Protect our Snakes | අපේ_සර්පයෝ

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මල් කරවලා/ නිහළුවා | සුළු විෂ

    20108374_456668124704460_4623197189768663217_n.jpg


    20046576_456668138037792_3831665639587462156_n.jpg


    හඳුනාගැනීම - කෙටි , සිලින්ඩරාකාර පෘෂ්ඨිමත් දේහය. ගෙලට පිටුපසින් කොරල රහිත පටි ආකාර ප්‍රදේශ දෙකක අවටු ග්‍රන්ථි ( Nuchal glands ) පිහිටයි . පැහැදිලි ගෙලක් සහ පටු වටකුරු හොම්බක් සහිත හිස . ඇස් විශාලය, වෘත්තාකාර කණිකාවක් සහිතය. කෙටි වලිගය .



    මුව නම් දැක්කම පුදුම බයක් හිතෙන්නෙ.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඇහැටුල්ලා , ඇස්ගුල්ලා | සුළු විෂ

    19990501_457786111259328_6134869445953583800_n.jpg


    හඳුනාගැනීම
    දේහය - පාර්ශවිකව පැතලි වූ සිහින් , දිගු දේහය .පැහැදිලි ගෙලක් සහිත, ක්‍රමයෙන් උල් වන , පෘෂ්ඨෝධරීයව පැතලි හිස . අග සිහින් වී , උල් වූ හොම්බ . හොදින් වැඩුණු සතුන්ගෙ හොම්බ කෙළවර තුණ්ඩ නෙරීමක් ( rostral appendage ) පිහිටයි . අවතල ලොරියල් පෙදෙස . තිරස් කණිකාවක් සහිත විශාල ඇස් , සිලින්ඩරාකාර ඉතා දිගු ග්‍රාහක වලිගය.

    වර්ණය - පෘෂ්ඨියව ඒකාකාරී දීප්තිමත් කොළ ( තද හෝ ලා පැහැයට හුරු ) හෝ ඔලිව් මිශ්‍ර කොළ පැහැතිය . බොහෝ විට සිහින් සුදු හෝ කහ ඉරක් මඟින් ශරීරයේ අවසන් පර්ශුක කොරල පේළිය , උදරීය කොරල පේළියෙන් වෙන් වී ඇත. තොල් සහ නිකට සුදු පැහැති ය. උදරීයව සුදු ලා කොළ දීප්තිමත් කොළ හෝ කලාතුරකින් දුඹුරු පැහැතිය . කලබල වී ශරීරය පිම්බූ විට , පූර්ව කොටසේ හරස් අතට කළු සහ සුදු පටි සහිත සම දිස්වේ.

    දිග - උපතේදී මි.මී 200-350 , වැඩුණු සතුන් මි.මී 1000-1500

    හැසිරීම් - දිවාචරය. උදෑසන කාලයේදී ගස් මත අව්ව තැපීම සිදු කරයි . කලබල වූ විට ගෙල පෙදෙස පුම්බා , මුඛය හොඳින් විවර කරයි. බොහෝ විට සපාකෑමට තැත් කරයි. ක්‍රමයෙන් උල්වන හිස , තිරස් කණිකාව හා අවතල ලොරියල් පෙදෙස හේතුවෙන් ඉතා විශාල දෘෂ්ටි පරාසයක් හිමිය . එබැවින් අවට පරිසරයෙ චලනයන්ට ඉතා සංවේදී ය. වටකට පැටවුන් 3-23 ක් පමණ බිහිකරයි.

    විෂ - සුළු විෂැති වේ. ඩුවනෝයි ග්‍රන්ථියක් හා ඔපිස්තොග්ලයිපස් වර්ගයේ දළ පිහිටයි . පැය හෝ දින කිහිපයක් පැවතිය හැකි ඉදිමුම හා සුළු වේදනාව ඇතිවේ. මුහුණට සහ ඇස්වලට දෂ්ඨ කිරීමට තැත්කරන බව ඇතැම් පර්යේෂකයන් දක්වා ඇත. මෙය ඇසේ චලනය හා ඇස පැහැදිලිව , දිස්නයක් සහිතව දිස්වීම හේතුවෙන් සිදුකරන ව්‍යාජ පහරදීමක් වන අතර , මෙමඟින් ඇසට හානියක් සිදුවූ අවස්තාවක් වාර්තා වී නැත...

    ව්‍යාප්ති කලාප - ඉතා ඉහල කඳුකර වලින් හැර දිවයිනේ අනෙකුත් සෑම පරිසර පද්ධතියකින්ම පාහේ හමුවේ. වනාන්තර හා ජනාශ්‍රිතව වෙසේ.

