Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසක්

    head.jpeg


    මොළය මැද අඟල් 3.25ක් දිග ඇණයක් තිබෙන බව නොදැනැත් දිවිගලවාගත් මිනිසකු පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ චිකාගෝ හි වෙසෙන ඩාන්ටේ අව්ටුල්ලෝ නම් 34 වියැති පුද්ගලයෙකි.තම වැඩපොලෙහි යම්කිසි වැඩක නිරත වී සිටි ඩාන්ටේ ගේ හිසෙහි ඇණ විදින යන්ත‍්‍රයක් (Nail gun) වැදී අතර, මේ හේතුවෙන් ඔහුගේ නළල ද තුවාල වී ඇත.කෙසේ වෙතත්, තම හිස තුළට ඇණයක් විදී ඇතැයි ඩාන්ටේ දැනසිට නැත.
    පසුගිය දිනයේදී අසනීප තත්ත්වයකින පසුවී ඇති ඩාන්ටේ වෛදවරයෙකු හමුවීමට ගොස් ඇති අතර, ඔහුගේ මොළය මැද ඇණයක් තිබෙන බව එක්ස් කිරණ පරීක්‍ෂණයකින් හෙළි වී ඇත.යන්ත‍්‍රය නළලේ වැදුනු අවස්ථාවේදී එහි සංවේදකයට පැතලි පෘෂ්ඨයක් සංවේදය වී ඇති අතර, ඉන් අනතුරුව එම යන්ත‍්‍රය ස්වයංකී‍්‍රයව කි‍්‍රයාත්මක වී ඇත.

    මෙම ඇණය තිබී ඇත්තේ ශරීරයේ චලනයන් පාලනය කරන මොළයේ කොටසට මිලිමීටර කිහිපයක් ආසන්නයෙන් බව විදෙස් වාර්තා වාර්තා කරයි.පසුව ඉලිනොයි ප‍්‍රාන්තයේ ඕක් ලෝන් ප‍්‍රදේශයේ ඇඞ්වකේට් ක‍්‍රයිස්ට් වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදුකරන ලද පැය දෙකක ශල්‍යකර්මයකින් පසුව මෙම ඇණය ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වී ඇත.

    ශල්‍යකර්මයයෙන් පසුව විවේකීව සිටින ඩාන්ටේ ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නුවරඑළියට බිම් තුහින පතිත වෙයි

    nuwara.jpg


    නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි ශීත දේශගුණික තත්ත්වයත් සමග තෘණ බිම් මත උදෑසන කාලයේ බිම් තුහින පතිත වී තිබීම ඉතා සුලභ දසුනක්‌ වී ඇත.
    මෙම තත්ත්වය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නැරැඹීට හේතුවීමත් සමග නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හල් සියල්ල සංචාරකයන් ගෙන් පිරී ගොස්‌ ඇති අතර නුවරඑළියේ සුන්දරත්වයද වසර ගණනකට පසු වැඩිවී ඇත. මෙම සුන්දරත්වය මිනිසුන්ට මෙන්ම වනසතුන්ටද දැනුන අවස්‌ථාවකි මේ.

    හෝර්ටන්තැන්න තණ බිමක මිදුණු පිණි කැට බිම් තුහින බවට පත්වී ඇති අයුරු හා ඒවා මත ගෝන රංචු සැරිසරන අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    රූපවාහිනි නිවේදිකාව සතුන් වෙනුවෙන් නිරුවත් වෙයි

    naked.jpg


    හොලිවුඩ් නිළියක් මෙන්ම මෝස්තර නිරූපිකා හා රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක් වන ඔලිවියා මන් නිරුවතින් දැන්වීම් පෙළක් සඳහා පෙනී සිට ඇතැයි වාර්තා වනවා. ඇය මෙසේ පෙනී සිට ඇත්තේ සතුන්ගේ සම් හා ලොම් භාවිතා කර සිදු කරන ඇඳුම් නිෂ්පාදනයට එරෙහිව නැගී සිටින පේටා සංවිධානයේ දැන්වීම් පෙළක් සඳහායි.

    31 හැවිරිදි ඔලිවියා සිය දෑත් වලින් පමණක් තම නිරුවත වසා සිටින අයුරු මෙම දැන්වීවලින් නිරූපණය වේ. මෙම දැන්වීම් පළ කර ඇත්තේ චීනයේ පවත්වාගෙන යන සත්ත්ව ලොම් ගොවිපොළවල් වල සිදුවන කෲරත්වයට එරෙහිව බවයි වාර්තා වන්නේ. මෙම දැන්වීම් සහිත පුවරු ලොස් ඇන්ජලීස් නගරයේ පසුගිය 13දා එළිදක්වනු ලැබිණි. “ලස්සන වීමට සත්ත්ව ලොම් අවශ්‍ය කාටදැයි” ඇය මෙම දැන්වීමේ අසා සිටියි.
     
    • Like
    Reactions: lahirufx+

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගුරුළු රජා නිල්ගල ගස් උඩ

    gurulu.jpg


    දුර්ලභ ගුරුළු රාජ මල මේ දිනවල නිල්ගල ඔසු උයනෙහි පිපී තිබේ. මේ උඩවැඩියා මල ඌව පළාතේ පුෂ්පයයි.
    රතුගල ආදි වාසි නායක සුදා වන්නියලා ඇත්තන් කියනුයේ දෙසැම්බර් පෙබරවාරි සමයේ මල් පිපෙන බවයි.
    සර්ප විෂ හිසේ හා බඩේ අමාරු සෙම හා ඇදුමට ගුරුළුරාජ මල ගනිතියි රතුගල ආදිවාසී නායකයා කියයි.
    පොක්ස් ටේල් ඔර්කිඩ් හා මඩකළපු ඕකීඩ් යන නම්වලින් ද මේ පුෂ්පය හැඳින්වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලංකාවට හඳුන්වාදුන් ස්මාර්ට් මීටර් ක්‍රමය

    smeter.jpg


    විදුලි පාරිභෝජනයේදී පාරිභෝගිකයටත් සේවාදායකයාටත් විශේෂ වාසි හා පහසුකම් ලබාගත හැකි ව්‍යාපෘතියක් ලෙස “ස්මාර්ට් විදුලි මීටරය” ක්‍රමය විදුලි හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා හඳුන්වා දුන්නා.

