Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

Kalegana

Well-known member
  • Sep 23, 2007
    27,373
    58,522
    113
    Kuwait-Galle
    හපෝ ඉස්සර නම් ඉන්සුරන්ස් කරන උන්ගෙන් පුදුම වදයක තියෙන්නේ බන්. ගෙවල් වලට ඇවිත් පුදුම වදයක් දෙන්නේ. උන්ට එපා වෙන්නේ නැද්ද මන්ද.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,185
    51,869
    113
    හපෝ ඉස්සර නම් ඉන්සුරන්ස් කරන උන්ගෙන් පුදුම වදයක තියෙන්නේ බන්. ගෙවල් වලට ඇවිත් පුදුම වදයක් දෙන්නේ. උන්ට එපා වෙන්නේ නැද්ද මන්ද.
    උන්තමා පස්සෙ ජෙප්පො උනේ? ඇවිල්ල කියවනවා කියවනවා කියවනවා.

    ඉස්සර ඩයල් එකක් හිටියා, ඌ කොහොමහරි අපේ අම්මයි තාත්තයි ගොඩදාගෙන life insurance එකක් වික්කා කියපන්කො. මූ එනකොට අපිට මොනහරි පොඩි දෙයක් අරන් වෙනවා. අපෙ තාත්ත පස්සෙ සල්ලි ඕනා කියලා insurance එක discontinue කලා අවුරුදු 2 3ක් ගිහින්. ඊට පස්සෙ අරුවා දැක්කෙම නෑ.
     
    • Haha
    Reactions: Kalegana

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,887
    113
    හිටපු ගමන් කට්ටිය insurance ගැන අහන නිසා හිතුවා මම දන්න/ඉගෙන ගත්ත දේවල් ටික දාගෙන යන්න.

    කැමති උන් කියවලා අනිත් උන්ට වැදගත් වෙයි කියලා හිතෙනවානම් බම්ප් එකක් දාගෙන යන්න, අකමැති උන් ignore කරලා පලයන්.

    මුලින් තේරුම් ගන්න ඕනා insurance විකුනන එකා උඹේ යාලුවා වගේ ටොක් කලාට ඌට උඹව ඇත්තටම පෙන්නේ සල්ලි මිටියක් වගේ. ඌට උඹ දාන insurance එකේ premium එකෙන් 10%ක් විතර සෙට් වෙනවා. ඉතින් insurance එක ලොකු වෙන්න වෙන්න ඌට වාසි.

    වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා, ඕකේ සල්ලි ටික බැංකුවෙ දාගෙන හිටියානම් ලොකු අවුලක් නොවුනොත් සල්ලි ඉතුරුයි කියලා. ඒක හරි කියන්න බෑ. මොකද insurance එක කියන්නෙ උඹේ risk එක බාරගන්න සීන් එකක්. නිකන් හිතපන්කො උඹේ වාහනේ කෝටියක් උනා කියලා, උඹට ඕකට අවුරුද්දකට ලක්ශෙකට විතර premium එකක් සෙට් වෙනවා. accident එකක් නොවුනොත් ගාන ඉතුරුයි, ඒත් හැප්පුනොත් අනිවා ලක්ශෙට වඩා සල්ලි යනවා හදන්න. ඉතින් අපිට අනාගතේ ගැන කියන්න බැරි නිසා full insurance එකක් දාගන්න එක ඇඟට ගුනයි (ගිය අවුරුද්දෙ මට ලක්ශ 6 පැනලා repair සෙට් උනා පොඩි ඇක්සිඩන්ට් 2ක් නිසා)

    දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට සල්ලි දෙන්න. නැතුව උඹ ජීවත් උනොත් උඹට අවුරුදු 20 25ක් යනකන් ඕකෙන් වැඩක් නෑ. අනිත් කාරනයක් තමා insurance කාරයෝ ඕක නිකන් investment එකක් විදියට පෙනන්න හදනවා. ඒක අමුම අමු බොරු කතාවක්. හේතුව තමා ලංකාවෙ රුපියල වගේ depreciate වෙන currency එකක් නිසා ඔය දැන් ලොකු වගේ පේන ගාන ඒ අවුරුදු 20 25ක් යනකොට පට්ට පොඩි ගානක් වෙනවා. ඉතින් උඹ අන්තිමට කරල තියෙන්නෙ අවුරුදු 20ක් විතර insurance කාරයගෙ පඩිය ගෙවපු එක විතරයි. උඹට investment එකක් කරන්න ඕනම් වෙන විදියක් බලන එක තමා හොඳ. ඒ කියන්නෙ currency depreciation එක compensate වෙන එකක් හොයාගනින්.

    අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා. උඹට සමහරවිට කම්පනි එකෙන් insurance එකක් දෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒක මදි වගේ පෙනුනොත් මේ වගේ එකක් දාන එක පාඩුවක් නෑ. හැබැයි මතක තියාගන්න outdoor ඒ කියන්නෙ clinic ගිහින් බෙහෙත් ගන්න ඒවාට ගෙවන්නෙ නෑ. අනිවා admit වෙලා ඉන්නම ඕනා.

    දැන් insurance වලට පොදු දේවල් ටිකක් බලමු.

    මුල් දේ තමා මේක බිස්නස් එකක්. උන්ට පිස්සු නෑ උඹලට නිකන් සල්ලි දෙන්න. ඉතින් ඔය හැම එකේම conditions තියෙනවා. ගොඩක් වෙලාවට විකුනන එකා ඒ condition උඹට කියන්නෙ නෑ මොකද ඒවා ඇහුවාම උඹට දෙගිඩියාවක් එන නිසා. උදා: health insurance එකක් ගත්තොත් සමහර ලෙඩ කවර් වෙන්නෙ නෑ, සමහර ලෙඩ කවර් වෙන්න උඹ අඩුම ගානෙ මාස 3ක් ඉන්න ඕනා දාපු දවසේ ඉඳන්, සමහර ලෙඩ වලට අවුරුද්දක් ගියාට පස්සෙ තමා කවර් එක active වෙන්නෙ
    ඉතින් කෙලවෙච්ච වෙලාවේ මේ දේවල් ගැන දැන ගන්නවට වඩා, දැනුවත් වෙලා insurance එක දාන එක තමා හොඳ.

    කලින් කිව්වා වගේ insurance කාරයා හදන්නේ උඹෙන් ගාන කඩන්න. ඉතින් ඌට හිතෙන හිතෙන ඒවා ඌ එකතු කරනවා, උඹ මොනාහරි අඩු කරන්න කිව්වොත් මූ උඹට ඒක reverse කරන තැනට තෙල ගහනවා. ඒක හරි ගියෙ නැත්තන් ඌ වෙන මොකක්හරි එක වැඩි කරනවා අර premium එකටම කිට්ටු වෙන්න (හේතුව ඌට එකෙන් 10%ක් වගේ සෙට් වෙනවා). ඉතින් negotiate කරද්දි වෙලාව අරන් කරන්න. උඹට හිතෙන scenarios උගෙන් අහන්න කොහොමද වෙන්නෙ කියලා තේරුම් ගන්න. එතකොට මම අර කලින් කියපු "හැංගුන condition" ටිකත් එලියට එනවා.

    Health insurance එකක් ගන්න කොට නාකි වෙන්න වෙන්න ගෙවන්න ඕන premium එහෙම වැඩි වෙනවා. ඉතින් කලින් දාගන්න එක ඇඟට ගුනයි. අනික තමා අවුරුදු 40ට අඩු වගේ නම් උඹට ඇත්තටම හාර්ට් කන්ඩිශන්, සීනි තිබ්බත් "ඒවා නෑ" කියලා insurance එකක් දාගන්න පුලුවන්. 40 පැන්නට පස්සෙ මම හිතන්නෙ health check එක අනිවා කරනවා.