    ( නිවැරදිව සත්ත්වයා වටහාගැනීමෙන් ඔවුන්ගේ විෂ නීර්ණය කරගැනීමෙන් සර්පයන් රැකගැනීමට දායක වන්න. ස්තූතී. )
    Pc credits - ruchira somaweera & premaphotos wildlife
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කබර රදනකයා | නිර්විෂ
    ගෙවත්තේ හමුවෙන සර්පයෙක්. ඉවත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ පූසන් එහෙම ගෙදර නැත්නම්. :yes:

    20106405_795265167315582_8446388895606781717_n.jpg

     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    තෙල් කරවලා & මුදු කරවලා

    මෙයාලා හරියට අඳුන ගන්න අවශ්‍ය නිසයි නැවතත් මේ ලංකාවේ හම්බෙන උඝ්‍ර විෂ කාණ්ඩයේ ඉන්න සර්පයින් කීප දෙනාගේ රූප පල කරන්නේ. හිස වෙන ම වෙන්ව පිහිටන්නේ නෑ. සිරුරේ ප්‍රමාණයටම තියෙන්නේ. දෙන්නගෙ පිටේ ඉරි රටාවලුත් ටිකක් වෙනස්.

    හුඟක් දෙනා නිර්විෂ අළු රදනකයන් කරවලුන් කියා හිතලා මරා දමනවා.


    තෙල් කරවලා | උඝ්‍ර විෂ
    20228909_10213406227972859_4083075227322378883_n.jpg


    මුදු කරවලා | උඝ්‍ර විෂ
    20046483_10213406246013310_6566276319508474339_n.jpg

     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    වැලි පොළඟා | උග්‍රවිෂ

    ලංකාවේ හමුවෙන තිත් පොළඟාට අමතරව උඝ්‍ර විෂ ගණයට අයත් සර්පයින් කිහිප දෙනාගෙන් තවත් එක්කෙනෙක් තමයි මේ, වැලි පොළඟා. :baffled:

    20156048_295472830922543_2812360502703123146_n.jpg


    20106604_295472837589209_6859190325808345549_n.jpg
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    රදනකයා කරවලා වෙන් කරලා අදුර ගන්න අමාරැයිනේ බං
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sahenna wisthara thiyenawa machan. godak thx bedagattata :)
    ai machan snake bite ekakadi tetanus gahanne ? danna kenek kiyanna
    rep ++++++++
     
    • Like
    Reactions: techytee

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ගැරඩි ඇාරන්ඩ අනික් ඔක්කෝම උන් එක වගේ... කෙලලා දානවා! නැතුව බෑ!
    සත්ත්ව කරුණාව මිසක් සර්ප කරුණාව බයානකයි!
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගැරඩි ඇාරන්ඩ අනික් ඔක්කෝම උන් එක වගේ... කෙලලා දානවා! නැතුව බෑ!
    සත්ත්ව කරුණාව මිසක් සර්ප කරුණාව බයානකයි!
    ඇයි උඹට නයාව අඳුරන්ඩත් බැයිද?:shocked:
    ලොකු උන්ව නම් කොහොම හරි වෙන්කරලා අදුරගන්ඩ පුළුවන්. පොඩි උන්නම් ඔක්කොම එක වගේ තමා. විශේෂයෙන් රෑට එහෙම දැක්කහම හරියට පාට පේන්නෙත් නෑනේ.
    කළු ගැරඬියා වගේම විෂ එහෙකුත් ඉන්නවා කියනවා නේද හබරලියද මොකාද කියලා?
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ඇයි උඹට නයාව අඳුරන්ඩත් බැයිද?:shocked:
    ලොකු උන්ව නම් කොහොම හරි වෙන්කරලා අදුරගන්ඩ පුළුවන්. පොඩි උන්නම් ඔක්කොම එක වගේ තමා. විශේෂයෙන් රෑට එහෙම දැක්කහම හරියට පාට පේන්නෙත් නෑනේ.
    කළු ගැරඬියා වගේම විෂ එහෙකුත් ඉන්නවා කියනවා නේද හබරලියද මොකාද කියලා?

    නයි අදුරනවා.... ගැරඩි ඇරුනම ඔක්කම නයි වගේ තමා....
    කෙලලා අරිනවා... අයේ පස්සේ දුක් වෙනවට වඩා ඒක හොදයි....
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    දෙපත් නයා | නිර්විෂ

    මෙන්න ඉන්නවා යාළුවෙක්. කොහොමද නැට්ට පෙනේ වගේ උස්සගෙන ඉන්න ලස්සන? ;)

    20246227_10214105117203753_1303821830200199242_n.jpg

    Pic By: Nadeepa Dayal Sumanaratne
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    නයා | උඝ්‍ර විෂ

    නයා | උඝ්‍ර විෂ

    ශ්‍රී ලංකාවේ හමුවෙන උඝ්‍ර විෂ කාණ්ඩයේ සර්පයින්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා සර්පයා තමයි නයා කියන්නේ. :oo:

