Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නොගිලෙන, ගිලෙන නැවක්

    ship.jpg


    මුහුදේ යාත්‍රාකරන අපූරු හැඩයකින් යුත් යාත්‍රාවක් නිර්මාණය කිරීමට ජුලියන් බර්තියර් නම් ප්‍රංශ ජාතික කලාකරු සමත්ව තිබේ. මෙම යාත්‍රාවේ විශේෂත්වය වන්නේ ඉහත ඡායාරූප වලින් දැක්වෙන පරිදි එය ජලයෙහි ගිලෙන අයුරින් නිර්මාණය කර තිබීමය. 35 හැවිරිදි ජුලියන් මෙම යාත්‍රාව නිර්මාණය කර ඇත්තේ ඔහුට හමුවූ කැඩී බිඳීගිය බෝට්ටුවක් උපයෝගී කරගෙනය.

    එම බෝට්ටුවේ අර්ධයක් කපා ඉවත්කර එය ෆයිබර් ග්ලාස් උපයෝගී කරගනිමින් ආවරණය කර ඊට විද්‍යුත් මෝටර් 2 ක් සවිකර ඇත. මෙම යාත්‍රාව මුහුදෙහි යාත්‍රාකරනු දකින ඕනෑම පුද්ගලයෙකු සිතන්නේ එය සැබවින්ම ගිලෙමින් තිබෙන යාත්‍රාවක් බවය. සිය යාත්‍රා දකින වෙරළාක්ෂක නිලධාරීන් ද නිරන්තරයෙන් තමන් මුදවාගැනීම සඳහා පැමිණෙන බව ජුලියන් පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නොගිලෙන, ගිලෙන නැවක්

    ship.jpg


    මුහුදේ යාත්‍රාකරන අපූරු හැඩයකින් යුත් යාත්‍රාවක් නිර්මාණය කිරීමට ජුලියන් බර්තියර් නම් ප්‍රංශ ජාතික කලාකරු සමත්ව තිබේ. මෙම යාත්‍රාවේ විශේෂත්වය වන්නේ ඉහත ඡායාරූප වලින් දැක්වෙන පරිදි එය ජලයෙහි ගිලෙන අයුරින් නිර්මාණය කර තිබීමය. 35 හැවිරිදි ජුලියන් මෙම යාත්‍රාව නිර්මාණය කර ඇත්තේ ඔහුට හමුවූ කැඩී බිඳීගිය බෝට්ටුවක් උපයෝගී කරගෙනය.

    එම බෝට්ටුවේ අර්ධයක් කපා ඉවත්කර එය ෆයිබර් ග්ලාස් උපයෝගී කරගනිමින් ආවරණය කර ඊට විද්‍යුත් මෝටර් 2 ක් සවිකර ඇත. මෙම යාත්‍රාව මුහුදෙහි යාත්‍රාකරනු දකින ඕනෑම පුද්ගලයෙකු සිතන්නේ එය සැබවින්ම ගිලෙමින් තිබෙන යාත්‍රාවක් බවය. සිය යාත්‍රා දකින වෙරළාක්ෂක නිලධාරීන් ද නිරන්තරයෙන් තමන් මුදවාගැනීම සඳහා පැමිණෙන බව ජුලියන් පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සැන්විච් කෑමට ගොස් පවුම් මිලියන ගණනක වයලීනය අහිමිවෙයි

    viol.jpg


    සැන්විච් මිලට ගැනීම සඳහා ලන්ඩනයේ සැන්විච් අවන්හලක් අසල නැවතුණු සංගීත ශිල්පිණියකට ඇයගේ වසර 300 ක් පැරණි පවුම් මිලියන 1 .2 ක වටිනාකමින් යුත් වයලීනය අහිමිවීමේ සිද්ධියක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. 32 හැවිරිදි මෙම කොරියානු වයලීන වාදන ශිල්පිණිය සැන්විච් මිලට ගැනීම සඳහා අදාළ අවන්හලට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් ඇගේ වයලීනය සොරාගෙන ගොස් තිබේ.

