Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දිගු කන් එක්ක බල්ලෙක් වාර්තා පොතට

    dddog.jpg


    කළු සහ දුඹුරු පැහැ සිරුරක් හිමි “හාබර්” නම් සුනඛයා ලොව දිගම කන් හිමි සුනඛයා ලෙස ගිනස් වාර්තා පොතට එක්වීමට අවස්ථාව උදාකරගෙන තිබේ. 8 හැවිරිදි වියෙහි පසුවන හාබර්ට ඉතා අසාමාන්‍ය දිගකින් යුත් කන් දෙකක් හිමිව පවතින අතර වම් කන සෙන්ටිමීටර් 31 .1 ක දිගකින් ද, දකුණු කන සෙන්ටිමීටර් 34 .3 ක දිගකින්ද යුක්තය. හාබර් දිවයන විට මෙම දිගු කන් නිසා මහත් කරදරයට පත්වන බව හාබර්ගේ හිමිකරු වන ජෙනිෆර් සඳහන් කර තිබේ.
     
    • Like
    Reactions: twisted

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    2011 විශ්ව රූ රැජිණ කිරුළ ඇන්ගෝලාවට

    missuni.jpg


    2011 විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළදීමට 25 හැවිරිදි Leila Lopes සමත් වී තිබේ.

    ඇන්ගෝලා රාජ්‍යය නියෝජනය කරමින් ඇය මෙම තරගාවලියට සහභාගී වී ඇත.
    බ්‍රසීලයේ Sao Paolo හි පැවති විශ්ව රූ රැජින තරගාවලියේ සමාප්ති උළෙල අති උත්කර්ශවත් අන්දමින් පැවැත් විණි.
    ලොව පුරා රටවල් 89ක රූ රැජිණියන් 89 දෙනෙකු පරදවමින් ඇය විශ්ව රූ රැජිණ කිරුළ දිනාගැනීමට සමත්වී ඇත. විශ්ව රූ රැජිණ තරගාවලියෙන් චීනයේ Luo Zilin පස්වන ස්ථානයත්, පිලිපීනයේ Shamcey Supsup සිව්වන ස්ථානයත්, බ්‍රසීලයේ Priscila Machado හා යුක්රේනයේ Olesia Stefanko පිළිවෙලින් තෙවන හා දෙවන ස්ථානයන් දිනා ගැනීමට සමත් විය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව වයස්ගතම කත බ‍්‍රසීලයෙන්?

    wayasa.jpg


    ලොව වයස්ගතම කාන්තාව බ‍්‍රසීලයේ කක්සිනාවා ඉන්දියානු ගෝති‍්‍රක කතක් බව වාර්තා වේ.

    මරීයා ලූසිමාර් පෙරෙයිරා නම් මෙම කාන්තාව 121 වියේ පසුවන බව ගෝති‍්‍රක අයිතීන් පිළිබඳව ඇමේසන් ප‍්‍රදේශයේ කි‍්‍රයා කරන ’සවයිවල් ඉන්ටර්නැෂනල්’ නම් ආයතනය පවසයි.
    මෙම කාන්තාව ඉපදී ඇත්තේ 1890 බව පෙන්වන උප්පැන්න සහතිකයක් ද ඇය සතු බව මෙම සංවිධානය කියයි.
    කෙසේ වෙතත් ගිනස් ලෝක වාර්තා සමාගම පවසන්නේ මෙම කාන්තාව පිළිබඳ තොරතුරු සිය ආයතනයේ වාර්තා නොවී ඇති බවයි.
    මේ වන විට ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තා පොතේ ඇතුළත් වී ඇත්තේ 115 වියේ පසුවන ඇමෙරිකානු ජාතික කාන්තාවක් බව බෙසී කූපර් ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අඩි 20, 000 ක් ඉහළ අහසේදී කෝපි කෝප්පයක්

    coffe.jpg


    වායු බැලූනයක නැගී අඩි 20, 000 ක්(කිලෝ මීටර් 6 .3) පමණ ඉහළට අහසට ගමන් කර එහිදී කෝපි කෝප්පයක් සෑදීමෙන් අපූරු ලෝක වාර්තාවක් පිහිටුවීමට ලිතුවේනියානුවන් පිරිසක් සමත්ව තිබේ. ඉතාමත් ඉහළ අහසට ගමන් කිරීමට මෙම පිරිස ආරක්ෂක ඇඳුම් පැළඳුම් මෙන්ම ඔක්සිජන් ආවරණ ද භාවිත කර ඇත. එම ඉහළ අහසේ සෙල්සියස් අංශක -20 ක් පමණ වූ උෂ්ණත්වයකදී උණුසුම් කෝපි කෝප්පයක් සකස්කිරීම සඳහා මෙම කණ්ඩායම විශේෂ උපකරණ භාවිත කර ඇති බව ද සඳහන්ය. පෘථිවියේදී මෙන්ම එම කෝපි රසවත් බවින් යුක්ත වූ බව ද ඔවුන් සඳහන් කර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දුර්ලභ කකුළු වර්ගයක් වසර 99 ට පසු හමුවෙයි

