ඉස්සර කාලේ පරම්පරාවේ එකාටත් වෙදකම දුන්නේ ඌගේ කේන්දරේ බලලා.කේන්දරේන් කුහක ආත්මාර්තකාමි වoක චරිත පෙන්නනවා.ඉගෙනගන්න බැරි චරිතත් පෙන්නනවා.. එහෙම චරිත වලට වෙදකම දුන්නේ නෑ . පරම්පරාවේ සුදුසු කෙනෙක් නැතිනම් පිටට හරි දුන්නා. එහෙම නොදුන්න අයගෙනම් වරදක් තියනවා..පස්සේ පස්සේ මේ චාරිත්‍ර නැති වෙලා ගියා.කුහකයන් අතටත් ගියා..එකෙන් වෙදකම විනාස වෙන්න ගත්තා..
පරම්පාරාවට දෙන්න අනිත් හේතුව තමයි ජාන.. පරම්පරාවෙන් වෙදකම් කරපු පරම්පරාවලින් එන අයට වෙදකම නිකන්ම පිහිටනවා..ගැඹුරු දේවල් වහා අවබෝධ වෙනවා. මේ රැකියා මත බිහිවුනු කුල ක්‍රමයෙන් තමයි ඉස්සර ලoකාව ලොකේ දියුණු රටක් උනේ.. හාඩි වයින්බර්ග් තියරිය තමයි ඉතින්... සුදුජාතිකයින් මේ ක්‍රමය නැති කලා..
බලන්න සුද්දගේ ක්‍රමේ තියන හොඳ දේවල්...
රටක් පිළිගන්න නීති පද්දතියක් තියනවා.
රටක් පිළිගන්න බලපත්‍ර ක්‍රමයක් තියනවා.
රටක් පිළිගන්න අධ්‍යාපන ක්‍රමයක් තියනවා.
අධ්‍යාපන ක්‍රමය තුල ඉගන ගන්න බැරි අය ඒ ඒ level වලින් හැලිලා යනවා.
තමන්ගේ හැකියාව අනුව අධ්‍යාපන සුදුසුකම් ලැබෙනවා.
හොරවැඩ කලොත් වංචාව කලොත් ඒවාට නීති තියනවා බලපත්‍ර අහෝසි වෙනවා.
දැන් බලපන් සුද්දගේ ක්‍රමයේ තියන ක්‍රමානුකුල බව.
දැන් ඔය ක්‍රමය ඇතුලේ,
කුහක උනා/නොවුනා කියලා,
ආත්මාර්ථකාමී උනා/නොවුනා කියලා,
බුද්ධිමත් උනා/නොවුන කියලා,
හොඳ ජාන තිබ්බා/නොතිබ්බා කියලා
කිසි ප්‍රශ්නයක් තියනවද? කොච්චර කුහක උනත්ම් ආත්මාර්ථකාමී උනත් ඒවා වෛද්‍ය වුර්තියට අදාළ වෙන්නේ නෑ ඒ ඒ අයගේ පෞද්ගලික ගති පමණක් වෙනවා කාටවත් බලපෑමක් නැති.