Ravana Airport - උස්සන්ගොඩ International

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Ravana Airport - උස්සන්ගොඩ International

    ussangoda-16.jpg

    ලංකාවේ අළුත්ම ගුවන් තොටුපළ තියෙන්නේ හම්බන්තොට. ඒ වගේම ලංකාවේ පළවෙනි ගුවන් තොටුපළ ගැනත් තොරතුරු වාර්තා වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඒ තමයි උස්සන්ගොඩ. උස්සන්ගොඩ තියන්නේ මුහුද අද්දර තියෙන තැනිතලාවක්.මේ තැනිතලාව ටිකක් විතර හොර්ටන් තැන්නට සමානයි. මෙතන තියෙන්නේ රතු පස්, නිකං අමුතු ජාතියේ ගල්. ඒ වගේම මෙතන වෙරළේ දකින්න තියෙන ස්වභාවයත් හරි අමුතුයි. මේ අපුරු භූමියේ ගස් වැල් වැවෙන්නේ නෑ. තියෙන්නේ තෘණ විතරයි. මේ නිසා මේ උස්සනගොඩ ගැන එක එක විදිහේ ජනප්‍රවාද ජනවහරේ තියෙනවා.

    ussangoda-14.jpg

    ussangoda-11.jpg

    ussangoda-15.jpg


    එක කථාවකට අනුව උස්සන්ගොඩ කියන්නේ රාවණා රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව නවත්තපු තැන දඩු මොනරය ගෙඩබැස්සවීමට මෙතන ගුවන් පථයක් වගේ දෙයක් තියෙන්න ඇති.අදටත් මේ උස්සන්ගොඩ .තැනිතලාවේ දකින්න තියෙන්නේ රතු පාට පස්, පිළිස්සුණා වගේ පේන ගල් කැබලි හැදිලා තියෙන්නේ රාවණ රජුගේ දඩුමොණරය ගොඩ බාපු නිසා කියලයි කියන්නේ.
    උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් තියෙනවා. තවත් එක් විශ්වාසයක් වන්නේ මෙම ස්ථානයට උල්කාපතයක් කඩා වැටී සෑදුන ස්ථානයක් බවයි. මෙය කඩාවැටීම හේතුවෙන් මෙහි ඇති අසාමාන්‍ය පස ද පරිසරයද නිර්මාණය වී ඇති බවද පැවසෙයි. මෙම උල්කාපාතය කඩා වැටීමෙන් ‘උස් වූ ගොඩ’ පසුකාලීනව උස්සන්ගොඩ වූ බවයි ජනප්‍රවාදය ඇත්තේ. ඒ ආවාටය ගැන කියන තවත් ජනප‍්‍රවාදයක සඳහන් වන්නේ මේ වගේ කථාවක්.

    ussangoda-9.jpg

    ussangoda-5.jpg

    ussangoda-10.jpg

    ussangoda-8.jpg


    ”මංගර දෙවියන්ට වාහනය වෙලා තිබෙන්නේ කුළු මීමෙක්. ‘කදිර’ කියන්නේ එම කුළු මීමගෙ නම. දිනක් මෙම කදිර උස්සන්ගොඩ තිබෙන වළේ බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.”
    කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගරහෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. ඉස්සර උස්සන්ගොඩ යන අයට උණගන්නවා කියලා කථාවක් තිබිලා තියෙනවා. ඒ නිසා මිනිස්සු විශ්වාස කරනවා මේ උස්සන්ගොඩට අදෘෂ්‍යමාන බලවේගයක් තියෙනවා කියලා.

    ussangoda-12.jpg

    ussangoda-3.jpg

    ussangoda-1.jpg


    මානාභරණ කියන රජතුමා ඉස්සර උස්සන්ගොඩ රජමාළිගයක් හදාගෙන හිටියා කියලා තව කථාවක් තියෙනවා. පස්සේ මහ මුහුදට ඒ රජ මාළිගාව බිලිවුනාලු. ”පරෙයිගල” නැමැති ස්ථානයේ පිහිටි එම රජ මාලිගයේ සිටි රජතුමා යුද්ධයකට ගිහිං තියෙනවා. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරෂයින් විසින් රැගෙන එනු ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට හිතලා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත. සිය සැමියා මිය ගිය ගොස් ඇතැයි සිතූ භාර්යාවෝ සත් දෙනා සිය දිවි නසා ගන්නට හිතලා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගඟේ අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගිහිං තියෙනවා. එහෙම ගිහිල්ලා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ද ”ආභරණ ඇල්ල” කියලා හඳුන්වනවා.එහෙම පැන්න එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයෙක් සමත් වෙනවා. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගත්තා කියලයි කියන්නේ. පස්සේ එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගෙන තියෙනවා. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම කියන්නේ මේ ජනප්‍රවාදය නිසා ලු .

    ussangoda-19.jpg

    ussangoda-17.jpg

    ussangoda-15.jpg


    එ වගේම ශ්‍රී ලංකාවේ 21 වැනි ජාතික උද්‍යානය උස්‌සන්ගොඩ. මේකට යන්න වනජීවි එකෙන් ප්‍රවේශ පත්‍රයක් ගන්න අවශ්‍ය වෙනවා. කිසිම කරදරයක් නැතිව වාහනේකින් යන්න පුළුවන්ඒ ආසන්නයටම. කොලඹ ඉඳල යනවනම් මාතර හම්බන්තොට පාරෙ ගිහින් තංගල්ල පහුකරල 5km විතර ගියහම මෙතෙන්ට හැරෙන තැන තියනව. එතැනින් දකුණට හැරිල ඉඳල 1.6 km විතර තියෙන්නෙ මෙතෙන්ට. හරියටම මේක තියෙන තැන  Google map එකේ මෙතනින් බලාගන්න.
    පවුගේ කට්ටිය එක්ක එකතුවෙලා ගිහින් බලන්න පුළුවන් සුන්දර තැනක් තමයි මේ උස්සන්ගොඩ කියන්නේ.

    Source From <http://www.awidimu.com/ussangoda/>
    Visit www.Awidimu.com for similar stuff.