රෝස මල් දිගේ
රෝස මල් දිගේ 1

(හොල්මන් කතා පාට පෙට්ටිය

)
නිම්තෙරා තාත්තා අලුතින් මිළදී ගත් නිවස දිහා බැලුවා. කියන්ඩ තරම ඒ නිවසේ වරදක් නොදැක්කත් ඇය සිටියේ ගොඩක් කනස්සලෙන්. කලින් පදින්චිවෙලා හිටපු උපන් ගමෙන් සෑහෙන්ඩ දුරකින් පිහිටා තිබ්බ මේ අලුත් නිවසයි ඉඩමයි නිසා දැන් ඇයට අලුතින් ජීවිතය පටන්ගන්ඩ සිදුවෙල ඇත.
ලබන් වසරේ සාමාන්ය පෙල විභාගයට මූන දෙන්න ඉන්න ඇයට ඒ විභාගයට මූන දෙන්න වෙන්නේ ඒකේ ඉදන් ගිය පාසලේ ඉදන් නෙමේ. මේ පැත්තේ තියෙන පාසලක. ඇයට අලුතින් යහලු යෙහෙලියන් හොයා ගන්න සිදු වෙනවා ඇත.
නිම්තෙරා එහෙම කනස්සලෙන් හිටියත් ඇයට අවුරුදු හතරක් බාල ඇයගේ twin සොහොයුරන් දෙන්නා හිමාල් හා හේමාල් හිටියේ ගොඩක් සතුටින්.
"ශා අපිට cricket ගහන්ඩ මරු place එකක් තියෙනවා...."
අලුත් නිවස ලගට ආවා ආවාමයි ඊට පස්සේ අතුරු දහන් වුන හිමාලුයි, හේමාලුයි ආයේ මතුවුනේ එහෙම කියාගෙන.
"උබලා දෙන්නටම් ඉතින් cricket කිව්වොත් කන්ඩ බොන්ඩ ඕනෙත් නෑනේ"
තම කනස්සල්ල නිම්තෙරා පිටකෙරුවේ සොහොයුරන් දෙන්නාගේ පිටින්.
"ඔන්න ඔන්න ඉතින් අලුත් ගේකට පය තිබ්බා විතරයි. උබල රණ්ඩුවක් අල්ලන්ඩ පටන් ගත්තා. අනේ ලොකු එකියේ උබනම්......"
මාලති තම එකම දියනිය දිහා ට හැරිලා කිව්වේ ඇයව දවා අලු කරන බැල්මකින්.
එදා හවසම නිම්තෙරා අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි එක්ක එකතු වෙලා කලින් හිටපු ගෙදරින් ගෙනාපු බඩු මුට්ටු අලුත් නිවසට දැම්මා.
කාමර හතරකින් සමන්විත වූ ඒ නිවස කපරාදු නොකරපු සාමාන්ය ගෙයක්. ගේ වටා තිබ්බ අක්කර භාගයක පමන ඉඩමේ පීදෙන්න් ඔන්න මෙන්න තිබ්බ පොල් ගස් දහයක් පමනත් තවත් වෙනත් ගස් කීපයකුත් තිබ්බා.
ගේ ඉස්සරහින් බොරලු පාරක් දිව ගියා. ඒත් නිම්තෙරා ලාගේ අලුත් නිවස කිට්ටුව ලගම තිබ්බේ ඇහින් පේන තරම් දුරකින් එකම එක නිවසක් විතරයි. අලුත් ඉඩම ගාවම ඒ නිවස තිබ්බත් ඉඩම් දෙක වෙන් කරන්ඩ කම්බිවැටක් තිබ්බා.
නිම්තෙරා ලා ගේ ඉඩමේ වල් තන්කොල පදුරු අක්රමනය කරලා නොතිබුනත් අර ඉඩම නම තිබ්බේ හොදටම වල් බිහිවෙලා.
නිම්තෙරා අලුත් නිවසට ඇවිල්ලා මුල් දවස්
දෙකෙ ඒ නිවස දිහා ඕනාකමින් බැලුවත් කිසිම මනුස්සයෙක් ඒ නිවසේ ඉන්නව කියලා ඇයට පෙනුනේ නෑ.
"මාලතී ඔයාට අවුලක් නෑනේ මේ ගෙදර නේද"
නිම්තෙරාලාගෙ පියා ශාන්ත එය අහන්න්ඩ ඇත්තේ දැන් පස් වෙනි වතාවට වෙන්ඩ ඇති. කුස්සියට වෙලා මාලු පින්නක් හැදි ගාමින් හිටි මාලති ඔහු දෙස හැරී බැලුවා.
"නෑ නෑ මේ ගේ හොදයි මම කලිනුත් කිව්වනේ ඔයා දැන් ඕක කීවෙනි පාරටද ඇහුවේ "
"මට හෙට නුවර යන්ඩ වෙනවා කට්ටිය එක්ක හඩ් එකක් ගහන්ඩ , ඔයාලට සතියක් විතර යනකම් තනියෙමතමා ඉන්ඩ වෙන්නේ ,අවුලක් නෑනේ මේ පැත්තට ඇලුත් හින්දා ඔයාට බයද"
" මොන බයද ශාන්ත ඔයා යන්ඩ "
"අපි ඔයාලගේ අම්මටවත් එන්ඩ කියමුද "
"ඕනේ නෑ ශාන්ත කාන්ති අක්කත් ගොඩක් වෙලාවට මෙහේ එනවනේ "
මාලති කිව්වා. මේ අලුත් නිවසට පදිංචි වෙලා මේ වෙද්දි දවස් හතරක් ගෙවී ගිහින් තිබුනත් ඔවුන් ගැන සොයන්ඩ ආවේ ගමේ දෙන්නෙක් තුන්දෙනෙක් පමනයි. ඒ අතරින් කාන්ති කියන්නේ එක්කෙනෙක්. ඇය නිතර දෙවේලේ
මාලති හොයන් ආවා.
** වරක් කාන්ති ආපු වෙලාවක නිම්තෙරා ඇයගෙන් අර පාලු නිවසත් ඉඩමත් ගැන ඇහුවේ තිබුනු කුතුහලය තවත් දරාගෙන ඉන්ඩ බැරි තැන.
" ඒ ගෙදර කට්ටිය දැන් නෑ...එයාල ඒ ගේයි ඉඩමයි විකුනලා ඈතකට ගිහින්. ඔන්න ඔයගොල්ලො එහෙම ඒ වත්තට පනිනවා නෙමේ "
කාන්ති ඒක ඒ වෙලාවේ කිව්වේ ටිකක් අන කරලා වගේ.
"ඇයි ඒ...."
"ඒක බලන එක්කෙනා බැරිවෙලාවත් ඔයාල ඔය වත්තෙ ඉන්නව දැක්කොත් ඔයාලට මොකක් හරි නරකක් කරන්ඩ පුලුවන්. හරි නරක මිනිහෙක්ට ඒ ගේයි ඉඩමයි බලාගන්ඩ දීල තියෙන්නෙ"
කාන්ති අනතුරු ඇගෙව්වා. ලග හිටපු හිමාල්ටත් හේමාල්ටත් එය හොදටම ඇහුනා.
නිම්තෙරාට එක නරක ගතිගුනයක් තිබ්බා. ඇය කෙනෙක් යමක් කරන්ඩ කිව්වොත් ඇය ගොඩක් වෙලාවට කෙරුවේ ඒකේ ඇනිත් පැත්ත ඒ වැඩේ නොකර ඉන්ඩයි ඇය බලන්නේ . යම් දෙයක් නොකරන්ඩ කිව්වොත් ඇය හදන්නේ ඒක කොහොම හරි කර්න්ඩ.
"දවසක ඔය වත්තට පනින්ඩ ඕනා....."
කාන්ති ඒක කිව්ව වෙලාවේ නිම්තෙරාට ඒ සිතිවිල්ල පහල වුනේ ඒ ගතිගුනය නිසායි.
*****************************************
ඊලග දවසේ උදෙන්ම ශාන්ත නුවර ගියේ කොන්ත්රාත් ක්රමයට හඩ් ගැහීමට. ඔහුගේ රැකියාව වුනෙ ඒක. ඔහුගේ මේ ජොබ් එක නිසාම ශාන්ත මේ වෙද්දි රට වටේම වගේ ගිහින් තිබ්බා. තව කීප දෙනෙක් එක්ක කොන්ත්රාත් ක්රමයට කරම මේ හඩ් ගැහීම නිසා ඔහුට හොද මුදලකුත් හම්බවුනා. ඒත් මේ සදහා නිවසින් පිටවුනොත් ඔහුට යලි නිවසට එන්ඩ වෙන්නේ සතියකටත් විතර පස්සෙ. සමහර දවස්වලට ඊටත් වඩා වැඩි වෙනවා.

"අක්කේ එනවද ක්රිකට් ගහන්ඩ ,අපි හොද පොට් එකක් හැඩුවා "
එදා හවස හිමාල්ගේ හඩ නිම්තෙරා ට ඇහුනේ ඇය කැඩපතට එබී ඉන්න වෙලාවක.
"අනේ මට බෑ...."
නිම්තෙරා කිව්වේ කැඩපතින් මූන අයින් නොකරමයි.
"අනේ මොනවද අක්කේ...දෙන්නෙකුට ක්රිකට් ගහද්දි විකාරෙ වගේ. ගමේ වගේ අපි දෙන්නට මෙහෙ යාලුවොත් නෑ නේ ,ඉස්සරනම් අක්ක ඔහොම නෑ. අපිත් එක්ක ක්රිකට් ගහන්ඩ එනවා..නේද මල්ලි "
හිමාල් කිව්වේ ලග හිටපු තම තප්පර කීපයකින්
පමනක් බාල මල්ලි හේමාල් දිහා බලන්.
"ඒක තමා.....අපි අක්කට out දෙකක් දෙනවා ,එනවද....."
හේමාල් ඇහුවේ නිම්තෙරා ලගට ගිහින්.
"මට බෑ කිව්වනේ දැන්"
නිම්තෙරා තරහෙන් කිව්වා. අතේ පිත්තක් අරගෙන හිටපු හේමාල්ගේ මූන අදුරු වුනේ සැනෙකින්.
"Out තුනක් දෙන්නම් "
හිමාල් කිව්වේ එතකොටවත් අක්ක එයිද හිතලා....
"මට බෑ.....මට කරදර කරන්නේ නැතිව ඕනේ මලදානයක් කරගන්නවකො....."
"අපි යමු මල්ලී.....ඔයත් එක්ක ආයේ අපි කතාකරනෙ නෑ නේද මල්ලී"
හිමාලුයි ,හේමාලුයි එතනින් ගියේ බලාපොරොත්තු කඩකරගෙන.
"හා ගිහිල්ලා ඉරි කෑලි අල්ලනවා,, මම ඇදුමක් දා ගෙන එන්නම්...."
නිම්තෙරා ගේ හඩින් එය ඇහෙද්දී හිමාලුයි,හේමාලුයි එතනින් දිව ගියේ හුරේ තියාගෙන.