    මෙමඟින් තමන්ගේ විදුලි පරිභෝජනය පිළිබඳ පැයෙන් පැය දත්ත ලබාගත හැකි අතර ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය හරහා අන්තර්ජාලයට ඇතුළුවී එම මොහොතේ ඇති තමන්ගේ බිල්පත බලාගැනීමටද හැකි වෙනවා.

    විදුලි කාන්දුවක් වැනි අවස්ථාවකදී ස්මාර්ට් මීටරය මඟින් විදුලි ආයතනය වෙත දත්ත ලබාදෙන අතර එවැනි හදිසි අවස්ථාවකදී ක්ෂණිකවම එස් එම් එස් පණිවුඩයක් මඟින් පාරිභෝගිකයා දැනුවත් කිරීමට පහසුකම් තිබෙනවා. තවද අවශ්‍ය නම් විදුලි ආයතන හරහා ස්මාර්ට් මීටරයට විධානයක් ලබාදී විදුලිය විසන්ධි කිරීමටද පුළුවන.

    ස්මාර්ට් මීටරය ක්‍රියාත්මක වන්නේ පහත ආකාරයටයි

    විදුලි මීටරයේ ඇති ඇන්ටනාවක් මඟින් අදාල දත්ත විදුලි බල මණ්ඩලයේ සංඥා කුළුණකට ලබාදෙන අතර එම කුළුණේ සිට එම දත්ත මධ්‍යම මෙහෙයුම් ඒකකයකට යොමු කෙරෙනවා. අප විසින් බිල්පත් හා පාරිභෝගික විස්තර ලබාගන්නේ, මීටරයෙන් දත්ත ලැබෙන එම මධ්‍යම මෙහෙයුම් ඒකකයට ජංගම දුරකථනයෙන් හෝ අන්තර්ජාලය මඟින් සම්බන්ඳ වීමෙනි.

    මේ සමඟම “පෙර ගෙවුම් ස්මාර්ට් විදුලි මීටරයක්” ද අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා. මෙම පෙර ගෙවුම් විදුලි මීටර මඟින් තමාගේ මාසිකව භාවිතා කිරීමට බලාපොරොත්තු වන ප්‍රමාණයට ගැලපෙන ලෙස මුදල් ගෙවා විදුලි පරිභෝජනය කිරීමට හැකි වෙනවා.

    පෙර ගෙවූ ප්‍රමාණයට විදුලිය පරිභෝජනය කළ පසු නැවත යම් මුදලක් ගෙවා එය අලුත් කරගත යුතුයි. එසේ නොවන විටදී විදුලිය විසංධි වන අතර මුදල් ගෙවූ පසුව නැවත සම්බන්ඳතාවය ලැබෙනවා

    කුලී පදනම මත දෙන වෙළඳසැල් හා මහල් නිවාස වලට මෙම ආකාරයේ පෙර ගෙවුම් ස්මාර්ට් මීටර් ක්‍රමය බොහෝ වාසිදායක වෙන අතර ආරම්භයක් ලෙස මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ නිවාස 30ක් තෝරාගෙන ඒවායේ මෙම නව ස්මාර් විදුලි මීටර් සවි කර තිබෙනවා.

    ඉදිරියේදී මෙම නව ස්මාර්ට් මීටර ක්‍රමය කොළඹ, නුවර, කිරිබත්ගොඩ හා කැළණිය ආදී ප්‍රදේශවල ආරම්භහ කිරීමටද ලංකා විදුලි පෞද්ගලික සමාගම බලාපොරොත්තු වෙනවා.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ප්‍රථම ජලය යට පිහිටි හෝටලය

    dubai.jpg


    මේක නම් කරලා තියෙන්නෙ හයිඩ්‍රොපෝලිස් (hydropolis) කියලා. මෙය ඉදිකරන්න සූදානම් කරලා තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේයි. මුහුදේ සිට මීටර 20ක් යටින් තමයි මේක ඉදි කරන්නෙ. ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 300ක්.
    සෑම දෙයක්ම අතිශය සුඛෝපභෝගී ලෙස ඉදිකරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙම හෝටලය පිලිබද අදහස 2006 දී මුලින්ම ඉදිරිපත් වූ අතර එය ඉදිකිරීම 2008 දී පටන්ගන්න සැලසුම් කරලා තිබුනා.කොහොම නමුත් 2010 වෙනකනුත් මේකෙ ඉදිකිරීම් නම් පටන්ගෙන නෑ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැටි

    2.jpg


    වයඹදිග එංගලන්තයේ ලිවර්පූල්හි පදිංචි ක්‍රෙග් ලන්ඞ්බර්ග්ගේ වයස අවුරුදු 24 යි. එයා බි‍්‍රතාන්‍ය ජාතික තරුණයෙක්. ක්‍රෙග්, බි‍්‍රතාන්‍ය හමුදා සේවයට බැඳිලා ගියා ඉරාකයට. හමුදා මෙහෙයුම්වල යෙදෙද්දී 2007 අවුරුද්දේදී ඉරාකයේ බස්රා නුවරදී සතුරන්ගේ රොකට් ප‍්‍රහාරයකට ගොදුරු වූ ඔහුගේ දෑස් අහිමි වුණා. ඔහුට ආයේ කවදාවත් ඔහුගේ ඇස්වලින් පෙනීම ලැබෙන්නේ නැහැ. ඒත් දුක් වෙන්න කාරි නැහැ. නවීන තාක්ෂණය ක්‍රෙග්ගේ උදව්වට ආවා. නවීන තාක්ෂණයේ පෙරැුළියක් සිදු කරමින් අලූත් මෙන්ම අපූරු ක‍්‍රමයකට ක්‍රෙග්ට යළි පෙනීම ලබා දීමට හැකිවී තිබෙනවා. දැන් ක්‍රෙග්ට පෙනීම දෙන්නේ ඔහුගේ ඇස් නොවේ, දිවයි.

