Protect our Snakes | අපේ_සර්පයෝ

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    උල් තුඩුල්ලා

    උල් තුඩුල්ලා | නිර්විෂ

    20155845_1902127780043831_3987718036769313792_n.jpg
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    +10 repped
    subscribed for future reference


    කණඋල්ලා | නිර්විෂ

    පාංශු වාසී සර්පයෙක්.

    20228786_1176711165808774_5887469768164228650_n.jpg


    20258083_1176711199142104_7069771159239555796_n.jpg

    Pics By - Sumith Wanasingha PW

    ඔයින් දෙන්නෙක් අපේ ඉඩමේදි දැක්කා. මූ සුටුස් ගාල ඇදිලා යනවනෙ, හරියට බලාගන්නවත් උනේ නෑ :(
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    +10 repped
    subscribed for future reference




    ඔයින් දෙන්නෙක් අපේ ඉඩමේදි දැක්කා. මූ සුටුස් ගාල ඇදිලා යනවනෙ, හරියට බලාගන්නවත් උනේ නෑ :(


    කොටින්ම මම හිතන් උන්නෙ මූ පණුවෙක්ය කියලා.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවා

    පොලොන් තෙලිස්සාගෙන් / කුණකටුවා

    2008 දී පලවූ විද්‍යාත්මක පත්‍රිකාවකට අනුව, පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවාගෙන් (Hypnale hypnale) සිදුවන මරණ සලකාබලා මොහු වෛද්‍යවිද්‍යාත්මකව වැශගත් සර්පයෙක් ලෙස නම් කලා. වෛද්‍යවිද්‍යාත්මකව වැදගත් සර්පයන්, උග්‍රවිෂ සර්පයන් නිසා සමහරුන් කුණකටුවාද උග්‍රවිෂ සර්පයෙක් ලෙස හඳුන්වනු දකින්න පුළුවන්. නමුත් විෂ සාන්ද්‍රණය අනුව බැලූවිට තෙලිස්සන් පොදුවේ මදවිෂ ලෙස වර්ග කිරීම වඩාත් උචිතයි.

    1990 සිට 2008 දක්වා රෝහල් දත්ත යොදාගෙන කරනලද සමීක්ෂණයකදී 'තහවුරු කරනලද' කුණකටුවන් (H.hypnale) දශ්ඨණ නිසා මරණ දෙකක්ද, පහතරටට මූකලන් තෙලිස්සා (H.zara) නිසා එක් මරණයක් පමණක්ද වාර්ථාවී තිබෙනවා. කඳුකර මූකලන් තෙලිස්සා (H.nepa) නිසා මරණ වාර්ථාවී නැහැ. නමුත් ප්‍රායෝගිකව, තහවුරු නොකරනලද තෙලිස්සන් දශ්ඨණ නිසා සිදුවූ මරණ වාර්තා නොවී තිබීමේ සම්භාවිතාව ඉතා වැඩියි.

    තෙලිස්සන් දශ්ඨණ නිසා විෂ ශරීරයට බලපාන ආකාරය අන් සර්පවිෂ ආකාරයෙන්ම කොටස් දෙකකට බෙදා හඳුනාගන්න පුළුවන්.
    1. ස්ථානීය රෝග ලක්ෂණ (Local envenomation features)
    2. ශාරීරික රෝග ලක්ෂණ (Systemic envenomation features)

    ස්ථානීය රෝග ලක්ෂණ යටතේ සපා කෑ ස්ථානය ඉදිමීම, ලේ පැහැති විසප්පු දැමීම (Haemorragic blisters) හා වසා ග්‍රන්ථි ඉදිමීම ඇතිවිය හැක.

    ශාරීරික රෝග ලක්ෂණ යනු කලින් පුරෝකථණය කලනොහැකි, කලාතුරකින් පෙන්වන හා මාරාන්තික තත්වයන්ය.

    රුධිරය කැටිගැසීම (Coagulapathy), එසේ කැටි ගැසුණු ලේ කැටි කේශනාලිකා (capillaries) හා ධමනිකා (Arterioles) වල තැන්පත්වී, හදිසි වකුගඩු අකරණිය (Acute renal failure) ඇතුළු පද්ධති ගණනාවකට බලපාන Thrombotic Microangiopathy නම්වූ තත්වය ඇතිවීම හා ස්නායුක විෂක් (Neurotoxin) ලෙස ක්‍රියාත්මක් වී හුස්ම ගැනීමේ, ගිලීමේ, ඇසිපිය ඇරගෙන සිටීමේ අපහසුතා ආදිය ඇතිවිය හැක.

    තෙලිස්සන් සපාකෑමෙන් ඇතිවන සංකූලතා සඳහා දැනට ඉන්දියාවෙන් ගෙන්වා භාවිතා කරන ප්‍රතිවිෂ (anti-venom) ලබා නොදෙන අතර වෙනත් ක්‍රමයකට ප්‍රතිකාර කෙරේ.

    එහිදී රුධිරය කැටිගැසීම (Coagulapathy) සඳහා ප්ලැස්මාව (Fresh frozen plasma/FFP) ලබාදීමද, Thrombotic Microangiopathy (TMA) තත්වය සඳහා ප්ලැස්මාව එලියට ගෙන යන්ත්‍රානුසාරයෙන් පිරිසිදුකර නැවත ශරීරගත කිරීම (plasmapheresis)ද, හදිසි වකුගඩු අකරණිය (Acute renal failure) සඳහා සේලයින් ඇතුළු දියර වර්ග ලබාදීමත් රුධිර කාන්දුපෙරණය (Dialysis) කිරීමත් සිදුකරනවා.

