Puppy Care - බලු පැටියෙක් හදනවනම්

niruz87

Member
Mar 28, 2012
29
53
0
39
මගේ thread එකට comment කරපු, අදහස් දක්වපු, bump කරපු, රෙප් දුන්නු හැමෝටම ගොඩාක් ස්තූතියි කියන ගමන් ඔන්න බලු පැට්ටෙක් හදනවනම් ඊළග කොටස අරගෙන ආවා… බල්ලෙක් මිල දී ගන්නකොට හිතන්න ඕන පළවෙනි ම සහ වැදගත් ම කාරණය ගැනයි අද මං ලියන්නෙ..

ඒ තමයි, තමන්ට බල්ලෙක් අවශ්‍ය වන්නේ ඇයි කියන දේ.. මොකද මේ කරුණ මත මිල දී ගන්න ඕන බල්ලාගෙ වර්ගය තීරණය වන නිසා..

මොකද ගෑණු ළමයෙක් ට හුරතලේට අතපත ගාලා, උකුලේ තියන්, වඩාගෙන හදන්න ඕන බල්ලෙකුයි, gym ගිහින් cuts හදාගෙන beach එකේ රගර් ගහන්න යන අයියලාට තනියට එක්කන් යන බල්ලෙකුයි, පොඩි ළමයෙක්ට තනියට, බෝල පස්සෙ දුවන්න, සෙල්ලම් කරන්න හදන්න ඕන බල්ලෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා.

බල්ලෙක් ගන්න ඕන වෙන ප්‍රධා ම හේතු කීපයක් තමයි මේ..
1. හුරතලයට (family dogs)
2. මුර කිරීමට (watch dogs, guard dogs)
3. ළමයි / වැඩිහිටියො බලා ගන්න (utility dogs, dogs for kid)

මේ කාරණා ඇරුනම අයිතිකාරයගෙ ජීවන රටාව,ගෙදර ඉන්න අය, බල්ලා වෙනුවෙන් වැය කරන්න පුළුවන් කාලය, ශ්‍රමය, ධනය, තියෙන ඉඩකඩ වගේ දේවල් ගැනත් හිතන්න ඕන..

අපේ රටේ ඇති කරන ජනප්‍රියම large breed බල්ලෝ වර්ග කිහිපයක් ගැන, විශේෂයෙන් ඒ ගොල්ලන් ගෙ හැසිරීම, ප්‍රයයෝජන වගෙ දේවල් ගැනයි මං මේ ලිපියෙන් කතා කරන්නෙ..

German Shepherded

German-Shepherd-Puppies-For-Sale-41.jpg


german+shepherd.JPG


හොද වර්ගයේ බල්ලො හදන අපේ ගෙවල් වල common ම බල්ලා තමයි මෙයා.සාමාන්‍යයෙන් අවුරුදු 10 ක විතර ආයු කාලයක් තියෙනවා. පිරිමි සතෙක් නම් 35kg-43kg අතරත්, ගැහැණු සතෙක් නම් 25-33 අතරත් වැඩීමක් දක්වනවා.. ලෝකෙ හොදම guard dogs ලා අතරින් එක්කෙනෙක්.. ඒ වගේම බොහොම බුද්ධිමත්, train කරන්න ලේසියි.. දැකලා ඇති නෙ.. වැඩි හරියක් ම පොලිස් සුනඛ අංශයේ ඉන්නෙ මේ වර්ගයේ බල්ලො තමයි.. ඒ වගේම තමන්ගෙ ස්වාමියාට බොහොම ලැදියි. හැබැයි අමුත්තන්ට නම් එච්චර කැමත්තක් දක්වන්නෙ නෑ

Labrador Retriever

labrador-retriever-puppies-image-14.jpg


DOG_18_RK0105_02_P.JPG


ගෙදර පොඩි අය ඉන්නව නම්, සෙල්ලම් කරන්න ඕන නම්, මුළු පවුලම එක්ක හුරතලෙන් ආදරෙන් ඉන්න සුරතලෙක් නම් හොයන්නෙ, මෙන්න හරියට ම හරියන කෙනා.. පෙනුමෙන් වුණත් හරි ම ආදරේ හිතෙන, සෙල්ලමට ම ලැදි, බොහොම ඉවසිලිමත්, අමුත්තො එක්ක, අනිත් සත්තු එක්ක වුණත් බොහොම ඉක්මනට යාලු වෙන වර්ගයක්.. හැබැයි ඉතින් ලොකු වුණත් සෑහෙන අවධානයක් බලාපොරොත්තු වෙන වර්ගයක්. පොඩි ළමයින් ගේ ආශ්‍රයට ඉතා අනර්ඝයි..පිරිමි සතෙක් නම් 27kg-40kg, ගැහැණු සතෙක් නම් 25kg-30kg වගේ වැඩෙන මේ ගොල්ලන්ගෙ සාමාන්යට ආයු කාලය අවුරුදු 10ක් 13ක් වගේ.. දවල් දවසෙ ගෙදර තනියෙන් ඉන්න, රෑට එළියට දාලා මුරට යොදවන්න නම් මෙයාලා හරියන්නෙ නෑ

Doberman Pinscher

1288335848_132909546_3-doberman-puppies-for-sale-at-best-price-Chennai-1288335848.jpg


Doberman%20Pinscher.jpg


මෙන්න මගේ ආස ම සහ දැනටත් මං ගාව ඉන්න බව්වා.. සාමා්‍යයෙන් ගෑණු ළමයි එච්චර කැමති නැති, ටිකක් විතර නපුරු පෙනුමක් තියෙන බල්ලො වර්ගයක්.. හරි පුහුණුව අත්‍යාවශ්‍යයි..හරියට train කළේ නැත්නම් භයානක වෙන්නත් පුළුවන්.. බුද්ධිමත් භාවය, අවබෝධතාවය ඉතා ඉහළයි.. ඒ නිසාම train කරන්නත් බොහෝම ලේසියි.. ඉතා ශක්තිමත්. ක්‍රියාශීලීයි. කොච්චර දැලුවත් මහන්සියක ගාණක් වත් නෑ.. හැබැයි ඉතින් කන්න දීලයි, exercise කරවලයි ඉවරයක් නෑ..ලෝකයේ watch dogs, working dogs, guard dogs ratings අතර ඉහලින් ම ඉන්න ජාතියක්.. one master dog කියලා තමයි කියන්නෙ.. ඒ කියන්නෙ කීකරු වෙන්නෙ එක්කෙනෙකුට පමණයි.. එයා හරියට හැදුවොත් ඉතින් කවුරු මොනවා කිව්වත් master ගෙ විදියට තමයි වැඩ. 35kg -42kg අතර වගේ ( ගැහැණු සතෙක් නම් 28kg -37kg )වෙනකල් වැඩෙනවා.. (අපේ ගෙදර ඉන්න බවුස් තාම මාස 5යි.. දැන් වුණත් මගේ ඇගට පැන්නොත් මාව වැටෙනවා..) අවුරු දු 12ක් තමයි සාමා්‍ය අයු කාලය..

අදට ඔය මදැයි.. ඊළග ලිපියෙන් rottweiler, golden retriever, dalmatian, boxer ගැන කියන්නයි හිතන් ඉන්නෙ..

එතකල් හැමෝටම සුබ නත්තලක්..
 
Last edited:
  • Like
Reactions: Red Soda

layyarx

Junior member
  • May 12, 2011
    113
    11
    18
    Great thread bro, මමත් border terrier ජාතියේ බලු පැටියෙක් හොයනවා මේ දවස්වල , ඒත් ලංකාවේ මේ ජාතිය ඉන්නවද කියල හරියටම දන්නෑ

    border-terrier-0011.jpg
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    පට්ට නූල

    මමත් බව්වෙක් හදන්න ඔන්න මෙන්න කියල උන්නෙ..අනේ දැන්නම් එපා..car එකකුත් තියෙනව..wife ගෙදරමයි ඉන්නෙ..කොලු පැන්චෙකුත් ඉන්නව අවුරුදු 3 විතර..ඒත් මටනම් බෑ ඔය කියන පුද සත්කාර කරන්න...හන්දියෙ ඉන්න ගමේම කොලු බව්වෙකුට ජාතක උන පැට්ටෙක් හදනව..මොනව උනත් මුලු නූලම කියෙව්වා...පට්ට පට පටාස්...
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එලකිරි ත්‍රෙඩ් එක! අපේ ඩොබාට මාස 3 1/2. කන්න බොන්න දුන්නට ට්‍රේනිං කියල මහ දෙයක් කරන් නෑ. ඒකද මන්ද ටිකක් මුරණ්ඩුයි :( මෙයාලගෙ දත් හැලෙනව කියලා ඇහුවමයි! දිගටම ලියමු යාලු :cool:
    4+ ~♥~
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එලකිරි ත්‍රෙඩ් එක! අපේ ඩොබාට මාස 3 1/2. කන්න බොන්න දුන්නට ට්‍රේනිං කියල මහ දෙයක් කරන් නෑ. ඒකද මන්ද ටිකක් මුරණ්ඩුයි :( මෙයාලගෙ දත් හැලෙනව කියලා ඇහුවමයි! දිගටම ලියමු යාලු :cool:
    4+ ~♥~
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    ♥-Aurora-♥;14143716 said:
    එලකිරි ත්‍රෙඩ් එක! අපේ ඩොබාට මාස 3 1/2. කන්න බොන්න දුන්නට ට්‍රේනිං කියල මහ දෙයක් කරන් නෑ. ඒකද මන්ද ටිකක් මුරණ්ඩුයි :( මෙයාලගෙ දත් හැලෙනව කියලා ඇහුවමයි! දිගටම ලියමු යාලු :cool:
    4+ ~♥~


    මෙහෙමයි.. ඔය බඩ්ඩ ගෙ සයිස් එකේ හැටියට මුරණ්ඩු වුණාම මෙච්චල් කරන්න ටිකක් අමාරුයි.. දැනට තව පුළුවන්.. තව ටිකක් ලොකු වුණා ම :confused::confused:??.. අපේ බවුවත් මං කියන දේවල් නම් අහනවා අඩුයි.. ඒ අපේ මහත්තයා නම් බැලුවත් ඇති..:lol:

    train කරනවා කියලා මහ ලොකු දෙයක් ඕන නෑ.. sit, stay, stand, lay down, stop, drop, handshake, down, out වගේ simple commands ටිකක් පුරුදු වුණා ම ඇති.. ඒවා ලේසියෙන් ම කියලා දෙන්න පුළුවනි.. මෙයාලා බුද්ධිමත් නිසා ලේසියෙන් ම අල්ල ගන්නවා.. මං ඒවත් කියලා දෙන හැටි ලියන්නයි ඉන්නෙ ඉක්මණින් ම.