Ratata Apala Nalu......

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    සෙනසුරු මාරුවෙන් රටට අපල නෑ

    බුලිත ප්‍රදීප් කුමාර

    ජ්‍යෙතිෂයේ දුකට අධිපති ග්‍රහය ලෙස සැලකෙන සෙනසුරු ඊයේ මධ්‍යම රාත්‍රි 12.01 සිංහ රාශියේ සිට කන්‍යා රාශියට මාරුවීම තුළ එළඹුන ඒරාෂ්ඨකයෙන් රටටත් ජනතාවටත් රට කරවන රාජ්‍ය නායකයාටත් මහත් ශුභදායක වාසනාවන්ත අනාගතයක්‌ එළඹෙන බව ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

    සෙනසුරු ග්‍රහයා මෙතෙක්‌ කලක්‌ සිටි සිංහ රාශියේ සිට කන්‍යා රාශියට මාරුවන මේ මොහොතේ සෙනසුරුගේ අතිශය හිතෛශීවන්ත ග්‍රහයෙකු වන බුද ග්‍රහයා සෙනසුරු පිළිගන්නට කන්‍යා රාශියට වී බලා සිටීම තුළ එළඹෙන ග්‍රහ පිහිටීම කලාතුරකින් එළඹෙන බලසම්පන්නම ග්‍රහ පිහිටීමක්‌ බවත් මෙම ඒරාෂ්ඨකය 2012 අගෝස්‌තු 04 වැනිදා දක්‌වා බලපාන බවත් අබේගුණවර්ධන මහතා පවසයි.

    ජ්‍යෙතිශයට අනුව ඉතා දුර්ලභ ග්‍රහ පිහිටීමක්‌ ලෙස ඊයේ රාත්‍රියේ සිට ඉදිරියට වසර 2 1/2 කාලයකට එළඹෙන මෙම ඒරාෂ්ඨක කාලය මේෂ, වෘෂභ, මිථුන, කන්‍යා, ධනු, වෘශ්චික, මකර හා කුම්භ ලග්න ලාභීන්ට ඉතා සුභදායක බව ඔහු විග්‍රහ කරයි. තවද මීන හා කටක ලග්න ලාභීන්ට මෙම කාලය සමඵල උදාකරවන අතර සිංහ හා තුලා ලග්න ලාභීන්ට තරමක්‌ අශුභ ඒරාෂ්ඨකයක්‌ ලෙසද පවසයි.

    රටටත් ජනතාවටත් රට කරවන රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාටත් ඉතා ශුභදායක කාලයක්‌ වන ඉදිරි වසර 2 1/2 ක්‌ වන කාලය තුළ භූමිය හා මහ මුහුද උපයෝගී කරගෙන කරන කර්මාන්ත තුළින් සීඝ්‍ර දියුණුවක්‌ උදාවන බවද පවසයි. මේ අනුව වරාය, සංචාරක කර්මාන්ත, භූවිද්‍යා හා පතල් කර්මාන්ත, කෘෂිකර්මය වැනි ක්‍ෂේත්‍රවල ඉහළ දියුණුවක්‌ ඇතිවනු ඇතැයිද සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව, දකුණු ආසියාවේම සිටින අංක එකේ ජ්‍යෙතිර්ශාස්‌ත්‍රඥයකු මෙන්ම අනාගතය කියන්නෙකු වන ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන සමග සෙනසුරු මාරුව අළලා "දිවයින" කළ විශේෂ සාකච්ඡාවක්‌ 13 වැනිදා "දිවයින" ඉරිදා සංග්‍රහය පුවත් පතේද පළ කෙරණු ඇත.