    දැන් දිව උපයෝගී කර ගෙන ලාන්ස් කෝප්රල් ක්‍රෙග් ලන්ඞ්බර්ග්ට වචන කියවන්න පුළුවන්. හැඩතල හා රූප හඳුනාගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, කාගේවත් උදව්වක් නැතිව තනිවම එහෙමෙහෙ යන්න පුළුවන්. මේ වනතෙක්ම ඔහුගේ සහායට හිටියේ හොඳින් පුහුණුව ලත් බලූ සුරතලෙක්. නමුත් මේ අලූත් හැකියාව ඔහුට හිමිකර දුන්නේ ඇමෙරිකා එක්සත් ජන පද හමුදාවේ හිටපු මේජර් ජනරල්වරයකු වූ ගේල් පොලොක් ප‍්‍රමුඛ තාක්ෂණවේදීන් කණ්ඩායමක් තැනූ අලූත්ම තාලේ උපකරණ කට්ටලයක් මගින්. ඔවුන් මේ නව උපකරණය හැදුවේ අන්ධ පුද්ගලයන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දීමේ අරමුණ ඇතිවයි.

    දිවෙන් පෙනීම ලබා දෙන මේ නව උපකරණ කට්ටලයට අයත් වෙනවා, අව් කන්නාඩියකට සවි කළ සූක්ෂම වීඩියෝ කැමරාවක් හා ‘ලොලිපොප්’ එකක් වගේ දිව මතුපිට තැබිය හැකි සංවේදකයක්. කැමරාවෙන් ලබා ගන්නා සුදු හා කළු පික්සල (රූපයක් මවන කුඩා තිත්) වලින් තමයි, දිව මත තබන සංවේදකය යොදාගෙන මේ උපකරණය භාවිත කරන්නාගේ මනසේ ඇඳෙන චිත‍්‍රයට අවශ්‍ය උත්තේජකයන් සපයන්නේ. අව් කන්නාඩියේ සවි කර ඇති කැමරාවෙන් ගන්නා රූප විදුලි සංඥා මගින් දිවේ ඇති උපාංගය මගින් දිවට දැනෙන්න සලස්වනවා. ඒවා දිවට දැනෙද්දී කිතිකැවෙනවා වගේ අපූරු හැඟීමක් ඇති වෙනවා. රූපයෙන් රූපයට ඒ දැනීම වෙනස් වෙනවා. ඒ අනුව මොළයට පණිවුඩ යැවෙනවා දකින්න ලැබුණු දේ මොකක්දැයි කියලා. ඒ අනුව ඒ ද්‍රව්‍යය මොකක්ද හා එය වටේ ස්වභාවය කොහොමදැයි අවබෝධයක් ගන්න ක්‍රෙග්ට හැකියාව ලැබෙනවා. මේ නව උපකරණය හඳුන්වා ඇත්තේ ‘බ්‍රේන්පෝට්’ කියලයි. බ්‍රේන්පෝට් උපකරණ කට්ටලය භාවිත කිරීමේ වාසනාව හිමි ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජාතිකයා ද වන්නේ ක්‍රෙග් ලන්ඞ්බර්ග්. ඒ සඳහා ඔහුව තෝරා ගනු ලැබුවේ බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසිනුයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඡෛව කලාපයේ ඇති බවට තහවුරු කළ පළමු ග්‍රහලොව

    kep22.jpg



    අපට ආලෝකවර්ශ 600 කට පමණ එපිටින් ඇති පෘතුවිය මෙන් 2.4 ගුණයක් පමණ විශාල ග්‍රහලොවක් ද්‍රව ජලය පැවතිය හැකි ජෛව කලාපයේ (habitable zone) පවතින බව කෙප්ලර් මෙහෙයුම මගින් නිරීක්ෂණය කර තිබේ. කෙප්ලර් මෙහෙයුමෙන් සොයාගත් තහවුරු කල ප්‍රථම ජෛව කලාපයේ පවතින ග්‍රහලොව වන්නේ මෙයයි. කෙප්ලර් මේ ග්‍රහයා සොයාගත්තේ එහි සංක්‍රාන්ති සහ එහිදී ග්‍රහයා තරුව ඉදිරියෙන් ගමන් කිරීමේදී තරුවේ සිදුවන දීප්තතා විචලනයන් අධ්‍යනයන් කිරීමෙනි නාසා ආයතනයේ මෙහෙයුම් මගින් මේ වනවිට ග්‍රහලෝක 2326ක් සොයාගෙන තිබෙනවා. මේ අතර පෘතුවියේ ප්‍රමාණයට සමාන ග්‍රහලෝක 207ක්,සුපිරි පෘතුවියන් (පෘතුවියේ විශ්කම්භය මෙන් 1.25 සිට දෙගුණයක් දක්වා වන ග්‍රහලෝක )680ක්, නෙප්ටූන්ප්‍රමාණයේ 1181ක්, බ්‍රහස්පති ප්‍රමාණයේ 203ක් සහ ඊටත් වඩා විශාල ග්‍රහලෝක 55ක් වනවා.මේවායින් 48ක් ජෛව කලාපයේ පැවතිය හැකි යැයි සැක කරන අතර ඉන් 10ක් ආසන්න වශයෙන් පෘතුවියේ ප්‍රමාණයට සමානයි. ඉහතින් තහවුරු කල ග්‍රහලොවේ නම 22b ලෙස හඳුන්වා දී ඇති අතර එය G වර්ගයේ තරුවක් වටා දින 290ක පරිභ්‍රමණ කාලයකින් යුතුව පරිභ්‍රමණය වේ.මෙම තරුව හරියටම ජෛව කලාපයේ මධ්‍යයට ආසන්නව පරිභ්‍රමණය පවතින අතර එහි මවු තාරකාව අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාට බෙහෙවින්ම සමාන වේ. ජෛව කලාපයේ පැවතිය පමණින් ග්‍රහලොවේ ජීවයක් පවති යැයි කිව නොහැක.ඒ සඳහා ග්‍රහලොවට වායුගෝලයක් පැවතීමද අවශ්‍ය වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කළුවරේත් පේන චීනයේ බළල් ඇස් ළමයා

    nong.gif



    දිවාකාලයේ මෙන් අඳුරේදීත් හොඳින් දෑස් පෙනෙන බළල් ඇස් සහිත පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් චීනයේ ග්වන්ෂි පළාතෙන් වාර්තා වේ.