    මෙම වයලීන‍ය වාදනය කරනු ලබන අලුව(bow) පමණක් පවුම් 62, 000 ක වටිනාකමකින් යුතු බව ද සඳහන්ය. මෙම වයලීනය හෝ එය සොරාගත් පුද්ගලයා පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකු වෙත පවුම් 15, 000 ක මුදලක් ලබාදෙන බව ද එම වයලීනය රක්ෂණය කරන ලද රක්ෂණ සමාගම නිවේදනය කර
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අයින්ස්ටයින්ගේ හිස් කබලේ එක්ස් රේ සටහනට පවුම් 24, 000 ක්

    xray.jpg


    ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වන ඇල්බට් අයින්ස්ටයින්ගේ හිස් කබලෙහි එක්ස් රේ සටහනක් පවුම් 24, 000 ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී තිබේ. බෙවර්ලි හිල්ස්හිදී පැවති මෙම වෙන්දේසියේදී 1945 දී ලබාගන්නා ලද මෙම එක්ස් රේ සටහන සඳහා වෙන්දේසිකරු බලාපොරොත්තු වී ඇත්තේ පවුම් 1200 ක මුදලක් පමණි. එමෙන්ම මෙම වෙන්දේසියේදී බීට්ල් සංගීත කණ්ඩායමේ හිටපු ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වූ ජෝන් ලෙනන්ගේ කබායක් ද පවුම් 153, 000 ට අලෙවි වී තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පාට පාට බිංදු පිරුණු කාමරයක්

    art.jpg


    දහස් සංඛ්‍යාත විවිධ වර්ණ බිංදුවලින් සුදු පැහැති කාමරයක් සම්පූර්ණයෙන්ම වර්ණවත් කරමින් 82 හැවිරිදි යයොයි කුසමා නම් ජපන් ජාතික කලාකරුවෙකු අපූරු කලා කෘතියක් නිර්මාණය කර තිබේ.
    සම්පූර්ණයෙන්ම සුදු පැහැය ආලේප කරන ලද සහ සුදු පැහැති ගෘහ උපකරණවලින් සමන්විත කාමරයක් පුරා තමන්ට රිසි පරිදි වර්ණවත් තීන්ත බිංදු සහිත ස්ටිකර් ඇලවීමට කුඩා දරුවන්ට අවස්ථාව ලබාදිමෙන් මෙම කලා කෘතිය නිර්මාණය කරතිබීම මෙහි ඇති විශේෂත්වය වේ.
    මෙම කලා නිර්මාණය සම්පූර්ණයෙන්ම නිමකිරීම සඳහා සති 02 ක කාලයක් ගතව ඇති අතර එය මාර්තු 12 වන දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව ද වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    Star Wars සෙබළෙකු කේක් නිර්මාණයකට නැගෙයි

    starwars.jpg


    ලෝක ප්‍රකට Star Wars චිත්‍රපට මාලාවේ එන Stormtroopers නම් මනඃකල්පිත සෙබළෙකුගේ රුවට අනුව නිර්මාණය කරන ලද, එවැනි සෙබළෙකුගේ ජීවමාන ප්‍රමාණයේ විශාලත්වයකින් යුත් අපූරු කේක් නිර්මාණයක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. අමෙරිකානු ජාතික කේක් නිර්මාණ ශිල්පිණියක වන ඇමන්ඩා ඕක්ලීෆ්, ඇගේ සැමියා හා තවත් කේක් නිර්මාණ ශිල්පීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග එක්ව මෙම Stormtrooper කේක් නිර්මාණය සකස් කර ඇත. අඩි 06, අඟල් 04 ක් උසැති මෙම කේක් නිර්මාණයේ ස්කන්ධය රාත්තල් 300 කි. මේ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය අතරට බිත්තර 208 ක්, සිනී රාත්තල් 140 ක්, මාස්මෙලෝස් රාත්තල් 55 ක් ද අයත්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව විශාලතම වීඩියෝ ක්‍රීඩා පාලකය

