Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    සිදුවිම වෙන්නේ අපි ගෙදර කස්ටිය එක්ක විනෝද චාරිකාවක් ගිය වෙලෙ... අපි ගියෙ දවස් හයක් තිරිකුණාමලය සිගිරි දඹුල්ල. සිදුවිම වෙන්නේ දඹුල්ල නවාතැන්පළ. අවසාන දවස් දෙකට තමයි අපි මෙතන තෝර ගත්තෙත්. අපේ ගමනට කස්ටිය හතළිස් හතක් වගෙ හිටියා. කොල්ල‍ො දහයක් වගෙ හිටියේ. කලින් දවස් ටික‍ෙ ගැහැණු අය මහන්සි උන හින්දා එදා රෑට කෑම හදන එක අපි භාර ගත්තා. අපිට උයන්න උන‍ෙ නම් එලිය‍ෙ ම‍ොකද කුස්සිය නම් හැරෙන්නත් ඉඩ නැති නිසා, කොහොම හරි අපි දැන් කොල්ල‍ො සෙට් එක උයන්න ගත්තා. මහන්සි නිසා මං මුලින් කට්ටියට තේ හදනවා. අපි දැන් මේ හැමදෙම කරනන‍ෙ වත්තේ පිටිපස්ස‍ෙ. කියන්න අමතක උනා. මට සාමාන්‍යයෙන් අවතාර වාගෙ එව්වා පෙනවා. මුලින් විශ්වාස කරෙ නෑ. මං කලින් කථාවක් දැම්මා යාලුවො මතකද දන්නැ. අපි උයන වැඩ කරන් යනවා මට අමුත්තක් දැනෙනවා. කවුරු හරි කෙනෙක් ඇවිත් යනවා වග‍ෙ. මට එන්න එන්න සැරට පුලුටු ගද්‍ය ඇවිත් යනවා. මුලින් හිතුවෙ උයන නිසා වෙන්න ඇති කියලා. මට දැන් තව එකෙක්ට කියන්නත් අවුල් වගෙ මට පිස්සු කියලා හිතයි. කොහොම හරි උයලා ඉවරයි.බත් පරිප්පු සැමන් හදලා සාලයො මාළු බැදලා. ගැහැණු කට්ටියට කිව්වා කෑම බෙදන්න. එයාල මුලින් කෑම කෑවේ එතනින් නංගී කෙනෙක් කෑම කාලා ඉදුල් විසි කරද්දී කෙනෙක් ඇහුවාලු කෑම නැද්ද තව කියලා හැරිලා බලද්දී කවුරුත්ම ඉදලා නැහැ කෙල්ල සැරට බය වෙලා මෙ ගැන කාටවත් කියලා නෑ. ඔය අතරෙ අපෙන් ගිය ලොකු කට්ටිය සෙට් වෙලා එක්කෙනෙක් බයිට් වලට බැදපු මාළු අරන් එද්දී කෙනෙක් ඇවිත් අහල මහත්තයො ඔයාලා ඉදුල් අයින් කරාම කියන්න ඇවිත් ගන්නම් කියලා පොර එකසිය ගානට බය වෙලා දහඩිය දාලා පුදුමයක් කියන්නෙ පොර ඇගපත තියෙන තද චරිතයක්.තව කෙල්ලො හතරක් එක කාමරයක ඉන්නවා කියලා ගිහිල්ලා ඒ කාමරයේ ඇතුල‍ෙ මිනිහෙක් අඩනවා ඇහුණාලු එක කෙල්ලෙක් දැකලා ජනෙල් ලගින් කලු මිනිහෙක් යනවා. අපේ හිටියා වයසක අන්කල් කෙනෙක් පොර ඇවිදින්නෙත් අමාරුවෙන් එයා ලගට හාවො ඇවිත් කකුල් ඉබලා එලියට ආවා කියලා එයා යන්න හදලා එයාගෙ දුව දැකලා නවත්තලා. අපිට ඇත්තටම ලැබුණේ ලොකු තැනක් බංගලාවක්. හොඳම ටික වෙන්නේ මට. මගෙ යාලුවාගෙ මල්ලි අපිට වඩා අවුරුද්දක් බාලයි නැන්දා එයාගෙ මහත්තයා මෙ තුන් දෙනා හැමදෙම දන්නවා හැබැයි කාටවත් කියලා නැහැ කට්ටිය බය වෙනවා කියලා. අපි කොල්ල‍ො හයක් රෑ කාඩ් ගහන්න හිතලා දෙවැනි මහලෙ කෙරවලම කාමරය ගත්තා. දැන් කාඩ් පැක් එක ගන්න මාත් එක්ක මල්ලි කෙනෙක් පහලට ආවා. පහළ කාමරය ඇවිත් අන්කල් හිටපු කාමරයේ පැක් එක අරන් දැන් යනවා පඩිපෙළ දිගෙ උඩට මාත් එක්ක මල්ලි එනවා මාත් කතා කරන් ගියෙ මල්ලි කතාවක් නෑ පඩිපෙළ ටිකක් උසයි කෙලින් ගිහින් අයෙමත් හැරිලා යන්න ඕනෙත් පඩිපෙළ දිගෙ ටිකක් කලුවරයි උඩට යන්න හැරිලා බලන් ඉද්දි උඩ ඉදලා කැත කලුම කලු බෙල්ල කැඩිලා වගෙ කකුලක් කොර ගහන් සතෙක් වගෙ එකෙක් හෙමින් පහලට එනවා මං මල්ලි ලග ඉන්නවාද බැලුවෙ මතක් වෙලා මල්ලිත් නෑ. අමුතු පුලුටු මියෙක් මැරැණ ගද්‍යක් ආවා ඇගට සි්තලක් ආවා දැන් අර සතා එන්න එන්න ලං වෙනවා. කෑ ගහන්න හැදුවේ උගුරේන් සද්දයක් පිට වෙන්නේ නෑ මගෙ අතෙ ඇලුමිනියම් පිගානක් තිබූන අපිට බිස්කට් දාන්න ඕන නිසා අරන් අාවෙ බිස්කට් පැකට් එකක් එක්ක මුරුක්කු පැකට් දෙකක්. මාව දැන් සීතල වෙලා යනවා වාගෙ දැනෙනවා කකුල් දෙකත් හිරි වැටීගෙන වැටෙන්න යනවා මතකයි ආයෙමත් ඇහැරෙද්දි මං පහළ යාලුවා එයාගෙ අම්මා තාත්තා එක කාමරයක වැටුණු පාර අත පය ගහල වගෙ ව‍ේ්දනාව මං වැටෙද්දී ඇලුමිනියම් පිගානක සද්දයක් ඇවිත් මාව අරන් ඇවිත් තියෙන්නෙ මං යාන්තම් කතා කරන්න පුලුවන් උනාම ඇහවෙ මල්ලි කොහෙද මාත් එක්ක ආවානෙ කියලා මල්ලි මාත් එක්ක ඇවිත් නෑ එයා පහළ කාමරයේ දොර ලග පුටුවේ අර මං දැකපු දේම දැකලා එතනම වැටිලා ඉදලා තියෙන්නෙ එයාගෙ අතෙ තිබූන බීම බ‍ොතල් එක්ක වීදුරුව වැටුණු සද්දෙ ඇහිලා මාමා ඇවිත් එයාව කාමරය ඇතුලට අරන් තියෙන්නෙ. එ එක්කම උඩ මාත් වැටිලා ඉන්නවා දැකලා යාලුවාට කතා කරලා කියලා එයාලගේ කාමරයට අරන් ඇවිත් තියෙන්නෙ. මට දැන් අවුල් වගෙ මාත් එක්ක මල්ලි කතා කරන් ආවානෙ ඒත් මං හැරිලා බලද්දී නම් හිටියේ නෑ. මල්ලි වැටුණා නම් මං දැක්ක‍ෙ නැත්තෙ කොහොමද ඇයි මට සද්දයක් ආව‍ෙ නැත්තෙ. දැන් නම් අාපු හැමොම වාගෙ බය වෙලා අපි කාමර දහයක් ගත්තත් කාමර හතරක් විතරක් රෑ කාලය ගෙවන්න හිතුවා. ම‍ොකද උඩ තිබූන හැම කාමරයක වාගෙ අවුලක්ලු. දැන් කට්ටිය ලොකු පොඩි හැමොම කලවම් වෙලා කාමර වල රෑ කාලය ගෙව්වා. උදෙ වෙනකක් හිටියේ මෙහෙන් පිටත් වෙන්න.මුළු රෑම මට නම් නින්ද ආවෙම නෑ. මට ටිකක් නින්ද යන්න එද්දී කට්ටිය යන්න සුූදානම් වෙලා. අපි රෑ කෑම හදපු භාජන රෑ කවුරුත් හ‍ොදලා නැහැ. උදෙ බලද්දී හැම භාජනයක්ම සත්තු පොර කාලා ඇදලා දාලා වාගෙ හැමතැනම පුදුමයි එ මුළු වත්තම උස තාප්පයකින් වැහිල තියෙන්නෙ ගේට්ටුවත් රෑම වහලා තිබුණා. අපෙ ගිය ගැහැණු කට්ටිය හැමදෙම සූදානම් කරලා අස් පස් කරලා අපි යන්න කලින් වැඩ ටික කරලා අපෙ හැමදෙම බස් එකට දාලා කට්ටිය බස් එකට නැගලා මාත් එක්ක මගෙ යාලුවායි මල්ලියි හෝටලයේ ගාස්තුව ගෙවන්න ගියෙ වත්තේ තියෙන තව පරන බංගලාවක් වගෙ ගෙදර ගෑනු කෙනෙක්ට සල්ලි ගෙවන්න ගියාම ඒ ගෑනි අහනවා මොකද රෑ කලබලයක් වාගෙ එහෙ මෙහෙ දිව්වේ කාව හරි දැකලාද කියලා අපි බයට මොකුත් නොකියා හිනා වෙලා ගෑනු කෙනා ඉතුරු මුදල් අරන් එනකල් බලද්දී දැකපුදෙ තමයි බිත්තියේ මල් මාලයක් එක්ක එල්ලලා තිබූන පින්තූරයේ හිටපු කෙනා අපි හැමොම දැකලා බය වෙච්ච රෑපය නේද කියලා මාගෙ යාලුවාගෙ මල්ලිට පෙන්නලා ඇහුවා අපි තව බය උනා ඉතුරු සල්ලි අරන් ඉක්මනින් එතනින් පිටත් වෙලා එද්දී ගෑනු කෙනා කියනවා අයෙමත් නිවාඩුවට එන්නලු පිස්සු හැදෙනවා ඒ හොල්මන් මන්දිරයට ආයෙමත් යන්න තියා හිතන්නවත් කැමති නැහැ. ගේට්ටුව ලගදි මගෙ යාලුවා නිකන් හැරිලා බැලුවෙ අපි රෑ උඩ හිටපු කාමරයේ පැත්ත. තාමත් අර ඡායාවක් පෙනවා කාමරයේ ජනෙල් ඇතුල‍ෙ. අපි බස් එකට නැග්ගෙ ආයෙමත් පස්ස නොබලාමයි. උදෙ ඉදන් තේ උගුරක්වත් නැති නිසා ඒ කැලෑ පාරෙන් එලියට ආපු ගමන් තියෙන කඩෙන් අපි තේ බොද්දි කඩෙ වැඩ කරන කොල්ලා ඇහුවා රෑ හිටියේ ඒ හෝටලයේ ද කියලා කලින් කොල්ලා එහෙලු වැඩ කරෙ. අයිති නොනාගෙ මල්ලිගෙ කෙල්ල බූට් එකක් දිලා මල්ලි පිස්සු හැදිලා උඩ කාමරයේ එල්ලිලා මැරැණලු. පිස්සු හැදිච්ච කාලෙදී ගෑනු දැකපු ගමන් බදා ගන්නවාලු. කොල්ල‍ො එක්ක තරහයිලු. අපිට කරදරයක් නැතුව ආපු එක ලොකු දෙයක්ලු. මොකද එහෙන් යද්දී කාට හරි ලොකු අවුලක් වෙලා තුවාලයක් වෙලාලු යන්නෙ. කතාව කොපි කිරිමක් නම් නෙමෙ. සත්‍ය කතා තමයි ගලපලා කියන්නෙ. ඇත්තටම මට හොල්මන් පෙනවා මනුෂ්‍ය ඝනයෙ හැමදෙම හිතාගෙන ගියාට නම් පේන්නේ නෑ. අහම්බෙන් මෙහෙම උනොත් තමයි පේන්නේ මුලින් නම් හොල්මන් විශ්වාස කරෙ නෑ. දැන් හැබැයි සැරට දැකලා තියෙන නිසා විශ්වාස නොකරත් බැහැ. තව සත්‍ය කතාවක් අරන් එනකල් සියලුම දෙනාට සුභ......