    නයා නැතහොත් නාගයා යනු සෑම දෙනාම හොඳින් හඳුනන, සර්ප ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් සර්ප විශේෂයක් බව සැවොම දන්නා කරුණකි. විටක සියලු සර්ප සංහතියම නිරූපනය කරන සලකුණක් ලෙසද මිනිසා මගින් වැඳුම් පිදුම් ලබන සත්වයෙක් ලෙසද නාගයා මිත්‍යාවන්ගෙන් හා බියෙන් පෝෂණය වූ ගෞරවය වැනි කරුණු හේතුකොටගෙන සංරක්ෂණය වූ සර්පයෙකි. අන් සියලු සර්පයන්ට උරුම නොවූ සුවිශේෂතාවයක් වන පෙනය නාගයන්ගේ තේජාන්විතභාවය විදහාපාන අංගයකි. නාගයා යන නාමය සංස්කෘත භාෂාවේ "නාඝ" යන වචනයෙන් සෑදුනු බව විද්වතුන්ගේ මතයයි. හින්දු සංස්කෘතියේ නාගයා ඉතා ඉහලින් ඇගයූ දේව බල හිමි සත්වයෙක් ලෙස සලකයි. ඉන්දියාවේ අදටත් සිදුකරන "නාග් පන්චාමි" වැනි උත්සව මීට උදාහරණ වේ. ශ්‍රී ලංකාවේද නාගයන් අදහනු ලැබූ නාඝ ගෝත්‍රික පිරිසක් ක්‍රි.පූ 250 කාලයටත් පෙර සිට ඇති අතර බුදු දහමේ ව්‍යාප්තියත් සමග ඔව්න්ගේ ගෝත්‍රයද නැතිවී ගොස් ඇත.


    20139764_1843299675987328_1465475390373139837_n.jpg


    20155714_1843299855987310_6700359543468075649_n.jpg

    Pic By: Gayan Samantha Kumara
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ලංකාවේ ඉන්න භයානකම සර්පයන්

    ලංකාවේ ඉන්න භයානකම සර්පයන්

    By Maryam Azwer | Roar Sinhala

    පුංචි රටක් වුණත් ලංකාව ජෛව විවිධත්වය අතින් මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල ඔබ සමහරවිට දන්නවත් ඇති. දකුණු ආසියාවේ රටක් විදිහට වැඩිම ජෛව විවිධත්වයක් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේකේ අදහස වර්ග ගණනාවක සත්තු ඉන්නවා කියන එකනේ, ඉතින් ඒක උරගයන්ටත් අදාළයි. ලංකාව පුරාම සැලකිය යුතු තරම් විශාල සර්ප ගහණයක් සිටිනවා. උරග සතුන්ට වගේම පොදුවේ පරිසර හිතකාමී කාට වුණත් මේක බොහොම සතුටු වෙන්න පුළුවන් දෙයක්. ඒත් ඉතින් මිනිස්සු සාමාන්‍යයෙන් සර්පයන්ට තියන බය නිසා මේකට එයාල විශේෂ සතුටක් නැහැ.

    පොදුවේ මිනිස්සු සර්පයන්ට දක්වන බයට ප්‍රධාන හේතුව තමයි මෙයින් සමහර සතුන් උග්‍ර විෂ සහිත වීම. මේක ඇල් වතුර දාල කියන්න අවශ්‍ය නැහැ, මේ විදිහේ උග්‍ර විෂ තියෙන සර්පයෙක් ඔබව දෂ්ට කරපු අවස්ථාවක නිසි ප්‍රතිකාර ඉක්මණින් කරේ නැත්නම් ඔබ මිය යන්න හොඳටම ඉඩ තියෙනවා!

    නමුත් මේ විදිහට කොයි සර්පයාටත් බය වෙන එකේ අනිසි ප්‍රතිඵලය තමයි විෂ තියෙන, විෂ නැති කොයි සතාටත් නිකරුණේ මැරුම් කන්න වෙන එක. බොහෝ දෙනා සර්පයෙක් දැක්කම කලබල වෙන එක තමයි කරන්නේ. (මේ කලබලය තමයි ගොඩක් වෙලාවට දෂ්ට කරන්නත් හේතුව) කලබල වුණාට පස්සේ සිහි බුද්ධියෙන් වැඩක් කරන්න අමාරු නිසා නිකන් ඉන්න සතාව පවා අවුස්සා ගන්න වෙලාවල් ඕන තරම් තියෙනවා. ඉතින් අහිංසක සර්පයෙක් වුණත් ගෙදර වත්තේ හිටියොත් කිසිම තේරුමක් නැතිව ඌව මරලා දාන්න මිනිස්සු පෙළඹෙනවා.

    ඉතින් දැන් ඔබ හිතනවා ඇති මේ ලිපියේ අරමුණ මොන තරම් විෂ සර්පයෙක් වුණත් මරලා දාන්න එපා කියන එක කියලා. ඔව් ඔබ හරි. අපි ඒක තමයි මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. නිකන් බොරුවට සතෙක්ගේ ජීවිතය විනාශ නොකර තමනුත් ආරක්ෂා වෙන විදිහ දැනුවත් කරන එක තමයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.

