොයනවා ඇරෙන්න ?

    එතකොට gov. fac වලින් එන හැමෝම රජයේ job කරනවද?????
    එහෙම කරනවනම් ඇයි උබ කියනවා වගේ ඇති තරම් doctorsලා ඉදලත්, සමහර පැති වලට කවෘවත් නැත්තේ????
    ඊයේ ‍රැස්වීමකදි ඇමති මෛත්‍රි කියනවා gov. fac වල ඉගෙන ගෙන රට යන doctorsලා අඩු ගානේ 2yrs හරි ලන්කාවෙ job කරලා යන්න කියලා..... ඒ කියන්නේ gov. fac වලිනෙන අයත් අහින්සක ලෙඩ්ඩු ගැන 100%ක් හිතනවා කියනවා එකද????
    අනික බන් අද doctorsලා කීයෙන් කී දෙනාද PP කරන් නැත්තේ????
    උබ හිතන්නේ එහෙම කරන්නේ සල්ලි හොයන්න නෙවෙයි කියලද?????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Code:
    05.) පිටරට ගොස් medicine course කර පැමිනි වෛද්්‍යවරුන්ගේ ඔබ බෙහෙත් අරන් තියෙනවාද??

    නෑ

    :lol:

    මේකෙන්ම පේනවා මචං උඹේ මොලේ සයිස් සහ උඹේ කමෙන්ට් එකේ යටි අරමුණ එක.

    උඹ මෙච්චර කල් බෙහෙත් ගත්තෙ දොස්තරගෙ උපාධිය බලලද? :lol:

    ගොං ජෝක් එපා මචෝ උඹලාගෙ වෘත්තියේ ගෞරවය ඉතුරු කරපං උම්බෑ නොකියා ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එතකොට රජයේ වෛද්‍ය පිඨ වල උපාධිය හදාරන සිසුන් උපාධිය අවසන් කරන්නත් කලිං ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙ කොහොමද?

    අම්මපා මට හිතෙනවා ඕකුං දෙතුන් දෙනෙක් මාට්ටු කරලා දීලා හොඳ පබ්ලිසිටි එකක් දෙන්න.

    මේ ත්‍රෙඩ් එකේ මොකෙක් හරි ගිරිය පුප්පං කෑ ගැහුවොත් මම අනිවා ඕක කරලා තමා පස්ස බලන්නෙ ස්ට්‍රයික් එක ඉවර වෙච්ච ගමංම :D
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පැටියා;12988326 said:
    :lol:

    මේකෙන්ම පේනවා මචං උඹේ මොලේ සයිස් සහ උඹේ කමෙන්ට් එකේ යටි අරමුණ එක.

    උඹ මෙච්චර කල් බෙහෙත් ගත්තෙ දොස්තරගෙ උපාධිය බලලද? :lol:

    ගොං ජෝක් එපා මචෝ උඹලාගෙ වෘත්තියේ ගෞරවය ඉතුරු කරපං උම්බෑ නොකියා ;)
    හක හක. මල්ලියෙ මට යටි අරමුණු ඇති කරගන්න හේතුවක් නෑ. උසස් පෙළ හොද රිසල්ට්ස් දාලා පාස් වෙලා , සයිටෙම් යන්න සල්ලි නැති හින්දා නිසා නර්සින් කරන ළමයි මං දන්නවා. උසස් පෙල කුඹුරු කොටන ගමන් ලියලා පාස් වෙච්ච ළමයි මං දන්නවා. ඔය මොකුත් නොකර යන්තම් පාස් වෙලා PMC ගෑටුව කොල්ලොත් මම දන්නවා. අම්මලා තාත්තලගේ සල්ලි මත දොස්තර වීම තීරණය වෙනවට මම විරුද්ධයි. අනික ලැබෙන උපාධීයේ ප්‍රමිතියකුත් නැත්තන් කතා දෙකක් නෑ .දේශීය උපාධී වේවා වේවා විදේශීය උපාධී වේවා දක්ශතාව හැකියාව තියෙන වෛද්‍යවරු ගෙන් වයසට ගිය දවසක හරි බෙහෙත් ගන්නතෝ ඕනෑ එකෙක් කැමතියි. දේශීය වේවා විදේශීය වේවා දක්ශ වෛද්‍යවරු කොහෙත් ඉන්නවා. ඔයාට කියන්න තර්කයක් තියේ නම් කියන්න. තර්කයක් නැතිව ලොඹු තලලා අනිකා උම්බෑ ගානවා කීවට වැඩක් නෑ :rofl::rofl::rofl:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    RePost බුවා;12988227 said:
    එතකොට gov. fac වලින් එන හැමෝම රජයේ job කරනවද?????
    එහෙම කරනවනම් ඇයි උබ කියනවා වගේ ඇති තරම් doctorsලා ඉදලත්, සමහර පැති වලට කවෘවත් නැත්තේ????
    ඊයේ ‍රැස්වීමකදි ඇමති මෛත්‍රි කියනවා gov. fac වල ඉගෙන ගෙන රට යන doctorsලා අඩු ගානේ 2yrs හරි ලන්කාවෙ job කරලා යන්න කියලා..... ඒ කියන්නේ gov. fac වලිනෙන අයත් අහින්සක ලෙඩ්ඩු ගැන 100%ක් හිතනවා කියනවා එකද????
    අනික බන් අද doctorsලා කීයෙන් කී දෙනාද PP කරන් නැත්තේ????
    උබ හිතන්නේ එහෙම කරන්නේ සල්ලි හොයන්න නෙවෙයි කියලද?????
    ආන්ඩුවෙ MEDICAL FACULTY ටික වැහෙන්න ඇරලා PMC දැම්මම ඔය ඔක්කොම හරියනවා :rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හරි මචන් උබ හිතන්නේ ඔහොමනෙ.........අපි මේ විදිහට පොඩ්ඩක් හිතමු........මෙච්චර කාලයක් එක එක රජයවල් වලට ඇති වෙනකන් ලංකාවේ private degree දෙන ආයතන පිහිටෙව්වා......දැන් පඳුරකට ගැහුවම එවල උපාධි කාරයෝ කීයක් එලියට පනිනවද කියල පොඩ්ඩක් බලපන්........ඒ කිසිම ආයතනයක් පිහිටෙව්වට මෙච්චර විරෝධයක් කොහෙවත් ආවේ නෑ නේද?? උබල තව ඇති තරඟ උපාධි කඩ දාගනිල්ල.....ඒත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලන් කරන මේ වගේ දේවල් විකුනන්න හදන්න එපා........උබ ලංකාවේ A/L කරලා තියෙනවා නං දන්නවා ඇති නේ S 3 & C 1, S 2 අතර කොච්චර වෙනසක් තියෙනවද කියල....එහෙනං බන් අඩුම ගානේ B 3 ක් වත් අඩුම තියෙන්න ඕනේ කියන්න තිබ්බ නේ.......දැන් උබ කියය් උසස්පෙළ හොදට pass උනේ නැති කට්ටියට ඉරිසියා කරන්න එපා කියල.......අපිටත් මචන් මාර ඉරිසියාවක් තියෙන්නේ මේ........මචන් ඔච්චර doctor කෙනෙක් වෙන්න ආසය් නං A/L කාලේ පිස්සු කෙලියේ මොකටද???එයාලත් හොදට වැඩ කල නං medical college යන්න තිබ්බ නේද?? දැන් උබ කියන්න එපා හැමෝම එක වගේ දක්ෂ නෑ කියල.....එතකොට මට කියන්න තියෙන්නෙත් හැමෝටම doctors ල වෙන්න බෑ කියල...... මිනිහෙක්ගේ මොලේකට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා මචන්......ඒක උපතින්ම අරන් එන දෙයක් මිසක් සල්ලි දීල වැඩි කරගන්න බෑ.....තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනේ මචන්...... බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා බන්........
     