    Tuwan Rimzy Kamoor
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    ⁣මෙ කතාව මට වසර කිපයකට කලින් මගෙ යාලුවෙකු මට කියපු කතාවක්. මම මෙ කතාව ලියන්නෙ පහසුව සදහා යාලුවා වෙනුවට මම ආරැඩ කරගෙන..( මට වුන සිද්දියක් ලෙස උපකල්පනය කරගෙන.)

    ඉදුවර ගමෙ හිටිය ගුරැ පවුලක එකම ලමය.ඉදුවරගෙ දෙමවිපියන් ගුරැවරැන් නිසා ඉදුවරට අඩුපාඩුවක් තිබුනෙ නැ. මම ඉදුවරගෙ ගෙවල් කිටිටුව සාමාන්‍ය පවුලක බොහො අගහිග කමින් පිරැනු ජිවිතයක් ගතකලෙ. අපි දෙන්නම එකම පන්තියෙ නිසා මම ඉදුවරගෙ ගෙදරට යනව එනව පාසලෙන් පසු හවස් වරැවෙදි.අපි දෙන්න කුඩා කාලයේ සිට හොද යාලුවො. මගෙ ගොඩක් ආර්තික අපහසුතා වලට පිහිට වුනෙ ඉදුවර.පොත් පත් පමනක් නෙවෙයි අන්ඩ දැමු මගෙ කොට කලිසම වෙනුවට අලුත් හො ඉදුවර ඇදපු කලිසමක් කමිසයක් පවා දිමෙන් මට පිහිට වුනා. මට අමාරැ පාඩමි කියල දුන්නෙ ඉදුවරගෙ අමිම.

    අපි දෙන්න පහ වසර දක්වා එකම පාසලට ගියෙ. හය වසරෙන් පස්සෙ ඉදුවර ගාල්ලෙ පාසලකට ගියා හොස්ටල් එකෙ නැවතිල ඉදගෙන. ⁣පාසලෙන් අපි දෙදෙන දුරස් වුනත් නිවාඩුවට ගෙදර ආවම අපි දෙන්නගෙ යාලුකම පැවැත්තුව .
    දැන් ටිකක් ලොකුනිසා මට ගස් නග්න්නත් පුලුවන්. ඉතින් මට මගෙ යාලුව ගමෙ ආවම ගහකට නැගල කුරැමිබ ගෙඩියක් කඩල දිම පුරැද්දක් වුන.
    .මෙ පුරැද්ද යාලුව විස්වවද්යාලෙ ඉගන ගන් න කලදිත් තිබුන .කැමිපස් එකෙ තියෙන විසේස සිදුවිමි හැමදේම මා සමග කියනව. මිනිහ කැමිපස් නිවාඩු කාලෙට සති අන්තෙ එනව අඩු වුනාම මම අහනව ඇයි නාවෙ කියල. ඉදුවර කියනව මචන් කුප්පි දාන්න තියෙනව කියල. දවසක් මම කිවිව උබ දැන් බොන්නත් පුරැදු වෙලාද කියල. මිනහ කිවිව නැකියල . මම කිවිව උඹ එහෙනන් කුප්පි දානව කිවිවෙ කියල. උෟකිව්ව කුපිපි දානව කියන්න ලමයින්ට බැරි දෙවල් කියල දෙනව කියල. මට මාර ලැජ්ජාවක් හිතුන

    .ඔය වගෙ තමයි අපේ කාලෙ ගතවුනෙ. මම උසස් පෙලින් පස්සෙ ගෙදර වත්තෙ පිටියෙ වැඩ බලාගෙනහිටිය. යාලුව නුවර පැත්තෙ වලවිවකින් බැදල එ ගෙදරම නතර වුන.ඒ මොනව වුනත් ගමෙ ආවම හැමදාම මම හොයාගෙන ඇවිත් කුරැමිබ ගෙඩියක් බොනව .ඒක පුරැද්දක් ලෙස තිබුන.
    ඔහොම අවුරැදු 12 විතර ගිය. දවසක් ආපු වෙලාවක මට කිවිව පපුව ටිකක් රිදෙනව බයිපාස් එකක් කරන්න කවිව කියල. එහෙම කියල මිනිහ කිවිව මටනමි දැන් ජිවිතෙ එපා වෙලා තියෙන්නෙ. පවුලෙ පුස්න කියල.මිනිහ මට කියනව සල්ලි තිබුනට වැඩක් නැ. ජිවත් නේන නමි ආදරය වුවමනායි.අමිම තාත්ත තනි කරල නුවර පදින්චි වුන එක මහ මොඩ වැඩක්.දැන් අපි හැමෝම දුක් විදිනව කියල.

    එහෙම කියල එදාගිය ඉදුවර ගමට ආවෙ ආපහු මාස 3විතර.

    . එදත් කුරැමිබ ගෙඩියක් බිල අපි කතා කලා. ආගිය තොරතුරැ. මම ඇහුව බයිපාස් ඔපරෙසන් එක කලාද කියල මිනිහ කිවිව නැ එක කරන්න ඔින නැ. මැරැනත් කමක්නැ කියල.

    ඔහොම මාස 6විතර ගියා. මම දවසක් උදෙ පාන්දර ⁣ගෙදර ඉස්සරහ වත්තෙ ඉන්නකොට ඉදුවර ආව. මිනිහ හරිම වෙනස් වෙල. මහන්සි පාටයි. මම ඇහුව මෙ⁣ාකද කියල අමිම තාත්ත බලන්න ගෙදර ආව උබවත් බලල යන්න හිතුන කිව්ව. මට හරි තිබහයි කිවිව. මම ඉක්මනට කුරැමිබ ගෙඩියක් කඩල කපල දුන්න. මිනිහ එක හුස්මට ඒක බිල මම යනව මචන් කියල හදිස්සියෙම යන්න ගිය.
    මමත් ගෙදරට ගොඩ වුනා විතරයි ඉදුවරගෙ අමිමගෙ කැගැහිල්ල ක් ඇහුන ඉදිවරලගෙ ගෙ දිහායින් මම දුවල ගිය ඉදිවරගෙ ගෙදරට. ඉදිවරගෙ අමිම කැ ගහනව මගෙ පුතේ කියල. මම ඇහුව ඉදිවරගෙ තාත්තගෙන් ඇයි කියල. ඉදුවරගෙ තාත්ත කිවිව පුතෙ ඔයාගෙ යාලුව ඉදුවර ඉයෙ රැ හාටි ඇටැක් එකකින් මැරිල කියල නුවරින් කොල් කලා කියල.
    ඒ එක්කම මට සිහි නැතිවනා. මම දවස්3ට පස්සෙ සිහි ඇවිත් ටිකටි කපාගෙන ගෙදර ආවෙ. මම අන්තිමට කපල දුන්න කුරැම්බ ගෙඩියෙ බිල විසි කරපු කෝමිබ⁣ය ගහ යට තවම තියෙනව.මම ඇවිත් කාටවත් නොකිය ඒක වලදාල දැමිම..


    Sureshe Hewapathi Sureshe
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    #පාරුස්සා.

    මම මේ කියන්න යන්නෙ එක්තරා #යකෙක් ගැන...
    මම මීට ටික දවසකට කලින් තමයි මේ ගැන ඇහුවෙ.....

    අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න සීයා ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ටිකක් දන්න කෙනෙක්.
    වයස අවුරුදු අනූවකට කිට්ටුයි.
    ඉතින් ඒ ගෙදර දානයක් දුන්නා.
    ඒ නිසා මමයි අම්මයි ඊට කලින් දවසෙ පොඩ්ඩක් උදව් කරල එන්න ඒ ගෙදරට ගියා.

    ඒ සීයට කිව්වෙ පුංචි රාළ සීයා කියල.වැඩිය කතා බහ නොකරන මහ නපුරු මූණක් වගේම නපුරු වැඩ තියෙන්නෙ.
    ඒ නිසා මටනම් පොරව කොහොමත් දිරවන්නෙ නෑ.

    ඒ ගෙදරට අයිති අක්කර කාලක වගේ කෝපි වත්තක් තියනවා.පුවක් ගස් වැටක් එක්ක කිතුල් ගස් කීපෙකුත්,සවුක්කු වගේ රූස්ස ගස් එක්කම චූටි නාරං ගෙඩි හැදෙන ගස් වැටක්.
    ගෙඩි පුංචි උනාට හරිම රසයි.
    මේ දවස් වල කහ පාට බල්බ් වගේ නාරං ගෙඩි ගස් වල පිරිලා.

    තතු දන්න මිනිස්සු මේ ගස් දිහා බලන්නෙවත් නෑලු.අම්ම නම් කියන්නෙ ඒවගෙන් ගෙඩි කඩන්න යන්න එපා කියල.
    මමයි මල්ලිලයි නම් ඕන තරම් ගස් වල නැගලත් කඩලා කාලා තියනවා.මුකුත් වෙලා නෑ ඉතින්.😁😁
    අපරාදෙනෙ කුණු වෙලා වැටෙන එකනි.

    කොහොම හරි දානෙට ආපු නෑදෑ ළමයි ඉන්නවනෙ.

    අම්මලා කුස්සියට වෙලා ඉන්න අතරෙ මම තව යාලුවෙකුත් එක්ක මිදුලට ආවා.එතකොට වෙලාව හවස හය හමාරට විතර ඇති.

    හත වසරෙ අට වසරෙ වගේ පොඩි පොඩි ළමයි ටිකක් වත්තට පැනලා නාරං කඩලා.මිදුලට ගෙනත් කනවා.මටත් හම්බ උන ගෙඩි දෙක සාක්කුවට දා ගත්තා.

    එක පාරම පොඩි ගෑණු ළමයෙක් අඬන්න පටන් ගත්තා එයාගෙ අත අල්ලගෙන.
    තව ගෑණු ළමයෙක් එයාගෙ බාහුවක් පෙන්න පෙන්න මොනාද කිව්වා.
    අපි දෙන්නත් පොඩ්ඩක් බැලුවා.

    බලනකොට පොඩි ගෑණු ළමයි කීපදෙනෙක්ගෙම අත් බාහුව කවුද සූරලා....නියපොතු පාරවල් හතරක් වැදිලා....ගොඩක් පිම්බිලා ඉදමිලා......
    ඕවා ඉතින් ගනන් ගන් නෑනි.

    මම කිව්වා ගිහින් අම්මට කියල තෙල් ටිකක් ගා ගන්න කියල......

    එක කෙල්ලෙක් අඬ අඬාම ගේ ඇතුලට ගියා.

    කොහොම හරි ඒක ඉවරයිනෙ කියල මටත් ඉතින් ගානක් උනේ නෑ.

    පස්සෙ අම්මා කතා කලා.

    ආන්න අර අහවල් අහවල් අයගෙ පොඩි ළමයිට යකෙක් ගහලා....දැකල නෑ නේද? කියල මගෙන් ඇහුවා.

    ආන්න අර සීයා සාලෙ මතුරනවා කිව්වා.

    යකූ....මේ තරන් හොල්මන් උනකින් ඉන්න මට....ඒක ඇහුනා විතරයි හොම්බ නෙමෙයි මුලු ඇඟම දාලා බැලුවා සාලෙ මොකද වෙන්නෙ කියල.