    video.jpg


    ලෝකයේ මෙතෙක් නිර්මාණය කරන ලද දැවැන්තම වීඩියෝ ක්‍රීඩා පාලකය ලන්ඩන් නුවරදී එළිදක්වා තිබේ. 2012 නව ගිනස් ලෝක වාර්තා අතරට එක්වන මෙම වීඩියෝ ක්‍රීඩා පාලකය(video-game controller)සාමාන්‍ය පාලකයක් මෙන් 30 ගුණයක විශාලත්වයකින් යුක්ත වන බව ද සඳහන්ය. බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරු ශිෂ්‍යයකු වන 23 හැවිරිදි බෙන් ඇලන් විසින් මෙම විඩීයෝ ක්‍රීඩා පාලකය නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය සඳහා ඔහුට ස්ටර්ලිං පවුම් 4,000 ක පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර එය මුළුමනින්ම නිමකිරීම සඳහා මාස 05 ක කාලයක් ගතවී ඇත. 366 cm x 159 cm x 51 cm ක පරිමාණයකින් යුක්ත වන මෙම පාලකය කිලෝ ග්‍රෑම් 114 ක ස්කන්ධයකින් ද යුක්ත වේ. අවම වශයෙන් ක්‍රීඩාකරන්නන් දෙදෙනෙකුට මෙම පාලකයේ බොත්තම් මතට පනිමින් වීඩියෝ ක්‍රීඩාකිරීමට හැකියාව පවතින බව ද සඳහන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    හුලං ගහන්නේ නැති අමුතු ජාතියේ ටයර් එකක්

    image007.jpg


    හුළං ටයර් පිපිරී දිනකට කෙතෙක් නම් රිය අනතුරු සිදුවෙනවාද? මේ ටයර් වලින් අතර මගදී ටයර් මාරු නොකර භයක් සැකක් නැතිව ගමනක් ගොස් එන්න පුළුවන්. මිචලින් ටයර් සමාගමේ උසස් නිපදවීමක්.අමෙරිකාවේ මිචලින් ටයර් සමාගම දකුණු කැරොලිනා කම්හලේ අමුතු ජාතියේ ටයරයක් නිපදවා ඇත.

    හුළං නොගසන මේ ටයර ලබන අගෝස්තු මාසයේ දී වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට යයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඒඩ්ස් වලට එන්නතක්

    HIV-rebbbon.jpg


    එච්.අයි.වී. හෙවත් ඒඞ්ස් වෛරසයට ප‍්‍රතිරෝධී එන්නතක් පර්යේෂණවලදී සාර්ථක ප‍්‍රතිඵල ලබා දුන් බව අමෙරිකානු විiාඥයන් පිරිසක් පවසනවා. පර්යේෂණ සිදු කෙරුණේ වඳුරන් යොදා ගනිමින්. එන්නත ලබාදුන් වඳුරන් වෛරසයට නිරාවරණ කළ විට ඔවුන්ගෙන් සියයට 80ක්ම ආරක්ෂිත වූ බව විද්‍යාඥයන් පවසනවා. ආසාදනය වූ වඳුරන්ගේද රුධිරයේ අඩංගු වූ වෛරස ප‍්‍රමාණය ඉතා අඩු බවයි ප‍්‍රකාශ කෙරුණේ. එම එන්නත ලබන වසරේදී මිනිසුන් සඳහා අත්හදා බලන බවද ප‍්‍රකාශ කෙරුණා.
    මේ අතර ලොවපුරා දැනට සිට එච්.අයි.වී. හෙවත් ඒඞ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 34කට වැඩියි. මිලියන 25කට වැඩි පිරිසක් ඒඞ්ස් නිසා මියගොස් තිබෙනවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වෙනස්තාලේ ඡායාරූප ප්‍රදර්ශනයක්

    photos.jpg


    පැය 24 ක කාලයක් තුළ Flickr වෙබ් අඩවියට ඇතුළු කරන ලද ඡායාරූපවල පිටපත් යොදාගනිමින් එරික් කෙසල්ස් නම් කලාකරුවා විසින් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.
    ඒ අනුව මෙම ප්‍රදර්ශනය සඳහා ඡායාරූප පිටපත් මිලියනයකට වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇති බව සඳහන්ය.
    සමාජයීය ජාල සහ ඡායාරූප හුවමාරු කරගත හැකි වෙබ් අඩවි හරහා අධික ප්‍රමාණයකින් යුත් ඡායාරූප ප්‍රමාණයක් එළිදැක්වීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ බව එරික් කෙසල්ස් සඳහන් කර තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ආභරණ බෙදන ඉන්දියාවේ ඒ.ටී.එම්. මැෂිම

    atm.gif


    රන් හා රිදී කාසි වලට අමතරව දියමන්ති හා රන් ආභරණ ලබා ගත හැකි ඒ.ටී.එම්. යන්ත‍්‍රයක් ප‍්‍රථම වරට ඉන්දියාවේ මුම්බායි නුවර සවි කර ඇති බව වාර්තා වේ.

