මගේ ලගම cousin කෙනෙකුයි, මගේ මුල්කාලේ ඉඳන් ඉන්න customer කෙනෙකුයි Canada ඉන්නව. උඹ කියන සමහර දේවල් ඇත්ත. උදාහරනෙකට රජයේ කන්තෝරුවල වැඩ. ඒත් ඉතින් අපි අවුරුද්දට කී දවසක් රජයේ කන්තෝරුවලට යනවද? මම අවසානෙට ගියේ 2017දී වගේ. ඉතින් මට ඒක එච්චරම බලපාන්නේ නෑ.
life expectancy ලංකාවේ 77යි කැනඩාවේ 81යි. ලොකු වෙනසක් නෑ. හරක් වගේ පාරේ ගිහින් මැරෙන පොඩි බයික් කාරයෝ අඩු උනානම් තව නගිනවා ඕක.
Affordability වැඩියි අනිවාර්යෙන්ම, හැබැයි උඹ හොඳට බැලුවොත් ගොඩක් ඔය රටවල ඉන්න මිනිස්සු DSLR අලුත්ම mobile phone එහෙම තියාගෙන නෑ. මගේ customer පාවිච්චි කරේ iphone 7 එකක්. මේ ලඟදි ඌ අලුත් එකකට මාරු උනේ. මොකද උන්ට cost of living ගොඩක් වැඩියි. උන් ඔය 4000$ වලින් ලොකු ගානක් rent එකට යට කරන්න ඕනේ. ලොකු ගානක් කෑම වලට යට කරන්න ඕනේ. තව Tax අනන් මනං ගෙවනකොට උන් ඔය DSLR ගන්න අපි වගේම කාලයක් ඉන්නවා. මොකද උන්ට එහෙම ගන්න පුළුවන් උනත් ඒක ගත්තොත් තව කොහෙන් හරි ඒක අඩුවෙනවා. ඔන්න ඩොලර් වලින් හොයලා රුපියල් වලින් වියදම් වෙනවනම් උඹ කියන එක හරි.
කුණු ප්‍රශ්නේනම් කොළඹ අවට ලොකු කේස් එකක් නෑ, මම ඉන්න හරියෙනම් කුණු අරගෙන යනවා. නගරසබාව අනුව වෙනස් වෙනවා ඉතින්.
මටනම් internet කන පැලෙන්න තියෙනවා tower එක මීටර් 200 එහායින් තියෙන්නේ. ලයිට් යනවා මාසෙට දවසක් වගේ. ඒක ඉතින් පැය 2,3ක් තියෙනවා සාමාන්යෙන්.
ඔය තාක්ෂනය පහසුව මුළු රටටම එක වගේ නෑ බන්, එක එක පැත්තෙන් පැත්තට වෙනස් වෙනවා. ලංකාව වගේම තමයි.
ලංකාවේ අවුල් නැත්තේ නෑ, හැබැයි කැනඩාවල ඉන්න උන්ට තියෙන්නේ අපිට නැති වෙන ප්‍රශ්න. උන්ට weather ප්‍රහ්නයක් තියෙනවා. එහෙ පට්ට සීතලයි කාලෙකට. ගෙවල් එහෙම afford කරන්න බෑ ගොඩක් මිනිස්සුන්ට ලොකු ණය ගන්න ඕනේ. ජොබ් හොයාගන්න අමාරුයි. තියෙන ජොබ් උනත් කරන්න ගොඩක් අමාරුයි. ඩොකෙක් වගේනම් අන්න හොඳයි.
Taxes ගොඩක් වැඩියි. ඔය වගේ හැම රටකම අඩු වැඩි වශයෙන් දේවල් තියෙනවා. උන් උන්ගේ රට ගැන complain කරනවා අපි අපේ රට ගැන complain කරනවා. ඒකයි මම කිව්වේ අපි හැම එකාටම නැති දේ තමයි ලොකු කියලා.
හැබැයි කැනඩා ලස්සන රටක්. තව ටික කාලෙකින් සල්ලි එකතු උනොත් ගිහින් එන්න හිතාගෙන ඉන්නවා.
ලංකාව බලපන් හිගන පාටයි. ළමයි යන ඉස්කෝල. අධ්‍යාපනය. කාසි කබල් අත්දැකීම් නේ බන් ගන්න වෙන්නේ. ලංකාවට වඩා දැන් ඉතියෝපියාව සැහෙන්න දියුණුයි.
පව් බන් අසරණ මිනිස්සු. පොඩි දේටත් රැවටෙනවා, පැණි බොනවා. මිත්‍යාව පස්සේ යනවා .
ලෙඩක් හැදිලා ඩොකෙක් හම්බ වෙන්න ගියාම . ඩොකා ට නැවිලා ඉන්න ඕනේ. උගේ තියෙන හිනා මානේ .
දියුණු රටවල. කුනු අදින එකත් දොස්තර වගේම හොඳ ජිවන මට්ටම් ගෙනියනවා. හැමෝටම හොඳ වැටුපක් ලැබෙනවා.
ඔව් TAX ගේනවා. 20-30% එත් ඒවාට පහසුකම් ලැබෙනවා.
ලංකාවේ උන් 500% ගෙවනවා වහනයක් ගන්න. සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් කියන්නේ හීනයක්.
ඇති නැති පරතරය ලංකාවේ ඉතා වැඩියි.
ඔය මතකෙට ආපු ටිකක්