    හැබෑටම බුදු පහන ළඟ ඉදන් සීයා මතුරනවා.
    අර පොඩි නංගිලා හතර දෙනෙක්ට.

    මම හොදට බලාගෙන හිටියා........
    ඒ නංගිලාගෙ මූණු ඉදමිලා තිබ්බෙ මී මැස්සො විද්දා වගේ.
    පුංචිරාල සීයා මතුරලා පිරිත් පැන් ටිකක් බොන්න දීලා පිරිත් නූලුත් ගැට ගහලා බුදු පහනෙන් තෙල් අරගෙන අර තුවාල වල ගෑවා.

    ඒ කවුද කියන එක නම් අහන්නම වෙනවා.

    මන් වෙනුවෙන් සීයගෙ මිණිපිරී ඒක ඇහුවා.

    ඒ අදෘශ්‍යමාන බලවේගෙට #පාරුස්සා කියලලු කියන්නෙ.යකෙක් කියල තමයි ගමේ ගොඩේ කතා වෙන්නෙ.
    දිගම දිග නියපොතු එක්ක ඇඟිලි හතරක් විතරක් තියන අතක් තියන ශරීර ප්‍රමාණයෙන් කුඩා යකෙක්ලු.කොල පාට ඇඟක් තියනවලු.
    අඳුර වැටෙන වෙලාවට පාළු ගස් මණ්ඩි වලට වෙලා ඉන්නවලු.
    ඉතින් මේ පාරුස්සා වැඩිපුරම පහර දෙන්නෙ අවුරුදු 11,12,13 වගේ ගෑණු ළමයින්ටලු.පිරිමි ළමයින්ට පහර දෙන් නැල්ලු.

    පහුරු ගාන නිසාලු පාරුස්සා කියන්නෙ..
    පහුවදා උදේ වෙනකොට ඉබේම තුවාල සනීප වෙනවලු.නමුත් උන හිසරදේ වගේ පොඩි පොඩි තත්වයක් ඇති වෙන්න පුළුවන් ලු.

    ඇත්තම කිව්වොත් සතෙක්ගෙ දෂ්ටනයක්ද කියල මට සැකත් හිතුනා..මොකද හැන්දෑ වෙලාවට කැලෑ ඇතුලෙ එක එක පොඩි සත්තුත් ඉන්නවනි.
    ඒත් හතරදෙනෙක්ගෙ එකම විදිහට පහුරු ගාන්න සතෙක්ට බෑනි නේද ??!!!
    ඒ හීරුම් ඉදමිලා තිබ්බ හැටි මට තාම මතක් වෙනවා.

    ඔයාලගෙ අදහස මොකක්ද....??!!
    #පාරුස්සා ගැන මීට වඩා දන්න අය ඉන්නව වෙන්න පුළුවන්.
    ඉතින් ඔයාලගෙ දැනුමත් මාත් එක්ක බෙදා ගන්නකො....

    පුංචිරාල.සීයගෙන් තව යක්කු ටිකක් ගැන අහගත්තා.
    පුළුවන් දවසක කියන්නම්කො ඒ ගැනත්....

    ඔන්න ඉතින් මම ආයෙ නාරං කඩන්න ගියේ නැත්තෙ නැල්ලු......අදත් ගිහින් කඩන් ආවලු...හැබැයි දවාලෙ...😅😅😅😅
    ඔයාලත් කැලෑ ගානෙ ඇවිදින්න යනකොට පරිස්සම් වෙන්න.
    වයසින් වැඩි උනත් ගස් අතර හැංගිලා ඉදල පාරුස්සා ඔයාව පහුරු ගාවි.


    Anu Gajanayaka
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    ඇත්තටම mn ma ළඟකදී මුහුණ දුන්න සිද්ධියක් .ma my පළවෙනි කතාව .අඩුපාඩු වලට sorry .මට ලියන්න හිතුණේ කෙනකු kali මෑණියන්ට පහන් තියෙනවා කියලා සඳහන් කරලා තිබ්බ නිසා .
    Mn ඇත්තටම හොල්මන් ගැන වැඩිය තැකීමක් ne. දවසක් එක්තරා paththareka තිබ්බා kali මෑණියන්ට පහනක් thibbama bihitak ලැබෙනවා කියලා .ඉතින් මට හොයල බලන්න ඕනි una මොකද mn ඔහොම news ගියාට වැඩිය පිළිගන්නේ නැති ගතියක් තියෙනවා . දවසක් mn බුදුන්ට පහන තියලා kali මෑණියන්ට වෙනම පහනක් තිබ්බා හැමදාම වගේම හොඳට gatha කියලා පහන තියෙන්නෙ ඉතින් වෙනදා වගේම gatha කියලා පහන තියලා 6.45 වගේ mn පොඩ්ඩක් bed eka diga una .. හැබැයි මට යන්තමින් නින්ද yagen එනකොට කව්ද කෙනකු my room eka ජනිලෙට ගහනවා ඇහෙනවා mn e saddet gassila aharuna .මට හිතුණේ අම්ම කියලා .mn itapasse අම්මට කතා කළා සද්දයක් නැති නිසා ජනේලය අරල බැලුවා කවුරුත් නැ. E සැරේ mn අම්ම බලනකොට හිටියේ කුස්සියේ උයන ගමන් mn ඇහුවාම ජනිලෙට ගහූවෙ ai කියලා amma ehanam kale nelu ....mn ඉතින් ඊට eha දෙයක් අහන්න ගියේ ne. කොහොමහරි බතුත් kala night eka 10 විතර full නින්දක් ගියා .. කාගේ හරි කටහඬක් ඇහුණා මට නිදිමත wikare හිටියේ දෙයියනේ E කටහඬ මට හොඳටම හුරුයි mn ටිකක් හොඳට kandila අහගෙන හිටියා දෙයියනේ E ape mama එයා හමුදාවේ හිටියේ යුධ හමුදාවේ .එයා 2009 නැති une දෙයියනේ එයා මගෙන් pin ඉල්ලන්නේ thapparayak ගියේ ne...මට දැනුණා bed eka eha කොනේ කවුරුහරි ඉන්නවා වගේ දැනුණා දෙයියනේ E සුදු punchige නැතිවුණ පොඩ් කෙල්ල .මට hitha ගන්න බැරිවුණ මොකක්ද wenna කියලා own මගේත් pin illagena මගේ ඇගටම penna ....mn පුළුවන් තරම් හයියෙන් කෑගැහුව සද්දයක් පිට වෙන්නැති බව හොඳටම දැනුණා .කොහොමහරි ape අම්මට මගේ දැඟලීම danila eharila light eka දාලා මට කතා කළා .මට කතා කරන්න බැරි වුනා .උදේ වෙනකං පිරිත් දාලා තිබ්බා මතකයි . කොහොමහරි උදේ තමයි mn une මොකක්ද කියලා qwe . Esare පන්සල එක්කන් ගිහින් පිරිත් nulak බැඳගෙන awa ...ටිකක් සැහැල්ලුවක් දැනුණා මට .කොහොමහරි සතියක් ගියේ ne බුදු මැදුර ගිනි ගත්තා ,hitha ගන්න be .mn ටිකක් නිස්කලංක පන්සලේ ලොකු හාමුදුරුවෝ මුණ gahila mama ගැන සහ පොඩ් නංගී ගැන qwa ...Esare mn ධාතු කරඩුව තියෙන තැනට එක්කල ගිහින් බුදුන් වැඳලා pin අනුමෝදන් කළා හාමුදුරුවෝ asdeka පියාගෙන හිටියේ .esare හාමුදුරුවෝ බෝධිය ගාවට ගිහින් qwa ඔය ළමයාගේ mama සහ නංගී pin ගන්න බැරි තැනක ඉන්නේ ඉතින් pin දුන්නට වැඩක් ne ළමයෝ pin ගන්න be. ඉතින් තව බොහෝ කාලයක් ඔහොම ඉන්න වේවි .ඔය ළමයා kali මෑණියන්ට පහන තියෙන eka නවත්තල දන්ත ධාතුන් wahanshet පහන තියන්න අද ඉඳන් .Esare mn හාමුදුරුවෝ කියපු විදිහට කළා කියන්න සතුටුයි ara විකාර කරදර ටික නැති una. Ara හිස නැති kada ehanam pennethiwa ගියා ,නංගීගේ maha විකාර රූපකාය නැතිව ගියා .eth mn අදටත් එයාලට pin දෙනවා .mona කරන්නද ලොකු හාමුදුරුවෝ qwe pin ගන්න බැරි තැනක ඉන්නේ කියලා .ඔයාලට කියන්න තියෙන්නෙ බුදුන්ට තියෙන පහන ළඟින් eka eka deiyant පහන තියන්න යන්න එපා wishashayan kali මෑණියන්ට කොහොමත් එපා නැති pashna ඇති wawi ..deiyant තියෙන පහන් වලට එන්නේ මියගිය pranayan eka මට ape හාමුදුරුවෝ qwe..එදා වුන දෙයින් eka හොඳටම පැහැදිලි ..


    තිළිණි අබේරත්න මුදියන්සේ
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    අහසින් ගිය ඉස්කෝලෙ මහත්තයා

    අපේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ මේ ලෝකයේ සිදු වේ. එසේ ම තවත් කෙනකු ගේ ඇසට කලාතුරකින් ආශ්චර්යවත් දේ පෙනෙන අවස්ථා ද පවතී.

    එහෙත් ඒවා අනිකුත් අයට නොපෙනෙන නිසා ඔවුහු ඒ විකාර – මායාවන් ලෙස ප‍්‍රතික්‍ෂේප කරති. මෙවැනි අද්භූත දේවල්වල බැහැර නොකළ යුතු ගත යුතු යමක් ඇතැයි සියුම් ව සිතා බලන විට පෙනේ.

    තණ්හාවෙන් අන්ධ වී කටයුතු කරන විට මෙවැනි දේ පිළිබඳ සොයා බැලීමත් වැඩකට නැති නිෂ්ඵල ව්‍යායාමයක් සේ තවත් කෙනෙක් දනිති.

    මේ කතාව ද එවැනි ය. එහෙත් නිකම් ම ඉවත දැමිය යුතු කතාවක් ද නොවේ.

    බී. බුද්ධදාස මහතා විශ‍්‍රාමික පාසල් ගුරුවරයෙකි. අසූ හතර වැනි වියේ පසුවන ඒ මහතා දියවැඩියා රෝගය නිසා මේ වන විට දුර්වල තත්ත්වයක සිටී. ඔහුගේ මතකය ඉතාමත් පැහැදිලි ය.

    මතුගම, නවෝදය පාරේ, අංක 09 ස්ථානයේ පදිංචි ඒ මහතා අදින් හරියට ම වසරකට පෙර, එනම් 2007 වර්ෂයේ මැයි මාසයේ තුන්වැනි දා දුටු සිද්ධියක් මා සමඟ විස්තර කළේ මෙසේ ය.

    ”මං ඒ වෙන කොට දියවැඩියා රෝගයත්, රුධිර පීඩනයන් නිසා දුර්වලවයි සිටියේ. හැමෝ ම හිතුවේ මං මැරෙයි කියා.

    ඒ වුණත් ඉස්සර අපි කාපු හිංගල හාලෙ බතුයි දේශීය ආහාරය නිසා දෝ යන්තම් නැගිටල ටිකක් එහා මෙහා යන්න පුළුවන්කම තිබුණා.

    ඒ වුණාට ලෙඩේ බරපතළකමට මගේ දිවත් බාගෙට ගිලිලා කටත් ගොත වෙලයි හිටියේ. මගේ නෝනත් බය වුණා. එයා මගෙන් ඇහුවා අපි දානයක් දීලා පිරිතක් කියවමු ද කියා.

    ”මෙන්න බැංකු පොත. කැමති දෙයක් කරන්න” කියා මං බැංකු පොත (හවුල් ගිණුමක්) නෝනට දුන්නා.

