Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    සත්‍ය හොල්මන් කතා...
    "මේ සැරේනම් ඔය මලයකාට මගෙන් බේරිල්ලක් නැ.මොන දහන් ගැටේ දාල හරි ඕකව අල්ලන්න ඕනෙ.."
    වෙද මාම කිව්වෙ කේන්තියෙන්.
    "මේ මගේ බාප්පගෙ පුතා.මටත් බැරි වුනු තොවිල් මෙයා කරල තියෙනවා"

    වෙද මාමා සහයට ආපු අනිත් යකදුරු මාමා ගැනත් පුරසාරම් කියවනවා..මම අලුත් යකදුරු මාමව සුනිල් නමින් හදුන්වන්නම්.

    "දැන් බඩු සේරොම හරි නේද..කෝ මෑණියො අදුන හදා ගන්න.කොතනද හොද..මේ මේසෙ උඩ හදන්නද..ඔන්න මෙතන පලතුරු තියෙනවා .අවශ්‍ය විදිහට හදා ගන්න."
    වෙද මාම වැඩ ගෙඩ අස්සෙ මටත් මතක් කරනවා..මම ත් ඉක්මන් කරල අදුන හදා ගත්තා.මේක ලේසි වැඩක් නෙවෙයි.තොවිල් ගනනාවක් කරලත් අහු නොවුනු මළ යකෙක්.

    මම මතක ඇති මම මීට කාලෙකට කලින් වලව්වක කරපු තොවිලයක් ගැන ලිව්වා.අපේ ත්‍රීවිල් එක ඇල්ල දේවාලෙ ලගදි කැඩුනා.එතනදි මම ගැහැනියක් දුටු හැටි ඔයාලට කිව්ව මතක ඇති.ඊට පස්සෙ ඒ ගෙනාපු මිනී හිස් කබල මන්ත්‍ර හදා බලන්න අරන් මහ රෑක බයවුනු හැටිත් මම ඔයාලට කිව්වා..එදා මම හොදටම ලෙඩ වුනා.නවගමු ගියාට පස්සෙ තමයි හොද වුනේ...අදත් මේ තොවිලෙ කරන්නෙ ඒ මාමමයි..ඒ වලව්වෙ කට්ටියටමයි..එදා අල්ලල බිත්තරේට අරන් පන්සලට බාර කරපු යකා ආපහු දවස් තුනෙන් ගෙදර ඇවිත්.මම එදා එපා කියද්දිනෙ බිත්තරේට බාර කලේ.මේ පාර ඔන්න රන් කෙන්දකුත් ගෙනැල්ල තිබුනා..මම මෙයාලත් එක්ක වැඩ කරන්න අකමැති වුනත් වලව්වෙ රජී අයියයි එයාගෙ අක්කයි ඉතා මත් බැගෑපත් වී ඉල්ලපු නිසයි අදුන බලන්න ගියේ.අක්කනම් ඇඩුවත් එක්ක.

    දැන් තොවිලය පටන් අරන්.මල් යහන් කවි කියල පූජාව දෙවියන්ට බාර කරල තමයි ඉතිරි වැඩ.කුස්සිය මැද්දෙ ප්‍රේත තටුව එහෙන් මතුරනවා..

    "බලන්න අදුනෙන් ප්‍රේතයො තටුවට එනවද කියලා"

    "ඔව් තුන් දෙනෙක් දැනට ඉන්නවා..."

    "එතකොට හාමුව ඉන්නවද..මළ යකා..විදානෙ අප්පු"

    "තවමනම් පේන්න නෑ මාමා"

    "ඒ මොකද එයා එන්නෙ නැද්ද.හොදට බලන්න ..හොදට බලන්න කොහෙද ඉන්නෙ කියල"

    මමත් බලනවා හෝ ගාලා..එකපාරටම මාව සීතල වෙලා ගියා.මෙන්න මළ යකා මගේ පිටුපසින් අදුන දිහා බලන් ඉන්නවා.මම ආපහු හැරුනා.අදුනෙන් පෙනුනට පිටුපසින් කවුරුත් නෑ..

    ඔන්න ආයෙත් ඉතින් හෝ ගාල මතුරනවා..බොරු කියන්න ඕනෙ නෑ අපේ වෙද මාමට හොදට කටවහ තියෙනවා.පන්සලේ දේවාලෙ වැඩ කරන නිසා සූනියම් දේව පිහිටත් තියෙනවා..මන්තරත් දන්නවා..අනිකා හැබැයි එච්චර බලයක් නෑ කියල මට පේනවා.ඒත් මම නොකිය ඉන්නවා..

    ඔන්න දැන් ප්‍රේත තටුව සාලෙ තියල මතුරනවා.

    මේ මලයකා පුදුම එකෙක්.හරි බලවත්.කාටවත් අල්ලන්න බෑ පනිනවා..ඇසට පේන්නත් ගෙදර අයට ඉන්නවා.එයාගෙ හාමිනෙත් ඉන්නෙත් ප්‍රේත ලෝකයෙ.ඒ මදිවට මේ වත්තෙ එල්ලිලා මැරුනු මිනිහෙකුත් ප්‍රේත ආත්මයේ ඉන්නවා..මම අදුනෙන් දැකල කිව්වම එයාල කිව්ව එහෙම කෙනෙක් එල්ලිලා මැරුනා කියලා..

    කොටිපතියො වෙලා හිටියත් මේ මළ යකා මෙයාලව දුප්පත්ම කලා..ඉඩකඩම් විකුනුවා.ගෙදර තාත්තා ඒ කිව්වෙ මළයකාගෙ පුතා මේ වෙන කොට එක අතක් පන නෑ..ලෙඩින්..තාත්තා පුතා එක්කත් තරහින් ඉදල තියෙන්නෙ.

    ගෙදර අබ්භූත දේවල් නිතරම සිදුවෙලා තියෙනවා.හවස් වෙන කොට පල් ගදක් නිවස පුරා පැතිරෙනවා.රජී අයිය රට ඉන්නකම් හොදයි.ගෙදරට පය තිබ්බත් හරි සේරොම ඉවරයි.

    මීට අවු ගානකට ඉස්සර මේ ගෙදර වැඩිමල්ම පුතාට ඔය මලයකා වැහිල තියෙනවා එයා පොඩි කාලෙ.මම එයාගෙ නම නිමල් ලෙස හදුන්වන්නම්.මළ යකා වැහිල තියෙන්නෙ එයාට අවු 8 දි වගේ .මම මේ ඉන්නෙ විදානෙ කියල ගෙදර හැමෝටමත් ගහනවලු .තොවිල් කරල කොහොම හරි මෙයාව බේරගෙන.ඊට පස්සෙ දැනට අවු 31 විතර ඉස්සර මෙයාට වරමක් ආවලු.පත්තිනී අම්මගෙන් වරම් ගත්තු මෑනිකෙනෙක්ලු.ඉතින් ඇවිත් කියනවලු උඹලට පිහිට වෙන්නයි ආවෙ.මම කියන දේවල් කරපල්ල කියල.මෙයා බනත් දේශනා කරනවලු..සුදු රෙද්දක් දාල පුටුවට වාඩි වෙනවා.ඇගට සුදු රෙද්දක් පෙරව ගන්නවා..ඊට පස්සෙ නිමල් අයිය මෑනි ඇවිත් බන කියනවා...මුලින්ම කියල තියෙන්නෙ නිදානයක් තියෙනව ගනින් කියල.ගන්න විදිහ කියල.ඉතින් සහෝදරයො නව දෙනා එකතු වෙලා නිදානෙ හාරලා.අන්තිමට මොකුත් නෑ..ඔන්න ඔය වගේ දේවල් තමා කරල තියෙන්නෙ..සමහර දිනවල මෑනියො වැහිල කියන්නෙ කැසිනෝ ගහන්න.භාගයක් දිනාගෙන එන කොට පාට කියන එක නවත්තනවා..ඉතින් පරදිනවා..ඔය විදිහට නිමල් අයිය ලක්ෂ 400ක්ම කැසිනෝ පැරදුනා.

    ඊට පස්සෙ අදුනෙනුත් බලල කැසිනෝ සෙල්ලම් කරල එකපාරක් ඉතා පොඩි මුදලක් දිනල තිබුනා.ආයෙත් ඒ වගේ දෙගුනයක් පැරදිලා...මේ ඔක්කොම කරන්නෙ මළ යකා කියල මෑනියො චෝදනා කරනවා..අනිත් අය සාදු කියල මෑනිගෙ බන අහනවා..හරි උගත්..ඒත් අනේ මන්ද..මෑනිට රැවටිලා..

    "දැන් බලන්න මගේ ඇගට ආවෙ කවුද කියලා"

    නිමල් අයිය කියනවා..කුස්සිය පැත්තෙන් ලොකු සද්දයක් ඇහෙනවා.ඒත් එක්කම සාලෙ ගැට ගහල හිටිය කුකුලත් මහ හඩින් කෑගහනවා..මම අදුන දිහා බලනවා..රජී අයියගෙ අක්ක මට ලංවෙලා බයට..

    "කවුද ඉන්නෙ මෑනි බලන්න ඔන්න "

    මට පේන්නෙ නිමල් අයියගෙ ඇගේ මළ යකෙක් ඉන්නවා ..මම කියනවා කෙලින්ම.

    "මොකක් මගේ ඇගේ මළ යකෙක්ද ඉන්නෙ."නිමල් අයිය හිනා වෙනවා..දැන් කටහඩ වෙනස් වෙනවා.හැබැයි හරිම ශාන්ත විදිහට ඉන්නවා

    "දරුවො මම මළ යකෙක්ද..උඹ හොදට බලපන් මළ යකෙක්ද කියලා."
    "ඔව් මෑනි හොදට බලන්නකො කවුද ඉන්නෙ කියලා"
    "
    මළයකාම තමයි ඉන්නෙ"

    මම බය නැතුවම කියනවා.ඒ පාර නිමල් අයියගෙ ඇස් ගොරක ගෙඩි වගේ වෙලා.මම දිහා රවල බලනවා.මම ගනන් නොගෙන අදුන බලනවා..යකදුරු දෙදෙනා මළ යකාව සීමා කරනවා..රවුමක් අදිනවා..දැන් යන්න බෑ මොකෙකුටවත්..

    "මේ මෑනියන්ගෙ අදුන බොරු.මෙයා බොරු කරන්නෙ."

    නිමල් යකා වැහිල කෑගහනවා..මට හිනා යනවා..

    නිමල් අයිය රවුමෙන් පිට පනිනවා..දැන් බලන්න මළ යකා කෝ කියල .රවුම ඇතුලෙ නෙ ඉන්න ඕනෙ."

    මොකටද ඔයා එලියට ආවෙ..යකදුරු මාම බනිනවා..නිමල් බොරු කියවනවා..මළ යකා ඉන්නෙ නිමල්ගෙ ඇගේම තමයි..නිමල් කියපු සාත්තර අහල තමයි මේ පවුලට මෙහෙම වුනේ.රජී අයිය බනිනවා.

    ප්‍රේත තටුවට මතුරනකොට තටුවට ප්‍රේතයො එනවා.ඉතින් ගැට ගහන්නනෙ තියෙන්නෙ.මම කියනවා ගැට ගහන්න කියලා.මෙයාල ගැට ගහන්නෙ නෑ..

    "පෝන් එකේ වීඩියෝ එකට හොදට පේනවා ප්‍රේතයො එනකොට.පෝන් එකෙන් බලල ඕන ගැට ගහන්න."

    වෙද මාම කියද්දි මම පුදුම වුනා.

    "ඈ..එතකොට අදුනක් මොකටද මාමෙ."
    "අදුනෙන් බලන්න එන වෙලාව.එතකොට පෝන් එකෙන් බැලුවම හොදට එනව පේනවා ..එතකොට ගැට ගහන්නෙ.නැත්නම් කොහොමද දන්නෙ මොකාව ගැට ගැහුවද කියල."

    සුනිල් යකදුරා කියනවා..

    "අනේ දෙයියනේ ඉස්සර කාලෙත් වීඩියෝ බලලද යක්කු ගැට ගැහුවෙ..ඇත්තම කිව්වොත් හරි කට්ටඩියෙකුට අදුන ඕනෙත් නෑ යක්කු ගැට ගහන්න..මන්තර තියෙනවා ඕවට."

    මම එහෙම කිව්වෙ මුන් දෙන්නටම මළ යක්කු වැහිලද කියල සැකෙන්.

    "මන්තර දන්නෙ නැති අය තමයි..ඔය බොරු කෝලම් දාන්නෙ.හැම පෝන් එකකටම යක්කු පේනවද"

    "මෑනියො දන්නෙ නෑ ඕව.අපි සිරිපාල මහත්තයලගෙ ගෙදර දවස් අටක් තොවිලෙ කරලයි මළ යකා ඇල්ලුවෙ."සුනිල් කියනවා..

    "දවස් ගනන් තොවිල් කරන්න ගියොත් මිනිස්සු හිගන්නො වෙලානෙ නවතින්නෙ..මන්තර මොකටද යක්කු එක දවසින් අල්ලන්න බැරි.අපෙ මුත්තල අප්පච්චිල කිසිම තොවිලයක් නොකර පුලුටු පහයි මල් පහයි තියල විනාඩි ගානෙන් මළ යක්කු අල්ලනවා"

    මම කිව්වම සුනිල් මාමගෙ මුන දෙක වුනා.එයා මාම වුනත් මට නංගි කියල තමයි කතා කරන්නෙ.අරක්කු බොනවා සිකරැට් බීල ගදේ බෑ..

    "අක්කෙ මට ඉන්න බෑ මේ මිනිහ ගාව සිගරැට් ගදේ..අරක්කුත් බීලා."

    මාත් එක්ක අදුන බලන්න ආපු නංගිත් කියනවා...කොහොමෙන් හරි එදා යකා ඇල්ලුවෙ නෑ..අදුනට පෙනුනට පෝන් එකට අහු වුනේ නැති නිසා...පාන්දර දානෙ නිසා මායි නංගියි අයියයි ගෙදර ආවා මහරෑම.

    ඊලග දවසෙත් එන්න කිව්වට අපිනම් නොයා ඉන්නමයි තීරණය කලේ.අනේ ඒත් අට වෙනකොට කාර් එක ගේ ඉස්සර නැවැත්තුවා..

    ඔන්න ඉතින් අපි ලෑස්ති වෙලා එන්න හදන කොට කාර් එකේ පස්සෙ රෝදෙ හුලං ගිහින්..හොදට තිබුන කාර් එක.හිතටත් මොකද්ද වගේ.

    රෝදෙත් මාරු කරගෙන මග එනකොට රජී අයියට ගෙදරින් කෝල් එකක්.

    "අනේ පුතේ උඹල කොහේද..තාත්තට යකා වැහිලා කෑගහනවා.මොකුත්ම කරල පාලනය කරගන්න බෑ ඉක්මනට එන්න."

    තාත්තට 91 ක් විතර ඇති.යකදුරු දෙන්නෙක් ඉදලත් යකාව පාලනය කරගන්න බැරි වෙලා..කුකුල ලගටම පනිනවලු ලේ බොන්න ඕනෙ කියනවලු."

    ඒ මදිවට පොල් මලෙනුත් සීයට හොදටම ගහලා..මම ආරංචි වුනු ගමන්ම කිව්වා එක පාරක්වත් ගහන්න එපා.දැන් අපි ලග එනවා කියලා...

    ගෙදර යන කොට සීය ඉන්නවා වාඩිවෙලා.

    "මාව දන්නවද"

    සීය මගෙන් අහනවා.මම ඔලුව වනල ඔව් කිව්වා.

    "ඇගට ආවනම් ඇයි ගැට ගැහුවෙ නැත්තෙ."

    "මේ පිස්සු කියනවා.මොනවා කරලවත් ගැටගහගන්න බෑ..රන් කෙන්දත් කොහෙ විසි වුනාද මන්දා."

    මම මුලින්ම බැලුව සුනිල් මාම මන්තර දන්නවද කියලා..මන්තරනම් දන්නවා..එහෙනම් මොකද මේ.මම කලින් පාර බාගෙට කරපු වැඩේ කිව්ව නිසා තරහ පිරිමහනවද..මට අදුනට පේන විදිහට මෙයා හොදටම මන්තර දන්නෙ නෑ.ඒක නිසා මළ යකාට බයයි මට දැනෙන්නෙ.

    "අද මේක ඉවරයක් කරන්න.දැන් තව මොනවද කරන්න ඕනෙ."

    "දැන් තියෙන එකම දේ කාගෙ හරි ඇගකට හරි අරන් ගැට ගහන එක"

    "එහෙනම් එහෙමවත් කරමුකො"

    මම කිව්වා.

    අපේ පියවි ඇසට පෙනි නොපෙනී යන මේ අමනුස්සයව කෙසේ හෝ ගැට ගැසිය යුතුමයි.

    "ඒ පැත්තෙනම් ඉන්නවා ගෑනු ලමයෙක්.කෙලින් ම කාලි වැහිල හරියට එතනට ගිහින් යකාව පෙන්නවා.අපි ගැට ගහනවා"

    " ඉතින් යකා පෙන්න පෙන්න ඉන්න ඕනෙයැ කාලි ආවනම් මළ යක්කු අලු කරාවිනෙ.කාලිට මොකටද මන්තර"

    මම කිව්වා.තොවිලයක් කරන්න ඕනෙ නිසිඅය එකතු කරගෙන බේබද්දො වගේ බීගෙන වැඩ කරන එවුන් නිසා වෙද මාම වගේ අයවත් ගනන් ගන්නෙ නෑ අන්තිමට.මේ මිනිහගෙ පම්පෝරිය විතරයි මට හිතුනා.

    ගෙදර හිටපු අයගෙ ඇගට යකා නිකන් එන්නෙ නෑනෙ.ජප කරන්න එපැයි..ඒ කිසිම දෙයක් නැතුව ඔහේ කියවනවා..

    "මොකද මේ යකාව අහු වෙන්නෙ නැත්තෙ"
    සුනිල් මාම මගෙන් අහනවා.

    "නිකන් අහුවෙන්නෙ නෑ මන්තර ජප කරන්න ඕනෙ."

    එතන හිටිය ගෑනු ලමයගෙ ඇගට යකා වැහිලා එක පාරක් උඹ කවුද උඹ කවුද අහ අහා ඉද්දි යකා පැනල ගියා.කෙල්ල කලන්තෙ දාල වැටුනා.

    "මොකද මේ යකා අහුවෙන්නෙම නැත්තෙ.බලන්න කවුරු හරි උදව් කරනවද කියල හාමුදුරුවො කෙනෙක්වත් ගුරුකම් කරපු."

    මම බලනවා.මටනම් එහෙම දෙයක් පේන්නෙ නෑ.පුදුම වැඩේ කියන්නෙ තීන්දු කපන කොටත් යකා එතනට වෙලා හිනා වෙවී බලන් ඉන්න එකයි.මට පේන දේ මුන්ට පේන්නෙ නෑ..යකාව පෝන් එකෙන් පේනකම් මුන් යකාව ගැට ගහන්නෙත් නෑ..මටනම් කාලය කන්න බෑ..අද අහු වුනත් නැතත් මම ගෙදර යනවා.

    "මෑ ණියො බලන්න හොදට මොකද මෙයාව අල්ලන්න බැරි කියල.කවුද අදුනෙ ඉන්නෙ."

    සුනිල් මාම ලංවෙලා අහනවා.අරක්කු ගද මටත් දැනෙනවා..

    "සොහොන් කාලි'"
    මම කිව්වා...

    "අපි මෙච්චර පූජා දීලත් කාලි වේ#ට බැරිද අපිට ඔය යකා ව අල්ල දෙන්න.කාලි පට්ට පඩුරු වේ..කියනවා විතරයි මට ඇහුනෙ..මොකද්දෝ ගිනි බෝලයක් ඇවිත් මගේ පිටට වැදුනා.ඒත් එක්කම මාව විසි වුනා.යටි ගිරියෙන් හූ කිව්වා..දැන් මට මාව පාලනය කරගන්න බෑ...එච්චරයි මට මතක..

    මම සිහිය එනකොට හිටියෙ සාලෙ බුදු පිලිමෙ ලග වැදගෙන පිරිත් කියමින්.

    මම හූ කියල හොදටම කෑගහලා..ගෙදර හැමෝම අල්ලලත් මාව නවත්ත ගන්න බැරි වෙලා .එක අතින් සේරොම විසි කරලා..පස්සෙ වෙද මාමා .."සමාවෙන්න මෑනියනී සමාවෙන්න..නොදැන කරපු වරදට සමාවෙලා විමන් වඩින්න කියලා වැදලා..වැදලා..

    සුනිල් මාමා එලියටම දුවලා..අනිත් අය මාව වටකරගෙනලු.කොහොම වුනත් සිහිය ආවට පස්සෙත් මාව ගැහෙනවා..අත් දෙක ගිනි මැලයක් වගෙයි..අක්කල අල්ලල බලල කියනවා මම ගින්දර වගේ කියලා..
    ගොඩක් අය කිව්වෙ කාලිට කුනු හරුපෙන් බැනපු නිසා මට සොහොන් කාලි වැහිල කට්ටඩියට ගහන්න ගියා කියලා..සමහර අය කිව්වෙ සොහොන් කාලිගෙන් වරම් ගත්තු මගේ ඤාති බලවේගයක් ඇවිත් කියලා..

    පැයකට විතර පස්සෙ ගෙට ආපු සුනිල් මාමනම් කිව්වෙ මට මලයකා වැහුන කියල.එයා ඕනතරම් කාලිට කුනු හරුපෙන් බනිනවලු..කාලි වැහෙන කෙනෙකුත් ඉන්නවලු එයාලගෙ ගෙවල් ලග ඒත් කවදාවත් එහෙම වෙලා නෑලු..සේරොම මළ යකාගෙ වැඩලු...

    "මළ යකා වැහුනනම් ඇයි දිව්වෙ .ගැට ගහන්නනෙ තිබුනෙ."

    නංගිත් තමයි එහෙම කිව්වෙ...අදුන බැලිල්ල කෙසේ වෙතත් අන්තිමට අපි ගෙදර ආවා.එයාල අර කාලි වැහෙන කෙනා ගෙන්නගෙන යකා අල්ලන්න ඇති සමහරවිට.

    මම ආපු ගමන් හැමෝමටම ඔය විස්තරේ කිව්වා..කාලිට වේ# කියල බැනපු හැටි. දෙයියනේ මට කතා කරගන්න බැරුව ගියා.දවස් හතක් හරියට කතා කලේ නෑ..වචන පිට වෙන්නෙම නෑ..මම සොහොන් කාලිට පහනක් තිබ්බා..ඊට පස්සෙ හරි ගියා.මම ලෙඩ වෙලා හිටිය වෙලාවෙ මට ඉක්මන් සුවය පැතූ හොල්මන් gruop එකෙන් හමුවූ යාලුවන් සියලල්ලටම ස්තූතියි.

    සමහර යකදූරු වරු හිතන්නෙ දෙවියො කියන්නෙ එයාලගෙ වැඩකාරයො කියල.එයාල දෙන පූජා වට්ටියට පෙරේත වෙලා සේරොම වැඩ කරල දෙන්න ඕනෙ කියල.එහෙනම් යන්ත්‍ර මන්ත්‍ර මොකටද...

    මේ කතාව කියවන හොර යකදුරන්ටයි එයාලගෙ ගෝලයන්ටයිනම් හුගක් රිදෙයි.අනිත් අය තේරුම් ගන්න.යක්ෂ බලවේග වලට කිසි දිනක බය වෙන්න එපා..බයයි කියල දැන ගත්තම තමයි කරදර වැඩි..බලවත් පිරිත් වලින් නිතරම ඔබේ ශක්තිය වැඩිකර ගන්න..

    Chandanie Deepika​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    .......යක්ශනිගේ බන්දනය....

    අපි කතානායකව සුමනේ කියලා හදුනාගනිමු...ඔන්න අපේ සුමනේ ජාලාශයක වාන් දොරටුවක් ප්‍රතිසංස්කරණ කරමින් සිටියේය...මොහු වැඩ ඇරි ගෙදර එනවිට මැදියම් රෑ බෝවී හමාරය...සුමනේගේ වැඩපලේ සිට තම ගෙදරට එම අරම්භ කලේය...මොහුගේ නිවසේ සිට වැඩපලට 01km විතර ඇත...මොහු මහාසෝනාටවත් භය නැති කෙනෙකය....ඔන්න සුමනේ රෑ නිවසට පැමිණිමට සුදානම් විය...
    හොදවයි බුලත් විටකුත් සපමින් මොහු නිවස බලා පිය නගයි...කවදාවත් නැති මුසල බවක් මුලු පරිසරයම වෙලාගෙන හමාරය...රැහියන්ගේ හඩ සහා බලන්ගේ උඩුබිරිම වරින් වර මුලු පරිසරයම දෙවනත් කරන්නට සමත් විය....
    "අද නම් මගේ හිතට ටිකක් හරි මදි වගේ...අද අමාවක දවසක් නිසා වෙන්න ඇති කොකටත් පය ඉක්මන් කරලා ගෙදර යන්නට ඔනේ"
    තමාටම කියා ගත්තේය..සුමනේ තනිකඩයකි...මාපියන්ද අවසන් ගමන් ගිහින් ඇත...සුමනේ අඩිය ඉක්මන් කරමින් තම ගමට ලං විය..මොහුගේ ගමට ඇතුලු වෙන තැනම ඇත්තේ කනත්තකි...
    සුමනේ දුටු දසුනින් සුමනේගේ සිත ගැස්සී ගියෙය...පාළු කනත්ත ලග ලස්සන සුරුපි කාන්තාවක් ඉදගෙන වෙවුලමින් සිටියේ...සුමනේ හිතට හයියගෙන ටිකක් ලං වී "නංගි මොකෝ මේ රෑ ජාමේ කනත්තට වෙලා ඉන්නෙ..මේ අවේලාවේ මෙහෙම ඉන්න එක හොද නෑ නේද.." කියා ඇසුවිට ඇය පැවසුයේ තාමාට කාත් කවුරුත් නැති බවය...ඇගේ විඩාබර මුහුණ දෙස අනුකම්පාවෙන් බැලු සුමනේ "නංගි මටත් කාත් කවුරුත් නෑ නංගි මනාප නම් අපේ ගෙදර යත් හැකියි..."
    සුමනේ එසේ පැවසීමත් සමග ඇය කැමති මෙන් හිස නැමීය...මොහුන් දෙදෙනාම සුමනේගේ නිවසට පැමිණ කාලය ගත කලහ...සුමනේ තම සහෝදරියට මෙන් ඇයට සැලකීය..
    සුමනේ දවසක් වැඩ ගියපු වෙලාවක ලග ගෙදරක නැන්දා කෙනෙක් උදව්වක් බලාපොරොත්තුවෙන් සුමනේව සොයා පැමිණියේය...එවිට සුමනේ ගෙදර නැති බව ඇයට වැටහුනි...සුමනේගේ නංගි නිවසින් පිටතට පැමිණියේ කලාතුරකින්ය...අසල නිවසේ සිට පැමිණි නැන්දා දුටු දසිනින් ඇග කිලිපොලා ගියේය..මුලු වත්සරයම තේත් විය...ඇය දුටුවේ සුමනේගේ නංගි ලිප ගිනි දැල්වෙමින් තිබු ලිපට තම දෙපය තබා බත් පිසින ආකරයයි...සුමනේ නිවසට පැමිනි පසු අසල්වාසි නැන්දා මේ සෙරම සුමනේට පැවසීය...
    යාකටවත් බය නැති සුමනේ බයෙන් තැති ගත්තේය...උදෑසනම බුලත් අතක් රැගෙන ගමේ ගුරුන්වහනෙසේව හදිගැගෙන්න පිය නැග්ගෙය...
    "අයුබෝවන් ගුරුන්වහනෙසේ මට...මේ"

    "මන් හැමදේම දන්නවා ඇදිගත්තානම් ඔහින්...බොහොම බයානකයි...ඔය දැරිවි ගොඩාක් ආසාවන් ඉශ්ට කර ගන්න බැරිව මියදිලා තියෙන්නෙ...මන් කියන දේ කොරන් වරෙන් සෙරම හරි යයි..ඔය යකින්නගේ බෙල්ලෙ තියෙනවා මාලයක් එක අරන් වරෙන්...හැබැයි එක දෙයක් පුතා මාලේ අරන් උබ ගෙදරින් පිට වෙද්දි යකින්න උබට 03 වතාවක් කතා කරයි හැරිලා බලන්නෙ නැතිව වරෙන්...හැරුනොත් කන්මුතුයි දැන් පලයන්..."

    "හොදමයි ගුරුන්වහනෙසේ මන් ගොයින් එන්නම්"

    සුමනේ නිවසට පැමිණෙන විට යකින්න බිම දිගාවී සුව නින්දක සිටියාය...සුමනේ හෙමින් සිරුවේ ලං වී බෙල්ලෙ තිබුනු මාලය ලබා ගන්න දැරු උත්සහය අපමනය...හරි වැඩේ දැන් යන්න ඔනේ..
    "අයියේ.....අයියේ....අයියේ...."
    සුමනේ තැති ගත්තේය...පුලුවන් තරම් ඉක්මනින්..ගුරුන්වහනෙසේව මුණ ගැහි...යක්ශනිගේ බන්දනයෙන්..සුමනේව මුදාලිය...
    ......නිමි.......

    ඉන්දික ප්‍රසාද් ගමගේ​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    me katha walin kiyak attada ban?
    novel wage samahara ewa

    ow. 90% wagema aththa ewa thiyenne. mama thorala berala aran katha tika danne. oya Navel wage thiyena ewa paththara, poth walin wage gaththa ewa bn. :yes:oya yatin thiyenawa Name eka FB eke gahala balanna. mul ayithi karayawa hoya ganna puluwan:)
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    22007380_132792630693935_1037812426954652891_n.jpg


    21768078_132792647360600_2446718749066965752_n.jpg

    මේ කතාව සිද්ද වුනේ හොරන පැත්තෙ.සදලි හරි ගුණ යහපත් ලස්සන ගෑනු ලමෙක්.දවසක් සදලිලගෙ අලුත් ඉඩමෙ ලිදක් හාරනකොට එයාට පුංචි බෝතලයක් හම්බ වුනා.එය විවෘත කරල බැලුවම එහි තිබුනෙ රන් කෙන්දක්..
    "රන් කෙන්දෙන් බැද දෑගිලි එක්කල ආදරයයි"

    ඇය එය සදුන් ඒ කියන්නෙ තමන්ගෙ ඤාති සහෝදරයගෙ අතේ බැන්දෙ හිනා වෙවී .ඒත් එහි ගැටය දැකපු සදුන් එහය ලිහා දමනවා.ලිද කපන විට උදැල්ලට ආපු පස් පිඩකින් රන්කෙන්ද වැසී යනවා...

    කාලය කෙමින් කෙමින් ගෙවී යද්දි සදුන් බොහොම නපුරු චරිතයක් බවට පත්වෙනව විතරක් නෙවෙයි තම මවට පියාට පවා පහර දෙන්න පටන් ගන්නවා.සදුන්ගෙ දෙමව්පියන් උගතුන් නොවුනත් සමාජයට බරක් නැති පවුලක්.නිශා සදුන්ගෙ අම්මගෙ ලොකුම වරද තමයි නිතරම අන් අයට කතා හැදීම..කේලම් කීම.මේ වගේ දේවල් නිසා ඇය නිතරම හිතවතුන්ගෙන් දෝෂාරෝපනයට ලක් වෙනවා.

    තම නිවසේ නිතරම ඇති වෙන කරදර ගැන යෙහෙලියකගෙ මාර්ගයෙන් සාත්තරයක් බැලීමට නිශා පිටත් වෙනවා.හුගක් දුර.කුරුනෑගල පැත්තෙ.එහිදී ඇයට දැන ගන්න ලැබෙන්නේ තමන්ගේ ස්ථානයට බලගතු ප්‍රේත ආත්මයක් පැමිණ සිටින බවයි..නිශාගේ කටින්ම මිය ගිය නැතැත්තෙකු ගැන විස්තර අසා ගන්නා සාත්තර කරු පවසන්නේ එම ප්‍රේතයා සදලිගේ පියා බවයි.සදලිගේ පියා මේ වෙන කොට මිය ගොස්.ඔහුද මිය ගියේ අනතුරකින්.ඊට මාස තුනකට කලින්

    "උඹටනම් අවුරුදු කන්න ලැබෙන්න එපා"
    කියල දේවාලෙකට ගිහින් සදලිගෙ තාත්තට පොල් ගැහුවෙත් නිශාමයි.සදලිගෙ අම්මටත් දවසක්
    "තොට හෙන ගහන්න ඕනෙ"
    කියල නිශා කිව්ව විතරයි සදලි ගෙ නිවසට හෙනයක් ගහල උලුවස්ස පිච්චිලා තිබුනා.කවුරුත් කිව්වෙ නිශාගෙ කට හොද නෑ කටවහ තියෙන බවයි..

    "මට කාගෙවත් දේවල් ඕනෙ නෑ..මම තනියම රත්තරං බඩු ටික හදා ගන්නවා.මගේ දෑවැද්ද මම වැඩට ගිහින් හදා ගන්නවා..මට පොහොසත් කොල්ලො ඕනෙ නෑ.රස්තියාදුකාරයෙක් වුනත් මට පුලුවනි හදා ගන්න"

    එහෙමයි සදලි කාටත් කියන්නෙ.අවු 18දි සදලි රැකියාවක් තෝර ගන්නවා.කාගෙත් හිත් දිනාගෙන වැඩ කරන්න ඇය හරිම දක්ෂයි.දහම් පාසලෙත් ප්‍රධාන ගුරුවරිය ඇයයි.පුංචි දරුවොත් සදලිට හරිම ආදරෙයි.

    උත්සහවන්ත කම නිසාම සදලි හැමදේම ගන්නවා.මේක නිශාට දරාගන්න බෑ.ඇය සදලිට පිරිමි ලමයි ජෝඩු කරන්න පටන් ගන්නෙ ඊට පස්සෙ.මුලින් සදලිව නිශාගෙම පෙම්වතෙකුට ජෝඩු කරන්න හැදුවත් සදලිගෙ වගේම එයාගෙ ඤාතීන්ගෙ පිහිටින් සදලි බේරෙනවා.නිශා ඊට පස්සෙ කරන්නෙ සදලිගෙ පිරිමි යාලුවන්ව ඇයගේ පෙම්වතුන් ලෙස ගමේ කතා පැතිරීමයි.කාගෙත් හොද යාලුවෙක් වුනු සදලිට කෙල්ලො කොල්ලො කියල බේදයක් තිබුනෙ නෑ.ඒත් නිරපරාදෙ කතා හැදීමනම් ඇයට දරා ගන්න බැරි වුනා..."
    " බාප්ප නිසා මෙච්චර කල් ඉවසුවේ..පුංචි කියල බලන්නෙ නෑ ගිහින් ගහනව කන පුපුරන්න "

    තමන්ට හදපු කැත කතාවක් ආරංචි වෙලා සදලිට එදානම් හරියට කේන්ති ගියා.

    නිශා එක්ක එදානම් සදලි රන්ඩු වුනා ..ගහන්නත් ගියා.ගෙදර අය එකතු වෙලා ඇයව ගෙදරට අරන් ආවෙ බොහොම අමාරුවෙන්.

    "පුදුම කරුමයක්නෙ මේක.අපේ පාඩුවෙ අපිට ඉන්න නෑනෙ.මමනම් කාටවත් බය නෑ...ඇත්තටම ගහනවා...මේ ඉවසන අන්තිම පාර"

    සදලි කිවිවෙ වත්තටම ඇහෙන්න.
    මේ අතර සදුන්ට කරදර කරන පෙරේතයව අයින් කරන්න නිශා ඇතුලු පවුලේ අය දේවාල ගානෙ ගියෙ.අන්තිමට හමු වුනු යකදුරු මහතා සදුන්ගෙ ඇගේ හිටපු ප්‍රේතයව ඉවත් කරනවා.නිශාට තමන්ගෙ පලි ගනීම සාර්ථක වෙනවා.ඒ කියන්නෙ ඒ ප්‍රේතයව සදලිට බන්දනය කරනවා.ඒ විතරක් නෙවෙයි නූලකුත් පන්නනවා....

    හොදට හිටපු සදලි ටික ටික වෙනස් වෙනවා.නිතරම ලෙඩ වෙන්න පටන් ගන්නවා.සදුන් වගේම රන්ඩු වෙනවා.රැකියාවට යන එකත් නතර කරනවා.ඒ මදිවට මුදල් ණයට අරන් යාලුවන්ට දීලා ඒවත් ගෙවන්න වෙනවා.වෛද්‍යවරු කියන්නෙ ඇයගේ ඇගේ ලේ නෑ කියලා.

    සදලි කලින්නම් නිරිමාංශක කෙනෙක්.ඒත් දැන් බැදුම් නැතුව බත් කන්නෙ නෑ.නිතරම බිත්තර ඔම්ලට් තනියම හදාගෙන කන්න පටන් ගන්නවා.නිතරම රෝගතුර වෙලා රෝහල් ගත වීම පවා සිදු වෙනවා.ලස්සනට හිටපු සදලි කෙට්ටු වෙලා කලු වෙලා කැත වෙලා ගිහින්...

    "නැන්දෙ..නැන්දෙ..අර කවුද ජනේලය ලග අත දැම්මා"
    දවසක් සදලි මහ හයියෙන් කෑගැහුවා.ඒත් නැන්ද බැලුවට කවුරුත් හිටියෙ නෑ....සදලි නිතරම රෑට හීනෙන් කෑගහන්න පටන් ගත්තා.ඒත් ඒ ගෙදර කවුරුත් සාත්තර විශ්වාස කරන අය නෙවෙයි.ඒ නිසා ඒ ගැන වැඩිය හොයන්න ගියේ නෑ.

    "අනේ මම රෑට කවුරු හරි ගෑනියෙක් ලගට ඇවිත් ලේ බොනව වගේ දකිනවා නැන්දෙ."

    ඒක තමයි කියන්නෙ පන්සිල් අරන් නිදා ගන්න කියලා.දැන් ඔයා දහම්පාසල් යන්නෙත් නෑනෙ දුවේ"

    නැන්ද කිව්වෙ දැන් සදලි කියන දේ නාහන නපුරු ලමෙක් වෙලා කියලයි.දැන් සදලිට අවු 20ක් වෙනවා.ඒ කියන්නෙ අවුරුදු තුනක්ම ගෙවිල ගිහින්.හිටපු ගමන් සදලි අත කපාගෙන පොටෝ ගහනවා.එන්න එන්නම තත්වය දරුනු අතට හැරෙන්න ගත්තා...සදලි නිතරම දකිනවා තමන් සමග තවත් කෙල්ලෙක් ඉන්නව වගේ.දවසක් නැන්දත් ඇය ලග කවුදෝ ඉන්නව දැකල බය වෙනවා.හරියට ඒක ඡායාවක් වගේ.

    "සදලි යමන් දේවාලෙ නැන්දලගෙ ගෙදර මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න."
    ඇගේ යෙහෙලිය දවසක් පවසනවා.සදලි අම්මටත් කියල නැන්දටත් කියල තනි කැමැත්තට සාත්තර අහන්න ගියත් එතනින් සදලිට කියන්නෙ බොහොම හොදයි කියලා.වතුර වගයක් මතුරල බොන්න දෙනවා බඩේ වේදනාවට.

    කාලය ගෙවිල යද්දි සදලි හදිස්සියේම විවාහ වෙන්නෙත් තනි කැමැත්තට.නොසිතූ විදිහට .ගෙදර හැමෝම ඒ ගැන පුදුම වෙනවා.

    විවාහ වුනත් සදලි නිතරම සැමියා එක්ක රන්ඩු කරන්න පටන් ගන්නවා.ඒත් ඔහුට ඇය හරිම ආදරෙයි.සදලි ලග ඉන්න සමහර වෙලාවට කවුරු හරි තව කෙනෙක් ඇය ලග ඉන්නවා වගේ ලහිරුටත් පේනවා.ලහිරු ඒ ගැන සදලිට කියන්නෙ නෑ.

    දවසක් ලහිරු එක්ක රන්ඩු වෙලා සදලි තනියම නිදා න්නවා.රෑ එකට විතර ලහිරු අවදි වන්නේ සදලි තනියම කියවනවා ඇහිලා.ලහිරු එකපාරටම තමන් දකින දෙයින් බියට පත්වෙනවා.ඔහු දකින්නේ කවුදෝ ගැහැනියක් සදලි ලග ඉන්නවා වගේ.එකපාරටම ලහිරු ඇදෙන් බිමට පනිනවා.එදා ඉදල ලහිරුටත් නින්දක් නෑ..

    "මේ වැඩේ හරියන්නෙ නෑ...යමු අර අක්කගෙන් අදුන ටිකක් බලාගන්න."
    ලහිරු කියනවා..

    අදුන බලද්දි තමයි සේරොම එලි වෙන්නෙ.ඒත් අක්කා කිසිවක් සදලිට නොකියා සදලිට දිනයක් දෙනවා විශ්ව ශක්තියෙන් වැඩ කරන මෑනිකෙනෙක් හමු වන්න.එම මෑනියෝ කිසිම මුදලක් ගන්නෙ නෑ.පිනට වැඩ කරන කෙනෙක්.

    සදලිගෙ ඇගේ ප්‍රේතයො දෙන්නෙක් ජීවත් වෙන බව එහිදී දැන ගන්නවා.එක්කෙනෙක් නිශා බන්දනය කරපු පෙරේතයා.අනිත් කෙනා සොපි නෝනගේ අගේ හිටපු සිරියාවතී.මතකනෙ රන් කෙන්දෙන් ගැට ගහල පාලු ඉඩමක වැලලුවා.කොහොම හරි එදා සදලිගෙ ඇගේ හිටපු ප්‍රේතයො අයින් කරනවා.

    නිශා පොලියට සල්ලි අරන් ගෙවා ගන්න විදිහක් නැතුව ඉඩ කඩම් විකුනල ඒ ගමෙන් යනවා...අවසානයි.

    කලින් කතා දෙක කියෙව්වම තමයි මේ කතාව රසවත් වෙන්නෙ.එදා මම දාපු වීඩියෝ එක මේ සදලිගෙ තමයි.(මේ ඡායා රූප වල ඉන්නෙ සදලි..එයා අත කපාගෙන ගහන පොටෝ.)මම ඉතින් කතාවක් දානවනම් සාක්ෂිත් එක්කමනෙ දාන්නෙ.ඊලගට තවත් නිදන් කතාවක් බලාපොරොත්තු වන්න.


    මම චාන්දනී දීපිකා.​
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    වියලි තොල්

    මට මතක විදිහට ඒ දවස්වල අපිට තිබ්බෙ හෙනම ගොන් අදහස්😅.යන්තම් අවු12-13 ලැබුව විතරයි එක එක දේවල් ගැන හොයන්ඩ තියෙන කැමැත්ත වැඩි උනා.අපේ ජීවිත ගෙවුනෙ අත්හදා බැලීම් එක එක පරීක්ශන (එව්ව අහන්ඩ එපා😑😑) වගේ දේවල් වලින් හැබැයි බොහෝදුරට ඔය දේවල් වලින් අපිට ලැබුනු ප්‍රෙතිපල නම් ඇගට ගුන දායක උනේ නෑ(ඒ හනුසු පාරවල් දමින්න කෝටු පාරවල් අම්බෝහ්😍😍)......හා හා වැල් වටාරම් නැතුව කතාව කියන්නම්කෝ 😐..........<br>

    ඔන්න ඉතින් මේකයි සිද්දිය.එදා පට්ටම කම්මැලි දවසක් කිසිම වාසියක් නෑ (ගඩා ගෙඩි ,කුරුම්බ ගැන කිව්වෙ හොදේ😋) ඔන්න ඕම වේලි වේලි ඉද්දි මම අදහසක් දැම්ම සෙට් එකට

    "මේ අහපල්ලා ..අඩේ.බැට්ටියා..අහපන් යකෝ..යමුද ඔය පැත්තෙ"(superstar shen jay)

    "මොනව කරන්නද බන් ඔයට ගිහින්.. දැන් පහ හමාරටත් කිට්ටු ඇති"(සෙට් එකේ ඉන්න ගෙදරට බය එකා😂ජගා)

    "කරන්ඩ වැඩද බන් නැත්තේ...මොකෝ කියන්නෙ යමුද කියාල්ලකෝ"

    "ඔව් බන් ශෙහා..අනික අපි ගෙදර ගියා කියල මොනව කරන්නද..නේද බන් ජගා"
    (මගේ ඕන දේකට අත හිත දෙන මගේ අතීජාත පාපතර මිත්‍රයා බැට්ටියා නොහොත් කසුනා🙍)
    "උබල දෙන්න යමල්ලා ..අම්බෝ ඔයේ හොල්මන් ඉන්නවා. අනික දැන් කඑවරත් වැටිල බන්..මන් ගෙදර යනවා....."

    "හා..හා..යමන්කෝ ආයෙ කතා නෑ උබ එක්ක"

    ඉතින් අන්තිමට මායි කසුවයි කුබුක් කැලේ කෙලවරක ඉදල තේක්ක කැලේ මැදින් වැටිල තියෙන කරත්ත පාර දිගේ වරා,මාර,තේක්ක වගේ රූස්ස ගස් අතු අතරින් ඇති ඒ පාර දිගේ දගකාර ගමනකින් කුබුක්කන් ඔයට යන්ඩ පිටත් උනා😋
    වෙලාව හවස හයට ලන් උනත් හිරු බැස තිබුනේ නෑ ව්ටේ පිටේ තිබ්බ රූස්ස ගස් නිසා පරිසරය මලානික උන අදුරකින් වෙලා ගෙන තිබ්බෙ මේ පාර දිගේ යද්දි අපිට ඇති වුනු හැගීම වචන වලින් කියන්ඩ බැරි තරම් ගුප්තයි..හිරිකඩු පිපෙන තරමට පරිසර උශ්නත්වය පහල ගොස් තිබුනු හවස් යාමය හිරු රැස් ලා රත් පැහැයක් ගත් මොහොතක් උනා අපි දෙන්නා හිමින් හිමින් අපිටම අවනත නොවුනු අපේම හැගීම් වලට අවනත වෙමින් ගවේශනාත්මක මෙහෙයුමක යෙදෙන්නට උනා.

    "අඩෝ ශෙහා මේ අහපන්... දැන් රෑ වෙලා ඕයි ..හෙට එමු බන්"
    "මෙච්චර දුර ආපු එකේ ඉතුරු ටිකත් යමු බන්."
    "අනේ බෑ ඕයි රෑ වෙලා දැන්..අම්ම බලාගෙන ඇති"
    ".මෙන්න මූ බය වෙලා..අම්මේ ඉතින් උබත් ලමිස්සි වගේනේ..හූ...හූහූ"

    මේ විදිහට කසුන්ට ඔච්චන් කරන ගමන් ඔහුගෙන් ඈතට මීටර් 20ක් විතර ඉස්සරහට මම දුවගෙන ආවා.වටපිට පොඩ්ඩක් බලද්දි තමා සීන් එක මීටරේට ආවෙ.ලොකු යක්ශයො වගේ රූස්ස ගස් මාව වට කරගෙන පිටිපස්ස හැරිල බැලුවත් කසුන් එන පාටකුත් නෑ.මේ වෙනකොට හිරිකඩු පිපෙන සීතලක් තිබ්බත් මගෙ ඉහෙන් කනෙන් දාඩිය වැක්කෙරෙනව මට හොදට මතකයි<br>

    "කසුනෝ..කසුනෝ...කසු.."

    කියන්නට ගිය වචනය ගිලගත්තු මන් අන්දුන්කුන්දුන් වෙලා බලන් හිටියෙ ඉස්සරහින් එන හිමාලි අක්ක දිහා
    බැලූ බැල්මට එයා නාගෙන එන බවක් තමා මට පෙවුනෙ...නස්පුක් වෙන්ඩ බය වෙලා හිටිය මට ඇගට ලේ ටිකක් ඉනුවා හිමාලි අක්කව දැක්කට පස්සෙ.

    "හිමා අක්කෙ කොහෙද බන් ගියේ?"

    "මැරෙන්ඩ ගියෙ..ඇයි මොකද!"

    මෙසේ කියමින් ඇය මන් ඉස්සරහින් පිලිමයක් වගේ හිටගත්තා.ඇය කවදාවක්වත් මෙහෙම ඉන්නව මන් දැකල තිබුනෙ නෑ.. රත් පැහැ ගැන්වුනු ඉර එලිය රූස්ස ගස් අතු පතරින් ඇවිල්ල ඇයගෙ මුහුනට වැටිල තිබ්බෙ. ඒ වෙලාවෙ තමා මන් ඇයගෙ මූන දිහා බැලුවෙ..ඇයගෙ ඇස් දෙක සාමානය ප්‍රමානනයට වඩා තරමක් විශාල වී රතු වී තිබුනා තොල් වියලී ඉරිතැලී ගිහින් තිබුනේ මට මෙව්ව දැක ගන්න හම්බඋනේ වරින් වරයි ඒ මොකද එයාගෙ මූනට වැටිල තිබ්බ කෙස් රොද නිසා.එයා විටෙන් විට එයාගෙ තොල් වලින් මොනවද මිමිනුවා.මට කතා කරන්න උවමනා උනත් කතා කරගන්න බැරි බව මට තේරුම් ගියා

    එයා මට ගොඩක්ම ලන් උනා එයාගෙ වියලි තොල් මගෙ කන් පෙති වල තිබ්බා.ඒව වියලි උනාට ගොඩක්ම මෘදු උනා.කන්පෙති සෙමින් සිප ගන්න ගමන් මගෙ කනට එයා මොනවද මිමිනුවා ... මට ඒව ඇහුනෙ මේ විදිහට

    "ගොඩක් අය ආදරේ කලා"
    "ගොඩක් අයට ආදරේ කලා"
    "ඒ ආදරේ නැති උනාම"
    "ජීවිතය කියන්නෙ හිස් පිටුවක්"

    එයාගෙ ඇස් වලින් ආපු කදුලු බිංදු මගෙ කන්පෙත්ත දිගේ ගලාගෙන ගිහින් නිකට ගාවින් බිමට වැටුනා..

    "බවතු සබ්බ මංගලම් - රක්කන්තු සබ්බ දේවතා..."

    පිරිත් හඩක් එක්ක අවදි උන මන් එක පාරටම දැක්කෙ අම්මගෙ ඇස් දෙක ඊට පස්සෙ පිලිවෙලට ලොකුහාමුදුරුවො,තාත්තා,කසුන් එයාගෙ පවුලෙ අය, ගමේ අහල පාල අය මගෙ වටේට හිටිය.මගෙ හිත ගොඩක් තැන් වල අතරමන් වෙලා තිබ්බෙ.අම්ම මාව නැගිට්ටවල වතුර එකක් පෙව්ව.ටික වෙලාවකින් හාමුදුරුවොයි,පවුලෙ අයයි,කසුනුයි ඉතිරි වෙන්ඩ අනිත් අය ගෙවල් වලට ගියා.මන් යතාතත්වෙට පත්වෙමින් හිටියෙ

    "හිමාලි අක්කද මාව එක්කන් ආවෙ"

    කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කිව්වෙ නෑ..
    හාමුදුරුවො අම්මයි තාත්තයි එක්ක එලියට ගියා..

    "කසුන මට ඇත්ත කියපන්..හිමාලි අක්ක නේද බන් මාව එක්කන් ආවෙ .ඇත්ත කියපන්.."

    "පිස්සුද බන් ශෙහා..හිමාලි නෙමේ බන් මමයි උබව තේක්ක කැලේ සියාතු සීයට කියල එයාගෙ කරත්තෙන් මෙහාට ගෙනාවෙ"

    "එතකොට ...හිමා..ලි"

    "හිමාලි....අ..ක් ...කා.. ඊයෙ ඔයේ ගිලිල බන් තාම මිනියවත් හොයාගෙන නෑ.."

    ŠhEń Jâý
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    භූතයෙක් සමග එකම කාමරයක ගතකල දිවිය........

    (මෙම කතාව රොබට් යනුවෙන් හදුන්වන පුද්ගලයාට වූ සත්‍ය සිදුවීමකි )
    මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........
    ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා.....
    එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්...... කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව
    මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......
    ගුඩ් නයිට් එව්රිවන්............
    කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාම අර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර යකා උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත.....
    කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත් ඉතින් ඕන මගුලක් නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......
    ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්ක ඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි අර යකා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් කන පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම.......
    එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටියව යැවුව......... එදා කතන්දරේ ඉවරයි.........
    කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන මගුලක් වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ.......
    මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... .### කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල මගුලයි ...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාව ඉවකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ.....
    එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... මට මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........
    කෝ බලන්න මූ රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් ඉතින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත.......
    බුදු අම්මෝ.......
    බුදු අම්මෝත් හොඳ එක......
    පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.
    ඇරපිය යකෝ දොර..........
    මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ....
    ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........
    මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........
    උගේ සිද්දිය කෙටියෙන්......
    ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල...... අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........
    කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල.....
    අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ......
    අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......
    මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ. විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක් බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........
    මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම.
    ප.ලි :- මෙම කථාවේ මම යනුවෙන් හදුන්වන්නේ රොබට් යන පුද්ගලයවයි .කථාව ලියා ඇත්තේ ඔහුගේ මානයෙනි

    tharindu
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    අමනුශ්‍ය ආත්මය
    යාළුවනේ මේ කතාවට තවම මම නමක් හිතලා නෑ. මේක මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්ගේ ඇත්තම අත්දැකීමක්. මම මේ කතාවේ රසය තව ටිකක් වැඩි කරලයි පොඩි වෙනස් කම් ටිකක් කළා. ඒ වගේම මේ කතාවේ නම් ගම් නම් මම වෙනස් කළා. එහෙනම් යාළුවනේ මෙකත් කියවලා ඔයාලගේ අදහස් කියන්නකෝ..
    කේතකී ගමන ආරම්භ කළ මොහොතේ පටන්ම කල්පනාවක ගැලී උන්නාය. පාර දෙපස වූ සුන්දර කුඹුරු යායවල්, රබර් වතු , කුඩා මැටි ගෙපැල් වලට පවා ඇගේ අවධානය යොමු වූයේ නැත. වෙනදා නම් ඇය මෙවා දෙස ආසාවෙන් බලමින් ගමන් කරයි. ඇය කල්පනාව නවතා මදකට ඇයට පසෙකින් අසුන් ගෙන සිටි ඇගේ සැමියා වන සහන් දෙස බැළුවාය. ඇයට අතීතය නැවත සිහි පත් විය.
    සහනුත් කේතකීත් විවාහා වී වැඩි කාලයක් නැත. සහන් යනු ධනවත් වියාපාරිකයෙකුගේ බාල පුත්රයායි. ප්රේම සම්බන්ධයකින් විවාහා වූ ඔවුන් දෙදෙනා බොහෝ ආදරයෙන් ජීවත් වූහ. එහෙත් දැනට මාසයකට කළින් සිදු වූ මාරක රිය අනතුරකින් සහන් දිවි ගලවා ගත්තේ 99යෙනි. එම සිදුවීම මතක් වන විට දැන් පවා කේතකී බයෙන් තැති ගනී. සහන් ජීවිතයත් මරණයත් අතර සති එකහාමාරක් සටන් කළේය. ඔහු කෝමා තත්වයක පසු විය. වෙද්යවරුන්ගේ මතය වූයේ ඔහුගේ ජීවිතය පිළිබඳ බලපොරොත්තු තබා ගත නොහැකි බවයි. අවසන කාගේත් සිත් පුදුමයෙන් හා සතුටින් පුරවාලමින් සහන් සිහිය ලැබුවේය. කවුරුත් කල්පනා කළේ එය ඔහුගේ වාසනාව බවයි. වෙද්යවරුන් පැවසුවේ ඔවුන්ගේ කාර්ය අවසන්වී ඇති නිසා ඔහුව නිවසට රැගෙන යන ලෙසයි. එහෙත් නිවසට ආ පසුත් සහන් පෙර මෙන් නොවීය. ඔහුගේ අමුතු වෙනසක් විය. එය ඔහුගේ හිත මිතුරු කා හටත් ඉක්මනින් වැටහිණ. ඔහු තවමත් සුව වෙමින් සිටින නිසාත් ඔහු මුහුණ පෑ භයානක රිය අනතුරේ බලපෑම නිසාත් ඔහුගේ මේ වෙනස් කමට හේතුව බව වෙද්යවරුන්ගේ මතය විය. එම නිසා ඔවුන් සහන්ගේ දෙමව්පියන්ට පැවසුවේ ඔහුව මෙම කොළඹ කලබලකාරි පරිසරයෙන් ඔහේ හෝ පිටිසර නිස්කලන්ක පෙදෙසකට යවන ලෙසයි. ඒ අනුව සහන්ගේ දෙමව්පියන් සුන්දර නෙළුම්ගම නැමැති ගමට සහන්වත් කේතකීවත් පිටත් කර හරී. ඔවුන්ගේ තනි නොතනියට සහා නිවසේ වැඩ පල කිරීමට ගමෙන්ම මැණිකා සහා බණ්ඩේ නැමැති මහළු යුවලක්ද සේවයට ගෙන තිබුණි. තවද සහන්ට තවම රිය තනිව පැදවිය නොහැකි නිසා ඔවුන්ගේ රියදුරු කපිලත් ඔවුන් සමග පැමිණෙන ලදී. මේ ඔවුන් යමින් සිටියේ නෙළුම් ගමේ සහන්ගේ පියා විසින් ඔවුන් වෙනුවෙන් මිළට ගන්නා ලද නිවස වෙතටයි. එහි යන අතරතුර එහා පස සිටි තම සැමියා දෙස කේතකී වරින් වර බැළුවේ ඔහුව කතාවකට අල්ලා ගැනීමටයි. වෙනදා නම් ඔහුත් ඇයත් මෙවන් ගමනක් යද්දී සුහද කතා බහා දෝරේ ගලයි. එහෙත් දැන් සහන් බොහෝ නිහඩය. ඒත් ඔහුද වරින් වර කේතකි දෙස බලයි. ඔහුගේ බැල්ම අමුතු යැයි ඇයට බොහෝ විට සිතෙයි. පැය තුනක ගමනින් ඇය තෙහෙට්ටුවට පත් වී සිටියාය. ඊටත් වඩා සහන්ගේ අසනීප තත්වය ඇයට මහත් දුකක් විය. ඇයට උවමනා වූයේ තම සැමියා කෙසේ හෝ පෙර තත්වයට ගෙන ඒමටයි. ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විදීමට ඇය සැරසී සිටියාය. ඔවුන් නිවසට වෙත ළඟා වන විට හතරවටින් කළුවර වැටී තිබිණ. මැණිකාත් බණ්ඩාත් ඔවුන් පිළි ගැනීමට ඉදිරියට ආවෙ මුව පුරා රැඳි සිනාවකිනි. ඔවුන් දෙදෙනා කරුණාවන්ත යුවළක් බව කේතකීට සිතා ගත හැකි විය.
    'ටිකක් පරක්කු උනා මාමේ." කේතකී බණ්ඩේට කට පුරා මාමේ යැයි ඇමතීම නිසා බණ්ඩේ සතුටට පත් විය. හරිම නිහතමානි දරුවෙක්. ලොකු කමක් ගෑවිලා වත් නෑ" බණ්ඩේ සිතුවේය. කපිල ඔවුන්ගේ බඩු නිවස වෙත ගෙන එන ලදී. ගම්බද වුවත් එම නිවස ඉතා සැප පහසු අන්දමට අළුත් වැඩියා කර තිබුණේ සහන්ගේ පියා විසිනි. කේතකී ඉක්මණින්ම සහන්වත් රැගෙන නිදන කාමරය වෙත ගියාය." සහන් මම ටක් ගාලා වොශ් එකක් දාගෙන එන්නම්. ඔයා හාන්සි වෙලා ඉන්නකෝ."

    ඔවුන් රෑ කෑමද ඉකමනින් ගෙන නින්දට ගියහ. කේතකීටද ඉක්මනින් නින්ද ගියේය..
    "කේතකී කේතකී ඔයාට මාව ඇහෙනවද.. කේතකී මාව ඇහෙනවද.."
    සහන්ගේ හඬින් කේතකී ගැස්සී ඇහැරුණාය.. ඇය අසළ සහන් සුවසේ නිදයි. ඇය දැක ඇත්තේ සුපුරුදු සිහිනයම බව ඇය වටහා ගත්තාය. ඇයට මෙම සිහිනය මහත් ප්රෙහේළිකාවකි.
    සහන් රිය අනතුරට පෑ දවසේ සිට නොකඩවාම හැම රැයකදීම ඇය මේ සිහිනය දැක අවදි වූවාය. සහන් කොහේදෝ අන්ධකාරයක සිට ඇය අමතයි. ඔහු පවසන්නේ එකම දෙයකි. ඒ ඔහුට උදව් කරන ලෙසයි. ඇය නැවත නිදන්නට උත්සහා කළාය..
    මෙසේ දින කිහිපයක් ගෙවී ගියේ සාමන්ය පරිදිය. එක් දිනක් සවස කේතකීට පන්සල් යාමට සිතක් පහළ විය. " සහන් අපි දෙන්නා පන්සල් ගිහින් එමුද?"
    "කේතකී මට ටිකක් අමාරුයි අද යන්න. අපි වෙන දවසක යමු. ඔයා මැණිකා එක්ක ගිහින් එන්නකෝ"
    "හරි සහන් කමක් නෑ. අපි වෙන දවසක යමුකො එහෙනම්. මම මැණිකා එක්ක ගිහින් එන්නම් එහෙනම්"
    ඇය මැණිකාත් සමග සවස පන්සල් ගියාය. බුදුන් වැඳ මල් පුදා ඇය, බෝධිය යට ඔහේ වාඩි වී සිටියාය. සුදු සරමක් හා කමිසයක් හැඳ ගත් මැදි වියේ මිනිසෙක් කේතකී දෙස බලා සිටියේය. කේතකී ඔහුව දුටුවාය. ඇය ඔහු සමග සිනාසුනාය. " මේ නෝනා මේ පළාතේ නෙවෙයි නේද?" ඔහුද ඇය සමග පෙරළා සුහද සිනාවක් සමගම කතාව ඇරඹුවේය.
    "නෑ මාමේ මම මෙහෙ නෙවෙයි. මම කොළඹ. ටික කලකට මෙහේ ආවේ"
    "නෝනා මම සාමන්යෙන් අඳුරන්නේ නැති අය එක්ක වැඩි කතා බහක් නෑ. ඒත් මේ නෝනාව දැක්කම මට හිතුණා නෝනට ළගදීම මගේ උදව් ඕන වෙයි කියලා. මේ නෝනා නොදන්නවා උනාට නෝනා ඉන්නේ භයානක අනතුරක. නෝනා ගාව ලොකූ අන්ධකාරයක් පෙන්නුම් කරනවා. ටිකක් පරිස්සමින් කල්පනාවෙන් ජීවත් වෙන්න නෝනා"
    ඒ සමගම බුදුන් වැඳ අවසන් වූ මැණිකා ඔවුන් අසලට පැමිණියාය.
    "සියාතු ගුරුන්නාන්සේ නොවැ. මම මේ ඈත තියා දැකලා බැළුවා අපේ නෝනත් එක්ක කවුද මේ බර කතාවක කියාලා. ගුරුන්නාන්සේ පන්සල් ආවැයි"
    "ඔව් මැණිකා,එහෙනම් මම ගොහින් එන්නම්. වැඩ ගොඩක් තියෙයි කරන්න"
    එසේ කියා ඔහු එතනින් ඉවත් උනේය.
    "කව්ද මැණිකා නැන්දේ ඒ"
    "ඒ තමා නෝනේ අපේ ගමටම ඉන්න ගුරුන්නාන්සේ. බොහොම බලගතු කෙනෙක්. ඕනම යකෙක් මට්ටු කරයි"
    "ම්ම් එහෙමද නැන්දේ" කේතකී සියාතු කියූ දේවල් ගැන නැවත සිතුවාය.. ඇය ඔහු පැවසූ දේවල් ගැන මැණිකාට කිසිවක් පැවසුවේ නැත. මේ ගම්මුන්ගේ හණමිටි අදහස් යැයි ඇය සිතුවාය. සහන්ගේ ප්රශ්ණයට අමතරව තවත් ප්රශ්ණ ගැන සිතීමට ඇයට වෙලාවක් නොවීය. දුරකථනය නාද වන හඩින් කේතකී කල්පනාවකින් මිදුනාය. "හෙලෝ අක්කේ කොහොමද ඔයාලට"
    "හොදින් ඉන්නවා නන්ගි. කොහොමද මල්ලිට? දැන් ඉස්සරට වඩා සනීපද?"
    "ඔව් අක්කේ දැන් සහන් ටික ටික හොඳ වෙනවා. අපේ දූ පැටියාට කොහොමද අක්කේ"
    "අනේ නන්ගි මේ කෙල්ල කරදර කරනවා බාප්පි බලන්න ඕන කියලා. අයියා කිව්වා ඉස්කෝලේ නිවාඩු නිසා දූව ඔහේ ඇරලවමු කියලා. අනික මල්ලිත් කෙල්ලට ආදරේ නිසා මල්ලිටත් පාළු නැති වෙයි. "
    අක්කේ ඒක නම් ශෝක්.. මටත් පාළුයි මෙහේ. දූව එක්කන් එන්න අක්කේ. මම හොඳට බලා ගන්නම්."
    " හරි නන්ගි මම ඉතින් ඔයා ගැන දන්නවනේ. එහෙනම් අයියයි මමයි හෙට දුව එක්කන් එන්නම්කො"
    පෙරදා කතා වූවා සේම සහන්ගේ අයියාත් බිරිඳත් එකම දියණිය වූ සනුමීත් නෙළුම් ගමට ආවෝය. පාළුවෙන් සිටි කේතකී සනුමිගේ පැමිණීම ගැන සතුටින් සිටියාය. දියණිය ඇරලවූ අයියාත් බිරිඳත් සවස පිටත් වී ගියහ. සහන් තම සහෝදරයාගේ දියණියට තම දරුවෙකුට සේ ආදරය කළේය. ඔහුගේ මුළු ලෝකයම වූයෙ ඇයයි. කේතකිද සනුමිට ආදරය කළාය. එහෙත් මේ ගමනින් සහන්වත් සනුමීවත් සතුටු වූ බවක් නොපෙනින. "මගෙ දූ මොකෝ නිකන් බය වෙලා වගේ. ඇයි බාප්පි එක්ක කතා කළේ වත් නෑනේ දූ තවම" කේතකී පැත්තකට වී හිඳ සිටින සනුමිගේ හිස අත ගා ඇසුවාය.
    "අනේ පුන්චි බාප්පී මා එක්ක වෙන්දා වගේ කතා කලෙත් නෑනේ. වෙන්දට නම් මා එක්ක සෙල්ලම් කරන්නත් එනවා"
    හරි මගෙ පැටියෝ, ඔය ගණන් ගන්න එපා. බාප්පිට තවම සනීප නෑනේ. එයා සනීප උනාම එයා එයි ඔයා එක්ක ඇති තරම් සෙල්ලම් කරන්න. සහන්ගේ මෙම හැසිරීම ගැන කේතකීද පුදුමයට පත් විය. එහෙත් ඔහුගේ අසනීප තත්වය නිසා මෙසේ ඔහු හැසිරෙතැයි සිතුවාය. .
    "ඊළඟ දිනයේ සනුමි තනිවම එළියට වී කල්පනා කරනු කේතකී දුටුවාය.
    "දුව මොනාද අප්පේ මේ කල්පනා කරන්නේ. දුව මෙහෙ ඉන්න කැමති නැද්ද? මෙහෙ පාළුද දුවට? අපි සෙල්ලම් කරමුද?"
    "පුන්චි මම රහසක් කියන්නද? හැබැයි බාප්පිට කියන්න බෑ හොඳේ."
    "අනේ නෑ පැටියෝ මම කියන්නේ නෑ. කියන්නකෝ බලන්න ඔයාගේ රස රහස"
    " මේ ඉන්නේ මගේ බාප්පි නෙවෙයි පුන්චි. මේ ඉන්නේ කළුම කළු යකෙක්.."
    සනුමිගේ කතාවෙන් කේතකී පුදුම වූවාය, මේ කුඩා දැරියගේ මුවින් එය පිට වූයේ කෙසේද?
    "අනේ පුතේ ඇයි එහෙම කියන්නේ මේ ඉන්නේ පුතා ගොඩාක් ආදරේ කරපු බාප්පිනේ. දැන් එයා අසනීපෙන්නේ ඉන්නේ.
    "කේතකී දැරියගේ සිත සන්සන්නට වූවාය. දැරිය මෙහි ආදා පටන් සහන්ද සිටියෙ වෙනදාටත් වඩා අමුතුවය. සනුමීත් වෙන්දා මෙන් දුව පැන ඇවිද සෙල්ලම් නොකරයි. ඇය සහන් අසළට වත් යාමට බයය. සනූමීගෙ පැමිණීම නිසා සහන් යථා තත්වයට පැමිණීම පහසු වනු ඇතැයි ඈ සිතුවාය. එහෙත් දැන් සහන්ද වෙනදාට වඩා වෙනස්ය. කේතකී මේවා ගැන කල්පනා කොටම වෙහෙසට පත් වී සිටියාය. "ඊළඟ දිනයේ සනුමි කේතකී වෙත දිව ආයේ හති දමමිනි. කේතකි එවිට කුස්සියේ සනුමීට කිරි හදමින් උන්නාය.
    "පුන්චි පුන්චි"
    "සනුමී බියෙන් ගැහෙමින් සිටියාය.
    "ඇයි දුව මේ. ඇයි මේ බය වෙලා. දාඩියත් දාලා"
    "පුන්චි බාප්පි.. බාප්පි.."
    "අනේ පුතේ මාව බය නොකර කියන්නකෝ, මොකක්ද උනේ"
    "පුන්චි බාප්පි කළුම කළු යකෙක් තමා.. මම දැන් බාප්පිගේ කාමරේට ගියාම එයාට ඩ්රැක්යුලාට වගෙ උල් දත් දෙකක් පෙන්නලා මා එක්ක හිනා උනා"
    "අනේ පුන්චි මට දැන් මෙහෙ ඉන්නේ බෑ. මාව ගෙදර ගෙනියන්නකෝ"
    සනූමි හඬන්නට විය. "අනේ පුතේ අඬන්න එපා. මම ඔයාව ගෙදර ගෙනියන්නම්කෝ" ඇය සනුමීව කාමරයට ගෙනගොස් ඇයව නිදි කෙරෙව්වාය. සනුමිට ඒ වෙන වනවිටත් උණ ගැනී තිබිණ. කේතකී සනුමීට බෙහෙත් අරන් දී ඒ රැය පුරා ඇය සමගම සිටියාය. සනුමි කිහිප විටක් රෑ සිහිනෙන් බිය වී අවදි වූවාය. උදෑසන වන විට කේතකී තීරණය කොට තිබුණේ සනුමිව අයියාටත් අක්කාටත් බාර දීමටයි. දුරකථනයෙන් අයියාගේ බිරිඳ අමතා සියළු විස්තර පවසා සනුමීව කපිල සමග කොළඹ යැව්වාය. සනුමී ගිය පසු සහන් සාමන්ය ආකාරයට හැසිරුනේය. කේතකීද සනුමී කියූ දේවල් ගැන එතරම් තැකුවේ නැත.
    එදින රැයේදීත් ඇය සුපුරුදු සිහිනයම දැක අවදි වූවාය. ඒත් වෙනසකට වූයේ වෙනදා මෙන් සහන් ඇය අසළ නොසිටීමයි. ඔවුන්ගේ කාමරයේ දොරද හැර දා තිබිණ. ඇය සෙමින් හැර දමා තිබූ දොරෙන් සාලයට පිවිසියාය. සාලයේ දොරද හැර දමා තිබිණ. දෙවරක් නොසිතා ඇය සාලයේ දොරින්ද පිටතට පැමිණියේ සහන් සෙවීමටයි. ඇයගේ සිතට බියක් ගෙන ආවේ ඔහු තනිවම මෙවන් වෙලාවක එළියට පමිණ ඇති නිසාය. එදින සඳ හොඳින් පායා ඇති නිසා මුළු වට පිටාවම එළිය වී තිබිණ. " සහන් සහන් යැයි ඇය ඇමතුවද පිළිතුරක් නොවීය" ඇය ගෙවත්ත පිටුපසට සෙමෙන් ඇවිද ගියාය. සඳ එළිය නිසා ඇයට තනියම යාමට බියක් දැනුනේ නැත. ගෙවත්ත පිටුපස ගස් ළඟින් ළගින් වැවී මදක් අඳුරු ස්බාවයක් ගෙන තිබුණි.ගස් අතරින් සහන්ගේ ඡායාවක් මෙන් ඇය දුටුවාය. ඇය ශබ්ද නොනගා ඔහු දුටු දෙසට ඇවිද ගියාය. ගස් අතරින් ඇය දුටු දේ ඇයටම අදහා ගත නොහැකි විය. සහන් අත වූයේ පණ ඇති කුකුළෙකි. ඔහු උගේ කකුල් දෙකින් අල්ලාගෙන ගමන් කරමින් සිටියේය. කේතකීගේ දෑස් විසල් වී තිබිණ. ඇය ඊළඟට දුටු දර්ශණය ඇයව සිහි නැති කරවීමට ආසන්න විය. ඇය ආදරය කළ සහන්, එකම යහනක් බෙදා ගත් සහන්මද මේ කියා ඇයට සිතා ගත නොහැකි විය. ඔහු කුකුළා මුවට ළන් කොට උගේ ගෙලෙන් ලේ බිව්වේය. මේ පිළිකුල් ලොමු දැහැ ගන්වන දර්ශනය දෙස තව දුරටත් ඇයට බලා සිටිය නොහැකි විය. ඇය එකෙනෙහිම නිසව දෙසට දිව යද්දී කාගෙදෝ ඇගක හැපී බිම වැටුණාය. ඒ බණ්ඩේ විය. ඔහු දැකීමෙන් ඇගේ සිතට සහනයක් ගෙන ආවේය. පසුව අය දුටුවේ තමාගේ මෙන්ම ඔහුගේ මුහුණේද තිබූ බියයි. " නෝනා යමු ඉක්මන් කරලා ගෙට. මේ අවේලාවේ නෝනා මොකටද එළියට බැස්සේ. මේ අමුනුස්සයෝ රජ කරන වෙලාව"
    කේතකී කිසිවක් නොකියා බණ්ඩේ සමග ඉක්මනින්ම නිවස වෙත පැමිණ අසුන් ගත්තාය. තවමත් ඇයට වත්තේදි දුටු දර්ශනය මැවි මැවී පෙනෙන්නට විය. " නෝනා මේ වතුර ටික බීලා හිටිය නම්"
    බණ්ඩේ වතුර වීදුරුවක් ඇය වෙත පෑවේය.
    "නෝනා මේ පළවෙනි දවස නෙවෙයි සහන් මහත්තයා මේ විදියේ දෙයක් කරපු. හැම කෙම්මුර දවසකම රෑ 12ට 1ට ඔය විසියට වත්ත පහළට යනවා කුකුළෙකුත් අරන්. මමත් දවසක් වත්තෙන් අමුතු සද්දයක් ඇවිත් බලන්න ගියාමයි දැක්කේ. මහත්තයගේ ඇගට අමුනුස්ස බලපෑමක් නෝනා. මේවා බලා ඉන්න හොඳ නෑ .නෝනා දැන් ගිහින් නිදා ගන්න. මුකුත් නොවිච්චි ගානට ඉන්න. මහත්තයගේ ඇගේ ඉන්න අමුනුස්සයා දැන ගත්තොත් අපි මේවා දැක්කා කියලා අපි ඉවරයි නෝනේ" එසේ කියමින් බණ්ඩේ නිවස තුලට ගියේ ඇය සාලයේ තනි කරමිනි. ඇයද ඉක්මනින්ම කාමරයට ගොස් නිදි ලෙස සිටියාය. තවත් පැය භාගයකට පසු සහන් පැමිණියේය. ඇය නිදි ආකාරයෙන්ම සිටි නිස ඔහුද ඇඳේ අනික් පස ඇල උනේය. ඇය අසලට නින්දක් නම් නොආවේය. මේ කුමන නම් රෝගී තත්වයක්ද.. පණ පිටින් සතෙකුගේ ලේ බීමට සාමාන්ය මනුස්සයෙකුට හැකි වේද.. මෙවන් බොහෝ දේ ඈ කල්පනා කළාය. ඇයට සියාතු ගුරුන්නාන්සේ පන්සලේදි කියු දෙය සිහි විය.. දෙවියනේ එහෙනම් ඒ මනුස්සයා කියන්න ඇත්තෙ මේ ගැන වෙන්න ඇති. හෙටම යනවා මම බණ්ඩේ මාමා එක්ක ගුරුන්නාන්සේ හම්බෙන්න. මගේ සහන්ව මේකෙන් බේර ගන්න ඕන

    පසුදා උදෑසනම කේතකී බණ්ඩේ අමතා සියාතු ගුරුන්නාන්සේ හමුවීමට තමාට අවශ්ය බව පැවසුවාය. "නෝනා මේ අපේ මැණිකාත් එක්ක යන්ට. උන්දැ දන්නවා සහන් මහත්තයගේ කතාව. උන්දැ දැකලා තියෙනවා මහත්තයා බිත්තර අමුවෙන්ම කටේ හලා ගන්නවා. මම පස්සේ මේවා ගැන කට හොල්ලන්න එපා කියලා මම දැකපු දේවලුත් කිව්වා. උන්දැ කිව්වේ මේ ගැන ඉක්මනට නෝනට කියලා මොකක් හරි කරලා මහත්තයව බේර ගම්මු කියලා. ඒත් නෝනා අපි කියන දේවල් විස්වාස නොකරයි කියලා අපි කරබාගෙන උන්නා. ඒත් නෝනාම දැක්කනේ ඊයේ ඇස් දෙකෙන්ම."
    පසුව මැණිකාත් සමග කේතකී සියාතු ගුරුන්නාන්සේ හමුවීමට ගියාය. ඔවුන් එහේ යන විට ඔහු ගේ පිළ මත වාඩි වී පුස් කොළ පොතක් කියවමින් සිටියේය. "ඈත තියා ඔවුන් දුටු ඔහු බුලත්විට කහට ගැහුණු දසන් පෙන්වා සිනාසුනේය" "අද නෝනා එන බව දන්න නිසාම මම අද අනික් අය හරෝලා ඇරියා. නෝනා මෙහෙන් ඇවිත් ඈඳී ගත්තා නම්." කේතකී පුදුමයට පත් විය. අද මෙහි පැමිණේන බව දන්නේ බණ්ඩේත් මැණිකාත් තමාත් පමණි. එහෙත් සියාතු අ බව දැන ගත්තේ කෙසේද? මැණිකා කියූ පරිදිම ඔහු එසේ මෙසේ පුදගලයෙකු නොවන බව ඇය වටහා ගත්තාය.
    කේතකීත් මැණිකාත් ඔහු පෙන්වූ වේ වැල් පුටු දෙකක අසුන් ගත්හ. හොදයි නෝනෝ දැන් මට කාරණය මුල ඉදන් කියන්ට. අපි බලමු මොනාද කොරාන්ට පුළුවන් කියාලා. කේතකී සහන් අනතුරට පත් වූ දා සිට සිදු වූ සියළුම දේ ගුරුන්නාන්සේට කිව්වාය. ඔහු මොහොතක් කල්පනා කළේය. නෝනා මොනාත් කියන්ට කළින් මට අඳුන බලන්ට ඕන. මහත්තයගේ ඇගේ ඇත්තටම ඉන්නේ මොකාද කියලා බලලා තමා බෙහෙත් තීරණය කරන්ට් ඕනැ ඔහු එසේ පවසා නිවස තුළ වූ කාමරයකට ගියේය. එම කාමරයේ දොර හරින් විට ඉතා මිහිරි සුවඳක් වහනය විය. ඔහු කාමරයට ඇතුළු වී දොර වසා ගත්තේය. මද වේලාවකින් නැවත පැමිණි ඔහු කතා කරන්නට විය.ඔහුගේ පෙනුම ඉතාම බැරෑරුම් විය. "නෝනා මම මෙච්චර කාලෙකට මට්ටු කරල ඇති මල පෙරේතයො , භූතයෝ, සිය ගානක්. ඒත් නෝනා මම ඇත්තම කියනම් මේ තරම් බලවත් යකෙක් එක්ක මගේ මුත්තාවත් හැප්පිලා නෑ. මූ ඒ තරමට බලවත්. මූ ඇවිත් තියෙන්නේ නිකන් නෙවෙයි.. ලොකු අරමුණකට . අපිට ඒක උගෙන්ම දැන ගන්න වෙනවා. අනික අපි දැනටත් ගොඩාක් පරක්කු වැඩියි. සහන් මහත්තයා එයාගේම ඇගට එන්න බැරිව ඉන්නේ. මහත්තයා නෝනාට මේ ගැන අනතුරු අගවන්න උත්සහ කරල තියෙනවා. ඒකයි නෝනට හීන පෙනිලා තියෙන්නේ හැම රැයකම. නෝනා පුළුවන් තරම් ඉක්මනට මේ කලමනා ලක ලැහැස්ති කරන්ට. හෙට හවසම අපි වැඩේ පටන් ගමු. තවත් සුනන්ගු වෙලා බෑ." එසේ කියමින් කළමණා ලැයිස්තුව ඔහු කේතකී අත තැබුවාය. "නෝනා තව එකක්, අමුනුස්සයට දැන ගන්න තියන්න එපා මෙ කිසිම දෙයක්"
    "හොද්මයි ගුරුන්නාන්සේ" කියා කේතකීත් මැණිකාත් නිවස බලා පිටත් වූහ.

    බණ්ඩේ ලවා කේතකී සියළු කළමණා සූදානම් කළාය. ගිවිස ගත් පරිදිම පසුදා සවස ගුරුන්නාන්සේ පමිණියේ ගෝලයෙකුද කැටුවයි. ගුරුන්නාන්සේ දැකීමෙන් සහන් (ඔහු තුල සිටි අමුනුශ්යා) කලබලයට පත් විය.
    නිවසට පැමිනි වහාම ගුරුන්නාන්සේ බණ්ඩේ ගේ කනට කර යමක් මුමුණන්නට විය. ඉන් අනතුරුව පොල්තෙල් දැමූ පීරිසියක් ගෙනෙන ලෙස මැණිකාට නියොග කොට සහන් සිටි ඇඳ අසල නතර විය. නමුත් ගුරුන්නාන්සේ ගෙ නිහැඩියාව සහ සන්සුන් බව කේතකී ගේ අවධානය දිනාගත්තේය. ලඟ එන උපද්රවයක ලකුනු පහලවී ඇති බැවින් සහන්ගෙ මුහුන කෝපයෙන් වියරු වැටෙන්නට විය. මෙවැනි අමනුශ්යයින් සමග ඔට්ටු වී වසර ගනනක පලපුරුද්දක් ඇති ගුරුන්නාන්සේ තම අත ඇති පොල් තෙල් දැමූ පීරිසියට යමක් හඬක් නොනැගෙන සේ මතුරන්නට විය. ඔහුගෙ එම මැතිරීමත් සමග සහන්ගේ හැසිරීම එන්න එන්නම රළු වන්නට විය.
    එවිටම බණ්ඩේ කැඳවා ගෙන ආ තරුණයින් දෙදෙනෙක් සහන්ගේ අත් පා වැරෙන් ග්‍රහනය කර ගත් අතර ගුරුන්නාන්සේ තම අතැති බඳුනෙන් තෙල් ස්වල්පයක් ගෙන වියරුවෙන් විලප නගන සහන්ගේ හිසේ ආලෙප කිරීමෙන් අනතුරුව තත්වය ක්‍රමයෙන් සන්සුන් විය.
    තරුණයන්ගෙ මීලග කාර්යය වූයේ හොඳ ශක්තිමත් පුටුවකට තබා සහන්ව ගලවාගත නොහැකි වන අයුරින් බැඳ දැමීමයි. මෙතෙක් වෙලා නිහඬව සිටි ගුරුන්නාන්සේ කතාව ආරම්භ කලේය.”මන් හිතුවටත් වඩා කාලයක් මේ ආත්මය මේ ශරීර කූඩුවට වෙලා ඉඳල තියෙනව දරුවො.මේකා මේ ශරීරය අතාරින්න නම් නර බිල්ලක් උනත් ඉල්ලන්න බැරි කමක් නෑ. මම දැනට අපේ කළමණා සූදානම් කරගන්නකන් මේ ලමයට පොඩි අරක්ශාවක් කලා විතරයි. අද රෑට තමයි අපිට මේ හැම දේකම අග මුල හොයාගන්න පුලුවන් වෙන්නෙ. උන්දැ දැනටමත් අපි කරන කියන දේවල් කොහෙට හරි වෙලා බලගෙන ඇති ”
    “මගේ ඇස් මානෙන් ඈතට යන්න එපා. විශේශයෙන්ම මේ බවලත් උදවිය. ” අමනුෂ්‍ය ආත්මය ගැන හොදින් දන්නා ගුරුන්නාන්සේ ගේ මේ කතාව සියල්ලෝම සිතට ගත්හ. පැයක් හමාරක් යන විට සියල්ල සූදානම් විය. එකෙනෙහිම මුලුතැන්ගෙයි මහන්සිවී වැඩ පල කරන තරුණයින්ට තේ වත්කරමින් සිටි මැණිකාගෙ විලාපය ඇසී සියල්ලෝම එහි දිව ගියෝය. බෙල්ලේ සහ අත් වල නියපොතු සළකුණු සහිතව මැණිකා බිම වැටී සිටියාය.
    කේතකී වහා ගොස් වතුර වීදුරුවකින් වතුර ටිකක් ගෙන මුහුනට ඉස මැණිකාගේ සිහි එලවා ගත්තාය.
    “මොකද මැණික උනේ. ගුරුන්නාන්සෙ කිව්ව නේද යනවනම් තනියම යන්න එපා කියල.”
    “මම මේ කට්ටියට තේ ටිකක් හදන්න ආව පුන්චි නෝන. කුස්සියෙ ලයිට් එක දාපු ගමන්ම එතන මගේ ලඟ කලුම කලු යකෙක් වගේ මිනිහෙක් හිටගෙන හිටිය.මම දුවන්න හදනකොටම ඌ මගෙ බෙල්ලෙන් අල්ල ගත්ත. මට එච්චරයි මතක.”
    “ලමයො අර බුදු පහනෙන් තෙල් ටිකක් ගෙනත් මුන්දැගෙ ඔලුවෙ ගාන්න. කියන දෙයක් කනකට ගන්නවයැ. මෙහෙම ඉඳල බෑ අපේ වැඩෙත් පරක්කු වෙනව.”
    කියා ගුරුන්නාන්සෙ මේ භයානක කටයුත්ත පටන් ගැනීමට මුලපිරුවේය.
    තවමත් පුටුවට වී හැම දෙනාම දෙස සාවධානව සහන් බලසිටියි. ඔහුගේ ඇඟේ කිසිම අමනුශ්‍ය ආත්මයක් දැනට නැති උවද පෙනුම මලාණික ගුප්ත බවක් ගත්තේය. පැමිණි තරුණයන්ගෙන් කෙනෙක් වරින් වර පැමින පුටුවේ බැමි පරික්ෂා කලේය.
    “දැන් හැමෝම මේ ලඟ පාතින් වාඩි උනා නම්. මම මේ වැඩේ කරන වෙලවට කිසි කෙනෙක් මේ ගෙදරින් අඩියක් වත් එලියට තියන්න එපා. මේ ඇවිත් ඉන්න කෙනා මම හිතුවටත් වඩා බලගතු කෙනෙක්.ඒ නිසා මට කවුරු ගැනවත් අවදානමක් ගන්න බෑ.”
    මින් පෙර කිසි දිනෙක මෙවැනි දෙයක් කියා නැති ගුරුන්නාන්සෙගෙ මෙම කතාවෙන් සැමදෙනාම බියට පත්විය.
    ගුරුන්නාන්සේ බුදුන් වැඳ වතාවත් කොට මේ බැරෑරුම් කටයුත්තට මුල පිරුවේය. සෙමින් ආරම්භ කල මැතිරිල්ල ටිකෙන් ටික වේගවත් වනවිට සහන්ගේ හැසිරීමද විරූපී වන්නට විය. මෙතෙක් වන තුරු සන්සුන්ව සිටි ඔහු දැන් හිස දෙපසට සොලවමින් වමෙක් ආරූඪ වූ සැටියෙන් දඟලන්න ට විය.
    එකෙනෙහිම එක් අතක් නිදහස් කර ගත් ඔහු කේතකී දෙසට එය දිගු කර “මම උබවත් අරගෙනමයි යන්නෙ“ ලෙසින් කෑ ගසන්නට විය. නමුත් මැතිරිල්ලේ නම් අඩුවක් නොවිය. තරුනයින්ගේ මහත් වෑයමෙන් නැවත අත ගැටගසා දැමිය.
    මැතිරිල්ල නතර කල ගුරුන්නාන්සේ දුම්මල බඳුනක් සහ හොදින් ඇවිලෙන පන්දමක්ද අතැතිව සහන් කිට්ටු විය.
    “දැන් කතා කරමු බලන්න. තමුන් කව්ද කොහොමද මේ දරුවාගේ ශරීරෙට ඇතුලු උනේ ”
    නමුත් අමනුශ්‍යා ට එය නොඇසුන සේ බිම බලා සිටී. එකෙනෙහිම දුම්මල පහරක් මුහුනට එල්ල විය.
    “උඹට මන් කියන දේ අහෙනව නේද. කතා කරපන්. කාගෙ අවසරයෙන්ද මේ ශරීරෙ ඇතුලට රින්ගුවෙ කියපිය ”
    එයටද පිලිතුරු දීම වෙනුවට අත් වල බැමි ලෙහා ගනීමට ඔහු දැඟලුවේය. ඉවසීම ඉක්මවූ ගුරුන්නාන්සේ නැවත දෙවාරයක් දුම්මල පහර එල්ල කලේය.එවිට සහන්ගේ සැර බාලවී සන්සුන් වි පිලිතුරු දීමට සූදානම් විය.
    “මම යක්ශ ආත්මයක්.මට මේ ශරීරෙට එන්න කාගෙවත් අවසරයක් නෑ . ඒත් මම මේ ප්‍රානියාට අතුලු වෙනකොට මෙකෙ වෙන ආත්මයක් තිබ්බෙත් නෑ. මට දැන් මේකව අත ඇරල යන්න බෑ ” යනුවෙන් මොරදෙන්නට විය.
    “බෑ කියල විසඳුමක් නෑ . උඹව මේ ලෝකෙට අයිති නෑ. උඹට හානියක් නොකර කාලි මෑනියොන්ට භාර දීල නිදහස් කරන්න නම් මේ ශරීරෙන් මේ දැන්ම අයින් වෙන්න ඕනෙ. ”
    නමුත් යක්ශයාගේ වචන්යේ මෙනසක් නොවිනි. මීලගට කලයුතුදේ දත් ගුරුන්නාන්සේ නැවත මතුරන්නට විය . එවිට යක්ශයා වේදනාවෙන් කෑ ගසන්නට විය.
    “මාව පුච්චන්නෙපා මම යන්නම්. මම යන්නම් මම යන්නම්. ඒත් මට නිකන් යන්න බෑ මට බිල්ලක් නතුව යන්න බෑ... ”
    එවිට ගුරුන්නාන්සේ පසෙක වූ මල්ලක සිටි කුකුලෙකු ගෙනවිත් “උබට මේ කුකුල් බිල්ල හැර වෙන කිසිම බිල්ලක් ලැබෙන්නෙ නෑ. මේකත් අරගෙන එන්ම මේ ශරීරෙන් පිට වෙයන් ”
    “මට කුකුල් බිල්ලක් එපා මට වෙන ප්‍රානියෙක් ඕනෙ. නැත්තම් මම නරයෙක්වමයි අරගෙන යන්නෙ. ”
    කෝපාවිශ්ට වූ ගුරුන්නාන්සේ නැවත මන්ත්‍ර ජප කරන්නට විය. නමුත් යක්ශයා කුකුල් බිල්ල බාරගැනීමට කැමති නොවීය.වෙනත් යාගයකදී සිදුවන ලෙස මෙහිදී යක්ශයා බිල්ලට එකඟ නොවිනි. පයක පමන පරිශ්‍රමයක අවසානයේදී
    “උඹලා සේරටම මේකට පසුතැවෙන්න සිද්දවෙයි ” යනුවෙන් කියා යක්ශයා පිටව ගියේය. ප්‍රතික්ශේප වුනු කුකුල් බිල්ල තවමත් පන පිටින් මුල්ලක තිබිනි. සියල්ල හොදින් සිදුවූ ලෙස සියල්ලෝම සුසුම් හෙලූහ. නමුත් සිදුවී ඇත්තේ මින් පෙර සිදු නොවූ අනර්තයක් බව ගුරුන්නාන්සේට සක් සුදක් තේරුම් ගියේය. නමුත් වෙනසක් නොපෙන්වාම සහන්ට නැවත අමනුශ්‍ය බලපෑමක් නොවන්නට ආරක්ශාවක් දැමීය. යාගය පවත්වන විට එම නිවසේ සිටි සියලු දෙනාටම ඇප නූල් ගැටගසා මීලගට කුමන ආන්තරාවක් ඇතිවේදෝයි දෙගිඩියාවෙන් අඳුරේම නිවස බලා පිටත්විය.
    පසුදින උදෑසන උද්යෝගයෙන් අවදිවූ කේතකීට තමාට මෙතෙක් කලක් අහිමිව සිටි සහන්ගේ නැවත පැමිනීම මහත් සතුටක් විය. ඔවුන් පෙරදින සිදු කල කටයුත්තේ තැන් තැන් වල ඉතිරිව ඇති අස් කරමින් සිටියහ. එකෙනෙහිම වත්ත පහලින් ඇසුන මණිකාගේ විලාපයට ඔවුන් එදෙසට දිව ගියහ.
    එවිට ඔවුනට දැකගත හැකි වූයේ හදවත සලිත කරවන දසුනකි. ඒ ගෙදර සුරතලයට ඇතිකරන කිරි ගවයාගේ ගෙල අනෙක් පසට කරකවා ප්‍රාණය නිරුද්ධ වූ මල සිරුරයි. කුකුල් බිල්ල නොගෙන ගිය යකාගේ මීලග අරමුන ගැන බියෙන් සිටි සියල්ලෝම සැනසුම් සුසුම් හෙලූහ.

    මේ කතාවෙ අයිතිකාරි Dilanyaa Chethani Bandara.මම එයාගෙ අවසරය ඇතුව ඉතුරු ටික ලිව්ව. සම්පුර්න කතාවම කොම්මෙන්ට් කරන්නම්. වැරදි නම් ගොඩක් ඇති.
    Tharindu Nalaka
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේක මේක මගේ හොදම යාලුවා සිතුම් මහේෂ්ගෙ තාත්තට උන සිද්දියක්.සිතුමුයි මායි 5 වසරේ ශිෂ්‍යත්වය විභාගය පාස් වෙලා නගරේ පාසලට ගියේ 2006  වසරේ අගෝස්තු මාසයේ මුල.අපි දෙන්නටම කියල ඉතින් හොදට ඉගෙනගන්න බෑ.ඒ කාලේ පේ නැන්දා වැඩකරේ කණදුල්ලේ පාසලේ ගෘහ විද්යාව ගුරුවරියක් ලෙස.ඉතින් මගේ ලකුණුයි සිතුම්ගෙ ලකුණු වලටයි කොහෙත්ම නගරේ පාසලට යන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.නමුත් අපේ ක්‍රිශාන්ති නැන්දා ( අපේ අම්මගෙ මල්ලි බැදල ඉන්න කෙනා ) අපිව නගරේ පාසලට දාලා දුන්නේ එකට ඒ පාසලේ විදුහල්පතිතුමාට අපි ගැන සහතික වෙලා.ඒ පාසලට ගිහින් අපි සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලේ තමයි මේ සිද්ධිය උනේ.අපේ ගෙදරට කිලෝමීටර් 4ක් විතර දුරින් තියෙනව පොඩි ඇලක්. ඒ ඇල  ගයියාල වැව හරහා තමයි එන්නේ.ඒ ඇල ලග ඉදලා ගයියාලා වැව ලගට මීටර් 500 වත් නෑ.ඒ වැවට ටිකක් දුරින් තියෙනව ලොකු ගෙයක්.ලොකු ගෙයක් කිව්වෙ පරණ වලව්වක් වගේ.වලව්වක් උනාට ඒ වලව්වේ අයිතිකාරයෝ පිටරට ගිහින්.එහෙ හිටියේ කුමරි කියලා නැන්දා කෙනෙක්.ඒ නැන්දා පොලියට සල්ලි දෙනවා.වත්තේ පොල් කඩලා බිස්නස් එහෙම කරනව.ඔය වලව්වේ වත්ත පහල තමයි වැව තියෙන්නේ.ඒ වලව්වේ වත්ත පහල ලොකු ඉඩක් තියෙනව.ඉතින් හවස class නැති දවසට මායි සිතුමුයි අපේ තාත්තගේ Bike එකේ නැගලා එනවා මේ වලව්වේ පිටිපස්සේ Cricket සෙල්ලම් කරන්න.ඒ පැත්තේ කොල්ලොත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න.ඒත් මේ ගයියාල පැත්තේ හැමෝම කියනවා කුමාරි කියන්නේ මහ ලෝභ ගෑණියෙක්.මහ දුෂ්ඨයි කියලා.ඒත් අපිටනම් එහෙම තේරුණේ නෑ.අපිට ගොඩක් හිත්වත්.අපිට ඒ හිතවත්කම ඇතිවුනේ කුමාරි නැන්දා අපේ ගෙදර නිතර යන එන නිසා.ඒ අපේ අම්මයි කුමාරි නැන්දයි අතර තියෙන මිත්‍රකම හා අපේ ගෙදර පොල් ගන්නේ කුමාරි නැන්දගෙන් විතරක් හින්දා.කුමාරි නැන්ද ගැන කීවොත් එයා බැදලා Divorce වෙලා ඉන්නව.එයා බැදලා හිටපු මාමා කුඩු ගහන නිසා නැන්දා එයාගෙන් Divorce unaa කියන්න විතරක් දන්නව.ඊට එහායින් දෙයක් දන්නේ නෑ මම.මොකද මම ඉස්සර ප්‍රශ්ණ අහනව වැඩි නිසා කවුරුහරි ගෙදරට ආපුවම සාලෙට ඇවිත් ගෙදරට එන මිනිස්සුන්ගෙ කටවල් දිහා බලාගෙන ඉන්න එපා කියලා අම්ම මට තරයේ කියලා තිබුනේ.ඒ අවුරුද්ද 2011 වර්ෂයේ දෙසැම්බර්.‍එදා සෙනසුරාදා මම සාලෙට වෙලා පාඩම් කර කර හිටියේ.මොකද 2012 දෙසැම්බර් මාසයේ මම සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්න නිසා.පාඩම් කර කර හිටිය කිව්වට කරපු පාඩමක් නම් නෑ.ඒ කාලේ අපේ තාත්තත් අනුරාධපුර ඉදලා පුත්තලම පොලීසියට ස්ථාන මාරුවක් අරන් හැමදාම ගෙදර ආවා.ආ කියන්න අමතක උනා මගේ තාත්තා පුත්තලම පොලිසියේ සාජන් කෙනෙක්.දැන්නම් විශ්‍රාම අරන් ගෙදරට වෙලා ඉන්නේ.ඉතින් එයත් හැමදාම ගෙදර එන නිසා මට  අකමැත්තෙන් හරි පාඩම් කරන්න උනා.එදා රෑ 7.30 ට විතර දොර කඩන්න තරම් සද්දෙන් කවුරුහරි දොරට ගහන සද්දයක් ඇහුනා.අම්මා තාත්තාට කතා කරා කවුද කියලා බලන්න කියලා.තාත්තා මේ රෑ කවුද දන්නෑ කියලා දොර ඇරියා. දොර ඉදිරිපස සිටියේ කුමාරි නැන්දා . "ආ අක්කේ මොකද මේ මහ රෑ" තාත්තා ඇහුවා."අනේ මල්ලී අරූ අදත් බීලා ඇවිත් ගෙදර බඩු මුට්ටු පොලවේ ගහනවා බං , උඹවත් ගිහින් මොනාහරි කියලා යවපන් මල්ලියේ ඔය මූසල බල්ලව කියලා කුමාරි නැන්දා අඩමින් කියන්නට උනා.අම්ම කෑම හදමින් ඉන්න ගමන් සාලෙට ආවා.ආපු ගමන් "චූටි මහත්තයා ඔයා යන්න කාමරේට" කියා මාව මුලින්ම එතනින් එලවපු එක තමයි  අම්මා මුලින්ම කලේ.මම කාමරේට ගියා.මට චූටි මහත්තයා කියලා ආමන්ත්‍රණය කරේ අපේ පවුලේ ඉන්නේ මං විතරක් නිසයි.😊ඒත් එකා යකාලු ඈ.. හරි ඊට ටික වේලාවකට පස්සේ කුමාරි නැන්දා ගියා.තාත්තා දොර වහලා දොරේ ලොක් එක දාන සද්දේ ඇහුන ගමන් මං සාලෙට ගියා."මොකද්ද මේ වසවර්ති මාරයට කරන්නේ ඒයි" තාත්තා අම්මගෙන් ඇහුවා."මේ තමුසේ එහෙම ඔය අටමගුල් වලට යනවා එහෙම නෙමෙයි.ඒ ගෑණි හිතන් ඉන්නේ පොලිසියේ හිටියා කියලා රටේ ලෝකේ ඔක්කොම ප්‍රශ්ණ ඔයාට විසදන්න පුලුවන් කියලද ..? අන්න උයලා ඇති චූටි මහත්තයා බත් කන්න.දැන් ඔයා ඔය බොරුවට පාඩම් කරා ඇති." කියලා අම්ම කුස්සියට ගියා.තාත්තා පොලිස් Uniform එක ඇදන් බිත්තියේ රාමු කරලා එල්ලලා තියෙන එයාගේ Photo එක දිහා බලාගෙන හිටියා.මං කුස්සියට ගියා කෑම කන්න."අම්මේ මොකද්ද වෙලා තියෙන්නේ අම්මේ?" මං අම්මගෙන් ඇහුවා "මුකුත් වෙලා නෑ හෙට ඉදන් කුමාරි නැන්දලගේ ගෙදර සෙල්ලම් කරන්න යන්නේ එහෙම නෑ " කියලා කිව්වා. "ඒත් අම්මේ මං කරපු වැරැද්ද මොකද්ද " මම අම්මගෙන් ඇහුවා."මුකුත් නෑ ඔයාව ඒ වත්තට සෙල්ලම් කරන්න යවපු එක තමයි මං කරපු වැරැද්ද." අම්මා කිව්වා.මං එතනින් එහාට දෙයක් කතා කරන්න යන්නේ නැතුව කන්නෙත් නැතුව කාමරේට ගිහින් දොර වහගත්තා.පහුවදා උදේ 9.00 ට ඉස්කෝලේ පංති තිබුනා.සිතුමුයි මායි ගණන් පංති ඉවර වෙලා අපේ ගෙදර ආවා.දවල්ට දෙන්නම අපේ ගෙදරින් කාලා හවස පාඩම් කරන්න සිතුම්ලගේ ගෙදර යනව කියලා අම්මට කිව්වා."හරි යන්නකො හැබැයි මං සිතුම්ගෙ අම්මට කතා කරලා අහනවා දෙන්නා මොකද කරන්නේ කියලා." අම්මා කිව්වා."නෑ නෑ අම්මේ මං අම්මට කවදාවත් බොරුවක් කරලා නෑනේ" මං අම්මගේ අතේ එල්ලි එල්ලී අම්මව චාටු කරන්නට ගියා."ඇති ඇති ඔය ඇගේ එල්ලුනා.ගිහින් නාගන්න.අර තාත්තා ගෙනාපු පේපර් සෙට්ආරන් යන්න.ඒ පේපර් ටික කරන්න සිතුම් එක්ක එහෙ ගිහින්." අම්ම කියපු සැනින් මං නාගෙන සිතුම්ලගෙ ගෙදර යන්න පිටත් උනා.සිතුම්ලගෙ ගෙදර ගිහින් අපි පැය දෙකක් පමණ පේපර් දෙකක් පමණ ඉවර කලා.ඒත් අපේ ඒකායන් බලාපොරොත්තුව උනේ හවස සෙල්ලම් කරන්න කුමාරි නැන්දලගෙ ගෙදර යන් එක ගැනයි."සිතුමෝ අර කරත්තකොලම්බන් ගහේ අඹ දැන් පැහිලා අද කඩමු." මම සිතුම්ට කිව්ව."හරි මම ලුණුයි මිරිසුයි ගන්නම්." මරු අපි අච්චාරුවක් දාගමු." මම කිව්වා.අපි සිතුම්ලගෙ ගෙදරින් සිතිම්ගේ බයිසිකලේ නැගලා හවස 5.30ට විතර කුමාරි නැන්දලාගේ ගේ ගාවට ආවා.කවදාවත් වහලා නැති කුමාරි නැන්දලගේ ගෙදර දොර අද වසා තිබෙනවා දුටු මම පුදුමයට පත් උනා."ආ එයා පොලිසියට යන්න ඇති." මම සිතුම්ට ඊයේ සිදුවෙච්ච සිදුවීම කෙටියෙන් පැහැදිලි කලා.අපි සෙල්ලම් කරන්න වත්ත පිටිපස්සට ගියා සෙල්ලම් කරන්නත් එදින කීප දෙනෙක් මදි වු නිසා අපි සෙල්ලම් කිරීම පසෙක දමා අඹ කඩන්නට උනා.අඹ ගස තිබෙන්නේ ගයියාලේ වැවට මදක් එහායින් කුමාරි නැන්දලාගේ වත්ත කෙලවර වෙන්නටය.අඹ ගස මුදුනටම නැග්ග පසු වැවේ එහා කෙලවර පවා දිස්වේ.මම මුද්නටම නැග අඹ ගෙඩි කඩා බිම දමන්නට වු අතර සිතුම් කළණ හා තවත් කීප දෙනෙක්බඹ අහුලන්නට උනා.ටික වේලාවක් අඹ ගසේ සිට එයින් බහින්නට ප්‍රථමම  වැව දෙස මදක් බලා බලා සිටිද්දී අහඹු දෙයක් මගේ නෙත ගැටුනා."සිල්වහෝම්ස් බැන්ගලෝර්ස්" කියන්නේ ගයියාලේ  වැව එහා කොණින් ඉදිවුන මනරම් ස්වදේශිකයන් වෙනුවෙන්ම ඉදිවූ නිවාස සංකීර්ණයකි.එම නිවාස සංකීර්ණයෙන් විවිධ සෙල්ලම් බඩු කුණු කන්දල් සෑම දෙයක්ම මේ වැවට මුදාහරින නිසා මං දුටු දෙය කලුවරේ වූවද මට අදුනාගන්නට හැකි උනා.විශ්මයකි.ඒ ලොකු බෝනික්කෙකි."සිතුමෝ උඹට හරියන නියම භාණ්ඩයක් වැවේ පාවෙනවා ගොඩගනින්.මං සිතුම්ට විහිලු කරන්නට උනා."මොකද්ද බං කෝ බලන්න මාත් එනවා ගහට." සිතුම්ද ගහට ගොඩවී මා කියූ දෙය නිරීක්ෂණය කරන්නට උනා."අඩෝ ඒක ගොඩගමුද බං" සිතුම් ඇහුවා."බෑ බං එච්චර දුරට පීනන්නත් බෑ.අනික මේ වැවේ කවුරුත් නාන්නෙත් නෑ.අනික දැන් රෑ වෙලා ගෙදර යමු.දැන් ගියෙ නැත්තන් ආයේ මට උඹලගෙ ගෙදරවත් අපේ අම්ම මට එන්නෙ දෙන්නේ නැතිවෙයි." ගසෙන් බෑස්ස අපි සිතුම්ලගෙ නිවෙස බලා පිටත් උනා.රාත්‍රී 7.00ට පමණ මගේ තාත්තා මාව එක්කන් යෑම සදහා සිතුම්ලගෙ ගෙදරා පැමිණි අතර අපි ඔවුන්ට සමුදී නිවෙස බලා පිටත් උනා.එදින රාත්‍රී ආහාර ගැනීමෙන් පසු අපි සැවොම නිදන්නට වූයේ පසුදින සදුදා දිනක්  වූ නිසයි.මන්ද නැවත පාසල් යාමට සිදුවන නිසයි.. ම්ම්ම්.... වෙලාව 7.10 මං අවදිවනවිට අන්දමන්ද වුනි.මොකද වෙනදා 5.30 ට නැගිට්ටවන අම්ම අද මට නැගිට්ටුවේ නැත්තේ කල්පනා කරමින් මා ඇදේ ඒ මේ අත පෙරලෙන්නට උනා.කමක් නෑ තව ටිකක් නිදා ගන්නව කියලා මං තව ටිකක් නිදා ගත්තා."නැගිටින්නේ නැද්ද....? චුටි මහත්තයෝ " අම්ම මට කතාකරන විට වෙලාව උදේ 8.30 ත් පසුවී තිබිනි.මං ක්ෂනිකව අවදිවී "ඇයි අම්මේ මට කතා කරේ නැත්තේ ? " මං අම්මගෙන් මට පාසල් නොහැකිවූ නිසා ඒ නිසා දුක්මුසු ස්වරයෙන් විමසුවෙමි."මළ ගෙයක් වෙලා කුමාරි නැන්දා කවුරුහරි මරලා වැවට දාලා." "කවුද අම්මේ මරලා තියෙන්නෙ" මම ඇසුවෙමි."මං දන්නේ කොහොමද මූණ හොදලා අන්න උයලා ඇති කාලා සිතුම්ලගෙ ගෙදර යන්න එන්න ඉක්මනට." මං ඉක්මනින්ම මූණ සෝදගෙන බත් කටක් දෙකක් කටේ ඔබාගෙන සිතුම්ලගෙ ගෙදර යෑමට පිටත් වූයෙමි.සිතුම්ලගෙ නිවෙස තිබෙන්නේ  කුමාරි නැන්දලාගේ වල්ව්වට ටිකක් දුරින්ය.මා සීතුම්ගේ නිවෙස වෙත යනවිට සිතුම්ද පාසල් ගොස් නොතිබිනි.සිතුම්ගෙ දෙමව්පියෝද මමද අපේ අම්මාද කුමාරි නැන්දලාගේ වලව්ව වෙත යනවිට එහි පොලිසියෙන් පැමිණ පරීක්ෂණ කරමින් සිටියහ.අපරාධයක් සිදූවූ ස්ථානයක් ලෙසට වලව්ව වටේම පොලිසියෙන් සිටියහ."ඒ කියන්නේ කුමාරි අක්කව මරලා වැවට දාලා" අවට සිටි අයෙක් කියනු මට ඇසිණි.වලව්ව පිටපස ලේ විලකි.මරන්නට යොදාගත් කැත්තක් වැනි දෙයක් දොර ලග තිබිනි.පොලිස් සුනකයන් පිස්සු බල්ලන් මෙන් වල්ව්ව වටේට ඉව කරමින් ඝාතකයා ගැන හෝඩුවාවක් සොයන්නට විය.පොලීසියෙන් වල්ව්වට පැමිණ සිටි මිනිසුන්ව ඉවත් කරන්නට වූයෙන් අපි නිවෙස් බලා පිටත් වූවෙමු.කෙසේ වෙතත් මෙය සියදිවි නසාගැනීමක් නොවන බවත් ඝාතනයක් බවත් පොලීසියෙන් පවසන් ලදී.එහෙත් මෙවන් අපරාධයක් කරන්නට හැකි වුයේ කාටද යන්න මුලු ගමේම ප්‍රදේශවාසීන්ට ප්‍රශ්නයක් වී තිබිණි.හවස තාත්තා ගෙදර එනවිට රාත්‍රී 9.00 ත් පසුවී තිබිණි."කුමාරි අක්කව මරලා තියෙන්නේ සාන්ත.සල්ලි වගයක් ඉල්ලලා කුඩු ගහන්න. දීලා නෑ කියලා තමයි කැත්තකින් බෙල්ල කපලා තියෙන්නේ.වැඩේ අහුවෙයි කියලා තමයි වැවට ගිහින් දාලා තියෙන්නේ මිනිය." තාත්තා Uniform එක ගලවන අතරතුර පැවසුවේය.අම්මා සුසුම් හෙලන්නට විය..ඒ කියන්නේ මං එදා අඹ ගහේ ඉද්දි දැකලා තියෙන්නේ බෝනික්කෙක් නෙමෙයි. කුමාරි නැන්දගේ මිනිය.අම්මෝහ්.. මං කල්පනා කරන්නට වීමී.කෙසේ වෙතත් කුමාරි නැන්දගේ අවසන් කටයුතු ගමේ පොදු සුසානා භූමියේදී සිදු වූ අතර ඇයව ඝාතනය කල ඇයගේ දික්කසාද වූ සැමියා පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහුව බන්ධනාගාරගත කරන ලදී.ගමේ කුමාරි නැන්දත් සමග උරණ වූ බොහෝ දෙනෙක් ඇයගේ මරණයෙන් පසු ඇය ගැන හොද කියන්නට වූහ.කෙමෙන් දින ගෙවී ගියේය.<br>
    වල්ව්වට අයිතිකරුවෙක් නොමැති වූ හෙයින් වලව්වද ගරා වැවී වල් බිහිවී තිබිනි.වැවේ වෙනදා මෙන් ඔරු පාරු දකින්නට හම්බෙන්නෙත් නැත.පාරෙන් යන මිනිසුන් වලව්ව දෙසවත් නොබලන්නේ කුමාරි නැන්දගේ මරණයෙන් පසු ඇය හොල්මන් කරන බව කටකතාවක් ගිය නිසාය.කුමාරි නැන්දාගේ අවතාරය හොල්මන් කරනු දැක තිබෙන කීප දෙනෙක් ගමේ වීය.ඔවුන් ඔවුන්ට අත් වූ බිහිසුණු දෙය පිළිබද කතාකරන්නටත් බිය වීය.දිනක් සිතුම්ගේ පියා වැඩ අවසන්වී නිවෙස වෙත පැමිනෙන්නට සදන විට හොදටම රෑ බෝවී තිබිනි.නමුත් ඔහුගේ යතුරු පැදියේ හුළං නොතිබීම නිසා ඔහු පයින්ම යතුරු පැදිය තල්ලු කරගෙන නගරයෙන් යන දුර පාරට වඩා ගයියාල හන්දියෙන් ඔහුගේ නිවෙස වෙත දිවෙන කිලෝමීටර් 2 ක් පමණ වූ කෙටි පාර භාවිතා කරන්නේ රෑ බෝවී තිබෙන නිසාය.ඉක්මනින්ම නිවෙස වෙත යෑමටය.සොහොන කඩේ  හන්දියෙන් බිත්තර කීපයක් මිලදී ගත් ඔහු ගයියාල දෙසට තම යතුරුපැදියද සමගින් පිය නගන්නේ යතුරු පැදියේ හුළං තිබුනානම් මෙලහකටත් නිවෙසට ගොස් හමාරය යැයි මෙනෙහි කරමිනි.ගයියාලා වල්ව්ව තිබෙන ස්තානය පහු කරමින් යන අතරතුර ඔහුට තම දකුණතින් ගත් බිත්තර මල්ලෙන් කුණු ගදක් හා මහත් බරක් දැනෙන්නට වීය.ඔහු වලව්ව පාස් කර යතුරු පැදිය පාරේ හිටවා බිත්තර මල්ල දෙස බලන්නට විය.පුදුමයකි..<br>
    බිත්තර සියල්ල පොඩිවී බිදී ගොස්ය.ඔහු ජංගම දුරකථනය රැගෙන එහි එළියෙන් බිත්තර මල්ල දෙස බලන්නට විය.දුටු දෙයින් ඔහු තිගැස්සුණි.එහි බිත්තර සාරු කිසිවක් නොමැති අතර ලේ වලින් ඔහුගේ මල්ල පිරී තිබිණි.ඔහු මල්ල පාරට විසිකලේය.පසුව ඔහු දුටු දෙයින් ඔහුට මහත් බියක් දැනිනි.සුදු පාට ඔසරියක් ඇද බෙල්ලේ ලේ තවරාගෙන සිටින කුමාරි නැන්දගේ හොල්මන දුටු ඔහුට ඔහුගේ යතුරු පැදිය අමතක විය.දුවන්නට හැදුවද ඔහුගේ කකුල් අඩපණ විය."උඹලා මගෙන් ණයට ගත්ත පොලී සල්ලී කෝ.. තෝව මරනව මං මගෙ සල්ලී දිපං.මං උඹලට ඉන්න දෙන්නේ නෑ." යනුවෙන් ඔහු අසලට කුමාරිගේ අවතාරය එන්නට විය."බුදු අම්මෝ මාව බේරගන්න " යනුවෙන් කැගැසූ සිතුම්ගේ පියා මහත් හයියෙන් යතුරුපැදියද අමතක කොට දුවන්නට විය.කෙසේ වෙතත් කුමාරිගේ අවතාර ඔහුගේ බෙල්ල මිරිකා තිබිණි.ඔහු නිවෙස අසලට පැමිණ ක්ලාන්ත වී වැටිණි.වහාම යකැදුරෙකු ගෙන්වූ සිතුම්ගේ ගෙදර අය සිතුම්ගේ පියාව බේරාගන්න බලි තොවිල් කරන්නට විය.අපට සිතුම් දුරකථන ඇමතුමක් ඔස්සේ සිදිදිය පවසන විට මාද අම්මාද තාත්තාද සිතුම්ගේ නිවෙසට ගියෙමු.පන්සලේ හාමුදුරුවෝ ද පැමිණි අතර කුමාරිගෙන් ගත් පොලී සල්ලි බහිරව පූජාවක් ලෙසට දෙන ලෙස ගෙදර අයට පවසන ලදී.එදිනට බලි පූජාව පටන්ගත් අතර පොලී මුදල හා ණය මුදල බහිරව පූජාවක් ලෙසට දෙන්නට විය."උඹලා මං මැරුණට පස්සෙද සල්ලි දෙන්නේ.මං මූව අරන් යන්නම්" සිතුම්ගේ පියා කුමාරි නැන්දගේ හඩින් කෑගහන්නට විය.යකැදුරා ද මහත් හයියෙන් කෑ ගහන්නට විය."තොගෙ සල්ලි දෙන්නෙ නැතුව තෝව එලවන්නට කලියෙන් දුන්න සල්ලි අරං පල මෙතනින් චුත වෙලා ලොභකම් කරා මදිවට මිනිස්සුන්ට ඉන්න දෙන්නෙත් නෑ." සිතුම්ගෙ පියා සිහිසුන්ව ඇද වැටුන අතර ඔහුට දවසක් යනකන් සිහියක් නොමැතිව සිටි බව සිතුම් මට කීවේ පසුවය.කෙසේ නමුත් එතැන් පටන් සිතුම් ගේ පියා පෙර සේ වැඩට ගොස් පෙර පරිදිම ජීවත් විය.....<br>
    මේ කතාවෙන් මහගු ආදරශයක්  ඔබට ගත් හැකි වන අතර කාගෙන්හෝ ණයක් මුදලක් ගත් විට එය නැවත පියවන ලෙසට වගබලා යුතුය.මන්ද කෘතක්ජණ මිනිසුන් වන අප සැපට මුදල්වලට කෑමට වැනි දේට පෙරේත වේ. ණය බරින් ජීවත් වීමට ගොස් තම ජීවිතය පවා නැතිවූ මිනිසුන්ගේ කතා එමටය

    Lasantha Sampath
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    මේක අපේ සර් කෙනෙකුට උන ඇත්තම සිදු වීමක්.සර් කැම්පස් එකේ ඉදලා කාලෙකට පස්සෙ ගෙදර ආවට පස්සෙ උන සිද්දිය.සර්ගෙ ගම අරනගන්විල පැත්තෙ තිබුනු දුශ්කර එකක්.මේක මගෙ අත්දැකීමක් විදියට කියන්නම් එතකොට ඔයාලගෙ රසවින්දනය තවත් ටිකක් හරි වැඩි කර ගන්න පුලුවන් වෙයි.☸☸☸☸
    කාලයක් තිස්සෙ නගරෙටම හුරු වෙලා හිටිය මට ගම නුහුරු නුපුරුදු එකක් වෙලා කියලා හිතුනේ ගමට අඩිය තියපු ගමන්මයි.මං ඉතිං වට පිට බල බල ගුරු පාර දිගේ ගෙදර යනකොට අප්පච්චි බංකුව උඩට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා.මම යනකොට හවස 2ට විතර ඇති ගිනි ගහන මද්දහනේ.ගෙදර ගිහින් නාලා කන ගමන් අම්මලත් එක්ක චූටි කතාවකුත් දාගෙන ඉදලා කාමරේට ගියා චූටි ඇලට් එකක් දාන්න.එක පාරම අප්පච්චි කතා කරලා කිව්වා පුතේ අද රෑට හේනට ගිහින් හේන පොඩ්ඩක් බලා ගනින්කො මට කකුල් අමාරුවක් හැදිලා තියෙන්නෙ කියලා.කැම්පස් ගියාට මට මේ දේවල් නුපුරුදු දේවල් නෙමේ.ඔහොම ඉදලා හවස 7ට විතර අම්මා මල්ලක් දුන්නා ඒකෙ තිබ්බෙ කෑම එකකුයි,වතුර බෝතලේකුයි, ටෝච් එකකුයි.හදිස්සියට වෙලාවක්වත් බලා ගන්න කියලා මං අතේ බදින ඔරලෝසුවත් ගත්තා.මං දැං මේ මල්ලත් අරන් ලං තෑරුම් එලි පත්තු වෙන ගෙවල් මැද්දෙන් පුස් බයිසිකලේම හේනට යනවා.හේන තියෙන්නෙ ගම කෙලවරේ මහා ඉලුක් ගාලක කොනට වෙන්න.ඒ පැතත්ට යනකොටනම් මහා මූසල ගතියක් දැනෙන්නෙ පාලුවට ගිහින් තියෙන්නෙ පැත්තම මං කාලෙකින් ආපු නිසා ඒක තදින්ම මට දැනුනා.මං හේන මැදින් තියන චූටි අඩි පාරෙ ගීං ගහ උඩ තියන පැලට ගොඩ උනා.ඒ වෙනකොට වෙලාව රෑ 8 ට ඇති.මං පැලට නැගලා ඒ ලගින් යන දොල පාර දිහා ටික වෙලාවක් බලන් හිටියා.ඒ එක්කම බඩගින්නක් ආපු නිසා කෑම එකත් මල්ලෙන් අරන් කාලා දැම්මා.කාලා ඉවර වෙලා චුට්ටක් ඇහැ පියා ගත්තා.දන්නෙම නෑ ඇගේ තෙහෙට්ටුව නිසාම හොදට නින්ද ගිහින්.එක පාරටම ඇහැරුනේ පැත්තෙම තිබ්බ මූසල ගතිය දෙගුන තෙගුන කරපු බල්ලෙක්ගෙ උඩ බිරිල්ලක් ඇහුනු නිසයි.ඒ එක්කම චිටිස් චිටිස් ගාලා දිරපු කෝටු කෑලි උඩ ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා.සතෙක් කියලා හිතලා ඒ පැත්තට ටෝච් එක ගහලා බැලුවට මෙලෝ යකෙක් නෑ.අවුලක් නැති නිසා ආය චුට්ටක් ඇස් පියා ගන්න කියලා හිතලා ඇල උනා විතරයි දොල පැත්තෙන් රෙදි ගලේ ගහන සද්දයක් ඇහෙන්න ගත්තා.වෙලාව බලනකොට 11 35යි.මේ යක්කු ගස් නගින වෙලා රෙදි හෝදන්නෙ කවුද කියලා බලන්න මං පැලෙන් බැහැලා දොල ගාවට කිට්ටු කරා.හද එලියත් තිබ්බ නිසා පැහැදිලිව පේනවා හැමදේම වගේ.දොල ලගට යනකොට අවුරුදු 30ක විතර ගෑනු කෙනෙක් රෙදි හෝදනවා.මර පුදුමයි මේ මහා රෑ රෙදි හෝදන්නෙ ඇයි කියලා.මං ලගට ගීං උගුර පෑදුවත් ගානක්වත් නෑ.බිම බලන් රෙදි හෝදනවා.මමම කතව පටන් ගන්නවා කියලා හිතලා ඇහුවා අක්කා මොකෝ මේ අවේලාවෙ දොල ලගට ඇවිත් කියලා.කුඹුරට ගියා වතුර හරවන්න දැං මේ එන ගමන් කිව්වා.ඒ කට හඩේ තිබ්බ බර ගතිය නිසා මට හිතුනා මේ ගෑනු කෙනෙක්මද කියලා ඒ තරම් ඒ කට හඩ ගැබුරුයි.වෙන මොකුත් අහන්නෙ නැතුවම මං පැලට යන්න ගියා.පැලට නගින්න ඉනි මගට අඩිය තියනවත් එක්කම මහා හූ හඩකුයි ඔරලෝසුවේ දොලහෙ කනිසමයි වදින්න ගත්තා.ඇග හිරි වැටිලා ගියා ඒ සද්දෙට.මට එක පාරම මතක් උනේ අර දොල ලග හිටිය අක්කව.
    මම දුවගෙන ඒ පැත්තට ගියා.යනකොට ඒ අක්කා දොලේ එහා පැත්තට වෙලා සුදු ගවුමකුත් ඇදගෙන කොන්ඩෙ කඩා දාගෙන ඇන කුටු ගහගෙන එකම විදියටට ඇස් පිල්ලමක්වත් නොගහා දොල පාර දිහ බලන් ඉන්නවා හද එලියත් මූනට වැටිලා තියන නිසා මූන හොදට පේනවා.ඒ අර රෙදි හෝදපු අක්කම තමා ඒත් මූන වියටු වැටිලා තිබ්බෙ.මං ඒම්ම පැලට ගීං ඇස් දෙක හොදට වහන් ගුලි වෙලා නිදාගත්තා.උදේම ගෙදර යනකොට ගහක වේයෝ කාලා ඉරිලා ගිය මරන දන්වීමක් තිබ්බා.චුට්ටක් මූන හුරුවට තිබ්බ නිසා බැලුවා කිට්‍ටු කරලා.බලනකොටයි දෙලෝ රත් උනේ මේ අර මහ රෑ දොල් ලග රෙදි හෝදපු ගෑනු කෙනා නේද කියලා මට එක පාරම මතක් උනා.ඉක්මනට ගෙදරට ගියා.ගිහින් අම්මට විස්තරේ කිව්වා.
    ඊට පස්සෙ තමා අම්මා කිව්වෙ එහා ගමේ ගෑනු කෙනෙක් රෑ කුඹුරෙ වතුර හරවලා ඇවිත් දොල ලග නානකොට වතුරෙ ගිලිලා නැති උනා ඊයෙ රෑ තමා තුම් මාසෙ බණ කියල.මට දාඩියක් දාලා ගියා.තාත්ටා ඇවිත් පිරිත් නූලක් බැන්දා.එදයින් එදා ආය රෑට හේන පැත්තෙ ගියෙ නෑ.රෑ ගමනුත් බාගෙට බාගයක්ම අඩු කරා.හොල්මන් අවතාර ගැන ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙන ආයෙත් මං කැම්පස් එකට ආවා


    Mahesh Tharindu
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    අත්භූත ගමනාන්තය ....

    (සත්‍ය සිදුවීමක් බව කරුණාවෙන් සලකන්න.)

    රමණිත් විජේපාලත් ගුරු රස්සා ලැබ ගමෙන් පිට පලාතක සේවයට ගියහ.අති දුෂ්කර ගමක් වූ එය ඔවුන්ට තරමක කනස්සල්ලට හේතුවක් වුවත්,එයට පරයා නැඟී සිටියේ නවාතැනක් සොයා ගැනීමේ අසීරුතාවයයි.
    දෙතුන් පලක්ම බැලුවද රමණිගේ සිත් නොගත්ත හෙයින් විජේපාලද පසුබට වූහ.ගම පුරාම දිස් වූයේ කැලෑවමය.අලින්ගෙන් ගහනය වූ මෙම ගමේ කෙසේ නිදහසේ රැකියාව කරම්දෝ යි දෙදෙනාම සිතූහ.
    " හරි හැටි බෝඩිමක් නෑනෙ රමණි"
    මද වේලාවක් ගිය තැන විජේපාල පැවසුවේ ය.
    " තව ටිකක් බලමු.අද විතරනෙ තියෙන්නෙ .හෙට ආපිට එන්න එපැයි"
    රමණි මිමිනුවේ වෙන කරන්න දෙයක් නැති නිසාමය.
    ,"ම්...දැන් මද්දහනත් වෙලා"
    විජේපාල ද යලි ගමන ඇරඹුවේ එසේ කියමිනි..
    ඈතින් කුටු කුටු ගගා යතුරු පැදියක ගැහැනියක් පැමිණියේ මේ වෙලාවේමය.සිනා මුසු මුහුණින් පැමිණි ඈ දෙපලට නවතින ලෙස පැවසුවේ ආදණීයවය.විජේපාල ද යතුරු පැදිය නවත්වා ඇයට ඇහුම්කන් දුන්නේය.
    "මේ අය බෝඩිමක් හොයනවා නේද.මට අහල පහල අය කීවෙ"
    "අනේ ඔව්.හරියටම එකක් හම්බ උනේ නෑ. දන්නවා ද තැනක්"
    රමණි ඇසුවේ බලාපොරොත්තු සහිතව ය.
    "ම්...තැනක් නම් තියෙනව ....යමු පෙන්වන්න"
    දෙදෙනාම සතුටින් ඈ පසුපස වැට්ණි.
    "මේකවත් හරි ගියොත් නේද විජේ"
    "ඔව්.බලමුකො."
    ගැහැනිය එක එල්ලේම ගොස් අතුරු පාරකට හැරවූවාය.විජේපාල ද ඒ අනුවම ඇය පසුපස බයිසිකලය පැදවූයේය...
    පෙනෙන නොපෙනෙන මානයේ ඇස ගැටුණේ කැළෑවමය...එපමණක් නොව රෑසියන්ගේ හඬ මුසුව මහා ගුප්ත බවක්ද ඉසිලූ හෙයින් රමණිගේ හද ගැස්මද මඳක් වැඩිවිය.විජේපාල නම් එය එතරම්ම ගණන් ගත්තේ නැත.
    "බලන්නකෝ විජේ....හැම පැත්තෙම මූකලානනේ...මෙහෙ තියෙන ගෙයක ජීවත් වෙන්නෙ කොහොමද ....."
    "තාම නැවැත්තුවේ නෑනෙ.අර ගෑණු කෙනා තාම යනවනෙ.කවුද දන්නෙ කැලේ පහු වුණාම ගෙවල් දොරවල් ඇති.."
    රමණි ද එය පිලිගෙන අවට බලමින් පැමිණියේ අලියෙක්වත් හමුවේ යැයි බියෙනි...
    ගැහැණිය බයිසිකලය තව අතුරු පාරකට හැරවූයේය...ඒ දෙපසද වෙනසක් නොවී තිබුණේ කැලෑවමය....
    "අනේ මන්ද විජේ...මේක නං හරියන වැඩක් නෙවේ...ඉස්කෝලෙ කොහෙද මේ කොහෙද .... මේ පැත්තෙ ඉඳන් එහෙට යන්නෙ කොහොමද ...."
    විජේපාලටද එය ඇත්තක් බව සිතිණි...මේ පැත්ත ඉස්කෝලෙට ඉතා දුර බව ඔහුටද තේරිණි...
    "මේ......මෙහෙ හරි දුරයිනෙ...ඉස්කෝලෙට යන්න බැරිවෙයි මෙහෙ ඉඳල.අපි ළඟින් බෝඩිමක් හෙව්වෙ ..."
    ඔහු උස් හඬින් පැවසුවේ තමන් ඉදිරියෙන් යන ගැහැණියට ඇසෙන්නටය....
    "නෑ.....ඉස්කෝලෙට ගොඩක් ළඟයි....මෙතනින් කෙටි පාරක් තියෙනව "
    ඇය නොනවත්වාම පිලිතුරු දුන්නාය.නැවතත් විජේපාල රමණි සමඟින් ගැහැණිය පසුපස ඇදුණාය..
    පැය කාලක පමණ ඇවෑමෙන් ගැහැණිය තවත් අතුරු පාරකට බයිසිකලය හැරවූවාය ....එය ගල් කැට ඇති පටු පාරකි..විජේපාල ඒ පාරෙහි තම බයිසිකලය පැදවූයේ ද අමාරුවෙනි.. ගැහැණිය නම් සුපුරුදු වේගයෙන්ම අපහසුතාවයකින් තොරව බයිසිකලය ගල් පාරේ වුවද පැදගෙන ගියාය...
    "මේ මොන පාරක් ද අනේ...හතර වටේටම මූකලානනේ...දැන් පැය කීයක් නම් ආවද... යනව විතරනෙ.නවතින පාටක් නෑනේ...මට නම් හරිම මහන්සියි "
    රමණි බැරිම තැන පැවසුවාය ...
    "ඈතින් ගෙවල් වගයක් නම් පේනව වගේ..."
    විජේපාලගේ කතාවට රමණි ද ඔහුගේ උරහිසට ඉහළින් ඔහු පෙන්වූ ඉසව්ව බැලීය..
    "ගමක් වගේ නම් තමා.ඒත් මෙහෙන් යන්න නම් බැරිවෙයි ....පාරක් නෑනේ...කැලෙන් වැහිල..."
    "අනේ මන්ද මේ ගෑණි කොහෙ අපි එක්කන් යනවද කියල ..."
    විජේපාලද පැවසීය ....
    "මේ. ඇහුණද......තව කොච්චර දුරද....
    විජේපාල යළිත් වරක් උස් හඬින් කෑ ගැසුවේ කිසි කතා බහක් නැතුව ඉදිරියටම බයිසිකලය පැදන් ඔවුන්ට ඉදිරියෙන් යන ගැහැණියට ඇසෙන්නටයි...
    එක්වරම දුටු දේකින් රමණිගේ හද මඳක් ගැහුණාය...ඇය දුටුවේ ඒ අසල තැනින් තැන ඉදි කර තිබූ පරණ වී ගරා වැටී තිබූ සොහොන් කොත් කීපයකි..ඇය කට හරින්නටත් ප්‍රථම ගැහැණිය බයිසිකලය නතර කළාය..විජේපාලද බයිසිකලය නතර කළේ වටපිට බලම්න් මඳක් චකිතයෙනි ...
    "මේ කොහෙද ගෙයක් වත් පේන්න නෑනේ..."
    "පරණ මිනී කනත්තකුත් තියෙනවනෙ..."
    රමණි ද පැවසුවේ ඒ දෙස බියෙන් මෙන් බලමිනි.. ඔවුන්ගේ කතා අසාගෙන් උන් ගැහැණිය තාමත් සිටින්නේ එක කකුලක් බිමට තබා නතර කරගත් බයිසිකලයේ හිඳගෙන ඉස්සරහ බලාගෙනය.
    "මේ කොහෙද ඔයා අපි අරන් ආවේ...."
    විජේපාල නැවතත් ඇසීය...
    "කනත්තට"
    ඇගේ හඬින් දෙදෙනාටම හීන් දාඩිය දැමීය...
    "ක..න..ත්..ත..ට....????"
    "ඔව්"
    එකෙණෙහිම ගැහැණිය කඳ එහෙමම තිබියදී ගෙල පමණක් සම්පුර්ණයෙන්ම හරවා ඔවුන් දෙස බැලුවේ තමා ජීවිතයේ මෙතෙක් දුටු බිහිසුණුම දසුන ඔවුන් ඉදිරියේ තබමිනි...
    සුදු මැලි මුහුණ හා බිඳුණු නහය... දිරාපත් පැහැයෙන් කඩා වැටුණු අවුල් වූ කොණ්ඩය... සිනාසෙන විට පෙනෙන කළු වූ දත් පෙල හා කට දෙකොනින් බේරෙන ලේ පාරවල් දුටු දෙදෙනාට ඉහ මොළ රත් විය..
    රමණිට ඉබේම මහ හයියෙන් කෑ ගැහුණේය... ඇය තදින්ම තම සැමියා දෑතින්ම බදාගෙන ඇස් පියා ගත්තේ ඉතිපිසෝ ගාථාව කියමිනි... විජේපාල බයිසිකලය හැරවූයේ කෙසේද යන්න ඔහුම නොදනී...ගල් පාරේ කළින් පැමිණි ලෙසට නොව,ඉතා වේගයෙන් බයිසිකලය පැදවූ නිසා රමණි උඩ ගොස් වැටිණි...
    "රමණි පස්ස බලන්න එපා"
    විජේපාල කී නමුත් ඇයට පසුපස බැලුණේ බිය වැඩිකමටය .තමා පිටුපස අසුන් ගෙන යන නිසා ඒ බිය දෙගුණ විය...එහෙත් ඈ කළින් දුටු හොල්මන් ගැහැණියවත් බයිසිකලයවත් එතැන නොවීය...
    විජේපාල ඒ වේගයෙන්ම කැලෑ පාරෙන් පැමිණි නමුත් මොහොතකින් පාර වැරදිණි..
    කෙසේ හෝ පාර හොයා ගනිමින් ගමට වැටෙන විට රෑ බෝ තිබුණි....ඔවුන්ට ගැහැණිය හමුවූ ඉසව්ව හරියටම මතක තිබූ විජේපාල යළිත් වරක් ඒදෙස බැලීය.
    "රමණි මේක තුං මං හන්දියක්...මෙතනින් නේද අර ගෑණි හම්බ වුණේ.."
    "අනේ ඇත්තමයි විජේ...මද්දහනෙ මේ වගෙ තැන්වල හොල්මන් ඉන්නව කියල අපෙ අම්මත් කියල තිබුණා..."
    රමණි කීවේ තාමත් බිය පහ නොවූ හදවතිනි..
    "මට එත් එම්බාම් ගඳක් වගෙත් දැණුනා..මං හිතුවෙ ගෑණි මොකක් හරි සෙන්ට් එකක් ගහල කියල ..."
    විජේපාල එන අතරමඟ පැවසීය ...
    "අපි බේරුණේ අනූ නවයෙන් විජේ..."
    "කියල වැඩක් නෑ රමණි...."
    දෙදෙනාම ගෙට ගොඩ වන විට හවස හයත් පසුවී තිබුණි...රමණිගේ බිය පහ කිරීමට පන්සලේ හාමුදුරුවන්ගෙන් පිරිත් නූලක්ද ගැට ගැසීමට සිදු වුණේ ඇය දිගටම හීනෙන් බියවූ නිසාය...
    මේ සිද්දිය වී අදට හරියටම අවුරුදු 25 කි..
    දැන් විශ්‍රාම සුව විඳින විජේපාල හා රමණි දරු මුනුපුරන්ගේ ආදරය රැකවරණය මැද සතුටින් ජීවත් වෙති.
    එහෙත් ඔවුන් එදා සිදුවූ තමන් ජීවිතයේ මෙතෙක් අත් විඳි භයානකම සිදුවීම අදටත් සිහිපත් කරන්නේ කවදාවත් අමතක කළ නොහැකි අමිහිරි මතකයක් ලෙසිනි.....