    health insurance එකක උඹට මොකක්හරි pre condition එකක් තිබ්බොත්, උදා heart attack එකක් කලින් ඇවිත් තියෙනවානම්, still insurance එක දාන්න පුලුවන්. ඒත් උඹට ඒ condition එකට සබැඳිව එන ලෙඩ වලට claim කරන්න බෑ. ඕවත් hidden conditions. insurance එක දාන්න කලින් මොකක්හරි සීන් එකක් තියෙනවානම් agent කාරයත් එක්ක ශේප් එකේ කතා කරපන්. උන් ගොඩක් වෙලාවට කියන්නෙ දාන්න එපා, දන්නෙ නෑ වගේ හිටපන් කියලා. obvious දේවල් ඉතින් නොදා ඉන්න බෑනේ උදා: කකුලක් කපලානම් ඉතින් මාට්ටු වෙනවානේ. ඒත් සීන් වගෙ ඒවා හංගන්න පුලුවන්.

    health insurance වලදි agent සෑහෙන වැදගත් වෙනවා. හේතුව තමා උඹට සමහර ලෙඩ වලට cover නොවුනත් පොඩි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. ඩොකා උගෙ diagnosis card එක ලියන විදියට තමා ඔක්කොම රඳන්නේ. ඉතින් agent කාරයට කලින් සීන් එක කිව්වොත් ඌ අදාල විදියට ඒක ලියයි. motor insurance වලත් agent ඕන වෙන්න පුලුවන්. ඒත් life එකටනම් එච්චර සීන් එකක් නෑ.

    උඹ motor insurance සීන් එකේදී කම්පනි දාල වාහන හදනවානම් පොඩි සීන් එකක් තියෙනවා owners contribution/owners account කියලා. ඒ කියන්නෙ වාහනේ අවුරුදු 5ට වඩා පරනයිනම් brand new කෑලි දැම්මොත් ඒ ගානෙන් 35 -40%ක් වගේ අපි අතින් ගෙවන්න ඕනා. ඕකත් ගොඩ දාන විදි තියෙනවා. කම්පනි එක කරන්නෙ insurance එකට එක බිලක් දීලා අන්තිමට උඹෙන් සල්ලි ගන්න කොට උඹට ලොකු discount එකක් දෙනවා උඹ ගෙවන ගාන සෑහෙන්න අඩු කරන්න.

    අන්තිමට කියන්න තියෙන්නෙ, හැම තිස්සෙම මතක තියාගනින් එක එකාගෙ sales pitch එකට ඇන්දෙන්නෙ නැතුව උඹට අහන්න තියෙන හැම ප්‍රශ්නෙම වෙලාව අරන් අහලා හරියට හොඳට තේරුම් අරන් අවසන් තීරනය ගනින්, උන් කලබල කලාට ගනන් ගන්න යන්න එපා. කම්පනි 2 3කින් quotation අරන් සංසන්දයන කරලා බැලුවත් කමක් නෑ. මොකද සල්ලි උඹේ, කෙල උනොත් කෙලවෙන්නෙත් උඹට තමා.
    Me wage wadagat deyak dapan
    eka ekata kade yanne natuwa
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    366
    175
    43
    34
    life ඉන්ෂුරන්ස් වල

    අනිවාර්යෙන්ම Terms & Conditions කියවල බලන්න. නැත්නම් Agent ගෙන් අහගන්න, උ හුගක් වෙලාවට sale එක දාගන්න බාගයයි වගේ කියන්නේ කියලා සැකයි නම් කෙලින්ම ගන්න අදාළ ආයතනයේ hotline එකට. එකේ recording යන නිසා බොරු කියන්න බැහැ.

    ඉන්ෂුරන්ස් එක දාන්න කලින් ලෙඩ වලට ගෙවන්නේ නැහැ. උපතේ ඉදන් තියෙන ලෙඩ වලටත් එසේමයි. operation එහෙම කරලා තියෙනවා නම්. ඉදිරියටත් බලපාන ලෙඩ වලට බෙහෙත් ගන්නවා නම් ඒවා ගැන සදහන් කරන්න ඕනේ (සීනි , කොලෙස්ටරෝල්). සමහර ආයතන ඒ ලෙඩ බලලා ඒවාට හරියන්න loading එකක් එකතු කරනවා වාරිකයට. සමහර ආයතන වල ඉන්ෂුරන්ස් දාන්න බැහැ.

    private හොස්පිටල් ඇඩ්මිට් වෙනකොට කකුල රිදෙනවා කියලා ඇඩ්මිට් වෙලා අතට බෙහෙත් කරාට ගෙවන්නේ නැහැ. අනිවාර්යෙන් admition note එක බලනවා. සැමවිටම agent ගේ සහය ගන්න. එතකොට ලොකු අවුලක් වෙන්නේ නැහැ.

    දැන් ඉන්ෂුරන්ස් එකත් එක්කම යන investment plan තියෙනවා. හුගක් වෙලාවට TAX එකෙන් බේරෙන්න දාන්න පුළුවන් PLAN තියෙනවා. මගේ ආයතනයේත් එහෙම TAX වලින් බේරෙන්න දාපු policy තියෙනවා 5Years වලින් ඉවරවෙන්න. ඒක කෙනාගේ අවශ්‍යතාව අනුව කරගන්න පුළුවන්.

    ඉස්සර ගෙවපු නැති දත් සම්බන්දව, ඇස් සම්බන්දව සහ පවුලේ දොස්තර ගෙන් ගන්න බෙහෙත් , Pregnancy Claim වගේ දේවල් දැන් life ඉන්සුරන්ස් වල ගෙවනවා. එකේ terms and condition ආයතනය අනුව වෙනස් වෙනවා. ඒ ගැන අනිවාර්යෙන්ම අවබෝදයෙන් ඉන්න.


    මේ මම දැම්මේ සරල ටිකක්. මේවා මම දැම්මේ හුගක් අයට ටික කාලයක් යනකොට ඉන්ෂුරන්ස් එක දාපු හේතුව, තියෙන benefit සහ නීති රීති සම්බන්දව අමතක වෙනවා. ඊට පස්සේ හෙන ලොකු කතා කියන්නේ. agent රවට්ටපු දේවල් ඇරුනම හුගක්ම තියෙන්නේ තමන්ගේ ඔප්පුව ගැන දැනුවත් නොවීම. නියෝජිතයා රැවට්ටුවා කියන එක අදාළ නැහැ මොකද ඕනෑම වෙලාවක hotline එකට කතා කරලා විස්තර ගන්න පුළුවන් නිසා. ඉන්ෂුරන්ස් එක දාලත් පලවෙනි සති දෙක මාසේ ඇතුලත ඔප්පුව නතර කරලා ගෙවපු වාරිකෙත් return ගන්න පුළුවන්.

    තමන්ගේ යාලුවා , අදුරනව කියලා policy දාන්න යන්න එපා, කවදාවත් ගෙවන්න බැරි ගණන් වලට දාන්නත් එපා. අන්තිමට පාඩුව ගෙවන එකාටමයි. ඉන්ෂුරන්ස් කියන්නේ තමන්ට සහ තමන්ගෙන් යැපෙන අයට ලොකු උදව්වක්. ඒක හරියට පාවිච්චි කරන එක සහ තමන්ට අවශ්‍ය දේවල් ගෙවන්න පුළුවන් ගණනකට දාගැනීම ඔබගේ වගකීම.



    මේවා දැම්මේ මම දැනට ඉන්ෂුරන්ස් ආයතනයක සේවය කරන නිසා. ඒ සම්බන්දව මොනවා හෝ ප්‍රශ්න තියෙනවා නම් මට pm එකක් දාන්න. අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන් විදියට වැඩේ කරලා දෙන්නම්. දැනුවත් වෙලා ඉන්න එක ප්‍රශ්න වලින් බේරීමට ලොකු පහසුවක් නිසා.
    Tax eken berenna me plan wlaata yanna bane. Ewa consider wenne nane
     
    • Like
    Reactions: Mugen and dj gamaya

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    617
    755
    93
    admit වෙන්න ඕන මචන්. මම හිතන්නෙ one night. day surgery කියලා සෙට් එකක් තියෙනවා ඒ කියන්නෙ උදේ admit වෙලා surgery එකෙන් පස්සෙ ගෙදර යන්න. ඒව ඇරෙන්න අනිත් claim අනිවා නැවතිලා ඉන්න ඕනා
    ඇඩ්මිට් වෙන්න ඕන , ඒක හරි . මේ පැය 24 කතාව තමයි ෂුවර් නැත්තේ . one night හිටියනම් තමයි ඇඩ්මිෂන් එකක් විදිහට ගන්නේ දන්න තරමින් . මේ පැය 24ක් ඉන්න ඕනැයි කියල දාල තියෙන්නේ @dj gamaya . ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද , හරියටම .