    දවසක් හවස 7 ට විතර මං හෙමින් හෙමින් ඉස්තෝප්පුවේ යන්තම් එහා මෙහා ඇවිදිමින් හිටියා. මෙන්න මගේ වටේ ම මල්. මා වටා මලින් පිරිලා.

    මං පුදුම වෙලා ඒ දිහා බලා හිටියා. එතකොට ම මට දැනුණා මා ඉහළට යනවා. විනාඩි පහක් විතර මං ඉහළින් ගියා. දැන් මගේ වටේ සුරංගනාවියෝ වටවෙලා එහාට මෙහාට අහසේ පියාසර කරනවා.

    හරිම ලස්සනයි. උරහිස් දෙකේ ලස්සන පියාපත් දෙකක් තියෙනවා. හැබැයි මට මූණු පෙන්නන්නේ නෑ.

    මගේ ළඟින් පියාසර කරන කොට මූණ හංගනවා. මේ අතරේ මට හිතුණා මං මේ කොහේ ද ඉන්නේ කියලා.

    ගෙදර යන්න ඕනෑය කියා හිතුණා එතකොට ම මං යළිත් ඉස්තෝප්පුවේ හිටගෙන ඉන්නවා. දැන් වේලාව 7.30 යි.

    ලයිට් දාලා. මං ඉහළට යන කොට වෙලාව 7 යි. එතකොට ඉස්තෝප්පුවේ ලයිට් දාලා තිබුණේ නෑ. දැන් ලයිට් දාලා.

    මේ ගිය ගමන හරිම සුන්දරයි. ඒ වුණාට ඒක අමුතු දෙයක්. විකාරයක් වගේ නිසා මං කාටවත් කීවේ නෑ. හෙමින් හෙමින් මගේ කාමරේ ඇඳට ගියා.

    දෙවැනි දවසේ හවස 4 ට විතර මං අර වගේ ම හෙමින් හෙමින් ඉස්තෝප්පුවට ආවා. ඔහේ ටිකක් පාර දිහා බලාගෙන ඉන්නයි මං එන්නේ. වයසක මනුස්සයා නෙ.

    මෙන්න එදත් මං අහසින් ගියා. හැතැප්ම ගණනක් ඈත කඳු අතරින් නිම්නයකට පහත් වුණා. හැබැයි කිසි ම සැකයක් බියක් දැනුණේ නැහැ. මං පියවි සිහියෙන් සිටින බව හොඳට වැටහෙනවා.

    මං නිම්නයට පහත් වූ තැන ඉහළින් ගලා ආ වතුරකින් සෝදා පාළු වී හැදුණු පොකුණු දෙකක් තිබුණා. එතැන සුදුවැලි තලාවක් තිබුණා. එතැන ම වැටුණු ගහක් තිබුණා.

    හරහට වැටුණු ගහේ කඳ උඩ මං වාඩි වුණා. ඈතින් ලස්සන තාලෙකට ගායනා කරන ගී හඬක් ඇහුණා. ඒ අතරේ විශාල පැක්ටරියක සද්දෙකුත් ඇහුණා. එතැන මිනිස්සු දෙතුන් දෙනෙක් වැඩ කරනවාත් පෙනුණා. මළ ඉර බහින වෙලාවේ රතු පැහැය නිසා පැක්ටරිය පැහැදිලිව පෙනුණේ නෑ.

    මට හිතුණා “මේ කොහෙද මං ඉන්නේ, මට ගෙදර යන්න ඕනෑ” ය කියා. මං ගහේ කඳ උඩින් නැගිටලා එක පැත්තකට ගියා.

    එතකොට ඒ ළඟ කුටියක් තිබුණා. මම ඒ කුටිය ළඟට ගියා. එතකොට මගේ නෝනා (දයා කුරුප්පු) එතැන තේ පඳුරු යට බිම වාඩිවෙලා ඉඳලා නැගිට්ටා.

    ”මේ අපේ ධර්මා මිස් ගෙ තේ වත්ත. ඒ ගොල්ලො අද වත්තට ඇවිත් ඉන්නවා. අපට තේ බොන්න කතා කරනවා. අපි ඒ බංගලාවට යමු” කියා මගේ නෝනා කීවා.

    ඒ වත්තේ මායිම අයිනේ තිබුණු බංගලාවට ගිහින් අපි තේ බිව්වා. ඊට පස්සෙ මට ගෙදර යන්න හිතිලා බංගලාවෙන් එළියට බැස්සා. නැවතත් මා ඉහළ අහසට ගියා.

    එහෙම ම පාවී ආවා. දැන් බලන කොට මං ඉස්තෝප්පුවේ හිටගෙන. මං නෝනා කොහේද කියා බැලුවා. එයා මා ළඟට හිනාවෙමින් දුවගෙන ආවා.

    ඇවිත් මා කාමරයට එක්ක ගෙන ගියා. ඒත් මං නිශ්ශබ්දව හිටියා මිසක් එදත් මේ සිද්ධිය කියන්න උනන්දු වුණේ නෑ.

    ඊළඟ දවසෙත් හවස 4 ට විතර මං අහසින් අර නිම්නයට ගියා. එදත් කලින් දා වගේ ම මගේ නෝනා තේ වත්තෙන් මතුවුණා. “අද බංගලාවෙ ලොකු අය නෑ. ළමයි විතරයි ඉන්නේ.

    ළමයි සෙල්ලම් කරනවා බලන්න අපි යමු” යි නෝනා කීවා. ඒ ළමයි රබර් බෝනික්කෙක් සමඟ සෙල්ලම් කරනවා දැක්කා. ටික වේලාවකින් මට හිතුණා ගෙදර යන්න ඕනෑ කියා.

    එතකොට ම මා ඉහළ ගිහින් ඉස්තෝප්පුවට පාත් වුණා. එදත් නෝනා හිනාවේගෙන ඇවිත් මා කාමරයට එක්ක ගෙන ගියා. ඒ වෙන කොටත් හොඳට එළිය තිබුණා. අඳුර වැටී තිබුණේ නෑ.

    ඊට පහුව දා පිරිතයි දානෙයි ගැන සාකච්ඡා කර ගන්න මගේ බෑණා (වෛද්‍ය තිලකරත්න වීරක්කොඩි) ආවා. මම එයා එක්ක මේ සිද්ධිය කීවා. බෑණා කීවා බයවෙන්න එපා ඕක හීනයක් වෙන්න ඇති කියා.

    ඒක හීනයක් වෙන්නෙ කොහොම ද? දවස් තුනේ ම එක වගේ, අහසින් ගියා. ඒ වගේ ම හිටගෙන ඉස්තෝප්පුවේ ඉන්දැද්දී. මම වෛද්‍ය තිලකරත්න වීරක්කොඩි මහතා සමඟ කතා කළෙමි.

    ”මගේ මාමණ්ඩි (බිරියගෙ පියා) ගුරු වෘත්තිය හැඟීමෙන් වගේ ම කරුණාවෙන් කළ කෙනෙක්. මෙයා කිසි කෙනකුට පාඩුවක් හානියක් කළ කෙනෙක් නොවෙයි.

    බොහෝ ම පිනට බරයි. හැත්තෑ ගණන්වල කුඩලිගම විද්‍යාලයෙ ඉගැන්නුවේ. අවුරුදු 10 ක් විතර ඒ ඉස්කෝලෙ ඉගැන්නුවා. ඒ ඉස්කෝලෙට බුදු මැදුරක් තිබුණේ නෑ.

    මාමණ්ඩි එයාගෙ අත් දෙකෙන් ම බුදු මැදුරක් හැදුවා. ගුරුවරයෙකු වුණාට දක්ෂ නිර්මාණකරුවෙක්. පෙදරේරු වැඩත් පුළුවන්. දැහැමි ජීවිතයක් ගෙවන්නේ.

    ඉතින් අපි පිරිත කියා පහුව දා දානය දුන්නා. මේ වෙන කොට මාමණ්ඩිට හොඳට ම අමාරුයි. දානෙ වෙලාවෙ උස්සගෙන ඇවිත් සාලයේ මෙට්ටයක් උඩ උඩුබැලි අතටයි තිබ්බේ.

    පණ්ඩිත ලත්පඳුරේ රාහුල හාමුදුරුවන් ගේ ප‍්‍රධානත්වයෙන් දානය තිබුණේ. රාහුල හාමුදුරුවෝ මගේ සහෝදරයා. (නාගොඩ සෝභිතාරාමාධිපති) දානය අවසන් වෙලා හාමුදුරුවෝ ලෙඩාගෙ අතේ පිරිත් නූල ගැට ගැසුවා විතරයි, මෙන්න ලෙඩා නැගිට්ටා.

    හිනාවෙලා නැගිටලා හාමුදුරුවන්ටත් වැඳලා මට හොඳටෝ ම බඩගිනියි කියා එයා ම බත් බෙදා ගෙන කෑවා.

    ඊට පසු දවසක් මාමණ්ඩිට කුඩලිගම ඉස්කෝලෙ බුදු මැදුර බලන්න ආසයි කීවාම මගේ කාර් එකෙන් එක්ක ගෙන ගියා. මේ ගියේ අවුරුදු විසි ගණනකට පස්සේ. ඉස්කෝලෙ කිට්ටුවට ගිහින් ඉහළ කඳු වළල්ල දිහා බලා ඉඳලා “පුතේ! මං අහසින් ආවෙ මෙතනට නෙ. මට හොඳට මතකයි” කියා කීවා.

    අපි කලින් හිතා හිටියෙ මරණාසන්න අය දකින දර්ශනයක් හෝ විකාරයක් කියා. පස්සෙ අපටත් වැටහුණා මේ දර්ශනය තුළ යමක් තිබෙන බව.

    මේ ඉහළින් තිබුණෙ ගීකියනකන්දවත්ත. රොනී ද මැල් ඇමැතිතුමාට අයිති වත්තක්. මේ කන්දට ගීකියනකන්ද කියා නම වැටුණෙත් හඳ පායාපු දවස්වලට සුරංගනාවියෝ ගී කියන හඬ ඇහෙන නිසා යැයි ජනප‍්‍රවාදයේ පවතිනවා.

    ඉතින් අපටත් මේ අහසින් යෑම ගැන පුදුමයි. මනෝකායෙන් ගමන් කිරීමක් වගෙයි. ඒ වගේ ම හොඳට ම ඔත්පලව හිටපු (වයස 83) උස්සගෙන දන් පිල ළඟට ගෙනා ලෙඩා, පිරිත් නූල බැන්ද හැටියේ නැගිටලා ගිහින් තමන් ම බත් බෙදා ගෙන කෑමට තරම් හැකියාවක් ලැබීමත් පුදුමයි” යැයි වෛද්‍ය වීරක්කොඩි මහතා පැවසී ය.

    බුද්ධදාස මහතා ඊට පසු දුටු තවත් දෙයක් විස්තර කළේ ය. ”එදා මම අහසින් ගොස් පහත් වුණේ ලස්සන ගඟක් ළඟ. නෝනත් හිටියා. මම නෝනාට කීවා අපි එගොඩ වෙමු කියා. මම ගඟෙන් එගොඩ වුණා.

    නෝනාට එගොඩ වෙන්න බැරිවුණා. මේ සිද්ධිය දැකලා සුමානෙකට විතර පස්සෙ මගේ නෝනා ගමනක් යන්න ගෙදර සිට පාරට බහින කොට ම වේගයෙන් ආපු වාහනයක හැපී අන්ත‍්‍රා වුණා” යි කියමින් බුද්ධදාස ඉස්කෝලෙ මහත්තයා නෙතින් වැටුණු කඳුළක් පිටි අත්ලෙන් පිසදා ගත්තේ ය.

    මතුගම මහින්ද විජේතිලක
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    කොහොමද යාලුවනේ... මගේ පළවෙනි කතාව තමයි මේ... කියවලා බලලා ඔයාලගේ අදහස් කියන්න හොදේ...