    සමුදුනී දිසානායක
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    කටු මැටි ගෙදර

    " මල්ලි එනවද අපේ බෝඩිම පැත්තෙ ..... පොසොන් වලට සතියයි මේ කූඩු ටික ඉවර නොකලොත් පංසලේ හමුදුරුවන්ගෙන් කනක් ඇහිල ඉන්න වෙන් නෑ... අද මෙහෙ ඉන්න බලගෙන එන්න රෑ වෙනකන් වැඩ කරල ඉවරයක් කරමු ..."
    ඉස්පාසුවක් නැතිව එක දිගට නාද වූ ජංගම දුරකථනයෙන් ඒ කතා කලේ බංඩාර අයියා ය..

    " හා මං එන්නම් මං නාන ගමන් හිටියේ ඉක්මනින් එන්නම් .. ගොකරැල්ල ටවුමට පොඩ්ඩක් ගිහින් එන්නෙ හොදේ ".. කියා නැවත ලිදට දිවුවේ බොඩිං අපට ටැප් වතුර අකැප නිසාය...

    හැකි ඉක්මනින් මගෙ බොඩිමෙන් පිටත්ව ගියේ...
    " මල්ලි කලුවරේ වෙල මැද්දෙන් එන්න එපා මේ ලගක ඉදල කලු නයෙක් නියරෙ නිදා ගෙන ඉන්නවා ලු... එනව නම් වටේ පාරෙන් එන්න" කිය මගෙ බෝඩිමේ අයිය දුන් උපදෙස් මතක් වු නිසවෙනි. වටේ පාර කිලෝමීටර් 2ක් පමණ දිග වූ අතර රූස්ස ගස් වලින් හා පරණ සොහොන් කොත් කිහිපයකින් ද සමන්විතය ...

    " වටේ පාරෙන් එනවට වඩා නයා ගහන එක හොඳ යි" කියා මටම විහිලු කර ගනිමින් කලුවර වැටෙන්නට පෙර පය ඉක්මන් කලෙමි..

    " මල්ලි මොකො පරක්කු ..දැන් කොහෙද .. ??"

    " හරි හරි මේ පොල්ගොල්ල පිරිවෙන ඉස්සරහ සියබලා ගහ ලගින් ඇතුලට හැරුනා..."

    එතන සිට බෝඩීමට ඇත්තේ විනාඩි 2ක් දුරකි..මෙය සාමන්‍ය බෝඩිම ක් නොවෙයි අත් හැර දැමූ " කටු මැටි ගෙදරකි" ... ගෙදර අයිති අක්කලා හිටියේ එම ඉඩමේම ඉදිරියට වන්නට තැනු අලුත් නිවසකය. බංඩාර අයිය ලා බෝඩිම් වන තුරු මෙය භාවිතා කර ඇත්තේ වී ගබඩා කිරීමට පමනකි ..

    " කෝ අක්කලා..." යැයි ඉස්තෝප්පුවේ කූඩුවක් සමග ඔට්ටු වෙමින් සිටි බංඩාර අයියාගෙන් මම ඇසුවේ ඔහු සමග ඔහුගේ නැගෙනියන් දෙදෙනාත් එම නිවසේ සිටි නිසාවෙනි..
    " මේ ටිකේ උගන්වන් නැති නිසා අක්කලා ගෙදර ගියා මල්ලි"
    කියා පටන් ගත් සංවාදය දිගටම ගෙන යමින් අපි කූඩු ටිකත් සෑදීමට අතපසු නොකලෙමු.

    "අප්පා රෑ 10 යි.. කමු කමු" කියා දෙදෙනාත් සමග කෑම බෙදාගෙන සාලයට වී ඉදගත්තා පමණි අයියා ගෙ ජංගම දුරකතනය මේස්ය දෙදරම්න් නාද විය..
    " ආ ඒහෙමද... හා හා.. රෑ බස් 1 අල්ල ගන්නම් උදේ වෙද්දි එන්න පුලුවන් .. හා හා.. බුදුසරණ යි..."
    අයියා මා දෙස බලන විටත් කියන්න යන දේ මට පැහැදිලි වී හමාරය මේ පාලු කටු මැටි ගෙදර මට අද රෑ තනියම පහන් කරන්න වෙනවා නිසැකය..

    " එහෙනම් මල්ලි මම යනවා.. ගෙදර ලොකු ප්‍රශ්නයක් නැත්තම් මම හෙටම එනවා හරි ... කාමරේ දොර වහගෙන ලොක් කරලා දොර පොල්ල හරහට දාන්න.. අවුලක් නෑ නේ.."
    " නෑ නෑ අයියේ .. " කියා කටින් කීවත් සොහොන් පිරිච්චි පාරකින් හෝ කලු නයෙක් ගේ ඇග උඩින් යනවාට වඩා මෙහෙම හොදා කිය මගෙ සිත කීවේය.

    කියූ පරිදිම කාමරේ දොර වසා අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කලේ මේ පාලු ගෙදර මීට සති 2කට උඩදී මගෙ අතින්ම නාග පැටවුන් දෙදෙනකු පරලොව යැවීමෙ පාප කර්මයට මමත් හවුල් වූ නිසාවෙනි.

    ඔහුගේ පොත් මේසය මත විශාල පොත් සංඛ්‍යාවක් තිබුණත් ඒවායින් වැඩි හරියක් ගුරුකම් මන්තර පිලිබඳ ඒවාත් වාමාංශික ලෙනින් චේ වැනි පොත්පත් වූවා.. තනිව නිදන අද වැනි රෑක මේ මාතෘකා 2ම මට අප්‍රසන්න විය.

    80w කහ පැහැති බල්බයේ එලිය කාමරයට තවත් මූසල බවක් එකතු කලා වගේම මට නිදා ගැනීමට සිදු වන්නෙ තැලී පොඩි වී ගිය කොහු මෙට්ටයකය...
    " ඔය මෙට්ටෙ යට තමා අපේ තාත්තා මැරෙන්න කලින් සල්ලි හැංගුවේ.. අපරදේ කියන්න බෑ මල ගෙදර ට ඕන සල්ලි ඔක්කම මෙට්ටෙ යට තියල තමා තාත්තා මැරිල ගියේ" බෝඩිම අයිතිකාර ගෙදර අක්කා කියු දෙයක් මේ වෙලාවෙ මොකට මතකෙට ආවද මංදා කියා මටම මැසිවිලි නගා ගතිමි.
    ඇද ඉහලින් එල්ලා තිබූ මදුරු දැලද මට පෙනුනේ මාලු අල්ලන දැලක් මෙනි එය එතරම් ම ඝණකම් ය ශක්තිමත් ය. මගෙ හිතේ සැකය නිසාදෝ කාමරයේ ගුප්ත බව එන්න එන්නම වැඩි ලෙස මට හැගුනි.. ගෙදර අල්ලපු කාමරයේ තිබූ වී ගබඩාවේ දගලන මීයන්ගෙ ශබ්දයන් හා වහලයේ ටකරන් උඩ දුවන කලවැද්දී රංචු වල අදෝනාවත් මට පසක් කලේ අද රාත්‍රි ය නම් ගොඩාක් දිගු එකක් වන බවය..
    අකමැත්තෙන් හෝ ගල් මෙට්ටයේ ඇල උනත් මදුරුවන් ගෙන් බේරීමට නම් මාලු දැල දමිය යුතුම විය.. එම දැල ඇද වටේ දමා ගත් පසු යම් ආරක්ෂා වක් දැනුනත්.. ඉවසා ගත නොහැකි රස්නයක් හා දහඩියක් ඇති විය..
    " හ්ම්ම්ම් අද නම් මහ කරුමයක්"..බංඩා කොහොම මේකෙ හිටියා ද දන් නෑ"යැයි මට කියවුනි.

    ඇද් උඩ වාඩි වී නිසොල්මනේ බලා සිටියේ නින්ද අහලකවත් නොමැති හෙයිනි.. දැඩි නිහැඩියාව මැදින් ඇසුනු බිත්ති ඔරලෝසු වේ ටික් ටික් හඩ අද මට ඇසෙන්නේ මිනිසෙකුගේ හදවත ගැහෙන රිද්මයටය..

    බිත්තිය ට හේත්තු වී සිටි මා මද නින්දකට වැටි සිටියදී හදිස්සියෙ ඇහැරුනේ මූසල හඩකින් පෙම් ගී ගයමින් සිටි බලලුන් දෙදෙනකු ගෙ අදෝනාවකි නි. එම අදෝනාව මට ඇසුනේ කිරි බඩගින්නෙන් තරගයට හඩන නිවුන් කිරිසප්පයින් දෙදෙනෙකුගේ විලාපයක් මෙනි.. එම විලාපය බලල් පොරයක් වී ඉස්තෝප්පුවේ දොර පහුරු ගෑවේ අපිව ඇතුලට ගනින් කියන්නාක් මෙනි..මෙහි සදහන් කල නොහැකි ව්චන මාලාවක් කියා ඔවුන් එලවා දැමුවද මගෙ සලිත වූ සිත නම් නිවුනේ නැත... වේලාව 2.18යි.. මා සිතුවා හරි මේ රෑ ගොඩාක් දිගු ය...

    විවිධ දේ කල්පනා කරමින් නින්දකට වැටෙන්න උත්සහ කලත් එය සාර්ථක වූයේ නැත.. ඔරලෝසු හඩට අහුම්කන් දී සිටි මට තත්පර කටුවේ ටික් ටික් හඩට අමතරව ඊට වඩා බර ඩොග් ඩොග් හඩක් අසෙන්නට වූයෙන් හොදින් ඇහුම්කන් දුන්නෙමි..

    අහෝ දෙවියනේ ..

    ඒ ඇසෙන්නෙ හැරමිටි හඩක්.. රබර් සෙරෙප්පු දමා ගත් දෙපා අද්දමින් සාලය මැද්දේ ඇවිදින්නේ කවුද .... දොර වසා අගුලු දැමූ යතුරද මේසය මත මට පෙනෙන්නට තිබේ...

    හදවතේ බය දෝර ගලා යද්දී ඇද මත ගුලිවී දෑත් වලින් දෙකන් වසා ගත්තෙ ශබ්දයන් ඇසීම වැලැක්වීමට යි..
    මද වේලවක් හිද හිමින් සීරුවේ දෙකන් විවර කල මට නැවත අසුනේ ඔරලෝසු නාදය පමනකි.... " මට නම් පිස්සු" කියා හිත සනසා ගන්නට සැරසුනා පමණයි මා මේ නිවසේ තනිවී නොමැති බව තේරුම් ගැනීමට වැඩි වේලා ගත වූයේ නැත් .... වේවැල් පුටුවක් චිරි බිරි ගාන හඩත්.. වයසක පිරිමියෙක් හති අදිමින් කහින හඩත් මුලු නිවස පුරා දෝංකාර දෙන්නට විය. ඔහු හති දමන හඩ පිස්සු බලු රෝගය හැදුණු බල්ලෙක් ගොරවන හඩට සමානය.. හුස්ම ගන්නේ තප්පුලන තඩි හරකෙක් මෙනි...

    " තවත් නම් මට බෑ දෙයියනේ මට බෑ " තනිවම අඩමින් මා ඇදට ගොඩවී හිස සිට දෙපතුලටම රෙද්දකින් පොරවා ගතිමි... හිතෙ තිබූ සියලුම හයිය බයෙන් සේදී ගොස් තිබූ මට අඩනවා හැර කල හැකි යමක් නොවිනි... කාමරය අත් හැර යාමට විදියක් නැත්තේ යනවා නම් අර ගුප්ත හඩ පසු කර යා යුතු මෙන්ම මට දුවන්නට වන්නේද අන්දකාරයටය...

    ඒ මිනිසා පන අදින හඩ එන්න එන්නම වැඩි වී මට දැන් ඇසෙන්නෙ මගෙ ඇද මත ඔහු මිය දෙන්නට යනවා සේමය

    වෙවුලමින් හඩමින් සිටි මාගේ ඉතුරු හුස්මද මදකට නතර කරමින් කවුරුන් හො මා තදින් වෙලා ගත්තේය.. කෙතරම් දැගලුවත් ගැලවීමට නොහැකි ලෙස මා යමක් වෙලා ගෙන සිටී.. යටි ගිරියෙන් කෑ ගැසුම්වෙමි... හිතට දිරිය ගෙන ඇස් ඇරියෙමි..මා කලින් සදහන් කල ඝණ මදුරු දැල මගෙ ඇගට වැටී ඇති බව දුටුවත් එයින් ගැලවීමට සෑහෙන වේල ගත විය..

    " මගේ කෑ ගහිල්ලට මිනිස්සු ඇවිත් ඇති.. මෙ මගුල් කාමරෙන් දුවන්න ඔනේ" කියා සිත කියු නිසා මේසය මත් තිබූ යතුරු 2 ගෙන දොර ඇරීමි.... මගෙ දුරකථන ය නාද විය.. එහි ශබ්දය ට තවත් ගැස්සුනත් එම ඇමතුම බංඩාර අයිය ගේ ය.. එයට ප්‍රතිචාර දැක්විමට පෙර මෙ භූත මැදුරේ එලියට යන්න ඔනේ යැයි සිතා කිසිවක් නොබල කාමරයෙන් එලියට දිවගොස් සාලයේ දොර ඇර එලියට පැන්නෙමි... මා පසු කල සාලයෙද කිසිවෙක් නොවීය. පරිසරය ද කිසිවක් නොවුවා සේ නිස්කලංක ය.. ළහිරු යාන්තම් පායමින් පවතී...

    නැවත දුරකථන ය නාද විය...

    " මල්ලි.. තාත්ත නැති උනා මල්ලි.. දැන් ටිකකට කලින් මං ගෙදර එද්දීත් නැති වෙලා.. මගෙ නම කිය කියා සෑහෙන වෙලාවක් පණ ඇද ඇදැ ඔට්ටු වෙලා... ප්‍රින්සිපල් ට පනිවිඩේ කියන්න මල්ලි ..."

    මා ගොලුවෙකු මෙන් අසා සිටියෙමි... මගේ හුස්ම නතර වී ඇත්දැයි මට සිතිනි. පාවීමකින් වගේ බිම වැටෙනවා මට දැනිනි.. අවසානයේ ඇසුනේ අතින් විසි වි ගිය දුරකතනයේ " " හලො හලො කෝ මල්ලි ඉන්නවද" යන හඩ පමනකි..

    මා අවදි වූයේ බෝඩිං අක්කලගෙ ගෙදර පූටුවක් මත දිගා වි සිටියදී

    මා දුටුවේ සිහිනයක් නොවන බව මා දනිම්... එය මනෝ විකාරයක් ද... මේ පාලු ගෙදර මිය ගිය සීයා ද... නැතිනම් මරණය පෙනි පෙනී පණ අදින පියෙක් ගේ ආත්මය තමාගේ පුතු සොයා ආවාද.... මා අදටත් නොදනිමි..

    නිමි...

    පසුව ලියමි ...
    නිර්මාණාත්මක ව රචනා කර ඇති මෙය ඇතැම් විට සත්‍ය කතාවක් විය හැකිය .... නම් ගම් මනඃකල්පිත නොවේ...

    Prageeth Leetus
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මගේ අම්මෝ.එළකිරි බූත කොටුව-02 ද ? හූ....හූ .........හූ ඌ .......ඌ ......:growl::growl::growl::growl::growl::growl: