Pure It water filter එක ගොඩක් අය පාවිච්චි කරනවනෙ. ඒක කාලයක් තිස්සෙ රට පුරා දුවපු එකක්.
නමුත් ඒ ගැන හොයා බලද්දි වැඩි දෙනෙක් කියන්නෙ ඒක ගන්න එපා කියන එකයි.
Official Pure It Sri Lanka Facebook Page එකේ විස්තර හොයා බලද්දි... ගොඩ දෙනෙක් දාල තියෙන Negative Reviews ඒ අය හිතා මතාම හංගන්න හදනවා වගේ දෙයක් පෙනෙන්න තියෙනව කියල හිතෙනව.
ඒ වගේම තමයි මේකෙ තියෙනව කියන ක්ලෝරීන් ටැබ්ලට් එක ගැන. ලොකු ඩෝස් එකක් ශරීර ගත වීම ශරීරයට හොඳ නැහැ කියන කාරණාවත් විටින් විට ගොඩක් අය මතු කරන්න උත්සාහ කරල තියෙනව. සමහර අය ඒක වෙනත් ක්‍රම වලින් bypass කරල අර ඇතුලෙ තියෙන අනිත් අඟුරු තියෙන කොටස් විතරක් මාරු කරමින් පාවිච්චි කරනව කියලත් තියෙනව. අනිත් දේ නම්... මේකේ තියෙන cleaning kit එක දැන් කලින්ට වඩා දෙගුණයකින් මිල වැඩියි. හාරදාස් ගාණකට මිල වැඩි වීමක් වෙලා තියෙනව. ඒ විදිහට බලනකොට... ඒක පාවිච්චි කරන්න පුළුවන් කාලය සහ කරන වියදම කෙසේ වෙතත්... මේකෙන් ශරීරයට යම් කිසි බලපෑමක් වෙනවාද කියන එක ගැන සොයා බලන්න ඕනෙ.
මේක රට පුරාම වැඩි දෙනෙක් අතර ව්‍යාප්ත වුන එකක්... වැඩි දෙනෙක් පාවිච්චි කරන දෙයක් නම්...
නිෂ්පාදනය සහ බෙදා හරින වග කිවයුතු ආයතනය හිතා මතාම මේ Filter එක ගැන කියන negative reviews සඟවල ඒකේ හොඳ විතරක් පෙන්වන්න හදනව නම්... ඒක ගැන අනිවාර්යෙන්ම හැමෝම දැනුවත් විය යුතු කාරණාවක් නේද? මේක ගොඩක් අය ගන්නෙ බොන වතුර පිරිසිදුව පාවිච්චි කරන්න විදුලිය වගේ දෙයක් පාවිච්චි නොකර. එහෙනම් ඒ වගේ බොන වතුර පිරිසිදු කරන උපකරණයක් විදිහට මහා පරිමාණයෙන් විකිණීම සිදු කරන නමුත්... ඒකේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන යම් ගැටලුවක් තියෙනව නම් ඒක සඟවන එක ලොකු වරදක් නේද?
ඇත්තටම ගොඩක් දෙනෙක් මේ Water Filter එක ගන්න එපා කියන ගැටලුව මොකද්ද?