හමුදාව සහ පොලිසිය එක්ව කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ත්රස්තවාදීන් සහ හමුදාව අතර වෙඩි හුවමාරුවක් මීට සුළු මොහොතකට පෙර සිදුව ඇතැයි වාර්තා වනවා.
ඒ ආරක්ෂක අංශ විසින් මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනාගාරයක් යැයි සැකකෙරෙන ස්ථානයක් පරීක්ෂා කිරීමට යාමේදීය.
මේ වන විට ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පවසා සිටියේය.
වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න…..
බම්පි