    තෙලිස්සන් දෂ්ඨ කර රෝහල්ගත්වී නැවත නිවසට පැමිණි විටදී රෝගියාගන් පිටවන මුත්‍රා ප්‍රමාණය හා පැහැය ගැන අවධානයෙන් සිටිය යුතුයි.

    සාමාන්‍යයෙන් පුද්ගලයෙක් 1ml/kg/hr ප්‍රමාණයෙන් මුත්‍රා පිටකරයි. එනම් 50kg පුද්ගලයෙක් පැයකට මුත්‍රා 50mlක් පිටකල යුතුයි. එම ප්‍රමණය අඩුවීම ගැන අවධානයෙන් සිටිය යුතුයි. තවද ලේ පැහැයට මුත්‍රා පිටවීම ගැනද අවධානයෙන් සිටින්න. ඊට අමතරව හුස්ම ගැනීමේ, ගිලීමේ, ඇසිපිය ඇරගෙන සිටීමේ අපහසුතා ආදිය ගැනද අවධියෙන් සිටින්න! මෙම රෝග ලක්ෂණ ඇත්නම් නැවතත් වහාම වෛද්‍ය උපදෙස් ගතයුතුය!!

    මූලාස්‍රය:

    1. How to manage snake bites in hospital 2013 edition
    2. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4062887/


    සටහන - Shan Menaka

    20140094_10212065123401440_7595254118202026444_n.jpg

    Pic By -
    Priyantha Rupasinghe
     
    Last edited:

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Roar Sinhala හි පළ වුන මේ ලිපියෙහි වැරදි නාමකරණයක් සඳහන් වෙනවා :angry: ඔවුන් පවසන ආකාරයට මුදු කරවලා Common Krait ලෙසත්, තෙල් කරවලා ලංකාවට ආවේණික Sri Lankan Krait ලෙසත් සඳහන් කරනවා. :no:

    මෙය නිවැරදි විය යුත්තේ,
    තෙල් කරවලා - Common Krait
    මුදු කරවලා -
    Sri Lankan Krait (ශ්‍රී ලංකාවට ආවේණික)
    ලෙසත් ය. :yes:


    ලංකාවේ ඉන්න භයානකම සර්පයන්

    By Maryam Azwer | Roar Sinhala

    පුංචි රටක් වුණත් ලංකාව ජෛව විවිධත්වය අතින් මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල ඔබ සමහරවිට දන්නවත් ඇති. දකුණු ආසියාවේ රටක් විදිහට වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේකේ අදහස වර්ග ගණනාවක සත්තු ඉන්නවා කියන එකනේ, ඉතින් ඒක උරගයන්ටත් අදාළයි. ලංකාව පුරාම සැලකිය යුතු තරම් විශාල සර්ප ගහණයක් සිටිනවා. උරග සතුන්ට වගේම පොදුවේ පරිසර හිතකාමී කාට වුණත් මේක බොහොම සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඉතින් මිනිස්සු සාමාන්‍යයෙන් සර්පයන්ට තියන බය නිසා මේකට එයාල විශේෂ සතුටක් නැහැ.

    පොදුවේ මිනිස්සු සර්පයන්ට දක්වන බයට ප්‍රධාන හේතුව තමයි මෙයින් සමහර සතුන් උග්‍ර විෂ සහිත වීම. මේක ඇල් වතුර දාල කියන්න අවශ්‍ය නැහැ, මේ විදිහේ උග්‍ර විෂ තියෙන සර්පයෙක් ඔබව දෂ්ට කරපු අවස්ථාවක නිසි ප්‍රතිකාර ඉක්මණින් කරේ නැත්නම් ඔබ මිය යන්න හොඳටම ඉඩ තියෙනවා!

    නමුත් මේ විදිහට කොයි සර්පයාටත් බය වෙන එකේ අනිසි ප්‍රතිඵලය තමයි විෂ තියෙන, විෂ නැති කොයි සතාටත් නිකරුණේ මැරුම් කන්න වෙන එක. බොහෝ දෙනා සර්පයෙක් දැක්කම කලබල වෙන එක තමයි කරන්නේ. (මේ කලබලය තමයි ගොඩක් වෙලාවට දෂ්ට කරන්නත් හේතුව) කලබල වුණාට පස්සේ සිහි බුද්ධියෙන් වැඩක් කරන්න අමාරු නිසා නිකන් ඉන්න සතාව පවා අවුස්සා ගන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. ඉතින් අහිංසක සර්පයෙක් වුණත් ගෙදර වත්තේ හිටියොත් කිසිම තේරුමක් නැතිව ඌව මරලා දාන්න මිනිස්සු පෙළඹෙනවා.

    ඉතින් දැන් ඔබ හිතනවා ඇති මේ ලිපියේ අරමුණ මොන තරම් විෂ සර්පයෙක් වුණත් මරලා දාන්න එපා කියන එක කියලා. ඔව් ඔබ හරි. අපි ඒක තමයි මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. නිකන් බොරුවට සතෙක්ගේ ජීවිතය විනාශ නොකර තමනුත් ආරක්ෂා වෙන විදිහ දැනුවත් කරන එක තමයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.

    ඉතින් ඇයි අපි විෂ සර්පයන් මරන්න එපා කියන්නේ? උරග විශේෂඥ දිනාල් සමරසිංහ මහතා එක්ක කරපු සාකච්ඡාවක් අපි මේ ලිපියට පදනම් කර ගන්නවා. සර්පයෙක් මරණ එක හැම වෙලාවේම වෙන බේරෙන්න කිසිම ක්‍රමයක් නැති වෙලාවකට විතරක් කළ යුතුයි කියලයි ඔහු කියන්නේ. මොන සර්පයාත් හැම වෙලාවේම ඉන්නේ ඔබට බයෙන්; ඔබ ඌට බයෙන් ඉන්නවාට වඩා ලොකු බයකින් ඌ ඉන්න නිසා තමයි පහර දෙන්න පෙළඹෙන්නේ.