    චීන ජාතිකයන්ගේ දෑස් සාමාන්‍යයෙන් කළු පැහැ වුවද, නොං යොහුයි නැමැති මෙම ළමයාගේ දෑස් ලා නිල් පැහැයක් ගනියි.
    නොං ගේ දෑස් පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ නොං උපතින්ම ලියුකෝඩර්මියා නම් දුර්ලභ තත්ත්වයකට ලක්වී ඇති බවයි. ලියුකෝඩර්මියා හේතුවෙන් හිරු එළියෙන් දෑසට දැඩි ලෙස හානි සිදුවිය හැත.
    නොං ඉපදී මාස දෙකක් ගතවීමට පෙර නොංගේ පියා විසින් ඔහුව වෛද්‍යවරුන් කරා ගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පවසා ඇත්තේ නොං වැඩෙන විට ඔහුගේ දෑස් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.
    කෙසේ වෙතත් නොං ගේ දෑසට ආලෝකයක් එල්ල කළහොත්, එය බළලෙකුගේ දෑස් මෙන් දිස්න දෙන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
    නොං ගේ දෑසේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහුට කළුවරේ දී පවා දිවාකාලයේ මෙන් ඇස් පෙනීමයි.
    මේ පිළිබඳ ව සැලවීමත් සමග ඔහු හමුවීමට මාධ්‍යවේදීන් රැසක් පැමිණ ඇති අතර, සාමාන්‍ය පුද්ගලයෙකුට නොපෙනෙන කරුවල කාමරයක් තුළදී ප‍්‍රශ්ණ පත‍්‍රයකට පිළිතුරු ලිවීම වැනි විවිධ පරීක්‍ෂණ වලට සාර්ථක ලෙස මුහුණදීමට යොං සමත් වී ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සර්පයා පරදී

    imad2.jpg


    imad3.jpg


    මාස 13ක් වයසැති කූඩා දරුවෙක් තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ‍්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් වාර්තාවෙයි.
    මව එන වීට දරුවා සර්ප හිස හපා කා අවසන් වී තිබිණි. වීගස රෝහල් ගත කළ ඉමාඩි හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පියා පවසයි.
    දරුවා හපා කා ඇත්තේ සෙන්ටීමිටර 40ක් දිග තරමක් වීස සහිත සර්පයෙකි
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ටී ෂර්ට් 257ක් අඳිමින් ලෝක වාර්තාවක්​


    Sanath-bandara.jpg


    ටී ෂර්ට් 257ක් විනාඩි 48කදී අඳිමින් පසුගිය දා හයිඩ් පිටියේදී ලෝක වාර්තාවක් තැබීමට ලංකාවේ තරුණයෙක් සමත් වුනා. හුරුළු වැව, මහවැලි කලාපයේ ගල්කිරියාගම සනත් බණ්ඩාර වන ඔහු මැරතන් තරඟ වලින් නමක් දිනාගත් තරුණයෙක්.
    මීට පෙර එම වාර්තාව තබා තිබුනේ කොරියානු ජාතිකයෙකයෙක්. ඒ ටී ෂර්ට් 252ක් පැයකුත් විනාඩි 42කදී අඳිමින්
    මෙම කටයුත්ත අධීක්ෂණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස අලුතින් පත්වූ මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතායි.

    Wow! a srilankan young person setting a world record! he might have become very popular after this.

    But, I wonder whether he is feeling like being someone valuable for the human kind after this event? Someone who has done a contribution towards the human kind?

    This is a good example to prove that the popularity does not always makes you a valuable person.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දස බසක් දන්න දස වියේ දැරිය

    sonia.gif


    භාෂා 10කින් කතා කිරීමට හැකි දස හැවිරිදි දැරියක් පිළිඳව බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වේ.
    තායිවානයේ උපත ලද මෙම දැරිය වන සෝනියා යැං, මේවන විට එංගලන්තයේ ස්ටොක්පෝට් ප‍්‍රදේශයේ සිටියි.
    සෝනියා හට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙන් ඇගේ දෙමාපියන් එංගලන්තයේ පදිංචියට ගොස් ඇත.
    එංගලන්තයට පැමිණෙන විට ඇයට සිය මව් භාෂාව වන තායි බසට අමතරව ජපන්, චීන හා ඉංග‍්‍රීසි චතුර ලෙස කතා කිරීමේ හැකියාව තිබිණි.
    මේ වන විට ඇයට ජර්මන්, ප‍්‍රංශ, ස්පාඤ්ඤ, පෘතුගාල භාෂා වලට අමතරව කසක් හා ලුගන්ඩාවේ උගන්ඩානු බසින් ද කතා කළ හැක.
    ඇය මේ වන විට වයඹ දිග එංගලන්ත ප‍්‍රදේශයේ ලාබාල භාෂාවේදියා තේරීමේ තරගයෙන් ජයගෙන ඇත.
    මෙම තරගයට සිසු සිසුවියන් 5,000 ක් සහභාගී වී ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බාසිලෝනාවට සමුදීමට බැලූන් සහ සංදර්ශන ප්‍රවේශපත් තිළිණයක්

