Read good Laptop buying experience..!!

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ අත්දැකිම් වලින් ඔයාලාට හොඳ ලැප් එකක් ගන්න හැටි කියලා දෙන්නම්.. හරි මෙන්න මෙහෙමයි හොද ලැප්ටොප් එකක් ගන්න ගේමක් දෙන්න ඕන.

    උඹල විශ්වාස කරන එකකුත් නෑ, මම මගේ ලැප්ටොප් එක ගන්න මාස 5කට වඩා කාලයක් සැලසුම් කලා. මම ගන්න යන්නේ 2වෙනි ලැප් එක අවුරුදු 4ක් ඇතුලත. පලවෙනි එක ගත්තේත් හොදට හොයලා බලලා තමා. නමුත් ගත්ත ප්ලේස් එක laptop.lk අන්න වැරදුන තැන. පලවෙනි එක HP Pavilion DV6 එකක්. ඒක ටච්ස්ක්‍රීන් එකක්. laptop.lk ගනන් අඩු එකම ප්ලේස් එක. 2010 උනේ රු.125,000/=. පට්ටම භාන්ඩේ. දවසක ඇහුවහම ස්ටොක් තියෙනවා කියුවා. හැබැයි මගේ ගිය දවසේ ඉතුරු වෙලා තිබ්බේ ඩිස්ප්ලේ එකේ තිබ්බ එක. තිබ්බ පෙරේත කමට මම ගත්තේ ඩිස්ප්ලය් එකේ තිබ්බ ලැප් එක. සත පහක් අඩු කලේ නෑ. අවුලක් නම් පේන්න තිබ්බේ නෑ. හීරිම් අනම් මනම් මොනවත් තිබ්බේ නෑ. ගත්තාට පස්සේ මම එක දවසක් වත් සර්විස් කරන්න laptop.lk එකට දැම්මේත් නෑ. ඒකට දැම්මේ informatics කම්පැනි එකට. ලැප් එක සර්විස් කරද්දි මගේ තර්මල් හීට් සින්ක් කම්පවුන්ඩ් රීප්ලස් කරන්න ඕනා කියුවා. මම ඇහුවා කොච්චරක් යයිද කියලා. මොකෝ ඉතින් රු.125,000/= දීලා ගත්තේ බාල බඩු දාන්න නෙවේනේ. මගේ වොරන්ටි ටයිම් එකේ ලැප් එක තියෙනවා කියලා ඔරිජිනල් කම්පවුන්ඩ් සිංගප්පූරුවෙන් ගෙනල්ලා දෙන්නම් කියලා ඒකට දවස් 2ක් දෙන්න කිවුවා. සතයක්වත් ගත්තේ නෑ international වොරන්ටි නිසා.
    ඊට පස්සේ අවුරුද්දක් වගේ ලැප් එක දුවන්න ඇති. මම ගොඩක් වෙලා ලැප් එක පාවිච්චි කරනවා. ඉතින් ඒකේ ලෙඩ ආව අම්බානකට. මම ඒක පැත්තකට දාලා තාත්තාගේ ඔපීසියේ එකක් පාවිච්චි කලා. ඔන්න ටිකක් කල් ගිහින් ආයේ ලැප් එකක් ගන්න ආසාව අවා. දුන්නා හොද මාර්කට් රීසර්ච් එකක්. ඔප්ශන්ස් තිබ්බේ Dell, HP, Toshiba. මට ඕනා ගේම් මරන්න එකක්. budget එක රු.100,000-110,000/= වගෙ.
    මෙහෙමයි කලේ.

    මුලින්ම මට හොද satisfaction එකක් තිබ්බා කොහෙන් HP ලැප් එකක් ගත්තත් සර්විස් වලට යන්නේ informatics එකට කියන එක. නමුත් HP ටිකක් හීට් වෙනව වැඩී. මගේ කලින් ලැප් එක ඇතුලේ ඒවා පේන්න මස් වෙන්න ගියා. හවුසින් එක හීට් එකට කැඩෙන්න අරන්. රීප්ලෙස් කරන රු.18,000 යනවා කියුවා. තව ටච් ඩිස්ප්ලේ එකත් දාන්න වෙන්න උනා මගේ අතින් ඒක වැටිලා. ඒකට රු.45,000 යනවා කියුවා. මම ඒක පැත්තකට දාලා ටික කාලයක් ඉදලා අලුත් එකක් ගන්න හිතුනා. මොකෝ හදන්න යන වියදමට මට අලුත් එකක් ගන්න පුලුවන්.

    ඉතින් ඩෙල්ල් එකක් ගන්න ආසාවක් ආවා. බැලුවා හොඳ ඒජන්ට් කෙනෙක්. සැම්සන් අයිටී කස්ටිය තමා ලංකාවේ බලයලත් බෙදාහරින්නන්. හොඳ මොඩෙල් එකක් තෝරලා මගේ යාලුවන්ගේ ඇහුවා උන්ගේ ඩෙල්ල් එක්ස්පීරියන්ස් ගැන. උන් වරදක් කියුවේ නැති නිසා ඒක පස්සේ පැන්නුවා. ගියා සැම්සන් එකේ මාර්කටින් ලොක්කව හම්බෙන්න. ඔව් කෙලින්ම ගියේ ඌගාවට තමයි. මොකෝ මම ලැප් එක ගන්නේ මටනේ. මට හොඳ එකක් ඕන. ගෙන්නෙව්වා උන්ගේ latest ma හොඳම performance ලැප් එක. අපි බැලුවා design, spec එක. අරූ ඉතින් කට පාඩම් කරන් වගේ කියවනවා. මගේ ඔය කලින් ලැප් එකේ සීන් එකේ මම ටිකක් ඩවුන් වෙලා හිටිය නිසා මම ඇහුව ඕවල සාමාන්‍යයෙන් එන warranty එකට අමතරව තව ගානක් ගෙවලා ඔය free හම්බෙන සර්විස් අනම් මනම් දික් කරගන්න පුලුවන්. මම ඇහුවා ඒවා මම Dell ඔන්ලයින් සයිට් එකෙන් ගත්තොත් ලැප් එකට ලංකාවේ ඇතුලත අදාල වෙන්නේ කොහොමද කියලා. මොකෝ එකේ තියෙනවා insurance එකක්. ඒකට අනූව මම ලැප් එක බිම දාලා, කඩලා බිදලා ගෙනිච්චත් උන් මට ලැප් එකක් replace කරනවා.
    අවාසනාවකට ලොක්කා ඒක දැනන් හිටියේ නම් නෑ. කමක් නෑ කියමුකෝ. මම ගියේ බදාදා දවසක උදේ වරුවේ. මූ ටිකක් වැනේනවා වගේ. කටෙනුත් විස්කි සුවදක් ආවා කතා කරද්දි. care pack එකේ සීන් එකේදී මම ඒක ඔන්ලයින් ගත්තොත් වෙන්නේ රු.12,000/= වගේ. මට ඒක එච්චර ගානක් උනේ නෑ ණය වෙලා හරි දානවා කියලා හිතුනා. ඒක අවුරුදු 2ක් වලංගු වෙනවා. තියෙන එකත් එක්ක අවුරුදු 3යි. ඕක ගැන කියුවහම ඔන්ලයින් ගත්තහම උන්ට ප්‍රොෆිට්(සැම්සන් කස්ටියට) නෑලු. බිස්නස් දුවන්නේ ප්‍රොෆිට් එක්ක කිය කිය මට මාර්කටින් උගන්නනවා. ඕකත් අහන් ඉදලා මම ඔයාලාගේ ප්‍රොෆිට් එක්ක ගාන කියන්න කියලා ආවා. අද වෙනකන් call එකක් ආවේ නෑ. ලැප් එක ගන්නේ මම තාත්තාගෙන් ණයක් ඉල්ලන්. ඉතින් ගානත් අඩු, හොඳම බඩුවක් බැලුවේ. මගුලේ සැම්සන් එක. මම ඒක පැත්තකට දාලා බැලුවා සර්විස් හොඳ HP එකක්ම ගන්න. ඔය කාලේ තමා කස්ටිය රැල්ලට හම්බ කඩ වර්ජනය කලේ. ඉතින් මමත් හම්බ කඩ සියල්ලක්ම වර්ජනය කරලා සිංහල කඩයකින් ලැපක් බැලුවා.

    හම්බුනා එකක්. හම්මේ ඒකේ ගනන්. මම කියුවේ ඒකාලේ තිබ්බ HP වල පට්ටම ලැප් එක. මට ඔය පොඩි පිස්සුවක් තියෙනවා හොදම එකක් ගන්න ගොඩ කාලයක් පවිච්චි කරන්න. දුක් වෙන්න ඕනා නෑ නේ. රු.135,000/=. ඔරිජිනල් Windows 8 එන්නේ. සැම්සන් එකේ බලපු එක Intel Core i5 4th Gen 1.8GHz එකක්. මගේ එක Intel Core i7 4th Gen 2.4GHz. Turbo boost වෙනව 3.4GHz වෙනකන්. ලස්සනත් එක්ක. බැක්ලිට් කීබෝර්ඩ්, බීට්ස් ඕඩියෝ.. අම්මා... පට්ට. දැන් බැලුවා ලැප් එකේ සර්විස් ගැන. මම ඇහුවා අරුන්ගේ මම ලැප් එක අරන් ඔයාලා ගාවට නැතුව පිට කම්පැනි එකකට සර්විස් කරන්න දුන්නාට කමක් නැද්ද කියලා. උන් කමක් නෑ කියුවා. මෙහෙම එකක් තියෙනවා. ඔය warranty කාලය ඇතුලත තියෙන ලැප් මෙයාලානම් ඇණයක් වත් බුරුල් කරන්නේ නෑ. මුන්ට කේස්ලු එහෙම කලොත්. ඒවා දෙන්නේ ලංකාවේ HP Authorized service සෙන්ටෙර් වලට ලු. ඉතින් මම informatics එකට දෙන එක අවුලක් නෑ. උන් HP Authorized service agent ලිස්ට් එකේ ඉන්නවා.
    informatics එකේ ලොක්කෙක් එක්කත් මම ඔය international warranty claim වෙන හැටි ඇහුවා. ඒකත් මෙහෙම එකක්.
    Ref: HP Authorized service partners list

    ලැප් එකක් ගනිද්දි විකුණන එකාගෙන් අහන්න කියුවා මේක මොන රීජන් එකෙන් ගෙන්නන එකක්ද කියලා. ලංකාවව international warranty claim කරන්න පුලුවන් Singapore region වලින් ගෙන්නන ලැප් විතරලු. වෙන region එකකකින් ගෙන්නනවා නම් ඒවා අපේ නමට හරවගෙන, ඒ document එක්ක තමා warranty claim කරන්න වෙන්නේ කියුවා. මගේ එක Singapore region එකෙන් ගෙන්නලා තියෙන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නෑ. එයාගෙන් මම care pack ගැනත් ඇහුවා. ලංකාව වගේ රටවල හොරකම් වැඩි නිසා care pack එකේ insurance claim එකනම් කරන්න පුලුවන්ද කියලා දන්නේ නෑ කියුවා. එහෙම උනොත් HP online store එකේ විකුණන ගානට ඒක claim කරන්න පාඩුයි කියුවා. අනික් service warranty නම් extend වෙනවා කියුවා අවුරුදු 2කින්. මොකො ඩිස්ප්ලේ එකේ කේස් එන්න පුලුවන් ටික කාලයක් යද්දි. අපි නිතරම ඒක අරිනවා වහනවා නේ. ඉතින් මට එහෙම එකක් දාන එකේ වැදගත්කම හොඳට කියලා දුන්නා. මාර්කටින් තමා. නමුත් හොඳට හිතන්න දෙයක්. මට ඕනනම් ඒක අද ගන්නත් පුලුවන් නැත්නම් පළවෙනි warranty එක ඉවර වෙන්න ලන් උනහම ගන්නත් පුලුවන් නේ.

    සර්විස්, පාර්ට්ස් හොඳ නිසා මම HP එකක්ම ගත්තා. lapzoneකඩේ නම. ඔන්න ඉතින් හොඳට බලලා සල්ලි දීලා ගන්න යද්දි මට කියනවා කඩේ ස්ටොක් නෑලු. ඩිස්ප්ලේ එකේ තියෙන එක විතරලු තියෙන්නේ. ආයේ බඩු ගේන්න සති 3ක් සත් යයිලු. ඩිස්ප්ලේ එකේ තියන එකත් වෙන කෙනෙක් ඉල්ලලා තියෙන්නේ. මම ඉක්මන් උනොත් ඒක දෙන්නම් කියලා. අනික් කස්ටමර් කියල ගියේ කියල. මටත් කලින් ලැප් එකේ සීන් එක මතක් වෙලා එපා මම පස්සේ දවසක එන්නම් කියලා ආවා. එන්න හදද්දි මගෙන් මොබයිල් නම්බර් එක ඉල්ලලා උන්ගේ තව ස්ටෝර් එකක් තියෙනවා, එකේත් බලලා පැය බාගෙකින් මට කියන්නම් කියුවා. මම කියුවා එහෙම තිබ්බොත් මම එනකන් එක සෙලෝටෙප් එකක් ගලවන්න එපා. ගෙනල්ලා තියන්න කියලා. අපරාදේ කියන්න බෑ, පැය බාගෙකින් කතා කලා. පැකින් පිටින් එකක් ගත්තේ. මම ලැප් එක ගනිද්දි 4GB Extra RAM එකක් ගැහුවා GSkill ගෙමින් එකක්. ඒකයි, මේකේ ඩීවීඩී ඩ්‍රයිව් එකක් නෑ. ඒනිසා external එකක් ගත්තා. ඔක්කෝම රු.145,000/= උනා(ලැප් එක රු.135,000/=).

    කොච්චර හොඳට හොයලා ගත්තත් අපිට ඇතුලේ තියෙන පාර්ට්ස් ගලවලා බලන්න පුලුවන් කමක් නෑනේ.. ටික කාලයක් යද්දි, ඒ කියන්නේ මාස 3ක් වගේ යද්දි පොඩි සීන් එකක් උනා, warranty තිබ්බ නිසා මම හදන්න දැම්මා. ඒ කාලේ informatics එක relocate වෙනවා කියලා අලුත් ඔර්ඩර්ස් ගන්නේ නෑ කියුවා, දුකින් වගේ ලැප් එක ගත්ත තැනටම දුන්නා ආයෙත් මේක හදලා දෙන්න කියල. උන් වෙන කාටද මන්ද බලයලත් සර්විස් සෙන්ටර් එකකට දුන්න. මාසයකට වඩා පස්සෙන් පන්නලා මේ පොඩි හාඩ් එක මරු කරගන්න එක කරගත්තා. හැබැයි වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ හදන්න අරන් සති 2කට පස්සේ. ඉතුරු කාලේ මොන ලබ්බක් කලාද මන්දා. මම ඒකත් ගත්ත කඩේට පෙන්නුව අරුන්ගේ සර්විස් ගැන. ගොබ්බයෝ.

    නමුත් ආයේ ටික කාලයක් යද්දි හාඩ් එකේ සීන් එකක් ආවා. හාඩ් එකේ සීන් එක කියුවේ ඒකෙන් ටීක් ටීක් ගාල සද්දයක් එනවා ස්පින්ඩල් එකෙන්. පලවෙනි හාඩ් එක බැකප් කරගන්න කාලයක් වත් තිබ්බේ නෑ, මගේ ඩේටා ඔක්කොම නැති උනා. හාඩ් එක ගොඩ ගන්න බෑ කියුවා. අලුත් එකක් Singapore වලින් ගෙනල්ලා දැම්මේ කියුවා. දැන් දෙවෙනි එකෙත් ටිකක් ඒක එන්න හදපු නිසා මම කියුවා මෙකේත් එනවා. මට අලුත් හාඩ් එකක් දාලා, මදර්බෝඩ් මාරු කරල දෙන්න කියලා. හොඳ වෙලාවට informatics එක ආයේ ඕපන් කරලා. හදන්න දාල සති 2කට පස්සේ මට ඔක්කෝම මාරු කරලා දුන්නා. හැබයි ඔන්න ආයෙත් අර මගුල එනව. ඒ ගමන මම කියුවා කෝකටත් අපි හාඩ් එකේ කේබල් ටික මාරු කරල බලමු කියලා. ඔරිජිනල් බඩු දැම්ම. දැන් බබා වගේ දුවනව කිසිම අවුලක් නෑ.
    හැම වෙලේම මම ලැප් එක සර්විස් සෙන්ටර් එකෙන් ගනිද්දි Extra RAM එක තියෙනවාද කියල උන්ටම කියලා ගලවලා බලලා ගත්තේ. හැබැයි informatics එකේ උන්නම් ඒක කලින්ම මට ගලවලා අතට දුන්නා මේවා ඔරිජිනල් පාර්ට්ස් නෙවෙයි HP එකෙන් එන. ඒ නිසා අවුල බලනකන් පාවිච්චි කරන්න එපා කියලා. informatics එකෙන් පාට්ස් ටික එනකන් ඒකේ ඉන්න ටෙක්නිෂන් මගේ ලැප් එක හොඳට ක්ලීන් කරලත් දුන්නා. උන්ටත් සීන් එක හොයාගන්න බැරි උන එක ඇත්ත, නමුත් බලන් යද්දි ඒක හාඩ් එකේ කේබල් සීන් එකක්.

    දැන් හරි. මොනවා උනත් ලැප් එකක් ගනිද්දි හොඳට හොයලා බලලා ගනිල්ලා. විශේෂයෙන්ම සර්විස් ගැන. ඔය නිකන් දෙකයි පනහේ තැන් වලට දෙන්න එපා සර්විස් කරන්න. උන් රු.1500/= ගනී සර්විස් කරන්න. නමුත් ලැප් වලට සලකන විදිය මම දැකල තියෙනවා. Authorized agent කෙනෙක්ගෙන්(informatics වගේ) මගෙන් ගත්ත warranty ඉවර උන ලැප් එකකට රු.3000/=ක්. හැබැයි පාඩු නෑ. විශ්වාසවන්තව වැඩේ කරලා දෙනවා අපි ගෙනෙද්දි බාර දුන්න ඇණ එක්කම. අනික් උන් ඒවා මාරු කරනවා නැත්නම් හලලා කියනවා ඒවා අපි බාර දෙද්දි තිබ්බේ එහෙමයි කියලා. 2014 පෙබරවාරි 22 ලැප් එක ගත්තේ ගත්තේ. අදටත් අර උන සීන් එක ඇරෙන්න වෙන අවුලක් නෑ.

    එහෙනම් අලුතින් ලැප් ගන්න අයට ජය වේවා. මේක ලැප් වලට විතරක් නෙවේ, අනික් හැමදේකටමත් පොදුයි.

    දැන් එක
    20150318_015941_HDR.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    යකෝ ඔය ලැප් එක වොරන්ටි දාලා ඈරෙන්න වෙන වැඩක් ගත්තෙම නැද්ද බං.....?? :rolleyes:

    ඒජන්ට් ලග සර්විස් එකට 3000/= ක් දෙන එක නම් පට්ට බොරු වැඩක්.... මමත් වැඩ කරානේ කලින්....... නිකන්ම දූවිලි ටික පිහිදැම්මා..... හීට් සින්ක් කම්පවුන්ඩ් එක දැම්මා 3000/= ක් ගත්තා...... :angry:

    ඕකට මම තමා ගේම ඉල්ලලා අබාන්ස් එකේ 3M Contact Cleaner වලින් සර්විස් කරමු කියලා ඒක සර්විස් එක සර්විස් එකක් විදිහට කරේ...... දැන් නම් එහෙම වෙනවද දන්නේ නෑ..... :dull:

    මගේ ශොප් එකේ නම් සර්විස් එක සර්විස් එකක් විදිහට දෙනවා ලැප් වලට...... කස්ටමර් ගිනි පුක් ගාය හැදිලා අදම ලැප් එක ඕනා කියාගෙන ආවත්...... සර්විස් එක සර්විස් එකක්ම විදිහට දීලා තමා වැඩේ ඉවර කරලා දෙන්නේ....... :yes:

    ලෙඩ්ඩු කලබල උනාට දොස්තර කලබල නෑ නේ.... :D :yes:

     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    man danne na machan me tharam leda lap ewlaa enawada kiyala. man lap 3 use karanawa.
    Toshiba issellama use karapu eka gaththe 2007 USA mama kenekta kiyala gennuwa. eka 2012 waladi Coffee ekak halila 6 months yaddi kela una.

    Ita passe 2012 waladi thawath toshiba ekak gaththa. ekan thamai dan me msg eka gahanneth..hamadama office genawa mama. thama gindara wage wada.i5 ekak..

    eth ekkama mama wifeta 2013 Jan Lankawata enda kalin gaththa Hp ekak...ekath kisima ledak nathiwa wada karanawa.

    kohomata ban lankawe lapwala oya tharam leda enne. man mage Toshiba eka vikunala Dell ekak ganda baluwe.Office eke dell ekak thiyanawa softlogic eken gaththa..kisi aulak na thama.dan 2 years wenawa.

    dannam bayeth ba ekak ganda