නොගිලෙන, ගිලෙන නැවක්
මුහුදේ යාත්රාකරන අපූරු හැඩයකින් යුත් යාත්රාවක් නිර්මාණය කිරීමට ජුලියන් බර්තියර් නම් ප්රංශ ජාතික කලාකරු සමත්ව තිබේ. මෙම යාත්රාවේ විශේෂත්වය වන්නේ ඉහත ඡායාරූප වලින් දැක්වෙන පරිදි එය ජලයෙහි ගිලෙන අයුරින් නිර්මාණය කර තිබීමය. 35 හැවිරිදි ජුලියන් මෙම යාත්රාව නිර්මාණය කර ඇත්තේ ඔහුට හමුවූ කැඩී බිඳීගිය බෝට්ටුවක් උපයෝගී කරගෙනය.
එම බෝට්ටුවේ අර්ධයක් කපා ඉවත්කර එය ෆයිබර් ග්ලාස් උපයෝගී කරගනිමින් ආවරණය කර ඊට විද්යුත් මෝටර් 2 ක් සවිකර ඇත. මෙම යාත්රාව මුහුදෙහි යාත්රාකරනු දකින ඕනෑම පුද්ගලයෙකු සිතන්නේ එය සැබවින්ම ගිලෙමින් තිබෙන යාත්රාවක් බවය. සිය යාත්රා දකින වෙරළාක්ෂක නිලධාරීන් ද නිරන්තරයෙන් තමන් මුදවාගැනීම සඳහා පැමිණෙන බව ජුලියන් පවසයි.