    ඉතින් ඇයි අපි විෂ සර්පයන් මරන්න එපා කියන්නේ? උරග විශේෂඥ දිනාල් සමරසිංහ මහතා එක්ක කරපු සාකච්ඡාවක් අපි මේ ලිපියට පදනම් කර ගන්නවා. සර්පයෙක් මරණ එක හැම වෙලාවේම වෙන බේරෙන්න කිසිම ක්‍රමයක් නැති වෙලාවකට විතරක් කළ යුතුයි කියලයි ඔහු කියන්නේ. මොන සර්පයාත් හැම වෙලාවේම ඉන්නේ ඔබට බයෙන්; ඔබ ඌට බයෙන් ඉන්නවාට වඩා ලොකු බයකින් ඌ ඉන්න නිසා තමයි පහර දෙන්න පෙළඹෙන්නේ.

    ඒ වගේම තමයි ලංකාවේ ඉන්න උග්‍ර විෂ සහිත සර්පයන් වර්ග පහක් ඇරෙන්න අනෙක් සියලුම සර්පයන් නීතිය මගින් ආරක්ෂා කරලයි තියෙන්නේ. ලංකාවේ සතුන් හා තුරුලතා ආරක්ෂණ පනතේ 31 වන පරිච්ඡේදය යටතේ කියලා තියන විදිහට මේ කිසිම සතෙක් මරන්න, තැනකින් තැනකට ප්‍රවාහනය කරන්න සම්පුර්ණයෙන් තහනම්. සර්පයා පණ පිටින් හිටියත්, මැරිලා හිටියත් එච්චරයි. මුළු සර්පයාම හෝ, සර්පයාගෙන් කොටසක් හෝ, අඩුම තරමේ බිත්තරයක් හෝ මේ විදිහට අවසර නැතිව ප්‍රවාහනය කරන එක නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්.

    1-10.jpg

    ඉන්දියානු පිඹුරා –

    මේ සතා දැක්කම බය හිතෙන සුළු වුණත් සම්පුර්ණයෙන්ම විෂ රහිතයි වගේම මිනිසුන්ට කිසිම කරදරයක් කරන්නේ නැහැ. සීතලම පති හැර මුළු ලංකාව පුරාම පිඹුරන් ව්‍යාප්ත වෙලා ඉන්නවා.

    කොහොම වුණත් මිනිස්සු සර්පයෙක් දැක්ක තැන මරලා දාන්න පෙළඹෙන අවස්ථා බොහොමයි. මේකට එක හේතුවක් තමයි කරදරය සහ පිළිකුල. ගොවියෙක් තමන්ගේ වී ගබඩාවේ වී මලු උඩ සර්පයෙක් නිදා ගෙන ඉන්නවා දැක්ක කියල හිතන්න. මේ වගේ වෙලාවට තියෙන කරදරේ නිසා එන කේන්තියට ඌව මරලා දාන්නමයි පෙළඹෙන්නේ. ඒ වගේම ඇත්තටම බය නිසාත් කාට හරි කියවලා ඒ සතාව මරලා දම්මන්න උත්සාහ කරනවා. මේක ඉතින් ගොඩක් කාන්තා පාර්ශවයේ අයට තමයි වෙන්නේ. වටේ පිටේ ගෙදරක ඉන්න කෙනෙක්ට කතා කරලා කිව්වම ඇවිත් මරලා දානවා.

    සමරසිංහ මහතාගේ අදහස මෙහෙම වෙන්න හේතු ගණනාවක් බලපානවා කියලයි. අවධානයෙන් නොසිටීම, තමන් අසා ඇති කටකතා, හරියට සර්පයාව අඳුනා ගන්න බැරි වීම වගේ ප්‍රශ්න නිසා බොහෝ අහිංසක සතුන් නිතරම මිය යනවා.

    අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඒක තරමක් හරි දුරට අඩු කරන්නයි. ඒ සඳහා අපි ලංකාවේ දකින්න ලැබෙන උග්‍ර විෂ සහිත සර්පයන් පස් දෙනෙක් රූප සටහන් සහිතව තේරෙන සිංහලෙන්ම විස්තර කරනවා. මේ නිසා කාට වුණත් හදිස්සියේ සර්පයෙක් දැක්කම ඌ විෂ එකෙක්ද නැද්ද කියලා අඳුනා ගන්න උදව්වක් ලැබේවි.

    ලංකාවේ සර්පයන් පුළුල්ව වර්ග දෙකකට බෙදන්න පුළුවන්, ඒ තමයි විෂ සහිත සර්පයන් සහ විෂ රහිත සර්පයන් කියලා. මෙයින් විෂ ඇති සර්පයන්ව උග්‍ර විෂ, සාමාන්‍ය විෂ, අඩු විෂ කියලා කොටස් තුනකට බෙදෙනවා. අපි අවධානය යොමු කරන්නේ උග්‍ර විෂ සතුන් කොට්ඨාශය ගැනයි. මොකද මේ සර්පයන් දෂ්ට කළොත් ඉක්මන් ප්‍රතිකාර ලැබුනේ නැතිනම් මිය යන්න අනිවාර්යයෙන් ඉඩ තියෙනවා.