    basi.jpg


    බාසිලෝනා නගරයෙහි වසර 3 ට ආසන්න කාලයක් වාසය කළ බ්‍රසීල ජාතිකයකු තමන් මහත් සේ ආදරය කළ මෙම නගරයෙන් සමුගැනීමට තීරණය කිරීමේදී නගරයට අපූරු ත්‍යාගයක් ලබාදීමට තීරණය කර තිබේ. මෙම තිළිණය ලෙස ලූකස් ජටෝබා නැමති මෙම 29 හැවිරිදි නාට්‍ය සංදර්ශනයක් සඳහා නොමිලේ ප්‍රවේශපත් රැසක්ද සමගින් බැලූන 250 ක් අහසට මුදාහැර තිබේ. මෙම ප්‍රවේශපත් සමග බාසිලෝනාවේ සංචාරක ස්ථාන පිළිබඳව සඳහන් කරන ලද කිසියම් සටහනක් ඇලවීමට ද ඔහු අමතක කර නොමැති බව සඳහන්ය.

    තමන් මෙම සුන්දර ස්පාඤ්ඤ නගරයෙහි සංචාරය කිරීමෙන් ලද ආශ්වාදය මෙම බැලූන සහ ප්‍රවේශපත් හමුවන පුද්ගලයින් විසින් ද ලබාගැනීම තම අරමුණ බව ලූකස් පවසයි. එමෙන්ම වසර 03 ක් බාසිලෝනාවෙහි ගතකළ කාලය සිය ජීවිතයේ ඉතාමත් සුන්දර අවධියක් බවත් එමනිසා කෘතගුණ සැලකීමක් ලෙස මෙම නගරයට මෙසේ සමුදීමට තමන්ට අවශ්‍ය වූ බවත් ඔහු සඳහන් කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    කාසි 84, 000 න් නිමවුණු ලින්කන්ගේ රුව

    coins.jpg


    මාස 03 ක කාලයක් සම්පූර්ණ කාලයම වැය කරමින් හිටපු අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ රුව රැගත් දැවැන්ත කාසියක් නිර්මාණය කිරීමට කලාකාරිණියක සමත්ව තිබේ. ලින්කන්ගේ රුව සහිත පැන්සයේ කාසි 84, 000 ක් උපයෝගී කරගනිමින් එම එම කාසියේම දැවැන්ත අනුරුවක් වන්ඩර් මාටිච් නම් මෙම ශිල්පිණිය විසින් නිර්මාණය කර ඇත.

    මේ සඳහා අවශ්‍ය පැන්සයේ කාසි එක්රැස් කිරීම ඇය ආරම්භ කර ඇත්තේ 2006 වර්ෂයේය. කලා නිර්මාණ තරගයක් සඳහා ඉදිරිපත් කිරීමට මෙම දැවැන්ත නිර්මාණය සැකසීමට මාටිච් තීරණය කර ඇති බව සඳහන්ය. 2006 වර්ෂයේදී සිය සැමියාගෙන් වෙන්වී සිය රැකියාවද අහිමිව දියණියන් දෙදෙනා ද සමග ජීවිතය ගැටගසා ගැනීම සඳහා දැරූ දුෂ්කර උත්සාහය පිළිබඳව සිය නිර්මාණය තුළින් පිළිබිඹු කිරීමට තීරණය කළ බව මාටිච් ප්‍රකාශ කරයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    පැය 46 ක හාදුවක්

    kiss.gif


    තායිලන්ත යුවලක් දීර්ඝතම සිපගැනීම වෙනුවෙන් නව ලෝක වාර්තාවක් තබා ඇතැයි වාර්තා වේ.
    තායිලන්තයේ පත්තයා ප‍්‍රදේශයේ පැවති සිපගැනීමේ තරඟයකදී ඔවුන් පැය 46ක් හා විනාඩි 24ක කාලයක් ඔවුන් දෙදෙනා සිපගෙන ඇත.
    මෙම තරඟය සඳහා අඹුසැමි යුවල 14ක් ඊට සහභාගී වී ඇති අතර, එම කාලය තුළදී ඔවුන්ට හිඳගැනීම හෝ නිදාගැනීම තහනම් විය.
    අදාළ කාලය තුලදී, ආහාර ගැනීම, වැසිකිලියට යෑම වැනි කටයුතු කිරීමට ඔවුනට අවසර ලැබුණු නමුත්, නොකඩවා එකිනෙකා වැළඳගෙන සිටීම අනිවාර්ය විය
    තරඟය ජයගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට බාත් 50,000ක් වටිනා දියමන්ති මුද්දක් හා බාත් 100,000 ක මුදල් ත්‍යාගයක් හිමිව තිබේ.
    කෙසේ වෙතත්, ගිනස් ලෝක වාර්තා සමාගම එය වාර්තාවක් බවට තවමත් සනාථ කොට නොමැත.
    දීර්ඝතම සිපගැනීම සඳහා මීට පෙර පැවති ලෝක වාර්තාව වන්නේ, ජර්මන් යුවලක් 2009දී තැබූ පැය 32ක කාලයයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ප‍්‍රථම රොබෝ මැරතන් තරගය ජපානයේ

