POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

  • ලංකාව ජීවත්වෙන්න ගොඩක් හොද රටක් නිසා

  • වෙන හොද රටකට යන්න විදිහක් නැති නිසා

  • ලංකාවේ දැන් සෙට්ල් වෙලා නිසා කොච්චර මෙහෙ ප්‍රශ්න තිබුනත් යන්න හිතක් නැති නිසා

  • රට ගිහින් සෙට්ල් වෙන්න කාලයක් නැති නිසා

  • ලංකාවේ ඉද්දි ලැබෙන විශේෂ වාසියක් නිසා (ඒ වාසිය කමෙන්ට් කරන්න)

  • වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා


Results are only viewable after voting.

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ඕක මෙහෙමයි බං උබට සල්ලි + හරි තැන්වල කන්ටැක්ස් හරියට තියනවනං ලංකාවේ තරං ආතල් එකේ ඉන්න පුලුවන් රටක් නෑ.කන්ටැක්ස් තියනවනං උබ ඔය දාල තියන ඒවා නතිං කරගන්න පුලුවන් .අනික ඔය කොලිට් ඔෆ් ලයිෆ් තියන රටවල නීතිය හැම එකාටම එක සමානයිනෙහ්? වැරැද්දක් කරොත් පරිප්පුව කන්නම වෙනවනෙහ් ?වැඩක් කරගන්න නං ප්‍රොසෙස් එක ෆලෝ කරන්නම වෙනවනෙහ්? හැබැයි මෙහෙ කන්ටැක්ස් තියනවනං අනිවා ගිහින්ම කරගන්න ඕන වැඩ එක කෝල් එකෙන් කරගන්න පුලුවන් ,නෝමල් ප්‍රොසෙස් එකේ මාසයක් දෙකක් ඇදෙන වැඩ දවසෙන් දෙකෙන් කරගන්න පුලුවන් නීතියත් කන්ටැක්ස් වලින් කස්ටමයිස් කරගෙන ලෝඩ් සීන් එකේ ඉන්න පුලුවන්.ඒ ආතල් ඉතිං මෙහෙ විතරයි.
    This is also the problem machan. ubata ona deyak karaganna puluwan wena eka hodai. but uba e karanne hari widiyata wade karana ekek passata dala. and oka sustainable na. hamoma ohoma karanna gattot anthimata ekath slow wena eka witharai wenne.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ඕක එක එක්කෙනට සාපේක්ශයි. තම තමන්ගෙ වැලියු එක මොකක්ද කියන එක අනුව ඕක තීරනය වෙන්නෙ ඉතින්. අනික එක එක්කෙනාගෙ අත්දැකීම වෙනස්, වැඩ කරන තැන, ඉන්න සමාජය අනුව. මට කියන්න පුලුවන් මම ගැන හැබැයි ඒක වෙන එකෙක්ට කිසිම ඇත්තක් නැති දෙයක් වෙන්න පුලුවන්.
    කට්ටිය කියපු දේවල් ගැන කියනව නම්,
    1) පැය 12,13 වැඩ කරන්න ඕන කියල එකක් නෑ. කරොත් වැඩිය ඉතුරු කරන්න පුලුවන් ඉතින්. ඒ උනාට අපේ ගෙදර මම විතරයි රස්සාවක් කරන්නෙ ඒ උනාට පඩියෙන් 25% වගේ ඉතුරු කරගන්න පුලුවන්. මේ මාස කෙල්ලගෙ උපන් දිනේ තිබ්බ. තව පවුලේ උපන් දින 4ක් තිබුන. ඒවගෙ වියදම් වැඩි මාසෙක උනත් පඩියෙන් 20% වගේ ඉතුරු වෙනව. වාහනේ ඩේලි යූස් කරල, එහෙ මෙහෙ ගිහින් ඇවිදින්න ඔක්කොම කරල තමා ඔය.
    2) 9-5.30 එහා වැඩ කරන්නෙ නෑ කොහොමටවත්. කොහොමත් ඔෆිස් එක 7ට වහනව. අනිව එලියට යන්න ඔන. මාසෙකට දවස් 2,3 වහන වෙලාව වෙනකන් ඉදල් හම්බ උනොත් ටීම් ලීඩ්ගෙ ඉදන් ප්‍රශ්න කරනව HRර්‍ එකෙන් ටීම් එකේ අවුලක් තියෙනවද බලන්න. එහෙම මැරීගෙන වැඩක් කරන්න ඕන නෑ.