    මෙන්න එහෙනම් ලංකාවේ ඉන්න විෂ අධිකම සර්පයන් පස් දෙනා.

    තිත් පොළඟා


    2-10.jpg

    තිත් පොළඟා (Daboia russellii) –

    පිඹුරන් සමග පටලවා ගන්න ඉඩ තියෙනවා!

    තිත් පොළඟා ගැන නම් ඔබ ගොඩක් වෙලාවට අහලා ඇති. මේ සතා උග්‍ර විෂ සහිත ගණයට වැටෙන එකෙක්. කොහොම වුණත් තිත් පොළඟා ලංකාවේ ඉන්න භයානකම සර්පයෙක් කියලා කිව්වොත් නිවැරදියි. මේ සතාගේ උග්‍ර විෂ වගේම තියන අනිත් ප්‍රශ්නය තමයි හැඩහුරු කමින් පිඹුරෙකුට තියන සමාන කම. ලංකාවේ ගොඩක් දෙනා දන්නවා පිඹුරා කියන්නේ කිසිම විෂක් නැති කම්මැලි සතෙක් බව. මේ නිසා සර්පයන්ට බය කෙනෙක් වුණත් පිඹුරා ගැන ලොකු බයක් නැහැ, තියෙනවා නම් තියෙන්නේ පිළිකුල විතරයි.

    හැබැයි තිත් පොළඟා පිඹුරෙක් කියලා හිතාගෙන ලඟට යන එකෙන් නම් වැඩ වරදින්න ඉඩ තියෙනවා. තිත් පොළඟා ඉතාම ක්‍රියාශීලී වගේම උග්‍ර විෂ තියෙන සතෙක් නිසා වේගයෙන් දෂ්ට කරන්න ඉඩ තියෙනවා. නොදැනුවත් කම නිසා දෂ්ට වීමකට ලක් වෙන්න ලොකු ඉඩක් තියෙන එක තමයි මේ සතා ඉතා භයානක එකෙක් වෙන්න හේතුව. ඒ නිසා පිඹුරා සහ තිත් පොළඟා වෙන් කරලා අඳුනා ගන්න ඉගෙන ගත යුතුයි.

    තිත් පොළඟා වෙනස් වෙන ප්‍රධානම තැන තමයි උගේ ඔළුව. පිඹුරාගේ ඔලුව ත්‍රිකෝණාකාර වුණත් හොම්බ පැතලියි. තිත් පොළඟාගේ මුළු ඔළුවම ඊතල හිසක් වගේ උල්. අනිත් දේ තමයි තිත් පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල බොහොම පැහැදිලි කළු දාර වලින් වට වුනු දුඹුරු පාට ඕවලාකාර හැඩ තියෙන්නේ. පොළඟාගේ ඇඟේ තියන වයිරම් වල මේ වගේ කළු දාරයක් නැහැ. අනිත් දේ තමයි පැහැදිලි ඕවලාකාර හැඩයක් නැතිව වළාකුලක හැඩයට තමයි පිඹුරාගේ වයිරම් තියෙන්නේ. හිස පේන්න නැත්නම් අඳුනා ගන්න හොඳම ක්‍රමය වයිරම් වටේ කළු දාරය තියෙනවාද බලන එකයි.

    ලංකාවේ ඉන්න පිඹුරන් වර්ග දෙක තමයි මුලින් අපි කියපු ඉන්දියන් පිඹුරා සහ පහත රූපයේ ඉන්න වැලි පිඹුරා. නමුත් පිඹුරා කියලා ගොඩක් දෙනා කියන්නේ ඉන්දියානු පිඹුරාට තමයි.

    3-8.jpg

    වැලි පිඹුරා (Sand Boa) –

    මේ පිඹුරා වැඩිපුර දකින්න ලැබෙන්නේ ශුෂ්ක, අර්ධ ශුෂ්ක හා වියලි කලාපීය ප්‍රදේශ වලයි.

    වැදගත් : පොළොවේ ඉන්න පිඹුරෙක්ගෙන් ඔබට හානියක් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ගොඩක් දෙනෙක් පිඹුරන් බෙල්ල වටේ සාටකයක් වගේ දා ගන්න ආස නිසා සමහර ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් මෙහෙම කරන හැම වෙලාවකම පිඹුරාගේ වලිගයෙන් සහ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න අමතක කරන්න එපා. බෙල්ල වටේ වට දෙකකට වඩා එතුණොත් තනියෙන් ඌව ගලවලා අයින් කරන්න බැහැ. ඒ තදට හුස්ම හිර වෙන්න වගේම කෑ ගහන්නවත් බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ටිකක් පරිස්සම් වෙන්න මතක තියා ගන්න.

    නාගයා

    4-7.jpg


    නාගයා (Naja naja) උගේ පෙණය නිසා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.

    නාගයා නැතිනම් නයා කියන්නේ ලංකාවේ කාටත් අඳුනා ගන්න පහසුම සර්පයා. වෙන එකක් තියා බොහෝ දෙනා සර්පයා කියන වචනය වෙනුවට පාවිච්චි කරන්නෙත් නයා කියන වචනේ. මේ සතාගේ පෙණය සහ ඒකෙ තියන “ප” අකුරට සමාන සලකුණ නිසා කාට වුණත් බොහොම ලේසියෙන් අඳුනා ගන්න පුළුවන්. නාගයින් ලංකාවේ හැම තැනකම වගේ ජීවත් වෙනවා. විශේෂයෙන්ම කොළඹ පවා ඕන තරම් නයි දැක ගන්න පුළුවන්.

    කොහොම වුණත් නයා කියන්නෙත් උග්‍ර විෂ තියෙන සර්පයෙක්. ඒ වගේම නයෙක් එල්ල කරන දෂ්ටනයක් වරදින්නේ බොහොම කලාතුරකින්, මොකද අනිත් සර්ප වර්ග වලට සාපේක්ෂව නයාට හොඳ එල්ලයක් තියෙනවා. (පොළඟා මොන තරම් විස වුණත් ඌ එල්ල කරන පහර ඉලක්කයට වදින්නේ කලාතුරකින්) මේ නිසා නයෙක් දැක්කොත් නම් ශේප් වෙලා යන එක තමයි කරන්න තියෙන හොඳම දේ.

    නයි ගෙදරට එන එක වළක්වා ගන්න නම් කරන්න තියෙන්නේ මීයන් වගේ සත්තු බෝ වෙන්නේ නැති විදිහට තියා ගන්න එකයි. නයින් ඉන්න ප්‍රදේශ තීරණය වන්නේ මීයන් ගහණය මතයි. මේ නිසා ධාන්‍ය ගබඩා වගේ මීයන් බහුල තැන් වල ටිකක් පරිස්සමෙන් ඉන්න. මී ගුල් වල තමයි නයින් ගොඩක් වෙලාවට ජීවත් වෙන්නේ වගේම බිත්තර දාන්නෙත්.

    නයින් දවසේ නියමිත වෙලාවක ගුලෙන් එලියට ඇවිත් අව්ව තපිනවා කියන කතාවේ ඇත්තක් තියන බවත් අපිට දැන ගන්න ලැබුණා.

    කරවලා
    5-6.jpg


    මුදු කරවලා – ලංකාවේ හමු වන කරවලුන් වර්ග දෙකෙන් වැඩිම විෂ ඇත්තේ මේ සර්පයාටයි.

    ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන උග්‍ර විෂ කරවලුන් වර්ග දෙකක් ඉන්නවා. එකෙක් තමයි උඩ රූපයේ ඉන්න මුදු කරවලා. (Common Krait) මේ සතාට සිංහල නම ලැබෙන්න හේතුවත් ඇඟේ තියෙන මුදු දාල වගේ පෙනුම. ශරීරය තද කලුයි, සුදු පාට මුදු දාල වගේ පෙන්න තියනවා. අනිත් සතා තමයි ලංකාවට ආවේණික තෙල් කරවලා. (Sri Lankan Krait / Ceylon Krait)

    ලංකාවේ දරුණුම විෂ තියෙන සර්පයා තමයි මුදු කරවලා. වැඩිහිටි පුද්ගලයෙක් මරණයට පත් වෙන්න මුදු කරවලාගේ විෂ මයික්‍රෝ ග්‍රෑම් 600ක් ප්‍රමාණවත්. ඒ කිව්වේ සාමාන්‍ය තේ හැන්දකින් දාහකින් එකක ප්‍රමාණයක්! ලෝකය පුරා වුණත් මීට වඩා විෂෙන් වැඩි සර්පයන් ඉන්නේ සුළු ප්‍රමාණයක්. අනිත් දේ තමයි මේ සතුන්ගේ දළ පහර ඉතාම කුඩා එක. නාගයා, පොළඟා වගේ සතෙක් දෂ්ට කලොත් ඉතා ඉක්මනින් ඒ බව අඳුනා ගන්න පුළුවන් තුවාලයේ ප්‍රමාණය නිසා. අඟල් දෙකක ඇණයක් අරගෙන සිදුරු කළා වගේ දත් පාර පෙන්න තියෙනවා වගේම ඉතාම ඉක්මනින් ඉදිමෙනවා. නමුත් මුදු කරවලා දෂ්ට කරපු තැන හොයා ගන්නත් ටිකක් අපහසුයි. කෘමි සතෙක් කෑවා වගේ වේදනාවක් තමයි දැනෙන්නේ. දත් පහරවල් පෙන්නේ හොඳටම හෙව්වොත් විතරයි. ලේ ගොඩක් එන්නෙත්, ලොකුවට ඉදිමෙන්නෙත් නැති නිසා තුවාලය හොයා ගන්න පවා අමාරුයි.

    කොහොම වුණත් ප්‍රතිඵලය නම් ඉතාම දරුණුයි. කරවලාගේ විෂ කෙලින්ම යන්නේ අපේ හදවතට සහ ස්නායු පද්ධතියට. දෂ්ට කරපු තැනට ලොකු හානියක් නැතත් මුළු ඇඟේම පේශි පණ නැති වෙන්නත්, හුස්ම ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් ජීවිතය නැති වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

    6-4.jpg

    තෙල් කරවලා (Sri Lankan Krait)


    *මේ රූපයේ ඉන්නේ තෙල් කරවලා. ඉහත කියපු හැම දේම මුටත් වලංගුයි, හැබැයි විෂ ගතියෙන් මුදු කරවලාට වඩා ටිකක් අඩුයි.

    කොහොම වුණත් කරවලුන් ලංකාවේ ටිකක් දුර්ලභයි. මේ සත්තු කොළඹ අවට දකින්න ලැබෙන්නෙම නෑ. මුදු කරවලා දකින්නට ලැබෙන්නේ ශුෂ්ක ප්‍රදේශ වල විතරයි. තෙල් කරවලා තෙත් කලාපයේ කැලෑ බහුල ප්‍රදේශ වලයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. මේ නිසා නයි පොලොංගු වගේ විශේෂයෙන් පරෙස්සම් වෙන්න අවශ්‍ය නෑ, උවමනාවෙන් බලන්න ගියොත් මිසක් මේ සත්තු දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

    වැලි පොළඟා
    7-4.jpg


    වැලි පොළඟා (Saw Scaled Viper)

    ලංකාවේ ඉන්න තවත් උග්‍ර විෂ සහිත සතෙක් තමයි වැලි පොළඟා. නමෙන් කියවෙනවා වගේම මේ සතා ඉන්නේ වැලි වැඩිපුර තියන මුහුද ආශ්‍රිත ප්‍රදේශ වලයි. නමුත් ශුෂ්ක කලාපයේත් ඉඳ හිට දකින්න ලැබෙනවා. වැලි පොළඟා අඳුනා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි උගේ ඔලුවේ තියෙන සලකුණ. මේක කුරුල්ලෙක්ගේ පා සටහන වගේ. මේ ඉහලින් තියෙන රූපය දිහා බලන්න, ඔලුවේ තියන කුරුළු පා සටහන හොඳින් පේනවා නේද? මේකත් නයාගේ “ප” යන්න වගේ වැලි පොළඟාට සුවිශේෂ වුණු ලක්ෂණයක්.

    හිස පෙන්න නැති වෙලාවක වුණත් පුරුදු කෙනෙකුට අඳුනා ගන්න පුළුවන් මුගේ ඇඟේ තියන වයිරම් දිහා බැලුවොත්. හොඳට බැලුවා නම් පෙනේවි මේ සතාගේ ඇඟ දිගටම සුදු නූලකින් සිග් සැග් (Zig Zag) රටාවකට මහලා වගේ පේන බව.

    මේ සතා ඒ තරම් සුලභ නැති නිසා උග්‍ර විෂ තියෙන එකෙක් වුණත් භයානක කම අඩුයි. කොහොම වුණත් වැලි තියන ප්‍රදේශයක සර්පයෙක් ඉන්නවා දැක්කොත් ටිකක් පරිස්සමෙන්, ඒ වැලි පොළඟෙක් වෙන්න ලොකු ඉඩක් තියනවා.

    කුණ කටුවා / පොළොන් තෙලිස්සා
    8-3.jpg


    කුණ කටුවා හෙවත් පොළොන් තෙලිස්සා (Hypnale hypnale)

    මේ සතා උග්‍ර විෂ කිව්වම සර්පයෝ ගැන දන්නා අය අමුතුවෙන් බලන්න ඇති. ඇත්ත, මේ සතා අපේ රටේ උග්‍ර විෂ කියලා නම් කරපු සර්පයෙක් නෙවෙයි, නමුත් දැන් ලංකාවේ වෛද්‍ය සංගමය පිලි අරගෙන තියෙනවා ඉහළ විෂක් සහිත සතෙක් කියලා. අපි මෙතනට කුණ කටුවා දාන්න අනෙක් හේතුව තමයි සමරසිංහ මහතාට අනුව ලංකාවේ වැඩිම සර්ප දෂ්ටන ගණනකට වග කියන්න ඕන මේ සතා වීම. අපි මෙතැනදී කතා කරන්නේ භයානකම සර්පයන් පස් දෙනා නිසා ඒ වර්ගීකරණය සාධාරණයි කියලා අපි හිතුවා. කුණකටුවා කියන්නේ “දෂ්ටන සංඛ්‍යාව ඉහළ නිසා වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් විෂ සහිත සර්පයෙක්”, ඒකට හේතුවත් වාර්ෂිකව වාර්තා වෙන අධික දෂ්ටන ප්‍රමාණයම තමයි.

