Pocket Square ගැන දැනුවත් වෙමු

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Pocket Square ගැන දැනුවත් වෙමු

    Pocket Square කියන්නේ මොනාද කියලා දන්නවනේ. කෝට් කිට් එකක් ඇන්දම කෝට් එකේ වම් පැත්තේ තියෙන සාක්කුව වගේ එකට සමහරු ලේන්සුවක් ඔබාගෙන ඉන්නවා දැකලා තියෙනවා නේද. අන්න ඒකට තමයි Pocket Square කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කෝට් කිට් එක ඇන්දම Tie එක, Pocket Square එක සහ Pen එක කියන තුනත් ඇතුව අඳින කෝට් කිට් එකක් තමයි complete and decent කෝට් කිට් එකක් වෙන්නේ. අද එහෙනම් දැනගමු Pocket Squares ගැන.

    Pocket Square එකේ පාර ‍තෝරා ගනිද්දි සුදු පාට ලේන්සුවක් කියන්නේ ඕනේම පාටක කෝට් කිට් එකකට සහ ඕනේම පාට ටයි එකකට ගැලපෙන pocket square එකක්. ඒක Universal colour එක විදිහට හඳුන්වන්න පුලුවන්. නමුත් පාට පාට pocket square භාවිත කරනවනම් තමුන් පළඳින Tie එකේ තියෙන එක පාටකට ගැලපෙන විදිහට pocket square එක සකසගන්න පුලුවන්. නමුත් 100% ක් පාට ගැලපීම අවශ්‍යය වන්නේ නැහැ.

    Pocket Square එකට දාන ලේන්සුව නමන්න පුලුවන් ක්‍රම 4ක් තියෙනවා.
    1. The straight fold
    2. The one corner fold
    3. The two peak fold
    4. The puff fold

    ඒ එක එක ආකාරයට pocket square එක හදා ගනන් විදිහ පහළ රූප සටහනේ අයුරින් කරගන්න පුලුවන්.


    2609a1d.jpg


    වැදගත් උනා නම් අනික් අයටත් පේන්න bump එකක් දාගෙන යමල්ලා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ් ගයියා. ඔන්න ඔහොම වැඩ තිබ්බත් පොඩ්ඩක් බෙල්ල දාල යන්න වරෙන්. කළකිරුනයි අරවයි මෙව්වයි උට්ට්වල් කියවන්නේ නැතිව.
    4.gif