මේ තියෙන්නේ Air India වල ෆ්ලයි කරන්න කලින් පෙනන්න සේෆ්ටි video එක. ඒක ඉතින් නිකන් පෙනන්නේ නැතුව ඉන්දියාවල එක එක සංස්කෘතික දෙවල් දාල ලස්සනට හදල. බැලූ බැල්මට නම් ලස්සනයි. ඒත් මට හිතුන දෙයක් තමා ඕක කරපු එකෙන් ඔය video එකේ ඇත්ත purpose එක යට යන්නේ නැද්ද?
සේෆ්ට් video එකක් හැම ෆ්ලයිට් එකකම පෙනන්නේ, බෙසික් කරන්න ඕන දේවල් සහ විශේෂයෙන් හදිස්සියක් උනොත් මොකද කරන්නේ කියල තේරුම් කරවන්න. ඒවගේ දෙයක් කියන කොට බලන කෙනාගේ අවදානය ඒ පණිවිඩටය තමා යන්න ඕනේ. ඒත් මෙහෙම video කලාම මිනිස්සු ඒකේ ලස්සන බලනව මිසක් අර කියපුව ඔලුවට දාගන්න එක අඩුයි.
සේෆ්ටි රිලේටඩ් දේවල් වලදී විතරක් නෙවි ඕනම දෙයක "කරන්නන් වාලේ කරන්නෙ නැතුව, ඇයි කරන්නේ කියල දැනගෙන කරන එක තමා වැදගත්"