    ලංකාවට සහ ඉන්දියාවට අවේණික කුණ කටුවා ප්‍රමාණයෙන් පොඩි සර්පයෙක්. අඩියක් එක හමාරක් තමයි උපරිම දිග වෙන්නේ. මූට තියෙන්නේ ඊතලයක් වගේ උල් ඔළුවක්; හොම්බ දිගයි. නිතරම ඉන්නේ දරණයක් ගහගෙන ඔළුව අංශක 45ට තියාගෙන. ඇඟෙන් පොඩි වුණත් මුගේ දළ දෙක සාපේක්ෂව දිගයි ඒ වගේම පහසුවෙන් ඇවිස්සෙන සුළුයි. මේ නිසා දෂ්ට කරන්න තියෙන ඉඩ හරිම වැඩියි. කුණකටුවන් බහුලව ඉන්නේ තෙත් කලාපයේ සහ කැලෑ බද ප්‍රදේශ වල. දිරා යන කොළ රොඩු ගොඩවල් අසල නිතර ගැවසෙනවා.

    සර්පයෙක් ඉස්සරහට හමු වුනොත් මොකද කරන්නේ? :baffled:

    මොන සතෙක් හමු වුණත් කලබල වෙන එක තමයි කරන්න තියන නරකම දේ. මේක සර්පයන්ටත් අදාලයි. පුළුවන් තරම් මග ඇරලා යන එක තමයි සුදුසුම දේ. තමන්ගේ නිවසේ හරි ගෙවත්තේ හරි නෙවෙයි නම් උගේ පාඩුවේ ඉන්න දීල පැත්තකට යන්න.

    ගෙවත්තේ වගේ සර්පයෙක් ඉන්නවා නම් ඌව අයින් කරන්නම සිද්ධ වෙනවානේ. මේ සඳහා එක පැත්තක් වහපු ලොකු වතුර බටයක් පාවිච්චි කරන්න පුළුවන්. වහපු නැති පැත්ත සර්පයාගේ ඔලුව ලඟින් තියලා කොස්සක් වගේ දේකින් ඌට ඒ තුලට යන්න පොළඹවන්න. ඊට පස්සේ අනිත් පැත්තත් වහලා ගිහින් දාන්න. පොඩි සර්පයෙක්ට නම් ලොකු වතුර බෝතලයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්, ලොකු එකෙක්ට නම් ගෝනියක් පාවිච්චි කරන්න වෙනවා. කොහොම වුණත් කට හොඳට ගැට ගහලා ඇඟට ඈතින් අල්ලාගෙන ගිහින් දාන්න මතක තියා ගන්න.

    කැලෑවකට ගිහින් දාන්න පුළුවන් නම් හොඳයි, ඒ වගේම ලොකු ප්‍රමාණයේ සතෙක් නම් ප්‍රදේශයේ වන ජීවී කාර්යාලයට දැනුම් දෙන්නත් පුළුවන්. කොහොම වුණත් විෂ ඇති සත්තු අල්ලා ගන්න යන්නේ පරිස්සමෙන්.

    සර්පයෙක් දෂ්ට කළොත් :shocked:

    සමරසිංහ මහත්තයා කියන විදිහට කරන්න තියෙන හොඳම දේ තුවාලයට උඩින් තද වෙන්න ගැට ගහලා ගලා යන වතුරෙන් හොඳට තුවාලය හෝදන එකයි. ඉන් පස්සේ පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලයකට අරගෙන යන්න. විනාඩි 45ක් ඇතුලත ගෙනියන්න පුළුවන් වුණොත් බොහෝ විට ජීවිතය බේරා ගන්න පුළුවන්. ඒ වගේම රෝගියා සන්සුන්ව තියන එකත්, එයාගේ බය නැති කරන එකත් වැදගත්, බය වුණාම ලේ ගමනාගමනය වැඩි වෙලා විෂ උරා ගැනීම ඉක්මන් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි පුළුවන් නම් දෂ්ට කරපු සතා නිවැරදිව හඳුනා ගන්න, එතකොට නිවැරදි ප්‍රතිකාරය දෙන්න පහසුයි.

    ගොඩක් සර්පයන් අපිම කුලප්පු කරේ නැත්නම් කිසිම වෙලාවක දෂ්ට කරන්න එන්නේ නැහැ. මේ නිසා කලිනුත් කිව්වා වගේ මග හරින එකයි හොඳම දේ. සර්පයන් කියන්නෙත් බොහොම වැදගත් සත්ව කොට්ඨාශයක්, ආරක්ෂිතව උන් දිහා බලාගෙන ඉන්න එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. උන්ව මරණ එක කරන්න ඕනේ වෙන කරන්න දෙයක් නැති නම් විතරමයි.

    ඒ වගේම තමයි මේ ලිපිය කියවලා ඔබට සර්පයන් ගැන දැන ගන්න ආස හිතුණා නම් උන්ව බොහොම ලස්සනට දකින්න යන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ ගැන තව දුරටත් විස්තර දැන ගන්න පුළුවන් අපි ලියපු මේ ලිපිය කියවලා. මේ සතුන් ගැන ඔබට හොඳ දැනුමක් ලබා ගන්න ඊට වඩා තැනක් නැහැ.

    චායාරුපකරණය: ඩිනාල් සමරසිංහ
     
    Last edited: