Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    රෝස මල් දිගේ

    රෝස මල් දිගේ 1 😱😱😱
    (හොල්මන් කතා පාට පෙට්ටිය 😱😱😱)

    නිම්තෙරා තාත්තා අලුතින් මිළදී ගත් නිවස දිහා බැලුවා. කියන්ඩ තරම ඒ නිවසේ වරදක් නොදැක්කත් ඇය සිටියේ ගොඩක් කනස්සලෙන්. කලින් පදින්චිවෙලා හිටපු උපන් ගමෙන් සෑහෙන්ඩ දුරකින් පිහිටා තිබ්බ මේ අලුත් නිවසයි ඉඩමයි නිසා දැන් ඇයට අලුතින් ජීවිතය පටන්ගන්ඩ සිදුවෙල ඇත.

    ලබන් වසරේ සාමාන්ය පෙල විභාගයට මූන දෙන්න ඉන්න ඇයට ඒ විභාගයට මූන දෙන්න වෙන්නේ ඒකේ ඉදන් ගිය පාසලේ ඉදන් නෙමේ. මේ පැත්තේ තියෙන පාසලක. ඇයට අලුතින් යහලු යෙහෙලියන් හොයා ගන්න සිදු වෙනවා ඇත.

    නිම්තෙරා එහෙම කනස්සලෙන් හිටියත් ඇයට අවුරුදු හතරක් බාල ඇයගේ twin සොහොයුරන් දෙන්නා හිමාල් හා හේමාල් හිටියේ ගොඩක් සතුටින්.

    "ශා අපිට cricket ගහන්ඩ මරු place එකක් තියෙනවා...."

    අලුත් නිවස ලගට ආවා ආවාමයි ඊට පස්සේ අතුරු දහන් වුන හිමාලුයි, හේමාලුයි ආයේ මතුවුනේ එහෙම කියාගෙන.

    "උබලා දෙන්නටම් ඉතින් cricket කිව්වොත් කන්ඩ බොන්ඩ ඕනෙත් නෑනේ" 🐘

    තම කනස්සල්ල නිම්තෙරා පිටකෙරුවේ සොහොයුරන් දෙන්නාගේ පිටින්.

    "ඔන්න ඔන්න ඉතින් අලුත් ගේකට පය තිබ්බා විතරයි. උබල රණ්ඩුවක් අල්ලන්ඩ පටන් ගත්තා. අනේ ලොකු එකියේ උබනම්......"

    මාලති තම එකම දියනිය දිහා ට හැරිලා කිව්වේ ඇයව දවා අලු කරන බැල්මකින්.

    එදා හවසම නිම්තෙරා අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි එක්ක එකතු වෙලා කලින් හිටපු ගෙදරින් ගෙනාපු බඩු මුට්ටු අලුත් නිවසට දැම්මා.

    කාමර හතරකින් සමන්විත වූ ඒ නිවස කපරාදු නොකරපු සාමාන්ය ගෙයක්. ගේ වටා තිබ්බ අක්කර භාගයක පමන ඉඩමේ පීදෙන්න් ඔන්න මෙන්න තිබ්බ පොල් ගස් දහයක් පමනත් තවත් වෙනත් ගස් කීපයකුත් තිබ්බා.

    ගේ ඉස්සරහින් බොරලු පාරක් දිව ගියා. ඒත් නිම්තෙරා ලාගේ අලුත් නිවස කිට්ටුව ලගම තිබ්බේ ඇහින් පේන තරම් දුරකින් එකම එක නිවසක් විතරයි. අලුත් ඉඩම ගාවම ඒ නිවස තිබ්බත් ඉඩම් දෙක වෙන් කරන්ඩ කම්බිවැටක් තිබ්බා.

    නිම්තෙරා ලා ගේ ඉඩමේ වල් තන්කොල පදුරු අක්රමනය කරලා නොතිබුනත් අර ඉඩම නම තිබ්බේ හොදටම වල් බිහිවෙලා.

    නිම්තෙරා අලුත් නිවසට ඇවිල්ලා මුල් දවස් 🐎දෙකෙ ඒ නිවස දිහා ඕනාකමින් බැලුවත් කිසිම මනුස්සයෙක් ඒ නිවසේ ඉන්නව කියලා ඇයට පෙනුනේ නෑ.

    "මාලතී ඔයාට අවුලක් නෑනේ මේ ගෙදර නේද"

    නිම්තෙරාලාගෙ පියා ශාන්ත එය අහන්න්ඩ ඇත්තේ දැන් පස් වෙනි වතාවට වෙන්ඩ ඇති. කුස්සියට වෙලා මාලු පින්නක් හැදි ගාමින් හිටි මාලති ඔහු දෙස හැරී බැලුවා.

    "නෑ නෑ මේ ගේ හොදයි මම කලිනුත් කිව්වනේ ඔයා දැන් ඕක කීවෙනි පාරටද ඇහුවේ "

    "මට හෙට නුවර යන්ඩ වෙනවා කට්ටිය එක්ක හඩ් එකක් ගහන්ඩ , ඔයාලට සතියක් විතර යනකම් තනියෙමතමා ඉන්ඩ වෙන්නේ ,අවුලක් නෑනේ මේ පැත්තට ඇලුත් හින්දා ඔයාට බයද"

    " මොන බයද ශාන්ත ඔයා යන්ඩ "

    "අපි ඔයාලගේ අම්මටවත් එන්ඩ කියමුද "

    "ඕනේ නෑ ශාන්ත කාන්ති අක්කත් ගොඩක් වෙලාවට මෙහේ එනවනේ "

    මාලති කිව්වා. මේ අලුත් නිවසට පදිංචි වෙලා මේ වෙද්දි දවස් හතරක් ගෙවී ගිහින් තිබුනත් ඔවුන් ගැන සොයන්ඩ ආවේ ගමේ දෙන්නෙක් තුන්දෙනෙක් පමනයි. ඒ අතරින් කාන්ති කියන්නේ එක්කෙනෙක්. ඇය නිතර දෙවේලේ 🐤මාලති හොයන් ආවා.

    ** වරක් කාන්ති ආපු වෙලාවක නිම්තෙරා ඇයගෙන් අර පාලු නිවසත් ඉඩමත් ගැන ඇහුවේ තිබුනු කුතුහලය තවත් දරාගෙන ඉන්ඩ බැරි තැන.

    " ඒ ගෙදර කට්ටිය දැන් නෑ...එයාල ඒ ගේයි ඉඩමයි විකුනලා ඈතකට ගිහින්. ඔන්න ඔයගොල්ලො එහෙම ඒ වත්තට පනිනවා නෙමේ "
    කාන්ති ඒක ඒ වෙලාවේ කිව්වේ ටිකක් අන කරලා වගේ.

    "ඇයි ඒ...."

    "ඒක බලන එක්කෙනා බැරිවෙලාවත් ඔයාල ඔය වත්තෙ ඉන්නව දැක්කොත් ඔයාලට මොකක් හරි නරකක් කරන්ඩ පුලුවන්. හරි නරක මිනිහෙක්ට ඒ ගේයි ඉඩමයි බලාගන්ඩ දීල තියෙන්නෙ"

    කාන්ති අනතුරු ඇගෙව්වා. ලග හිටපු හිමාල්ටත් හේමාල්ටත් එය හොදටම ඇහුනා.

    නිම්තෙරාට එක නරක ගතිගුනයක් තිබ්බා. ඇය කෙනෙක් යමක් කරන්ඩ කිව්වොත් ඇය ගොඩක් වෙලාවට කෙරුවේ ඒකේ ඇනිත් පැත්ත ඒ වැඩේ නොකර ඉන්ඩයි ඇය බලන්නේ . යම් දෙයක් නොකරන්ඩ කිව්වොත් ඇය හදන්නේ ඒක කොහොම හරි කර්න්ඩ.

    "දවසක ඔය වත්තට පනින්ඩ ඕනා....." 🐜

    කාන්ති ඒක කිව්ව වෙලාවේ නිම්තෙරාට ඒ සිතිවිල්ල පහල වුනේ ඒ ගතිගුනය නිසායි.

    *****************************************
    ඊලග දවසේ උදෙන්ම ශාන්ත නුවර ගියේ කොන්ත්රාත් ක්රමයට හඩ් ගැහීමට. ඔහුගේ රැකියාව වුනෙ ඒක. ඔහුගේ මේ ජොබ් එක නිසාම ශාන්ත මේ වෙද්දි රට වටේම වගේ ගිහින් තිබ්බා. තව කීප දෙනෙක් එක්ක කොන්ත්රාත් ක්රමයට කරම මේ හඩ් ගැහීම නිසා ඔහුට හොද මුදලකුත් හම්බවුනා. ඒත් මේ සදහා නිවසින් පිටවුනොත් ඔහුට යලි නිවසට එන්ඩ වෙන්නේ සතියකටත් විතර පස්සෙ. සමහර දවස්වලට ඊටත් වඩා වැඩි වෙනවා.
    *****************************************

    "අක්කේ එනවද ක්රිකට් ගහන්ඩ ,අපි හොද පොට් එකක් හැඩුවා "

    එදා හවස හිමාල්ගේ හඩ නිම්තෙරා ට ඇහුනේ ඇය කැඩපතට එබී ඉන්න වෙලාවක.

    "අනේ මට බෑ...."

    නිම්තෙරා කිව්වේ කැඩපතින් මූන අයින් නොකරමයි.

    "අනේ මොනවද අක්කේ...දෙන්නෙකුට ක්රිකට් ගහද්දි විකාරෙ වගේ. ගමේ වගේ අපි දෙන්නට මෙහෙ යාලුවොත් නෑ නේ ,ඉස්සරනම් අක්ක ඔහොම නෑ. අපිත් එක්ක ක්රිකට් ගහන්ඩ එනවා..නේද මල්ලි "

    හිමාල් කිව්වේ ලග හිටපු තම තප්පර කීපයකින් 🐆පමනක් බාල මල්ලි හේමාල් දිහා බලන්.

    "ඒක තමා.....අපි අක්කට out දෙකක් දෙනවා ,එනවද....."

    හේමාල් ඇහුවේ නිම්තෙරා ලගට ගිහින්.

    "මට බෑ කිව්වනේ දැන්"

    නිම්තෙරා තරහෙන් කිව්වා. අතේ පිත්තක් අරගෙන හිටපු හේමාල්ගේ මූන අදුරු වුනේ සැනෙකින්.

    "Out තුනක් දෙන්නම් "

    හිමාල් කිව්වේ එතකොටවත් අක්ක එයිද හිතලා....

    "මට බෑ.....මට කරදර කරන්නේ නැතිව ඕනේ මලදානයක් කරගන්නවකො....."

    "අපි යමු මල්ලී.....ඔයත් එක්ක ආයේ අපි කතාකරනෙ නෑ නේද මල්ලී"

    හිමාලුයි ,හේමාලුයි එතනින් ගියේ බලාපොරොත්තු කඩකරගෙන.

    "හා ගිහිල්ලා ඉරි කෑලි අල්ලනවා,, මම ඇදුමක් දා ගෙන එන්නම්...."

    නිම්තෙරා ගේ හඩින් එය ඇහෙද්දී හිමාලුයි,හේමාලුයි එතනින් දිව ගියේ හුරේ තියාගෙන.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    රෝස මල් දිගේ 2

    *****************************************

    නිම්තෙරා මල්ලිලා දෙන්නා සෙල්ලම් කරන තැනට යද්දි ඔවුන් දෙපැත්තෙන් ලී ඉනි තුන තුන 🐌හිටවලා ක්රිකට ගහන තැන හදලා තිබ්බා.

    "කෙලින් විතරයි ගහන්ඩ පුලුවන්. අන්න අර තේක්ක ගහ තමා හතරේ සීමාව. අර පැත්තෙන් අර ගහ පාස් කෙරුවොත් out අනිත් පැත්තෙන් අර වල. "

    හේමාල් ඉරි කැලි අල්ලද්දී හිමාල් නිම්තෙරාට අත දික්කර කර සීමාවන් පෙන්වල දුන්නා. අර පාලු ඉඩම මැද තිබ්බ නිවස තිබ්බෙත් ඔවුන්cricket ගහන්ඩ යන තැන ඉදන් ගොඩාක් ලංව.

    *** තුන් දෙන බෝලෙට ගසමින් , බොල දමමින් ,බෝල රකිමින් , සෑහෙන්ඩ වෙලාවක් සෙල්ලම් කෙරුවා. ඒ වෙලාවේ බොලෙට ගසමින් හිටියේ නිම්තෙරා . හිමාල් වේගෙන් දුවගෙන ඇවිත් දාපු බෝලෙට නිම්තෙරා පිත්තෙන් පහර දුන්නේ උපරිම වෙර දරා. ඉලක්කය ගත්තෙ කෙලින් ගසා අර තේක්ක ගහ ලගින් උඩින්ම හයක් යන්ඩ. ඒත් වුනේ වෙන දෙයක්. කෙලින් ගහන්ඩ ගත්ත ඉලක්කය වැරදුන නිම්තෙරා ගේ පිත්තට බෝලය වැදී ගියේ අර out සීමාවෙන් එහාටයි.

    ඉහලින් ඇදී ගිය බෝලය නතර වුනේ අර පාලු නිවස තිබ්බ වත්තේ...

    "අයියෝ ඒ මොකක්ද වුනේ........බෝලේ අර වත්තට ගියා.."

    හේමාල් කෑ ගැසුවේ කනස්සල්ලකින්.🐋

    "දැන් ඒ බෝලේ ගැන අදහස අයින් කරගමු, අපරාදේ අවුරුදු ගානක් පරන බෝලේ , වෙන කොහාට හරි ගියානම් හොයාගන්ඩ තිබ්බා."

    හිමාල් කිව්වේ කාන්ති පෙර දවසක ඒ වත්තට යන්ඩ එපා කියල අනතුරු අගවපු බව මතක්වෙලා.

    "එනවකෝ දෙන්නත් එක්ක ,අපි වත්තට පැනල බෝලේ හොයාගමු."

    නිම්තෙරාටත් ඕන වෙලා තිබ්බෙ ඔය වත්තට පැන ගන්න ක්රමයක්. බෝලේ හොයාගන්ඩ යන මුවාවෙන් දැන් ඒකට පනින්ඩ පුලුවන්. හිතපු ඇය මේ වෙද්දී ඒ පැත්තට යන්න පය තියලත් ඉවරයි.

    "ඒත් අක්කේ කාන්ති නැන්දා කිව්වේ ඔය වත්තට පනින්ඩ එපා කියලානේ "

    හිමාල්.අක්ක කරන්ඩ යන දේට කැමති වුනේ නෑ.

    "බෝලයක් හොයාගන්ඩනේ යන්නේ ,නැතිව වෙන හොර දෙයකට නෙමේනේ. මෙන්න මෙහෙ එනවා කෙල්ලො දෙන්නෙක් වගේ හිතන්නෙ නැතිව."

    නිම්තෙරා කිව්වේ හිමාලුයි හේමාලුයි මේ ලෝකේ අහන්ඩ ආසම නැති වචනයක්. අක්ක කෙල්ලො දෙන්නෙක් කියල ඔවුන්ව හදුන්වනවට හිමාලුයි ,හේමාලුයි පොඩ්ඩක්වත් 🐍කැමත්තක් තිබ්බෙ නෑ...

    කම්බි පොටවල් පහක්ම ගහල තිබ්බ අර ඉඩමේ මායිමෙන් ඉඩම ඇතුලට තුන්දෙනා අමාරුවෙන් පැන ගත්තා...මේ වෙද්දි අර පාලු නිවසත් තිබුනේ ඔවුන්ට ගොඩක් ලංවෙලා මීටර් සීයක් විතර දුරකින්.

    "අම්මෝ මේ කැලේ අස්සේ කොහොමද අර බෝලේ හොයන්නේ ,අපි යමු ආපහු"

    සෑහෙන්ඩ වෙලාවක් බෝලය හෙව්වත් හම්බවුනෙ නැති නිසා හිමාල් කිව්වේ මේ වගේ තන්වල සර්පයොත් ඉන්න පුලුවන් කියල ඉව වැටුන නිසා.

    "අපි පොඩ්ඩක් අර පැත්තටත් ගිහින් බලමු ,ගහපු වේගෙට බෝලේ ඒ පැත්තට ගියාද දන්නෙ නෑනේ"

    නිම්තෙරා කිව්වේ අර පාලු ගේ පැත්තට අත දික්කරමින්.

    "බැරිවෙලාවත් ඒ ගේ බලාගන්න කෙනාට අපි අහුවෙයිද"

    බයෙන් හිමාල් කියද්දී නිම්තෙරා ඒ පාලු නිවස පැත්තට ගිහිල්ලත් ඉවරයි. අක්කා පිටිපස්සේ හිමාලුයි හේමාලුයි අකමැත්තෙන් ගියේ අක්ක ව තනිකරන්න කැමති නැති නිසා.🐒

    **** තුන් දෙනා බෝලය හොය හොය අර ගේකිට්ටුව ටම ගියත් බෝලයේ සේයාවක්වත් තිබ්බේ නෑ. බෝලය නොදුටුවත් නිම්තෙරා මේ පාලු නිවස ලගින් කිසිසේත්ම බලාපොරොත්තු නොවුන දසුනක් දුටුවේ මේ සමගයි. අර පාලු ගේ ජරාවාස වෙලා ගේ මිදුල තනකොල වලින් වැහිලා තිබ්බත් ගේ වටේටම තිබ්බේ ලස්සන පාට පාට එක එක වර්ගයේ පිපිලා තිබ්බ මල් පිපිච්ච රෝස ගස්.

    රෝස පාට ,කහ පාට ,රතු පාට සුදු පාට ඒ විතරක් නෙහෙ පාට වර්ග කීපයක් කලවන් වෙච්ච කෙදිනකවත් නිම්තෙරා දැකපු නැති රෝස මල් ඒ අතර තිබ්බා. ඒ රෝස් මල් දිහා නිම්තෙරා ආසාවෙන් බල බලා ගියේ වශිවෙල වගේ. මල්ලිල දෙන්න ලග ඉන්නව කියලවත් ඇයට ගානක් තිබ්බේ නෑ.

    නිම්තෙරාගේ ඇස් සෑහෙන්ඩ වෙලාවක් එතන තිබ්බ එක රෝස ගහක් ලග නතර වෙලා තිබ්බේ ඒ රෝස ගහෙ මල් අනිත් රෝස මල් වලට වඩා ගොඩක් විශාලව පිපිලා තිබ්බ නිසා.

    රෝසම රෝස පාට ඒ ගහේ මල් දකිද්දී ඇයට මතක් වුනේ පිපිල තියෙන නෙලුම් මල්. ඒ තරමට ඊටත් වඩා ලොකුවට ඒ මල් හරි අපූරුවට පිපිලා තිබ්බා. ගහේ තිබුනේ මල් දෙකයි.🏇

    "අම්මට පෙන්නන්ඩ කඩාගෙන යන්ඩ ඕනා......මෙ වගේ පාලු ගෙදරක මේ මල් පිපිලා කාටවත් දකින්ඩවත් නෑ..."

    සිතිවිල්ලෙන් ඇය එක මලක් පරිස්සමට කඩා ගත්තා.

    "දඩා.............ං"

    ඒ රෝස මල කඩලා දෙවන මල කඩනකොටම නිම්තෙරාට ඇහුනේ කන්බිහිරිවන හඩක්. පාලු නිවසේ තිබ්බ ජනෙලයක් මහ හඩක් නගමින් බිත්තියේ වැදුනේ පොඩි හුලගක්වත් තිබිලා නෙමේ....

    "අක්කේ අපි යමු මෙහෙන් ,මට බයයි....."

    හිමාල් කිව්වේ ඒ හඩට බයේ.

    "අපි කඩෙන් අලුත් බෝලයක් ගමු මෙහෙන් යමු"

    හේමල්ටත් ඕනේ වුනේ මෙටනින් පිටවෙලා යන්ඩ. ඒත් එක්කම පලු නිවසේ තවත් ජනේලයක් මහ හයියෙන් බිත්තියක වැදුනේ කලින් ඇහුන සද්දෙටත් වැඩි හඩක් නංවමින්.

    යම්කිසි අවිනිශ්චිත බියක් නිම්තෙරගෙත් හිතට නැගෙද්දී ඇය මල්ලිලා එක්ක ඒ පාලු ඉසව්වෙන් මිදී හැකි ඉක්මනට ඔවුන්ගේ ඉඩමට පැන ගත්තා. ඒත් ඇය කඩා ගත්ත රෝස මල් දෙකනම් ඇය විසිකෙරුවේ නෑ.

    තම ගේ ලගට යද්දී නිම්තෙරා ගේ බය තිබුනේ නැත්තටම නැතිවෙලා. ඇයට ඕන වුනේ හැකි ඉක්මනට අර ලස්සන රෝස මල් දෙක අම්මාට 🐝පෙන්වන්ඩයි.

    හිත හිතා යද්දියි ඇය දැක්කෙ අම්මා කාන්ති සමග එකතු වෙලා කතා කර කර ඉන්න හැටි.

    "අම්මේ මේ බලන්ඩකො මේ රෝස මල් දෙකේ ලස්සන "

    ඇය මාලතිට අර රෝසමල් දෙක පෙන්නුවේ ඊට ඇය මොනව කියයිද කියල සිතුවිල්ලෙන්.

    "කො....කො.....කොහෙන්ද දුවේ ඔය රෝස මල් කැ...කැ....ඩුවේ."

    ඒත් නිම්තෙරා ට ඇහුනේ අම්මා මාලතීගේ හඩ නෙමේ. ඇයට ඇහුනේ කලබල කටහඩකින් එහෙම දෙයක් අහපු කාන්තිගේ හඩ.

    නිම්තෙරා කාන්ති දිහා බැලුවා. ඇය තවමත් නිම්තෙරා ගේ අත් දෙකේ තියෙන රෝස්මල් දිහා බලන් හිටියේ හොල්මනක් දැක්ක වගේ බයවෙලා.

    "අර එහා පැත්තේ තියෙන පාලු ගේ ගාවින්"

    නිම්තෙරා ඇහුවේ මේ වගේ පොඩි දේකට ඇයි කාන්ති නැන්දා මෙච්චර බය වෙලා ඉන්නේ සිතමින්.

    "දෙවියනේ......ඇයි ඔයකටිටිය මම අර විදිහට කියලත් ඒ පාලු ගෙදරට ගියේ....ඇයි මම කියපු දේ ඇහුවේ නැත්තේ "

    නිම්තෙරා අතේ තියෙන අර ලස්සන රෝසමල් දෙක දිහා බලන් කාන්ති කිව්වෙ අර බියමුසු හඩින්මයි. ඇයට ඒ ලස්සන රෝසමල් දෙකේ කිසි ලස්සනක් මේ වෙලාවේ 🐠දැක්කේ නෑ , කාන්තිට හැගුනේ නිම්තෙරා අතේ තියෙන රෝස මල් දෙක නපුරු යක්ශනියෙකුගේ බිවිසුනු ඇස් දෙකක් වගේ.

    නිම්තෙරාටයි, මෙතන ඉන්න අනිත් අයටයි කියන්නේ කොහොමද ,නිම්තෙරා අර රෝස මල් කඩා ගත්ත වෙලාවේ ,ඇය තමාගේ මරනය තම අත්දෙකෙන්ම ලියාගත්තා කියලා.

    කාන්ති හිතුවේ නිම්තෙරා ගැන බලවත් ලෙස දුක්වෙමින් ...............................
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    රෝස මල් දිගේ 3

    👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉👉ඉතිරිය ඊලග කොටසින් 😱 #රෝස මල් දිගේ 😱 #Rosa Mal Dhige 😱 #හොල්මන් කතා පාට පෙට්ටිය

    මේ වෙද්දි හොල්මන් කතා පාට පෙට්ටියේ පාට කූරු දෙකක් අයින් වෙලා ගිහින්. ඒ

    රතු ඕලු වැව හා තැඹිලි වෙළෙන්දා හොල්මන් කතා දෙක නිම වීමත් සමග. ඒ කතා දෙක ඔයාල කියවන්ඩ ඇති කියල මම හිතනවා. කොහොම උනත් මෙහෙම කොටස් දෙකේ කතා දාන්ඩ ගිහින් දවසකට ලොකු කොටස් දාන්ඩ ගිහින් මට සෑහෙන්ඩ දිග කොටසක් ටයිප් කරන්න්ඩ වෙලා....මේ තරම් දිග කොටස් ගෲප් එකේ කිසි කෙනෙක් ටයිප් කරන්නේ නෑ.

    ඒත් ඔයාලගේ ලේසිය හින්දා මම මේ හැම කතාවක්ම කොටස් දෙකෙම්ම ඉවර කරන්නම්.මට සපෝට් එකක් දෙන්ඩ ඔයාල කතාව කියවල ලයික් එකක් එහෙම දීල තනි වචනේ කොමෙට් එකක් හරි කොටලාවත් .........💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍💙😍

    රෝස මල් දිගේ 😱😱😱 ඉතිරි කොටස
    (හොල්මන් කතා පාට පෙට්ටිය😱😱)

    "ඒත් ඇයි කාන්ති නැන්දේ අපි ඒ වත්තට ගියාට ඔච්චරම බයවෙලා"

    නිම්තෙරා ඇහුවා.

    "බය දුවේ ඒ වත්තට ගිය එක නෙමේ ,ඒ වත්තේ තිබ්බ රෝස ගස් වල මල් කඩපු එක"

    "ඇයි මොකද වෙන්නෙ ඒ ගස්වලින් රෝස මල් කඩපු එකට , අනික සෑහේන්ඩ රෝස මල් පිපිලා තිබ්බා රෝස ගස් ඒ පාලු ගේ ලග තිබ්බා. කාන්ති නැන්දා කිව්ව අර මුරකාරයෙක්නම් අපි දැක්කේ නෑ නේද මල්ලී..."

    "මුරකාරයෙක් දකින්ඩ මුර කාරයෙක් ඉන්ඩ එපැයි. එහෙම කෙනෙක් ඒ වත්තේ නෑ. අනික ඔය වත්තේ කිසිම කෙනෙක්ට පදිංචි වෙන්ඩත් බෑ.....දුවේ ඔය කඩපු රෝස මල් දෙක අරන් ගිහිල්ලා ඒ වත්තට විසි කරලා එන්ඩ.....ඔයාගේ හොදටයි කියන්නේ..."

    " මම දන්නේ නෑ කාන්ති නැන්දා ඇයි මේ රොස මල් කැඩුව කියලා ඔච්චරම බය වෙලා ඉන්නේ කියලා....හේතුව කියන්ඩකෝ..ඊට පස්සේ මම මේ රෝස මල් විසිකරලා එන්නම් ඒ වත්තට."

    "ඒ කතාව මහ බය හිතෙන දිග කතාවක්...."

    "කමක් නෑ කෙටි කරලා කියන්ඩ"

    නිම්තෙරා කියද්දී කාන්ති ටික වෙලාවක් කල්පනා කෙරුවෙ ඒ කතාව කියම්දෝ නොකියම්දෝ සිතමින්. අවසානේ ඇය කතාව 🐘කියනවා කියල තීරනය කෙරුවා.

    "ඒ පාලු ගෙදර මීට අවුරුදු පහකට කලින් හිටියා අවුරුදු අවුරුදු තිස්පහක විතර ගෑනු කෙනෙකුයි. එයා බැදපු මනුස්සයයි. ගෑනු කෙනාගේ නම චම්පා. දෙන්නට ළමයි හිටියේ නෑ. අර ගෑනු කෙනා ගොඩක් ආස කෙරුවා රෝස මල් වවන්ඩ. දැනට අවුරුදු පහක් ගියත් ඔය ගේ වටේ තියෙන රොස ගස් එයා හදපු ඒවා තමයි. එයා එක එක රෝස වර්ග අරන් ඇවිත් ගේ වටේ හැදුවා. රෝස මල් වලට කොච්චර ආස කරන ගෑනු කෙනෙක් වුනත් එයාට තිබ්බේ මහ දරුණු හිතක්. ඒ ගෙදර ගිය කාටවත් ඔය ගස් වල මල් කඩනව තියලා අල්ලන්ඩවත් දුන්නේ නෑ....

    හැමදාම ඒ ගෑනු කෙනා හිටපු දවස්වල ඔය ගෙදර ගෝරී. ඒ එයාගේ මනුස්සයත් එක්ක. බැදපු මනුස්සයය එච්චර නරක කෙනෙකුත් නෙමේ. එහෙම වෙලත් මෙහෙම රන්ඩු වෙන හින්දා ගමේ ගොඩක් අය මේ ගෝරි වලට හේතුව අර ගැනු කෙනා කියලයි කට්ටිය කතාවුනේ. ගේයි ඉඩමයි අරමනුස්සයාගේ නෙමේ හින්ද මනුස්සයට කරන්ඩ දෙයකුත් තිබ්බේ නෑ. අර ගෑනු කෙනාට වහල් වෙලා වගේ හිටියේ.

    ගොඩක අර වගේ තවත් නපුරු ගති ගුන තිබ්බ හින්දා ගමේ කට්ටිය චම්පා එක්ක එකතුවෙන්ඩවත් ගියේ නෑ. දන්න විදිහටනම් ඒ චම්පගේ ජීවිතේම උනේ අර රෝසමල්, එයින් තොර ජීවිතයක් තිබ්බේ නැති තරම්. මල් 🐎වලට ආස කටිටියගෙ හිත් ලස්සනයි කිව්වට ඒ ගෑනු කෙනාගේ තිබ්බේ ඒකේ අනිත් පැත්ත.

    එක දවසක් රෑක් ඒ ගේ පැත්තෙන් රන්ඩුවක් ආවා. ඉස්සරමනම් ඔය රන්ඩු බේරන්ඩ ගමේ කට්ටිය ගියත් පස්සේ පස්සේ ඒක අඩු කෙරුවා. ඒ රන්ඩු වුන දවසෙන් පස්සේ ඒ ගේ පැත්තෙන් දවසක් දෙකක් යනකම්කිසිම හාවක් හූවක් තිබ්බේ නෑ. මේ ගැන ගමේ කිහිප දෙනෙක් බලන්ඩ යද්දියි හේතුව හොයාගෙන තියෙන්නේ.

    ගේ ලගම ළිදක් තියෙනවා.. ඒකට කෙනෙක් නිකමට වගේ එබිලා බලද්දී දැකල තියෙන්නෙ චචම්පා ගේ මිනිය ළිදේ පාවෙනවා. චචම්පා ගේ මනුස්සය අද වෙනකනුත් මොනව වුනදා කියල හොයාගන්ඩ බෑ....ගෑනු කෙනාව මරලා ළිදට දාල පැනල හැංගෙන්ඩ ඇති කියලයි ගමේ කටිටිය කතාවුනේ.

    ඊට පස්සේ අර ගේ යි ඉඩමයි අයිති වුනේ අර මැරුනු චම්පා ගේ මල්ලිට. එයා ඒ ගේ ඈත කටිටියකට ඉන්ඩ කුලියට දුන්නා. තරුණ ජෝඩුවක් ඒ දෙන්නා.

    ** ඒ දෙන්න හොද දෙන්නෙක් ,අලුතින් ගෙදරට පදිංචි වුන ඒ ගෑනු කෙනාගේ නම සමන්ති. එයා කීප දවසක්ම දැකල තියෙනව රෑට අර ගේ 🐤ඉස්සරහ රෝස ගස් ලගින් ගෑනු කෙනෙක්ගෙ චායාවක්. මේ ගැන එයාගේ මනුස්සයට කිව්වට එච්ංහර විශ්වාස කරල නෑ. දවසක් උදේ සමන්තිගේ මනුස්සය ඇහරිලා බලද්දි සමන්ති පේන්න ඉදල නෑ...හොයල බලද්දි සමන්තිගේ මිනියත් අර ගෑනු කෙනාගේ මිනිය වගේ ළිදේ පාවෙනවා.

    ඊට පස්සේ ඒ ගෙදර පදිංචි වෙන්ඩ කවුරුවත් ආවේ නෑ. මල්ලි වත්තෙ පොල් කඩාහෙන යන්ඩ මාසෙකට සැරයක් විතර ආවා. දවසක් ඒ වත්තෙ පොල් කඩන්ඩ ආපු මනුස්සයෙකුයි. පොල් ඇහිදින්ඩ ආපු ගෑනු කෙනෙකුයි අර ගේ ලග තිබ්බ රෝස ගස්වලින් ආසාවට වගේ රෝස මල් කඩලා...ඒ කට්ටිය මේ ගමේ කටිටියක් නෙමේ..

    ටික දවසක් යද්දි අර පාලු වත්ත පැත්තෙන් කුනු ගදක් ආවා. ආවේ ඒ පාලු වත්තේ ළිදෙන් ගමේ කටිටිය එබිල බලද්දි දැකල තියෙන්නේ අර පොල් කඩපු මනුස්සයගෙයි. පොල් ඇහිදපු ගෑනු කෙනාගෙයි නරක් වුන මිනී දෙක.

    එදායින් ඉදන් කටිට්ටිය කටකතාවක් පැතිරුනා මැරුන චම්පාගේ රෝස ගස්ව්ල මල් කඩන අයව චම්පාගේ අවතාරෙ ඇවිත් එයා මැරුන විදිහටම මරල දානව කියලා.....ඒකයි මම බය වුනේ දුව ඔය රෝස මල් කඩපු එකට ,දැන්වත් ඔය 🐜රෝසමල් ගිහිල්ලා ඒ වත්තට දාල එන්ඩ "

    කාන්ති ඒ කතාව ඉවර කෙරුවේ එහෙම දෙයකුත් කියාගෙන. හිමාල් හේමාල් විතරක් නෙමේ මාලතිත් ඒ කතාව අහල හොදටම බය වෙලා හිටියා. හිමාල්ට එක පාරටම මතක් වුනේ අක්කා රෝසමල්.කඩද්දී අර පාලු ගේ ජනේල් හයියෙන් වැහුන හඩයි. ඒ චම්පා වෙන්ඩ ඇති හිමාල් එහෙම හිතුවත් නිම්තෙරා ඇයනම් ඒ කතවට පොඩ්ඩක් වත් බය වෙලා හිටියේ නෑ.

    "මම නම ඔය දේවල් විස්වාස කරන්නේ නෑ....අනික මැරුනකෙනෙකුට කරන්ඩ පුලුවන්ද ඔය වගේ දේවල් කරන්ඩ...අර මැරුනු සමන්තියි. පොල් කඩපු මනුස්ස්සයි ,අර ගෑනු කෙනායි වෙන මොකක් හරි හේතුවකට ඔය ළිදට පැනල මැරෙන්ඩ ඇති."

    ඇය ඒ කතාව අහල කිව්වේ එහෙම දෙයක්.

    "අනේ ජීවා.....ඔය රෝසමල් දෙක විසිකරලා වරෙන් ඔය වත්තට ,"

    මාලති කිව්වේ දුව ගැන හිතේ උපන් බයෙන්.

    "මට බෑ......මම මේ මල් දෙක මම ලගම තියාගන්නවා.....මම ඔය කතාව බොරුවක් කියල ඔප්පු කරනවා...අනික මම දැන් මේ රෝසමල් කඩලත් ඉවරයි. අර කතාවෙ හැටියට දැන් මේ මල් විසිකෙරුවත් වැඩක් නෑ...."

    නිම්තෙරා කිව්වා..ඇයට ඒ රෝස මල් විසිකරන්ඩ පලමුව සිතුනත් ඇය ඒ දේ කෙරුවේ නැත්තේ🐆 ඇගේ අර ගතිගුනය,, කෙනෙක් යමක් කිව්වොත් ඒ දේ අනිත් පැත්ත කරන ඒ ගුනය ඇයගේ සිතෙ තිබ්බ නිසා.

    අනිත් අය කොතෙක් කිව්වත් නිම්තෙරා අර රෝසමල් ඒ වත්තට විසිකෙරුවේ නෑ. ඇය ඒ වෙනුවට ඒ රොස මල් දෙක ඇයගේ කාමරෙ හංගලා තිබ්බා.
    *****************************************
    තනිවම කාමරයක නිදන නිම්තෙරා එදා දැක්කේ බය හිතෙන හීනයක්. ඇස් එලියට නෙරාගෙන ආපු කොන්ඩේ කඩාගත්ති බය හිතෙන ගෑනු රුවක් ඇය හීනෙන් දැක්කා..

    "උබ මගේ රෝස ගස්වලින් මල් කැඩුවා, මම උබව මරනවා............තව දවස දෙකයි උබට කල් දෙන්නේ ගිහිල්ලා ඔයා කඩා ගත්ත රෝස මල් දෙක ඒ විදිහටම ඒ ගස්වල හයි කරපන් ,ඒ විදිහටම රෝස නටුවට හයි කරන්ඩ ඕනා.....නැත්නම් මම අනිද්ද රෑට මම උබව කලින් මගේ රෝස මල් කඩපු එවුන් වගේම මරනවා.........."

    *** බිවිසුනු හඩින් කෑ ගහපු ඒ හඩ නොපෙනී ගියේ නිම්තෙරා බයෙන් ඇහරවමින්. ලගම තිබ්බ වතුර වීදුරුව එක හුස්මට ඇය බීගෙන බීගෙන ගියේ ඒ බය නැති කර ගන්ඩ හිතාන්. නිම්තෙරා ට ඊට පාස්සෙ එලි වෙන්කම්ම නින්ද ගියේ නෑ. ඇය 🐌එතකම්ම කල්පනා කෙරුවේ ඒ හීනය ගැනයි.

    බිවිසුනු රුව හීනෙන් කිව්වේ කිසි සේත්ම කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ. කොහොමද කඩපු රෝසමල් දෙක ඒ විදිහටම ඒ රෝස නටු දෙකට හයිකරන්නේ.......හිතපු නිම්තෙරා පහුවදා ඇදින් බැස්සේ දැක්ක හීනය වෙන කාටවත් කියන්නේ නෑ කියල තමන්ටම පොරොන්දු වෙමින්.

    "දුවේ ඔයාට ඊයේ මොකුත් අමුතු දෙයක වුනේ නැද්ද "

    ඊලග දවසේ නිම්තෙරා ලාගේ ගෙදරට ආපු කාන්ති ඇය දුටු ගමන්ම ඇහුවේ ඒක.

    "ඒ කිව්වේ මොනවගේ දෙයක්ද "

    "නෑ මම හිතුවේ ඔයා ඊයෙ අර රෝස මල් කඩපු හින්දා ඔයාට මොනව හරි බය හිතෙන දෙයක්වත් වුනාවත්ද කියලා...මට ඊයේ දවසම කල්පනා කෙරුවේ ඔයා ගැන."

    "නෑ නැන්දේ මටනම් ඔය කියන බය හිතෙන දේවල් වුනේ නෑ....ඒකෙන්ම තේරෙනවනේ ඔය රෝස මල් කතාව බොරුවක් කියලා..."

    ඊයේ හීනෙන් දැකපු දේ නිම්තෙරා ඇයට කිව්වේ නෑ....ඇයට ඒ දේ කිව්වානම් හොදටම බය වෙනවා නිසැකයි.
    *****************************************
    එදා රෑත් නිම්තෙරා අර බිවිසුනු රුව හීනෙන් දැක්කා. 🐋

    "උබ එහෙමනම් මම ඊයේ කියපු දේ කනකට වත් ගත්තේ නෑනේ....උබ මගෙ රෝස ගහෙන් කඩන් ගිය රෝස මල් හයිකෙරුවේ නෑ....මම බලන්නේ අද රෑ විතරයි , උබ හෙට දවස ඇතුලත් මම ඊයේ කියපු දේ කෙරුවේ නැත්නම් , හෙට දවස තමා උබ ජීවත් වෙන අන්තිම දවස. හෙට රැට උබට වෙන්නේ මගේ අතින් මැරුම් කන්ඩ හහ් හහ් හා...... "

    හීනෙන්ම ඉහල ට හිස ඔසවලා බියකරු විදිහට හිනාවුනු ඒ බිවිසුනු රුව මොහොතක් නිම්තෙරා දිහා බලන් හිටියා. ඇස් ලොකු කරන් ඇය දිහා බලන් ඉන්න ඒ රුව තවත් නිම්තෙරාට බලන් ඉන්ඩ පුලුවන් වුනේ නෑ.....පෙරදා රැයේ වගේම අය බයවී ඇහරුනා.....

    "දැන් මම මේකට මුහුන දෙන්නේ කොහොමද ,,නෑ මම මේ දේ කාටවත් කියන්නේ නෑ....."

    ඇය ඇදේ ඉදන් සෑහෙන්ඩ වෙලාවක් මේ ගැන කල්පනා කෙරුවා. ඇය තීරනයක් ගත්තා අවසානේ........

    "මම මැරෙන්ඩ බය නෑ.......මම ඒ හීනෙන් පේන ඒ දේ කියනකෙනා කියන දේවල් අහන්නෙත් නෑ.....මම ඒ දේ කරනවා.....එතකොට බලමුකො ඒ යක්ශනී කරන්නේ මොනවද කියලා.."
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    රෝස මල් දිගේ 4

    *****************************************නිම්තෙරා මේ වගේ බිවිසුනු හීන පේනවා 🐍නොදත් ගෙදර අනිත් අයනම් හිටියේ වෙනදා සුපුරුදු විදිහටමයි.

    එදා උදේ ගෙදර කාටත් හොරෙන් නිම්තෙරා ගෙදර තිබ්බ කැත්තයි උදැල්ලයි අතට ගත්තා. ඒ දෙකත් අරන් අර පාලු ඉඩමේ ගේ ගාවට ගියේ ඊයේ රෑ පුරාම හිතපු දේ කරන්ඩයි.

    මල් පිපිනු රෝස ගස් දිහා මොහොතක් බලන් හිටියා.

    "ඇයි මෙච්චර ලස්සන මල් පිපිනු රෝස ගස් අර වගේ නපුරු හදවතක් තිබ්බ කෙනෙක් අතින් හැදුනේ.... මට සමාවෙන්න රෝස ගස් මට මේ දේ කරන්ඩම වෙනවා...මම ගැන හිතල නේමේ අනිත් මිනිස්සු ගැන හිතලා......"

    හිතපු නිම්තෙරා තියුනු තලයක් තිබ්බ කැත්තෙන් එතන තිබ්බ රෝස ගසක මුලටම කෙටුවේ උපරිම වෙර යොදා....මල් පිපුනු ඒ රෝස ගහ දෙකඩ වෙලා බිම වැටෙද්දී පාලු ගේ ජනේලයක් හයියෙන් බිත්තියේ වැඩුනේ එදා ඇය රෝස මල් කඩපු වෙලාවේ වගේමයි.

    **** "පුලුවන් දෙයක් මට කරපන් ,මම කරන්ඩ යන දේ නවත්තන්නේ නෑ....."

    පොඩ්ඩ්ක්වත් ඒ හඩට බය නොවුන නිම්තෙරා තවත් රෝස ගසකට කැත්තෙන් කෙටුවා. පාලු 🐒නිවසේ තිබ්බ ජනේල ඔක්කොම වැහෙන්ඩත් ඇරෙන්ඩත් පටන් ගත්තේ කන්බිහිරි කරවමින්.

    ඒ හඩවල් කිසිත් ගනන් නොගත් නිම්තෙරා කරන වැඩෙ දිගටම කරගෙන ගියා. කැත්තෙන් රෝස ගස් වල මුලට කොටපු ඇය ,ඒ රොස ගස් ඔක්කොම උදැල්ලෙන් ගලවලා ගත්තා. ඒ දෙවල්.කරද්දී වුනේ එකම එක වෙනස් දෙයක් පමනයි. ඒ අර පාලු ගේ ජනෙල් හයියෙන් වැහෙන ඇරෙන එක විතරයි.

    ඔක්කොම රෝස ගස් ගලව්ල විනාශ කරපු නිම්තෙරා ඉන නැවතුනේ නෑ....දාඩිය පෙරාගෙන ඇය ගැඹුරට වලක් කපන්ඩ පටන් ගත්තේ අර ගලවපු ඔක්කොම රෝස ගස් ඒ වලට දාල පස්වලින් වහන්ඩ.........

    "අක්කේ.......අක්කේ..........."

    "ජීවා.........දුවේ ඔයා කොහෙද ඉන්නේ.........කතාකරන්ඩකෝ......."

    "අක්කේ........"

    ඒ දේ නිම්තෙරා කරද්දි ඇයට ඇහුනේ ,අම්මා ,මල්ලිලා දෙන්නා ,කාන්ති නැන්දා නිම්තෙරා හොයමින් කෑ ගහන හඩ.

    ඒ ගැනත් අවදානයනොකරපු නිම්තෙරා කරන දේ දිගටම කරන් ගියා.

    "හත් දෙයියනේ දුවේ ,,ඔයා මොකක්ද මේ කරලා තියෙන්නේ "

    කාන්තිගේ සැකයට මේ පාලු නිවසට මාලති 🏇,හිමාල් හේමාල් එක්ක ආපු කාන්ති එහෙම දෙයක් ඇහුවේ නිම්තෙරා කරන දේ දිහා බලම් ඔලුවේ අත ගසා ගෙන.

    "කරන්ඩ හිතපු දේ තමා......දැන් මෙහෙ ඉන්න ඒ හොල්මනට කවුරුවත් මරන්ඩ බෑ... ආයේ කාටවත් රෝස මල් කඩන්ඩ මේ වත්තේ රෝස ගස් නෑ...."

    රෝස ගස් වල කොලයක් වත් ඉතිරි නොකරපු රෝස ගස්වල හැමදේම අර වලට දාල ඒක වහන ගමන් නිම්තෙර කිව්වා. ඇයගේ මූනේ කිසිම බයක් තිබ්බේ නෑ.. තිබ්බේ ජයග්රාහි හිනාවක් විතරයි. ඒත් එතන හිට්පු අනිත් අයගෙනම් මූනවල් වල තිබ්බේ හොදටම බයවෙච්ච මුහුනු.

    "අනේ මේ කෙල්ලට මොන වගෙ නරක දෙයක් වෙයිද "

    කාන්ති බයෙන් හිතුවේ තවමත් ඇරෙන වැහෙන ජනෙල්වලටත් කන් දෙමින්.
    *****************************************
    එදා හවස තුනේ ඉදන් මුලු ගමටම වැටුනේ නා කපන් වැස්සක්. අකුණු ගසමින් විදුලි කොටමින් ,දරුනු හුළං හමමින් ඇද හැලුන ඒ වැස්ස තරම් වැස්සක් ඊට කලින් ඒ ගමට ඇද හැලුනේ නැති තරම්. අකුණු වලට බයෙ බොහො දෙනකෙ එදා හෙවල් වලටම වෙලා හිටියා.

    නොකඩවා ඇද හැලුන ඒ වැස්ස එදා රෑ වෙද්දිත් 🐢තිබ්බා.

    නිම්තෙරාලාගේ ගෙදර අය එදා රෑ කලින්ම ඇදවල් වලට ගිහින් නිදා ගත්තේ සීතලේ ගුලිවෙමින්. මුලු ගමම කලුවරෙ තිබ්බේ විදුලි බලයත් ඇන හිටලා තිබ්බ නිසා.

    රෑ එකොලට විතර නිම්තෙරා ඇදෙන් නැගිට්ටේ දැනෙමින් තිබ්බ මුත්රා බරෙන් නිදහස් වෙන්ඩ හිතාගෙන. තවමත් එලියේ ගොරවමින් ,අකුනු ගහමින් අර වැස්ස වහිනවා.

    ගෙදර කාටවත් කතා නොකරපු ඇය තනිවම පිටිපස්සේ දොර ඇරලා එලියට බැස්සා. Touch එකේ එලියෙන් ඇය කුඩයත් ඉහලගෙන එලියේ තිබ්බ වැසිකිලිය පැත්තට ගියේ පොඩ්ඩක්වත් බය ඇතුව නොවේ......

    වැසිකිලිය තිබ්බේ නිවසේ ඉදන් මීටර් පනහක් විතරදුරින් මුත්රා බරෙන් නිදහස් වෙල නිම්තෙරා එයින් පිටවෙලා අපහු එන්ඩ ටික දුරක් ගියා විතරයි ඇයට උනේ ඇග හිරිවට්ට දෙයක්. කවුද මන්දා කෙනෙක් එක පාරටම ඇය යන මගේ පෙරටමතුවුනා. ඒ රුව අදුනගන්ඩ නිම්තෙරා ට අමාරු වුනේ නෑ. හීනෙන් දවස් දෙකක් ඇයව බය කරපු ඒ බිවිසුනු රුවම ඇය ඉදිරියේ හිටියේ කෝපාන්විත ඇස් වලින් නිම්තෙරා දිහා බලන්.

    "උබට මාව මතකද ,අදුනගන්ඩ පුලුවන්ද ඈ......."

    බිවිසුනු රුව එහෙම කියන් ටික ටික ඇය ලගට 🐝ලංවෙද්දී නිම්තෙරා පිටිපස්සට ගියා.

    "උබට මගෙන් දැන් බේරෙන්ඩ බෑ......උබ මම ජීවත්වෙලා ඉන්න කාලේ පනටත් වඩා ආදරය කරපු රෝස ගස් එක මොහොතකින් විනාශ කර්ලා දැම්මා ,,,,ඇයි උබ එහෙම කෙරුවේ..."

    කියපු බිවිසුනු රුව නිම්තෙරා ගේ දිගු කෙස්වැටියෙන් හයියෙන් අල්ලාගත්තා.

    "අම්මේ................."

    නිම්තෙරා යටගිරියෙන් කෑ ගැහුවෙ ඒ වේදනාව දරාගන්ඩ බැරිවයි. ඒත් මහ වැස්සේ හඩට ඒ හඩ මැකිලා ගියේ කාටවත් ඇහෙන්නේ නැතිව.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    රෝස මල් දිගේ 5

    ***** "අම්මා නෙමෙ දෙයියො ආවත් දැන් උබට මගෙන් බේරෙන්ඩ බෑ...මම උබව මරන්නේ දසවද දීලා....වරෙන් යන්ඩ......."

    නිම්තෙරා ලගට පැනපු අර බිවිසුනු රුව ඇයගෙ දිගුකෙස්වැටියෙන් ඇද්දේත් නිම්තෙරා බිම වැටුනේත් එකටමයි. නිම්තෙරා ගෙ අතේ තිබ්බ tourch එකයි කුඩයයි බිමට වැටෙද්දී වැස්සට තෙමිලා මඩ වුන පොලව ඇයව බදා ගත්තා.

    ඉන් නතර නොවුන අර බිවිසුනු රුව නිම්තෙරා ගේ දිගු කෙස් වැටියෙන් ඇදන් බිම දිග ඇදගෙන ගියේ නිම්තෙරා යටගිරියෙන් කෑගසද්දී.

    වේගෙන් නිම්තෙරා ව බිම දිග ඇදන් යද්දී මොහොතකින් ඇයගේ මුලු ඇගන සීරිලා තුවලා 🐠වුනා. පාලු වත්තට වෙන් කරපු අර කම්බි වැට උඩින් නිම්තෙරාව අර බිවිසුනු රුව විසි කෙරුවේ නිම්තෙරා අසරනව විලාප තියද්දී.

    යලිත් ඇයව බිම දිග ඇදන් ගිය අර බිවිසුනු රුව නතර වුනේ ළිදක් ලග.

    විදුලි කොටපු එලියෙන් ඒ ළිද දකිද්දි නිම්තෙරා ට ඊට පස්සේ වෙන දේ මතකෙට නැගුනෙ නපුරු හීනයක් වගේ .

    "කලින් උන් මැරුවා වගේ නෙමේ මම උබව මරන්නේ,, වෙනස්ම ක්රමයකට ,උබ බලාගෙන හිටපන් මම කරන දේ....මගේ රෝස ගස් විනාශ කෙරුවට උබට දෙන පාඩම තමා මේක."

    කියපු බිවිසුනු රුව ළිදේ දොබකරයට දාල තිබ්බ ලනුවේ කෙලවරක නිම්තෙරා ගේ කකුල් දෙක ගැට ගැහුවා.

    කරන්ඩ දේ නිම්තෙරා ට තේරුනත් ,ඇය මෙහම දෙයක් මට කරන්ඩ එපා කියල මේ වෙද්දී කියන්ඩ ගියේ නෑ.....ඇය මේ වෙද්දිත් දැනන් හිටියා ඇයව කොහොමවත් මේ අමුනුස්සයා බේරන්නේ නැති බව.

    නිම්තෙරා ගේ කකුල් දෙක ගැටගහපු අර බිවිසුනු රුව මොහොතකින් ඇයව පාලු ළිදට බැස්සුවේ දොඹකරයේ උදව්වෙන හිස පහතට වැටෙන සේ.

    පාලු ලිදේ වතුරේ මොහොතකින් ඇයගේ හිස යට ගියා. මොහොතකින් නිම්තෙරා දැගලුවේ 🐪හුස්ම ගන්ඩ අමාරුවෙලා.

    "දැන් මගේ අවසානේ "

    සිතද්දිම නිම්තෙරා පුදුමයට පත් කරමින් ඇයව යලින් ඉහලට එසවුනා. ලද අවස්තාවෙන් ඇය හුස්ම පිට කෙරුවා. නිම්තෙරා හිතුවේ අමුනුස්සයා තමාට සමාව දීල හරි කවුරු හරි ඇයව බේරගන්ඩ ඇවිල්ලාවත්ද කියලායි. ඒත් ඇය කොච්චර වැරද්දිද කියලා තේරුනේ අර බිවිසුනු රුව ඊට පස්සේ කිව්ව දෙයින්.

    "උබ හිතන්ඩ ඇති නේද උබව බේරුව කියලා.....නෑ කොහොමවත් නෑ...මම ලග සමාවක් නෑ....මට ඕන මට කරපු දේට උබට ලොකුම ලොකු දඩුවමක් දෙන්ඩ විතරයි."

    කියපු බිවිසුනු රුව යලිත් ලනුව පාත්කරද්දී නිම්තෙරා ගේ හිස යලිත් වතුර යටට ගියා.

    බිවිසුනු අමුනුස්සයා බොහෝ වෙලාවක් පැය ගානක් නිම්තෙරා ට වද දෙමින් මේ දේ කරගෙන ගියා. හොදටම අසරණ වෙලා හිටපු නිම්තෙරා ව බේර ගන්ඩ ඇයට මේ වගේ විපතක් වෙනව කියලාවත් කිසි කෙනෙක් දැනන් උන්නෙත් නෑ.

    නිම්තෙරා ව අර විදිහට වතුරෙන් ඇයගේ හිස ඉහලටත් යලිත් වතුරටත් යන ලෙස අර අමුනුස්සයා සියපාරක් සමහර විට ඊටත් වඩා 🐇කරන්න ඇති. අවසානයේ අමුනුස්සයා කරන වැඩේ ඇති වෙලා එකපාරටම ළිදේ ළනුව අත ඇරියා. දොඹකරයේ ලනුවේ කෙලවර ගැටය දොඹකරයේ හිර වුනා. බඹ හතරක් විතර ගැබුරු වතුර පිරුනු ළිදේ පතුලටම අවාසනාවන්ත නිම්තෙරා යට යද්දී බිවිසුනු අමුනුස්සයා මූනේ ඇදුනේ තෘප්තිමත් හිනාවක්.

    "මගේ රෝස ගස් විනාශ කෙරුව එකේ තෑග්ග තමා ඔය දුන්නේ"

    එහෙම ළිදට එබිලා ඒ බිවිසුනු රුව කිව්වත් අමුනුශ්ය රුවට දැනුනේ හරි පරාජිත හැගීමක් . මියගියත් රෝසමල් වලට ආසවෙලා හිටපු ඒ බිවිසුනු රුවේ අයිතිකාරී චම්පාගේ ආත්මයට යලි කිසිම දවසක ඇය ජීවත් වෙලා හිටපු කාලේ හිටවපු රෝස ගස් වල පිපුනු මල් දකින්න නොලැබේවි. නිම්තෙරා ඒ ඔක්කොම රෝස ගස් විනාශ කරලා තිබ්බා. අමුනුස්ස ආත්මයක් වුනත් එය සිහිවී ඇයට දැනුනේ ලොකු දුකක්.
    *****************************************

    ඊලග දවසේ නිම්තෙරා නැති නිසා කලබල වුන මාලතී ගමේ කිහිප දෙනෙකුත් එක්ක අර පාලු වත්තේ ළිද ලගට ගියේ ගමේ කීප දෙනෙක් ඒ ළිද සෝදිසි කරමු කියල ඇයට කියපු නිසා. මේ වෙද්දිත් කාන්ති නිසා ගමේ කිහිප දෙනෙක් දැනගෙනත් උන්නා නිම්තෙරා අර වත්තෙන් 🐩රෝස මල් කඩපු විත්තිය.

    ***** * ගමේ අයගේ සැකයට ඒ වත්තේ තිබ්බ අර පාලු ළිදේ දොඹකරයට හිරවුන ලනුව ඇද්දා. ඇදපු කෙනාට යමක් තේරුනේ ලනුව ගොඩක් අදින්ඩ අමාරු වුන නිසා. ඔහු අමාරුවෙන් ඇදපු ළනුවේ කෙලවර උඩට මතුවුනේ අවාසනාවන්ත නිම්තෙරා ගේ මළ.සිරුරත් එක්කමයි.

    "ජීවා.................මගෙ දුවේ "

    ඒ දිහා බලාගෙන ඉන්ඩ බැරි මාලති කෑගහගෙන සිහිනැතිවෙලා වැටුනේ තම කුසින් වදාපු එකම දුවගේ නිසල සිරුර

    බලන් ඉන්ඩ ඇයට අපහසු වුන නිසා......

    නිම්තෙරා සදහටම මේ ලෝකෙන් යන්ඩ ගිහින් තිබ්බා....නිකම් නෙමේ ඇයට මාලතී දාපු නමටත් උපරිම සාදාරනය ඉටුකරමින්.

    Sagara Sampath
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ................~ඉටු නොවූ යුක්තිය~...................

    "අකිල රන්දුනු බණ්ඩාර" යන නාමය පැවසූ සැනින් ඔහු පිලිබඳ ලංකාවේ නොදන්නා අයෙක් නොමැති තරම්ය. ඒ තරමටම අකිල වෘත්ති⁣⁣යෙන් ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකි. අකිල විසින් නුගේ⁣ගොඩ ප්‍රදේශයේ ස්ටූඩියෝවක්ද පවත්වාගෙන ගියා. අකිලගේ සහායකයා ලෙස කටයුතු කලේ ඔහුගේ පාසල් කාලයේ සිටම හොඳම මිතුරා වු චමීර විසිනුයි.
    දිනය, 2015 අගෝස්තු 31 වැනිදා , වෙලාව ,රාත්‍රි 10.45 යි. අකිල හා චමීර ලංකාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පියකුගේ විවාහ උත්සවයක් ඡායාරූප ගත කිරීමට ගොස් මෝටර් රථයෙන් නැවත ආපසු එමින් සිටියා. දෙදෙනාම තරමක් මධුවිත පානය කර සිටි බැවින් මහා මාර්ගයේ ගමන් නොකොට, තරමක් ජනශූන්‍ය කැලෑබද කෙටි මාර්ගයක ගමන් කලා. එදින තද වැසි දිනයක්. අකිල තරමක් වේගයෙන් වාහනය ධාවනය කලා. තද වැස්ස නිසාත්, තම මිතුරා තරමක් බීමත්ව සිටීම නිසාත් වාහනය වේගයෙන් ධාවනය කිරීම පිලිබඳ චමීර තරමක් බිය විය.

    "අකිල..හෙමින් පලයං බං...."

    චමීරට එය කියා නිම කිරීමටවත් ඉඩක් ලැබුනේ නෑ. ධාරානිපාත වර්ෂාව නිසා ඈතින් තරුණියක් පාර මාරු වෙමින් සිටි අකිලට හරි හැටි පෙනුණේ නෑ. අකිලගේ වාහන⁣යේ අධි බලැති ලාම්පු එලිය මුහුණට වැදීම නිසා දෑස් නිලංකාර වී ඇයට පාර මාරු වීමට අපහසු වීමෙන් පාර මැද නතර වුනා. නමුත් තමා වෙත වේග⁣යෙන් පැමිණෙන වාහන⁣යේ වේගය අඩු වන බවක්නම් ඇය දුටුවේ නෑ.

    "මචං මචං කෙල්ලෙක්....ඉක්මනට බ්‍රේක් කරපං!!"

    අකිල ක්ෂණිකව තිරිංග යෙදුවද ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි. අහිංසක තරුණිය ද යටකරමින් වේගයෙන් ගමන්ගත් වාහනය මීටර් 50ක් පමණ ඈතට ඇදී ගොස් නතර උනා. අකිලත් චමීරත් දෙදෙනාම සිදු වූ දෙය සිතාගත නොහැකිව මඳ වේලාවකට කම්පනය පත් වූවා. ක්ෂණිකව පියවි සිහියට පත් ඔවුන් දෙදෙනාම කඩිනමින් වාහනයෙන් බැස තරුණිය වැටී සිටි තැනට දිව ගියා. ඇය බොහෝ අසීරුවෙන් හුස්ම ගනිමින් පණ අදිමින් සිටියා. හිස බොහෝ සෙයින් තුවාල වී රුධිරය ගලමින් තිබූ අතර දකුණු කකුලට බරපතළ ලෙස හානි වී තිබුනා. නමුත් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් ඇයව රෝහලට ගෙනයාමට හෝ උවමනාවක් තිබුනේ නෑ. ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වුනේ හැකි ඉක්මනින් එතනින් පලා යාමටයි. අහිංසක යුවතියගේ පන ගැහෙද්දී ඔවුන් දෙදෙනා එතැනින් ඉවත්ව යාමට සැරසුනා. තරුණිය ඉතා දුබල ලෙස තම අත දිගු කොට "අනේ මාව බේරගන්න" යැයි සිහින් කෙඳිරිලි හඬින් ආයාචනා කලද, එය නෑසුන ලෙස, වාහනය පන ගන්වා ගත් ඔවුන් දෙදෙනා අඳුරේම පලා ගියා..
    ----------------------------------------------------------------
    පසුදා උදෑසන මියගොස් සිටි තරුණියගේ මල සිරුර ප්‍රදේශ වාසීන් විසින් සොයාගෙන තිබුනා. ඇය නමින් කුමුදිනී සඳලතා නම් 21 හැවිරිදි තරුණියක්. ඇය ඇඟලුම් සේවිකාවක ලෙස සේවය කල තැනැත්තියක්. පොලීසිය විසින් විවිධ මානයන් ඔස්සේ කාලාන්තරයක් තිස්සේ පරීක්ෂණ සිදු කලද වැරදි කරුවන් පිලිබඳ කිසිඳු හෝඩුවාවක් සොයාගැනීමට හැකි වූයේ නෑ. එබැවින් මේ සිදුවීම තවත් එක් අභිරහසක් ලෙස පොලිස් පොතට එක් වුනා..
    ----------------------------------------------------------------
    දින සති මාස ලෙස කෙමෙන් කෙමෙන් කාලය වසරක් පමණ ගෙවී ගියා. අකිලත් චමීරත් දෙදෙනා සුපුරුදු පරිදි සැහැල්ලුවෙන් දිවි ගෙවමින් සිටියා.

    දිනක් චමීර තම පරිගණකයෙන් සමූහ ජායාරූපයක් සකස් කරමින් සිටින විට එක්වරම ඡායාරූප⁣යේ සිටි පිරිස අතර අමුතු ඡායාවක් ඇති බව දැක පුදුමයට පත් වුනා. පෙනුමෙන් එය එක් කකුලක් නොමැති කාන්තා රූපය ආකාරයට අපැහැදිලිව සටහන්ව තිබුනා. චමීර මේ බව අකිලටද පෙන්වූ විට ඔහුද පුදුමයට පත් වුනා. ඡායාරූපය ගන්නා අවස්ථාවේ වෙනත් අයෙක් එතන නොසිටි බව ඔහුට හොඳින් මතක තිබුනා. නමුත් පසුව, එය ඡායාරූපය ගැනීමේදී ඇතිවුණු දෝෂයක් ලෙස සලකා එම ඡායාව නොපෙනෙන පරිදි සකස් කරන ලෙස අකිල චමීරට උපදෙස් දුන්නා.....
    ----------------------------------------------------------------
    එක්තරා සති අන්තයේ දිනෙක අකිල තම නිවසේ සිට ඡායාරූප පෙලක් පරීක්ෂා කරමින් සිටියා. එක්වරම එක් පින්තූරයක කුමක් හෝ අත්භූත යමක් ඇති බව ඔහුට වැටහුණා. නැවත පින්තූර පෙල පරීක්ෂා කරන විට, කාන්තාවන් දෙදෙනෙකු අතර පහලින් පැහැදිලි ලෙස සටහන්ව තිබූ කාන්තා පාදයක රූපයක් දක්නට ලැබුනා. නමුත් පින්තූරයේ සිටි කාන්තාවන් දෙදෙනාට පිටුපසින් කිසි⁣වක් සිටින බවට සලකුණක් තිබුනේ නෑ. මේ දුටු දෙයින් ඔහුගේ සිත කැලඹිමට පත් වුනා. තවත් ඡායාරූප පරික්ෂා කරන විට ඔහුට තවත් ඡායාරූපයක තමන් දෙස බලා සිටින, පාදයක් නැති අත්භූත කාන්තා රුවක් සටහන්ව ඇති අයුරු ඔහුට දක්නට ලැබුනා. එක් වරම ඔහුගේ හිස තුල අකුණක් කෙටුවාක් මෙන් මීට වසරකට පමණ පෙර තම වාහනයට යට වී මියගිය තරුණිය පිලිබඳ මතකයට ආවා. ඔහුගේ සියොළඟ දහඩියෙන් තෙමී⁣ ගොස් කටෙහිද කෙල සිඳී ගියා. කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් තමා දෙස බලා සිටින්නාක් වැනි හැඟීමක් ඔහුට ඇතිවුණා........
    ---------------------------------------------------------------
    අකිලත් ,චමීරත් ප්‍රියසම්භාෂණයට සහභාගි වී නැවත එනවිට පාන්දර 2 පසුවී තිබුනා. අකිල චමීරව නිවසට ඇරලවා තම නිවෙස බලා යමින් සිටියා. වැඩි දුරක් යාමට මත්තෙන් අකිලට දුරකථන ඇමතුමක් ලැබුනා. ඇමතුම ආවේ චමීරගෙනුයි.

    "ඇයි මචං හදිස්සියෙම?"

    නමුත් අනෙක් පසින් ලැබුනේ ඔහු සිහිනෙන්වත් ප්‍රාර්ථනා නොකල පිලිතුරකි.

    "අකිල...අකිල,,මාව බේරගනින්!!...අරකි මාව මරන්න එනවා...."

    "මචං...ඇයි මේ?..කවුද උඹව මරන්න එන්නෙ?"

    "අර කෙල්ල...එදා අපි අතින්........................."

    ඒ සමගම දුරකථනය විසන්ධි වුනා. අවසානයට අකිලට ඇසුනේ මේ වචන පෙල පමනයි. කඩිනමින් වාහනය හරවා ගත් අකිල චමීරගේ නිවෙස බලා වාහනය ධාවනය කලා. නමුත් ඔහු එහි යන විටත් ප්‍රමාද වැඩියි. ඔහු දුටු දෙයින් ඔහුගේ දෙපා අප්‍රාණික වී මුළු ඇඟම හිරි වැටී ගියා. ඔහු⁣ට දක්නට ලැබුනේ ගෙල සම්පූර්ණයෙන් පිටුපසට අඹරා මරා දමා තිබු තම මිතුරාගේ නිසල සිරුරයි.
    -------------------------------------------------------------
    තම මිතුරාගේ මරනයෙන් පසු අකිල කාලය ගත කලේ බොහෝ කම්පනයෙන් සහ බියෙනි. කාලයක් තිස්සේ සිදුවූ අත්භූත ක්‍රියාවන් හා සම්බන්ධව ගත් කල, චමීරව මරා දැමුවේ අන් කිසිවෙක් නොව, එදා තමන් අතින් මියගිය තරුණියගේ අවතාරය බව ඔහුට පසක් විය. එමෙන්ම මේ අඳුරු ආත්මයේ මීලඟ ඉලක්කය තමන් බවත් ඔහුට තේරුම් ගියා.
    ඇඳේ දිගා වී කල්පනාවේ ගිලි සිටි අකිලට එකවරම තමා අසලින් ශබ්දයක් ඇසුනා. කුමක්දැයි කියා හිස ඔසවා බැලූ අකිල තමා දුටු දර්ශනයෙන් මුළු සිරුරම භීතියෙන් හිරිවැටී ගියා. කුමක්ද ඔහු දුටුවේ?......කළු කෙස් වැටිය මුහුණ වැසෙන සේ දමා ගත් තරුණියක් අකිල සිටි ඇඳ දෙසට බිම දිගේ බඩගාගෙන එමින් සිටියා. ඇගේ හිස බරපතළ ලෙස තුවාල වී තිබු අතර දකුනු කකුලේ දණහිසෙන් පහල කොටස තිබුනේ නෑ. තිබුනේ රුධිරය වෑහෙන මස් ⁣වැදැල්ලක් පමණි. එම තුවාල වලින් ගැලූ රුධිරය කාමරයේ ගෙබිම පුරාම ගලා ගියා. අකිල ඇඳෙන් නැගිට දුවන්න උත්සාහ කලද ඔහු⁣ගේ අත පය සෙලවීමටවත් නොහැකි වන සේ අප්‍රාණික වී තිබුනා. වෙරයොදා කෑගැසීමට උත්සාහ කලද හඬ පිටවූයේ නෑ. කෙමෙන් කෙමෙන් ඇය තමා වෙත ලං වන බවත් මුළු කාමරයම මූසල අඳුරකින් වෙලී යන්නාක් මෙන් ඔහුට පෙනුනා. කෙසේ හෝ ඔහු වෙර යොදා කෑගැසීමට උත්සහ කරනවාත් සමගම ඔහු පියවි සිහියට පැමිණියා, තමා මෙතෙක් වෙලා දුටුවේ භයානක සිහිනයක් බව ඔහුට තේරුම් ගියා. කෙසේ නමුත් කෙදිනක හෝ තමාටද අත් වන්නේ චමීරට අත් වූ භයානක ඉරනම බව අකිලට හොඳහැටි පැහැදිලි උනා. එමෙන්ම මේ භයානක ආත්මයෙන් තමාට මියෙනතුරුම ගැලවීමක් නොමැති බවද ඔහුට පසක් වුනා. මේ අඳුරු ආත්මය තමා වටා සැරිසරන බව ඔහුට හැඟි ගියා. තම කැමරාව අතට ගත් අකිල කාමරයේ ඡායාරූප කිහිපයක් ගත්තා. නමුත් තරුණියගේ අවතාරය එම ඡායාරූප වල සටහන්ව තිබුනේ නෑ. උත්සාහය ව්‍යර්ථ වු නිසා කෝපයට පත් අකිල කැමරාව ඇඳ මතට විසිකර දැමුවා. එක්වරම අහම්බෙන් මෙන් කැමරාවේ shutter එක අකිල දෙසට ක්‍රියාත්මක වුනා. දැඩි චකිතයෙන් යුතුව කැමරාව අතට ගෙන බැලු අකිලට දක්නට ලැබුනේ සිහිනෙන්වත් විශ්වාස කල නොහැකි අන්දමේ භයානක දසුනක්. ඔහුට දක්නට ලැබුනේ මියගිය තරුණියගේ අවතාරය වියරු සිනා නගමින් තම දෙවුර මත නැග සිටින ආකාරයයි.
    ----------------------------------------------------------------
    පසු දින උදෑසන පොලිසියට ලැබුනු දුරකතන ඇමතුමකින් කියවුනේ ලංකාවේ ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියකු වන අකිල රන්දුනු බණ්ඩාර මහතා තම නිවසේදි ගෙල වැල ලාගෙන මියගොස් ඇති බවයි.

    Ma X AB
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ඌරු දිශ්ඨියට මූණ දුන් මිතුරන් දෙදෙනා....

    ප්‍රදේශය බදුල්ල හාලිඇල..... ජානක සහ නාලක දෙදෙනා හැතැක්ම ප්‍රදේශයේ සම්පත් නම් යාළුවකුගේ ගෙදර ගොස් එන විට බොහෝ සෙයින් රෑ බෝ වීය වෙලාව රෑ 11.30ට පමණ විය දෙදෙනාම පැමිණියේ එක් පා පැදියකිනි.කන්ඳ පල්ලමේ පා පැදිය වේගයෙන් පැදවූ ජානක දුටුවේ පාර හරහා පනින විශාල ඌරු නාම්බෙකි එකවරම පාපැදියේ තිරිංග යුවල තදින් තද කලද සිදුවූයේ දෙදෙනාම පාර අයිනේ කුඩා කඳුගැටයක් මත ඇද වැටීමයි දෙදෙනාගේම දන හිස් සීරී ලේ ගලන්නට විය නාලක ලඟ තිබූ ලේන්සුව දෙකට ඉරා දෙදෙනාගේ ලේ ගලමින් තිබූ දනහිස් වල සීරීම් ආවරණය කර ලේන්සු පටය බැඳ ගත්තේය පාපැදියේ හැඩල් එක ඇදවී තිබිණ නැවත නිසි ආකාරව සකස්කරගෙන නැවතත් එන්නට පිටත් විය ටික දුරක් යනවිට නැවතත් ඌරකු පාරහරහා පනින්නට විය ඉතා සෙමින් ආ බැවින් එවර බිම නොපෙරළී පාපැදිය නවත්වා ගන්නට හැකිවිය... කෙසේ වෙතත් මේ ඌරා පනින ආකාරය දෙවනි වතාවටත් දුටුවේ ජානක ය නමුත් ඉදිරියේ වාඩි වී සිටින නාලක එසේ ඌරකු පනින ආකාරයක් දැක නැත.



    උඹට ඔල්මාදෙදැයි ඇසූ නාලක "දීපන් මම සයිකලේ ගන්න, තෝ එක්ක ගිහින් මකබෑ වෙනවට වඩා හොඳයි මම පදින්නම් වාඩිවෙයන් ඉස්සරහින්" කියා ජානක ඉදිරියේ තබා නාලක පා පැදිය පදින්නට විය යන්නට ලැබුණේ මීටර් කිහිපයක් පමණි නැවතත් තමන් ඉදිරියෙන් ඌරකු පාරහරහා පනින ආකාරයක් නාලකටද දැකගත හැකිවිය එකවරම පාපැදිය නැවැත්වූ නාලක

    "යකෝ ඇත්ත නේ මේ ඌරු නාම්බ එහෙනම් අපේ පස්සෙන් එනවද කොහෙද?" එවිට ජානක ඉතින් බං මම දැක්කෙ නෑ දැන් ඉස්සරහින් මොකෙක්වත් පනිනව... යි කීවේය එවිට දෙදෙනාටම තරමක තැති ගැනීමක් ඇතිවිය. මෙම සිදුවීම සිදුවුණ ප්‍රදේශයේ තිබුණේ පාළු අහැර දමන ලද පෙට්ටි කඩයක් පමණි. නමුත් එය නිතර වාහන යන පාරකි වාහනද මේ අතර ගමන් කරයි.. කෙසේ වෙතත් මේ ගැන වැඩිපුර නොසිතා නැවතත් ඉක්මනින් ගෙදර යෑමට පාපැදියට ගොඩවුණ දෙදෙනා නැවතත් ඉදිරියට යනවිට එවැනිම ඌරකු පාරහරහා යන ආකාරය දැක ඇත මෙවර නාලක සයිකල නොනවත්තවා ඉදිරියට ධාවනය කලේය ටික දුරක් යනවිට දෙදෙනාමටම සිහින් දාඩිය දමන්නට විය ඒ තැනින් තැන සුදු කොඩි දැකීමෙනි ගොක් කොලවලින් සරසන ලද කුඩා සැරසිල්ලක්ද දැක ගත හැකි වූ අතර එදින හෝ පෙර දින භූමිදානය කළ සොහෙන් කොතක් පාර අද්දර විය එසේම පාර අයිනේ කළුපාට විශාල යමක් තිබෙනු දැක ඇති අතර එය ඌරකුගේ මල සිරුරක් බව අතේ තිබූ ජංගම දුරකථනයේ එළියෙන් පැහැදිලි විය දෙදෙනාගේම හිත් තරමක තැති ගැනීමකට ලක්ව තිබූ බැවිණ් වහාම එතන නෙසිට පාපැදියෙන් හාලිඇල ටවුමට පැද්දේ සිහ නැතුවය... හාලිඇල පෝල් අයියාගේ කඩේ නැවතුණු දෙදෙනා සිද්ධිය පිළිබද එතැන සිටි යහළුවන්ටද පවසා තම සීරුණු කකුල් වලඔතා තිබූ ලේන්සු පට ඉවත් කරේ සිදුවී ඇති තුවාල නිසිලෙස බලා ගන්නටය නමුත් කකුල් වල කිසිම සීරීමක්වත් නොතිබුණේ රැස්වී සිට අනෙකුත් යාළුවන්ද මවිතයට පත් කරමිණි සියල්ලෝම "මුන්ට අඩිය වැඩි වෙලා" කියමින් හිනහෙන්නට විය.. නමුත් ඒ සිදුවීම විස්තර කළ ජානක පවසන්නේ "තොපිට කියල වැඩක් නෑ මේ සිරාවටමයි කියන්නෙ" කියාය...



    කෙසේ වුවත් සයිකලයේ හැඩලය සීරීතිබූ බවද ඔවුන් පෙන්වූ අතර හැඩලය දැඩි ලෙස සීරීමට ලක්වී තබූ අයුරු සියල්ලටම දැක ගත හැකිවිය.....හතර වතාවක් තමන් දෙදෙනා ඉදිරියේ ඌරකු දැකීමත් සොහොන් ගෙය අසල පාරේ ඌරකු මැරී සිටීමත්, තම කකුලේ ලේ ගලමින් තිබූ සීරීම් තුවාල වලට සිදුවූ දේත් බලන විට මේ අවස්ථාවේ තමන්ට යම් දිශ්ඨියක බලපෑමක් ඇතිවූ බව ඔවුන් අදටත් විශ්වාස කරයි.

    Tharindu Madhusanka
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේකත් මට උන සත්‍ය සිදුවීමකි

    පලිගැනීම යනු ඉතා භයානක ක්‍රියාවකි.මෙය පලකෙරුනුයේ හුදෙක්ම දැනගැනීම පිනිසයි...

    නම් ගම් මනංකල්පිතය...

    දිනෙක වෙද මැදුරට පැමිනියේ පිස්සෙක් වැනි මැදිවියේ පුද්ගායෙකි...
    ඔහුගේ කාරනාව කාමරයට යාමටත් කලියෙන්ම වෙදමහත්තයා දැනගෙන සිටියේ ඔහුවද පුදුම කරවිමිනි.

    ප්‍රශ්නය නම් මෙසේයි... ආදරය කර විවාහ වූ ඔහුට සිටියේ භාර්‍යාව පමනිඔහුගේ මා පියන් මෙලොව නැත..කාලයක් යනතෙක් ඉතාසතුටින් සිටි ඔවුන්ට කනකොකා හැඩුවේ සුගත් අසල නිවසේ පදිංචියට ආපසුය ඒ සුගත් හා මොහුගේ බිරිය අතර අනියම් පෙමක් දලුලා ඇති බැවිනි... සැම්දා ආරවුල් ඇතිවිය....

    සුගත් කල ගුරුකමක මහත යනු මොහු වචනයකුදු හෝ නොපවසා වෙනදෙය ඔහේ බ්ලා සිටීමයි... මොහු නිවසට පැමිනෙන විට සුගත් නිවසේ සිට පිටව යයි.. නමුත් ඔහුට ගානක්වත් නැත. . ගුරුකමේ බලය මෙයවෙ....

    දැන් මොහුට ඉන්නට තැනක් නැත යහලුවෙකුගේ බෝඩිමක ජීවත් වන්නෙ යහලුවාට පිංසිදුවන්නටය..නැතිනම් අද වැලලූ තැනක් වත් නැත.... කෙසේහෝ යහලුවා දේවාලයකට ගොස් භන්දනය කපා හැර ඇත...නමුත් ඔහුගේ සිතට පලිගැනීමේ චේතනාව පත්තියන් වී හමාරය..

    නමුත් යහලුවා ඊට අකමැත්තදැක්ක්වූ නිසා යටපත් වී තිබූ කාරනාව ඉස්මතු ඌයේ අලුත් රැකියාවක් ලැබී අතට මුදල් කීපයක් ලැබුනු පසුවයි අප සමග පැවසුවේ හැඩූ කදුලිනි..

    දැං මොකක්ද කෙරෙන්න ඕන කීවනං...

    *- මට උන්දෙන්නගෙන් පලිගන්න්ඩඕනා..
    උන්ව මරන්ඩ ඕනා...ඔවු

    හා හා එහෙම මරන්ඩ ඔයා උන්ට ජීවිතේ දීල නෑ නේ...එහෙම නෙවේ අපි වෙන විදියක් කොරමු මහත්තයො

    *- මොකක්ද එ

    මහත්තයගෙන් ගත්ත දේවල් අපි ආපහු ගමු

    *- එහෙම පුලුවන්නම් ලොකු පිනක් ඒ උනාට මට උන් දෙන්නට මොනව හරි කරන්ඩ ඕන පාහර යක්කු.

    හරි හරි ඒවා ඒ විදියටම කෙරෙයි අපි ඉස්සල්ල ඕනා දේ ගමුකෝ....

    වෙදමහත්තයා පැය එකහමාරක් පමන තිරුවානා ගල් කැට 4ක් මතුරයි...ඉන්පසු එයට දුම් අල්ලා එක ගලක් අතට ගෙන නැවත එයට මතුරා එය වෙනම ලේන්සුවක තදිම් ගැටගසා මොහුට දෙයි.

    මහත්තයො අද ඉදලා සතියක් යනකම් මස් මාලු නොකා ඉදියොත් හොදා... මෙන්න මේ ලේන්සුව තියන ගල්කැටේ කොයි වෙලාවෙත් සාක්කුවේ ලගම තියාගන්ඩ.. මේ අනිට් ගල්තුන.. දැංඔය කියපු හැත්තගෙ වත්තට විසිකොරන්ඩ ඕනා.. මහත්තයට බැරිනම් විශ්වාසවත්ත කෙනෙක්ට කියලා හැබයි පුතෝ වං අතින් තමා විසිකොරන්ඩ ඕනා.. අද රෑ 8 ඉස්සල්ල වැඩේ වෙන්ඩ ඕනා... ඊටපස්සෙන්දා ඒ කියන්නෙ හෙට මහත්තය ඔය ගේ පහුකොරගෙන යන්ට ඕනා හැබැයි ඔය ලේන්සුව ලග තියාගෙන..

    *- වෙදමහත්තයා එතකොට උන් දැක්කොත් මාව

    දකින්ඩතමා යන්ඩ කීවෙ පොඩි වශියක් තියෙනවා නොදැක්කත් ප්‍රශ්නයක් වෙන්නෙ නැ..

    සතියකින් මෙහෙ එන්ඩ.. ඊට ඉස්සර ඔය ගෑනි මහත්තයව හොයාගෙන ආවොත් කෙලින්ම මහත්තයගෙ ගෙවල් දොරවල් ආපහු ඉල්ලන්ඩ. වැඩිය බජනෙට යන්ට එපා..

    සතියකට පසු...........

    මට ඇමතුමක් එනව....
    හලෝ...වෙදමහත්තයා හරි මම දං එන්නම් මේ ආව විතාරයි වැඩ ඇරල හරි ..

    ආ මෙන්න් මෙ මහත්තයා ඇවිල්ල...

    මට ඔහු හදුන්න්වා දෙනගමන්

    මොකෝ මහත්තයො වැඩේ....

    *- වෙදමහත්තයා වැඩේ ටක්කෙටම හරිනෙ මේකි ආවනෙ අඩාගෙන දැං ද්වස් දෙකකට කලියෙං මං ඉල්ලුව ඉඩම.. මේකි දෙන්නම් කිවුව... සුගතා මේකිට ගහනවලු වෙනිං මේකිට මර වද දෙනවලු ගෙදරින් පන්නන්නත් හදල මේකිගෙ මහඋන් ඇවිල්ල තමා සුගතව පන්නල තියෙන්නෙ.

    මම මෙය අසා සිටියේ තුශ්නිම්භූතවී සේය..

    හරි මහත්තයො ඒනම් මහත්තයා මගේ ගාස්තුව ගෙවලා අන්තිම වැඩෙත් කරමු..
    ඔය මහත්තයගෙ දේපොල ගත්තට පස්සෙ මං දීපු ලේන්සුව ගැටේ ලෙහලා ඒ ගල්කැටේ හොදට් කුඩු කරලා ඒකි ඉන්න ගෙයි ඇතුලේ ඉහන්ඩ වරු දෙක යද්දි ඒකි යනව පිස්සු බැල්ලි වගේ...

    *- වෙදමහත්තයා එතකොට සුගතා ඌට තමා කෙලවන්ඩ ඕනා...

    "පිල්ලි බන්දනං ආග්‍රහන රෙන්ඩු නාමං සුගත්......................................."

    හරි ඒ වැඩේ අද රෑ 8-9 වෙනකොට හරි ඒනම් මහත්තයො මගෙ වැඩේ අහවරයි මහත්තයගෙ වැඩේ හරි ගියාම මේං මේ මල්ලිට call එකක් දීල කියන්න්ඩකො මොකෝ උනේ කියල පේනවන් මට වඩා උනන්දු මේ මල්ලි කියමින් මාව පෙන්නුවෙ සිනා මුසු මුහුනකිනි.....

    දින5-6 පසු ඇමතුම්ක් ආවේ මා රාජකරි කරන විටය...

    හලො කවුදමේ...

    *- ආ මල්ලියා මම මේ එදා වෙදමහත්තයාගෙ ගෙදර ආවෙ අර වැඩේ..

    ආ .. මතකයි කියන්න...

    *- මාර වැඩේ මල්ලි සුගත හැප්පිලා කකුල් දෙකම කැඩිලා අරකිගෙන් මම ඉඩම ගත්තා දැං ඒකි හොයාගන්නවත් නෑ කොහෙ ගිහින්ද කියලා... දැං මම නිදහස් මල්ලි ගොඩක් පිං.....

    ලියනගේ ලියනගේ
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    අදිසි කත

    කොහොමද? කලෙකට පස්සේ සත්‍ය කතාවක් ගෙනාවා
    මේක මං හොඳටම දන්න යහළුවෙක්ගේ සොහෝදරියකගේ නිවසේ දැනටමත් සිඳුවන දෙයක්...
    මගේ යාළුවගේ සොහොයුරිය විවාහකයි ඇයට පුතෙකුද සිටි..
    ඇයගේ සැමිය චිත්‍ර කලාවට නැඹුරුවක් දක්වන අයෙකි...
    කාලයක් යනක් ඔවුන්ගේ නිවසේ කිසිදු ගැටළුවක් නොවීය..
    නමුත් ටික කලක සිට ඔවුන්ගේ පුතු නිතර අසනීප විය..
    තවද ඔවුන් කොපමන හම්බු කලද එහිද කිසි ඉතුරුවක් නොවීය...
    තත්තවය කෙමෙන් කෙමෙන් නරක අතට හැරෙමින් පැවතිණි..
    එක් දිනක් ඇගේ සැමිය චිත්‍ර අදිමින් සිටියදි කවුද අයෙක් කනට යමක් කොදුරන හඩ ඇසීය... ඔහුට ඇසුනේ " පලයාන් මෙහෙන් " කියන වචනය..
    තත්වය තවත් දරුණු අතට හැරෙමින් පව්ති,, කිසියම් ඡායවක් වැනි යම්ක් නිවසේ තැන් තැන් වල දැක ඇති අතර එය සැනෙන් අතුරුදහන් වී යයි..
    මගේ යහළුවාගේ නිවසේ වැඩට සිටි කන්තාවද පසු ගිය දිනක ඇගේ නිවසට ගිය විට ඇයද එය දැක ඇත..
    තව කෙකුට මෙය මනසික ලෙඩක් කියා කිව හැක නමුත් මේ ගැන කිසිවක් නොදත් ඇගේ සැමියාගේ අයියාගේ පුතා ඊයේ (2018.04.15) රාත්‍රී එම නිවසට ගිය විට කුස්සිය අයිනකදී කව්ද කාන්තවක් දැක ඇති අතර ඇය සැනෙන් අතුරුදහන් වී ඇත..
    එය දුටු එම දරුවා කෑගසා ඇති අතර පසුව සියලුදෙනම කුස්සියට පැමිනියද කිසිවක් දක්නට නොලැබුනි... දැනට 6 දෙනෙකු දැක ඇත.
    ඇතැමෙකුට මෙය බොරුවක් කියා කිව හැක නමුත් එවැනි නොපෙනෙන බලවේග අප අතරේද සිටිය හැක...
    එම නිවසේ ඡායරූප ඉදිරි පෝස්ට් එකකදි ලද විගස ලබා දිය හැක....
    ස්තූතියි..

    Heshan Tharaka Perera​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    නොඉදුල් දැරියගේ මිනියෙන් නයි පිල්ලිය යවය

    ජයනන්ද පාරම්පරික රදළ පෙළපතකින් පැවැත එන්නෙකි. පාරම්පරික ධනවතෙක් වූ ඔහුගේ පියා සුදු පාලකයන්ගෙන් තාන්න මාන්න මෙන්ම වරප‍්‍රසාද ද ලැබූවෙකි. එංගලන්තයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතෙක් වූ ජයනන්ද සතුව තේ වතු මෙන්ම වෙනත් ආදායම් මාර්ග රැුසක් ද විය. ජයනන්දගේ පියාගේ මරණයෙන් පසු පවුලේ එකම දරුවා වූ නිසාම පියාගේ නමින් වූ සියලූ ව්‍යාපාරවල පාලනය ද ඔහුට හිමිවුණි. ඔහු කිසිම දිනක පය නොගැසූ වතු හා වෙනත් කර්මාන්ත හරහා මාස්පතා ව්‍යාපාරයේ ගිණුමට මුදල් බැර කෙරිණි. කාලය කෙමෙන් ගෙවී යමින් පැවැතුණි. බොහෝ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම ජයනන්දගේ සිතත් දේශපාලනය කෙරෙහි ඇදී යන්නට වූයේ මේ අතර තුරය. ඔහු සිත් ගත් එක් දේශපාලන පක්ෂයක් උදෙසා යහමින් මුදල් වැය කළේය.

    ඔහුගේ බලාපොරොත්තුව වූයේ තමා සිටි ප‍්‍රදේශයේ ම ප‍්‍රබල දේශපාලනික තනතුරක් ලබා ගැනීම වුවත් ඔහුගේ බලාපොරොත්තුව ඉටු වූයේ නැත. එයට හේතුව වූයේ එම ප‍්‍රදේශයේ සිටි දේශපාලන බලවතා ජයනන්දගේ පියා සමඟ ඇති වූ ගැටලූවක් මත ජයනන්දගේ පරපුර සමඟ දැඩි වෛරයකින් විසීමයි. මේ හේතුවෙන් ජයනන්දගේ බලාපොරොත්තුව දිනෙන් දින බිඳ වැටෙන්නට වූ අතර එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ තම අරමුණ ඉටු කර ගැනීම උදෙසා ජයනන්ද යන්ත‍්‍ර මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පිහිට සොයා යෑමයි. දකුණු ලක එවකට යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩවලට නමක් දිනා සිටි කිහිප දෙනකුගෙන් මේ සම්බන්ධ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කටයුතු කිහිපයක් කර ගත්තත් ඔහුගේ අදහස ඉටු කර ගත නොහැකි විය.

    මේ අතරතුර දකුණට ආසන්න නගරයක සිටින ප‍්‍රබල දේශපාලනඥයන් බොහොමයකගේ යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු සිදු කරන ඇදුරකු පිළිබඳ ජයනන්දට දැන ගන්නට ලැබුණි. ජයනන්ද ඔහු සොයා ගොස් තමන්ගේ අවශ්‍යතාව පිළිබඳ ඇදුරාට දැනුම් දුන්නේය. ඇදුරා එම කටයුතු බාරගත්තේ තම ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක පොරොන්දු පිටය. වසර 30 - 40 කට පෙර රුපියල් ලක්ෂයක් යනු ඉතා විශාල මුදලකි. පසු දිනම පොරොන්දු වූ ආකාරයට පනස් දහසක මුදලක් ඇදුරා අත තැබීය.

    එම පූජාව කළ යුතු දිනය කළ යුතු ආකාරය දැනගැනීම උදෙසාද පූජාවක් පැවැත්විය. එයට සහභාගි වූයේ ඇදුරා, ජයනන්ද හා ඇදුරාගේ අතවැසියන් පමණි. රාත‍්‍රිය උදාවිය. පහන් දැල්විණි. පංචෝපකාර සහිතව දේව ආරාධනා ඇරඹුණි. ඇදුරා පරල විය. අවශ්‍ය පූජා ද්‍රව්‍ය එකින් එක කියද්දී අතවැසියා ඒවා ලියා ගන්නට ද විය. එහි දී පූජාවට අවශ්‍යයයි පැවැසූ දෙයකින් ජයනන්ද හොල්මන් විය. ඇදුරා පැවැසූයේ වයස අවුරුදු 12ට අඩු නොඉඳුල් දැරිවියකගේ මළ මිනියක් ද පූජාවට අවශ්‍ය බවය. ඔහුට අනුව මිය ගොස් දින හතක් ඇතුළත මිනිය ලබාගෙන පූජාව තැබිය යුතු විය. අනතුරුව ඇදුරා දිගින් දිගටම කතා කරන්නට විය. ඇදුරාගේ ශරීරයට ආරූඪ වී තිබුණේ සොහොන් කාලි මෑණියන්ය. ඇදුරා ගේ දිව බොහෝ සෙයින් එළියට ඇදී ඇත. ‘‘උඹට පුළුවන් ද පූජා බඩු ටික දෙන්න’’
    ‘‘මිනිය ඇර අනිත් ඔක්කොම දෙන්න පුළුවන්.’’
    ‘‘ඈ යකෝ තෝ දන්නැද්ද. මම කන්නේ මිනී කියලා. උඹ මට මිනියක් දෙන්න බෑ කියන්නේ.’’
    ‘‘ මෑණියෝ තියෙන තැන කියනව නම් ගෙනත් දෙන්නම්’’ ඇදුරා කලින් කියා තිබූ ආකාරයෙන්ම ඇසිය යුතු ප‍්‍රශ්නය ජයනන්ද ඇසීය.
    ‘‘අදින් පස්සේ එන තුන් වන මාස පෝය දවසේ අල්ලපු ගමේ පැඟිරියෙක් කනත්තට ගෙනෙයි. ඒක මට ගෙනත් දීපං. ඒක දුන්නොත් උඹේ වැඬේ කෙරෙයි.
    මිනිය ගෙනත් දීමේ වගකීම ජයනන්ද භාර ගත්තේය.

    එය ඉතා රහසිගතව කළ යුතු කාර්යයක් විය. එසේම මිනිය ගොඩගත් බව කිසිවකු නොදැනගත යුතු විය. තෙවන මාස පෝය උදාවීමට ඇත්තේ දින දෙකකි. අසළ ගමක හදිසියේ රෝගාතුර වූ දැරිවියක් මිය ගියාය. ජයනන්දගේ ගෝලයෝ මේ සිදුවීම ඇස ගසා ගෙන සිටියහ. මාසේ පෝය දිනයේ සාමාන්‍යයෙන් මිනී වළදමන්නේ නැති වුවත් කුමන හේතුවක් මත හෝ එදින දැරියගේ මිනිය භූමදානය කෙරිණි. එදින රාත‍්‍රියේ ඉතා සූක්ෂමව ජයනන්දගේ ගෝලයෝ මිනිය
    ගොඩගැනීමට කටයුතු සූදානම් කළහ. මිය ගිය දැරිය පෙට්ටියෙන් එලියට ගෙන පැදුරක දමා ඔතා ගැට ගැසුවේය. ඉන් සු මිනී වළ යළි තිබූ ආකාරයටම වසා දැමුවේය. මේ අතරතුර ඇදුරා තම නිවස අසල කැලය තුළ සිට මැතිරීම් කටයුතු අරඹා තිබුණි. පන්දම් හතරක් හතරකොණෙහි ගසා මැද පූජා තටුවක් සාදා ඒවාට දොළ වර්ග පුදා ඇත. බිලි දීමට ගෙන ආ කුකුළන් තිදෙනකු එකට ගැට ගසා කොටුව තුළ දමා ඇත. සුදු සරමක් ඇඳ රතු රෙද්දක් ඒ මතින් ඇඳ රතු රෙද්දක් කරට දමාගෙන ඇදුරා ආරූඪයෙන් දිගින් දිගටම මතුරයි. මාස පෝය දිනයේ පරිසරයේ ඇති ගන ඇඳුර මැදින් දැල්වෙන පන්දම්වලින් මතු වූයේ පරිසරය තුළ තව තවත් බියංකරභාවයකි. කතා කරගත් ආකාරයට මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය පූජාව කරන තැනට රැුගෙන ආ යුතු ය.

    මධ්‍යම රාත‍්‍රිය ක‍්‍රම ක‍්‍රමයෙන් ළං වෙත්ම ඇදුරාගේ මුහුණ ද ක‍්‍රම ක‍්‍රමයෙන් රෞද්‍ර වන හැටි ජයනන්දට පෙනෙයි. ඒ සමඟම ජයනන්දගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. එයට හේතුව වූයේ මධ්‍යම රාත‍්‍රිය එළඹීමට පෙර මිනිය නොලැබුණහොත් යන සිතුවිල්ලයි. මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම පූජාව කරන ස්ථානයට මිනිය රැුගෙන එන්නට ඔහුට හැකි විය. ඇදුරාගේ ගෝලයෝ මිනිය කෙලින් සිටින සේ අතපය විහිදුවා මැස්සට තබා ගැට ගැසුවේ මිනියේ තිබූ ඇඳුම් පවා ඉවත් කිරීමෙන් අනතුරුව ය. ඉන්පසු කහ දියරෙන් මිනිය හොඳින් සේදීමෙන් පසු රතු මල් දමක් කරේ හා ඉණේ පැළැඳුවේ ය. ගෝලයෝ මිනියට සුවඳ දුම් අල්ලද්දී ඇදුරා මැතිරීම පටන්ගත්තේ ය. පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩිකරමින් නරින්ගේ හූ හඬ ඈතින් ඇසෙන්නට විය. ඇදුරා කුකුළකු අතට ගෙන මිනියේ හිස මත තබා සැනෙකින් කුකුළා බිලි දුන්නේ ය. කුකුළාගෙන් වැගිරෙන ලේවලින් පූජාව වෙනුවෙන් සකස් කළ ගොටු විසි එකක් පුරවා ගත්තේ ය. මෙලෙස කුකුළන් තිදෙනාම බිලි දුන් අතර එකතු කර ගන්නා ලේවලින් මිනිය නෑවීමට කටයුතු කළේ ය. දැරියගේ මිනිය රත් පැහැ වී ඇත. දැඩි අඳුර බිඳලමින් දැල්වෙන පන්දම්වලින් නිකුත් වන රත් පැහැ ආලෝකයෙන් ලේවලින් රත් පැහැවූ සිරුර දකිනා ජයනන්දගේ ලොමුදැහැගැන් වී ඇත.

    මෙය මෙතරම් සංකීර්ණ දෙයක් බව ඔහු කලින් නොසිතුවේ ය.ඇදුරා දිගින් දිගට මිනියට මතුරන්නට විය. කෙමෙන් කෙමෙන් මිනියේ ස්වරූපය වෙනස් වන්නට විය. දැන් දැන් මිනිය පිච්චෙන්නා සේ හැඟීමක් ජයනන්දට ඇති විය. ඇදුරු අතවැසියා විසින් පන්දම් මධ්‍යයේ කුඩා ගිනි මැලයක් අවුළනු ලැබුවේ ය. මිනියේ පපු පෙදෙස ගිනි මැලයට හසුවන පරිදි මිනිය බැඳි මැස්ස ගිනි මැලයට පහත් කර මුක්කු දෙකක් සවි කළේ ය. ඇයගේ මුහුණ කෙළින් බිම තබා බඳුනක් තැබුවේ ය. ඇදුරා දිගින් දිගට මතුරන්නට විය. පපුවට ගින්දර වැදුණ මිනිය පිලිස්සීමක් නැත. මිනියේ දිව ටිකින් ටික දික් වන්නට විය. ඇදුරා වේගයෙන් මතුරයි. පරිසරයේ ගස් අඹරවමින් වේගයෙන් සුළං හමන්නට විය. ඒ අතරතුර මිනියේ දිව අඩියක් පමණ දික් වී ඇත. දිව දිගේ ගලාගෙන එන මිනී තෙල් බිංදුවෙන් බිංදුව තඹ බඳුනට වැටෙයි.

    මෙලෙස ලබාගත් මිනී තෙල් යනු සියලූ දිෂ්ටි කැටි වුණු විනාශකාරී දෙයක් බව ඇදුරා අත්දැකීමෙන්ම දනියි. මිනිය භාරගන්නා යක්ෂ ආත්මයන් මිනී තෙල් තුළ කැටි වී ඇත. ඇදුරා විසින් තමා රැුගෙන ආ නයි පෙට්ටියක් ගෙන එම තෙල් බඳුන නයි පෙට්ටි අසලින් තැබුවේ ය. ඉන්පසු පියන ඉවත් කළේ ය. එක් වරම නයා ආවේශ වූවකු මෙන් තෙල් බඳුනට හිස දමා එම තෙල් බොන්නට පටන් ගත්තේ ය. තෙල් බී අවසන් වූ සැණින් යළි වේගයෙන් මිනිය උඩට ඇදී වට කිහිපයක් මිනියේ එතෙමින් සිට කැලය තුළට ඇදී ගියේ ය. නයා පිටවූ සැණින් ගෝලබාලයන් එක්ව කලින් කපා තිබූ වළට මිනිය හා සියලූ පූජා ද්‍රව්‍ය දමා වැසුවෝ ය.

    නයි පිල්ලිය සකස් කළේ එලෙස ය. එම නයා තුළ ඇති දිෂ්ටියට ඉන් පසු භාර වූයේ මරා දැමීමට සැලසුම් කළ ශරීරයයි. නයා තුළින් ගමන් කරන්නේ එම දිෂ්ටියයි. නයා පිටවූ සැනින් මිනිය වළලන්නේ එම දිෂ්ටිය යළි මෙම සිරුරට ඇතුළුවීම වැලැක්වීමට යි. අවසානයේ ඔවුහු සිය පූජාව සාර්ථක කරමින් ජයනන්දගේ සතුරා වෙත නයි පිල්ලිය ගමන් කරවූහ.
    ජයනන්දගේ විරුද්ධවාදියා පසු දින උදෑසන අවදි වූයේ නැත. සැමියා නැඟිටීමට ප‍්‍රමාද වන්නේ ඇයි දැයි බැලීමට සැමියාගේ කාමරයට ගිය බිරිඳට දැකගත හැකි වූයේ ඇස් දෙක විසල් කරගෙන තිගැස්මෙන් මිය ගොස් සිටින තම සැමියා ය. ජයනන්ද තම අභිප‍්‍රාය කෙලෙසින් හෝ ඉටු කර ගත්තේ ය.

    අබිරහස් අඩවිය
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    පෙර එක්තරා කාලයක 'රැජිණ' පුවත්පතෙහි අත්භූත සිදුවීම් ඇතුළත් ලිපි පල වූ අතර, ඒවායෙහි සඳහන් වන්නේ සත්‍ය සිදුවීම් යැයි එම ලිපි තුළින්ම ගෙනහැර දක්වා තිබිණි. එදවස මා ඒ ලිපි කියවීමට ඇබ්බැහි වී සිටියෙමි. මේ ඉන් එක කතාවකි. මතකයේ තිබෙන කතාවේ අමතකව තිබෙන හිස් තැන් "අතින් පුරවමින්" ඔබේ රසවින්දනය උදෙසා මේ සටහන තබමි. රංජනී මැදි වයසේ සිටි ලස්සන පැහැපත් විවාහක කාන්තාවක් විය. ඇගේ සැමියා ගාමිණී මිනින්දෝරු දෙපාර්තමේනතුවේ සේවය කළ නිලධාරියෙක් විය. මේ යුවළට දරැවන් නොසිටි අතර සැමියා බේබද්දෙකු පමණක් නොව කිසිම හිතක් පපුවක් නොමැති තිරිසනෙක් විය. දරැවන් නැත්තේ රංජනීගේ කාලකණ්ණිකම නිසා යැයි හෙතෙම ඇයට නිතරම දොස් පවරමින් රණ්ඩු කළේය. ඉන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව තිබුනේ රංජනීටය. නිවස තුළ හැමදාම ආරවුල් සිදුවිය. ඒවා අවසන් වන්නේ රංජනී ගුටි කා ඇදවැටුන පසුය. ඇගේ මල්ලි කෙනෙක් වූ ආනන්ද නැමැත්තා තම අක්කා පිළිබඳව නිරතුරැව සොයා බලන්නට මෙහි අවේ ගියේද ඉහත කී අන්දමේ ආරවුල් නිසා ඇය පීඩා විඳින බැවිනි. නමුත් ආනන්ද එනවාට තදින්ම අකමැති සැමියා අන් දින වලටත් වඩා ඔහු එන දිනවලට ඇය සමඟ රණ්ඩු කරන්නට විය. එක්තරා දිනයක සියල්ල නිමා විය. රාත්‍රී 11.45 පමණ වන තෙක් ඇසුන රණ්ඩුව හිටිහැටියේම අවසන් විය. පසුදා එළිවනවිට රංජනීගේ සැමියා බාල්කයක එල්ලී සියදිවි නසාගෙන සිටි අතර රංජනී ආගියඅතක් නොමැති විය. නිවසේ, වත්ත පිටියේ පමණක් නොව අවසානයේ රටපුරාම ඇවිදිමින් ඇයව සෙව්වත් ඇය ගැන කිසිදු හෝඩුවාවක් සොයාගන්නට කිසිවෙකුට බැරි විය. ඉන් ගතවූ වසරකට පමණ පසු එම නිවස ආනන්ද විසින් කුලියට දුන්නේය. සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් එහි පදිංචි විය. මාස කිහිපයක් යන විට අසාමාන්‍ය සිදුවීම් නිවස තුළ සිදුවිය. මේසය මත තබන දෙය ⁣වෙනත් තැනක දී හමුවිය. බඩුමූට්ටු එහෙට මෙහෙට චලනය විය. කණ්ණාඩියකින් බලන විට තමාට පිටුපසින් පෙනෙන යමෙක් සැබෑ ලෙස බලනවිට දක්නට නැති විය. උයන බත් මුට්ටියේ බත් සමඟ වැලි මිශ්‍ර වී තිබිණ. පිලුනු ගඳක් නිතරම ගේ ඇතුලේ දැනෙන්නට විය. විශේෂයෙන්ම කුඩා ළමුන් අසනීප වී විකාර දොඩවන්නට විය. සිවිලිමේ යටි අතට මකුලුවෙකු මෙන් එල්ලී සිටින ගැහැනියක් දුටු බව වරෙක ඔවුන් කියයි. කොණ්ඩය කඩාගෙන මුහුණට ඉදිරියෙන් දමාගෙන දොර රෙදි අස්සේ හිටගෙන සිටින ගැහැනියක් දුටු බව වරෙක කියයි. කාමරයේ ජනේලයෙන් උල් වූ නියපොතු ඇති ඕජස් පෙරෙන ගැහැනු අතක් කාමරයට දැමුවේයැයි බියවී වරෙක කෑ ගසයි. ⁣මේ ආදී නොයෙකුත් කරදර ඔවුන්ට ඇතිවිය. කරන ලද සෙත්ශාන්ති වලින් පවා පලක් නොවීය. මෙසේ කඩින් කඩ පවුල් කිහිපයක්ම නිවසේ පදිංචි කරවන්නට ආනන්දට සිදුවිය. නමුත් සිදුවන කරදර එකසේම විය. එම නිවස ඉතා විශාල නවීන පන්නයේ එකක් වූ අතර එහි පිටුපස කොටසේ පොලොව යට තනන ලද භූගත ජල ටැංකියක් මත කුස්සිය ඉදිකර තිබුණි. කුස්සියෙන් පිටත තිබෙන කොන්ක්‍රීට් පියනක් යටින් ජල ටැංකියට බසින්නට හැකි ලෙස නිමවා තිබූ අතර ඉදිරියේ ඇති බෑවුම් සහිත පොලොවේ බෑවුම දෙසට පහත්වන ලෙස නිවස සාදා තිබුණි. පහළ සිට බලනවිට දෙමහල් නිවසක් ලෙස එය පෙ⁣නුනේ එහෙයිනි. අවසානයේ නිවසේ කුලියට පදිංචි වූයේත් සිව්දෙනෙකුගෙන් යුත් පවුලකි. ඔවුන්ටද කරදර පෙර සේම විය. කුලියට වුවත් තමන් සිටින නිවස පිළිසකර කිරීමට එම පවුල උත්සුක විය. දිනක් ජල ටැංකියේ කොන්ක්‍රීට් ⁣පියන ඇර එය පවිත්‍ර කිරීමට ඒ තුළට ගිය ගෙහිමියා ඒ තුළ තිබෙන අපැහැදිලි යමක් දුටු හෙයින් නැවත පැමිණ අධිබලැති විදුලි පන්දමකුත් අරන් ගොස් බලද්දී එය ජලය යට තිබෙන විශාල පොට්ටනියක් බව දිටීය. තවත් දෙදෙනෙකුගේද සහය ඇතිව එය ගොඩට ගැනීමට ඔහුට පුලුවන් විය. එය තුළ වූයේ එකට ගැට ගසන ලද අත්පා ඇති හම සහ ඇට පමණක් ඉතිරිව තිබූ මළ මිනියකි. වසරකට වැඩි කාලයක් ජලය යටදීම කුණුවී දිරාපත්වී තිබූ එහි හිස් කබලට දිග කොණ්ඩයක් එතී පැටලී තිබුණි. හිස් කබලේ ඇස් කුහර තුළ දිය සෙවල පිරී තිබිණ. කටේ යටි හනුව කැඩී පහතට එල්ලී තිබුන අතර දත් සියල්ල එලෙසම තිබුණි. පුස් කා තිබූ ගවුම් කඩමල්ලක්ද ඒ ඇට සැකිල්ල වටා තිබුණි. පිරිමින් තම කලිසම් ඇඳීමේදී ඉනට බඳින පටියක් මළ මිනියේ ගෙල වටා ඔතා හිරකර තිබුණි. හමුවනවිට වයරින් ටේප් වලින් මුලු ඔලුවමත් දෑත් සහ දෙපාත් ඔතා වකුටු කොට ගැටගසා තිබුණි. ඉතිරිව තිබූ අස්ථි, දත් සහ අනෙකුත් කොටස් හරහා මෙය රංජනීගේ මිනිය බව ඔප්පු කරගන්නට මරණ පරීක්ෂණ ඔස්සේ හැකිවිය. එතනින් පසු මේ අභිරහසේ සුලමුල විසඳා ගන්නට හැකිවිය. ගාමිණී ඇයව මරා තමනුත් සියදිවි නසා ගන්නට ඇති බව අවසානයේ පැහැදිලි විය. නිවසේ කුලියට පදිංචි වූ හැමදෙනම විසින් පාවිච්චි කළ ජලය ඉහත කී ටැංකියෙන් ගත් ජලය වුවත් කුණු ගඳක් හෝ අව රහක් ඉන් නොදැනුනේ එහි ඇති ජලය ෆිල්ටරයක් හරහා පාවිච්චියට ගත්
    නිසාත්, කාලයක් ගතවී ඇති නිසා ඇටකටු, හම පමණක් ඉතිරිවන සේ මිනිය හොඳටම දිරාපත්වී තිබුන නිසාත්ය. ජීවිතයේ දහසක් බලාපොරොත්තු සමඟ විවාහවී තම සැමියා සමඟ දිවි ගෙවන්නට ආ රංජනීට ජල ටැංකියක පතුලේ ගැට ගැසූ පොට්ටනියක් තුළ මේ අයුරින් තම අවසාන ඉරණම විසඳා ගන්නට සිදුවිය. ඇගේ අවතාරය හෝ බැල්ම හෝ එම නිවස තුළ සිටින දරැවන් පසුපස සැරිසැරන්නට වූයේ ඒ සිද්දිය නිසා වන්නට ඇත. වේදනාවෙන් හා වෛරයෙන් මරණයට පත්වූ ඇය අවතාරයක් වී පළිගැනීමේ චේතනාවෙන් දුටුවන් පසුපස ලුහුබඳින්නට ඇත.


    Indika Prabhath Wickramasinghe
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ අනෝමදස්සී බුදුන් වහන්සේ නීල ,පීත,ලෝහිත ,ඕදාත,මාඤ්ජිෂ්ඨ,ප්‍රභාෂ්වර යන සවණක් බුදු රැසින් දිලිහි දිලිහී බුදුන් වහන්සේ සිව්වනක් පිරිසට දහම් දෙසන කල්හී සිටු කුලයක උපන් කුමරුද බණ ඇසීමට පැමිණ සිටියහ.නිසභ නම් මහ තෙර කෙනෙකුන්ගේ ගුණ නුවන වර්ණනා කොට අනෝමදස්සී බුදු හිමියන් විසින් නිසභ මහ තෙරුන් වහන්සේට දකුණත් සව් තනතුර දුන් සේක.එය දුටු සිටු කුමරු

    "මමද මේ නිසභ නම් මහ තෙරුන් වහන්සේ සේම මතු බුදුවන බුදු කෙනෙකුන් වහන්සේගේ ශාසනයෙහි මහණව නුවණින් හා ගුණයෙන් අගතැන්පත්ව දකුණත් සව් වෙම්වා ! ප්‍රාර්ථනා කලේය.

    නිතර එය අරමුණු කරගෙන දාන ශීලාදී වශයෙන් බොහෝ පින් දහම් කරමින් සිට මරණින් පසු භව ගණනාවක් දිව්‍ය සැපද මනුෂ්‍ය සැපද විද නැවතත් මේ ලංකා දීපයේ කුල ගෙයක ඉපිද හය හතර දන්නා අවදියේදීම පැවදිව රුහුණු රට සිතුල්පව්ව සමීපයෙහි විහාරයක වාසය කලේය.

    මිනිස් ආත්මයක් ලැබීම ඉතා දුර්ලභය.නිවන් අවබෝධ කර ගැනීමට හේතුවන බණ භාවනා ආදී පින් කුසල කර්ම කල නොහැකි අවස්ථා අටක් ඇත.එනම්.

    1.අපායෙහි ඉපදීම
    2.තිරිසන් සතෙක් ව ඉපදීම
    3.ප්‍රේතලෝකයෙහි ඉපදීම
    4.රූපයක් නැති සංඤාවක් නැති බ්‍රහ්ම ලෝකවල ඉපදීම
    5.බුද්ධ ධර්මය නැති ප්‍රදේශවල ඉපදීම
    6.ඉන්ද්‍රීය විකලව ඉපදීම
    7.නියත මිත්‍යා දෘෂ්ඨිකව ඉපදීම
    8.බුදු කෙනෙකුන් පහළ නොවන කාලයක ඉපදීම.

    එහෙයින් මා නොපමාව පින් දහම් කල යුතු යැයි සිතූ සාමණේර අවධියේ සිටම බොහෝ පින් දහම් කලහ.සංඝයා වහන්සේට අවශ්‍ය කරන නාන පැන් උණු කර පෙරා දුන්හ.බෙහෙත් පිලිගැන්වූහ.මල් පහන් සුවද වර්ග දිනපතා පූජා කලහ.මිදුල පාරවල් අතු ගෑහ.මෙසේ දිනපතාම පින් කුසල් වැඩූ සාමණේරයානන් වහන්සේ මහ භික්ෂූන් වහන්සේට කීකරුව වැඩ විසූහ.සිතුල් පව්ව ආකාශ චෛත්‍යය වැදීමට යා නොහැකි තරමට පඩි පෙළ කැඩී බිදී ඇති අයුරු දැක තනියම දිනපතා බොහෝ දුර සිට මහ ගල් ගෙනවිත් චෛත්‍ය මලුවට යා හැකිවන ලෙස පඩි පෙලක් ඉදි කලහ.බොහෝ මහස්සි වී දිනපතාම වැඩ කිරීම හේතු කොටගෙන සාමණේර හිමියන් දැඩි ලෙස රෝගා තුර විය.මෙය දුටු භික්ෂූන් වහන්සේලා මහත් දුකට පත්ව උන් වහන්සේව දෝලාවකින් රැගෙන විත් තිස්සමහා විහාරයෙහි ලැගුම් ගෙයි සතපවා ලෙඩට බෙහෙත් කලහ.

    මේ කාලයෙහි කාවන්තිස්ස රජතුමාද විහාර මහා දේවියද මහත් වූ පින් දහම් කරමින් කල් ගෙවන කල්හි තිස්සමහා විහාරයට ගොස් ස්වාමීන් වහන්සේලාගේ සැපදුක් සොයා බැලූහ.
    භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් බොහෝ දෑ පූජා කලහ.මේ තරම් සැප සම්පත් ලැබුයේ පෙර කල පින් කුසල් නිසා යැයි මහතෙරුන් වහන්සේ මේ පුජා පින් කුසල් බලයෙන් දිව්‍ය සම්පත් ලැබිය හැකි බවද දේශනා කලහ.

    එවිට බණ අසමින් සිටි විහාර මහා දේවිය පැවසුවේ "ස්වාමීනි .මම දරුවන් නැති වද ස්ත්‍රීයක් වෙමි.දරුවන් නැති අපිට මොන තරම් යස ඉසුරු සම්පත් තිබුණත් කුමන පලක්දැයි විමසූහ.

    දේවියගේ දුක දුටු මහ තෙරුන් වහන්සේ දේවියට දරු සම්පත් හිමිදැයි දිවුසින් බැලූ පින්වන්ත පුත්‍ර ලාභයක් ඇති බව දැක ගිලන්හලේ සැතපී සිටින සාමණේරයන් සමග කතා කරන්න යැයි දේවියට පැවසූහ.එ බස් ඇසූ විහාරමහා දේවිය සාමනේරයන් වහන්සේ වෙත ගොස් වැද රෝගී තත්වය විමසූහ.

    මාහට සුවපත් විය නොහැක.ඒ තරමට මා රෝගාතුරව සිටිමි.පරලොව ගමනට මම සූදානම් වෙමි..

    ඔබවහන්සේ කැමති මේ භවයෙන් මිදී ගොස් කුමන භවයක පහළ වන්නටද

    දේවිය. මම දෙව්ලොව උපත ලැබීමට කැමැත්තෙමි..සාමණේර හිමි පැවසූහ.එය අසූ දේවිය වහා සාමණේර හිමිට වැද

    "ස්වාමිනී.දෙව් ලොව සැපත යනු අපි හරි හම්බ කරගත් දෙයින් සැප විදීමක් බදුය.එය අවසන් වූ පසු නැවත භවයක උපත ලැබිය යුතුය.මොන තරම් දෙව් සැප වින්දත් නැවත මිනිස් ලොවට පහළ විය යුතුය.දෙව් ලොව පින් කිරීමට හේතුවක් නැත.සැප සම්පත් බොහෝය.ඉතා උසස් පින්කම් කර ගැනීම පිණිස මිනිස් ලොව ඉපදී රජ කෙනෙකු වීමෙන් මහත් පින් කුසල් කල හැක. එබැවින් මා කුස පුත් කුමරු වී උපදිනු මැනව ..කියා ඉල්ලා සිටියහ.

    එතේ සාමණේර හිමි එය ට අකමැති වුයේ ජරා ජීර්ණ වන මිනිස්ලොව ඉපදීම දුකට පත්වන හේතු වැඩිවන නිසාය.

    එහෙත් බලාපොරොත්තු අත් නොහල බිසව මිනිස් ලොව රජෙකු වී ඉපදීමෙන් මහත් පින් කුසල ධර්ම කල හැකි බව පෙන්වා දීමෙන් අනතුරුව ඒ ගැන පැහැදී සාමනේර හිමියන් දේවියගේ ආරාධනාව පිලිගෙන මරණින් පසු විහාරමහා දේවියගේ කුස පිලිසිද ගත්හ.

    රට දැය වෙනුවෙන් බුදු දහම වෙනුවෙන් මහත් සේවයක් කොට ලොව සියලු විශ්ව ශක්තීන් එක්වන ස්ථානයක රැවන්වැලි සෑය ඉදිකොට එය සම්පුර්ණ කිරීමට ප්‍රථම මිය ගොස් තුසිත දෙව් ලොව දිව්‍ය පුත්‍රව පහල වුණේය.අදටද පුර පෝය දිනටරුවන්වැලි සෑය වන්දනා කරන්න වඩින දිව්‍ය පුත් පන්සිල් රකින රුවන්වැලි සෑය අසල භාවනා කරන සැදැහැවත් සිල්වත් පිරිස දැක සතුටුව ආශිර්වාද කරයි...රුවන්වැලි සෑය අසල පන්සිල් රකින සත්‍යවාදී සිල්වතෙක් අධිෂ්ඨාන පූජා කරත්ද එය දෙදෙව් ලොව දෙවියන් දකී.ආධ්‍යාත්මික ශක්තිය ගොඩ නගා ගත් පින්වතෙකුට දෙවියන් සමග කතා කිරීමට සුදුසුම ස්ථානය රුවන්වැලි සෑය මලුවයි.

    විටක යුද්ධයක් අවසන් කොට ශාසනය ට යලි ජීවය දුන් දුටු ගැමුණු රජතුමාගේ මරණයද අභිරහසකි.යුද්ධයක් දිනා රටක් එක්සේසත් කරන බොහෝ නායකයින්ට කුමන්ත්‍රණ සිදුවන අවස්ථා වැඩිය.

    එම්.ඒ.සී..දීපිකා...ඉවතලන ඉතිහාසය පොතට නැවත පනදෙමු
    .
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    හදි හුනියම්

    යම් අයෙකු ඔබගේ සිත රිදවුවහොත් , ශාරිරික පිඩාවක් කලහොත් , ඔබේ විශ්වාසය ආදරය නැති කලොත් ඔයා කෝපයට පත් වෙනවා නේද ? 😠😠කොල්ලෙක් නං ගහන්න පුලුවන් එකෙක්ට නං ගහයි.. හොද දෙකක් නෙමෙයි දන්න වචන දාලා පදමට බනි.👹 එහෙම බැරිනං හෙන ගහපං කියලා හිතයි..💀 කෙල්ලෙක් නං , කියලා වැඩක් නෑ බහුතරය වැලහින්න වගේ අඩයි.. 😂😂වැඩිම වුනොත් ටිකක් කෑගහයි.. ( පොඩි දෙයක් කියන්නම් කොල්ලනේ ගැණු වෛර බැන්දොත් ආයේ ජන්මෙන් ජන්මේ පලි ගන්නවාලු , පරිස්සමෙන් ) 🛇🛇එ කෙසේ වෙතත් ලොකු වෛරයක් වුනොත් හුගක් අය එක්කො පාතාලේ එකෙක්ට කන්ට්‍රැක් එකක් දෙයි නැත්නම් ගුප්ත විද්‍යාව තමා... එක්කෝ පොල් ගහයි,මිරිස් අඹරයි, හදි හුනියම් කරයි.

    මොනවද මේ හදි හුනියම් කියන්නේ...?

    හදි හුනියම් කියන්නේ යම් පුද්ගලයෙකුට වේදනාත්මක මරණයක් පවා දිය හැකි ලොව ඇති පාපී දෙයක්.. එ වගේම පුද්ගලයෙක් ආර්ථික සමාජිය හා සෞඛ්‍ය මට්ටමෙන් බිද හෙලිය හැකි දෙයක්.. හදි හුනියමක් විද්‍යාත්මකව ගත්තොත් හුනියමට ලක්වෙන කෙනාගේ හා ඔහුගේ පරිසරයේ පංච මහා භුතයන්ගේ අසමතුලිත බවක් ඇති කිරිම හො ආගන්තුකව යමක් එක් කිරිම..🤔🤔

    ලංකාවේ හුනියම් වර්ග විසි පහයි.. එවා නම්🤔🤔

    1. මරළු පැන්නුම
    2. දළ රීරි වටය
    3. මහසොහොන් ගිනි මරළුව
    4. රීරි කුප්පය
    5. මේඝ පාතාල ඕඞ්ඩි බන්ධනය
    6. බධ දීෂ්ඨි බන්ධනය
    7. කළු රීරි මුර්තුව
    8. සන්නි කළු කුමාර මුර්තුව
    9. දිරියක් මුර්තුව
    10 .වටයක් මුර්තුව
    11. මදන කුමාර මුර්තුව
    12. සන්නි දැපන බන්දනය
    13. සොහොන් ගිනි බන්ධනය
    14. මදන සොහොන් බන්ධනය
    15. කඩවර ඉරි පැන්නුම
    16. ගොළු කීල බන්ධනය
    17. මදන සංගිලි බන්ධනය
    18. වැදි බන්දු ජිවම
    19. රත්නිවිති වැලේ පැන්නුම
    20. විජ්ජා පාලූ
    21. කමුරු බන්ධන
    22. රීරි කුමුරුව
    23. ඔඞ්ඩි රීරි බන්ධනය
    24. කල්ළු කර්ප බන්ධනය
    25. ජල රාම බන්ධන යන එවායි... හුනියමක් කරන්න ලේසියි.. එත් අයින් කරන්න හුගක් අමාරුයි .😫😫මොකද හුනියමට ලක් වෙන කෙනා හුගක් වෙලාවට දන්නේ නෑ තමන්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන ගත්තත් හුනියමට බැදුණ ආත්ම එය අයින් කරන්න දෙන්නේ නෑ ලේසියෙන්. හුනියම් ගැන කියනකොට මල්සරා රජ කියලා රජෙක්ගේ කතාවක් කියැවෙනවා එකට අනුව මේ රජුට දිගින් සැට රියනක් ද පළලින් හත් වියතක් වු තඹ කොළයක කටු ගැසුම් 64 ක් ද , දුණු විජ්ජා 900ක් ද, 500ක් ගොපළු විජ්ජා ද , විස විජ්ජා 400ක් ද , ආගම් 18 ක් ද ලියා රජුට එවා ඇත... හම්මේ ඉතිං නේහ් .
    ඊට අමතරව මල්සරා යන්ත්‍රයේ ඇති ලෙස පෙර කී යන්තරයේ 3800 ක් ක්‍රේම සුනියම් ක්‍රම ද , කටු ගැසිම් 31 ද , පැතලි ගිනියම් 108ක් ද , දුණු ඇට පිළිද 64 ක් ද, යක්ගැටහිර , පිල්ලු , සුනියම් , ගිනියම් සුනියම් වු බව සදහන් වේ.

    මෙවැනි සුනියම් වින කර්ම වලට ( මීට වඩා හුගක් තියෙනවා) ප්‍රතිකර්ම ලෙසද බන්ධන කැපුම් 40 ක් ද , ජිවම් පිට පෙරලුම් 9 ක් ද , ආගම් පෙරලුම් 12 ක් ද , පිල්ලි නැවත ආපිට යැවිම් 12 ක් ද , සතර කොන ආරක්ශා කිරිම් 24 ක් ද වේ.

    ලොකු දැනුමක් ඔන නෑනේ හුනියම් ගැන ඔය ඇති...

    පිල්ලි, නිකං ඇහුවම මොකක්ද මතක් වෙන්නේ ?

    Zombie

    ඔව් පිල්ලි වලට ඉංග්‍රිසියෙන් zombie තමා කියන්නේ.

    පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ පිල්ලි වර්ග 21 දැකගත හැකි වෙනවා.

    1. ඊරි පිල්ලිය
    2. නාග පිල්ලිය
    3. කුමාර පිල්ලිය
    4. කෝලි පිල්ලිය
    5. කන්‍යා පිල්ලිය
    6. කනමැදිරි පිල්ලිය
    7. ගරුඩ පිල්ලිය
    8. කුරුමිණි පිල්ලිය
    9. මළ පිල්ලිය
    10 .මහ සොහොන් පිල්ලිය
    11. ඔඞ්ඩි පිල්ලිය
    12. දෙබර පිල්ලිය
    13. බඹර පිල්ලිය
    14. වඩිග පිල්ලිය
    15. සිංහ පිල්ලිය
    16. ගජ පිල්ලිය
    17. ගිනි පිල්ලිය
    18. නීච කුල පිල්ලිය
    19. දෙමල පිල්ලිය
    20. කඩවර පිල්ලිය
    21. තුන් කුළුදුල් පිල්ලිය

    ඔන්න පිල්ලි විසි එක. ( Resident Evil එකට වඩා ජාති ඉන්නවා නේ)..

    පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ සතුරා විනාශ කිරිම උදෙසා වැඩි වශයෙන්ම උපයෝගී කර ගත් ක‍්‍රමයක් වන්නේ පිල්ලී යැවීමය . පිල්ලියක් යනු මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හරහා නිර්මාණය කරනු ලබන යම් බලවේගයකි. පිල්ලි උදෙසා බහුල වශයෙන්ම උපයෝගි කර ගනු ලැබුවේ ස්වාභාවික පරිසරය තුළ බහුල ලෙසින් ගැවසේන සතුන්ය. එසේ තෝරාගනු ලබන සතා හෝ සතාගේ ස්වරුපයට මලයක්ෂ ආත්මයක් බන්දනය කරනු ලබයි. එම මලගිය ආත්මයේ කාර්යය වනුයේ ලබා දෙන ඉලක්කය වෙත ගොස් අදාල පුද්ගලයා තුළට මංත‍්‍රමය විෂ ඇතුලූ කිරිමයි. මෙම පිල්ලි වල පවතින විශේෂත්වය වනුයේ ඉලක්කය කරා ගමන් කිරිමට ඇති වන අදෘශමාන භාධා ප‍්‍රමාණය අවම වීමයි.

    පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ මෙන්ම මලයාලම් භූත ශාස්ත‍්‍රය තුළද මෙම පිල්ලි යැවීම බහුල ලෙස දැකගත හැකි වෙයි .පිල්ලියකට මැදිවන අයෙකුට ඉන් මිදිමට ඇති අවස්ථාව ඉතා අල්පය. එයට හේතු වනුයේ පිල්ලියක් තුළට අසිමිත විනාශ කිරිමේ බලයක් අන්තර්ගත කිරිමයි. සාමාන්‍ය කොඩිවිනයකට වඩා සංකිරණ වු පිල්ලියක් නිර්මාණය කිරිමට යකදුරෙකු ඉදිරිපත් වනුයේ හතුරා විනාශ කිරිමේ එකායන අරමුණින් පමණි.
    විශේෂයෙන් පිල්ලි වර්ග සතරකි. 1. කුළුදුල් දරුවාගේ මළ කඳෙන් යවන පිල්ලිය. 2. ජීවම් කිරීමෙන් මළ කඳට ප්‍රාණය දීම, 3. පිල්ලි යකා බැඳි මළකඳ ආරූඪ කිරීම, 4. පුද දී යකාගේ අදහස ඉටුකර ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමයන් ය.

    (උපුටා දැක්විමක්)
    ක්‍රි. වර්ෂ 1910 ශ්‍රී ලංකාවට පැමිණි සුප්‍රකට මහා විද්‍යාඥයකු වන ආචාර්ය ඔපර් වෝල්ඩ් මහතා පිල්ලි පිළිබඳ බොහෝ වැදගත් කරුණු රාශියක්‌ අධ්‍යයනය කළ අයෙකි. එතුමා ඉන්දියානු සඟරාවක පිල්ලි පිළිබඳ විස්‌තරයක්‌ මේ අයුරින් සනිටුහන් තබා ඇත.

    ප්‍රථමයෙන් කුළු ඳුල් තරුණියක්‌ යයි දැනගත් මන්ත්‍රක රුවකු විසින් ඇගේ නම ඌරු දතකින් බුලත් කොලයක ලියා පිට පැත්තේ රුව ඇඳ ඒ තරුණිය විසින් හපා කෑ බුලත් හපය ද ඇඳිවත නූල්, කුණු, නිය, කෙස්‌ ආදී පංච මල පහේ කොටස්‌ කොළයෙහි ඔතා තරුණියට උඩින් පැනෙන ලෙස වළලා දින තුනකින් පසු ගෙන නයි තුඹසක්‌ තුළ දින තුනක්‌ තබා ආපසු සඟවා තබා ඒ තරුණිය කවදා හෝ විවාහ වී ගැබ්බර වී සිටින විට බුලත් කොලය නැවත ඇයට උඩින් පන්නවා ගනී. ඉන් පසු ඇයට මහත් බියකරු හීන පෙනේ. මේ තත්ත්වය උග්‍ර වී දරුණු අතට හැරී බලා සිටියදී ඇගේ ශරීරය කෘෂ වේ. දරුවා බිහි කරන විට ඇගේ කුස තුළට යක්‍ෂ ආරූඪය ඇති වී ඇය මළ දරුවකු බිහි කරයි. එවිට ඇදුරාගේ සිතට සතුට උපදී. මේ සියල්ල දෙස ඇස ගසා සිටි මන්ත්‍රකරු පිරිසිදු වී රහසින් ගිනි කබලක්‌ ගෙන මල් දම් පැළඳ රතු රෙද්දක්‌ පොරවාගෙන කෙස්‌ වැටිය පිට කොන්ද තෙක්‌ කඩා මුදා හැර දොළ තටු පුද දී මහා සොහොන් යකා බන්දනය කරයි.

    ඉන්පසු ඇදුරා වළ දමා ඇති මළ මිනිය රහසින් ගොඩ ගෙන රාත්‍රි 12 ට තොටුපලකට ගෙන ගොස්‌ නහවා බඩ පලා රිදී කෙන්දක්‌ ඇතුළු කර දිවි හමකින් වසා හිසේ තලප්පාවක්‌ පළඳවා නූල් පොටකින් අත ද බඳියි. මේ සඳහා සමයන් තටු 3 ක්‌ සාදා එහි සුරුහම් කළ මළමිනිය රැගෙන පාළු නිවසකට ගොස්‌ තබා රතු රෙද්දකින් වසා බිත්තර, ලේ ගොටු, මස්‌, රතු මල් වර්ග ඇතුළු පූර්ණ පිදේනි තටු තබා සුදු පිරුවටයක්‌ එලා ඒ මත වාඩි වී අදාළ පිල්ලි මන්තර වලින් ජීවම් කිරීම අරඹයි. එවිට මහා භයංකාර ලෙසින් මළ මිනිය සෙළවෙයි. පිල්ලි යකා නටයි. එවිට ඒ යක්‍ෂයාගෙන් තමාට අවශ්‍ය ඕනෑම වැඩක්‌ කර ගත හැකිය.

    මෙසේ ප්‍රාණ කරන පිල්ලි වලින් එකක්‌ මෙසේය. පාද නොකැඩෙන අයුරින් ගරුඬකු අල්ලා මැරෙන තුරු භාජනයක්‌ තුළට දමා මියගිය ගරුඬාට තුන් කුළුඳුල් බිල්ල දී පිල්ලිය ලබා ගෙන දොළ තටු පුදා නිසි වේලාවට සතුරාගේ නිවසට යාබද සොහොනකදී පිල්ලි යකා ආරූඪ කර පත්තෑයා සොහොනෙහි හිටුවා ඇති කෝටුව දිගේ ඉහළට යන්න අණ කරයි. එවිට පත්තෑයා නොපෙනී යයි. විදුලියක වේගයෙන් සතුරා ළඟට ගොස්‌ ආපසු එයි. එවිට කෝටුවෙන් පහරක්‌ ගසා පත්තෑයා මල් ගොටුවට දා ගනී. එයින් පහර කෑ අයකු කොතරම් වෙදකම් කළත් සුවයක්‌ නොවී මැරී යයි. එය පත්තෑ පිල්ලියයි.

    භාරතීය ඉන්දියාවේ එක්‌ එක්‌ ප්‍රාන්තවල එක්‌ එක්‌ ගෝත්‍රිකයන් සිටියද, භාෂාවෙන් වෙන් වුවද, ආගමික වශයෙන් වෙනස්‌ වුවද, ඒ හැම ගෝත්‍රිකයන්ම ඔවුන්ගේ භාෂාවෙන් භාවිතා කරන යන්ත්‍ර මන්ත්‍රවල විශ්වාසයක්‌ අදත් පවතී. එමෙන්ම ඔවුන් අතර ගුප්ත විද්‍යාවට අයත් ප්‍රබල පිල්ලි ඇත. මේවා අති බියකරුයි. ඒ පිල්ලි වලට මෙම නම් භාවිතා කරයි. මහ සොහොන් පිල්ලිය, ගිනි පිල්ලිය, නාග පිල්ලි, බලු පිල්ලි, බළල් පිල්ලි, වවුල් පිල්ලි, දිවි පිල්ලි, මළ පිල්ලි, කුරුමිණි පිල්ලි, වඩිග පිල්ලි ආදී නාමයන්ගෙන් හැඳින්වේ. මේවා ඉතා දරුණු ඒවාය.
    අද අප රටේ වෙසෙන ඇදුරන් බොහෝ දෙනෙකු විසින් පිල්ලි යෑවීම සඳහා භාවිතා කරන්නේ කල්ලු, මලයාලි ආදී මන්ත්‍ර විධිය. මේ ඉන්දියානු ගෝත්‍රිකයන්ගෙන් ලබා ගත් ආභාසයන් අනුවද පිල්ලි යවයි.

    පිල්ලි යෑවීම හා පිල්ලි වලින් පල ලබා ගන්නා සැටිත් කබලෑ පටුන නම් මන්ත්‍ර පොතේ මෙසේ සඳහන් වන පිල්ලි වල විස්‌තර අනුව අපට පිල්ලි පිළිබඳව විශ්වාසයක්‌ තැබිය හැකිය. ඉන් කවි කීපයක්‌ මෙසේය.

    එදා මුළු සූනියම්න

    පිල්ලි දහ අට නියමින

    අංගං විසි සතර කින

    පැමිණි පිළිවෙළ කියන් මෙලෙසින

    දිගිනුත් ඔඩ්ඩිස පොත වඩු රියන යි

    පුලුලින් පත් ඉරු වග්ගුස්‌ කාල යි

    පෙලින් ලියූ පෙලවල් කුරු දොළහ යි

    තදින් බැඳපු පොත වට බැමි දොළහ යි

    පිල්ලිමෙ දහ අට අංගං දෙතිස යි

    ජීවන් දහඅට රූකඩ දොළස යි

    කටුසර ජීවන් දෙසිය අසූව යි

    ඉනා දෙනා තෙල් මන්න්ත්‍රා දොළහ යි

    මිනී මරන්නට උපත කියන් නේ

    කුරුමිණි ඔළුවේ ගිතෙල් උලන් නේ

    ජපකර සොහොනා යවපන් නේ

    දුර්ජන සතුරා මැරී වැටෙන් නේ

    මෙවන් ගුරුකම් රැසක්‌ මේ පොතේ සඳහන්ව ඇත.

    පිල්ලි යෑවීමේදී හෝ මන්ත්‍ර ආදියෙන් දිෂ්ඨ§ කර බන්දන කිරීමේදී මන්ත්‍ර වේදියාට ඇදුරාට යම් විධියකින් වැරැදුනහොත් ඇදුරාගෙන් පමණක්‌ නොව ඔහුගේ අඹු දරුවන්ගෙන් පවා පළි ගනී. සිය පවුලම වනසා මරා දමයි. මෙයයි එහි බිහිසුණුම තත්ත්වය. එම පොතේම එය මෙසේ සඳහන්ව ඇත.

    නියම සූනියම් පොතකි බොලන්නේ

    මිනී මරන්නට උපත කියන් නේ

    දැන කළහොත් තම දිවි ගැලවෙන්නේ

    නොදැන කළොත් වරිගෙත් නැති වෙන්නේ.

    කළොත් අපායේ වැටෙයි කියන් නේ

    ඒ පොත් ඉරු පිට පෙරලා පන් නේ

    වානේ කටු ගැසූ තැනට බලන් නේ

    කුමාර පිල්ලිය එතන තියෙන් නේ

    එහෙත් කොතරම් පිල්ලි එව්වත් තෙරුවන් වඳින දෙවියන් පුදන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කේලම්, නොකියන කට ඇරියොත්, බොරු නොකියන, මස්‌ මාංශයෙන් තොර කිසිදු සත්පුරුෂයකුට පිල්ලියක්‌ යවා විනාශ කිරීමට බැරිය. එවන් අය ළඟට පිල්ලිය ගොස්‌ ආපසු ඇවිත් ඇදුරා පිටින් යයි.

    ඕනෑම අංගමක්‌, පිල්ලියක්‌ ව්‍යාපාරික ස්‌ථානයට හෝ නිවසට තමාගේ ශරීර ආරක්‍ෂාවට හා සියලු භූමි ආරක්‍ෂාවට හූණු බිත්තර, මකුළු බිත්තර, අබිං, කංසා, බේඳුරු මුල් මල් දුම්මල තෙළින් අඹරා ගම් බිත්තර කටුවක්‌ තුළට දමා තිරිවානා ගල් තුනක්‌ මත තබා පස්‌ පැඟිරි දරින් රත්කර සිඳුවා සුරයක හෝ කුප්පියක, හෙප්පුවක බහා ළඟ තබා ගන්න. මෙයට බලු කෙළ හා ගැරැඬි සැවද අඹරා මිශ්‍ර කරන්න. සියල්ලම මල් බුලත් පුටුව සකසා එහි තබා රවි දිනක රවි හෝරාවෙන් මේ මන්තරයෙන් 3008 වරක්‌ ජප කරගන්න.

    ඕං හ්‍රSං රාම ගිනි ජල නලඹු ආරූඪ ගිනි ගිනි සුරැකැල ප්‍රේත හන්තු ජෝගිනි නල්ලා හේ හේ විෂ්ණු තයිනාර ශිලම්බු කාලී වල්ලි අම්මා දේව මැණියනි ඔඩ්ඩිවාරේ කේ කදිර දේව වේලා මයුම් කන්නි වේලාමනේ ගනපති සරස්‌වතී වා ගිනි කාලි වා වා ශ්‍රියා කානතාවේන් වා වා දුක්‌ඛ නෛයිනාක්‌ කඹල් එන්නප් පේරුම් කඩල් ආදිත්‍ය හනුමන්තා වර කුමාර මූක වේලාමනේ මූදු මුල්ලිජපොරොන්දු හිර මුද්‍ර සුරුංඩු කංඩාල් අංගං පිල්ලි කෛ කට්‌ටු මෙහොගනී ගිනි දැල් පූට්‌ටු.

    දිවි ඇතිතෙක්‌ අන වින කොඩිවින අංගං පිල්ලි, යක්‍ෂ භූත ප්‍රේත අමනුෂ්‍ය බලවේග ඇඟට ළඟට ළං නොවේ.

    (පැරැණි පුස්‌කොල පත් ඉරුවෙන් උපුටා ගත් මන්ත්‍රයකි)

    කවදාවත් හුනියම් නම් කරන්න එපා.😬😬

    තව දෙයක් මේ පොස්ට් ගැන ප්‍රශ්ණ අහන්න.එත් ළදරු මෝංගල් ප්‍රශ්න අහන්න එපා.යම් කෙනෙක්ට ගුරුකම් කරනවා නම් පක්ශි ග්‍රහා තත්ත්ව අවශ්‍ය වේ.

    සටහන හා උපුටා දැක්විම
    ෂේන් ස්මිත් ගමගේ
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ගුරුන්නාන්සෙ මාමා..

    අන්දිරිස් මහ හඩින් කෑගසාගෙන නිවස දෙසට එන අයුරු අඹ ගස මුල වාඩි වී බුලත් විටක් හපමින් සිටි බබාන්ස් උන්නැහේ දුටුවේ ඈත සිටමය.
    කරේ දමා සිටි ලේන්සු පොට අතට ගත් ගුරුන්නාන්සෙ අන්දිරිස් දෙස නොබලාම ඉදිරියට ඇදුනාය.
    "මාමෙ"
    ගුරුන්නාන්සෙ නතර විය.
    "රන් මැණිකා පාලු ගුහාව ලග වැටිලා ඉන්නවා දැක්කලු"
    ගුරුන්නාන්සෙ කිසිවක් විමසුවේ නැති මුත් අන්දිරිස්ගේ හඩ අවදිවෙයි.
    "මාම මම යන්න කියල බලන්න."
    "ඕනෙ නෑ..බලන්න දෙයක් ඉතිරි වෙලා නෑ..උඹ පලයන් ගෙදර."
    ගුරුන්නාන්සෙ ඈත අහස දෙසම බලාගෙන පැවසුවේ දුක්මුසු හඩකින් වූවත් මොකද්දෝ අබ්භූත හැගීමකින් අන්දිරිස්ගේ හිත වෙලා ගෙන තිබුනි.
    වෙල්ලස්සෙ කැරැල්ලෙන් පස්සෙ උන් අපේ ගෑනු..ලමා ලපටියො මරල දැම්මෙ හිත්පිත් නැති අමනුස්සයො වගේ.නිර්භීත පිරිමි ටිකත් මරල දැම්මා.අනාගතයේදී සිංහල කියල ජාතියක් ඉතිරි වෙන එකක් නෑ..ඒකයි මට දුක.
    රන් මැකිකා නිතරම කියු වදන් අන්දිරිස්ගේ දෙසවන දෝංකාර දෙයි.නම්බුනාම තනතුරු උදෙසා ජාතියක් ආගමත් පාවා දුන් උදේනිස්ලාගේ කුරිරු සිනා හඩද විටක අන්දිරිස්ගේ මුහුනට එබී සමච්චල් කරයි..උදේනිස් බුදු දහම අතහැරියා පමනක් නොව සුද්දාගෙ හිත දිනා ගැනීම පිනිස තමන්ගේම මිනිසුන් ගැන බොරු කේලම් කතා කියමින් එකිනෙකා බිදවීමේ මහත් උත්සහයකද යෙදී සිටියාය...
    රන් මැනිකා යනු ගුරුන්නාන්සේගේ බාලම දියනියයි.ඇය නිර්භීත තරුනියක් වූ අතර අංගම් සටන් ක්‍රමද හදාරා තිබුනි.
    මෙම කාලය වන විට ලංකාවේ තිබූ බොහෝ සම්පත් ධන වස්තු සුද්දා විසින් නැව් පටවා තම රටවලට ගෙන ගොස් තිබුනි.ඉතිරි වී සැගවී තිබූ නිදන් වස්තු ලබා ගැනීම සදහා උන් සිංහල ගැමියන්ගේ යන්ත්‍ර මන්ත්‍ර වල උදව් පැතීය.එපමනක් නොව අසුවුනු බොහෝ පුස්කොල පොත් තම රටවලට රැගෙන ගියහ.ඔය අතර විශාල වතු යායේ බංගලාවට පැමිනි සුදු ජාතික තරුණයකු වු එඩ්මන් ලංකාවේ මිනිස්සු අතර සැගවී ඇති ගුප්ත දේවල් ගැන සොයා බැලීම් කලාය.සිංහල දැනුම ඇති ඔහු තවත් මිනිසුන්ද එක්කර ගනිමින් නිදන් වස්තු පැහැර ගත්තාය.රන් මැනිකාගේ ඤාති සහෝදරිය වු සුදු මැනිකේ මහත් රූපත් ශ්‍රීයෙන් අනූන එකියක් වූවාය.නිතර උදේනිස් සුද්දාගේ පනිවිඩ රැගෙන ඇය හමුවට පැමිනි බව සදහන්ය.එඩ්මන් සහ සුදු මැනිකා අතර අවසානයේ ආදරයක් හටගත් අතර ඇය බංගලාවේ පදිංචියට ගියේ සියල්ලන්ගේම ඇස් වසාය.මේ ගැන බොහෝ උරන වූයේ රන් මැනිකාය.මේ සම්බන්ධය නිසා සුදු මැනිකාට අසාධාරනයක් වන බව රන් මැනිකාට හැගුනි.බංගලාවට ගිය සුදු මැනිකාව ඉන්පසු කිසිවෙකුත් නොදුටුවාය.සමහර අය ඇය බංගලාවේ දුටු බව සදහන් කලත් බොහෝ අය පැවසුවේ ඇය එහි නොමැති බවයි.මේ අතර උදේනිස් රන් මැනිකාට යෝජනාවක් ගෙන ආවත් ආගම වෙනස් කල උදේනිස්ට ගුරුන්නාන්සේ අකමැති විය.රන් මැනිකාද එසේමය.දිනක් උදේනිස් රන් මැනිකා හමුවට පැමින රන් මැනිකාට කිව්වේ තමන්ට අකමැති වූවොත් ගුරුන්නාන්සේට විපතක් සිදුවන බවය.මෙයින් කෝපයට පත් රන් මැනිකා ඔහුට මුවින් නොබැන ඉවසුවාය.
    උදේනිස් සුද්දාද තවත් කිහිප දෙනෙකුද සමග ගමේ ඇවිදින ගමන් ගුරුන්නාන්සේ හමුවට පැමින වහසිබස් දෙඩෙව්වාය.
    "සිංහලයා කියන්නෙ අමු මෝඩයො.උන් කැවුම් කන්න විතරයි දක්ෂ"
    ගෙයි සිට මෙය අසා සිටි රන් මැනිකා කෝප වූවාය.
    "සිංහල මෝඩයො නම්බුනාම තනතුරු වෙනුවෙන් ආගම අතහරිනවා විතරක් නෙවෙයි බං ජාතියත් පාවල දෙනවා.ගෙදර අඹුවත් පාවල දෙනවා"
    රන් මැනිකා ඉදිරියට ආවේ වේගයෙනි.
    "ඔව්..එහෙමයි සුදු අප්පො..මේ උදේනිස්ල වගේ අයනම් එහෙම කරනවා තමයි.උන්දල විතරක් නෙවෙයි උන්ගෙන් බිහිවන අනාගත හත් මුතු පරම්පරාවත් අපේ කමට හිනා වේවි ..අපේ උන් මෝඩයො කියාවි..සුදු අප්පොලටම ආ වඩාවි"
    "මැනිකා කට වහගෙන පලයන් ගෙට"
    ගුරුන්නාන්සේ අනතුර දැන කෑගැසීය.මැනිකා නිවස තුලට දිව්වේ නෙත අග කදුලු පිසදා ගනිමිනි.
    "උඹගෙ දුවගෙ කට බොහොම වැඩියි"
    "ඒකි තාම පොඩි එකී සුදු අප්පො"
    සුදු අප්පු පිටත් වීමට නැගිටින විට නැගිට ගැනීමට නොහැකි විය.ගම් එකක් ගා පුටුවේ ඇලෙව්වාක් මෙන් විය.නැගිටින විට පුටුවත් එක්කම නැගිටියි..ඇවිදින්නේද එසේමය.
    "අපොයි මේ මොන මගුලක්ද"
    "නවත්තපන් ඔය වැඩේ "උදේනිස් කෝපයෙන් කෑගැසුවාය.රාත්‍රී 12 පසුවෙන තාක්කල් සුද්දා පුටුවේ ඉදගත් ගමන්මය.
    දින කිහිපයක් ගත වුනු කල රන් මැනිකාට ආරංචියක් ලැබුනේ සුදු මැනිකා ගැනය..ඇය අන්දිරිස් හමුවට පැමිනියාය.
    "අයියන්ඩි මම කන්දට ගිහින් එන්නම් ..අප්පච්චි තවම නැති නිසා උඹ මෙහි හිටින්"
    "රන් මැනිකා මොකටද කන්දට මේ වෙලාවෙ යන්නෙ "
    "ඇවිත් කියන්නම්කො අයියන්ඩි"
    රන් මැනිකා කන්දට ගියේ බංගලාවට යෑම සදහාය.ඒ සුදු මැනිකා ගැන තොරතුරක් සොයා ගැනීමටය.එදායින් පසු රන් මැනිකාද නැවත නොපැමිනියාය.අන්දිරිස් සහ ගමේ නෑයෝ ඇය ගැන සොයා බැලුවද තොරතුරක් නොලැබුනි.එහෙත් අහම්බෙන් මෙන් ආරංචි වූයේ රන් මැනිකා සුදු මැනිකාත් සමග කන්දේ ගල් තලාව උඩ සිටි බවය.
    උදේනිස් ඒ කිසිවක්
    ගැන නොදන්නා බව පැවසීය.එහෙත් සිදුවුයේ කුමක්දැයි කිසි වෙකුටත් සිතා ගත නොහැකි විය.
    "අන්දිරිස්"
    ගුරුන්නාන්සේගේ හඩින් අන්දිරිස් නැවත පියවි ලොවට පැමිනියාය.
    "ගුරුන්නාන්සෙ මාමා"
    මම ටික දවසකට කැලෑවට යනවා.උඹ නැන්දා ගැනත් ගෙදර සතා සිව් පාවා ගැනත් සිහියෙන් හිටපන්.දැන් අපිට තවත් නැති වෙන්ට දෙයක් නෑ"
    "මාමා රන් මැනිකා ගුහාව ලග වැටිල ඉන්න බව කීවෙ සුදු මැනික මට""
    "
    ඒ ඒකි නෙවෙයි.සුදු මැනිකා මලා ..ඒ දවස් වලම."
    සුදු මැනිකාව මරා දමා තිබුනේ නිදන් ගල ලග බව පසුව දැන ගන්නට ලැබුනු අතර ඇයගේ හිස කදින් වෙන් කර තිබූ ආකාරයෙන් ඇය බිල්ලකට දී ඇති බව පැවසේ.මිය ගියද සුදු මැනිකා තමන් රැවටු මිනිසුන්ගෙන් පලි ගැනීම පිනිස මලවුන් අතර සැරි සරයි.අන්දිරිස්ටද හමු වන්නට ඇත්තේද ඇයගේ ආත්මයයි.

    කාලය ගෙවී ගියද ගුරුන්නාන්සේ නොපැමිනියාය.අන්දිරිස් දෙදෙනාවම සොයමින් ගියද කිසි විටක හමු වී නැත.එහෙත් ගමේ කිහිප දෙනෙකු ගුරුන්නාන්සේවත් රන් මැනිකාවත් ගෙම්මන් යාමයේ පාලු ගුහාව දෙසින් දැක තිබේ.එහෙත් රාත්‍රි කාලයට කියා දහවලත් එහි යෑම ඉතා දුෂ්කර බව සදහන්ය.
    ශනිදා දිනක හදිස්සියේ ගමේ පැතිරී ගිය ආරංචියකින් ගම නැවතත් නොසන්සුන් විය.උදේනිස් රන් මැනිකාත් සමග බංගලාවේ සිට වනය දෙසට යනවා ගැමියෙකු දැක ඇති අතර අන්දිරිස් ඇය සොයා වනය දෙසට යන විට බියකරු කඩක් ඇසී තිබේ.එය මරලතෝනියකි.අන්දිරිස්ද ගල් තලාව මුදුනට නැග හඩ ඇසුනු මානයට නෙත් යොමන විට අහම්බෙන් මෙන් ඔහුට දිස් වන්නේ රන් මැනිකාත් උදේනිසුත් අනිත් පැත්තේ දිය ඇල්ලට ලගින් ගලතලාව මත පොරකන අයුරුයි.එක පාරටම රන් මැනිකා උදේනිස්ව ගල් තලාවෙන් පහලට තල්ලු කර දමයි.

    "නගා එපා"
    අන්දිරිස් කෑගසමින් ඒ දෙසට දිව යන මුත් ඉක්මනින් එතනට ලංවීම ඉතා දුෂ්කරය.අන් පාරෙන් මෙන් නොව ඇල්ල ලගට අන්දිරිස් යන දෙසින් ඇත්තේ ලදු කැලෑවෙන් වැසී ගිය අඩි පාරකි.....

    " දෙයියනේ උදේනිස් "ගල් තලාව පහල වැටී ඇති උදේනිස්ගේ සිරුර දැක අන්දිරිස් එතනම හිද ගනී.ඔහුට රන් මැනිකා සිහිවී නැවත බලන විට රන් මැනිකා පෙනෙන මානයක නැත.
    "නගා..නගා"
    ඔහු ඇය සොයා කෑ ගැසූ මුත් ඇය සොයා ගැනීමට නොහැකි විය.පසුව ගම් වැසියන් පැමින උදේනිස්ගේ සිරුර ගත්තද වැඩි පුරම ඔහුගේ සිරුරේ තිබී ඇත්තේ කොටි දතකට අසු වුනාක් මෙන් වුනු දරුනු තුවාල ය.

    රන් මැනිකාව කොතෙක් සෙව්වද නැවත හමු නොවීය.ගුරුනාන්නාසේවද එසේය.
    දින දෙකකට පසුව ගුරුන්නාන්සේ අන්දිරිස් දෙසට පැමිනියාය.
    "දෙයියනේ මාමා"
    "පුතේ ..සේරොම අහවල් කරල ආවෙ..රන් මැනිකා ආයෙත් එන්නෙ නෑ..ඒකිව උදේනිස් මරල දාල."

    සිදුවු කිසිවක් අන්දිරිස්ට වටහා ගැනීමට නොහැකි විය.රන් මැනිකාගේ මරනය දරාගත නොහැකි තරම්ය.නැන්දාද හැඩු කදුලින්ය.
    අන්දිරිස් උදේ බලන විට ගුරුන්නාන්සේ පෙනෙන්නට නැත.නැන්දාගෙන් විමසූ විට ඇය හඩා වැලපේ.කිහිප දෙනෙකු එක්කර ගත් ඔහු කැලෑව පීරා ගුරුන්නාන්සේ සොයමින් පාලු ගල් ගුහාව දෙසට ගමන් කලාය.අවසානයේ සියල්ල විසදී ඇත.ඔහුන්ට ගල් ගුහාවෙන් හමු වූයේ ගුරුන්නාන්සේගේ දින කිහිපයකට පෙර මිය ගොස් ඇති මල සිරුරත් අදුනකුත් බෙහෙත් වර්ග කිහිපයකුත්ය.විශේෂම දෙය වුයේ ගුහාව තුල තිබී හමුවුනු රන් මැනිකා අවසාන වරට ඇද සිටි ලේ පෙරුනු ඇදුම්ය.එදා උදේනිස් මරුතුරුලට යැව්වේ රන් මැනිකාගේ පිල්ලිය බව අන්දිරිස් පසුව දැන ගත්තාය.අදුනත් මන්තර පොතත් ගත් අන්දිරිස් සියලුම වේදනා තනිවම දරාගෙන ගුරුන්නාන්සේගේ අවසාන කටයුතු ඉටු කලාය.
    මාස කිහිපයක් තිස්සේ බංගලාවේ නිතරබය වුනු සුද්දා අවසානයේ රෝගාතුර වී කොළඹ බලා පිටත් වී ඇත.එහෙත් නැවත සුවත් වී පැමිනියද බංගලාවේ සිටිය නොහැකි තරමට කරදර සිදුවුනු බව සදහන්ය.ඔහු මිතුරන් ගෝලයන් සමග අලි දඩයමේ ගිය මොහොතක අලියාට තැබූ වෙඩිල්ල තමාටම පත්තු වී මිය ගොස් තිබේඑය සිදු වූයේ කෙසේද යන්න අභිරහසකි.අදටද එම බංගලාව තිබෙන අතර එම මෙය ලියන මමද එක් වරක් එහි ගියෙමි.අන්දිරිස්ට හමු වු ගුරුන්නාන්සේගේ අදුනද තවමත් තිබේ..

    මෙය සත්‍ය කතාවක් ඇසුරින් ලියන ලදී.කතාවක ආකාරයෙන් ලිවීමේදී සත්‍ය සිදුවීමට අඩු පාඩු සිදුවී තිබීමට ඉඩ ඇත.ඒ ගැන සමා වන්න.
    චාන්දනී දීපිකා
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    අතුරුදහන් වූ හුළුඅත්ත

    එදා සඳ අමාවක දිනයකි..ගුණසේකර හා සුරංග මාතර රදම්පල ප්‍රදේශයට යෑමට කතිතා කරගත්තේ එදිනය.කෙසේ නමුත් රෑ බෝවන තෙක්ම ගමන ආරම්භ කිරීමට ඔවුන්ට නොහැකි විය යාන්තමට සවස 7 පමණවනවිට මාතර තිහගොඩ ප්‍රදේශයෙන් යතුරුපැදියකින් ගමන ආරම්භ කිරීමට දෙදෙනාටම හැකිවිය.කෙටිපාරක් නොදත් බැවින් මාතර නගරය හරහා රදම්පල දක්වා ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය සාර්ථකව ගමන අවසන් කළ ඔවුන් රුක්ෂාන් ගේ ‍නිවසේ ඔවුන් වෙනුවෙන් පිළීයෙල කර තිබූ ආහාර භෝජන සංග්‍රහයද භුක්ති විද රාත්‍රී 11.30ට පමණ නැවතත් ඒමට පිටත් විය.ප්‍රදේශය ගැන දන්නා හඳුනන පුද්ගලයකු තිහගොඩට යෑමට කෙටි මඟ ගැන ඔවුන්ට පැවසූවේය නමුත් ඔහු තරයේ කියා සිටියේ විශාල ෆයිනස් කැළය අද්දරින් වැටී තිබෙන මාර්ග ඉතාම කෙටි වුවත් එමඟින් නොයන ලෙසයි හේතුව විමසුවද ඔහු "කිව්වම යන්න එපා! " යැයි කෝපයෙන් ගුගුලේය....



    පසුව ඔවුන් ගමන ආරම්භ කළේය ටිකදුරක් යනවිට සුරංග පැවසූවේ "අපි ෆයිනස් කැළෙන් යමු ඉක්මනට යන්න පුළුවන්නේ" ගුණසේකර කීවේ "අපෝ බෑ අරමිනිහ යන්න එපා කිව්වෙ තේරුමක් ඇතුව වෙන්න ඇති නේ.." සුරංග නැවතත් "ඕනනම් මංකොල්ල කාරයින් ඉඳීවි අපේ මොනවද ගන්න තියෙන්නෙ මගේ ලඟ නමි රුපියල් දෙසීයයි තියෙන්නෙ ඔන්න ඔහේ යමු" යයි කියමින් යතුරු පැදිය ෆයිනස් කැළය දෙසට හැරවුවේය..දෙදෙනා වේගයෙන් ෆයිනස් කැළය පාරේ ටික දුරක් ගමන් කළේය නමුත් එතැන් සිට ඔවුන්ට දුෂ්කර මාර්ගයක් තරණය කිරීමට සිදුවිය තැනින් තැන මහා වලවල් හා ගල් කැටයි එය ඉතා අපහසු ගමනක් විය.ෆයිනස් කැළය පටන්ගන්නා තැන සිට මීටර් 500ක් පමණ ඔවුන් අසීරුවෙන් යතුරුපැදිය පැදවූහ හිටි හැටියේ පොඩි වැහි පොදක්ද වැටෙන්නට විය එය කුඩා පින්නක් තරම් එකකි..සිදුවූයේ අකරතැබ්බියකි විදුලි ලාම්පුව හිටි හැටියේ අක්‍රීය විය කරකියා ගන්නට දෙයක් නොවූ ඔවුන් ගුණසේකර ලඟ තිබූ 1100 නොකියා ජංගම දුරකථනයේ විදුලි පන්දම ක්‍රියාත්මක කළේය...එහි එළිය ප්‍රමාණවත් නොවුවද වෙලාවේ හැටියට ඒකත් ඔවුන්ට පිහිට විය.



    එසේ අසීරුවෙන් ගමන් ගත් ඔවුන්ට එකවරම ඈතින් හුළු අත්තක් වනමින් පුද්ගයෙකු ඉදිරියට එන ආකාරයක් දැකගත හැකි විය පුද්ගලයාගේ උඩුකය යාන්තමට සුදුපාටීන් දිස්විය...අවට ගෙයක් දොරක් හෝ නොමැති ඉසව්වක හුළුඅත්තක් රුගෙන එන්නා කවුරුන්දැයි දෙදෙනාටම ප්‍රශ්නයකි "ෂුවර් එකටම හොරගමනක් යන මිනිහෙක් " යැයි සුරංග කිවේය... නමුත් පුදුමය නම් යතුරු පැදිය ඉදිරියට ගියද නිතරම සමාන දුරකින් මෙය දර්ශනය වීමයි දෙදෙනාටම තැති ගැනීමක් ද ඇති වූයේ එ බැවිණි. ඒ නිසාමම කුණුහරුපයෙන් බැන "කවුද යකෝ...බලු *** **" කියමින් මොවුන් දෙදෙනාද නොනැවතී ඉදිරියට ගියේය...යතුරු පැදියේ හඬ පරදවමින් ෆයිනස් ගස් සුළඟට වැනෙන විට එන ශබ්දයද සමඟ එම ප්‍රදේශයේ මහා මූසල බවක් ද ඔවුන්ට දැනෙන්නට විය..හුළු අත්තද ඒ මේ අත වනමින් එකම දුරකින් දර්ශනය විය එලෙස හැතැක්ම කාලක් පමණ දුරක් ඉදිරියට ආවේය.එකවරම එම හුළු අත්ත තමන්ට මදක් ළංවන බව දැනින දෙදෙනාගේ හද ගැස්ම ඉතාම වැඩි වුවද ආපස්සට යාමට අදහසක් නොවිය. එම මොහොතේ ඔවුන්ගේ හිතට අමුතු ශක්තියක් ආ ඔව ඔවුන් පවසති..එසේ තමන්ට පේන නොපෙනෙන දුරකට සුදු කමිසය හා හුළු අත්ත දර්ශනය විය එකවරම මහා ගිනි ජාලාවක් පත්තුවෙමින් හුළු අත්ත නිවී ගියේය ඒ සමඟම යතුරු පැදියේ විදුලි ලාම්පුවද ක්‍රියාත්මක වුයේ දෙදෙනාම මවිත කරවමිණි එම හුළුඅත්ත සැඟවුණ ස්ථානය අසලට විත මිනිසකුගේ හෝඩුවාවක් හො ඇද්දැයි බැලීමට සිත් වූ නමුත් එය එතරම් ඇඟට හොඳ නැතැයි සිතූ මොවුන් වේගයෙන් යතුරුපැදිය පැදවූවේය ඔවුන්ට එම ස්ථානයේදී සතකු කුණුවී ගිය කුණු ගඳක්ද වහනය වී ඇත. පසුපස හැරී නොබැලූ දෙදෙනාම වේගයෙන් ඉදිරියට පියාඹා ගියේය හිතට සැනසුම දෙන දර්ශනයකින් දෙදෙනාම සැනසුම් සුසුම් හෙළුවේය ඒ ෆයිනස් කැළය අවසානයේ ඇති සිල් ආරාමය ඇස ගැටීමත් සමඟය එතැන් සිට තිහගොඩට පැමිණියේ සිනා මුසු මුහුණින්ය..



    ගුණසේකර පසුදා අලුයම සිදුවූ අබැද්දිය රුක්ෂාන්ට දුරකථනයෙන් පැවසූ පසු ඔවුන් කීවේ "දෙන්නම මෝඩ වැඩක් නේ කරල තියෙන්නෙ රෑ 6න් පස්සෙ ඔය රෑස්ස කැළේ යන්නෙ කවුද? ගියොත් මොකක් හරි අද්භුත සිදුවීමක් වෙනවාමයිලු" කියාය
    .

    Tharindu Madhusanka
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මරණ මංචක අභියස මලගිය ආත්ම සැරිසරනවද....
    මන් මේ කියන්න යන්නෙ මීට අවුරුදු 2 කලින් වෙච්ච දෙයක්.
    අපේ අම්ම එකපාරම අසනීප උනා, පෙනහැල්ලෙ තමයි ප්‍රශ්නය උනේ. කෝම හරි හොදින් හිටිය අම්ම මාස 7 වගේ කෙටි කලකින් ඇදටම වැටුන, ගොඩක් අමාරු උනේ අවසන් සති 2 කාලෙදී. මේ මාස ගානම මන් අම්මව බලාගත්තේ තනියම, කිසිම කෙනෙක් හිටියෙ නෑ මගේ උදවුවට , ඒ අස්සෙ මාත් වයිරස් උණ හැදිල ගොඩක් අමාරු උනා, ඒත් අම්මව අරන් ගියේ හේදුවෙ ඔක්කොම වැඩ මන් කලේ තනියම, අවසන් සති දෙකේ තමා මේ සිද්දි සිදු උනේ. ගෙදර කිසි හැලහොල්මනක් නැති උනාට එකපාරම කවුරු හරි ඇවිදිනවා වගේ දැනෙනවා, රෑට එලියේ ඇවිදින සද්ද ඇහෙනවා. බත් ඉවුවහම ඉක්මනින් පිනුල් වෙනවා. තව කිවුවොත් දොර රෙදි නොදැනීම කවුරු හරි ඇතුල් උනා වගේ සෙලවෙනව. මිදුලේ කවුරු හරි ඇවිදිනව වගේ පේනව. කහිනව ඇහෙනව. ගිහින් බැලුවම කවුරුත් නෑ. පිරිත් දාන්න කියල මට කෙනෙක් කීව. හැබැයි පිරිත් දාපු වෙලාවට මුකුත් සද්දයක් නෑ. කෝමහරි අම්ම කන්නෙ නැතුව මට කන්න හිතුනෙ නෑ. ඉවුවට මන් කෑවෙත් නෑ. අම්ම කාවි කියල උයනව, අහක දානව. අන්තිම දවසෙ රයිස් කුකර් එකේ බත් එක ඉවුවහම ඒක ගලක් වගේ හයි උනා, මොනම විදියකින්වත් ඒක කඩාගන්න බැරි උනා. ගෙයි ශබ්ද ඇහෙන්නත් ගත්ත, එදා රෑ මන් මහන්සියට නිකන් ඉදගත්තා, මට පැය 3 විතර එහෙමම නින්ද ගියා, කවදාවත් මගේ කාමරේට එන්නෙ නැති අම්ම ඇවිත් මගෙ උරිස්සෙන් හෙල්ලුවා, මාව ඇහැරුනා, අම්ම පේන්න හිටියෙ නෑ . එවලෙ මට අමුත්තක් දැනුනා , අම්මා අසනීපයෙන් කියල මතක් උනේ එවලෙ, මන් ගිහින් බලද්දී අම්ම නැති වෙලා.අර සද්ද මුකුත් නෑ. එතකොට පැය 3 විතර ගිහින් අම්ම නැති වෙලා...


    Dilan Darshana Wijesingha
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    කලු_මැනිකා

    යකා මහත්තයා නොහොත් ගුප්ත රෝග විශේෂඥ ජයවර්දන මහතා සමග ගෙවු කාලයේ ලද සත්‍ය සිදුවීමක් අත්දැකීම් එක්ක.....👇

    කොලඹ අවට ගොඩක් ජනාකීර්න ප්‍රදේශයක ආරක්ශක අංශයක වැඩ කරන කෙනෙක්...එයාගේ එකම දුවට උන සිද්දියක් ගැනයි මේ.

    ගොඩක් මිනිස්සු ගැවසෙන තැන් වල අමනුෂ්‍ය ශක්තීන් නෑ කියලයි අපි දන්නේ..ඒත් කොළඹ අවට වගේ තැනක වැඩක් කරා...ඒ ගෙදර අම්මයි තාත්තයි දුවයි...ඒ ගෙදර ටිකක් ලොකුයි.නවීන පන්නයේ වගේ.ඒ ගෑනූ ලමයා ටික දවසක ඉදන් අමුතු විදිහට හැසිරිලා තියෙනවා...භාශාව,ඇදුම් පැලදුම් වගේ ඒවා.ඒක සාමානය දෙයක් කියලා තමයි ගෙදර අය හිතලා තියෙන්නේ...ටික දවසක් යද්දී එයාගේ කාමරෙන් එලියට එන්නේ නෑ ඒ ලමයා...දවස් ගානක් උනත්..ගෙදර කවුරු හරි ගියත් බනිනවා....ගහනවා ඒ වගේ.

    ඉංග්‍රීසි බෙහෙත් කරලා තියෙනවා එයාට..ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ එයාට මානසික අසනීපයක් කියලා...බොහෙත් කරාට අඩුවක් වෙලත් නෑ.ඊට පස්සේ ගුප්ත ශාත්‍රයෙන් පිලියම් හොයලා තියෙනවා..(ගොඩක් දුරටම වෙලා තියෙන්නේ රැවටෙන එක තමා...මොකද ඕන තරම් බොරුකාරයෝ ඉන්නවනේ)ඒම කරලා වරුවක් දෙකක් හොදින් හිටියත් ආයෙම පරන විදිහමයි.

    එන්න එන්නම එයා පිරිහෙනවා...කුනුහරප කියනවා...කාමරයෙන් එලියට ඒන්නේ නෑ.ඒම ඉද්දින් තමා අපේ තැන ගැන ආරංචී වෙලා ඇවිල්ලා තියෙන්නේ...
    පලවෙනි පාර ආවේ එයාගේ අම්මා විතරයි එයාට බලපු සාත්තරෙන් එයාලට වෙච්ච දේ කිව්වා..ඒ ගැන පැහැදීමක් එයාට ඇති උන නිසා සනිප කරලා දෙන පොරොන්දුවත් එක්ක දිනයක් නියම කරගෙන ඒ අම්මා ගියා.

    දාගත් දිනයේ අපි ඒහෙ ගියා...ගිය ගමන් එයාලගේ ඉඩම වටේම ආරක්ශාවක් දැම්මා...ගෙදරට ඇතුල් වෙනවා එක්කම ඒ ගෑනූ ලමයා කෑ ගහලා(ඕකුන්ට යන්න කියාපිය)කිව්වා...අවුලක් නෑ..වැඩේට ඕන අරන දේවල් ලැහැස්ති කරලා ඒ ලමයව ගේන්න මහත්තයා කාමරේට ගියා...ටික වෙලාවකින් කහ වතුරෙන් තෙමපු රෙදි කෑල්ලක් ඉල්ලුවා ඒක ඒ ලමයගේ ඇගේ දාලා එක්කන් ආවා.සාමානය විදිහට ආවා ඒ වෙලාවේ නම්...ඊට පස්සේ එයාවත් ලග තියාගෙන මතුරන්න පටන් ගත්තා...

    ටික වෙලාවක් යද්දී ඒ ලමයා වෙනස් වෙන්න පටන් ගත්තා...ඔලුව වන වන ඉන්නවා කටහඩ වෙනස් වෙලා ගොරෝසු හඩකින් ගොරවනවා වගේ.ඊට පස්සේ ඇහුවා කවුද මේ ඉන්නේ කියලා උත්තරයක් නෑ.බිම බලාගෙනම ඉන්නේ.

    ආයෙත් මැතිරුවා යක්ශයන්ගේ අදිපති මහොසොන් දෙවි දැහැනෙන්...ඒ පාර නම් ටිකක් සැලැන්ඩර්...පස්සේ ඇහුවා කවුද කියලා කියනවද නැත්තම් මේ ආත්මේ පුච්චලා දාන්නද කියලා ඒ පාර කට ඇරල කියන්නම් කිව්වා...

    ඒ ඉදලා තියෙන ආත්මේ තරුන ගෑනූ ලමයෙක්...ඒයාගේ පවුලෙත් ඉදලා තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි විතරයි දවසක් ඒ ලමයා ගෙදර ඉද්දී කාමතුරයන් 2ක් ගෙන් විනාශ වෙලා ඒ ගෙදරම එයාට වැලලෙන්න වෙලා තියෙනවා ..(ටිකක් හිතපන් ඒ කෙල්ල කොච්චර නම් දුකක් විදින්න ඇත්ද බන්,මතක් වෙද්දීත් මට අදටත් කේන්තියක්,දුකක් එන්නේ)

    අභිරහසක් උන එයාගේ මරනය ටික කාලෙකින් අතීතයක් පමනක් උනා.අවසන් මොහොතේ කේන්තිය පලි ගැනීම වගේ සිතුවිලි නිසා පහත් ආත්මයක (යක්ශ) ඉපදෙනවා...අවුරුදු ගානක් ගිහින් ඒ තැන් දියුනු වෙලා ජනාකීර්න ප්‍රදේශයක දැන් ඒ ගෙදර තිබුනත් ඒ ගෑනූ ලමයා වලලපු තැන තමයි දැන් මේ අසනීප වෙලා ඉන්න ගෑනූ ලමයගේ කාමරෙත් හැදිලා තියෙන්නේ ඒ නිසයි ඒ ලමයගේ ඇගට මෙයා ඇතුල් වෙලා තියෙන්නේ පලිය ගන්න.නමුත් එයාගේ ආත්මයේ ඒ ගේ ඇතුලටම හිර වෙලා...

    පලි ගැනීමේ චේතනාව ඒ ආත්මෙන් දුරු කරන්න ඕන දෙවල් කියලා දීලා එයාගේ ආත්මය ශක්තිමත් කර ගන්න කියලා පොරොන්දු අරන් එයාව ජය ශ්‍රී මහා බෝ සමිදුට කැප කරලා එහේදී එයාව නිදහස් කරා.ඊට පස්සේ ඒ ලමයට කරදරයක් උනේ නෑ....

    ඊට පස්සේ මාස හයකට විතර පස්සේ පින් රැස් කරන් ඒ ආත්මය දෙවි ලොවක ඉපදිලා ආයෙත් දේවාලෙට ආවා...අදටත් එයාට උදේ හවස පහන් තියෙනවා කපුරු පත්තු කරනවා...අපි එයාව හදුන්වන්නේ කලු මැනිකා කියලා...

    මැරෙන මොහොතේ අපේ හිතට එන සිතුවිලි බලපානවා අපේ ඊලග ආත්මයට.පලිගැනීම්,දැඩි ආශා,ලෝබකම් වගේ දේවල් හිතේ ඇදුනොත් ඒ වගේ වෙලාවට අපේ ආත්මයට බලපානවා ඒක.සසර ගමන කෙටි කර ගන්න පින් කරමු...අපි වයසට යනකල් ඉන්න ඕන නෑ පින් කරන්න...පන්සල් ගිහින් හැම පෝයටම සිල් ගත්තට වැඩකුත් නෑ.අපිට පුලුවන් හැම වෙලාවෙම පිනක් කරන්න.නැති බැරි මනුස්සයෙක්ට කෑම ටිකක් දෙන්න...සතෙක්ට සලකන්න...ගහක් කොලක් හිටවන එක..සුලු සුලු දේවල්...අපේ රාජකාරී ජිවිතත් එක්ක කරන්න අමාරුයි තමා.ඒත් යන එන පාරෙදි උනත් ටිකක් උත්සහා කරමු...(මේක මගේ පුද්ගලික අදහසක්)

    Thushandan Rulz
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    රත්නපුර මුද්දූවම භීතියට පත් කළ කතා කරන භූ&#350

    මෙලොව ජීවත් වන කිසිවකුත් විශ්වාස නොකරන තරම් විස්‌මිත වූ සිදු වීමක්‌ බිහිසුණු විලසින් ඇස්‌ පනා පිටම අත්විඳි පුද්ගලයකුගේ ඇඟ කිලිපොළා ගිය නොමැකුණු මතකය ඇසූ මසිත කකාරවන්නට විය. හුදෙක්‌ චිත්‍රපට/ නවකතා/ ජනකතා වල පමණක්‌ අසා තිබූ හද සසල කරවන මේ භූත ආත්ම පිළිබඳ පුවත දියුණුවෙන් උපරිමයට ගිය මෙවැනි සියවසක මිනිසුන් කෙසේවත් පිළිනොගනු ඇත. නමුත් මෙය නම් සත්‍යයකි. මීට වසර කිහිපයකට ඉහත රත්නපුර මුද්දූව ප්‍රදේශයම භීතියට පත් කළ භූත ආත්මයක්‌ පිළිබඳ රාවය මා ද මීට පෙර අසා තිබුණ නමුත් ඒ පිළිබඳ වැඩිපුර තොරතුරු දැන නොසිටියෙමි. කෙසේ වෙතත් එහි ගැබ් වූ භීතිය හා ත්‍රාසය නිසාම එහි තිබූ භූත ආත්මය හා ඒ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට මා හට සිත් වන්නේ මෑතකදී ඇහැලියගොඩ ප්‍රදේශයේ සැරිසරනවා යෑයි රාවයක්‌ යන භූත ආත්මයක පුවතක්‌ කරළියට ඒමත් සම`ගය.

    මෙහි සත්‍යභාවය දැන ගැනීමට යෑයි සිතා මා එම කටයුතු වල නිරතවෙන පුද්ගලයකු හමු වීය. එම හමුවීමේදී ඔහු ඔහුගේ ජීවිතයේ ලද බිහිසුණුම අත්දැකීම මා සමඟ ප්‍රකාශ කරන්නට විය. ඒ අන් කවරක්‌වත් නොව රත්නපුර මුද්දූව ප්‍රදේශය භීතියට පත්කළ ඉහත කී භූත ආත්මයේ කතා පුවතයි.

    සෝමරත්න (අවු( 35)

    මම අවුරුදු 8 ක - 10ක පමණ කාලයක ඉඳලා තොවිල් වැඩ කරන කපු මහතකු සමඟ අත්උදව්වට යනවා. දෙහි කැපීම්, සාත්තර කීම්, මළවුන් ගෙන්වීම් වගේ වැඩ ඒ කපු මහත්තයා කරනවා.

    මම මේ කියන දේ මගෙ ජීවිතේට ඔය දැක්‌කමයි. රත්නපුරේ ගෙදරක භූත දෝසයක්‌ තියෙනව කියල ආරංචියක්‌ ආවා. ඒක අයින් කරන්න තමයි අපි ගියෙ. කපු මහත්තයයි මමයි ඔය කියන ගෙදරට එක්‌කරගෙන යන්න ත්‍රීවීල් එකක්‌ ආවා. මේ කියන කොටත් මගේ ඇඟ හිවුඩු දානවා. අපි ගියහම ඒ ගෙදර අය කිව්ව භූත ආත්මයක්‌ කතා කරනව කියලා. අපි මුලික වැඩකටයුතු ටික ආරම්භ කළා. මමත් මුලින් විශ්වාස කළේ නෑ. ඒත් මට ආසාවක්‌ තිබුණ ඔය කියන කටහ`ඩ අහන්න. ටික වෙලාවක්‌ යනකොට අපි පුළුටු බඳින්න පටන් ගත්තා. එතකොටම මහ මූසල හඩකින් "තොපි ආවෙ මාව ගෙනියන්න ද? බලමුකො" කියල කතා කළා. ඒ කටහ`ඩ හරියට ගිරවෙක්‌ කතා කරනව වගේ හඬකින් තමයි කතා කළේ. හොඳට පැහැදිලියි. හරි භයංකාරයි. මේ කියන මොහොතෙත් මගෙ හිතට බයක්‌ දැනෙනවා. ඒ ගෙදර සේරම භයවෙලා තමයි හිටියෙ. හොල්මන් අවතාර ගැන අහල තිබුණට මෙහෙම කතා කරනව කියල අහල තිබුණෙ නෑ. "අම්මේ බඩගිනී" කියල කෑ ගැහුවා. බලාන හිටපු ගොඩාක්‌ අය තුෂ්නීම්භූත වෙලා තමයි හිටියෙ. මේ වැඩේ තිබුණ බැරෑරුම්කම නිසාම පොලිසියටත් දන්වල තමයි වැඩේ ආරම්භ කළේ. කොහොම හරි ඒ ගෙදර අයව අපි ඒ කරදරයෙන් බේරගත්ත. ඒත් ඒ ආත්මෙ හ`ඩ තාම කනේ රැව් දෙනවා.

    මේ කියපු ඇඟ සීතල වන කතා පුවත හරියටම දැනගන්න හිතාගෙන සිද්ධියට මුහුණ දීපු ගෙදරට අපි ගියා. රත්නපුර නගර මධ්‍යයේ පිහිටි මෝඩ පාලම නමින් ප්‍රචලිත පාලම මතින් ගොස්‌ මුද්දූව ක්‍රීඩාංගණය අසලින් වමට හැරී ටික දුරක්‌ ගිය පසු බතලවත්ත නම් ගම හමුවෙයි. පෙර කී සිද්ධියට මුහුණ පෑ නිවස පිහිටියේ ද බතලවත්ත ගමේය. රත්නපුර නගරයේ සිට ඔය කියන ගමට කිලෝ මීටර් දෙකහමාරක්‌ වගේ දුරක්‌ තමයි තියෙන්නේ. වැහි බර කාලගුණයක්‌ වූ එදින අප එම නිවසට ගොඩවන විට එම නිවසේ දියණියන් දෙදෙනකු හා මවක සිටියාය. පෙර කී සිදුවීම පිළිබඳව අප කළ විමසීමේදී ඔවුන් මුලින් එම අමිහිරි මතකය අවදි කිරීමටවත් අකමැති විය. නමුත් කරුණු කාරණා පිළිබඳව පූර්ව දැනුමක්‌ ඇතිව ගිය නිසාදෝ ඔවුන් සිත් තුළ වළදමා තිබූ ගුප්ත මතකයන් අප ඉදිරියේ කියා පාන ලදී.

    මම ශිරෝමි ප්‍රියදර්ශනී (අවු 32)

    මේ ලෝකෙ ඉන්න කිසිම මනුෂ්‍යයෙක්‌ අත් නොවිඳපු බිහිසුණු සිදුවීමක්‌ තමයි අපේ ගෙදරට උනේ. අපි කතා පොත්වලින් කියවල තිබුණට මේ වගේ දේවල් ඇත්තටම තියෙනව කියල දැනගත්තෙ මේ ලබපු අත්දැකීමත් එක්‌ක. සදාතනිකවම වළදාන්න උත්සාහ කළත් මේ මතකය නම් කවදාවත් සිත් තුළින් මැකෙන්නේ නැහැ. දැන් මතක්‌ වෙනකොටත් ඇඟ කිළිපොලා යනව. ඔය කියන දවස උදාවුණේ මීට අවුරුදු 4කට කලින්. ඒ දවසත් මේ වගේම හොඳටම වැස්‌ස දවසක්‌ ගොරව ගොරව වහිනවා. දවසම වැහැල පායනකොට රෑ හතහමාරට විතර ඇති. අපි එවලෙ තමයි රෑට උයන්න ගත්තෙ. උයල ඉවර වෙනකොට රෑ නවයට විතර ඇති. අපි කෑම කාල නිදාගන්න හැදුව විතරයි වහලෙට ගලක්‌ වැටෙන සද්දයක්‌ ආව. මම හිතුවෙ පොල් ඇට්‌ටියක්‌ වැටුණ කියල. ඒත් තව විනාඩි දහයකින් විතර ආපහු ගලක්‌ වැටුණ. අපි එළියට බැහැල බැලුව. අහල පහල කවුරුත් පේන්න හිටියෙ නෑ. මේ වෙන දේ හිතාගන්න බැරි වුණත් වුණේ මොකක්‌ද කියල හිතට මොකක්‌දෝ අමුත්තක්‌ දැනුණ. පහුවදා උදේම නැගිටල වහලෙ දිහා බැලුවට කිසිම හෝඩුවාවක්‌ තිබුණෙ නෑ. ඕක තමයි ආරම්භකම සිදුවීම. අපි ව්‍යාපාරයක්‌ කළා. රත්නපුර මහ රෝහල ඉදිරිපිට ලොකු කඩයක්‌. දෛනිකව සිද්ධවෙන ක්‍රියාවලියක්‌ හැටියට අපි කඩේට යනව එනකොට රෑ වෙනව. ඔය ගල් වැටුණ දවසට දවස්‌ තුනකට පස්‌සෙ හරියටම රෑ දහයට විතර ආයෙත් ගලක්‌ ගහන්න ගත්ත. මේ වැඩේ කවුරුහරි කරන දෙයක්‌ කියල අපි හිතුවෙ. ඊට පස්‌සෙ සැරින් සැරේ ගල් වහලෙට වැටෙන්න ගත්ත. අපේ අයියල කට්‌ටියක්‌ එකතුවෙලා ගේ වටේ තිබුණ ගස්‌ උඩ නැ`ගල. මේ වැඩේ කරන කෙනා අල්ල ගන්න උත්සහ කළා. පාන්දර දෙක තුන වෙනකල් ගස්‌ උඩ ඉඳන් රකිනවා. නිදිමත වෙලා ගස්‌ වලින් බැහැල ගේ ඇතුළට ආව විතරයි ආයෙත් ගල් ගහනවා. මේක අපිව ගෙදරින් එළවන්න හිතාගෙන කවුරුහරි කරන දෙයක්‌ කියල තමයි මුලින් අපි හිතුවෙ. අපි රත්නපුර පොලිසියෙ මේ ගැන පැමිණිල්ලකුත් කළා. පොලිසියෙන් ද මේ ගැන පරීක්‍ෂණයක්‌ පවත්වල තිබුණ. ඒත් මේක කරන කෙනා ගැන හෝඩුවාවක්‌ ලැබුණෙ නෑ. එන්න එන්නම ගල් ගහන එක වැඩි වුණා. අපි මානසිකව ගොඩක්‌ වැටිල හිටියෙ. ඒත් මේක භූත දෝසයක්‌ කියල නම් නිකමටවත් හිතුණෙ නෑ. කොහොමහරි මේක කරන්නෙ කවුද කියල බලන්න අපි සාස්‌තරයක්‌ අහන්න ගියා. එතනදි තමයි කියවුණේ මේක අමනුෂ්‍යය දෝසයක්‌ කියල. මැරිච්ච කෙනෙක්‌ගේ වටේ සැරිසරන ගමන් මේ වැඩේ කරනව කියල තමයි කිව්වෙ.

    සාස්‌තරේ අහල ගෙදරට ආව විතරයි. හරියට වෙලාව හවස හතරට විතර ඇති "උඹල මාව එලවන්නද හදන්නෙ" කියල කෑගැහුව. අපි සේරම කෑ ගහගෙන එළියට පැන්න. එදා තමයි පළවෙනි පාරටම ඔය අමනුෂ්‍ය කතා කරන්න ගත්තෙ. ඒක මහ මූසල හ`ඩක්‌. කෙනෙකුගේ හඬක්‌ කියල කියන්න බැරි වුණාට හොඳට පැහැදිලිව කතා කරනවා. හරියට ගිරවෙක්‌ගෙ හඬක්‌ වගේ. එදා දවසෙ අපි කෑම කෑවෙත් නෑ. නිදා ගත්තෙ නැතත් අපි මුළු පවුලම එකම කාමරේක එක ඇඳක්‌ උඩට වෙලා තමයි එළිවෙනකම් හිටියෙ. අපේ පවුලෙ හත් දෙනෙක්‌ හිටිය. අම්මයි, තාත්තයි, ගැහැණු සහෝදරයො හතරයි, අයියයි. අයිය මීට අවුරුදු 5කට විතර කලින් වස බීල මැරුණ. අපි හයදෙනා තමයි ගෙදර හිටියෙ.

    අපේ ගේ මිදුලෙම අපි අයියට හදපු තවත් ගෙයක්‌ තිබුණ. ඒ ගේ කුලියට දීල තමයි තිබුණෙ. ඒ ගෙදර ජෝඩුවක්‌ නතර වෙලා හිටිය. ගැහැණු කෙනා ගෙදර හිටියෙ. එයාගෙ මනුස්‌සය හමුදාවෙ වැඩ කළේ. මාසෙකට සැරයක්‌ විතර තමයි ගෙදර එන්නෙ. ඒ අද්භූත කටහ`ඩ නිතර නිතරම ඇහෙන්න ගත්ත. භූත ආත්මයක හැසිරීමක්‌ කියල දැනගත්ත දවසෙ ඉඳල අපි ගොඩක්‌ බයෙන් තමයි හිටියෙ. සමහර වෙලාවට අපි ගේ අතෑරල යන්නත් තීරණය කළා. කට්‌ටඩි මහත්තුරු ගොඩාක්‌ ගාවට ගියා. තොවිල් පවිල් කීයක්‌ නම් කළාද කිසි එකකින් වැඩක්‌ වුණේ නෑ. මේ භූත කරදරේ එන්න එන්නම වැඩි වුණා. ලක්‍ෂ ගාණක්‌ තොවිල් වලට වියදම් කරන්න ඇති. ඒත් කරදරේ නම් අඩු වුණේ නෑ. වෙලාවකට අපිට හිතුණ අපේ මිය ගිය අයියවත් ඇවිල්ලද කියල. ඒකට හේතුව අපි අයියට හදපු ගෙදරින් තමයි සද්දේ වැඩිපුර ආවෙ. ඒ ගෙදර හිටපු ගෑණු කෙනා තනියම තමයි ගොඩක්‌ වෙලාවට හිටියෙ. ඒත් මේ සිදුවීම වුණ දවසෙ ඉඳල ඒ ගැහැණු කෙනත් අපි තනිකළේ නෑ. අපි ළඟම තියා ගත්ත. එක දවසක්‌ අපි මිදුලෙ වාඩිවෙලා හිටිය. හරියටම ඒ ගැහැණු කෙනාත් මැද හිටියෙ. අපි කතා කර කර හිටියෙත් මේ වෙන දේ ගැන. අපි හුස්‌ම ගත්තෙත් බයෙන් නිසා හැම මොහොතකම හිතුවෙත් කතා කළෙත් ඔය දේ ගැනමයි. එදා හරියට උදේ නවයට විතර තමයි මිදුලෙ කතා කර කර හිටියෙ. එක පාරටම අර ගෑණු කෙනාගෙ ඔළුවට කෙළ ගුලියක්‌ වැටුණා. අපි ගහක්‌ යටවත් නෙමෙයි හිටියෙ. සතෙක්‌වත් උඩින් ඉගිලුණේ නැහැ. හරියටම කිව්වොත් මිනිහෙකුගෙ සෙමමයි. පොල්කට්‌ටකින් භාගයක්‌ විතර ඔළුවෙ. මේ දේවල් කිවුවට කෙනෙක්‌ විශ්වාස කරන්නෙ නෑ. අපි වුණත් එහෙමයි. ඒත් ඇස්‌ පනාපිටම මේ දේවල් වෙනව දකින කොට කොහොමද බැහැර කරන්නෙ. ඔය කියන දෙයක්‌ ආයෙ නොදකින්නට බයකින් තමයි අපි ජීවත් වුණේ. තව දවසක්‌ අපේ ඇස්‌ පනා පිටම අර බෝඩිම් ගෙදර හිටපු ඒ ගැහැණු කෙනාගෙ ඔලූව ළඟින් යන්න ලොකු ගලක්‌ වැටුණ. හරියට යග්ගුලියක්‌ විතර සයිස්‌ ගලක්‌. අනූනවයෙන් බේරුණේ. හැබැයි බිම වැටුණාම ඒ ගල හොයා ගන්න තිබුණෙ නෑ. මේ දේවල් මේ කරදර එන්න එන්නම වැඩි වුණා. දවසින් දවස ගත වුණේ මරණ බියෙන්. අපට කාගෙන්වත් පිළිසරණක්‌ තිබුණෙ නෑ. මුළු ගමම අපේ තනියට හිටියට අපි ගොඩක්‌ අසරණ වෙලා තමයි හිටියෙ. දුක්‌ මහන්සියෙන් හම්බකරපු දේවල් සේරම තොවිල්වලට තමයි වියදම් වුණේ.

    තව දවසක අපි ඉන්න තැන මැද්දට පණුවො පිරුණු පොල්කට්‌ටක්‌ වැටුණ කුණුම කුණු ගඳයි. මේ දේවල් කොහෙන් ගෙනත් දානවද කියල හිතාගන්න බෑ. ඇස්‌ පණහක්‌ හැටක්‌ බලා ඉද්දි ඒ මැද්දට මනුස්‌සයකුට නම් හොරෙන් මේ දේවල් කරන්න බෑ. භූතයෙකුටම ඇරෙන්න. ඔහොම මාස හයක්‌ විතර අපි ජීවත් වුණා. ටික දවසක්‌ යනකොට තමයි දැනගත්තෙ අර අපේ බෝඩිමේ හිටපු ගෑණු කෙනාගෙ ඇඟට වැහුණු භූත ආත්මයක්‌ තමයි මේ දේවල් කරල තියෙන්නෙ. ඒ ගෑණු කෙනාට දවසක්‌ දැනිල තියෙනව රෑ එයා නිදාගෙන ඉන්නකොට එයාගෙ ඇඳට ඔය කියන ආත්මය එනව වගේ. පහුවදා ඒ ගෑණු කෙනාට ඊකැed වෙලා තියෙනවා. පස්‌සෙ තමයි දැනගත්තෙ එයාට බබෙක්‌ හම්බවෙන්ඩ ඉඳල තියෙන්නෙ කියල. ඔය දේවල් ඔහොම වෙනකොට අපි ඒ ගෑණු කෙනාට කිව්ව ගෙදරින් යන්න කියල. ඒ අපිට මේක විශාල ගැටලුවක්‌ නිසා. අන්තිමේදී ඒ අය බඩු අස්‌ කරනකොට අර ආත්මය කෑගහල. අපිට බණින්න ගත්ත. "මේකිව මේ ගෙදරින් යවන්න එපා" කියලා. හැබෑ මිනිහෙක්‌ වගේ අපිත් එක්‌ක එකට එක බැණ ගත්තා. හ`ඩ එන්නෙ අහසෙන් හරියට නිශ්චිත තැනක්‌ නෑ. එක්‌කො ගේ ඇතුළෙන් එක්‌කො ගහක්‌ උඩින්. මේ දැන් ගේ ඇතුළෙන් කතා කළොත් තව ටිකකින් ගහක්‌ උඩින් කතා කරන හ`ඩ එනව. එක දවසක්‌ ටොයිලට්‌ එකේ ඉන්නකොට ඒ වළ ඇතුළෙනුත් කතා කළා.

    කොහොමහරි ඒ අය බඩුමුට්‌ටුත් අරන් ගෙදරින් ගියා. ඒ යන්න කළින් දවසක්‌ ඒ ගෑණු කෙනත් අරගෙන අපි වෑන් එකක කට්‌ටියම දේවාලෙකට ගියා. ඒ යනකොට අතරම`ග තැනක නවත්තල කෑම ගත්ත. ඒ කෑම ගන්නකොටත් ඒ ආත්ම හ`ඩ කතා කළා. ඒ හ`ඩ එදා ඒ වෑන් එක එළවපු ඩ්‍රයිවර් මහත්තයත් අහගෙන. මෙයාල ගෙදරින් යවපුවහමත් අපට ගොඩක්‌ කරදර කළා. එයාල ගෙදරින් යෑව්ව කියල. ඒකයි අපි දැනගත්තෙ මේ භූත ආත්මය ඒ ගෑණු කෙනා වටා සැරිසරන ආත්මයක්‌ කියල.

    ඔය ඉන්න අතරෙ තමයි අපට මේ වෙදමහත්තය හමු වුණේ. අපි දන්න කෙනෙක්‌ හරහා එතුම තමයි තොවිලයක්‌ කරල අපිව බේරගත්තෙ. බෙරකරුවෙක්‌ ගෙනල්ල බෙර ගහල ලොකු තොවිලයක්‌ කරල තමයි ඒ භූත ආත්මය එළවල දැම්මෙ. එදා ඒ කපු මහත්තය ඉන්න වෙලෙත් ඒ භූතය කෑ ගහුව. "මම අරන් යන්නද තොපි ආවෙ" කියල ඇහුව. "තොපේ එකෙක්‌ව මම ගෙනියනව" කියලත් කිව්ව. කොහොමහරි එදා තොවිලෙ කළේ පොලිසියෙ පැමිණිල්ලකුත් දාල. මට මතකයි එදා අන්තිමට ඒ ආත්ම හ`ඩ කතා කරල කිව්වෙ "අම්මෙ මට බඩගිනි" කියලා. ඊට පස්‌සේ ඒ කපු මහත්තයා ගොට්‌ටක්‌ ගහලා කෑම දුන්නා. ඔය විදිහට තමයි ඒ භූත කරදරය අපේ ගෙදරින් අයින් කරල ඒ අමනුෂ්‍ය කරදරෙන් අපි බේරුණේ. මම තාමත් ගරු කරනවා ඒ කපු මහත්තයට. අපිව බේරගත්තට. මේ මිහිපිට ඉන්න කිසිම මිනිහෙකුට ඒවගේ අමනුෂ්‍ය බලවේගවල ග්‍රහණයට/ කරදරයට යටවෙලා දුක්‌ විඳින්න නොලැබේවා කියා තමා අපේ ප්‍රාර්ථනාව.

    ඒ ආකාරයෙන් මෙලොව මිනිසකු දුටු භයංකාරම අත්දැකීමකට මුහුණ දුන් පවුලක බිහිසුණු මතකය අප හමුවේ ප්‍රකාශ කළ ඇය ඒ මතකය නැවත ඉස්‌මතු නොවෙන ලෙස වළ දැමීමට උත්සහ කෙරෙනු ඇත. මේ භූතයා නිවසින් පිටකළ ඒ වික්‍රමාන්විත මෙහෙය සිදු කළ විස්‌මකර්ම කපු මහතා සොයා අපි පියනැ`ගුවේ මෙහි තිබූ භයංකාරකම හා ඒ අහිංසක මිනිසුන් විඳි දුකට පිහිට වූ වීරයාගේ තොරතුරු දැනගැනීම පිණිසය. තරමක්‌ දුෂ්කර උත්සාහයක ප්‍රතිඵලයක්‌ ලෙස අපිට ඉහතකී කපු මහතා මුණ ගැසුණි. ඔහු නමින් වෛද්‍යරත්න ආරච්චිලාගේ සමන් වෛද්‍යරත්න ය.

    වෛද්‍යරත්න මහතා (අවු 41)

    ඔය කියන සිදු වීම මීට ටික කාලෙකට කලින් තමයි වුණේ. එතනදි ගැටලුකාරී තැන් කිහිපයක්‌ තිබුණා. ඒ වුණත් අපි සූක්‍ෂමව ඒ ගෙදරින් අපි ඒ භූතයව අයින් කරල දැම්ම. සමහරුන් විශ්වාස නොකළත් අමනුෂ්‍ය බලවේග/භූත ආත්ම/ දිෂ්ටි වැනි අදෘෂ්‍යමාන බලවේග මේ ලෝකෙ ඕනතරම් තියෙනව. ඈත අතීතයේ සිටම මේ දක්‌වා සත්ත්වයන් ඇතිවී නැතිවී සංසාර ගමන එනවා. අපේ ආගම අනුව වුණත් අපි විශ්වාස කරනවා කෙනෙකු මැරුණයින් පස්‌සේ නැවත උප්පත්තියක්‌ හටගන්නව කියන එක. ඒ උපත හටගන්න අතර කාලය තමයි ගන්ධබ්බ අවධිය කියල කියන්නෙ. ඒ අවධියේදී තමයි ඔය කියන ආත්ම දිෂ්ටි හඬවල් වගේ ඇසෙන කාලය. කෙනෙක්‌ කියන්න පුළුවන් හ`ඩක්‌ න`ගන්න නම් හඬ ස්‌වර පිහිටවන ස්‌වරාලයක්‌ වගේ අංගයක්‌ ඕනි කියල. නෑ. ආත්මීය හඬවල් ඇසුන තැන් ඕනතරම් තියෙනව. අතීත ශාස්‌තෘන්වහන්aසේලා දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මයේ හඬ මෑත විද්‍යාවෙන් දියුණු ලෝකයේ විද්‍යාඥයන් විසින් වාතලයෙන් සොයා ගැනීමට හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. විදුලි කොටන දසුන් ගොරවන හඬවල් වගේ ශබ්ද හටගන්නේත් ඒවගේ තමා. මේ ආත්මීය හඬවලුත් හිටපු ගමන් මතුවිය හැකියි.

    පසුව සිදු කළ සොයා බැලීමේදී දැනුදු පෙර කී භූත ආත්මය නිවසින් පිටව ගියද නිවසේ රැඳවියකව සිටි ගැහැණියකගේ දැනුදු පසු පස ඇදෙන බවට දැනගන්නට ලැබිණ.


    අනුර ජයසේන
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මාතර පළාතේ උපන් සිරිපාල ගුරුන්නාන්සේ පුත්තලම පළාතට ආවේ හූණියම කපන්න.හැබැයි ඒ ආපු ගමනින් පස්සේ සිරිපාල ගුරුන්නාන්සේට පුත්තලම පළාතෙම නවතින්න සිද්ධවුණා.එහෙම වුණේ හදි හුනියමක් හින්දා නොවෙයි.බොහොම හැඩකාර ලැයිසාහාමිනේ ඇස් බැල්මට වසගවේලා.මුලින් මුලින් ඇස්වලින් බැලුවා.පස්සේ කාතා බහා කොළා.ඉන්පස්සේ මගුල් කටයුතු සිද්ධවුනා.අන්තිමෙදි බින්න බැස්සා.

    යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වල ගුරුන්නාන්සේ සැබැම දක්ෂයා.වැඩක් කළොත් කිරිගහට ඇන්නා වගේ තමයි වරු තුනයි,අත්දුටුවයි, සත්‍තයි.ඒ පළාතටම හිටිය හැඩකාරි ලැයිසාහාමි.මේ ගමෙත් හිටියා ඔය හදහන් බලන,ගුරුකම් කරන කට්ටඩිරාළ කෙනෙක්.මේ කට්ටඩි මහත්තයාත් ලැයිසා ගැන බලාපොරොත්තුවක් හිතේ තබාගෙන හිටියේ.වශී ගුරුකමක් කරලා ලැයිසව සම්බන්ධ කරගන්න හිතුවත්,ඒක පස්සට කරදරයක් වෙන බව එයා දන්නවා.මොකද වශීයක් කැව්වම ළය විරේකයක් කරන්න ඕනෑ.ඒ නිසා තමයි ඔය කටයුත්ත ප්‍රමාද වෙවි තිබුණේ.ඔය අල්ල පනල්ලේ තමයි සිරිපාල ගුරුන්නාන්සේ ගමට ආවේ.මේ මගල් තුලාවෙන් පස්සේ කට්ටඩිරාළ,ගුරුන්නාන්සේට වෛර බැන්දා.යන්ත්‍ර මන්ත්‍ර කරන අය තමන්ගේ ආරක්ෂාවට බොහොම බලගතු දේවල් කරාගෙන තමයි ඉන්නේ.කට්ටඩිරාළ දවසක්දා ගුරුකමකට ගිහින් කැලෑ පාරකින් එද්දි අපූරු කටුස්සෙක් දැක්කා.ඒ කටුස්සා හැම තැනකම දකින්න බැහැ.

    'ෂහ්... බොදිලිමෙක් නේද ? ඔන්න පුතේ මගේ වාරේ.මං උඹට අඹරන්නම්'

    කට්ටඩිරාළ එහෙම හිතලා.බුලත්විට කන හුණු ඩිංගක් අරන් මතුරලා,ඒ හුනු කරේ තිබුනු ලේන්සුවට ගාලා මතුර මතුරම බොදිලිමාගේ ඇගට ලේන්සුව දැම්මා.ඒ සතා මැරිලා රෙදිකඩ ඔතාගෙන ගෙදරට ගෙනාව බෝදිලිමාගේ මළකුන ටින් එකකට දමලා ගිණි අගුරු ගොඩක් මැද්දේ තිබිලා යතිකා කර කර කට්ටඩිරාළ මුලු රැයම පහන් කළා.ඊට පහුවදා උදෑසනින්ම මේ බෝදිලිමාගේ පිල්ලිය ගුරුන්නාන්සේගේ ගෙදරට් එව්වා.

    සිරිපාල ගුරුන්නාන්සේ බුලත් විටකට අඩුවැඩිය හද හද එළියට බහිනකොටම බෝදිලිමා දඩුවැටෙන් පැන්නා.සතාව දැක්ක හැටියෙම ඒක පිල්ලියක් කියලා හදුනගත්ත ගුරුන්නාන්සේ ගෙට දිව්වා.ගේ ආරක්ෂා කරලා තියෙන්නේ.ඒත් පඩිය ළගදි පය පැකිලිලා බිම වැටුනා.වැලි අහුරක් ගත්තු ගුරුන්නාන්සේ මන්ත්‍රයක් කියලා වැලි අහුර විසි කළා බොදිලිමා දිහාට.ඉන්පස්සේ වැලි මතුරලා ඉඩම වටෙටම ඉහළ ආරක්ෂා කළා.

    'මං දන්නවා මේක කළේ කවුද කියලා.මං උඹව යහතින් තියෙන්නේ නැහැ'

    සිරිපාල ගුරුන්නාන්සේ හිතා ගත්තා.එහෙම ඉද්දි තමයි පාචනේට ගමේ ළමයි කිහිපදෙනෙක්ම මැරුණේ.මේ මැරුණු ළමයි අතර තුන්කුලුදුල් දරුවෙක් හිටියා.තාත්තත් පවුලේ පළවෙනියා,අම්මත් පවුලේ පළවෙනියා.ඔවුන්ට හිටිය එකම දරුවා ඒ.මේ සිද්ධිය කන වැකුන ගමන්ම මාතර ගියා.ඒ ආවතේව කරුවෙක් එක්කරගෙන එන්න.විශ්වාසවන්තයෙක් ඕනෑ මේ වැඩ කටයුතු කරද්දි.

    පහුවෙනිදා හැන්දෑවේ මිනිය වල දමනකොට,ගුරුන්නාන්සේ ආවතේවකාරයත් එක්ක ගමට ආවා.හවස් වෙනකොට ගුරුන්නාන්සේ තමන්ට අවශ්‍ය සියලුම අඩුම කුඩුම ලෑස්ති කරගත්තා. මේ අවතේවකරවා ගුරුන්නාසෙත් එක්ක වැඩ කටයුතු කිහිපයක් කරලා තියෙනවා.

    'මොකක්ද අද තියෙන්නේ හූනියමක්ද ? බන්දනයක්ද ?ගුරුන්නාන්සේ'

    'ඒ දෙකටම වෙනස් එකක් බන්.අපි සොහොන් පිටිවල දපනේ දාලා තියෙන්නේ.මේකත් සොහොනෙම තමා කෙරෙන්නේ.ඒත් තරමක් භයානකයි.තේරුණාද?'

    'තේරෙනවා ගුරුන්නාන්සේ,අපි මෙතනේදි යක්ෂයොත් එක්ක තමයි ගණුදෙනුව කරන්නේ.එයාට හරියට සැලකුවානං,අපිට කරදරයක් නැහැ.හැබැයි වැරදුණොත් පුතේ ආයේ ගෙදර එනවා බොරු'

    'කරන්න ඕනදේ කියන්න ගුරුන්නාන්සේ මං හරියටම කරන්නං'

    ආවතේවකරු පොරොන්දු වුණා

    සියලුම දෑ සූදානම් කර ගත් ගුරුන්නාන්සේ සහ ආවතේවකරුවා උදැල්ලක්,අලවංගුවකුත් රැගෙන රාත්‍රී 10ට පමණ සොහොන් බිමට ඇතුල් වුණා.

    සවස වල දැමු මිනිය ඇති තැනට ගිය දෙදෙනා පළමුවෙන් මිනිය හාරන්න ගත්තා.පැයක පමණ කාලයක් ගතවෙද්දි මිනී පෙට්ටිය හමුවුණා.මිනී පෙට්ටිය මත වාඩීවු ගුරුන්නාන්සේ වල තුළ පහනක් දල්වා ගත්තා.

    'ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නේ.හොදට මතකනේ කරන්න ඕනේ දේ.ආයෙමත් මන් කියන්නම්.මේ තියෙන්නේ බන්ධන තටු තුන.එකක තියෙනවා ඉදුණු පළතුරු.අනෙක මේ බිත්තරයක්,මේ තියෙන්නේ කිතුල් බඩයක්.මන් වල ඇතුලේ මතුරන කොට වඳුරු පිල්ලියක් එයි කෑගහගෙන එතකොට උඹ මේ පලතුරු ඒ දිහාවට විසි කරන්න ඕනේ.හරියටම එන පාරේ.ඊලගට ටිකකින් නයෙක් එයි.පෙනේ පුප්ප ගෙන පිඹ පිඹ එයි.බයවෙන්න එපා මේ ගම් බිත්තරය හෙමිහිට ළඟට තල්ලු කරපාන්. බිදෙන්නේ නැතිව එන පාරේ දමන්න ඕනේ.එහෙම ඉන්න කොට අලියෙක් එයි .කිසි දෙයකට බය වෙන්න එපා කුංචනාද කරගෙන එනකොට කිතුල් බඩ‍ය ඉස්සරහට දාපන්.පිල්ලී තුනම පොඩි ලමයි වගේ ආපහු යනවා.ඉන්පස්සේ මේ පැන් කොතලේ ළග තියාගෙන,මම පෙට්ටියේ දපනකොට පැන් කලේ මගේ ඇගට හලාපන්.එච්චරයි තේරුණා නේද ? හොදයි එහෙනම් පටන් ගම්මු. '

    'ගුරුන්නාසේ ඔය සත්තු මාව හපයිද දන්නේ නැහැ '

    'නෑ... නෑ... එහෙම හපන්න එන්නේ නැහැ.මොකද මං මේවා ඉගෙන ගන්න හදනවා නෙමෙයි.පරම් පරාවෙන් පැවතෙන ශාස්ත්‍ර.මං මේ මිණී වල වටේ ආරක්ෂා කරලා තියෙන්නේ.හොඳට මතක තියාගනින් මේ එන්නේ මහසෝනා.මහසෝනාට පුළුවන් එක එක වේශ මවා ගන්න.ඒ හින්ද කල්පනාවෙන්,ඇස් දෙක පියාගන්නවා එහෙම නොවෙයි.

    'ගුරුන්නාන්සෙ බය වෙන්න එපා'

    අවතේව කරුවා කිව්වා.දැන් සියල්ල සූදානම් කට්ටඩියා කුඩා දරුවාගේ මිනිය සහිත පෙට්ටි ඔසවා එය ඉවත දැමූ පස් ගොඩ මත තබා ගුරුන්නාන්සේ මිනී වලේ උඩුබැල්ලෙන් නිදාගෙන මන්ත්‍ර ජප කරන්නට ගත්තෙය.

    මේ මන්තර ජප කොට අවසානයේ දී මියගිය ළමයට පණ පිහිටුවා හැකිය.තුන් කුලුදුල් පිල්ලිය බොහෝ බලගතුය. අඬ සඳ අහසේ පායා ඇත.ළා සද එළියට සොහොන් පලේ ගසක් වැලක් පවා අවතාර ලෙස දිස්වේ.උලමෙක් කෑ ගසන මූසල හඩ ඇගේ හිරිගඩු නංවයි.ආවතේවකරුවා දෑත් පිස දමා පුවක් කෑල්ලක් කටට දමා ගත්තේය.ගුරුන්නාන්සේගේ මන්ත්‍ර ජප කිරීමේ හඩ වේගවත්ය.කුඩා දරුවාගෙ මිණියෙන් කුණු ගදක් වහනයවේ ඔහු මිනිය දෙසට හැරි බැලුවේය.ඔහු එක්වරම තිගැස්සුණේය.මින් පෙර සොහොන්පිටිවලටගියද මෙවන් අත්දැකීම් ලැබුවේ නැත.ළමයාගේ මුව විවරවී දිව සෙමෙන් සෙමෙන් එළියට එන්නට ගත්තේය.එය බෙල්ල තෙක් වැටී තිබුණි.පියවුණු ඇස් ඇරී තිබේ.ආවතේව කරුවා පිදවිලි තුන අතට ගත්තේය.

    බල්ලෙකු උඩු බුරන්නට ගත්තේය.ඒ සමගම නරීන් හූ කියන හඩ ඇසිනි.කිසිදිනක නොදැනුණු බියක් ආවතේවකරුවාට දැනෙන්නට විය.ඒ සමගම වන රොදෙන් සර සර ශබ්දයක් නැගුණේය.කලු පැහැති විශාල වදුරෙකු ගස් අතරින් මතුව සොහොන දෙසට දිව එයි.ආවතේවකරුවා තමා අතවූ පලතුරු බන්දන තටුව වදුරා එන දෙසට විසික් කලේය.වදුරා එය දෑතින්ම ගෙන විකාර ශබ්ද නගමින් කැලෑ රොදට ඇතුල් විය.
    තවත් අඩහෝරාවක් පමණ ගත් වෙද්දී වනරොද තුලින් නාගයෙකු පිඹින හඩ ඇසුනේය.සද එලියට විශාල නාගයෙකු පෙනය කරමින් සොහොන්කන්ද දෙසට ඇදෙනු පෙනේ.ආවතේවකරුවා මදක් ඉදිරියට ගොස් බිත්තරය තටුව මත තැබුවේය.බිත්තරය ලගට පැමිණි නාගයා පෙනය පුප්පා බිමට ගසමින් දගලමින් සිට බිත්තරය රැගෙන ගියේ ය.ඒ සමගම විශාල වව්ලෙක් සොහොන්කන්ද අසලින්ම පියාඹා ගියේ ය.තටු ගසන විට දැනුනු සීතලත් සමගම ආවතේවකරුවා නැවත මිනීපෙට්ටිය දෙස බැලුවේය.මිනියෙහි මුහුන වෙනස් වී ඇත.එය මොහොතින් මොහොත විරූපී වෙමින් තිබුනේය.කිරි කැටි දත් සගල අපිළිවෙලකට සෑම තැනින්ම ඉදිරියට නෙරා විත් තිබුනේය.ඒ මැදින් දිව බෙල්ලෙනුත් පහලට වැටී තිබුනේය.ඇස් ගෙඩි දෙක රත් පැහැයෙන් ගිනිගෙන දැවුනාක් මෙන් පෙනේ.

    ගුරුන්නාන්සේ තව තව හයියෙන් මතුරන්නට ගත්තේය.ඒ සමගම පහනට දුම්මල කුඩු ගහන්නට විය.ඒ දුම්මල පහනට වැදුණු විට ගිනි ජාලාවක් නැගුනේය.දැන් දැන් වටපිටාවෙන් එන ශබ්ද කෙළවරක් නැත.
    'ඔක්ක්කොම හරි නේද?'
    ගුරුන්නාන්සේ, ආවතේවකරුවා අවදියෙන් දැයි පරික්ෂා කළේය.

    'හැමදෙයක්ම හරි ගුරුන්නාන්සේ,බන්දන තටු දෙකක් දීලා අහවරයි.'

    'හොදයි දැන් තව ඩිංගකින් ඔය සද එලිය වැහෙනවා.එතකොට තමයි හස්තියා එන්නේ.මතකයිනේ තුන්වෙනි බන්ධන තටුවව දෙන්න ඕනෑ'

    'හැම එකක් හරියටම සිද්ධවෙයි ගුරුන්නාන්සේ '

    ආවතේවකරුවා කීවේය.එහෙත් ඒ වනවිටත් ඔහුගේ සියොළඟම දාඩියෙන් තෙත්ව තිබුණේය.දෙපා ගැහෙමින් තිබුණේය.

    ගුරුන්නාන්සේ කිව් ලෙස පැමිණෙන්නේ මහසෝනාය.එහෙමත් නැත්තම් මහසෝනා යක්ෂයාය.මහසෝනාට අසුවුණොත් කිසිදු ගැලවීමක් නැත.උලමා යළිත් හඬන්නට ගත්තේය.සොහොන් පිටියට නුදුරින් නරි රංචු ව එක දිගට හු කියයි .නරියන් හූ තැබීම අනතුරුදායකය. ඒ මරණයක් පිළිබඳ ඉඟියකි.කෑරලකු හිස අසලින්ම පියාඹාගෙන ගියේය.

    කළු වලාවක් පැමිණ සඳ වසා ගත්තේය. ගුරුන්නාන්සේ මහ හඩින් මන්ත්‍ර ජප කරන්නට ගත්තේය.අසල ළදු වනරෝදෙන් සරසර හඬ නැගුණේ ය.වනරොද බිද දමමින් හස්තියකු මතුවිය. ආවතේවකරුවා බන්ධන තටුවත් ‍රැඟෙන සිට ගත්තේය.එහෙත් හස්තියා එන පෙරමගට යා නොහැකිය.ඔහු බන්ධන තටුව බිම දමා හූ තබමින් දුවන්නට ගත්තේය.

    යටිගිරියෙන් හූ තබමින් දිව ගිය ආවතේවකරුවාට ගුරුන්නාන්සේගේ නිවස සොයා ගැනීමට නොහැකි විය.ඔහු අතරමංව හැම අතටම දුවමින් හූ තබන්නට ගත්තේය.ඒ හඩට ගමම අවදි විය.

    'මොකෙක්ද ඒ හූ කියන්නේ.හරියට මහ රෑ මහසෝනා වගේ'

    ගැමියකු කීවේය. ගිණිහුල් දැල්වූණි. විදුලි පන්දම් එළිය වුණි. ගම්මුන් පාරට බැස්සෝය. ඔහුන්ට හූ තබමින් දුවන මිනිසා අල්ල ගන්නට හැකිවිය. ඔහු කවුරුන්දැයි කිසිවෙක් දැන නොසිටියෝය.පන්සලට ගෙන ගොස් ඔහු සන්සුන් කළ පසුව ඔහු සියල්ල හෙළි කළේය. හාමුදුරුවන්ද් සමඟ ගම්මුන් සොහොන් පිටියට පැමිණියෝය.

    වල හාරා ගොඩට ගත් මිනිය දුටු ගැමියන් බියෙන් තැතිගෙන වෙව්ලන්නට විය.

    'පෙට්ටියේ වහලා දමන්න. කවුරුත් ඈතට වෙන්න.දැන් වලට බැහැලා ඔය ගුරුන්නාන්සේ ගොඩට ගන්න.'

    හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි ගුරුන්නාන්සේ ගොඩට ගත්තාද, ඒ වනවිටත් සිරිපාල ගුරුන්නාන්සේගේ හිස කඩා වැටෙමින් තිබිණි .

    ළමයාගේ මිනිය යළි වලදැමිණී.

    'යක්ෂයොත් එක්ක යාළු මිත්‍ර ‍සබඳකම් පවත්වන එක හොඳ දෙයක් නෙවෙයි.දෙවි දේවතාවෝ වගේ යහපත් උදවිය නොවෙයි යක්ෂයෝ. එයාලව ඇසුරු කරනවා නම් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනෑ. ගුරුන්නාන්සේ මේ කරන්නට ගිය වැඩෙ මොනතරම් නරකද ?මෙයා පිල්ලියක් යවන්නයි උත්සහ කරලා තියෙන්නේ.සේතන් උන්නැහේ දෙන්න ඔය පිරිත් පැන් ටික'

    හාමුදුරුවෝ පිරිත්පැන් මිනවලට ඉස දැම්මේ ය. ගුරුන්නාන්සේගේ මල කද නිවසට ගෙන ගියෝය.

    Sandaru Nimsara​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මාත් උබලා වගේම මුලින් හොල්මන් විශ්වාස කරේ නෑ හොල්මන් විහිලුවට ගත්තා ඒත් මේ සිදුවීම් නිසා මා දැන් හොල්මන් තදින් විශ්වාස කරමි.අපට උනු සත්‍ය සිදුවීමකි.

    දිවුලපිටිය සිට කොලඹට පදිංචියට ආ අප බොරැල්ල ප්‍රදේශයේ නිවසක් කුලියට ගැනීමට සමත් විය. යාන වාහන හා මිල මුදල් වලින් අඩුපාඩු නොමැති අපගේ ජීවිතේ සතුටින් ගෙවිනි. අම්මා තාත්තා මල්ලී මම වන අපේ පවුලේ පොඩි කල සිට නවතැන් ගත් මාගේ පුංචිගේ දූද මාගෙම අක්කා විය. අවුරුදු 2කට වැඩි කාලයක් එම නිවසේ සතුටින් කල් ගෙවු අප ලොකු නිවසකට මාරු වීමට තීරනය ආරන්චි වූ තාත්තාගේ මිත්‍රයෝද අපට නිවසක් සොයා දීය. නිවස බැලීමට අප සැමදෙනාම ගියත් අප කාටවත් එහි අමුත්තක් නොවීය... සිත් ගන්නා සුලු අයුරින් නිමා කොට තිබූ එම නිවස අප සිත් රහසේම සොරා ගත්තේය.

    මසකට පසු..

    මුදල් ගනුදෙනු අවසන් කල අප එහි පදිංචි වීම දවසකටවත් කල් නොදැමීමට තීරනය කරේ එම නිවස කෙරෙහි ඇති අශාවටය. අප සැමටම ඕනවටටත් වඩා ඉඩ කඩ තිබූ එම ගෙදර පහල තට්ටුව කාමර 2ක් හා ඉහල තට්ටුවෙ කාමර 2ක් විය . එහෙත් එක් කාමරයකට සැමගේම අවදානය යොමු විය. එය බිංගෙයක් වැනි අදුරු ගුහාවකි .කට්ට දාවලේ වුවද විදුලි බල්බයක් නොමැතිව එයට ඇතුල්වීම සිහිනයකි.
    ඔබ මා පුදුම කරනවන කාරනය වූයේ අක්කාගෙ සිත එම කාමරය දෙස ඇදී යාමයි. සැම සුන්දර දේකම නොපෙනෙන අදුරක් තියනවා සේම මෙම නිවසේ එම ස්තානය රැකගෙන තිබුනේ මූසල කමේ සංකේතය වූ කාමරයයි... නමුත් අක්කා ගත් එම තීරනේට විරුද්ධ වීමට ගෙදර සමතෙකු නොසිටියේ අප කදාවත් හොල්මන් විශ්වාස නොකරපු හෙයිනි.කිසි දෙයක ගැබුරක් නොදකින මම කෙසේනම් එම තීරනේ ගැන ගැඹුරෙන් සිතන්නද... ඒ කාලයේ මට හොල්මන් විහිලුවකි... කැලන්ඩරේ දින එකින් එක අඩුවිය.

    අහස කලූ වී මූසල පාටින් දිස් වූ පරිසරය තෙමා ගෙන අනෝරා වැසි පහල විය..... තාත්තා සාදයකට ගිය එදා අම්මා මම අක්කා හා මල්ලී සමග තනිකම රැක්කේ මහා වර්ශාව පමනී.. අහසේ ඉරි තලමින් ගසන හෙන නොසිතූ අයුරින් අප නිවසේ වහල සිප ගත්තේය. කැලී කැලී වලට කැඩුනු සීට් අසල්වාසී වහලවල් වල පතිත වෙනවාත් සමගම සිවිලිමෙන් වතුර බේරී නිවසේ පහල තට්ටුව පිරුනි......වැසි අඩු වූ පසු නිවස පෙර පරිදි අස් කර ගැනිමට අප සමත් විය.

    පැය දින ගෙවිනි ..අප ලෙඩ වීමට පටන් ගත්තෙ මේ අතර තුරයි.. බයානක ලෙඩ නොවුනද වෛද්‍යවරයා අප මිත්‍රයෙකු වීමට තරම්ම අප ලෙඩ විය. මම නොසිතු ලෙස කුඩා යකඩ ගේට්ටුවකට කකුල කැපිනි එය බලනහර ලගින් ගියද බල නහර නොකැපුනේ මා එතරම් පව් කර නොමැති හෙයින් විය යුතුය... ඇවිද ගත නොහැකිව මාස 5ක කලයක් කකුල බැදගෙන සිටිමට මට සිදුවිය.. අම්මාවද ලෙඩ විය හුස්ම ගැනීමට අපහසු විය. රෝහල් ගතකරත් බටහිර වෛද්‍ය විදය්‍යවට එය මානසික රෝගයක් විය... අසනීප ගතිය සෙමින් පහව ගියද ගෙදර ප්‍රශ්න වැඩිවිය..

    කාලයත් සමග අපටද මෙච්චර කාලෙකට විශ්වාස නොකෙරූ දෙයක් ගැන විශ්වාස කිරීමට සිදුවිය. ඒ #අදෘශය මාන බලවේගයන් ගැනය...කිමෙද අක්කා තම කාමරයේ බිත්තිය හාරා කෑමට පටන් ගත් නිසාය... මෙවැනි තත්වයක අපගේ මානසිකත්වය ඔබ විසින් ගැලපිය යුතුය.රෝහල් ගත කල ඇයට කිසිම රෝගයක් නැති බව අන්තිම වාර්තාවේ සදහන් විය...අප සාලයේ පඩි පෙල නගින තැන ඇට වැලක් එල්ලා තිබේ. හුලගක්වත් එන්නෙ නැති එතනට ඇට වැල සෙලවී ශබ්දය ඒමටනම් කව්රුන් හෝ ඒ හරහා යා යුතුමය..
    පවුලේ සියලුම දෙනා ටීවී බලන විට එ ඇට වැල ශබ්ද කරමින් එහා මෙහා යන්නේ අනිවරයෙන් එ හරහා කෙනෙක් යන නිසාය.....මේතෙක් සිදු වු සියලු දෙය එක්ක අපි හොල්මන් ගැන විශ්වාසය ඇති වීමට පටන් ගත්තේය...

    මෑනියෝ කෙනෙක් ගෙනවිත් නිවස පරිකශා කරවීය...
    ඇයගේ නිගමනය වූයේ එලවීමට නොහැකි තරමේ අදෘශ්‍යමාන බලවේගයක් මෙම නිවසේ අරක්ගෙන ඇති බවයි..... ඉන් පසු ටිකෙන් ටික මෙම නිවස ගැන අරන්චි අපට අසන්නට ලැබිනි. ඒවා නම් මෙම නිවසේ අයිති ගැහැනිය මෙම නිවසට ඉතාමත් ආදරෙන් ජීවත් වූවත් මුදල් අරවුල් නිසා ඇය තම නිවසේම , අප දැන් පදිංචි වී සිටින නිවසේ ගිනි තියාගනිමින් සියදිවි නසා ගත් බවත්, ඇය ජීවත් වී සිටින කාලයේ ඇයගේ කාමරය වූයේ දැන් අපේ අක්කා සිටින කාමරය වන පාලු කලුවර ගුහාවයි...ඇයව එම්බාර්ම් කර ඇත්තේද එම කාමරයේමය.....එය ඇසූ අපි වෙනත් ගෙයක් සෙවුද, ඒ හැම උත්සහයක්ම බොද වූයේ අප මුදල් ගෙවන්නට යන විට එය විකුනා අවසන් බව හෝ අදහස වෙනස් වී තිබීමයි.. පාලූ දූපතක අපි හිර වූවා මෙනි...අන්තිම අදහස වූයේ පිරිත් බලෙන් ගේ ආරක්ශා කිරීමයි...එ අතර තුරත් ගෙයි බිත්ති වල හෑරු තැන් එන්න එන්න වැඩි විය. ඔව් ඒවා කා තිබෙන්නේ අක්කාය. තත්වය බරපතලය හොල්මන් ගැන විහිලු කෙරු බොරු හොල්මන් කතා ගෙතූ මටද කට උත්තර නැතී වූයේ කුමක් විශ්වාස කරන්නද අවිශ්වාස කරන්නද යනුවෙනි..

    පිරිත් කීයා ඉවරය, දානයද දී ඉවරය. අක්කාව තවත් අර කාමරේ තිබීමට තරම් අප ලදරුවෝ නොවීය. ඇයව වෙනත් කමරයකට මාරු කෙරෙනි.. අම්මා කුස්සියේ පිගන් සෝදන අතරේ තාත්තා පුටුවේ අඩ නින්දේය.. මා ඇදේය .
    තාමත් හිත ගොඩට ගත් මාලුවෙක් සේ ගැහෙන්නේ මෙම සිදුවීම් නිසාය... හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් ශබ්දයත් සමග අඩන ශබ්දයත් කාමරයෙන් එන විට අම්මාගෙ කන් ඒ දෙසට යොමු විය... ඇය නැව තුනේ කාමරයේය.....
    පහුවදා උදේ මේ බව අම්මා කියන විට හොල්මන් හැමෝගේම හිතේ සක්මන් කරයි ... පසුව තාත්තා පැවසුවේ මීට ගොඩක් කලින් එයා පඩිපෙල බහින් ඡායාවන් දැක තිබුනද අපි බය වෙන නිසා නොකියු බවයි. අක්කාගේ මංගල්‍යය ත් කට ලගය .. අන්තිමට එම බලවේගයට එම නිවසෙම සිටිමට ඉඩ දී අප වෙන නිවසකට පැමිනියේය ...

    කාලයේ වේගය අවුරුදු 2ක් විතර ගතවුනි ..අක්කාට දරුවෙක් ලැබිමට සිටින බව අරන්චි විය... හොල්මන් ප්‍රශ්නයක් හිත අහලකවත් තිබ්බේ නැත ...පලීගැනීමේ චේතනාව ලේසියෙන් අඩු වෙන්නේ නැත ... අක්කා එන්න එන්නම දුර්වල වෙන බව ඇයගේ නැන්දම්මා අපිට පැවසුවේය කුසේ දරුවෙකු සිටියෙදි මෙම දුර්වල ගතිය අම්මාටද මහත් හිසරදයකි.

    අම්මා ඇය බලන්නට ගියෙමි.. අම්මා හඩා ගෙන ගෙදර අවේ අක්කා බලා අවසානයේය.. ඇයි මේ අඩන්නේ මම අම්මාගෙන් ඇසීය..අම්මා මට පැවසූ දෙයින් පරන අතීතය නැවත අවිස්සිනි............
    අම්මත් එක්ක අක්කාට කතා කිරීමට හැකි වූයේ විනාඩි 10කටත් අඩු කාලයකි...අක්කා ඇස් වසා ගෙන නිදාගෙන අවදි වූ පුද්ගලයෙකු හිරි අරිනවා මෙන් දෑත් දිගහරින්නට විය එයත් සමගම ඇයගේ කට හඩ අවදි විය. "උඹ උඹ මෙහෙටත් ආවද ? උඹ හිතුවද මං ගියා කියලා. ඒක මගේ ගේ මං පාඩුවේ ඉද්දි උබලයි ඒ ගෙදට්ට අවේ ඒක මතක තියාගනින්" ඔව් ඒ අර සියදිවි හානි කරගත් ගැහැනියයි.
    ඔයා කව්ද ඇයි මේ ලමයට කරදර කරන්නේ. අක්කාගේ නැන්දම්මා හඩ අවදි කරේය. මමයි ඒ ගෙදර අයිතිකාරයා මුන් ඇවිත් මගේ දේවල් අයිති කර ගත්තා .මේකී මෙකී මගේ කාමරේටත් ආවා. අනේ ඉතින් එයාලා දන්නෙ නැතුවනේ අවේ. දැන ගත්තට පස්සේ ඔයාට ගේ දීල මේ මිනිස්සු පිට උනානෙ ඉතින් ඇයි මේ පස්සෙන් එන්නේ.
    දන්නෙ නැතුව දන්නෙ නැතුව කොහොද මුන් ගේ බලන්න එද්දිම ම්න් මුන්ගෙ ඉස්සරහට අවා ඒත් මුන් ඒක ගානකට ගත්තේ නෑ. මේකි අවිත් මගේ කාමරයත් අයිති කර ගත්තා ..උබලා පිරිත් කියලා බේරුනා නැත්තම් මන් මීට කලික් බිල්ල අරගෙන..... කාවද කාවද ඔයා බිලි ගන්න හිටියේ .
    මේකිව කීයා අත දික් කරේ අපේ අම්මාගේ පැත්තටය .එය ඇත්තය ම්න් මුලින් කීවේ අම්මාගෙ හුස්ම හිර කලා කියලා.
    අනෙ මේ අහින්සකීට පාඩුවේ ඉන්න දෙන්න....
    පාඩුවේ ඉන්න දෙන්න පාඩුවේ ඉන්න දෙන්න ඇය දත්මිටි කාගෙන කීවේය. මීට කලින ඔය ගේ ගත්ත හැම පවුලකම එක බිල්ල ගානේ මං ගත්තා... මේ පාර බිලි දෙකයි මන් මේකිවත් ගන්නවා බඩේ ඉන්න දරුවවත් ගන්නවා ...
    ඇය ගියේය අක්කා සිහිසුන් වී වැටුනේය.

    අක්කාව බැලීමට අපටද වුවමනා වුවද අම්මා ඉඩ දුන්නේ නැත. කාලය ගත වූනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ ..අම්මා තාත්තා හිටියේම කල්පනා ලෝකවලය.ඒ අක්කාව හා බඩේ ඉන්න දරුවා බේරාගන්නෙ කොහොමද කියා සිතමිනි. අක්කාගේ නැන්දම්මා මෙයට කට්ටඩියෙක් ලෑස්ති කරගෙන සිටින බව අපට කීවේය... අපටද හා කියන්වා ඇරෙන්න වෙන දෙයක් කීමට නොහැකිය... එම කට්ට්ඩියා කිව්වේ එම ආත්මය බිත්තරේක හිරකර මහා සෝන් යක්ශයාට බාර කරන බවයි. ඉස්සර ඔය දේවල් ඇහෙද්දිත් හිනා ගිය මම විශ්වශය හා අවිශ්වාසය අතර තනි වුනු මා වැඩියෙන් විශ්වාසයපැත්තට ඇදී යයි. මෙම සිදිදීන් සමග හොල්මං තවත් අවිශ්වාස කරනවානම් ඔහු අනිවාරයෙන්ම අන්ද ගොලු බීරි මිනිසෙක් විය යුතුය. . යාගය අවසන්‍ය අපගේ හිත්ද සතුටින්පිරිනි.පෙර පරදි සතුටින් අප සිටියි.. එහෙත් එම සතුට දවස් 2කට සීමා විය. නවතත් පෙර පරිදි ආත්මය අක්කාගෙ හා බඩේ සිටින දරුවාගේ බිල්ල ගෑනිමට පැමින සිටී. මෙවර ආත්මය කියන්නෙ ඇයට ඕනේ දවස් 24ක් පමනක් බවයි . ඒ කියන්නෙ ආත්මය අනිවාරෙන්ම දවස් 24කින් අක්කවයි දරුවවයි ඒයාගෙ ලෝකෙට අරන් යන බවයි. ඒ දවස් වල අපි කෑවාද බිව්වාද යන්න අපටම අමතකය තිබ්බෙ අක්කාව බේරා ගැනීමේ අරමුන විතරයි.. ඔය අතර අපේ පුන්චි කෙනෙක් අනුරදපුර ඉන්න භාවනා යෝගීව ඉන්න කෙනෙක් ගැන අපට කීවේය .තත්‍තා ඔහු ඇමතුවේය..
    තාත්තා ඔහුට විස්තරය කීවෙය... ඔහු කීවේ අනිවරෙන් වැඩේ කර දෙන බවයි...ලක්ශ 2ක් ඉල්ලුවේය .තාත්තාගේ පිලිතුර අපි හෙට එනවා යනුවෙනි.අපේ වාහන තියා අපි වැන් එකක් කතා කොරගෙන මේ ගමනට සූදනම් විය .
    අම්මා මල්ලි මම අක්කා මගෙ මස්සිනා පුංචි සහ ඩ්‍රයිවර් මේ ගමනට එක් විය. මම පිටි පස්සෙම් අසුනේ තනියමය අක්කා හා මස්සිනා ඊට ඉස්සරහ අසුනේය අම්මා පුංචි ඊලග් අසුනේය තාත්තා ඉස්සරහය.. ගමන ඇරඹිය හිතේ සැහැල්ලුවෙන් පැය 2ක් පමනි අපිට යැමට හැකි වුනේ.ඔව් කටහඩ අවදි විය.
    උබලා උබලා හා හා හා මුලින් මාවා බිත්තරේක හිර කොරන්ඩ හැදුවා ..ඒ බොරු කට්ටඩියට කරන්න පුලුවන් දෙයක් නෑ බොල. අපි රැව්ටීමකට් අසූබව අපිට වැටහිනි.. උබලා මේ කොහෙද මාව එක්කන් යන්නේ කියපන් කියපන්
    හරි උබලා කියන්නේ නැනේ මං හොයා ගන්නම් .. ඇය ගියේය .පුරුදු විදිහට අක්කාට සිහි නැති විය. අපි මේ යන්නේ හොල්මන්ක් හිර කරන්න කියා ඩ්‍රයිවර් දැන ගත්තේ එවලේය...ඔහුගේ ඇග දාහඩියෙන් තෙත්විනි.

    ඉදිරියට ඇදිනි අක්කා හිරි අරින්නට සැරසෙයි ඔව් අපි හොදින් දන්නවා නැවතත් එම අතාමය ඇගට ඒමට යන බව..
    කියපන් හැත්ත කොහොද මේ එක්කන් යන්නේ කියපන්
    මරනවා තොපි ඔක්කොම මරනවා. දැනගනියව් තව දවස් 21 ක් බව. බය වු ඩ්‍රයිවර්ද පිරිත් කියන්නට විය. නවත්තපන් පිරිත් කියන එක නවත්තපං වහනේ හප්පනවා ඩ්‍රයිවර්ගෙ අතට පනිනව නවත්තපං උබලා ඔක්කොම මෙතනම වාහනේකාට යට කරනවා. බියට ඩ්‍රයිවර් පිරිත් නැවැත්තුවද නැවැත්තූ තැනින් පුන්චි පටන් ගට්තේය... පිරිත් බලයට ඇය යටත් විය ඇය ගියේය. තේ බොන්න නැවැත්තුවේය. අක්කා සාමන්‍ය අයුරින් සිටී. තාත්තා වහා කට්ටඩියාට කෝල් කරේ අපේ මෙම ආත්මය අපිව ඇක්සිඩන්ට් කරන්න යන බව කියාය.ඔහු වාහනේ අංකය ගෙන එයට ආරක්ශාවක් කරන බව පැවසු පසු තාමා ඇගට ලේ ටිකක් ඉනුවේ..තේ හැමෝටම ලැබිනි අක්කා තේ එක තියන් මොනද හොයනවා. මොනද පුතේ බිස්කට්ද ආ මෙන්න ඒ අම්මා අක්කාට බිස්කට් දෙන්න ගිය වෙලේ..බිස්කට් එපා මට . එහෙන්ම් මොනාද ඕනේ... මට මට ගඩොල් කැටයක් දෙන්න... අක්කා තේ පානට කිරීමට ගඩොල් කැට ඉල්ලයි. අපි මූනට මූන බලා ගත්තේය. ගඩොල් නොදී තේ පෙවීමට අප සමත් විය.

    යලිත් ගමනට එක් විය අපගේ සැලැස්ම වූවේ අනුරාදපුරේ සිටින අපගේ නැදැ ගෙදරකට ගොස් එහි අපේ මාමා කෙනෙක් සමග මෙම ගමන යැමටයි මොකද ඔහු අනුරාදපුරයේ නොදන්නා පාරක් නැති හෙයිනි. දැන්නම් අනුරාදපුරයට ලගය අක්කා ලාවට හිරි ඇරියේය එහෙත් පෙර පරිදි ආත්මය ඇගට අවේ නැත .අපි එය ගනන් නොගත්තේය. මා ඉන්නේ පිටි පස්සේ සීට් එකෙ නිස අක්කාගෙ බෙල්ල පිටුපස මට හොදින් පෙනේ ..මගෙ ඇස් අදාහාගත නොහැකි විය ඉබේම අක්කාගෙ බෙල්ලේ තිබෙන යන්තරේ ගැටේ නිකන්ම ගැලවී යනවා මගේ ජීවිතෙ මන් ඔහොම දෙයක් දැක්ක පලවෙනි පාර බය වුනු පාර මුලින් කට හඩ අවේ නැතත් අම්මේ මෙන්න අක්කගේ යන්තරේ නිකන්ම ගැලවෙනවා යන්න කෑ ගැසීමට මට හැකිවිය...ඒත් සමගම මස්සිනා එ කියන්නෙ අක්කාගෙ සැමියා ගැටේ තදකරේය. අක්කා මගේ දිහා රවාගෙන බලන්නේ ඉඩක් ලැබුනු හැටිය මාවා මරාදැමීමට හැකි බව පවසන්නක් මෙනි. සමහර විට එදා ඒ යන්තරේ ගැලවුනානම් මම අද මේ ලෝකෙන් සමුගෙන බව මට තාමත් සිහි වෙයි....ඔව් ඔබ හරි අපි ගනන් නොගත්තත් හිරි ඇරපු සැනින් ආත්මය ඇගේ සිටියත් ඇය නොසිටිනවා සේ හිද තිබෙන්නෙ අප අසලම්යි.
    උබලා දැන ගනින් මේ යන්තරයක් හින්ද මම හිර් වෙලා නැත්තම් උබලා එකෙක් වත් ඉතුරු වෙන්නේ නෑ උබලා දැන ගනින්..........

    අපී නෑදැ ගෙදරට අඩැවිත් නාගෙන කරගෙන අප මෙහි ආ කටයුත්තට යෑමට සැරසෙයි...වේලාව 9.30 විතර ඇතී මාමාද අපි සමග පැමිනීම අපට ලොකු හයියකි. මාමාගේ හා තාත්තාගෙ අසුන පමන්ක් මාරු වුවද අපි පෙර පරිද්දෙන්මය.. පාර එන්න එන්නම පටුයි. රහැයියන්ගේ සද්ද විතරයි.. හිරි අරී ඔව් ඇය තමයි.
    ආආආආ ලස්සනයි කට්ටියම ඉතින් සුදු ඇදගෙන කොහෙද මේ යන්නේ වලටද .මාව තියලා පලයන් තියලා පලයන් බලපන් උබ්ලට වෙන දේ...පිරිත් බලෙන් අපි ඇයව එලවා දැමීය.... අම්මේ අපි මේ කොහෙද යන්නේ එ අක්කාය.අපි මේ බන ගේකට යනවා ..මට බෑ යන්න .හරි එහෙන්ම් ඔයා වාහනේට වෙලා ඉන්න.අපි ඇයව එසේ රැවැට්ටුවේය.

    තැනට ආවේය අක්කාව අමාරුවෙන් වුවද වාහනෙන් බිමට බස්සා ගත්තේය... කපු මහතා අපිව පිලිග්ත්තේය. ඊයා මූගේ හැටි විතරක් අක්කා එහෙම කිව්වේ කට්ටඩියාටය.යමු ඇතුලට අක්කාගෙ අතින් පයින් උස්සා ඇතුලට ගෙනිච්චේය. යාගය පටන් ගැනීමට් සියලුම දේවල් හරිය එහෙත් එක ප්‍රශ්නයාක් තිබේ ආත්මය් ආවේශ වී බිම පෙරලිඋ දගලන විට අක්කාගේ බඩේ සිටින දරුවාට අනතුරක් වීමට ඉඩ තිබේ. එම නිසා අක්කාගෙ ඇගෙන් වෙන කෙනුකුගේ ඇගට ගෙන ඉන් පසු බොතලේකට් දැමීමට කපූගේ අදහස විය....
    එය ඒසේ සිදු විය ....
    ඔබ විශ්වාස කරන්න මන්තර වලින් පසු අපට ඇහුනු වචන වලින් අපගේ හඩවත් පිච්චී ගියේය... අපොයි දෙයියනේ මේ දැර්විගේ ඇගේ එක ආතමයක් නෙවේ ආත්ම 3ක්.. අපට උන්හිටි තැන් අමතක විය.. කපුවාගෙ මුහුනෙන් පෙනුනේ අප අසාර්තක බවයි .එ කියන්නේ අපට අක්කා නැතිවෙනවා යන්නයි.එහෙත් අපි එතරම් පව් කර නොමැත.. කලු කුමාර බැල්ම් , ගෙදර සිටි ආත්මය හා තවත් අයෙක් අක්කාට වැසී සිටි ආත්ම තුනයි. .
    ඔවුන්ගෙන් කාතා කරනවා ඇසිනේ කලු කුමාර බැල්ම විතරයි.
    පලයන් මේ දැරිවිගෙ ඇගෙන්
    බෑ මට බැ
    කිව්වාම පලයං
    බෑ මෙයා ලස්සනයි.
    පලයන් මන් උබට බිල්ලක් දෙන්නම්
    බිලි එපා
    එහෙනම් නාන් තොටුපලකට ගිහින් දාන්නම්
    හා
    එහෙනම් වරෙන් මේ බෝතලේට

    බය වුනු මම එලියට අවේය... දින ගනනාවකට පසු මා දුටු සුන්දර දේ අක්කාගේ හිනාවයි...අම්මෝ ඇගට මාර සැහැල්ලුවක් තියෙන්නේ හරියට 10 දෙනෙක් පිට උඩ තියන් ගිහින් බැස්සුවා වගේ...ඇයට සනීපය. අම්මාගේ හිනාව ඔක්කොමලගේම සැහැල්ලුව එය ස්තීර කලේය.

    දැන් මේ අල්ල ගත්ත අය කිව්ව විදිහට නාන තොටුපලට දානවද ?
    අපෝ නෑ අපි මේ 3 ජය ස්‍රී මහා බෝදින් වහන්සේගෙ සෙවනේ සීමා ලකුනු කරලා මෙයාලව නිදහස් කරනවා .එතකොට එතනින් පිං අරන් මෙයාල හොද ආත්ම වලට යයි...

    ජය ස්‍රී මහා බෝදීන් වහන්සේ වැද අපිද ගෙදර අවේය .ඔව් සියලූ දේ විසදිනි ඒ පැටියාට මාස කීපෙකට කලින් අකුරුත් කියෙව්වා....ඒම නිවසෙදි නය දී හිර විනු ලක්ස 8 ක් මුඩලක් තවමත් ලබුනෙ නැත අතහැර දමා තිබෙන්නේ ඒ අතිතය මතක් වෙනවාට පවා අපි බිය නිසාය. නමුත් කොච්චර අමතක කරන්න හැදුවත් මගේ කකුලේ කැපුම් තුවාලේ මැහුම් පාරවල් මට එම කාලකන්නි අතීතය දිනපතා සිහි කරයි...එම කපු මහතාට අපි නිතර පිං දෙමි ඔහු දැන් මෙවැනි වැඩ නොකර වන ගත වී බාවනා කරයි.

    මං මේක ලිව්වේ හොල්මන් නෑ කියන අයට. මාත් මේ දේ වෙනකන් හොල්මං විශ්වාස කලේ නෑ තාමත් මම ඒ ගේ අසලින් යමි .සමහර වෙලාවට හිටගෙන මේ දෙවල් යලිත් සිතයි.දැන් එහි බෝඩිං කාරයෝ සිටි . අපි එලෝපු නිසා දන් එහි කිසිදු ආත්මයක් නැත....

    ඔබ මේය කියවා රස විදින බව මා හොදින් දනිමි.. ඔබ ඒ රස විදින්නේ මාගේ ජීවිතයේ අමිහිරි කටුක කාලකන්නි අතීතයකි.
    අවවදයක් - කවදාවත් මෝඩ වෙලා මේ දේවල් බොරුයි කියලා ගනන් නොගෙන ඉන්න එපා.. මොකද අපි එදා ඔව්ව විශ්වාස නොකරන්ම් මට අද මගේ අම්මත් නෑ අක්කත් නෑ.
    කවුරු හරි මෙහම දෙයක් කියලා උදව් ඉල්ලුවොත් ඔව්වා ඔය හිතේ බයට වෙන දේවල් කියලා අතරින්න එපා , මොකද ඒ ඔබ අතවනන්නේ මරනයට විය හැක
    .
    චානුක දේවින්ද.