මම සැහෙන්න කාලෙකට පස්සේ උඩින් පල්ලෙන් නැතුව ඉවර වෙනකම් කියෙවුවෙ.... බොහොමයක් කතාවලට මම එකඟ වෙනවා. සමහර ඒවා ගැන මට පක්ෂව/විරුද්දව කිසි අදහසක් නෑ. සමහර දේවල් මම එච්චර එකඟ වෙන්නේ නෑ.
එකඟ නොවන එකක් තමයි ගුරු මුෂ්ටිය ගැන කතාව. දැනුම නොබෙදන එක ගැන කතාව.
හෙළ වෙදෙක් දේවල් 100 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 95ක් දෙනවා.
ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 95 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 90ක් දෙනවා.
ඒ ගෝලයෝ වෙච්චි වේද මහත්වරු දේවල් 90 ක් දන්නවා. ඔහු ගුරු මුෂ්ටිය 5ක් තියාගෙන ගෝලයන්ට 85ක් දෙනවා.
ඔය අතර අලුතෙන් හොයාගන්න ඒවා තමන්ට විතරක් තියා ගන්නවා.
.....
...
..
ඔහොම ගිහින් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඒ දේ තමයි...
බටහිර වෙද්දු දේවල් 100 ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 100 ම උගන්නනවා.
ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 105ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 105 ම උගන්නනවා.
ඔය අතර අලුත් දේවල් 5 ක් හොයාගෙන ඒවාත් හැමෝම බෙදා ගන්නවා.
දැන් ඒ ගෝලයෝ වෙච්චි බටහිර වෙද්දු දේවල් 110ක් දන්නවා. ඔවුන් ශිෂ්‍යන්ට 110 ම උගන්නනවා.
.....
...
.
දැන් මොකද වෙන්නේ? හෙළ වෙදකම නැත්තටම නැති වෙලා ගිහින් බටහිර වෙදකම විතරක් දවසක ඉතුරු වෙනවා.
ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
සහ ලෝකේ දියුණු වෙන්නේ.
හෙළ මිනිස්සු තුල අර තියන අමුතු ගතිය නිසා තමයි හැමදාම හෙළ දේ එකතැන පල් වෙන්නේ. ටික ටික නැත්තටම නැති වෙලා යන්නේ.
**ඔව්, බටහිර දනුම් පද්ධතිය තුල ඔය කියන ආකල්පමය වෙනස තියනවා , දැනුම ගලායාම ඉතාම විනිවිදයි, නමුත් අමතක කරන්න එපා
එයාල ගොඩක් වෙලාවට ප්‍රශනය හදල , ඊලගට උත්තරය මාකට් කරනවා
ලංකාවේ, කුහක කම (තව ගොඩක් දේවල් තියනවා ) උපරිමෙන් තියනවා
**නලින්ද සිල්වා හෝ කවුරුන් හෝ , යම්කිසි දැනුම් පද්දතියක තියන වැරැද්ද අදුන ගන්න නම් ඒක හොදට හදාරන්න ඕන , ඒ නිසා මේ කතාව සත්‍ය නොවේ
>>>"ඒ බටහිර මිනිසුන් තුල තියන බෙදා ගැනීමේ ලක්ෂණය නිසා තමයි අද නලින් ද සිල්වා මහත්මයත් මහාචාර්ය වරයෙක්ව ඉන්නේ.
සහ ලෝකේ දියුණු වෙන්නේ."<<<
සහ ලෝකය දියුණුවෙනවා කියල අදහස් කරන්නේ මොකක්ද ?
බටහිර දැනුම් පද්දති සියල්ල ඒක කේන්ද්‍රියව ගොඩනැගුනු දෙයක් , එකයි වැරැද්ද , එයාලා කතාකරන්නේ පැවැත්මක් තුල ඉදන් එක යහපත් හෝ අයපත් කිරීමක් ගැන
නමුත් පෙරදිග දැනුම් පද්දති , චක්‍රකාරයි (ආරම්බයක් අවසානයක පැනවිය නොහැකි ) , අවසාන වශයෙන් කිවොත්
පෙරදිග දැනුම් පද්දති වල කතාකරන්නේ " නොදන්නාකම තුල විද්‍යමාන වන පැවැත්මේ නොපැවැත්වීම " පිළිබදයි