    මෙම යන්ත‍්‍රය සවිකර ඇත්තේ ඉන්දියාවේ විශාල සමාගමක් වන ගීතාංජලී සමාගම විසිනි.
    මෙහි පළමු යන්ත‍්‍රය බොලිවුඩ් තරුවක් වන රයිමා සෙන් හා ගීතාන්ජලී සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සංජීව් අග‍්‍රවාල් අතින් පසුගියදා විවෘත විය.
    මෙවැනි යන්ත‍්‍ර 75 ක් සවිකිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අග‍්‍රවාල් මහතා පවසයි.
    මෙම යන්ත‍්‍ර මගින් වටිනා ලෝහ, ආභරණ හා ධනයට අධිපති හින්දු දෙවඟන වන ලක්‍ෂ්මි දෙවියන් ගේ රුව ඇතුළත් රන් කාසි ඇතුළු නිෂ්පාදන 36ක් ලබාගත හැකි බවත්, ඇමෙරිකානු ඩොලර් 20 – 610 දක්වා මිලකට මෙම නිෂ්පාදන අලෙවිකරන බවත් එම සමාගම පවසයි.

    මුදල් හෝ බැංකු කාඞ්පත් මගින් මුදල් ගෙවීමෙන් අනතුරුව පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ ලබාගත හැක.
    ලොව වැඩිපුරම රන් පරිභෝජනය කරන රට ඉන්දියාවයි.
    රත‍්‍රන් ලබාගත හැකි ඒ.ටී.එම්. යන්ත‍්‍ර මේ වන විට බි‍්‍රතාන්‍යයේ, ඇමෙරිකාවේ, යුරෝපයේ හා මැදපෙරදිග කලාපයේ ඇති අතර, මෑතකදී චීනයේ බීජිං නුවරද රත‍්‍රන් ලබාගත හැකි ඒ.ටී.එම්. යන්ත‍්‍රයක් සවිකරන ලදී.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කෑමට ගත හැකි තජ් මහලක්

    tajmahal.jpg


    ආහාරයට ගත හැකි ලොව විශාලතම තජ් මහලෙහි ආකෘතියක් නිර්මාණය කරමින් ලෝක වාර්තාවක් නිර්මාණය කිරීමට ආහාර නිර්මාණකරුවකු සමත්ව තිබේ.
    ව්‍යාංජන රසකාරක, බත්, පපඩම් සහ බොම්බේ අර්තාපල් ආදිය යොදාගනිමින් අඩි 3 Xඅඩි 10 Xඅඩි 5 ක විශාලත්වයකින් යුත් මෙම ආකෘතිය නිර්මාණය සඳහා දින 05 ට වැඩි කාලයක් ගතව තිබේ.
    තජ් මහල් ආකෘතියේ ගෝලාකාර කොත සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ චපාති නම් ආහාර යොදාගනිමිනි.
    අමෙරිකාවේ ආහාර ජාලයක නව ආහාර වර්ගයක් හඳුන්වාදීමේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් මෙම අපූරු තජ් මහල නිර්මාණය කර තිබේ.
    තජ් මහල පිහිටි උද්‍යානයේ කොටසක් සඳහා පපඩම් ද, ගස් සඳහා කොළ මිරිස් ද, යොදාගෙන ඇති අතර උද්‍යානයේ වෙනත් සැරසිලි වෙනුවෙන් අඹ චට්නි ද යොදාගෙන ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    න්‍යෂ්ටික බෝම්බ දෙකකින් බේරුනු මිනිසා

    bombs.gif


    දෙවන ලෝක යුද සමයේ දී සිදුවූ හිරෝෂිමා, නාගසාකි බෝම්බ දෙකෙන් ම දිවා ගලවා ගත් 93 හැවිරිදි පුද්ගලයකු ජපානයෙන් වාර්තා වේ.