    • Like
    Reactions: sayo
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හක හක. මල්ලියෙ මට යටි අරමුණු ඇති කරගන්න හේතුවක් නෑ. උසස් පෙළ හොද රිසල්ට්ස් දාලා පාස් වෙලා , සයිටෙම් යන්න සල්ලි නැති හින්දා නිසා නර්සින් කරන ළමයි මං දන්නවා. උසස් පෙල කුඹුරු කොටන ගමන් ලියලා පාස් වෙච්ච ළමයි මං දන්නවා. ඔය මොකුත් නොකර යන්තම් පාස් වෙලා PMC ගෑටුව කොල්ලොත් මම දන්නවා. අම්මලා තාත්තලගේ සල්ලි මත දොස්තර වීම තීරණය වෙනවට මම විරුද්ධයි. අනික ලැබෙන උපාධීයේ ප්‍රමිතියකුත් නැත්තන් කතා දෙකක් නෑ .දේශීය උපාධී වේවා වේවා විදේශීය උපාධී වේවා දක්ශතාව හැකියාව තියෙන වෛද්‍යවරු ගෙන් වයසට ගිය දවසක හරි බෙහෙත් ගන්නතෝ ඕනෑ එකෙක් කැමතියි. දේශීය වේවා විදේශීය වේවා දක්ශ වෛද්‍යවරු කොහෙත් ඉන්නවා. ඔයාට කියන්න තර්කයක් තියේ නම් කියන්න. තර්කයක් නැතිව ලොඹු තලලා අනිකා උම්බෑ ගානවා කීවට වැඩක් නෑ :rofl::rofl::rofl:

    අයියෙ උඹ බෞද්ධ ද?
    උඹ අහලා නැද්ද කර්මය කියලා දෙයක් ගැන. උඹ කුඹුරු කෙටුවෙ උඹෙ කරුමෙට අයියංඩියේ.

    හැමෝම එහෙම කරුමක්කාරයෝ නෙවෙයි අයියේ. පීඑම්සී යන්නෙ පෙර ආත්මෙ උඹලට වඩා පිං කරපු එවුං අයියේ (උඹ හිතන විදියට උං කිසිම කැපකිරීමක් කරන්නෙ නැතුව සල්ලි විසිකරලා වෛද්‍ය උපාධිය ගන්නවනං).
    උං කුඹුරු කොට කොට පාඩම් කලේ නෑ උඹලා වගේ.

    අන්න ඒක තේරුම් ගනිං අයියංඩියේ :rofl:

    උඹ හිතනවනං ගොඩක් අමාරුවෙන් උඹ ඒලෙවල් පාස්වෙලා මෙඩිකල් ෆැකල්ටි ආවෙ කියලා උඹ පවුකාරයෙක් අයියංඩියේ එස් 3ක් දාලා ෆුල් ආතල් එකේ පීඑම්සී ගිහිං ෆන් එකේ ඩිග්‍රය අරං එලියට බහින එවුන්ට සාපේක්ෂව.

    බලාගෙන ඒ පිංවන්තයෝ කවදා හරි උඹලට වඩා ඉහල යයි මොකද උඹලා උන්ට සාපේක්ෂව පවුකාරයෝ.

    උඹට සුභ දවසක් අයියේ :D:yes: