ravi karunanayake wa arrest karanna වරෙන්තු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට ටික වෙලාවකට පෙර වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

    ඒ 2016 වර්ෂයේ සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්.

    නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ චෝදනා වලට ලක්ව සිටි 10 වන සැකකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරච්චන්ද්‍රට එරෙහිව මෙහිදී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවේ නැහැ.ඒ ඔහුට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට තරම් අවශ්‍ය සාක්ෂි නොමැතිවීම හේතුවෙන්.

    ඒ අනුව මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබු පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමට සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් ,රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියේ පුංචිහේවා, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

    මෙම නඩුව අද උදෑසන අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මියට ප්‍රශ්නාවලියක්‌ යොමු කර සිටියා.

    මෙම සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරිමට පෙර අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ.

    එහිදී මහේස්ත්‍රාත්වරයා නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියි නීතිඥවරියට නියෝග කළේ සැකකරුවන් අතුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරි බුද්ධික සරච්චන්ද්‍රට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් 03දෙනෙකුට මෙම සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න පිළිබඳව කරුණු වාර්තා කරන ලෙසයි.

    මෙම අපරාධයට ඔවුන්ගේ සෘජු දායකත්වය පැහැදිලි කරන්නැයිද මහේස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

    එමෙන්ම බැඳුම්කර වෙන්දේසියේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, මහජන බැංකුව සහ සේවක අර්ථ සාධක අරමුදල යන ආයතන, කොපමණ මුදලක් වැය කර, කොපමණ කොටස් මිලදී ගත්තේදැයි නිශ්චිතව තම අධිකරණයට පැහැදිලි කරගත යුතු බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන ඇතුළු නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයට නියෝග කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙරයි .

    මෙම සැකකරුවන්ට එරෙහිව 2016 මාර්තු මාසයේදී 29 වෙනි දින සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම ආදී චෝදනා නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණා.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඒ කියන්නෙ දැන් අපි ආයෙත් පොහොට්ටුවට කතිරෙ ගසන්න ඕනෙද???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මේක නම් බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. මම හිතුවෙ රවියා ඩීල් දාලා බේරෙයි කියලා. මේ ආණ්ඩුවත් එක්ක ඩීල් දාන්න බැරිපාටයි. අපේ හොරු ටික සුද්දකරන යන සීන් එකක් තියෙන්නෙ. මේකට නම් ගංගා මෑණිගාවට යන්න ඕන ප්‍රශ්නයක්
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අනේ වහෙන් ඔරෝ නොකිය කෙලින්ම කියහල්ලකො
    රවීල ටික දොහකට හිරකල නිසා අපි දැන් ආයෙමත් පොහොට්ටුවට කතිරෙ ගහන්නම වෙනවද කියහන්කො බන්.???
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනේ වහෙන් ඔරෝ නොකිය කෙලින්ම කියහල්ලකො
    රවීල ටික දොහකට හිරකල නිසා අපි දැන් ආයෙමත් පොහොට්ටුවට කතිරෙ ගහන්නම වෙනවද කියහන්කො බන්.???

    උඹ කාටද ගහන්න හිටියෙ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Friday arrest
    Monday release
    Same old pattern 😂
    What happened to ranil?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Friday arrest
    Monday release
    Same old pattern 😂
    What happened to ranil?

    සදුද පෝය මිනිහො :lol::lol::lol: අයියෝ ඉල්ලන් බයිට් වෙන්නෙ.. :lol::lol::lol:
    රනිල් නේද රනිල් ..................යන්කො ඔහොම අදාල වෙලාවට දෙන්නම් තෙර්ඩ් එක... :):):):)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    ශ්‍රී ලන්කා කම්කරු පක්ශෙට
    ASP Liyanage සර්ගෙ