    robo.gif


    රොබෝවරුන් යොදාගෙන සිදුකරන මැරතන් තරගයක් ලොව ප‍්‍රථම වරට ඊයේ දින (පෙබරවාරි 24) ජපානයේ ඕසකා නුවර ගෘහස්ථ කී‍්‍රඩාංගනයකදී ආරම්භ විය.
    දින 4ක් පුරා පැවැත්වීමට නියමිත මෙ තරගය සඳහා දෙපා මඟින් ඇවිද යන සෙ. මී 30 ක් උස රොබෝවරුන් පස්දෙනෙකු සහභාගී වී සිටියි.
    කිලෝමීටර් 42ක් දිගු වන එම තරගය සඳහා සහභාගී වන රොබෝවරුන්ගේ බැටරි හා මෝටර් වෙනස් කිරීමට අවසර ලැබෙන මුත්, තරගය අතරතුරේදී ඔවුන් ඇද වැටුනහොත් තනිවම නැගී සිටිය යුතු වේ.
    මෙම තරගයේ ජයග‍්‍රාහකයා වන්නේ වඩාත් වේගයෙන් දිවයන රොබෝවරයා නොව තරගයේ දී සිදුවන හානි දරාගැනීමට වඩාත් ශක්තියක් ඇති රොබෝවරයා බව වාර්තා වේ.
    ප‍්‍රාදේශීය බලධාරීන් හා එරට රොබෝ නිෂ්පාදන සමාගමක් විසින් සංවිධානය කර ඇති මෙම තරගය ඉදිරියේ දී අන්තර්ජාතික තරගයක් වනු ඇති බව එහි සංවිධායකියන් බලාපොරොත්තු වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගෙමිදුලේ වෙහෙර ආකෘති හදන කතෝලිකයා

    philix.jpg


    යමක් දුටු පමණින් එය නිර්මාණය කරන්නට හැකි නම් ඔහු සැබැවින්ම දක්ෂයෙකි. ජාති ආගම් කුල මල බේද පසෙකලා යම් අයකු රටෙහි සංස්කෘතිය, කලා ශිල්ප අගය කරන්නේ නම්, එයට වටිනාකමක් දෙන්නට උත්සාහ දරන්නේ නම් අප එය අගය කළ යුතු ය. මාරවිල කුරුස පල්ලිය පාරේ පදිංචි බී.එල්.ඩී. ෆීලික්ස් මහතා ද එවැනි ඇගයීමකට ලක්විය යුතු අයෙකි.
    කතෝලික පරිසරයක ජීවත් වන ඔහු උපතින් ම කතෝලිකයෙකි. එහෙත් ඔහු සොයා ගිය ගමනේ දී ඔහුගේ නිවස ඉදිරිපිට තිබූ දාගැබ් නිර්මාණ ආකෘති දුටු පමණින් අපි පුදුම වූයෙමු. කතෝලික පරිසරයක, කතෝලිත නිවෙසක මෙවැනි නිර්මාණ කිරීමට බාධාවක් නැති ද? අපට මතු වූ ප්‍රශ්නය අපි ඔහුගෙන් ඇසුවෙමු.

    “මුල් කාලෙ නම් එක එක්කෙනා මෙයට විරුද්ධ වුණා. මීට අවුරුදු පනහකට ඉස්සර අතීතයේ දී නම් කතෝලික සභාව මෙවැනි දේ අනුමත කරන්නේ නැහැ. නමුත් දැන් තත්ත්වය බොහෝ දුරට වෙනස්. බොහෝ දෙනා ඇවිත් නරඹනවා අගය කරනවා. එය මට සතුටක්. මා ධෛර්යමත් කිරිමක්”.

    කුමකට ද මේ ඔහුව අගය කරන්නේ?

    philix1.jpg

    philix2.jpg

    philix4.jpg

    philix6.jpg

    philix7.jpg


    වෘත්තියෙන් කුඩා ව්‍යාපාරයක් කරගෙන යන ෆීලික්ස් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූවෙකි.

    “අපේ තාත්තා වතු පාලකයෙක් හැටියට කටයුතු කළා. ඔහු බී.එල්.ඩී. බොනිපස්. අම්මා විනිෆ‍්‍රිඩා ජයසූරිය. අපේ පවුලේ ඔක්කොම දහ දෙනයි. මම පවුලේ නමවැනියා.

    අපේ පවුල කතෝලික වුණත් මම කුඩා කාලයේ සිටම බුද්ධාගමට ඉතා කැමතියි. ඒ වගේ ම බෞද්ධ කලා ශිල්පවලට කැමැතියි. මට අද හිතෙන දෙයක් තමයි කුඩා කාලයේ සිට තිබූ ඒ ඇල්ම තමයි අද දවසේ දි නිර්මාණකරුවකු වෙන්න මට බලපෑවේ කියලා.

    මීට කලකට ඉහත ෆීලික්ස් පවුලේ අය සමඟ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක යෙදුණේ. එහිදී ජේතවනාරාමය, අභයගිරිය සහ වටදාගෙය ආදී සුවිසල් වෙහෙර විහාර දුටු ඔහු සිත ඒ කෙරෙහි බැදුණේය. “මට මේ වගේ චෛත්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් නම්” යැයි ඔහු සිතුවේය.

    නිවසට පැමිණි පසු ද ඔහු අනුරාධපුරයේදී දුටු වෙහෙර විහාර පිළිබඳව සිතන්නට වූයේ ය. දිනක් ඔහු යම් කටයුත්තක් සඳහා වෑල්ඩින් වැඩපළකට ගියේ ය.

    එහිදී ඔහුට ගේට්ටුවක් උඩට සවිකරන කෑල්ලක් හමුවූයේ ය. එය අතට ගෙන බැලූ ඔහු ගේ සිතේ ඇඳුණේ ය චෛත්‍යයක කොත් කැරැල්ලක් සේ ය. ෆීලික්ස් එයත් රැගෙන ගෙදර පැමිණියේ ය. සිමෙන්ති බදාම සාදාගෙන ඔහු චෛත්‍යයක් නිර්මාණය කෙළේ ය. එය නිම වනතුරු ඔහුට ඉවසුමක් නොවීය. ඉන් පසුව ඔහු තවත් නිර්මාණ කිරීමට පෙළඹුණේ ය. ඉන්පසුව ඔහු අපතේ යන දේවල් එකතු කර ගනිමින් තම කටයුත්ත දිගටම කරගෙන ගියේ ය.