    ඒ වගේම තමයි ලංකාවේ ඉන්න උග්‍ර විෂ සහිත සර්පයන් වර්ග පහක් ඇරෙන්න අනෙක් සියලුම සර්පයන් නීතිය මගින් ආරක්ෂා කරලයි තියෙන්නේ. ලංකාවේ සතුන් හා තුරුලතා ආරක්ෂණ පනතේ 31 වන පරිච්ඡේදය යටතේ කියලා තියන විදිහට මේ කිසිම සතෙක් මරන්න, තැනකින් තැනකට ප්‍රවාහනය කරන්න සම්පුර්ණයෙන් තහනම්. සර්පයා පණ පිටින් හිටියත්, මැරිලා හිටියත් එච්චරයි. මුළු සර්පයාම හෝ, සර්පයාගෙන් කොටසක් හෝ, අඩුම තරමේ බිත්තරයක් හෝ මේ විදිහට අවසර නැතිව ප්‍රවාහනය කරන එක නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්.

    1-10.jpg

    ඉන්දියානු පිඹුරා –

    මේ සතා දැක්කම බය හිතෙන සුළු වුණත් සම්පුර්ණයෙන්ම විෂ රහිතයි වගේම මිනිසුන්ට කිසිම කරදරයක් කරන්නේ නැහැ. සීතලම පති හැර මුළු ලංකාව පුරාම පිඹුරන් ව්‍යාප්ත වෙලා ඉන්නවා.

    කොහොම වුණත් මිනිස්සු සර්පයෙක් දැක්ක තැන මරලා දාන්න පෙළඹෙන අවස්ථා බොහොමයි. මේකට එක හේතුවක් තමයි කරදරය සහ පිළිකුල. ගොවියෙක් තමන්ගේ වී ගබඩාවේ වී මලු උඩ සර්පයෙක් නිදා ගෙන ඉන්නවා දැක්ක කියල හිතන්න. මේ වගේ වෙලාවට තියෙන කරදරේ නිසා එන කේන්තියට ඌව මරලා දාන්නමයි පෙළඹෙන්නේ. ඒ වගේම ඇත්තටම බය නිසාත් කාට හරි කියවලා ඒ සතාව මරලා දම්මන්න උත්සාහ කරනවා. මේක ඉතින් ගොඩක් කාන්තා පාර්ශවයේ අයට තමයි වෙන්නේ. වටේ පිටේ ගෙදරක ඉන්න කෙනෙක්ට කතා කරලා කිව්වම ඇවිත් මරලා දානවා.

    සමරසිංහ මහතාගේ අදහස මෙහෙම වෙන්න හේතු ගණනාවක් බලපානවා කියලයි. අවධානයෙන් නොසිටීම, තමන් අසා ඇති කටකතා, හරියට සර්පයාව අඳුනා ගන්න බැරි වීම වගේ ප්‍රශ්න නිසා බොහෝ අහිංසක සතුන් නිතරම මිය යනවා.

    අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒක තරමක් හරි දුරට අඩු කරන්නයි. ඒ සඳහා අපි ලංකාවේ දකින්න ලැබෙන උග්‍ර විෂ සහිත සර්පයන් පස් දෙනෙක් රූප සටහන් සහිතව තේරෙන සිංහලෙන්ම විස්තර කරනවා. මේ නිසා කාට වුණත් හදිස්සියේ සර්පයෙක් දැක්කම ඌ විෂ එකෙක්ද නැද්ද කියලා අඳුනා ගන්න උදව්වක් ලැබේවි.

    ලංකාවේ සර්පයන් පුළුල්ව වර්ග දෙකකට බෙදන්න පුළුවන්, ඒ තමයි විෂ සහිත සර්පයන් සහ විෂ රහිත සර්පයන් කියලා. මෙයින් විෂ ඇති සර්පයන්ව උග්‍ර විෂ, සාමාන්‍ය විෂ, අඩු විෂ කියලා කොටස් තුනකට බෙදෙනවා. අපි අවධානය යොමු කරන්නේ උග්‍ර විෂ සතුන් කොට්ඨාශය ගැනයි. මොකද මේ සර්පයන් දෂ්ට කළොත් ඉක්මන් ප්‍රතිකාර ලැබුනේ නැතිනම් මිය යන්න අනිවාර්යයෙන් ඉඩ තියෙනවා.

    මෙන්න එහෙනම් ලංකාවේ ඉන්න විෂ අධිකම සර්පයන් පස් දෙනා.

    තිත් පොළඟා


    2-10.jpg

    තිත් පොළඟා (Daboia russellii) –

    පිඹුරන් සමග පටලවා ගන්න ඉඩ තියෙනවා!

    තිත් පොළඟා ගැන නම් ඔබ ගොඩක් වෙලාවට අහලා ඇති. මේ සතා උග්‍ර විෂ සහිත ගණයට වැටෙන එකෙක්. කොහොම වුණත් තිත් පොළඟා ලංකාවේ ඉන්න භයානකම සර්පයෙක් කියලා කිව්වොත් නිවැරදියි. මේ සතාගේ උග්‍ර විෂ වගේම තියන අනිත් ප්‍රශ්නය තමයි හැඩහුරු කමින් පිඹුරෙකුට තියන සමාන කම. ලංකාවේ ගොඩක් දෙනා දන්නවා පිඹුරා කියන්නේ කිසිම විෂක් නැති කම්මැලි සතෙක් බව. මේ නිසා සර්පයන්ට බය කෙනෙක් වුණත් පිඹුරා ගැන ලොකු බයක් නැහැ, තියෙනවා නම් තියෙන්නේ පිළිකුල විතරයි.

