Pro. නලින්ද සිල්වා, ධම්මික කොරෝනා පැණිය ගැන අනතුරු අගවයි.. Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    නලින් ප්‍රොපා මෙහෙම කියයි කියලා මම හිතුවේ නෑ ...:( මේක බිව්වොත් මොනවයින් මොනවා වෙයිද ?:oops::oops::oops::oops::rolleyes2:

    W5khWAdEy8SCDK1xYTzh_nOhPuSbWdTbsUjUJU8a-7lN1Z--ta5Lg7cRUKr9DwxGShBqZYNnw_A3cgJX_f-6UVL_-2UiM-6E02uLC2_wTab8vFoNzYl3nnEzGzoLZuBYLA

    Hettimulla.jpeg

    :o:o:o:o:o:o:o

    ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්‍ෂා කිරීමට බටහිර වෙදමහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල. ඒ අය බටහිර වෙදකම හා සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්‍ෂා කරන්න බටහිර මහාචාර්ය වෙදමහත්වරු කිහිප දෙනකු පත් කරල. ඔය මහාචාර්යවරුන්ගෙන් කී දෙනකු මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවද හරි ඉදිරිපත් කරල තියෙනවා ද? එහෙමත් නැත්තන් ඔවුන්ගෙ භාෂාවෙන් කිවුවොත් හොයා ගෙන තියෙනවා ද? බටහිර වෙදකමේ බෙහෙත් වෙනත් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්‍ෂා කරනවා ද?

    මහාචාර්යවරුන් ඊනියා පර්යේෂණ සඟරාවල පත්‍රිකා පළ කරල ඇති. අපි නොදන්න පත්‍රිකා. මාත් එකමත් එක කාලයක මහාචාර්යවරයකු වුණාට ඔය මහාචාර්යවරුන් තරන් පත්‍රිකා පළ කරල නැහැ. ඒත් මා දන්නවා පත්‍රිකාවල තත්වය. බටහිර විද්‍යාවෙ මට ඇතිවෙල තියෙන්නෙ අදහස් පහක් විතරයි. එකක් භ්‍රමණය වන (කැරකෙන) වස්තුවක් කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට අංශුවක් ප්‍රක්‍ෂෙපණය කළොත් (විසි කළොත්) ඒ අංශුව ටික වෙලාවකින් පස්සෙ අර කැරකෙන වස්තුව පැත්තට ම වස්තුව වටේ කැරකැවෙන්න පටන් ගන්න ඕන කියන එක, දෙක දුර තියෙන මන්දාකිණියකින් අප වෙත එන ආලෝකය වෙනත් මන්දාකිණියක් මැද්දෙන් එන විට ප්‍රතිබිම්බ දෙකකට වඩා හැදෙන්න පුළුවන් බව, තුන ක්වොන්ටම් භෞතිකයට නව අර්ථකථනයක් දීම (අංශුවකට එක වර සිදුරු දෙකකින් යා හැකිය ආදී වශයෙන්), හතර අයින්ස්ටයින්ගෙ විශ්වවවේදී නියතය නියතයක් වීම අනවශ්‍ය බවට වූ අදහස අවකාශ කාලයත් තවත් ශක්ති විශේෂයක් වීම නිසා. පස්වැන්න ගණිතයේ ඊනියා සත්‍යයක් නැතැයි කියන්න හා බටහිර විද්‍යාවෙ අදහස් පහළ වීම ගැන අදහස. පළමු අදහස් දෙක මා උපාධිය කරන කාලයෙ ලැබුණු දේ. තුන්වැනි හා හතරවැනි අදහස් දෙක කැලණියේ සිසුන්ට පශ්චාත් උපාධි සඳහා උපදෙස් දෙන්න ගිහින් ලැබුණු දේ. පස්වැන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උපාධියකට සම්බන්ධවීමෙන් ලැබුණු අදහසක්. පළමු අදහස් තුන ම අද පිළිගැනී තියෙනවා. හතරවැන්න ඇදි ඇදී යනවා. පස්වැන්න ගැන තමයි අද ටිකක් ලියන්න හිතුණෙ.

    මා බටහිර විද්‍යාව ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් මා එහි අලුත් දේ කියවනවා. ඒ මොන පට්ටපල් බොරු ද කියා හිතනවා. මා ඉදිරිපත් කර ඇති අදහස් පහත් පට්ටපල් බොරු. ඒකට කමක් නැහැ. මේ හැම තැන ම තියෙන්නෙ යම් අදහසකට විශ්වාසය ඇති කිරීම නැත්නම් දිනා ගැනීම පිළිබඳ කතාව. මිනිසුන්ට අදහස් පහළ වෙන්නෙ කොහොම ද කියන එක ගැන කිසිවකුට කිසිම අදහසක් නැහැ. අපට පුරුදු කරල තියෙනව විශ්වාසය ඇති කර ගන්න නම් බටහිර ක්‍රමයට ඒ කළ යුතුයි කියා. අප මහාචාර්ය කමිටුවට කියල පැණිය ගැන විශ්වාසය හරි අවිශ්වාසය හරි ඇති කරන්න කියා.

    අප යමක් ගැන කල්පනා කරන විට එක එක අදහස් එනවා. ඒක හොරකමක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්තන් හඳට යන එක ගැන වෙන්න පුළුවන්. කෙක්‍යුලෙට බෙන්සීන් අණුව පිළිබඳ අදහස ඇවිත් තියෙන්නෙ හීනෙන්. ඒකෙ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. හැබැයි එයා බෙන්සීන් ගැන කල්පනා කර කර ඉඳලා තියෙන්න ඕන. එහෙම නැතුවත් අදහස් එන්න පුළුවන් ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒ අතර වෙනත් අයගෙන් ද අදහස් ලැබෙනවා. ඒ වෙනත් අය අදාළ ප්‍රශ්නය ගැන හිතල තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කොහෙ හරි අදහස අහල දැකල තියෙන්න ඕන.

    ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අදහසක් ලැබිල තියෙනවා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන්. අදහස හීනෙන් ලැබුණ ද භූතයකුගෙන් ලැබුණ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. අවශ්‍ය වන්නේ ලැබුණු අදහස අදාළ ගැටළුව සම්බන්ධයෙන් වැඩ කරනව ද යන්න. වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් වෙනත් අදහසක් ලැබුණොත් එයත් වැඩ කරනව නම් අපට තෝරා ගැනීමකුත් තියෙනවා. අපට වඩා ගැලපෙන අදහස යොදා ගන්න පුළුවන්.

    දැන් අදහසක් වැඩ කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නෙ කොහොම ද? ඒකටත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. හරියන එකක් ලැබෙන කම් නැහැසුම් සැහුම් ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගයක් සම්බන්ධයෙන් නම් රෝගීන් සුව වෙනව ද කියල බලන එක. එය බලන්න බටහිර වෙදකමේ යම් ක්‍රමයක් තියෙනව කියනවා. අප ඒ ක්‍රමය ම අනුගමනය කරන්න ඕන ද? බටහිර ක්‍රිස්තියානි දැනුම් යටත්විජිතවාදයෙන් අපට කියන්නෙ ඒ ක්‍රමය ම පමණක් යොදා ගන්න ඕන කියල. ඔය මහාචාර්යවරුන්ගෙ කමිටුව පත් කරල තියෙන්නෙ ඒ සඳහා.

    මේ මහාචාර්ය පරීක්‍ෂාවෙන් පස්සෙ පැණිය අසාර්ථක කියල තීරණය වෙන්න (කරන්න) පුළුවන්. එය ධම්මික බණ්ඩාර වෙද මහතාට ප්‍රශ්නයක් නොවෙයි. ඔහු ගැන විශ්වාසයක් ඇති අය ඔහුගෙන් බේත් ගනීවි. ඔහුට වඩා මහාචාර්යවරුන්ගෙ පරීක්‍ෂාව ගැන විශ්වාසයක් ඇති අය බෙහෙත් නොගෙන සිටීවි. එහෙත් අනෙක් පැත්ත වුණොත් ඒක බටහිර වෙදකමට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බටහිර වෙදකමට කොවිඩ් 19ට මොන අර්ථයකින්වත් බෙහෙතක් ප්‍රතිකාරයක් නැහැ. එන්නත් කිහිපයක් ගැන නම් කියැවෙනවා. ඒත් ඔය එන්නත් අප වැනි රටවලට ලැබෙයි ද? ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට පහසුකම් තියෙනවා ද? බටහිර රාජ්‍ය පාලක පාලිකාවන්ට අනේ දිළිඳු රටවලට එන්නත යොදා ගන්න බැහැ කියල කිඹුල් කඳුළු හෙළන්න නම් පුළුවන්.