    spider1.jpg


    ඉතාමත් දුර්ලභ විශේෂයකට අයත් ක්ෂුද්‍රරූපී කකුළු විශේෂයක් වසර 99 ට පසු නැවත හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මෙම කකුළු විශේෂය අවසන්වරට හමුවී ඇත්තේ 1912 වසරේදීය. එංගලන්තයේ නිව්ක්වේ නගරයේ ධීවරයෙකු විසින් ධීවර කටයුතුවල යෙදී සිටියදී මෙම කකුළුවා ඔහුගේ දැලට හසුව ඇති අතර ඔහු විසින් මෙම කකුළුවා දේශීය මින් මැදුරක් වෙත බාර දී තිබේ. මෙම කකුළු විශේෂය ඉතාමත් දුර්ලභ බව සමුද්‍ර ජීවි විශේෂඥයින් විසින් අනාවරණය කරගෙන ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අඟහරු ගවේශණයේ නව වාර්තාවක්

    mars.jpg


    පෘථිවියෙන් පිටතට ගමන් නොකර අභ්‍යවකාශ මෙහෙයුමක් වෙනුවෙන් වැඩිම කාලයක් ගතකිරීම තුළින් නවතම වාර්තාවක් පිහිටුවීමට රුසියානු අභ්‍යවකාශගාමීන් පිරිසක් සමත්ව තිබේ. අඟහරු ග්‍රහ ලෝකයේ ගවේෂණ චාරිකාවක සාධ්‍යතාවය පිළිබඳව විමසා බැලීම සඳහා සිදුකරන ලද මෙම පරීක්ෂණයේදී රුසියානු මොස්කව් නගරයේ රථ ගාලක නවතා තබන ලද විශේෂ කන්ටේනරයක දින 441 ක කාලයක් ගතකිරීමෙන් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්ය.

    මීට පෙර දින 437 ක කාලයක් තුළ මෙවැනි මෙහෙයුමක් සිදුකිරීමෙන් තබා තිබූ වාර්තාව මේ අනුව බිඳවැටී ඇත. මෙම පරීක්ෂණයේදී අභ්‍යවකාශය සඳහා අවශ්‍ය තත්ත්ව ගොඩනගමින් අභ්‍යවකාශයේදී භාවිත කරන උපකරණ යොදාගනිමින් මෙම අභ්‍යවකාශ මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ස්කෑන් කළ හැකි මවුසයක්

    mousescaner.gif


    LG සමාගම අපූර්වතම ආකාරයේ නිපැයුමක් නිපදවීමට සමත්ව තිබෙනවා. LG’s new LSM-100 ලෙස නම් කර ඇති මෙය බැලූ බැල්මට නම් මවුසයක්. එහෙත් මෙම මවුසයේ ස්කෑනරයක් ද අන්තර්ගත වේ.

    සාමාන්‍ය ප්‍රමාණයේ ලේසර් මවුසයක් වන මෙය ස්කෑන් කිරීමට අවශ්‍ය මතුපිට මත ස්පර්ශ කරගෙන යාම මඟින් එහි දත්ත පරිගනකය වෙත යැවිය හැක. PNG, JPEG, TIFF, BMP, PDF, XLS මෙන්ම DOC යන ආකාර වලින්ද මෙම උපකරණය මඟින් ලිපි ස්කෑන් කිරීමට ඔබට හැකියාව ඇති අතර A3 ප්‍රමාණයේ වපසරියක් දක්වා එකවර ස්කෑන් කල හැකිය.
     
    • Like
    Reactions: soona

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මෙහෙමත් නෑමක්

    nema.jpg


    වැඩිම පිරිසක් එකවර ස්නානයේ යෙදී නව ලෝක වාර්තාවක් තැබීමට Bournemouth වෙරළට එක්රැස් වූ පිරිසක් සමත්ව තිබේ. නාන ඇඳුමින් සැරසුනු කාන්තාවන් හා පිරිමින් 152 දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මීටර් 6ක් පමණ උසින් පිහිටි ජල කරාමයක් මේ සඳහා යොදාගෙන තිබිණ.
    Lynx beat නම් සමාගම විසින් සංවිධානය කොට තිබූ මෙය, මීට වසර දෙකකට ප්‍රථම ඇමරිකාවේ දී පුද්ගලයින් 145 දෙනෙකු සහභාගී වී තබා තිබූ වර්තාව බිඳ හෙලීමට සමත් වුනා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වසර 110 ක් දැල්වෙන විදුලි බුබුල

    bulb.gif


    වසර 110ක් පුරාවට දැල්වෙන විදුලි බුබුලක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයෙන් වාර්තා වේ.
    මෙම විදුලි බුබුල ඇත්තේ කැලිෆෝනියාවේ ලිවර්මෝ ප‍්‍රදේශයේ පිහිටි ගිනි නිවන මධ්‍යස්ථානයකය.
    වසර 1901 දී ප‍්‍රාදේශීය ව්‍යාපාරියකු විසින් මෙම ගිනි නිවන මධ්‍යස්ථානයට තිළිණ කළ මෙම විදුලි බුබුල මේ දක්වා පැය 960,000ක් දැල්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
    වොට් 60ක බල්බයක් වන මෙය දැල්වෙන්නේ වොට් 4කටය.
    කෙසේ වෙතත් මෙම විදුලි බුබුල මෙතෙක් කල් දැල්වී තිබීමට හේතුව සොයාගැනීමට විiාඥයින් පවා අසමත් වී තිබේ.
    මෙම අපූරු විදුලි බුබුල, කි‍්‍රයාකරන ලොව පැරණිතම විදුලි බුබුල ලෙසට ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වී ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලෝක වාර්තා තැබූ කඩු ගිලින්නෙකු අත්අඩංගුවට

    kadu.jpg


    කඩු ගිලීම හරහා ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව සිටින “ස්පේස් කව්බෝයි” නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු නිව්යෝර්ක් නගරයේදී සංදර්ශනයක් පවත්වන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් ඉපයීමේ අරමුණින් තමන් නිව්යෝර්ක් නගරයේ වීදියක කඩු ගිලීමේ සංදර්ශනයක් පවත්වමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වූ බව චේන් හල්ට්ග්‍රේන් නම් මෙම ඕස්ට්‍රේලියානු ජාතික තරුණයා සඳහන් කර තිබේ.

    එසේ ප්‍රසිද්ධ ස්ථානවල තියුණු ආයුධ සමග රැඳී සිටීම තහනම් බව සඳහන් කරමින් ඔහු වටා රැස්ව සිටි ප්‍රේක්ෂක ජනතාව ද ඉවත්කර එම පොලිස් නිලධාරීන් විසින් 33 හැවිරිදි චේන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඔහු සතුව කඩු පොලිස් භාරයට ගෙන ඇති අතර පැය 24 ක කාලයක් සිරගතව සිටීමට ද ඔහුට සිදුව ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මාලිංග ගෙන් කඩුළු ත්‍රිත්ව තුනක්

    malinga.jpg


    ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ඛෙත්තාරම ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේ දැන් පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී 46 වැනි පන්දුවාරයේදී කඩුළු ත්‍රිත්වයක් (Hattrick) ලබාගැනීමට ලසිත් මාලිංග සමත් විය.

    ඒ අනුව කඩුලු ත්‍රිත්ව තුනක් ලබා ගත් ලොව පළමු පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග අද වාර්තා අතරට එක් විය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සිසුන් 1500කගෙන් ගිනස් වාර්තාවක්

    youth-prew.jpg


    අගෝස්තු 12 දිනයේ පැවති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලිය ක්‍රිඩාංගනයේදී ගිනිස් වාර්තාවක් පිහිටුවීමට 1500 කගෙන් යුත් තරුණ තරුණියන් පිරිසක් සමත් වුවා.

    YOUTH නම් වචන මිනිස් නිරුපනයකින් ඉදිරිපත්කිරීම මගින් මෙම වාර්තාව පිහිටවනු ලැබුවා.

    බ්‍රිටිෂ් කවුන්සිල්හි ග්ලෝබල් චේන්ජ් මේකර්ස් සංවිධානය විසින් යෞවන සමාජ 10ක සහභාගිත්වයෙන් මෙම වාර්තාව පිහිටුවීමට කටයුතු යොදා තිබුණි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    මිලියනයේ සුවඳට ලංකාවත් ගෑවේ

    million.gif


    ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස් හි ජනපි‍්‍රය ආභරණ නිර්මාණකරුවෙකු වන මාටින් කැට්ස් හා නිව්යෝක් හි DKNY සමාගම හා එක්ව ලොව මිල අධිකම සුවඳ විලවුන් වර්ගය නිර්මාණය කර ඇති අතර මේ සඳහා ශ‍්‍රී ලංකාවේ නිල්කැටයක් ද යොදා ගෙන ඇති බවත් වාර්තා වේ.

    DKNY සමාගමේ ගෝල්ඩන් ඩිලීෂස් සන්නාම නාමයේ නවතම සුවඳ විලවුන් වර්ගය වන මෙහි මිල ඇමෙරිකානු ඩොලර් මිලියනයකි.

    කැරට් 14 කහ හා සුදු රන් වලින් නිමවා ඇති මෙම රවුම් හැඩැති සුවඳ විලවුන් බෝතලය නිර්මාණය කර ඇති අතර, නිව්යෝක් නගරය සංකේතවත් කරමින් එහි ගොඩනැගිලි වල අනුරූ පෙළක්, මෙම බෝතලය වටා දියමන්ති වලින් නිමවා ඇත.

    මෙම බෝතලය රැඳවීම සඳහා යොදාගෙන ඇති රඳවනයේ වටිනා මැණික් එම මැණික් සඳහා ප‍්‍රසිද්ධ රටවල් ඇතුළු ලෝකයේ රටවල් දැක්වේ.

    ශ‍්‍රී ලංකාවෙන් නිල් කැටයක්, ඕස්ටේ‍්‍රලියාවෙන් රෝස දියමන්තයක් ඇතුළු මැණික් ගල් 3,000ක් පමණ මෙම නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලුසී වගේ පෙනුම එක්ක ලෝක වාර්තාවක්

    lucie.jpg


    පසුගිය අගෝස්තු මස 06 වන දිනට යෙදී තිබුණු “අයි ලව් ලුසී”අමෙරිකානු රූපවාහිනී ප්‍රහසන නාට්‍යය තුළින් මහත් ජනප්‍රියත්වයට පත් ලුසී බෝල්ගේ 100 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් අපූරු ලෝක වාර්තාවක් තැබීමට ඇ‍යගේ රසික රසිකාවියන් කටයුතු කර තිබේ. රත් පැහැ තොල් ආලේපන ගල්වා හිසකෙස් රතු පැහැ ගන්වන ලද කාන්තාවන් සහ පුරුෂයින් 900 ට වැඩි පිරිසක් අමෙරිකාවේ ලුසී බෝල් උපන් නගරය වෙත රැස්වී තිබේ.

    මෙම පිරිස “අයි ලව් ලුසී” නාට්‍යයේ ලුසී සැරසී සිටින ආකාරයේ සුදු සහ නිල් ගවුම්වලින් ද සැරසී සිටීම විශේෂත්වයකි. 77 හැවිරිදි වියේදී මරණයට පත් ලුසී බෝල්ට ගෞරව පිණිස ඇයගේ ස්වරූපය වඩාත් සමීප අයුරින් සැරසී ගිනස් ලෝක වාර්තාවක් තැබීම මෙම පිරිසගේ අරමුණු වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බින් ලාඩන්ගේ පවුල ලොව උසම කුළුණට ළංවෙයි

    kuluna.jpg


    ලොව උසම කුළුණ ගොඩනගමින් ඒ සඳහා මේ වනවිට පවතින වාර්තාව බිඳහෙලීමට ඔසාමා බින් ලාඩන්ගේ පවුලේ සමාගමක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කිලෝමීටර් එකක පමණ උසින් යුක්තව ඉදිකිරීමට බලාපොරොත්තු වන මෙම ගොඩනැගිල්ල සවුදි අරාබියේ ගොඩනැගීමට නියමිතව ඇත. මෙම දැවැන්ත නිර්මාණය මීට පෙර ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල වූ Burj Khalifa ගොඩනැගිල්ලටත් වඩා මීටර් 120ක් පමණ උසින් යුතු වනු ඇති බව වාර්තා වේ.

    The Kingdom ලෙසින් හැඳින්වෙන මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සවුදි රජය ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ ප්‍රදානය කර ඇත. වර්ග මීටර් ලක්ෂ 5ක පමණ වපසරියක් සහිත මෙම ගොඩනැගිල්ලේ අති සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ හා සුඛෝපභෝගී කාර්යාල ද නිමවෙනු ඇති බව සඳහන්ය. මෙම නිර්මාණය තම සංස්කෘතියේ, ආර්ථිකයේ හා ප්‍රෞඩත්වයේ සංකේතයක් වනු ඇති බව එහ නිර්මාණකරුවන් සඳහන් කරයි.