    ඉතින් එහෙනම් ඒකටම ගහපන්කෝ, මෙතන අපෙන් අහන්නේ මොකටද පොහොට්ටුවට ගහන්නද ගහන්නද කියලා? උබ ගෑනිට ගහන්නෙත් වෙන උන්ගෙන් අහලද? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝසි ආච්චි;25200348 said:
    ඉතින් එහෙනම් ඒකටම ගහපන්කෝ, මෙතන අපෙන් අහන්නේ මොකටද පොහොට්ටුවට ගහන්නද ගහන්නද කියලා? උබ ගෑනිට ගහන්නෙත් වෙන උන්ගෙන් අහලද? :baffled:
    :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,823
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් සහිත හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් රංචු ගැසී චින ජාතික කාන්තාවක් දුෂණය කළැයි යන එක් චෝදනාවකට ලක්ව නිදැල්ලේ සිට මාස 10 කට පසු ඊයේ අත්අඩංගුවට පත්වූ අතර ඊයේම ඇප මත නිදහස් විය.
    හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් (පො.පෙ) සහ ඔහුගේ රියදුරු වන විතානගේ කැලුම් සමීර හෙවත් සුදා යන සැකකරුවන් දෙදෙනා
    මෙම චෝදනාවට ලක්විය.
    ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලකයින්

    සමග සමීප සම්බන්ධයක් පවත්වා යන නම ගිය කට්ටඩි මහතෙකු ලෙස ප්‍රකට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ සිද්ධිය පසුගියදා විශාල ආන්දෝලනයකට පත්විය.දූෂණයට ලක්වූ බව කියන චීන ජාතික කාත්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රීවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව සිටිය දී මෙම දූෂණ සිද්ධිය සිදුවී ඇත.
    රංචු ගැසී තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් රත්තරං හා රියදුරු යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ඇය පැමිණිල්ල ගොනුකර තිබුනේ 2019 මැයි 3වැනිදා වන අතර ඒ සම්බන්ධ නඩු විභාගයේදී රත්තරන් පවසා තිබුනේ ඇය සිය කැමැත්තෙන් අඹුසැමි සබඳතා පැවැත්වූ බවයි. නමුත් එය එසේ නොවන බවට ඇය පසුව තර්ක ගෙන හැර පෑවාය.
    මෙම නඩුව යන අතරවාරයේම වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් බරපතල අපයෝජනයකට ලක් කළ බවට චෝදනාවක් රත්තරන්ට එරෙහිව ඉදිරිපත් විය. සිය නිවසේ පවත්වා යන දේවාලයේ වැඩකට දෙමාපියන් සමග ආ දැරියකට මෙම අතවරය කර තිබුණි.
    එවක ප්‍රබල දේශපාලනඥයෙකු අක්මීමන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප දෙනවාට විරුද්ධ නොවන ලෙසත් කේස් එක ලිස්සා යවන ලෙසත් නියෝග කළ බවට වාර්තා පළ විය.

    ඔන්න ඔහොමලු නීතිය තදින් ක්‍රියාත්මක වෙනකොට:lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    රෝසි ආච්චි;25200348 said:
    ඉතින් එහෙනම් ඒකටම ගහපන්කෝ, මෙතන අපෙන් අහන්නේ මොකටද පොහොට්ටුවට ගහන්නද ගහන්නද කියලා? උබ ගෑනිට ගහන්නෙත් වෙන උන්ගෙන් අහලද? :baffled:

    :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් සහිත හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් රංචු ගැසී චින ජාතික කාන්තාවක් දුෂණය කළැයි යන එක් චෝදනාවකට ලක්ව නිදැල්ලේ සිට මාස 10 කට පසු ඊයේ අත්අඩංගුවට පත්වූ අතර ඊයේම ඇප මත නිදහස් විය.
    හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරන් (පො.පෙ) සහ ඔහුගේ රියදුරු වන විතානගේ කැලුම් සමීර හෙවත් සුදා යන සැකකරුවන් දෙදෙනා
    මෙම චෝදනාවට ලක්විය.
    ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලකයින්

    සමග සමීප සම්බන්ධයක් පවත්වා යන නම ගිය කට්ටඩි මහතෙකු ලෙස ප්‍රකට ක්‍රිෂාන්ත පුෂ්පකුමාර තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ සිද්ධිය පසුගියදා විශාල ආන්දෝලනයකට පත්විය.දූෂණයට ලක්වූ බව කියන චීන ජාතික කාත්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රීවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව සිටිය දී මෙම දූෂණ සිද්ධිය සිදුවී ඇත.
    රංචු ගැසී තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් රත්තරං හා රියදුරු යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ඇය පැමිණිල්ල ගොනුකර තිබුනේ 2019 මැයි 3වැනිදා වන අතර ඒ සම්බන්ධ නඩු විභාගයේදී රත්තරන් පවසා තිබුනේ ඇය සිය කැමැත්තෙන් අඹුසැමි සබඳතා පැවැත්වූ බවයි. නමුත් එය එසේ නොවන බවට ඇය පසුව තර්ක ගෙන හැර පෑවාය.
    මෙම නඩුව යන අතරවාරයේම වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් බරපතල අපයෝජනයකට ලක් කළ බවට චෝදනාවක් රත්තරන්ට එරෙහිව ඉදිරිපත් විය. සිය නිවසේ පවත්වා යන දේවාලයේ වැඩකට දෙමාපියන් සමග ආ දැරියකට මෙම අතවරය කර තිබුණි.
    එවක ප්‍රබල දේශපාලනඥයෙකු අක්මීමන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට ඇප දෙනවාට විරුද්ධ නොවන ලෙසත් කේස් එක ලිස්සා යවන ලෙසත් නියෝග කළ බවට වාර්තා පළ විය.

    ඔන්න ඔහොමලු නීතිය තදින් ක්‍රියාත්මක වෙනකොට:lol::lol:

    ගෝටද බං judge??:baffled:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,415
    1
    32,083
    113
    - උඩරට -

    බොරුවක් නේ !! :lol:
    රනිල් තමා ඕකේ මහ මොලකරු..රනිල් වෙනුවට රවිය යනවා ඇතුලට :) :lol:
    යහපාලනේ කාලයේ මහින්දගේ ආරක්ශකයා රනිල් වෙච්ච එකේ මේ පාර රනිල් ගේ ආරක්ශාව බාරව ඉන්නේ මහින්ද :) :lol:
    මුන් ඔක්කෝම එක බෝට්‍ටුවේ යන්නේ..දෙගොල්ලම එකයි.. :no:
    ගෝටබය යන්නේ වෙන පාරක , එයාට එයාගේ පාරේ යන්න බෑ ඔක්කොම වලවල් හදලා තියෙන්නේ මහින්ද :) :lol:
    ජන්දේ අරන් මහින්ද අගමැති උනාම ගෝටාබය චොක වෙලා යනවා..මොකද මහින්ද ජනාදිපති වෙනවානේ..දැනටත් ඉන්නේ ජනාදිපති වගේනේ.. :lol:
    බලයෙන් උමතු වෙලා ඉන්නේ මහින්දගේ පවුලම ගෝටාබය ඇර... :nerd:
    ඩොක්ටර් සාෆී යට ගියා ආයේ එයි එලියට.. :lol:
    කතිරේ ගැහුවේ පොහොට්‍ටුවට , ආයේ ගහන්නේත් පොහොට්‍ටුවට තමා ඒඅ ගහන්නේ හොදක් වෙයි කිය්ලා බලාපොරොත්තුවෙන්! :lol::eek: :sorry:
    ඒ උනාට ඉන්නේ නම් ඔක්කෝම හොරු ! :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෑ.. නෑ.. ගෝටාට මොකුත් කිව්වෙ නෑ. රටේ වැඩ සිද්ධවෙන හැටි කිව්වෙ.:dull:

    නාගානන්ද ඵනකන් අපිත් බලන් හිටියේ ඕව නිසා තමා.අන්තිමට මිනිහත් අපිට කොකා පෙන්නුවනේ..:(