    හැබැයි තිත් පොළඟා පිඹුරෙක් කියලා හිතාගෙන ලඟට යන එකෙන් නම් වැඩ වරදින්න ඉඩ තියෙනවා. තිත් පොළඟා ඉතාම ක්‍රියාශීලී වගේම උග්‍ර විෂ තියෙන සතෙක් නිසා වේගයෙන් දෂ්ට කරන්න ඉඩ තියෙනවා. නොදැනුවත් කම නිසා දෂ්ට වීමකට ලක් වෙන්න ලොකු ඉඩක් තියෙන එක තමයි මේ සතා ඉතා භයානක එකෙක් වෙන්න හේතුව. ඒ නිසා පිඹුරා සහ තිත් පොළඟා වෙන් කරලා අඳුනා ගන්න ඉගෙන ගත යුතුයි.

    තිත් පොළඟා වෙනස් වෙන ප්‍රධානම තැන තමයි උගේ ඔළුව. පිඹුරාගේ ඔලුව ත්‍රිකෝණාකාර වුණත් හොම්බ පැතලියි. තිත් පොළඟාගේ මුළු ඔළුවම ඊතල හිසක් වගේ උල්. අනිත් දේ තමයි තිත් පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල බොහොම පැහැදිලි කළු දාර වලින් වට වුනු දුඹුරු පාට ඕවලාකාර හැඩ තියෙන්නේ. පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල මේ වගේ කළු දාරයක් නැහැ. අනිත් දේ තමයි පැහැදිලි ඕවලාකාර හැඩයක් නැතිව වළාකුලක හැඩයට තමයි පිඹුරාගේ වයිරම් තියෙන්නේ. හිස පේන්න නැත්නම් අඳුනා ගන්න හොඳම ක්‍රමය වයිරම් වටේ කළු දාරය තියෙනවාද බලන එකයි.

    ලංකාවේ ඉන්න පිඹුරන් වර්ග දෙක තමයි මුලින් අපි කියපු ඉන්දියන් පිඹුරා සහ පහත රූපයේ ඉන්න වැලි පිඹුරා. නමුත් පිඹුරා කියලා ගොඩක් දෙනා කියන්නේ ඉන්දියානු පිඹුරාට තමයි.

    3-8.jpg

    වැලි පිඹුරා (Sand Boa) –

    මේ පිඹුරා වැඩිපුර දකින්න ලැබෙන්නේ ශුෂ්ක, අර්ධ ශුෂ්ක හා වියලි කලාපීය ප්‍රදේශ වලයි.

    වැදගත් : පොළොවේ ඉන්න පිඹුරෙක්ගෙන් ඔබට හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ගොඩක් දෙනෙක් පිඹුරන් බෙල්ල වටේ සාටකයක් වගේ දා ගන්න ආස නිසා සමහර ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් මෙහෙම කරන හැම වෙලාවකම පිඹුරාගේ වලිගයෙන් සහ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න අමතක කරන්න එපා. බෙල්ල වටේ වට දෙකකට වඩා එතුණොත් තනියෙන් ඌව ගලවලා අයින් කරන්න බැහැ. ඒ තදට හුස්ම හිර වෙන්න වගේම කෑ ගහන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ටිකක් පරිස්සම් වෙන්න මතක තියා ගන්න.

    නාගයා

    4-7.jpg


    නාගයා (Naja naja) උගේ පෙණය නිසා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.

    නාගයා නැතිනම් නයා කියන්නේ ලංකාවේ කාටත් අඳුනා ගන්න පහසුම සර්පයා. වෙන එකක් තියා බොහෝ දෙනා සර්පයා කියන වචනය වෙනුවට පාවිච්චි කරන්නෙත් නයා කියන වචනේ. මේ සතාගේ පෙණය සහ ඒකෙ තියන “ප” අකුරට සමාන සලකුණ නිසා කාට වුණත් බොහොම ලේසියෙන් අඳුනා ගන්න පුළුවන්. නාගයින් ලංකාවේ හැම තැනකම වගේ ජීවත් වෙනවා. විශේෂයෙන්ම කොළඹ පවා ඕන තරම් නයි දැක ගන්න පුළුවන්.

    කොහොම වුණත් නයා කියන්නෙත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්. ඒ වගේම නයෙක් එල්ල කරන දෂ්ටනයක් වරදින්නේ බොහොම කලාතුරකින්, මොකද අනිත් සර්ප වර්ග වලට සාපේක්ෂව නයාට හොඳ එල්ලයක් තියෙනවා. (පොළඟා මොන තරම් විස වුණත් ඌ එල්ල කරන පහර ඉලක්කයට වදින්නේ කලාතුරකින්) මේ නිසා නයෙක් දැක්කොත් නම් ශේප් වෙලා යන එක තමයි කරන්න තියෙන හොඳම දේ.

    නයි ගෙදරට එන එක වළක්වා ගන්න නම් කරන්න තියෙන්නේ මීයන් වගේ සත්තු බෝ වෙන්නේ නැති විදිහට තියා ගන්න එකයි. නයින් ඉන්න ප්‍රදේශ තීරණය වන්නේ මීයන් ගහණය මතයි. මේ නිසා ධාන්‍ය ගබඩා වගේ මීයන් බහුල තැන් වල ටිකක් පරිස්සමෙන් ඉන්න. මී ගුල් වල තමයි නයින් ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ වගේම බිත්තර දාන්නෙත්.

    නයින් දවසේ නියමිත වෙලාවක ගුලෙන් එලියට ඇවිත් අව්ව තපිනවා කියන කතාවේ ඇත්තක් තියන බවත් අපිට දැන ගන්න ලැබුණා.

    කරවලා
    5-6.jpg


    මුදු කරවලා – ලංකාවේ හමු වන කරවලුන් වර්ග දෙකෙන් වැඩිම විෂ ඇත්තේ මේ සර්පයාටයි.

    ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන උග්‍ර විෂ කරවලුන් වර්ග දෙකක් ඉන්නවා. එකෙක් තමයි උඩ රූපයේ ඉන්න මුදු කරවලා. (Common Krait) මේ සතාට සිංහල නම ලැබෙන්න හේතුවත් ඇඟේ තියෙන මුදු දාල වගේ පෙනුම. ශරීරය තද කලුයි, සුදු පාට මුදු දාල වගේ පෙන්න තියනවා. අනිත් සතා තමයි ලංකාවට ආවේණික තෙල් කරවලා. (Sri Lankan Krait / Ceylon Krait)

    ලංකාවේ දරුණුම විෂ තියෙන සර්පයා තමයි මුදු කරවලා. වැඩිහිටි පුද්ගලයෙක් මරණයට පත් වෙන්න මුදු කරවලාගේ විෂ මයික්‍රෝ ග්‍රෑම් 600ක් ප්‍රමාණවත්. ඒ කිව්වේ සාමාන්‍ය තේ හැන්දකින් දාහකින් එකක ප්‍රමාණයක්! ලෝකය පුරා වුණත් මීට වඩා විෂෙන් වැඩි සර්පයන් ඉන්නේ සුළු ප්‍රමාණයක්. අනිත් දේ තමයි මේ සතුන්ගේ දළ පහර ඉතාම කුඩා එක. නාගයා, පොළඟා වගේ සතෙක් දෂ්ට කලොත් ඉතා ඉක්මනින් ඒ බව අඳුනා ගන්න පුළුවන් තුවාලයේ ප්‍රමාණය නිසා. අඟල් දෙකක ඇණයක් අරගෙන සිදුරු කළා වගේ දත් පාර පෙන්න තියෙනවා වගේම ඉතාම ඉක්මනින් ඉදිමෙනවා. නමුත් මුදු කරවලා දෂ්ට කරපු තැන හොයා ගන්නත් ටිකක් අපහසුයි. කෘමි සතෙක් කෑවා වගේ වේදනාවක් තමයි දැනෙන්නේ. දත් පහරවල් පෙන්නේ හොඳටම හෙව්වොත් විතරයි. ලේ ගොඩක් එන්නෙත්, ලොකුවට ඉදිමෙන්නෙත් නැති නිසා තුවාලය හොයා ගන්න පවා අමාරුයි.

    කොහොම වුණත් ප්‍රතිඵලය නම් ඉතාම දරුණුයි. කරවලාගේ විෂ කෙලින්ම යන්නේ අපේ හදවතට සහ ස්නායු පද්ධතියට. දෂ්ට කරපු තැනට ලොකු හානියක් නැතත් මුළු ඇඟේම පේශි පණ නැති වෙන්නත්, හුස්ම ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් ජීවිතය නැති වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

    6-4.jpg

    තෙල් කරවලා (Sri Lankan Krait)


    *මේ රූපයේ ඉන්නේ තෙල් කරවලා. ඉහත කියපු හැම දේම මුටත් වලංගුයි, හැබැයි විෂ ගතියෙන් මුදු කරවලාට වඩා ටිකක් අඩුයි.

    කොහොම වුණත් කරවලුන් ලංකාවේ ටිකක් දුර්ලභයි. මේ සත්තු කොළඹ අවට දකින්න ලැබෙන්නෙම නෑ. මුදු කරවලා දකින්නට ලැබෙන්නේ ශුෂ්ක ප්‍රදේශ වල විතරයි. තෙල් කරවලා තෙත් කලාපයේ කැලෑ බහුල ප්‍රදේශ වලයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. මේ නිසා නයි පොලොංගු වගේ විශේෂයෙන් පරෙස්සම් වෙන්න අවශ්‍ය නෑ, උවමනාවෙන් බලන්න ගියොත් මිසක් මේ සත්තු දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

    වැලි පොළඟා
    7-4.jpg


    වැලි පොළඟා (Saw Scaled Viper)

    ලංකාවේ ඉන්න තවත් උග්‍ර විෂ සහිත සතෙක් තමයි වැලි පොළඟා. නමෙන් කියවෙනවා වගේම මේ සතා ඉන්නේ වැලි වැඩිපුර තියන මුහුද ආශ්‍රිත ප්‍රදේශ වලයි. නමුත් ශුෂ්ක කලාපයේත් ඉඳ හිට දකින්න ලැබෙනවා. වැලි පොළඟා අඳුනා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි උගේ ඔලුවේ තියෙන සලකුණ. මේක කුරුල්ලෙක්ගේ පා සටහන වගේ. මේ ඉහලින් තියෙන රූපය දිහා බලන්න, ඔලුවේ තියන කුරුළු පා සටහන හොඳින් පේනවා නේද? මේකත් නයාගේ “ප” යන්න වගේ වැලි පොළඟාට සුවිශේෂ වුණු ලක්ෂණයක්.

    හිස පෙන්න නැති වෙලාවක වුණත් පුරුදු කෙනෙකුට අඳුනා ගන්න පුළුවන් මුගේ ඇඟේ තියන වයිරම් දිහා බැලුවොත්. හොඳට බැලුවා නම් පෙනේවි මේ සතාගේ ඇඟ දිගටම සුදු නූලකින් සිග් සැග් (Zig Zag) රටාවකට මහලා වගේ පේන බව.

    මේ සතා ඒ තරම් සුලභ නැති නිසා උග්‍ර විෂ තියෙන එකෙක් වුණත් භයානක කම අඩුයි. කොහොම වුණත් වැලි තියන ප්‍රදේශයක සර්පයෙක් ඉන්නවා දැක්කොත් ටිකක් පරිස්සමෙන්, ඒ වැලි පොළඟෙක් වෙන්න ලොකු ඉඩක් තියනවා.

    කුණ කටුවා / පොළොන් තෙලිස්සා
    8-3.jpg


    කුණ කටුවා හෙවත් පොළොන් තෙලිස්සා (Hypnale hypnale)

    මේ සතා උග්‍ර විෂ කිව්වම සර්පයෝ ගැන දන්නා අය අමුතුවෙන් බලන්න ඇති. ඇත්ත, මේ සතා අපේ රටේ උග්‍ර විෂ කියලා නම් කරපු සර්පයෙක් නෙවෙයි, නමුත් දැන් ලංකාවේ වෛද්‍ය සංගමය පිලි අරගෙන තියෙනවා ඉහළ විෂක් සහිත සතෙක් කියලා. අපි මෙතනට කුණ කටුවා දාන්න අනෙක් හේතුව තමයි සමරසිංහ මහතාට අනුව ලංකාවේ වැඩිම සර්ප දෂ්ටන ගණනකට වග කියන්න ඕන මේ සතා වීම. අපි මෙතැනදී කතා කරන්නේ භයානකම සර්පයන් පස් දෙනා නිසා ඒ වර්ගීකරණය සාධාරණයි කියලා අපි හිතුවා. කුණකටුවා කියන්නේ “දෂ්ටන සංඛ්‍යාව ඉහළ නිසා වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් විෂ සහිත සර්පයෙක්”, ඒකට හේතුවත් වාර්ෂිකව වාර්තා වෙන අධික දෂ්ටන ප්‍රමාණයම තමයි.

    ලංකාවට සහ ඉන්දියාවට අවේණික කුණ කටුවා ප්‍රමාණයෙන් පොඩි සර්පයෙක්. අඩියක් එක හමාරක් තමයි උපරිම දිග වෙන්නේ. මූට තියෙන්නේ ඊතලයක් වගේ උල් ඔළුවක්; හොම්බ දිගයි. නිතරම ඉන්නේ දරණයක් ගහගෙන ඔළුව අංශක 45ට තියාගෙන. ඇඟෙන් පොඩි වුණත් මුගේ දළ දෙක සාපේක්ෂව දිගයි ඒ වගේම පහසුවෙන් ඇවිස්සෙන සුළුයි. මේ නිසා දෂ්ට කරන්න තියෙන ඉඩ හරිම වැඩියි. කුණකටුවන් බහුලව ඉන්නේ තෙත් කලාපයේ සහ කැලෑ බද ප්‍රදේශ වල. දිරා යන කොළ රොඩු ගොඩවල් අසල නිතර ගැවසෙනවා.

    සර්පයෙක් ඉස්සරහට හමු වුනොත් මොකද කරන්නේ? :baffled:

    මොන සතෙක් හමු වුණත් කලබල වෙන එක තමයි කරන්න තියන නරකම දේ. මේක සර්පයන්ටත් අදාලයි. පුළුවන් තරම් මග ඇරලා යන එක තමයි සුදුසුම දේ. තමන්ගේ නිවසේ හරි ගෙවත්තේ හරි නෙවෙයි නම් උගේ පාඩුවේ ඉන්න දීල පැත්තකට යන්න.

    ගෙවත්තේ වගේ සර්පයෙක් ඉන්නවා නම් ඌව අයින් කරන්නම සිද්ධ වෙනවානේ. මේ සඳහා එක පැත්තක් වහපු ලොකු වතුර බටයක් පාවිච්චි කරන්න පුළුවන්. වහපු නැති පැත්ත සර්පයාගේ ඔලුව ලඟින් තියලා කොස්සක් වගේ දේකින් ඌට ඒ තුලට යන්න පොළඹවන්න. ඊට පස්සේ අනිත් පැත්තත් වහලා ගිහින් දාන්න. පොඩි සර්පයෙක්ට නම් ලොකු වතුර බෝතලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්, ලොකු එකෙක්ට නම් ගෝනියක් පාවිච්චි කරන්න වෙනවා. කොහොම වුණත් කට හොඳට ගැට ගහලා ඇඟට ඈතින් අල්ලාගෙන ගිහින් දාන්න මතක තියා ගන්න.

    කැලෑවකට ගිහින් දාන්න පුළුවන් නම් හොඳයි, ඒ වගේම ලොකු ප්‍රමාණයේ සතෙක් නම් ප්‍රදේශයේ වන ජීවී කාර්යාලයට දැනුම් දෙන්නත් පුළුවන්. කොහොම වුණත් විෂ ඇති සත්තු අල්ලා ගන්න යන්නේ පරිස්සමෙන්.

    සර්පයෙක් දෂ්ට කළොත් :shocked:

    සමරසිංහ මහත්තයා කියන විදිහට කරන්න තියෙන හොඳම දේ තුවාලයට උඩින් තද වෙන්න ගැට ගහලා ගලා යන වතුරෙන් හොඳට තුවාලය හෝදන එකයි. ඉන් පස්සේ පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලයකට අරගෙන යන්න. විනාඩි 45ක් ඇතුලත ගෙනියන්න පුළුවන් වුණොත් බොහෝ විට ජීවිතය බේරා ගන්න පුළුවන්. ඒ වගේම රෝගියා සන්සුන්ව තියන එකත්, එයාගේ බය නැති කරන එකත් වැදගත්, බය වුණාම ලේ ගමනාගමනය වැඩි වෙලා විෂ උරා ගැනීම ඉක්මන් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි පුළුවන් නම් දෂ්ට කරපු සතා නිවැරදිව හඳුනා ගන්න, එතකොට නිවැරදි ප්‍රතිකාරය දෙන්න පහසුයි.