    ෆීලික්ස්ගේ ගේ ඉදිරිපස ඇත්තේ හරි අපූරු නිමැවුම් රැසකි. ඒ අතර අභයගිරිය, ජේතවනාරාමය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, රන්කොත් වෙහෙර, පබළු වෙහෙර, කිරි වෙහෙර ආදී දාගැබ්වල ආකෘති ඇත්තේ ය. මෙම බෞද්ධ වෙහෙර ආකෘතිවලට අමතරව ලූර්දු ගුහාව, කල්වාරියේ ආකෘති ද වේ.

    “මම ඉස්කෝලෙදි කලා විෂයන් ඉගෙන ගත්තේ චිත්‍ර අඳින්න පුළුවන්කම තිබුණත් මූර්ති කලාව කරලා තිබුණේ නැහැ. නමුත් පොඩි කාලේ ඉඳලම මට යම් දෙයක් දුටුවොත් එය නිර්මාණය කිරීමේ හැකියාව තිබුණා. අපේ සංස්කෘතික උරුම පිළිබඳව මා තුළ ලොකු ඇල්මක් තියෙනවා. අනුරාධපුරය පොළොන්නරුව ආදී ප්‍රදේශවලට ගියහම අමුත්තක් දැනෙනවා.

    අපේ පැරැණි රජවරු කළ ඒ නිර්මාණ දිහා බැලුවම පුදුම හිතෙනවා. පුදුම හිතෙනවා වගේ ම අපිට අපේ රට ගැන ආඩම්බරයක් දැනෙනවා. කාලයක් යනතුරු මගේ හිතේ අනුරාධපුරයේ දී දුටුව වෙහෙර විහාර සිත්තමක් වගේ තිබුණා. යම් නිර්මාණයක් කරන්න පටන් ගත්තම එය නිමවා ඉවර වනතුරු හිතට ඉවසිල්ලක් නැහැ.

    සමහර දිනවලට මම රෑ එක දෙක වනතුරු මෙ නිර්මාණ කටයුතුවල යෙදෙනවා.” ඔහු කළ නිර්මාණ අතර සීගිරිය ද ඔහුගේ ම අදහසක් අනුව කළ බෞද්ධ විහාරස්ථානයක නිර්මාණයක්ද වේ.

    ෆීලික්ස් කොතැන ගියද පසුවන්නේ විමසිල්ලෙනි. ඔහු මුහුදු වෙරළට ගිය ද ඒ අවට බලන්නේ තමන්ගේ නිර්මාණයකට භාවිතා කළ හැකි සිප්පිකටු බෙලිකටු පාෂාණ වර්ග ආදිය තිබේ දැයි කියා ය. ආ ගිය ගමන් වල දී ඔහු විසින් එකතු කරගන්නා ලද වසර ගණන් පැරණි ගල් වර්ග ආදිය ද මේ දාගැබ් නිර්මාණය සඳහා යොදා ගෙන තිබීම විශේෂිතය.

    “අපි කුඩා ඇඹරුම් හලක් පවත්වාගෙන යනවා. මමයි බිරියයි තමයි මේක කරගෙන යන්නේ. මේ නිර්මාණ කිරීමේ පැත්තට ම හිත යොමු වුණ නිසා දැන් මොන දේ කළත් මගෙ හිත තියෙන්නේ අලුත් දෙයක් නිර්මාණය කිරීම පිළිබඳව උනන්දුව. මම නිර්මාණ කටයුතු වල නියැළෙන නිසා බිරිය තමයි ව්‍යාපාරය බලා කියා ගන්නේ. ඇයගෙන් මට මේ සඳහා හොඳ සහයෝගයක් ලැබෙනවා.”

    ෆීලික්ස් ගේ බිරිය නිර්මලා ඔහුට නිර්මාණ ආකෘති සෑදීම සඳහා උපරිම සහයෝගයක් ලබා දෙන්නේ ය.

    “අපි බැඳලා අවුරුදු විසිපහක් වෙනවා. මහත්තයා කවදත් කලාත්මක දේට කැමතියි. මම බඳින්නත් කලින් මහත්තයට ලැබිලා තිබුණ දිරා ගිය ගසක කොටසක් භාවිතා කරලා තමයි කල්වාරිය නිර්මාණය කරලා තියෙන්නේ. මුලින් ම මහත්තයා මේ දේවල් කරන්න ගත්තේ විනෝදාංශයක් හැටියට.

    නමුත් ඔහුගේ මේ නිර්මාණ දැකපු අය ඒවා අගය කරන්න ගත්තම ඔහු දිරිමත් වුණා. ඔහු මේ කරන දේවල් බලලා මමත් සතුටු වෙනවා. මුලින් නම් මොකක්ද මේ තේරුමක් නැති වැඩේ කියලා හිතුණා. ඒත් දැන් මම ඔහුව අගය කරනවා. නිර්මාණ කටයුතු කරගෙන යන්න මම මට පුළුවන් ආකාරයෙන් සහයෝගය ලබාදෙනවා.”

    සිමෙන්ති බදාම, මැටි, ගල් වර්ග එකතු කරගන්නා ඔහු දාගැබක ආකෘතියක් නිර්මාණ කරන්නේ ය. බාහිර ලෝකයෙන් ඈත්ව ඔහු ඔහුගේ ලෝකයේ තනිවෙන්නේ ය.

    අනුරාධපුරය පොළොන්නරුව පමණක් නොව මඟ තොටදී දකින වෙහෙර විහාර වලට සිතින් ගමන් කරන ඔහු ඒ හරහා හුරුබුහුටි නිර්මාණ ගොඩනඟන්නේ ය. දවස් දෙක තුන එක දාගැබි ආකෘතියක් නිමැවුම සඳහා ගත කරන්නේ ය. අවසන ඔහු එයින් උපරිම සතුටක් විඳින්නේය.

    මුල් දවස්වල කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මම මේ දේවල් කරනවා කියලා. නමුත් ඇඹරුම්හලට ආව අය දැකලා තමයි කටින් කට ගියේ. අම්මලා තාත්තලා ළමයි අරගෙන ඇවිත් පෙන්නනවා. මේ ප්‍රදේශයේ සියයට අනූ නමයක් ම ඉන්නේ කතෝලිකයෝ.