    මේක ඇත්තම ඇත්ත කතාවක්... අපේ සීයා තමයි මේක කිව්වේ... එයා මුහුණ දීපු අත්දැකීමක්...

    අපේ පැත්තේ තියනව ඉස්සර තාපසවරු හිටපු ආරාමයක්... කන්දක් අයිනෙ,කැළෑවෙන් වටවෙලා...අපි පොඩිකාලෙ ඒ ආරමෙට යනව මටත් පොඩ්ඩක් මතකයි.... මොකක්දෝ හේතුවකට ඒ ආරමේ හිටපු තාපස තුමා යන්න ගියා... කාලයත් එක්ක ඒ පැත්තේ වල් බිහි උනා...

    අපේ සීයාට අයිති කුඹුරක් ඒ ලගම තියෙනවා... ලොකු ගල් තලාවක් එක්කම තමයි කුඹුර තියෙන්නේ.... ඒ පැත්ත ගොඩක් පාලුයි .... කතාවක් තිබුනා එහේ හොල්මන් තියෙනවා කියලා... ඒ උනාට අපේ සීයනම් යකෙකුටවත් බයක් තියෙන කෙනෙක් නෙමෙයි..

    කොහොමහරි එක පාරක් ඔය කුඹුරේ වැඩ කරලා ගොයම් පැළත් හොදට හැදීගෙන එනකොට කුඹුරට සත්තු එන්න ගත්තලු... ඉතින් අපේ සීයා යනවලු පැල් රකින්න... ඒ ගිහිල්ලා රෑට ඉන්නේ අර ගල් තලාවෙලු.. ඒක ටිකක් උසට තියෙන හින්දා ආරක්ෂාවටත් හොදයිනේ.. දවසක් රෑට කෑමත් කාලා 7ට විතර යන්න පිටත් වෙලා... ඒ ගිහින් ගිනි මැලේකුත් ගහලා ටිකක් වෙලා ඉන්නකොට සීයට නින්ද ගිහින්... එක පාරම කවුරු හරි කතා කරනව ඇහිල නැගිටලා බලනකොට ගෑනු කෙනෙක් ඉදන් ඉන්නවලු ගිනි මැලේ ළග... ඒ වෙලාවෙනම් සීයගේ හිත ටිකක් බයවෙලා...කුනුහරුපයක්වත් මතක් උනේ නැතිලු.. වටපිට බලනකොට සීයගේ අතට අහුවෙලා තියෙන්නේ රතිඤ්ඤා .... එයා මොකද කරන්නේ රතිඤ්ඤා එකක් අරගෙන ඒ ගෑනු කෙනා ඉන්න පැත්තට දාලා.... ඊට පස්සේ එයා නැති උනාලු.... ඒත් ඒ වෙලාවෙම සීයා ගෙදර ඇවිත් .... එනකොටත් කවුරුහරි පස්සෙන් එනවා වගේ දැනෙනවලු... මෙයා පස්සවත් බලන්නේ නැතුව ගෙදරම ඇවිත් ...

    ටික දවසක් යනකම් සීයගෙ හිතේ බය තිබුනලු... අපිනම් දවල්ටවත් ඒ පැත්තේ යන්නේ නෑ තවමත්...

    Vinudi Dahamsa
     
    • Like
    Reactions: Rockstar Athelete

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    මේක මට උන සිද්දියක්,මීට අවුරුදු ගානකට කලින් රෑ නිදාගෙන ඉන්නකොට මට තෙරුනා කවුද ඇගට උඩින් අත දාගෙන ඉන්නවා වගේ.මම උඩු බෙලි අතට නිදාගෙන හිටියෙ.මම ඇස් ඇරලා බලපුවම ඇදුම් නැතුව ඉන්න කෙල්ලෙක්ගෙ ශරීරයක් දැක්කෙ.මම කකුල් දෙකෙ ඉදන් උඩට හීඉට බලගෙන මූණ දිහා වපර ඇහින් බැලුව ,එකපාරටම බලන්න බැරි නිසා.ලස්සන කෙල්ලෙක්,තල එළළු පාටයි.ඇග වාත්තු කරලා වගේ.මෙකිත් මම බලද්දි මගෙ දිහා බලාගෙන හිටිය ඇස්දෙක උඩින්,මට එක පාරට බයක් අවා හිතට එකිගෙ නපුලු බැල්ම නිසා.එත් මට ශුවර් නැති නිසා අයේත් හිමීට කාමරේ ජනේලෙන් එළිය බැලුවා.මොකද කාමරෙ ජනේලෙන් පාරෙ ලයිට් එකෙ එළිය එන නිසා.හීනයක්ද කියලා තහවුරු කර ගන්න.එදත් වෙනදා වගේ ජනේලෙන් එලිය තිබුනා.මම එහෙම්මම ඇස්වහගෙන විනාඩියකින් ඇස් අරින කොට කවුරුත් හිටියෙ නැහැ.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    වොරන් පවුලේ ශාපය THE NUN ( VALAC )

    හායි යාලුවනේ කොහොමද ? අද මන් ඔයාලට දෙන්න විශේෂ දෙයක් ගේනවා අද මන් ඔයාලට ගෙනාවේ චිතරපටයක් නම් නොවේ සත්‍ය කතාවක් ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපට පෙළක ඉතිහාසය සම්බන්දය සමගින් ඉදිරියට එන්නට නියමිත THE NUN චිතරපටයේ ඇතුලාන්තයේ ඇති වැදගත් දෙයක් සමගින් ඔබට ලොකු පණිවිඩයක් දෙන්න ඉතින් ඔයාල දන්නවා මේ සමූහය තුල චිත්‍රපට විචාරය කිරීමට ඉඩක් නොමැති බව එත් මේ විචාරයක් නොවේ මෙය මැනවින් තේරුම් ගත් ඇඩ්මින් මඩුල්ල මට මෙය පලකිරීමට අවසර දුන්නා .

    මන් මගේ කලින් පොස්ට් එකෙන් මන් ඔයාලට කිව්වේ අමනුෂ්‍ය ආක්‍රමණයක් වන හැටි ඉතින් මන් මේක හරහා දෙන්න හදන්නෙත් අමනුෂයෙක් දශක 3ක් පමණ කාලයක් තුල වොරන් පවුලෙන් පලිගන්න ආපු විදිය ම්ම්ම් සමහරු දන්නේ නැතුව ඇති මේ ed warren සහ lorraine warren කියන්නේ කවුද කියල මන් මෙහෙම කෙටියෙන් කියන්නම්කො conjuring චිත්‍රපටයේ මේ අභිරහස විසදන්න එන කපල් එක ඔයාල දන්නවා ඇතිනේ අන්න එයාල දෙන්න තමයි මේ

    conjuring 1/2 Annabelle 1 , Annabelle creation කියන චිත්‍රපටි ඔයාල බලලා ඇති නමුත් මේ සිදුවීම් සත්‍ය වශයෙන් වුන වර්ෂ ගත්තහම මේවා release වුන විදියට වඩා ගොඩක් වෙනස් මන් එක ඔයාලගේ පහසුවට මෙන්න මෙහෙම දැන්නම් සිදුවීම් වුනු වර්ෂ පිලිවෙලින් මේවා THE NUN නැත්තම් valak බලවේගය යම් හෙයකින් හෝ සම්බන්ද වුනු චිත්‍රපට නැත්තම් සිදුවීම් පිලිවෙලින්

    01 1943 Annabelle creation වල ළමයාගේ මරණය රිය අනතුරක් මගින්
    02 1952 THE NUN (තාමත් තිරගතවී නොමැති )
    03 1955 නැවතත් Annabelle creation වල ආබාදිත ළමයෙක් හදාගැනීමට අරන් නැවතත් එම සිදුවීම් අලුත් වීම
    04 1967 Annabelle 1 නැවත ආරම්භය
    05 1971 conjuring 1
    06 1976 conjuring 2 enfield poltergeist

    හරි ඉතින් දැන් ඔයාලට තේරෙනවා නේද මේ සිදුවීම් අපි බලල තියන ව්දියට නෙමෙයි සත්‍යටම වෙලා තියෙන්නේ කියලා ඉතින් මන් මේ විදියට ඔයාලට time line එකක් ගෙනාව තව හේතුවක් තමයි මේ valac කියන අමනුෂ්‍යයා අවුරුදු 25ක් පමණ තිස්සේ වොරින් යුවල පස්සෙන් ඇවිත් තියනවා valac කියන්නේ කවුද කියලා මන් කලින් පොස්ට් වලින් ඔයාලට කියල තියනවා අවශ්‍ය අය විමසන්න

    එතකොට මන් කිව්වා නේද THE NUN කියන එකේ පොඩි දෙයක් ඔයාලට කියනවා කියලා ඔව් මෙන්න මෙහෙමයි මන් හිතනවා THE NUN එක teaser එක බලන්න ඇති කියලා එකේ ඉන්නවා සුදු පාට ඇදගත්ත කන්‍යා සොයුරියක් ඉතින් ඒ teaser එක ආරම්භයේදීම කියනවා ඇයට අමනුෂ්‍ය nun කෙනෙක් ගැන පෙනීමක් තියනවා කියලා ඉතින් lorraine warren ටත් එහෙම පෙනීමක් තියනවා කියලා ඔයාල දන්නවා ඉතින් මන් හිතන විදියට මෙතන මතු කරන්න හදන්නේ lorraine warren ගේ තරුණ කාලය හෝ ඇයගේ සහෝදරියක්ද යන බව මට සැකයි ? ඒ වගේම ඔයාල දන්නවද lorraine warren චරිතය නිරුපනය කරන කෙනාගේ නම Vera Farmiga එතකොට THE NUN එකේ සුදු පාට ඇදගත්ත කන්‍යා සොයුරිය නිරුපනය කරන කෙනාගේ නම Taissa Farmiga ඔව් මේ දෙන්න ඇත්තටම අක්කයි නංගි trailer එක ආවම මිට වඩා දේවල් කියන්න පුළුවන් උනත් මන් කියන්නේ නැහැ මොකද එතකොට එහි රසය අඩුවෙන නිසා

    ඉතින් මන් මේකෙන් කියන්න හදපු ප්‍රධාන දේ තමයි මේ valac කියන demon අවුරුදු 25ක් පමණ තිස්සේ රටවල් 3ක මොවුන්ව ග්‍රහණයට ගැනීමට කටයුතු කළා ඉතින් අන්තිමට ed warren මියගියා ඒ ඔබ කවුරුත් දන්නා ammtiville සිද්දිය ගවේෂණය කරන අවදියේ ඉතින් lorraine warren නම් පවසන විදියට ඔහුගේ මරණයට the nun නැත්නම් valac කියන අමනුෂයා ප්‍රධාන සාධකයක් වුන බවයි .
    ඉතින් ඔයාලට තේරෙනවා නේද මෙහි ඇති භයානක කම ගැන ? හැමදේකටම සීමාවක් තියාගන්න විශේෂයෙන් මෙවැනි දේවල් වලට
    ඉතින් මීට වඩා මට තේරුම් කරන්න ගොඩාක් අමාරුයි කරුණාකර වැරදි ඇත්නම් නිවැරදි කරන්න ඒ වගේම යම් දෙයක් අපැහැදිලි නම් විමසන්න

    විශ්වාශය තුල හැමදාම විශ්වාසය තබන්න විශ්වාස කරන්න
    නමුත් ඇදහිල්ලක් කර නොගන්න

    ෆොක්ස් ...../
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    මට මේ සිදුවීමට මුහුණ දෙන්න උනේ මීට අව්රුදු හතරකට විතර කලින්... පාසල් නිවාඩු කාලෙත් ආපු නිසා අම්මයි තාත්තයි මමයි තීරණය කරා අ⁣ගෝස්තු නිවාඩුව මගෙ තාත්තගෙ මහ ගෙදර ගත කරන්න...

    තාත්තගෙ මහ ගෙදර තියෙන්නෙ කෑගල්ල ප්‍රදේශයෙ නගරයට කිට්ටුව... අපි තුන් දෙනා කෑගල්ලට යද්දි ටිකක් හවස් උනා, මතක විදිහට හවස 4.30 පමණ වෙන්න ඇති... මහ ගෙදර ඒ වෙනකොට හිටියෙ තාත්තගෙ අක්කා,ඒ කියන්නෙ මගෙ නැන්දා විතරයි...

    අපෙ ඒ මහ ගෙදර තියෙන්නෙ කන්දක ඉහලම කොටසෙ... ඒ කන්දෙ පාමුල තිබ්බෙ බොහොම දුප්පත් ආච්චි කෙනෙකුයි ලස්සන අක්කා කෙනෙකුයි හිටිය ⁣පොඩි ගෙදරක්...

    ඒ අක්කගෙ අම්මයි තාත්තයි වෙලා ගිහින්... පොඩි කාලෙ ඉදන්ම ආච්චි ලඟ තමා හැදිලා වැඩිල තියෙන්නෙ... වාසනාවකට හෝ අවාසනාවකට එයාට ලැබිලා තිබුනා ලස්සන රූපයක්... ආර්ථික අපහසුතා නිසා හෝ මොන යම් හෝකරාන නිසා වැඩි අද්‍යාපනයක් නොලබපු එයා ජීවත් වෙන්න කලේ ගාමන්ට් යන එක...

    මම නැන්දල⁣ගෙ දිහා ගියාම අනිවාරෙන්ම ඒ ගෙදරට යනවා වෙරලු ඇහිඳගෙන එන්න... ඒ ගෙදර ඉස්සරහා තිබුනා වාරයක් අවාරයක් නැතුව වගේ ගෙඩි හැදෙනව නියම වෙරලු ගහක්... ඇහිඳින්න වෙරලු නැති උනොත් ඒ ආච්චි හෝ අක්කා කලින් අැහිඳපු ගෙඩි ටිකක් හරි දීලා එවනවා...

    එදත් මම ගිහින් ඇඳුමක් එහෙම මාරුකරගෙන උණුවෙන් තේ එකක් එහෙම ගහලා නැන්දගෙන් ඇහුවා පහලින් වෙරලු ගෙඩි ටිකක් අැහිඳගෙන එන්නද කියලා... නැන්දා කවදාවත් නැතුව මට සැර කරා නෑ නෑ මේ වෙලාවෙ ඔහෙ යන්ඩ එපා ඕන නම් පස්සෙ ලොකු තාත්තලගෙ දිහායින් ඉල්ලං එන්ඩ කියලා...

    මම එවෙලෙ ඒ කියපු දේ ඇහුව වගේ ඉදලා චුට්ටක් එහා මෙහා වෙනකම් ඉදලා සට පට ගාලා ශොපින් බෑග් එකකුත් සාක්කුවෙ ඔබාගෙන කන්ද පහලට දුවගෙන ගියා...

    වෙනදා නම් අර ගේ වටේට හරි ලස්සනට පිරිසිදු කරලා පිළිවෙලට පොඩි වතු කෑල්ල තිබුනා... ඒත් එදා නම් ටිකක් වල් වැදිලා වගේ තිබ්බෙ...

    ඒ වෙරලු ගහ තියෙන්නෙ ගේ ඉස්සරහම ⁣වගේ මීටර් 10ක් 15ක් ඉස්සරහින්... ඔය ගහට මීටර් 110ක් විතර එහායින් තියෙනවා ටිකක් ලොකු අඹ ගහක්... ඒ ගහ යට තියනවා පොඩි ගලක්...

    මම යද්දි අර අක්කා එතන ඉඳගෙන හිටියා... හැබැයි ඉස්සර තරම් ලස්සනක් පෙනුන් නෑ ඇස් වල දීප්තියක් නෑ මූනත් අඳුරුයි වගේ කොන්ඩෙත් කඩාදාගෙන හිටියෙ... ඒත් මම ඒක ගැන වැඩි දුර නොහිතාම "අක්කි වෙරලු ගෙඩියක් ඇහිඳගන්නම් !" කියලා කීවෙ කවදාවත් එපා කියන්නෙ නෑ කියලා දන්න නිසා...

    ඒත් මම කියපු එක එයාට ගානක් නෑ වගේ හිටියා... හරියට ලොකු කනගාටුවකින් ඔහේ බලන් ඉන්නවා කියලා මට හිතුනෙ... මට හිතටත් පොඩි චකිතයක් ආවා... වත්තත් වල් වැදිලා මිනිස්සු ඉන්න තැනක් නෙවේ වගේ, අනික ඒ අක්කත් මාරම අමුතුයි ඒ නිසා මමපට ගාලාගෙඩි දෙක තුනක් අරගෙන ගෙදරට දිව්වා...

    එදා කාලා බීලා නිදාගත්තට පස්සෙ උදේම මාව ගැස්සිලා ඇහැරුනේ නැන්දගෙ ආමන්ත්‍රනේට...😑 මගෙන් ඇහුවා මේ වෙරලු කොහෙන්ද කියලා, මටත් නිදි මරගාතෙම වගේ කියවුනා පහලින් කියලා...

    විනාඩි 5ක විතර දෝස් මුරේකට පස්සෙ වෙරලු ටිකත් වත්ත පල්ලෙහාට විසි කරලා දැම්මා... මට ඒ පැත්ත පලාතෙ යෑම සම්පූර්ණයෙන්ම තහනම් කරා... මටත් අර වත්න පාලුවට ගිහින් තිබ්බ නිසා ආයෙ එහෙ යන්නෑ කියලා හිතාගත්තා...

    මහ ගෙදරට එහායින් තියෙන්නෙ අපෙ බාප්පගෙ ගෙදර... බාප්පගෙ පුතා මටවඩා අව්රුදු 4ක් විතර වැඩිමල් එයා මම ආපු නිසා මහ ගෙදරට ආවා... ඒ අයියා එක්ක කිව්වා මම පහලින් අරං ආපු වෙරලු ටික විසි කරා කියලා...

    එතකොට එයත් කීවා ආයෙ එහෙ යන්න එපා කියලා... මම හේතුව ඇහුවම කිව්වා ඒ ගෙදර කව්රුත් නෑ කියලා... ඒත් මම එයාට ඉස්සෙල්ලම කීවෙ නෑ මම ඒ අක්කව දැක්කා කියලා... හාර අවුස්ස අවුස්ස කියන කියන එකට හේතු අහද්දි තමා වෙලා තියෙන දේ මට කීවෙ...

    ඒ ගෙදර හිටිය ආච්චි ඒ සිදුවීම වෙන්න අව්රුද්දකට විතර කලින් මැරිලා අර අක්කා තනියම ගෙදර ඉදලා තියෙන්නෙ... ඊට පස්සෙ අර අක්කා එක්ක කොල්ලෙක් යාලු වෙලා ඒ අක්කගෙන් ගන්න ඕන දේවල් අරාගන අතෑරලා දාලා...

    අන්තිමේට කොහොම හරි කාත් කව්රුත් නැතිව අනාත වෙලා ගියාට පස්සෙ මම අර වෙරලු අැහිඳපු ගහේම එයා එල්ලිලා මැරලා තියෙනවා... මිනිය භාරගන්න වත් කව්රුත් ඉදලා නෑ කියලා කිව්වා...

    ඒක අහද්දි තමා මට තේරුනේ මම කතා කරලා තියෙන්නෙ ඒ අක්කගෙ හොල්මනට කියලා...

    එදායින් පස්සෙ තාමත් හවස් වෙලාවට මම එ් පැත්තෙ යන් නෑ... අනික මම විතරක් නෙවේ ගොඩක් අය ඒ අක්කා ඒ විදිහට ඉදගෙන ඉන්නවා දැකලා ගොඩක් අය බය වෙලා තියෙනවා කියලා ආරන්චි උනා...

    ඒ දැක්කෙ හොල්මන් කියලා දැනගෙන හිටියා නම් අනිවාරෙන් මටත් නූල්දාලා පිරිත් කියන්න වෙයි... වෙලාවට ඒක දැනගත්තෙ පස්සෙ නිසා ලොකුවට බයක් දැනුන් නෑ...

    කොහොම උනත් අදශ්‍යමාන බලවේග යම් යම් අවස්ථා වලදි අපිට දුශ්‍යමාන වෙනවා... මේක කියවන ඔයත් සමහර විට හොල්මන් දැකලා අැති... හැබැයි ඒ හොල්මනක්ද ඇත්තටම මිනිහෙක්ද කියලා ඔයා තවමත් හරියට දැනගන්න නැතුව අැති...


    Dewmina Wathsana Randunu
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    යකුන් බන්ධනය....
    යකුන් බන්ධනය යනු මිනිසුන්ට යකුන් බැඳ තැබීමයි. එය පියවි ඇසට පෙනෙන කටයුත්තක් නොවේ. කිසියම් යක්‍ෂයකුගේ නම සිහිපත් කර ජීවං කරන ලද නූලක් මතින් යමකු පැන්නුවහොත් එදා පටන් ඒ පිරිමියාට හෝ කාන්තාවට නොයෙකුත් ලෙඩ රෝග ඇති වී අවසානයේ දී මරණය කරා යන බව ද හෙතෙම පවසයි.

    යක්‍ෂ බන්ධන ගැන වැඩිදුරටත් අදහස් දැක් වූ අප්පුහාමි ගුරුන්නාන්සේ,
    ‘‘යක්‍ෂ බන්ධනයක් කියන්නෙත් එක්තරා ආකාරයක කොඩි වින ක‍්‍රමයක්, යක්‍ෂ බන්ධනයෙන් කරන්නේ යකකු මිනිස් සිරුරට බන්ධනය කිරීමයි. එහෙම කරාම ඒ යක්‍ෂයා විසින් මිනිස් සිරුරේ ලේ උරා බොනවා. මස් උරා බොනවා. අවසානයේ දී මුළු ප‍්‍රාණයම ගන්නවා. ගහක් ගලක් වගේ හිටපු සමහර මිනිස්සු හිටපු ගමන් ලෙඩ වෙන්නේ ඒකයි. ඔළුවේ අමාරුව, කැරකිල්ල, වමනය පාචනය, ශරීරය කෘෂ වීම වැනි නොයෙක් ලෙඩ රෝග ඇති වෙනවා. කාන්තාවකට යක්‍ෂ බන්ධනයක් ඇති කළොත් ඒ කාන්තාවගේ මාසික ශුද්ධ වීම අක‍්‍රමවත් වෙනවා. නිරන්තරව නොහිතන වෙලාවට රුධිරය වහනය වෙනවා. ඒ විතරක් නෙවෙයි නිතරම හූ තැබීම, කෑ ගැසීම, දැඟලීම වැනි දේවල් කරන්න පටන් ගන්නවා. මේ වගේ නොයෙකුත් රෝගාබාධවලට යක්‍ෂ බන්ධනය බලපානවා”.

    ”නූල් හත් පොටක් අරගෙන තරමක් බුරුලට ඒකෙ ගැට හතක් ගහනවා. ඊට පස්සේ ඒක කහ වතුරේ පොඟවලා අරගෙන යක්‍ෂයෙක් බන්ධනය කරලා 108 වාරයක් මතුරලා ජීවං කරනවා. සමහරු රීරී0 කඩවර යක්‍ෂයාව බන්ධනය කරනවා. තවත් සමහරු රීරි යක්‍ෂයාව, කළු කුමාරයාව ආදී නොයෙකුත් යකුන් බන්ධනය කරනවා. මේක බොහෝම රහසිගතව තමයි කරන්නේ. ජීවං කරපු නූල අරගෙන තරහකාරයා යන එන පාරක් බලලා හරහට තියනවා. නූල නොපෙනෙන විදිහට මොනවා හෝ කොළ කීපයක් දානවා.