    පැණිය සාර්ථක කියල පෙනුණොත් බටහිර වෙදකමේ ගෞරවය, පිළිගැනීම, මහේශාක්‍යභාවය ආදියට ප්‍රශ්න ඇති වෙනවා. මහාචාර්යවරු තමන්ට ම ප්‍රශ්න ඇති කර ගනීවි ද? සියතින් ගෙළ සිඳ ගනීවි ද? පැණිය අසාර්ථක කියල පෙන්නුවොත් ධම්මික වෙදමහතාට ප්‍රශ්නයක් වන්නෙ නැහැ. එහෙත් පැණිය සාර්ථක වුණොත් බටහිර වෙදකමට ප්‍රශ්නයක් වෙනවා. බටහිර වෙදකමේ මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් වෙනවා.

    ධම්මික වෙදමහතා තම වට්ටෝරුව අනෙක් අයට නොදීම පිළිබඳ ව මහා දාර්ශනිකයාට මහා ප්‍රශ්නයක් වෙලා. ඔහු පේටන්ට් ගන්නෙ නැත්තෙ මොකද වගේ බටහිර ක්‍රමයෙ ප්‍රශ්න අහනවා. අපේ ක්‍රමයෙ පේටන්ට් නැහැ. දැනුම පොදුවෙ බෙදා හැරීමක් ගැනත් කතාවක් නැහැ. අපට එක ප්‍රශ්නයකට විසඳුම් රාශියක් තියෙන්න පුළුවන්. ඒ වගේ ම අප දන්නවා නුසුදසු පුද්ගලයන් අතට විසඳූම්, අදහස් හා පොදුවේ දැනුම ගියොත් වෙන්න පුළුවන් දේ. අපේ ගුරුමුෂ්ටි කියල කතාවක් තියෙනවා. දැනුම දෙන්න ඉස්සෙල්ල පරීක්‍ෂා කරනවා. ඒව බටහිර පරීක්‍ෂා ක්‍රම නො වෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් නො වෙයි. මතක නේ ගුත්තිල ඇදුරන් මූසිලට දැනුම දෙන්න ප්‍රතික්‍ෂෙප කළා. දුදනන් හට පිහිට වීමෙන් නරකක් වෙන බව දැක්ක. එහෙත් දෙමව්පියන්ට කීකරු වුණා. මූසිලයෙක් බිහි වුණා.

    බටහිර ඖෂධ අදාළ සමාගම් සමග බැඳිලා. ආයුධ වෙළඳාම හා ඖෂධ වෙළඳාම අධික ලාභ උපයනවා. රොකෆෙලර්ලා අධික ධනවත්තු. පේටන්ට් අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නෙ ඔවුන් වෙනුවෙන්. බටහිර වෙදකම ධනපති ක්‍රමය සමග ඔවුන්ගෙ භාෂාවෙන් ම කියනව නම් ඓන්ද්‍රිය (organic) ව බැඳිල. බටහිර වෙදමහත්වරුත් සෑහෙන පිරිසක් බැඳිල. බටහිර දැනුම ධනපති ක්‍රමය සියල්ල එක ම චින්තනයක ක්‍රියාත්මක වෙන්නෙ. මහාචාර්ය පරීක්‍ෂාව දිහා අපි ඕනෑකමින් බලා ඉන්නවා. ඕනෑකම මොන නෑකමටත් වඩා ඉහළයි කියනව නෙ.

    ආචාර්ය නලින්ද සිල්වා
    – kalaya

    -lankacnews-

    ප.ලි - ධම්මික පැණියට බනින්න බලාගෙන ආපු උන් ගැන මාගේ බලවත් කණගාටුව..:giggle::giggle::giggle:
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    කොරෝනා පැණිය පරික්ෂාවට බාර දීල තියෙන්නේ රජරට විශ්වවිද්‍යාලෙ ජයසුමන මහත්තයාගේ වැඩකරපු දෙපර්තමෙන්තුවාට. මෙයාගෙම ගෝලයට. ඕක හොඳයි කියන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බොහෝ ඖෂධ සමාගම් සාමන්යෙන් ඖෂධ ඒකාධිකාරයක් තියාගන්න බොහෝ රටවල දේශීය වයිද්‍ ක්‍රම මරමින් යනවා. සේනක බිබිලේ මහත්තයට උනෙත් ඒ වගේ දෙයක් තමයි. ඔය ඉන්ජෙක්ෂන් එක හොයාගත්ත සමාගම්වල අතීතය බැලුවනම් බලන්න තිබුනා උන් මොන තරම් මිනිස්සු මරලා තියෙනවද අප්‍රිකා ආසියානු කලාපයේ රටවල කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොකේ හිටපු හොදම mathematician කෙනෙක් තමයි ඉන්දියාවේ රාමනුජාන්.. හරි හෑටි අධ්‍යාපනයක් නොලෑබුන කෙනෙක් මෙයා. ඒත් ලෝකෙට ගණිත විසදුම්, සූත්‍ර 3900 විතර දීලා තියෙනවා. එයා කියන්නේ එයාට ඒක දෙවියන්ගෙන් ලෑබුනා කියලා. ඔහු අදහන දේවාතාවිය ගෙන් ඒවා ලෑබෙනවා කියලා ඔහු කිව්වේ. නමුත් ඒ කාලේ 1900 ගණන් වල එන්ගලන්තේ හිටපු මහා වෑඩ්ඩෝ ඔහුට ඒවා ලෑබෙන ක්‍රමය ගෑන හෙව්වේ නෑ ඒවායේ නිර්වද්‍යතාවය තමා වෑදගත් වුනේ.. මම කියන්නේ නෑ ධම්මික හරි කියලා ඒත් නාථ දෙයියෝ, කාලි මෑණීයෝ ගෑන කියනකොට හිනා වෙන එක සාර්ථක නෑ. සිසිර ජයකොඩි මරු කතාවක් කිව්වා. පෑණියට හිනා වෙන්නේ පුතානෝගේ අලි මන්තරේට අත්පුඩි ගහපු අය කියලා
     
    Though it is not Africa, but some real cases,

    Tuskegee Syphilis Experiment
    Thalidomide Controversy
     
    • Sad
    Reactions: wiky123

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,280
    113
    Nugegoda
    අපගේ පැරණි හෙළුවන් හට හොඳ දැනුම් සම්භාරයක් තිබුනා. එනමුත් එය ගැන අන්ධ භක්තියක් ඇතිකරගත යුතු නොවේ. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියල ඝෝෂා කරපු අයගෙත් ජීවිතේ බේරුවෙත් බයිපාස් සැත්කම් තමයි. :cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපගේ පැරණි හෙළුවන් හට හොඳ දැනුම් සම්භාරයක් තිබුනා. එනමුත් එය ගැන අන්ධ භක්තියක් ඇතිකරගත යුතු නොවේ. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියල ඝෝෂා කරපු අයගෙත් ජීවිතේ බේරුවෙත් බයිපාස් සැත්කම් තමයි. :cool:
    ඈත්ත දෙපෑත්තක් ත්යෙනවා. කොයි එකෙත් හොද ටික ගත්තම හරි
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලොකේ හිටපු හොදම mathematician කෙනෙක් තමයි ඉන්දියාවේ රාමනුජාන්.. හරි හෑටි අධ්‍යාපනයක් නොලෑබුන කෙනෙක් මෙයා. ඒත් ලෝකෙට ගණිත විසදුම්, සූත්‍ර 3900 විතර දීලා තියෙනවා. එයා කියන්නේ එයාට ඒක දෙවියන්ගෙන් ලෑබුනා කියලා. ඔහු අදහන දේවාතාවිය ගෙන් ඒවා ලෑබෙනවා කියලා ඔහු කිව්වේ. නමුත් ඒ කාලේ 1900 ගණන් වල එන්ගලන්තේ හිටපු මහා වෑඩ්ඩෝ ඔහුට ඒවා ලෑබෙන ක්‍රමය ගෑන හෙව්වේ නෑ ඒවායේ නිර්වද්‍යතාවය තමා වෑදගත් වුනේ.. මම කියන්නේ නෑ ධම්මික හරි කියලා ඒත් නාථ දෙයියෝ, කාලි මෑණීයෝ ගෑන කියනකොට හිනා වෙන එක සාර්ථක නෑ. සිසිර ජයකොඩි මරු කතාවක් කිව්වා. පෑණියට හිනා වෙන්නේ පුතානෝගේ අලි මන්තරේට අත්පුඩි ගහපු අය කියලා

    Sira bn.
     
    • Like
    Reactions: shenat

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම සැහෙන්න කාලෙකට පස්සේ උඩින් පල්ලෙන් නැතුව ඉවර වෙනකම් කියෙවුවෙ.... බොහොමයක් කතාවලට මම එකඟ වෙනවා. සමහර ඒවා ගැන මට පක්ෂව/විරුද්දව කිසි අදහසක් නෑ. සමහර දේවල් මම එච්චර එකඟ වෙන්නේ නෑ.

    එකඟ නොවන එකක් තමයි ගුරු මුෂ්ටිය ගැන කතාව. දැනුම නොබෙදන එක ගැන කතාව.

    හෙළ වෙදෙක් දේවල් 100 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 95ක් දෙනවා.
    ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 95 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 90ක් දෙනවා.
    ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 90 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 85ක් දෙනවා.
    ඔය අතර අලුතෙන් හොයාගන්න ඒවා තමන්ට විතරක් තියා ගන්නවා.
    .....
    ...
    ..
    ඔහොම ගිහින් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඒ දේ තමයි...

    බටහිර වෙද්දු දේවල් 100 ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 100 ම උගන්නනවා.
    ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
    දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 105ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 105 ම උගන්නනවා.
    ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
    දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 110ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 110 ම උගන්නනවා.
    .....
    ...
    .
    දැන් මොකද වෙන්නේ? හෙළ වෙදකම නැත්තටම නැති වෙලා ගිහින් බටහිර වෙදකම විතරක් දවසක ඉතුරු වෙනවා.

    ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
    සහ ලෝකේ දියුණු වෙන්නේ.
    හෙළ මිනිස්සු තුල අර තියන අමුතු ගතිය නිසා තමයි හැමදාම හෙළ දේ එකතැන පල් වෙන්නේ. ටික ටික නැත්තටම නැති වෙලා යන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,679
    100,963
    113
    ලොකේ හිටපු හොදම mathematician කෙනෙක් තමයි ඉන්දියාවේ රාමනුජාන්.. හරි හෑටි අධ්‍යාපනයක් නොලෑබුන කෙනෙක් මෙයා. ඒත් ලෝකෙට ගණිත විසදුම්, සූත්‍ර 3900 විතර දීලා තියෙනවා. එයා කියන්නේ එයාට ඒක දෙවියන්ගෙන් ලෑබුනා කියලා. ඔහු අදහන දේවාතාවිය ගෙන් ඒවා ලෑබෙනවා කියලා ඔහු කිව්වේ. නමුත් ඒ කාලේ 1900 ගණන් වල එන්ගලන්තේ හිටපු මහා වෑඩ්ඩෝ ඔහුට ඒවා ලෑබෙන ක්‍රමය ගෑන හෙව්වේ නෑ ඒවායේ නිර්වද්‍යතාවය තමා වෑදගත් වුනේ.. මම කියන්නේ නෑ ධම්මික හරි කියලා ඒත් නාථ දෙයියෝ, කාලි මෑණීයෝ ගෑන කියනකොට හිනා වෙන එක සාර්ථක නෑ. සිසිර ජයකොඩි මරු කතාවක් කිව්වා. පෑණියට හිනා වෙන්නේ පුතානෝගේ අලි මන්තරේට අත්පුඩි ගහපු අය කියලා
    ඕකෙම අනික් පැත්තත් තියෙනව ඈ.

    පැණිය කොහොම තිබ්බත් අවුලක් නෑ. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ කියල දැනට ගොඩක් අය කියල තියෙනවනෙ. මේකෙ අවුල තියෙන්නෙ නිරවද්‍යතාව මනින ප්‍රොසෙස් එක භාගෙට කරල ඇත්ත නොවන බලාපොරොත්තුවක් නිර්මාණය කරන එක.

    පැණිය හරි නන් බලාපොරොත්තුව හරි කාටවත් ප්‍රශ්නයක් නෑ.
    පැණිය වැරදි නන් ගොඩක් ප්‍රශ්න වලට ඉඩ තියෙනව. ඒවට ධම්මික මහත්තය ගාව තියෙන්නෙ එක උත්තරයයි. "කිල්ලට අහු වෙලා"

    අනික තමා මේක බීපු උන් දැන් යන්නෙ සුපර් මෑන් වගේ පාරවල්වල. එතකොට පැණිය හරිද වැරදිද කියල චෙක් වෙන දවස් 14 තමා අපි ඔක්කොටම භයානකම දවස් ටික වෙන්නෙ.

    රජය මේක යූස් කරනව ඇත්තටම එන්නත ගේන්න බැරි හේතුව වහගන්න. 97% හොද වෙන නිසා මේක කාටවත් හොයාගන්න වෙන්නෙත් නෑ. තව සතියක් දෙකක් යනකොට මේක බෝතල් වල එයි විකුණන්න.

    මේ වගේ වසන්ගතයක් එක්ක නොකරන්න ඕනි සෙල්ලමක් මේ කරන්නෙ.
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    බැරි වෙලා හරි පැණිය හරි ගියොත්, මේකේ කෑ ගහන එවුන්, පාර්ලිමේන්තුවේ කෑ ගහන එවුන් නොබී ඉඳියි ද?????????

    තවම ටෙස්ට් කරන එකක්, හොඳද නරකද කියල දැන්මම තීරණය කරන්නේ ,..... අවරුදු 20 වත් පිරිච්ච නැති කී බෝඩ් වීරයෝ......

    මම නං ප්‍රර්ථනා කරන්නේ, ... කොරෝනාවෙන් මිදෙන්න මොකකින් හරි බේතක් හරියන්න කියලා........
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    ඕකෙම අනික් පැත්තත් තියෙනව ඈ.

    පැණිය කොහොම තිබ්බත් අවුලක් නෑ. ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ කියල දැනට ගොඩක් අය කියල තියෙනවනෙ. මේකෙ අවුල තියෙන්නෙ නිරවද්‍යතාව මනින ප්‍රොසෙස් එක භාගෙට කරල ඇත්ත නොවන බලාපොරොත්තුවක් නිර්මාණය කරන එක.

    පැණිය හරි නන් බලාපොරොත්තුව හරි කාටවත් ප්‍රශ්නයක් නෑ.
    පැණිය වැරදි නන් ගොඩක් ප්‍රශ්න වලට ඉඩ තියෙනව. ඒවට ධම්මික මහත්තය ගාව තියෙන්නෙ එක උත්තරයයි. "කිල්ලට අහු වෙලා"

    අනික තමා මේක බීපු උන් දැන් යන්නෙ සුපර් මෑන් වගේ පාරවල්වල. එතකොට පැණිය හරිද වැරදිද කියල චෙක් වෙන දවස් 14 තමා අපි ඔක්කොටම භයානකම දවස් ටික වෙන්නෙ.

    රජය මේක යූස් කරනව ඇත්තටම එන්නත ගේන්න බැරි හේතුව වහගන්න. 97% හොද වෙන නිසා මේක කාටවත් හොයාගන්න වෙන්නෙත් නෑ. තව සතියක් දෙකක් යනකොට මේක බෝතල් වල එයි විකුණන්න.

    මේ වගේ වසන්ගතයක් එක්ක නොකරන්න ඕනි සෙල්ලමක් මේ කරන්නෙ.
    කැලනි ගගේ නයි ඇරපු එවුන්ට ඔවා කියලා වැඩක් නෑ. ඔය ඔක්කොම දගලන්නේ පාන්ඩුවේ හෙලුව වහන්න. එක එකා එක එක ආකාර වලින්. අන්තිමට මේ හැමදේකින්ම අමාරුවේ වැටෙන්නේ අසරන මිනිස්සු. මිනිස්සු මිනිස්සුන්ට කරන්න පුලුවන් උපරිම දේ කරා පලවෙනිපාර. එහෙම කරලා බහුතරයක් ඇරගත්තා හොදම එකෙන්.
     
    • Like
    Reactions: sami_boy and waca

    Sen-lu

    Well-known member
  • බටහිර ක්‍රමයට හොඳ නැත්නම් ඕක පරීක්ෂා කරන්න තියෙන දේශීය ක්‍රමය මොකක්ද කියලත් ඔය මහාචාර්යතුමා ගෙන්ම ඇහුවනම් හරි.

    නැත්නමි ක්‍රමයක් නැත්ද දෙයියො දුන්න කිව්වම හරිද?