    ගොඩක් සර්පයන් අපිම කුලප්පු කරේ නැත්නම් කිසිම වෙලාවක දෂ්ට කරන්න එන්නේ නැහැ. මේ නිසා කලිනුත් කිව්වා වගේ මග හරින එකයි හොඳම දේ. සර්පයන් කියන්නෙත් බොහොම වැදගත් සත්ව කොට්ඨාශයක්, ආරක්ෂිතව උන් දිහා බලාගෙන ඉන්න එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. උන්ව මරණ එක කරන්න ඕනේ වෙන කරන්න දෙයක් නැති නම් විතරමයි.

    ඒ වගේම තමයි මේ ලිපිය කියවලා ඔබට සර්පයන් ගැන දැන ගන්න ආස හිතුණා නම් උන්ව බොහොම ලස්සනට දකින්න යන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ ගැන තව දුරටත් විස්තර දැන ගන්න පුළුවන් අපි ලියපු මේ ලිපිය කියවලා. මේ සතුන් ගැන ඔබට හොඳ දැනුමක් ලබා ගන්න ඊට වඩා තැනක් නැහැ.

    චායාරුපකරණය: ඩිනාල් සමරසිංහ
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    තෙල් කරවලා | උග්‍ර විෂ

    තෙල් කරවලා | උග්‍ර විෂ

    සුපුරුදු ඉරි රටාව (යුගල වශයෙන් හරස් අතට වැටී ඇති සුදු පටි රටාව) පැහැදිලිව පෙනෙන්නට නැත්තේ මේ වැඩුණු කරවලෙක් නිසායි. කල් ගත වීමේදී මේ ඉරි මැකී යාමක් සිද්ධ වෙනවා. :shocked:

    20228741_1943916112302264_3022355652858100214_n.jpg
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තෙල් කරවලා | උග්‍ර විෂ

    සුපුරුදු ඉරි රටාව (යුගල වශයෙන් හරස් අතට වැටී ඇති සුදු පටි රටාව) පැහැදිලිව පෙනෙන්නට නැත්තේ මේ වැඩුණු කරවලෙක් නිසායි. කල් ගත වීමේදී මේ ඉරි මැකී යාමක් සිද්ධ වෙනවා. :shocked:

    20228741_1943916112302264_3022355652858100214_n.jpg
    හබරලිය කියන්නෙත් මුටම ද?
    කළු ගැරඬිය කියල රැවටෙනවා කියන්නේ මුන්ට නේද?
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කරවලුන් හා රදනකයන්

    මුහුණු පොතේ Protect Our Snakes සමූහයේ Shan Menaka විසින් සම්පාදිත ලිපියකි.

    සමූහයේ සාමාජිකයන් හට කරවලුන් හා රදනකයන් සම්බන්ධව හඳුනා ගැනීමේ ගැටළු රාශියක් ඇතිබව කමෙන්ටු කියවීමේදී පැහැදිලි වූ නිසා ඒ පිළිබඳ වෙනම සංවාදයක් අවශ්‍යයයැයි හැඟී ගියා.

    ලංකාවේ සිටින් උග්‍ර විෂ කරවලුන් දෙදෙනා හා නිර්විෂ රදනකයින් පස් දෙනා වෙන්වෙන්ව හඳුනා ගැනීම මෙහිදී සලකා බැලෙනවා.

    ලංකාවේ වෙසෙන කරවලුන්
    1. තෙල් කරවලා (Common krait) Bangarus careuleus
    2. මුදු කරවලා (Sri Lankan krait) Bungarus ceylonicus


    රදනකයන්
    1. දාර රදනකයා (Sri Lankan wolf snake) Lycodon carinatus
    2. ගැට රදනකයා (Common bridal snake) Dryocalamus nympha
    3. අළු රදනකයා (Common wolf snake) Lycodon aulicus
    4. මල් රදනකයා (Flowery wolf snake) Lycodon osmanhilli
    5. කබර රදනකයා (Shaw's wolf snake) Lycodon striatus

    ප්‍රථමයෙන් උග්‍ර විෂ කරවලුන් නිර්විෂ රදනකයන්ගෙන් පොදුවේ වෙන්කර හඳුනාගන්නා ආකාරය බලමු. මේ සඳහා ඇති ඉතා පහසු, විශ්වාසනීය හා ඉක්මන් ක්‍රමය වන්නේ කරවලුන්ගේ ප්ෘශ්ඨීයව ඇති අනෙක්වාට වඩා විශාල ෂඩාස්‍රාකාර කශේකොරල පේලියයි. පළමු ඡායාරූපය බලන්න.

    18403628_264119584057868_327511379711733786_n.jpg


    එසේ හඳුනා ගත් කරවුලුන් විශේෂ දෙකක් ලංකාවේ දකින්න පුළුවන්. ඒ ලංකාවේ අතරමැදි හා වියළි කලාපයන්හි ව්‍යාප්තව සිටින තෙල් කරවලා හා තෙත් කලාපයේ ව්‍යාප්තව සිටින ලංකාවට ආවේණික මුදු කරවලායි. මුදු කරවලාගේ උදරීයව කළු පැහැති හරස් පටි දැකිය හැකි වනඅතර තෙල් කරවලා උදරීයව තනි සුදු පැහැතිය. මෙයාල දෙන්නගෙම නොබෙදුණු ගුද කොරලයක් හා නොබෙදුණු පෞච්ඡ උදරීය කොරල දැකිය හැකියි.

    ඊට පස්සෙ වෙන්කරගන්න ලේසිම දාර රදනකයා. එයාගේ ගුද කොරලය හා පෞච්ඡ උදරීය කොරල බෙදිල නෑ. හරියට කරවලුන්ගෙ වගේ. ඒත් කරවලුන්ගේ තියෙන ෂඩස්‍රාකාර කශේ කොරල මෙයාලට නෑ. ඒ නිසා හරි ලේසියි අඳුනාගන්න. ඊට අමතරව නෞතලයක් (keeled/ridged) සහිත කොරලත් තද කළු (Jet black) හිසත් නිසා මෙයාව වෙන් කරගන්න පුළුවන්. මෙයේ ඉන්නෙත් තෙත් කලාපයේ විතරයි. දෙවැනි ඡායාරූපය පහල කොටස බලන්න.

    18425456_264119667391193_3554160349867752130_n.jpg


    ඊට පස්සෙ තමයි ප්‍රෂ්ණෙ එන්නෙ. අනිත් යාළුවො ටික ටක්කෙටම අඳුන ගන්න නන් එයාලගෙ කොරල සමීපව ගණනය කලයුතු වෙනවා. මධ්‍ය දේහයේ හරස් කොරල පේලි 17ක් ඇති හෝ ඊට වඩා අඩු ලෙස මෙය බෙදා දක්වන්න පුළුවන්.

    අළු රදනකයා, මල් රදනකයා හා කබර රදනකයට කොරල පේලි 17ක් ද ගැට රදනකයට 13ක් ද තියෙනවා. අළු රදනකයාගේ හා මල් රදනකයගෙ කොරල වින්‍යාසයද ඇතුළුව එක සමාන ලක්ෂණ හේතුවෙන් මල් රදනකයා යනු අළු රදනකයාගේම වර්ණ ප්‍රභේදයක් බවත් සමහ ප්‍රවීණයන් පවසා තිබෙනවා. නමුත් වර්තමානයේ මල් රදනකයා යනු මෙරටට ආවේණික වෙනමම විශේෂයක් බව තහවුරු වී තිබෙනවා.

    අළු රදනකයා 18-80cm පමණ දිගු වන අතර මල් රදනකයා 15-60cm පමණ වෙනවා. තවද අළු රදනකයාගේ සුදු පැහැති 'හරස් පටි' 30-45ක් පමණ ඇත. මේවා පාර්ශවිකව ඉංග්‍රීසි Y අකුරේ හැඩයට බෙදී යනවා. නමුත් මල් රදනකයාගේ ඇත්තේ සුදු පැහැති 'හරස් පුල්ලි' 19-21ක් පමණය. අනෙක්වා විද්‍යාත්මක දත්ත තමා. අළු රදනකයාගේ අන්තර්නාසික කොරල ලෝරියල් කොරල හා සම්බන්ධව ඇති අතර මල් රදනකයාගේ එසේ නැහැ. අනෙක අළු රදනකයාගේ පෞච්ඡ උදරීය කොරල 56-80 පමණ ඇති අතර මල් රදනකයගේ 68යි . ඒ අනුව සාපේක්ෂව දිගු නැට්ටක් අළු රදනකයට තියෙනව කියල කියන්න පුළුවන්.

    කබර රදනකයගෙ L.s.sinhaleyus කියන උප විශේෂය ලංකාවට ආවේණිකයි. මෙයාලගෙ හරස් පටි 11-18ක් විතර තමා තියෙන්නේ. ඒවා පාර්ෂවිකව බෙහෙවින් බෙදී තියෙනවා. තෙවැනි හා සිව්වැනි ඡායාරූප බලන්න.

    18425449_264119717391188_2573857779804887623_n.jpg


    18446788_264119830724510_2212053438999039669_n.jpg


    දැන් ඉතුරු වෙලා ඉන්නෙ ගැට රදනකයා විතරයි. එයාගෙ දේහයේ හරස් කොරල පේළි 13යි. හරස් පටි 35-50 විතර තියෙනව. දිග 30-45cm විතර වෙනව. ඔළුව කරවලුන්ට වඩා කුඩයි. වියළි හා අතරමැදි කලාපයේ හමුවෙනවා. දෙවන ඡායාරූපය ඉහල කොටස බලන්න.

    කරවළුන් හා රදනකයන් පිළිබඳ සරල අවබෝධයක් ලිපිය මඟින් ලබාදුන්නා. සමූහයේ සාමාජිකයන්ට උදව්වක් වේයැයි හිතනව.

    ඡායාරූප අන්තර්ජාලයෙන්
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    තෙල් කරවලා | උඝ්‍ර විෂ

    තෙල් කරවලා | උඝ්‍ර විෂ

    දෙහිවල සත්වෝද්‍යානයේ සිටින තෙල් කරවලායි මේ.

    මොහුගේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකද්ද සුපුරුදු සුදු පාට පටි/ඉරි රටාව පෙනෙන්නට නැති තනි කළු පැහැ සිරුරකුයි තිබෙන්නේ. ඒකට හේතුව තමයි කරවලුන් වැඩෙන විට ඔවුන්ගේ හරස් පටි මැකී යාම. හඳුනා ගතහැකි සරල ඉක්මන් හා විශ්වාසදායීම ක්‍රමය ඔවුන්ගේ පිටේ ඇති අනෙක්වාට වඩා විශාල ෂඩාස්‍රාකාර කශේ කොරල පේලිය. ඡායාරූපයේ සිටින සර්පයාගේ එම කොරල රටාව නිරීක්ෂණය කරන්න පුළුවන්! එනිසා පැහැදිලිවම මේ කරවලෙක්! :yes: කුඩා කල සිහින් උනත් වැඩෙනකොට ශරීරය විශාලයි. දැන ගන්න ලැබෙන ආකාරයට තෙල් කරවලාගේ සම්පූර්ණයෙන් මේ හරස් පටි මැකී ගියත් මුදු කරවලාගෙත් ටිකක් විතරයි මැකී යන්නේ. සම්පූර්ණයෙන් නෙවෙයි.
    20228360_929390093884232_6327302289796277373_n.jpg

    Pic By Lalinda Lakshan