    ත්සුතොමු යමගුචි නම් මොහු 1945 අගෝස්තු 06 දින ව්‍යාපාරික කටයුත්තක් සඳහා හිරෝෂිමා නගරයට ගොස් සිටින විටදී හිරෝෂිමා බෝම්බ ප‍්‍රහාරයට අසුවී දැඩි පිළිස්සුම් තුවාල ලැබුවේය.

    1945 අගෝස්තු 09 දින සිය ගම වන නාගසාකි බලා යාමෙන් අනතුරුව ඔහු එම නගරයට එල්ල වූ න්‍යෂ්ටික බෝම්බ ප‍්‍රහාරයට ද අසුවිය.

    යමගුචි මහතා නාගසාකි බෝම්බයෙන් දිවිගලවා ගත් බවට ජපන් බලධාරීන් දැන සිටියද, ඔහු හිරෝෂිමා බෝම්බයෙන්ද බේරුනු බවට අනාවරණය වූයේ පසුගියදා ය.

    මෙවැනි අනතුරු වලින් විකිරණශීලී ද්‍රව්‍ය වලට නිරාවරණය වී දිවිගලවාගත් ජපන් වැසියන් හට රජයේ වන්දි හිමිවේ.

    කෙසේ වෙතත් යමගුචි මහතා මෙවැනි සිද්ධීන් වලට දෙවතාවක් මුහුණ දුන්නද, ඔහුට ලැබෙන වන්දි දෙගුණයක් නොවන බව ජපන් බලධාරීන් පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බොරු අල්ලන අළුත් ම තාක්‍ෂණය

    boru.gif


    ඇත්ත, බොරුව පැහැදිලිව දැන ගැනීම සඳහා අළුත්ම තාක්‍ෂණ ක‍්‍රමයක් විiාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.
    ශරීරයේ උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන මෙම උපකරණය මගින් මූලික පරීක්‍ෂණ මේ වන විට සිදු කර ඇති බවත් එහි ප‍්‍රථිඵල 2/3ක් සාර්ථක බව මෙම පර්යේෂණ සිදුකළ බ‍්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.

    අසත්‍යයක් පවසන විටකදී ශරීර උෂ්ණත්වය ඉහළ යන බවත් මෙම උපකරණය මගින් එම වෙනස්වීම් පෙන්වන බවත් පවසන ඔවුන්, මෙම දත්ත වලට අමතරව මුහුණේ හැඟීම් වර්ග කරන වෙනත් පද්ධතියක දත්ත ද සමග පරිඝණයකට ඇතුළත් කරන බව පවසයි.

    මෙම සියළුම දත්ත සැලකිල්ලට ගනිමින් පරීක්‍ෂනයට භාජනය කරන පුද්ගලයා පවසන දෑ වල සත්‍ය අසත්‍යතාවය නිර්ණය කරනු ලැබේ.

    මේ වසර අවසානය වන විට මෙම තාක්‍ෂණය බි‍්‍රතාන්‍යයේ ගුවන්තොටුපලක් සඳහා ද යොදගැනීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පිළිකා නසන වෛරසයක්

    can.gif


    කැනේඩියානු විද්‍යාඥයින් පිරිසක් විසින් පිළිකා නසන වෛරසයක් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.
    ඔටාවා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා ඇති එම වෛරසය JX-549 ලෙස නම්කර තිබේ.
    එම වෛරසය පිළිකා රෝගියකුගේ රුධිරයට එන්නත් කිරීමෙන් අනතුරුව එය පිළිකා ෙසෙල පමණක් සොයා ඒවා විනාශ කරන බව එම විද්‍යාඥයින් පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දැල්වෙන නිවෙන බල්ලෙක්

    dog.jpg


    ජාන තාක්ෂණය අඳුරේදී දීප්තිමත්ව බබළන අපූරු සුනඛයෙකු නිර්මාණය කිරීමට දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ බල්බයක් නිවෙන දැල්වෙන ආකාරයෙන් මෙම දීප්තිය පාලනය කළ හැකිවීමය. බීගල් වර්ගයේ සුනඛයකු මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර ඒ සඳහා පවුම් මිලියන 02 ක් වැය වී තිබේ. පාරජම්බුල කිරණ අතර පමණක් සුනඛයාගෙන් නිකුත්වන මෙම ආලෝකය දැකිය හැකි අතර මෙම ක්‍රමය විවිධ රෝග කාරක සොයාගැනීමේ ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි බව ද විද්‍යාඥයින් පවසයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සූට්කේසයෙන් ගමන් යන්න