    හුඟක් දරුවෝ අපේ ඉතිහාසයේ තිබෙන සුවිශේෂී දාගැබ් නිර්මාණ දැකලා නැහැ. සමහර අය අනුරාධපුර පොළොන්නරු යන්න පෙර ඇවිත් ෙමේ නිර්මාණ බලලා යනවා.

    තවත් සමහරු ඇවිත් මේ හදලා තියෙන ආකෘති මිලට ගන්න ඉල්ලනවා. තවත් අය සල්ලි දෙන්නම් හදලා දෙන්න කියනවා. ඒත් මම ඒකට කැමති නැහැ. මට මේ දේවල් කරලා ප්‍රසිද්ධිය හෝ මුදල් ඉපයීම අවශ්‍ය නැහැ. මට ඕන මම කරන නිර්මාණ මගේ ළඟම තියාගෙන ඉන් සතුටක් ලැබීමටයි.”

    ජේසුස් වහන්සේ ගේ මෑණියන් මරිය මාතාව නොයෙක් නගරවල නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටියාය. ප්‍රංශයේ ලුර්දු නගරයේදී මරිය මාතාවන් පෙනී සිටිය විට ඇය හැඳින් වූයේ ලුර්දු මාතාව නමිනි. ෆීලික්ස් මරිය මාතාව සැමරීමට ලුර්දු ගුහාව ද නිර්මාණය කර ඇත්තේ ය.

    “ඉදිරියේදී තවත් නිර්මාණ කිරීමට මගේ හිතේ බලාපොරොත්තුවක් තිබෙනවා. මගෙ ආශාවක් තිබෙනවා ඉසුරුමුනියේ පෙම් යුවළ නිර්මාණය කිරීමට. ඒ වගේ ම අපේ රටේ සිද්ධස්ථානවලට ගිහිල්ලා ඒ දේවල් නරඹලා ඒවායේ ආකෘති නිර්මාණය කරන්නත් මගෙ බලාපොරොත්තුවක් තිබෙනවා.”

    ඔහු තම නිර්මාණ තුළින් උපරිම තෘප්තියක් ලබන්නේ ය. වෙහෙර විහාර දාගැබ් හැරුණු විට ෆීලික්ස් නුවරඑළියේ ගම්මානයක් ද නිර්මාණය කර ඇත්තේ ය. එය ඇත්තේ ඔහුගේ ගෙමිදුලේ පසෙකට වන්න ය.

    “මීට කලකට පෙර අපි නුවරඑළියේ ගියා. ඒ යන ගමනෙදි ඈතින් දුටු සොඳුරු දර්ශනයක් තමයි මම මේ නිර්මාණය කර තිබෙන්නේ.

    තැනෙක දිය ඇල්ලක්. තවත් තැනෙක වගා බිම් ය. උස් කඳු මුදුන්, ඒ මත කුඩා නිවාස මේ සියල්ල එකට කැටිකොට ඔහු දුම්රියෙන් බස් රියෙන් නුවරඑළිය ප්‍රදේශයේ යද්දී ඈතින් දිස්වන සොඳුරු ගමක් නිර්මාණය කර ඇත්තේය.

    ජීවිතය පවත්වාගෙන යාමට ව්‍යාපාර කටයුත්ත කරන අතරම ඔහු තම ආත්ම තෘප්තිය සඳහා මේ සියුම් නිමැවුම් කරන්නේ ය. ෆීලික්ස්ගේ නිර්මාණ පිළිබඳව අදහස් දක්වන විශ්‍රාමික විදුහල්පතිවරයකු වන බැසිල් ප්‍රනාන්දු මහතා.

    “වර්තමානයේ පාසල්වල චිත්‍ර උගන්වන ගුරුවරු අතරටත් මෙවැනි නිර්මාණාත්මක දේ කරන අය විරලයි. මේ දේවල්වල විශේෂත්වය තමයි කතෝලික පරිසරයක ෆීලික්ස් වගේ කෙනෙක් මෙවැනි නිර්මාණ කිරීම. මේ ප්‍රදේශයේ පාසල් දරුවෝ ඇවිත් මේවා නරඹනවා.

    ෆීලික්ස්ට කාර්මික ඥානයයි, කලාත්මක ඥානයයි දෙකම තිබෙනවා. ඒ වගේ ම සුනිල් ප්‍රනාන්දු පුල්ලේ මහතාටත් අපි ස්තුති වන්ත විය යුතුයි ෆීලික්ස් මහතාට රටට හඳුන්වා දීමට මුල් වුණාට.”

    රැයින් අවදිවන ඔහු තමන් කළ නිර්මාණ දෙස බලා තුටු වන්නේ ය. ඒවාට සාත්තු කරන්නේ ය. දූවිලි සෝදා පිරිසිදු කරන්නේ ය. දවස ගෙවන්නේ ඊළඟට කරන අලුත් නිර්මාණය ගැන සිතමිනි. යන එන තැන්වලදී තමන්ට නිර්මාණ සඳහා භාවිතා කළ හැකි ගල් වර්ග හෝ වෙනත් අමුද්‍රව්‍ය පිළිබඳව විමසිලිමත් වන්නේ ය.

    ඔහු තමන්ම සාදා ගත් කුඩා යන්ත්‍රයකින් ගඩොල් කඩා තීරුවලට කපන්නේ ය. ඒ චෛත්‍ය බැඳීමට ය. මේ සියල්ල අවසානයේ ආගම් භේදයකින් තොරව ඔහු තමන් කළ නිර්මාණය දෙස බලා නිරාමිස සතුටක් විඳින්නේ ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දැන් කොන්ක්‍රිට් විනිවිද පෙනේ

    conc1.jpg

    conc2.jpg


    මේ කොන්ක්‍රිට් ආලෝකය ඒ හරහා ගමන් කරන විදිහට හදපුවා.