    අපි මෙහෙ ඉන්න කියල එකක් නෑ. ආපහු එන්න තම තාම ප්ලෑන් එක. අම්මල තනියම ලංකාවෙ. මම ඒක කිවෙ මට මෙහෙ හොදයි කියල සුරපුරයක් මවන්න ඕන නෑ කියන එක කියන්න. ලංකාවෙ සෑහෙන්න හොද දේවල් තියෙනව. ඒ වගේම නරක දේවලුත් තියෙනව. නරක දේවල් ටික දරාගන්න හරි, මග ඇරගන්න හරි පුලුවන් නම් ලංකාවෙ හොදට ඉන්න පුලුවන්. අපි තව අවුරුදු 4,5 වගේ ඉදල බලනව ඒ වෙනකොට තත්වේ මොකක්ද කියන එක මෙහෙ සහ ලංකාවේ. අඩුම ගානෙ අපිට මෙහෙ වටේ ඇවිදල බලල ඒටික කරගෙන එන්න පුලුවන්.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තමන් ආස කරන අය රට පාලනය කරන්නේ නැති නිසාද?
    හොඳ සිහිබුද්ධියෙන් එලකිරි එකේ ඉන්න කෙනෙක්ට මේකට උත්තරේ දැක්ක ගමන්ම තේරෙනව. අර හැමතැනම ගිහිල්ල පැයෙන් පැයට ත්‍රෙඩ් ඕපන් කරගෙන දඟලන, වැදගත් ප්‍රශ්නයක් ඇහුවත් හැමදේටම පොලිටික්ස් ගාවගන්න, නෙගෙටිව් මයින්ඩඩ්, හැම ත්‍රෙඩ් එකකම දකින සෙට් එක තමයි මෙතැනත් ලංකාව චාටර් කරල, කුජීත කරල වෙන රටවල් මාකට් කරන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    අම්මවයි තාත්තවයි බලාගන්න ඕනෙ නිසා

    කොයි රටකට ගියත් අපේ කියල කියන්න මිනිස්සු නැති එක. උබල හිතපන් ලංකාවෙ ඉන්න සුද්දෙක් ගැන අපි හිතන විදිහ. අපේ එකෙක් වගේ හිතන් නෑනෙ. සුද්දොන්ගෙ රටකට ගියාම අපි ගැනත් උන් හිතන්නෙ ඊටත් පල්ලෙහට දාලා. ඉන්දියන් ලුක් තියෙන උන් ගනන් ගන්නෙත් නෑලුනෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    americawata wada diunu ratak karanawa kiyala ekkenek poronduwak dunna, ithin api eka bala inawa.
    mama americawata yanna lasthi wela hitiye eth passe ubala mata wihilu karai ehema giyoth ita passe lankawa americawa wage unoth
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,382
    67,718
    113
    Lankawe people,traffic,poverty oya okoma athaariyath lankawe sobadhama ubawa aye adinawa.e feeling eka yanne ne.home feeling.
     