    suit.jpg


    ජපන් සමාගමක් විසින් කුඩා ස්කූටරයක් ලෙස භාවිත කළ හැකි සූ‍ට්කේසයක් වෙළඳපොළට නිකුත් කර තිබේ. ලීටර් 26 ධාරිතාවයකින් යුත් මෙම බහාලුමේ බර කිලෝග්‍රෑම් 5ක් පමණ වේ. මෙම ස්කූටරයේ වේදිකාවට කිලෝග්‍රෑම් 100 ක බරක් දැරිය හැක. ප්‍රධාන වශයෙන් මෙම නිර්මාණය විශාල ගොඩනැගිලි, ගුවන් තොටුපොළ වැනි ස්ථාන වලදී ප්‍රයෝජනවත් වන බව මෙහි නිර්මාතෘවරුන් පවසයි. ඔබේ එදිනෙදා වැඩ කටයුතුවලදී පයින් ගමන් කිරීමට සිදුවන අවස්ථා සඳහා මෙම නිර්මාණය පහසු හා ඉක්මන් විසඳුමකි. මෙය ඉතා ආරක්ෂා සහිත නිර්මාණයක් වුවත් මහජනයා බහුලව ගැවසෙන ස්ථාන වලදී භාවිත කීරිම අපහසු වීම එහි පවතින එක් දුර්වලතාවයකි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දුම්වැටි වෙනුවට කැරට්

    carrot.jpg


    දුම්වැටි භාවිතයට පුරුදුවී සිටින සිරකරුවන් සඳහා දුම්වැටි වෙනුවට කැරට්‌ බෙදාදීමට නවසීලන්තයේ බන්ධනාගාර බලධාරීන් තීරණය කර ඇත. බන්ධනාගාර තුලදී දුම්වැටි භැවිතය ලබන ජූලි 01 දින සිට තහනම් කර තිබීම මෙයට හේතුව වී ඇත. විශාල ප්‍රමාණයේ කැරට්‌ අල දුම්වැටියක හැඩයට සකස්‌ කර අවශ්‍ය අයට එය ආදේශකයක් ලෙස භාවිත කිරීමට ලබාදෙනු ඇත. මෙය සාමාන්‍ය විහිළුවක් ලෙස නොගැනෙන බවත් මෙය හොඳ අත්හදා බැලීමක්‌ බවත් බලධාරීහු පවසති.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නරඹන්නන්ට සුව නින්දක් කැඳවන නාට්‍ය දර්ශනයක්

    drama.jpg


    ඔබ කිසියම් නාට්‍ය සංදර්ශනයක් නරඹන අතරතුර ඔබේ නෙත් වෙත කිසියම් නිදිමත ස්වභාවයක් දැනේ නම් එයින් අදහස් වන්නේ එම නාට්‍ය දර්ශනය එතරම් රසවත් නොවන බවය. නමුත් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර එක්තරා නාට්‍ය නිර්මාණකරුවන් පිරිසක් විසින් එක් අපූරු නාට්‍ය දර්ශනයක් නිර්මාණය කර තිබේ. නාට්‍ය ප්‍රේක්ෂකයින් වෙත සුව නින්දක් ලබාදීමේ අරමුණින් මෙම නාට්‍ය නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

    මෙම නාට්‍ය නිර්මාණය ප්‍රේක්ෂකයින් සුව නින්දක් කරා ගෙනයන අයුරින් ඉදිරිපත් කෙරෙන අතර නිදිමත ඇතිකරවන කතාන්දර කියන්නන් හා ගී ගයන බූවල්ලන්ගෙන් සමන්විතය. අසුන් වෙනුවට තැනුණු සුව පහසු යහන්වල නරඹන්නන් වැතිරී සිටින අතර එම යහන් මධ්‍යයෙහි සැකසුණු වේදිකාවක නළු නිළියන් රංගනයේ යෙදෙයි.