    @dj gamaya
     
    • Like
    Reactions: tharakaf

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,192
    5,613
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇඩ්මිට් වෙන්න ඕන , ඒක හරි . මේ පැය 24 කතාව තමයි ෂුවර් නැත්තේ . one night හිටියනම් තමයි ඇඩ්මිෂන් එකක් විදිහට ගන්නේ දන්න තරමින් . මේ පැය 24ක් ඉන්න ඕනැයි කියල දාල තියෙන්නේ @dj gamaya . ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද , හරියටම .

    @dj gamaya
    24 hours thama dala thyenne condition ekak widiyata private Hospital walata. e wagema samahara operation thiyenawa 24hrs inna one nathi ewa. ewa day surgery widiyata thama yanne

    dawasata gewana mudala (Per Day) pahasukama ganna nam Nights dekak complete wenna one. sathiyak hitiyath dawas pahatama gewanawa eke. uparima dawas 180k wage mathaka. dan wenas welada danne na

    Tax eken berenna me plan wlaata yanna bane. Ewa consider wenne nane
    thiyenawa machan.
    ------ Post added on Jan 21, 2025 at 6:58 PM
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    617
    755
    93
    24 hours thama dala thyenne condition ekak widiyata private Hospital walata. e wagema samahara operation thiyenawa 24hrs inna one nathi ewa. ewa day surgery widiyata thama yanne

    dawasata gewana mudala (Per Day) pahasukama ganna nam Nights dekak complete wenna one. sathiyak hitiyath dawas pahatama gewanawa eke. uparima dawas 180k wage mathaka. dan wenas welada danne na


    thiyenawa machan.
    ------ Post added on Jan 21, 2025 at 6:58 PM
    කොතනද බන් ඕක තියෙන්නේ , මන් මේ හොයනවා හම්බුනේ නෑනේ බන් . ඒජන්ට් කාරය නම් කිව්වේ . එක නයිට් එකක් ඉදල නම් ඇඩ්මිට් වෙලා හිටපු දවසක් විදිහට ගන්නවා කියල , .ගවන්මන්ට් හොස්පිටල් නම් ඒකට දවසට ගානක් වෙනම තියෙනවා කියල .

    කෝකද දැන් එතකොට හරි ? කොන්ෆියුස් වෙනවනේ බන් .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,723
    14,253
    113
    බෝම පිං දේශපාලනේ නැතුව මේක දැම්මට.

    වාහන නම් ලොවෙත් full දාන්න ඕනෙ.

    2023 december වලට මගෙ රතයේ ඉස්සරහින් බාගයක් ම අලුතෙන් දාන්න උනා, ඉස්සරහ ගිය එකා සනික බ්‍රේක් පාරක් ගහල. ලස්ස පහකට එහා claim එක අතිනුත් 30 -40 වගේ ගියා. කෙලිම්ම formular world දැම්මෙ. insurance එකාට හරි දුක ඒකට. 😅
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,192
    5,613
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොතනද බන් ඕක තියෙන්නේ , මන් මේ හොයනවා හම්බුනේ නෑනේ බන් . ඒජන්ට් කාරය නම් කිව්වේ . එක නයිට් එකක් ඉදල නම් ඇඩ්මිට් වෙලා හිටපු දවසක් විදිහට ගන්නවා කියල , .ගවන්මන්ට් හොස්පිටල් නම් ඒකට දවසට ගානක් වෙනම තියෙනවා කියල .

    කෝකද දැන් එතකොට හරි ? කොන්ෆියුස් වෙනවනේ බන් .


    PVT nam 24 hrs. Government nam 01 night . habai day Surgery thiyenawa ewata wenama gewanawa
     
    • Like
    Reactions: ShiranthaG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,464
    3,552
    113
    Dental insurance මොනවද ලංකාවෙ හොඳ ඒවා තියෙන්නෙ මචන්? මට හෙව්වට හම්බුනේ නෑ හරි එකක්.