    • Wow
    Reactions: NaiRobi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,382
    67,718
    113
    apo daadiya nadda bn? :baffled:
    Dadiya nan thama.but nature eken pull ekak tiyenawa energy wise.karmanurupiwa ipaduna ratane.nature eka aye adinawa eha patte idan.taruna kale wena rataka hitiyata marenna lankawata enawa kiyanne godak un ekai.life eka complete karanna aye e energy ekata enna wenawa
     
    • Like
    • Love
    Reactions: c gate and NaiRobi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,382
    67,718
    113
    Ausi sohonakata giyama thama oya feeling eka awe.methana nan marila inna be wage feeling ekak awa.energy set wenne ne
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Inflation එකෙන් ඉහල යන එක හැමදාම තියෙන්නේ නෑ. ඒක කෙටිකාලීනව තමයි බලපෑම ඇතිවෙන්නේ. රුපියලේ ගාන පහල යනකොට ඒකට සාපේක්ෂව රුපියල් වලින් ගනුදෙනු කරන ඔක්කොමිහල යනවා. එතකොට ටික කාලෙකින් ආයතන ඉබේම ඒ ගානට සැලරි දෙන්න හැඩ ගැහෙනවා. අපිට ආස දෙයක් ගන්න වත්කමක් නෑ කියන එක සාපේක්ෂයි. මොකද අපි හැමෝම ආස අපිට නැති දේවල් ගන්නනේ. අපිට තියෙන ඒවා ගැන කාටවත් අගයක් නෑ. උදාහරනෙකට උඹට BMW එක නැති උනාට උඹට ටී ෂර්ට් එකක් ගන්න මෙහෙ 800යි යන්නේ. කෑම එක 250යි. උඹ ලක්ෂයක් හෙව්වොත් ලක්ෂෙම උඹට තියාගන්න පුළුවන්. වාහනේ අඩුවට දුන්නට උන් ඒ මුදල කොහෙන් හරි අල්ලනවමයි. ඉතින් දියුණු රටක උඹ ලක්ෂයක් හොයලා 40,000ක් රජයට දෙනවා කියන්නෙත් අවුරුදු 10ට උඹ ලක්ෂ 48ක් රජයට ගෙවලා කියන එක තමයි. ඔතන වෙනස ඕක එකපාර ගෙවන එකේ අමාරුව.

    Healthcare free ලැබෙන එක හින්දා පෞද්ගලික අංශයේත් healthcare ගණන් අඩුයි ලෝකේ අනිත් රටවලට සාපේක්ෂව. සල්ලි කාරයෝ රට යන්නේ ලෙඩ හැදුනම උන්ගේ මරණ බය නිසා මිසක් 99%ක්ම මෙහෙ ඔය හැම ලෙඩේටම cure කරන්න පුළුවන්. දියුණු පාරවල් පහසුකම් නෑ කියන එකනම් බොරුවක්. ලංකාවේ පාරවල් ඇත්තටම හොඳ තත්වයෙන් තියෙනවා. Traffic එක උනත් decent enough. public transport දියුණු වෙන්න ඕනේ මීට වඩා. අනිවාර්යෙන්ම කොළඹ ඇතුලේ. එළියේ ලොකු අවුලක් නෑ.

    හැබැයි ඔය දේවල් වලට කරන්න තියෙන sacrifices ටික බලපන්, තමන්ගේ පවුලේ උන්,යාලුවොන්ගෙන් වෙන්වෙලා ඉන්න වෙනවා වෙන රටක. මගේ පවුලේ උන් ගෙනිච්චත් ගොඩක් උන් ලංකාවේ තියලානේ යන්න වෙන්නේ. ඉතුරුවක් නෑ, ගොඩාක් ඔය දියුණුයි කියන රටවල ඉතුරු කරන්න බෑ. මොකද Tax වැඩියි, Expenses වැඩියි. ආයේ ගෙයක් එහෙම හදන්න ගත්තොත් ඌ අවුරුදු 60 වෙනකල් loan එක ගෙවන්න ඕනේ. PR එක ගන්නකල් අවුරුදු 5ක් විතර බලු දුක් විඳින්න ඕනේ. සීතලේ රස්නේ මැරීගෙන වැඩ කරන්න ඕනේ. දවසට අනිවාර්යෙන් පැය 12ක් 14ක්වත් වැඩ කරොත් තමයි ලොකු ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නිදහස අඩුයි, නීති තදයි. එක ticket එකක් සෙට් උනාම උඹේ savings ටික ඉවරයි.
    උබට හිතෙන විදිහ.

    ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක වැඩක් කරගන්න කන කට්ට. වෙන රටවල online , නැත්නම් ගියා වැඩේ වෙනවා.

    ලංකාවේ helthcare පට්ට පහල , age expectancy ලෙවෙල් බැලුවම තේරෙනවා. රටින් ගෙන බෙහෙතක් , අලුතින් හොයාගන්න ලෙඩක් ගැන අපේ උන්ට එන්න සැහෙන්න කාලයක් යනවා.

    affordability ඉහලයි වෙන දියුණු රටවල. උදාහරනෙකට මට dslr camera එකක් ගන්න 2000 $USD යනවා කියලා හිතමු. මගේ පඩිය ලක්ෂ 1යි. කියලා හිතමු

    මට කැමරාව ගන්න මාස 3.5-4ක පඩිය දාන්න ඕනේ. (ඩොලර් රේට් එක අද 1 usd =196)

    Canada වල ඉන්න එකෙක්ගේ සාමාන්‍ය පඩිය $4000 ක් විතර උගේ මාස 1/2 වියදම.

    අපි කුණු හැමතැනම විසිකරලා , පරිසරය චර්ටර්

    උන්ගේ කුණු ගන්න මැෂින් හයි කරපු ගර්බේජ් truck එනවා .


    super fast ඉන්ටෙර්නෙට්

    උන්ගේ ලයිට් අපේ වගේ යන්නේ නැහැ. මගේ යාලුවෙක් කිව්වා අවරුදු 10කට විතර පස්සේ electricity ගිහින් , මිනිත්තු 2ක් ආපහු ඇවිත්.

    හැමදේම පහසුයි.

    තාක්ෂනය උපරිම
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    ලංකාවේ දැන් සෙට්ල් වෙලා නිසා කොච්චර මෙහෙ ප්‍රශ්න තිබුනත් යන්න හිතක් නැති නිසා​


    තමන්ගේ income sources ඒක හොඳට හදාගත්තනම් ඒකට හරියන්න වියදම් ටික manage කලාම ප්‍රශ්ණ වලින් 50%ක් හරි. කොහෙ ගියත් වැඩක් නෑ ඔය දෙක කලේ නැත්තම්. මොකද සල්ලි කොච්චර හම්බ උනත් මදි.
    1. රජයේ තැනකින් (සමහර පෞද්ගලික ඒවාත් එහෙමයි ) වැඩක් කරගන්න ගියාම ඔක්කොම එපා වෙනවා. නීතිය බල්ලට ගිහින් තියෙන්නේ
    2. ලංකාවේ මටනම් ලොකු අවුල පාරේ traffic ගොඩක් එවුන්ගේ discipline නෑ. public transport චොර. දැන් නම් working from home නිසා මේ ප්‍රශ්ණේ ගොඩක් නෑ
    3. අනික වාහන පට්ට ගනන් අලුත් ඒවා ගන්න අමාරුයි :( එක නිසා පරණ වාහන පාවිච්චි කරන්නේ හැබැයි එකත් driving pleasure තියන වාහන :P
    හොඳම වැඩේ ටිකක් හොන්දට හම්බ කරලා අවුරුද්දට සැරයක් හෝ දෙසරයක් රට රටවල් travel වල කරන එක.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ මචන්ලා? :rolleyes:

    මට නම් වෙන රටකට ගිහින් සෙට්ල් වෙන්න ඕනයි කියලා ලොකු උවමනාවක් මෙච්චර කාලේකට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් මෙහෙ සෙට්ල් වෙලා ඉන්න නිසා, රට කොච්චර අවුල් වුනත් දිගටම මෙහෙ ඉන්න තමයි බලාපොරොත්තුව. දැන් වෙන රට ගිහින් සෙට්ල් වෙන්නත් කාලයක් නෑ.

    mehen gya kyl dn wadakuth na bn ane mnda

    me corona case nsa
     
    • Like
    Reactions: Kolama

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබට හිතෙන විදිහ.

    ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරුවක වැඩක් කරගන්න කන කට්ට. වෙන රටවල online , නැත්නම් ගියා වැඩේ වෙනවා.

    ලංකාවේ helthcare පට්ට පහල , age expectancy ලෙවෙල් බැලුවම තේරෙනවා. රටින් ගෙන බෙහෙතක් , අලුතින් හොයාගන්න ලෙඩක් ගැන අපේ උන්ට එන්න සැහෙන්න කාලයක් යනවා.

    affordability ඉහලයි වෙන දියුණු රටවල. උදාහරනෙකට මට dslr camera එකක් ගන්න 2000 $USD යනවා කියලා හිතමු. මගේ පඩිය ලක්ෂ 1යි. කියලා හිතමු

    මට කැමරාව ගන්න මාස 3.5-4ක පඩිය දාන්න ඕනේ. (ඩොලර් රේට් එක අද 1 usd =196)

    Canada වල ඉන්න එකෙක්ගේ සාමාන්‍ය පඩිය $4000 ක් විතර උගේ මාස 1/2 වියදම.

    අපි කුණු හැමතැනම විසිකරලා , පරිසරය චර්ටර්

    උන්ගේ කුණු ගන්න මැෂින් හයි කරපු ගර්බේජ් truck එනවා .


    super fast ඉන්ටෙර්නෙට්

    උන්ගේ ලයිට් අපේ වගේ යන්නේ නැහැ. මගේ යාලුවෙක් කිව්වා අවරුදු 10කට විතර පස්සේ electricity ගිහින් , මිනිත්තු 2ක් ආපහු ඇවිත්.

    හැමදේම පහසුයි.

    තාක්ෂනය උපරිම
    මගේ ලගම cousin කෙනෙකුයි, මගේ මුල්කාලේ ඉඳන් ඉන්න customer කෙනෙකුයි Canada ඉන්නව. උඹ කියන සමහර දේවල් ඇත්ත. උදාහරනෙකට රජයේ කන්තෝරුවල වැඩ. ඒත් ඉතින් අපි අවුරුද්දට කී දවසක් රජයේ කන්තෝරුවලට යනවද? මම අවසානෙට ගියේ 2017දී වගේ. ඉතින් මට ඒක එච්චරම බලපාන්නේ නෑ.

    life expectancy ලංකාවේ 77යි කැනඩාවේ 81යි. ලොකු වෙනසක් නෑ. හරක් වගේ පාරේ ගිහින් මැරෙන පොඩි බයික් කාරයෝ අඩු උනානම් තව නගිනවා ඕක.

    Affordability වැඩියි අනිවාර්යෙන්ම, හැබැයි උඹ හොඳට බැලුවොත් ගොඩක් ඔය රටවල ඉන්න මිනිස්සු DSLR අලුත්ම mobile phone එහෙම තියාගෙන නෑ. මගේ customer පාවිච්චි කරේ iphone 7 එකක්. මේ ලඟදි ඌ අලුත් එකකට මාරු උනේ. මොකද උන්ට cost of living ගොඩක් වැඩියි. උන් ඔය 4000$ වලින් ලොකු ගානක් rent එකට යට කරන්න ඕනේ. ලොකු ගානක් කෑම වලට යට කරන්න ඕනේ. තව Tax අනන් මනං ගෙවනකොට උන් ඔය DSLR ගන්න අපි වගේම කාලයක් ඉන්නවා. මොකද උන්ට එහෙම ගන්න පුළුවන් උනත් ඒක ගත්තොත් තව කොහෙන් හරි ඒක අඩුවෙනවා. ඔන්න ඩොලර් වලින් හොයලා රුපියල් වලින් වියදම් වෙනවනම් උඹ කියන එක හරි.

    කුණු ප්‍රශ්නේනම් කොළඹ අවට ලොකු කේස් එකක් නෑ, මම ඉන්න හරියෙනම් කුණු අරගෙන යනවා. නගරසබාව අනුව වෙනස් වෙනවා ඉතින්.

    මටනම් internet කන පැලෙන්න තියෙනවා tower එක මීටර් 200 එහායින් තියෙන්නේ. ලයිට් යනවා මාසෙට දවසක් වගේ. ඒක ඉතින් පැය 2,3ක් තියෙනවා සාමාන්යෙන්.

    ඔය තාක්ෂනය පහසුව මුළු රටටම එක වගේ නෑ බන්, එක එක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා. ලංකාව වගේම තමයි.

    ලංකාවේ අවුල් නැත්තේ නෑ, හැබැයි කැනඩාවල ඉන්න උන්ට තියෙන්නේ අපිට නැති වෙන ප්‍රශ්න. උන්ට weather ප්‍රහ්නයක් තියෙනවා. එහෙ පට්ට සීතලයි කාලෙකට. ගෙවල් එහෙම afford කරන්න බෑ ගොඩක් මිනිස්සුන්ට ලොකු ණය ගන්න ඕනේ. ජොබ් හොයාගන්න අමාරුයි. තියෙන ජොබ් උනත් කරන්න ගොඩක් අමාරුයි. ඩොකෙක් වගේනම් අන්න හොඳයි.

    Taxes ගොඩක් වැඩියි. ඔය වගේ හැම රටකම අඩු වැඩි වශයෙන් දේවල් තියෙනවා.
    උන් උන්ගේ රට ගැන complain කරනවා අපි අපේ රට ගැන complain කරනවා. ඒකයි මම කිව්වේ අපි හැම එකාටම නැති දේ තමයි ලොකු කියලා.

    හැබැයි කැනඩා ලස්සන රටක්. තව ටික කාලෙකින් සල්ලි එකතු උනොත් ගිහින් එන්න හිතාගෙන ඉන්නවා.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ලංකාවේ helthcare පට්ට පහල , age expectancy ලෙවෙල් බැලුවම තේරෙනවා. රටින් ගෙන බෙහෙතක් , අලුතින් හොයාගන්න ලෙඩක් ගැන අපේ උන්ට එන්න සැහෙන්න කාලයක් යනවා.

    meke depaththak thiyenawa. lankawe doctors la sahenna hodai godak ratawal walata wada skill eken saha out of the book diagnosis walata. ekata eka reason ekak lankawe law system eka. godak ratawala un pothe widiyata karanawa misak ikmanata wadak kerenne na.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අද මම යාලුවෙක් එක්ක කතා කලා. ඌ කියනවා ලන්කාවේ එවුන් රට යන එක නෑවත්තුවොත් ලන්කාවේ පට්ට විරෑකියා අර්බුධයක් එනවලු. ලන්කාවේ අලුත් රස්සා හෑදෙන්නේ අඩුවෙන් ලු. අලුත් එවුන්ට රස්සා ලෑබෙන්නේ හුගක් පරණ අය රට යන හින්දාලු. ඒ කතාවෙත් ඈත්තක් තියෙනවා නේද?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අද මම යාලුවෙක් එක්ක කතා කලා. ඌ කියනවා ලන්කාවේ එවුන් රට යන එක නෑවත්තුවොත් ලන්කාවේ පට්ට විරෑකියා අර්බුධයක් එනවලු. ලන්කාවේ අලුත් රස්සා හෑදෙන්නේ අඩුවෙන් ලු. අලුත් එවුන්ට රස්සා ලෑබෙන්නේ හුගක් පරණ අය රට යන හින්දාලු. ඒ කතාවෙත් ඈත්තක් තියෙනවා නේද?
    Ow ban
     
    • Like
    Reactions: malakadss