    තරහකාරයා මේ නූලට උඩින් ගියාට පස්සේ ආපහු නූල අතට අරගෙන අර බුරුලට ගහපු ගැට ටික තද කරනවා. ඔන්න ඉතින් ඒ මොහොතේ ඉඳලා අර පුද්ගලයා හෝ කාන්තාව ලෙඩ වෙනවා. දැන් ඉතින් ගෙදර අය වහාම දුවන්නේ ගුරුන්නාන්සේ කෙනෙක් හොයාගෙන. සමහර විට මේ දේ කරපු කෙනා නොදැන කරපු ගුරුන්නාන්සේ ළඟටම යන අයත් ඉන්නවා. ඒ මිනිස්සු ගැන අනුකම්පා හිතුණොත් ඒ ගුරුන්නාන්සේ ලෙඩාගේ ගෙදරට ගිහිල්ලා නූලක් මතුරලා කරට දාලා එනවා. හා දැන් ඉතින් උඹලා බයවෙන්න ඕන නෑ ලෙඩාට සනීප වෙයි කියලත් කියනවා. එහෙම ඇවිත් අර ගැට තද කරපු නූලට මතුරලා ගැට ටික ලිහලා දානවා. දැන් ඉතින් ලෙඩාට සනීපයි. ඒ ගෙදර මිනිස්සු ගුරුන්නාන්සේට බොහෝම බය පක්‍ෂපාතව වැඩ කරනවා. දෙයියන්ට වගේ සලකනවා. යම් කිසි විදිහකින් ඒ ගුරුන්නාන්සේ බෑ කිව්වොත් වෙනත් ගුරුන්නාන්සේ කෙනෙක් හොයා ගන්න සිද්ධ වෙනවා.”

    ‘‘ඔහොම හොයා ගත්තට පස්සේ ගුරුන්නාන්සේ කියනවා අපි නූලක් මතුරලා දාමු කියලා දවස් හතක් ඇතුළත සුවයක් නැත්නම් ඇප නුලක් දානවා. ඇප නූලක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ පිදේනි තටුවක් දෙන නිසා කරදර කරන්න එපා කියන එකයි. ටික දවසකින් පිදේනි තටුව නොදුන්නොත් මේ ආතුරයාව ආයෙත් ලෙඩ වෙනවා. ඒ නිසා මේ යක්‍ෂ බන්ධනය ස්ථිරවම කපන්න නම් පිදේනි තටුවක් දීලා යක්‍ෂයාව එළව ගන්න ඕන කියලා. ඒ අනුව දිනයක් නියම කරනවා. අවශ්‍ය අඩුම කුඩුම සූදානම් කර ගන්න කියලා ලැයිස්තුවකුත් දෙනවා. දැන් ඉතින් මිනිස්සු වැෙඩ්ට සූදානම් වෙනවා. මුළු ගමම ඒ ගෙදරට එනවා. කැවුම් කොකිස් ආදී රස කැවිලි හදනවා. එන යන අයට සංග‍්‍රහ කරනවා. එදා දවසේ ඒ නිවසේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ගුරුන්නාන්සේගේ කීමට අනුවයි. එදාට වෙනදාටත් වඩා නිවසේ පිරිසිදුකම තියෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මස් මාළු ගෙදර පැත්ත පළාතට ගේන්න තහනම්.”
    ‘‘දැන් ඉතින් පිදේනි තටුව සූදානම් කරනවා. පිදේනි තටුව දීමෙන් කරන්නේ යක්‍ෂයා අර ආතුරයගේ ලේ බොන එක මස් උරා බොන එක නවත්වන්න බල කරන එක. ඒ තුළින් තමා ආතුරයව සනීප වෙන්නේ. යක්‍ෂයාට අවශ්‍ය දේවල් සියල්ලම පිදේනි තටුවේ තියෙනවා. ගොක් කොළ, කෙසෙල්බඩ පතුරු, ලී ආදී දේවල්වලින් පිදේනි තටුවක් හදනවා. ඊට පස්සේ පුද භෝජන මේ පිදේනි තටුවේ තියනවා. රත් බත්, කළුබත්, නිල්බත්, අඳුන් බත්, සඳුන් බත් හරි ගස්සගෙන තමයි තටුවේ තියන්නේ. මස් ගොටුවකුත් සූදානම් කරගන්නවා. වඳුරු මස්, ගෝන මස් හෝ මුව මස් තමා අර ගන්නේ උන්ගේ මස් ගන්න ඉතින් සතෙක් මරන්නම වෙනවා.

    ඒ මස් ගත්ත සතාගෙන්ම ලේත් ගන්නවා. ඒ ලේවලින් ලේ ගොටුවක් ලැස්ති කරලා තියෙනවා. අමු කැලෑ කොළයකින් හදන ගොටුවක තමා ලේ තැන්පත් කරන්නේ. මස් තැන්පත් කරන්නෙත් ඒ විදිහට. ඒ ඇරුණම පුළුටු වර්ග සූදානම් කර ගන්න ඕන. මුං ඇට, ඉරිඟු ඇට, ලීමා ඇට අරගෙන ඒවා කබලේ දාලා හොඳට බදිනවා. බැදලා පිටි වෙන්න කොටාගෙන ඒවත් අර තටුවේ තැන්පත් කරනවා. ඒ වගේම කැලේ තියෙන රත්මල් ගෙනල්ලා පිදේනි තටුවේ ගහනවා. ඒ හැරුණම දිය ගොටුවක් කිරි ගොටුවක් සූදානම් කරලා ඒකෙම තැන්පත් කරනවා. කිරි සඳහා පොල් කිරි තමා ගන්නේ. බුලත් කොළ 18 ක් සහ පඬුරු 18 කුත් තටුවේ තැන්පත් කරනවා. ඔන්න ඔය විදිහට අංග සම්පූර්ණ පිදේනි තටුවක් සකස් කර ගන්නවා.”

    ‘‘මේ සියලු කටයුතු සූදානම් කර ගත්තට පස්සේ ආතුරයට සුදු ඇඳුමක් අන්දවනවා. ඉන් පස්සේ ආතුරයගේ ශරීරයේ තැන් තැන්වලට තියලා දෙහි කපනවා. දෙහි කපලා ඉවර වුණාට පස්සේ ආතුරයව ගෙයින් එළියට අරගෙන අර පිදේනි තට්ටුව ළඟ පැදුරක් දාලා අසුන් ගන්වනවා. සාමාන්‍යයෙන් වළක්වන්න බැරි හේතුවක් ඇරෙන්න මේ කටයුතු කරන්නේ රාත‍්‍රී කාලයේ දී. සවස රාත‍්‍රී අටට විතර පටන් ගන්න මේ වැඩේ ඉවර වෙන්නේ පාන්දර හයට විතර. එදාට ඒ ගෙදර තමා ගත කරන්නේ.”

    ”පිදේනි තටුවට අමතරව වෙලං ලීයකින් ඊ ගහක් හදා ගන්නවා. අඩි දෙකහමාරක් තුනක් වගේ දිගට මේ ලීය අරගෙන ඒකේ එක් කොනක් හතරට පළලා ගොක් කොළ හතරක් අමුණලා යම්කිසි හැඩයකට රටාවකට නමලා සකස් කරගන්නවා. වෙලං ලීයේ අනිත් පැත්තේ යකඩ ඇනයක් බස්සලා ඊ ගහ සම්පූර්ණ ගර ගන්නවා. නූලක ගැට හතක් දාලා ඒ නූල ඊ ගහේ ගැට ගහනවා”.
    ‘‘ඔය අතරේ ගුරුන්නාන්සේ දුම්මල ගහලා මන්තර කවි ටිකක් එහෙම කියලා වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ එක අතකින් ඊ ගහ අරගෙන අනිත් අතින් පන්දමක් අරගෙන කුකුළෙක් කිහිල්ලේ ගහගෙන ජීවං කටයුතු දිගටම කරගෙන යනවා.”

    ‘‘මේ විදිහට මන්තර ජප කරද්දි අර ආතුරයා වරින් වර කෑ ගහනවා. හූ තියනවා. නොයෙක් කි‍්‍රයාකාරකම් කරනවා. එයාගේ ළඟ දෙන්නෙක් ඉඳලා එයාව පාලනය කරනවා. මේ යාගයේදී මුලින්ම කරන්නේ මේ ආතුරයාට බන්ධනය වුණ යක්‍ෂයාව ගෙන්වා ගැනීමයි. ඒ සඳහා විවිධ මන්තර කියනවා. වරින් වර පොඩි විවේකයක් අරගෙන තමා ජප කිරීම කරන්නේ ගුරුන්නාන්සේට සහය දෙන්න තවත් සහයක ගුරුන්නාන්සේලා ඉන්නවා. ඒ අය ගුරුන්නාන්සේලා කියන විදිහට අඩුම කුඩුම අතට දෙනවා. මේ වැඩේ කරන ගුරුන්නාන්සේ ඉන්නේ සුදු පිරුවට ඇඳලා ඉණ වටේට පච්ච වඩම් පිරුවටයක් බැඳලා ඔළුවටත් පච්ච වඩම් ජටාවක් බැඳලා පිළිවෙළකට තමා වැඩේ කරන්නේ.”

    ‘‘ආතුරයට බන්ධනය වුණ යක්‍ෂයා සොයා ගන්න සෑම යක්‍ෂයෙකුටම අඬ ගහනවා. මෙන්න මේ විදිහට කියලා තමා ඒ අඬ ගැසීම කරන්නේ.”
    ‘‘ඕං ත්‍රෛ ලෝක කට්ටු භූත
    වේතාලා වේර ගිරි පර්වත ගුගුරවා වර වර
    හංස පත්තු නරයානේ කයිලාසන උනන්දු කරගෙන වර වර
    සක්වල ගලට පැන නැගී පරුවත් දෙකක් කෙලගෙන වර වර
    මහ සයුර ලේ කරවාගෙන වර වර
    රීරී තම්බිරානේ වර වර
    ඔඩ්ඩි රාජ මරු සන්නි යක්‍ෂයා වර වර
    කල්ලු වඩිග යක්‍ෂයා වර වර
    රීරී කඩවර යක්‍ෂයා වර වර.....’’

    ‘‘ඉතින් ඔය විදිහට විනාඩි 45 ක විතර කාලයක් තිස්සේ යක්‍ෂයන්ට අඬගහනවා. යක්‍ෂයා ආව ගමන් අර ආතුරයා යක්‍ෂ වේෂයෙන් කතා කරන්න පටන් ගන්නවා. හූ කියාගෙන දඟලනවා. ආයෙත් ගුරුන්නාන්සේලා මතුරනවා. ඔය විදිහට අලුයම් කාලය අවසන් වෙනකම් යාග රැය කරනවා. ඊට පස්සේ ආතුරයගෙන් අහනවා මොනව ද ඕන කියලා එතකොට එයා යක්‍ෂාරූඪයෙන් කතා කරනවා. මස් ඉල්ලනවා. ලේ ඉල්ලනවා. නොයෙක් දේ ඉල්ලනවා. ගුරුන්නාන්සේ කියනවා ඒ සේරම තටුවේ තියෙනවා එ නිසා මේ පුද්ගලයාගෙන් ඉවත් වෙලා පලයන් කියලා. යක්‍ෂයා හා කියනවා. තව මොනවද කෙරෙන්න ඕන කිව්වම යක්‍ෂයා කියනවා මට කවි පන්තියක් අහන්න ඕන කියලා. එතකොට ගුරුන්නාන්සේ අහනවා වීදි පන්ති කවියක් ද දොලේ කවියක් ද කියලා එතකොට යක්‍ෂයා දොලේ කවියක් කිව්වොත් ඒ යකාගේ උත්පත්තිය පිළිබඳව කවි කියනවා”.

    ‘‘මෙකල්පය එයි චක‍්‍රවර්ති රජ කල
    එකල්පයට ගෞතම අපේ මුණි බුදු විය
    ශනි කුජ බුධ ගුරු නව දෙන ඉසි දිය
    අසන් සතුන් කඩවර යකු ඉපදුණු පිළිවෙළ....

    ඔන්න ඔය විදිහට කවි කියලා යක්‍ෂයා අර ආතුරයගෙන් අයින් කරනවා. ඊට ප්සසේ නිට්ටාවටම සුවවෙනවා යක්‍ෂයා හා කියලා බන්ධනයෙන් නොගියොත් ඊට වඩා දරුණු බන්ධන කැපිල්ලක් කරනවා.


    Nishan Gamage
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,343
    1,542
    113
    32
    Earth-Cj025
    බටහෙළ_කන්දේ_හොල්මන්_ පුවක් වල

    යාලුවනේ මම මේ කියන්න හදන කථාව සත්‍යම සිදුවීමක්...මම කලින් මේ ගෲප් එකට දැමුව තෙලබෝ කන්ද ගැන කතාව වගේම මේකත් ඇත්ත සිදුවීමක්....මේ කතාව සිද්ධවෙලා දැනට අවුරුදු 10ක් විතර ඇති. ටිකක් පරණ කතාවක් වුණත් ඔයාලා ගොඩක් කැමති වෙයි...

    ඔයාලා ගොඩක් දෙනක් දන්නවා ඇති නැත්තම් අහලා ඇති මාලිගාවිල ගැන.මාලිගාවිල _ මොණරාගල ප්‍රධාන පාරේ රත්වත්ත මාවත,කිවුලේ කන්ද කියන කන්දේ තමයි මම මේ කියන සිදුවීම වුණේ... කිවුලේ කන්ද කියන පැත්ත රත්වත්තමාවතේ හැමෝම අතර ප්‍රසිද්ධයි..මොකද අගෝස්තු - නොවැම්බර් වගේ වෙනකල් මේ පැත්තට හරියට වහින්නේ නෑ...වැස්ස ගොඩක්ම අඩුයි..ඒ නිසා ගමේ ගොඩක් දෙනෙක් කිවුල කන්දේ තියෙන දිය උල්පත් වලින් තමයි නාන්නේ...ගමේ කීපදෙනක් එකතුවෙලා පිරිසිදු වතුර තියෙන දියකඩිත්තක් හොයාගෙන පිරිසිදු කරගෙන ඒකෙන් තමයි හැමදාම නාන්නේ... මේ පොඩි පොඩි දියකඩිති වලට වතුර එන්නේ කිවුල කන්දේ තියෙන් පුවක් වල කියන තරමක් විශාල පොකුණකින්..පුවක් ගස් වලින් වටවෙලා තියෙන නිසා මේ වතුර පොකුණට හැමෝම වගේ කියන්නේ පුවක් වල කියලා... මේ පොකුණ වටකරලාම තියෙන්නේ ඝන කැළෑව.පෙනෙනෙ තෙක් මානයක් පුරාවටම සරුවට වැඩුණ පුවක් ගස්, කුඹුක් ගස් වගේම කළුවර ගස් ගොඩකින් තමයි පොකුණ ආවරණය වෙලා තියෙන්නේ.

    තරමක් විශාල බේසමක් හැඩයට නිල්පාට වතුර පිරිලා තියෙන මේ පොකුණ ගමේ කා අතරත් ගොඩක් ප්‍රසිද්ධයි.මොකද මේ පොකුණේ වතුර ගොඩක්ම සීතලයි.ඒ නිසා සවස් කාලයට , ගමේ කිහිප දෙනෙක්ම මේ පුවක් වළේ ඉන්න එක සුලභ දෙයක්...කොහොම වුණත් පුවක් වල අවට තියෙන ඝන කැලෑව නිසා ඒ අවට තියෙන්නේ මහ අමුතුම කළුවරක්..ගමේ වැඩිහිටියෙක් ඇරෙන්න ගැහැණු අය වගේම ළමයි මේ පැත්තේ තනියෙන් ගැවසෙනවා බොහොම අඩුයි.හරක් බඳින්න යන අය ඇරෙන්න තනියෙන් පුවක් වල පැත්තේ කිසිකෙනෙක් ගැවසෙන්නේ නැති තරම්....

    මම මුලින් කිව්වා වගේ අපේ ගමේ අය මීට අවුරුදු 10කට විතර කලින් වතුර නිසා ගොඩක් දුක් වින්දා...හැමෝම වතුර ගත්තේ ළිං වලින්...ටැප් ලියින් ගමට තිබුණේ නෑ...නළ ළිං වගේම ගමේ පොදු ළිං ජලය තමයි හැමෝම පාවිච්චි කළේ..ඒ නිසා කිවුලේ කන්දේ තියෙන ජල උල්පත් ගමේ හැමෝටම නිහඩ සේවයක් කළා......

    මේ කාලයේම කිවුලේ කන්දේ තියෙන ගල් ලෙනක් ගමේ මිනිස්සු එකතුවෙලා පිරිසිදු කරලා ආරන්‍ය සේනාසනයක් හදලා තාපසයෙක් වැඩෙම්මුවා..මේ නිසා ගමේ හැමෝම කිවුලේ කන්දේ තියෙන ආරන්‍ය එක්ක සම්බන්ධකම් පැවැත්වුවා...කිවුලේ ආරන්‍ය සේනාසනය කියලා ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ වුණා...කෙනෙක් මේ ආරන්‍යට යනවා නම් මම මුලින් කිවුව පුවක්වල පහුකරලා යන්න ඕනි.ඒ නිසා දවල් කාලයේ වගේම හවස් වෙනකල් පුවක් වල ජනාකීර්ණ වුණා...

    කාලයක් මෙහෙම යද්දී පුවක් වලේ හොල්මන් ඉන්නවා... යන එන අයට හවස් කාලයේ ගල්, වැලි ගහනවා
    ..එක එක සද්ද කරනවා..රෑ මැදට නාන ශබ්ද,රෙදි අපුල්ලන ශබ්ද , හූ කියන ශබ්ද වගේ දේවල් ඇහෙනවා කියලා කා අතරත් ප්‍රසිද්ධ වුණා...ඒ නිසා ආරන්‍යට යන අය පුවක් වල ළඟ තිබුණු පාර වෙනුවට වෙනත් කෙටි පාරක් භාවිතා කරන්න පටන් ගත්තා..ඒත් එක්කම ක්‍රමයෙන් පුවල් වල පාළුවට ගියා..ගමේ මිනිස්සු නාන්න යන එක සීමා කළා...බය නැති වැඩිහිටි පිරිමි විතරක් දිනපතා මේ පොකුණෙන් නෑවා. අපි නම් පැත්ත පලාතකවත් ගියේ නෑ...යන්න බය නැති වුණත් ගෙවල් වලින් යන්න දුන්නේ නෑ....😊

    ඔන්න දවසක් කිවුලේ ආරන්‍ය සේනාසනයේ හාමුදුරුවෝ කෙනෙක් මහණ කරන්න පිංකමක් තිබුණා...මට හරියටම මතක නෑ..ඒ පිංකම එක්ක තවත් මොකක් හරි විශේෂ වැඩක් එදා ආරාමයේ වුණා..කලෑව මැද මේ ආරාමය තිබුණු නිසා කරන්ට් එක තිබුණේ නෑ..චිමිනි ලාම්පු වගේම පෙට්‍රෝල්මැක්ස් ලාම්පු වලින් තමයි ආරාමයට ආලෝකය ලබාගත්තේ... මේ ආරාමයේ සිද්ධවෙන විශේෂ වැඩක් නිසා ගෙදර හැමෝම වගේම ගමේ ගොඩක් ගැහැණු පිරිමි අය ආරාමයේ එක එක වැඩ කරන්න ඕනි නිසා නතර වුණා....මමත් අම්මා, අප්පච්චි,අක්කලා,අයියා ,එක්ක එදා රෑ ආරාමයේ තමයි හිටියේ...ගමේ අය 60 -70 ක් විතර එදා ආරාමයේ වැඩට ඇවිත් හිටියා....

    අපි එතකොට පොඩි ළමයි නිසා ගොඩක් ලොකු වැඩ කරන්න වුණේ නෑ...දැන් වගේ ස්මාර්ට් ෆෝන් හැමෝටම තිබුණේ නෑ...අපේ වයසේ කාටවත් තිබුණේ නෑ...ඒ නිසා අපි ළමයි 10-15 ක් විතර එකතුවෙලා සෙල්ලම් කළා..හොල්මන් කතා කියෙව්වා...මෙහෙම ඉද්දී රෑ 10.30 ට විතර මහ හයියෙන් වහින්න පටන් ගත්තා...මගේ ජීවිතේ මම දැකපු ලොකුම වැස්ස එදා තමයි මම දැක්කේ...මුලු කිවුලේ කන්දම පෙරලිලා යයි කියලා මට හිතුණා..බටහෙලේ කන්ද පැත්තෙන් එන අකුණු ශබ්දෙන් කන් අගුල් වැටිලා වගෙයි මට දැනුණේ....වැස්ස එක්ක කන්දක ඉන්න කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම අද්දැකීමක්මක් මම එදා ලැබුවා...කොහොමහරි රෑ 11.20 විතර වෙද්දී වැස්ස ටිකක් අඩු වුණා..ඒත් අකුණු ගහන එක නම් නතර වෙලා තිබුණේ නෑ...

    කොහොමහරි රෑ 11.30ට විතර අපේ ලොකු තාත්තා අපි ඉන්න තැනට ඇවිත් කිවුවා, ගෙදර යන්න වෙනවා..."සුදු රෙදි ගෙනත් නෑ..ස්වාමීන් වහන්සේලාගේ පුටුවලට දාන්න , සුදු වියන් බඳින්නත් ඕනි කියලා....ලොකු වැඩක් කලේ නැති නිසා එතන හිටපු ළමයිගෙන් අවුරුදු 14, 15,16 වගේ සෙට් එකෙන් මමයි,අපේ අයියයි, ලොකු තාත්තලාගේ අයියයි,තව මල්ලිලා දෙන්නෙකුයි අපි පස් දෙනෙක් සුදු රෙදි අරන් එන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්න බලෙන් වගේ ඉදිරිපත් වුණා...එතන හිටපු ළමයිගෙන් ලොකුම ළමයි ටික අපි නිසා මොරාල් එකක් අරගෙන අපි පස් දෙනා කන්ද පාමුලම තියෙන අපේ ලොකු තාත්තලාගේ ගෙදර එන්න පිටත් වුණා....

    වැස්ස නිසා පාර ගොඩක් ලිස්සනවා.ඒ නිසා ටෝච් 3 කුයි කුඩ කීපයකුයි අරන් අපි එකා පිටිපස්සේ එකා දැන් කැලෑ පාර දිගේ එනවා...මුලින්ම ගියේ අපේ අයියා..එයා මට වඩා අවුරුදු 2 කින් වැඩිමල්..ඊළඟට තව අය්යලා දෙන්නෙක්..මමයි ලොකු තාත්තලාගේ පොඩිමල්ලි කැලුමුයි එක කුඩේකින් අන්තිමේට ගියේ..මොකක් හරි ඇබැද්දියක් වුණොත් දුවන්න බලාගෙන...😊

    අපට කිලෝ මීටරයක් විතර කැලෑව පහුකරලා තමයි ලොකු තාත්තලාගේ ගෙදරට යන්න තිබුණේ..අපි හොල්මන් කතා කිය කිය හිටපු නිසා හිත ටිකක් නෙවෙයි ගොඩක්ම ගැස්සිලා තිබුණේ..ඒත් අපි 5 ක් හිටිය නිසා වැඩි අවුලක් වුණේ නෑ...මට අදවගේ මතකයි.වැස්සත් එක්ක මුලු කැලෑවම එදා ගොඩක් කළුවර වෙලා තිබුණේ...ඒ කළුවර මකන්න අපේ ටෝච් එලි ප්‍රමාණවත් වුණේ නෑ...පොද වැස්සත් එක්ක සැරින් සැරේ එන විදුලි එළි මගේ හිතේ තිබුණු භය දෙගුණ තෙගුණ කළා...ගස් සුළගට සෙලවුණේ කවුරුහරි බලෙන් ගස් එහාට මෙහාට තල්ලු කරනවා වාගෙයි ...

    අපි කොහොම හරි පුවක් වලට මීටර් 50 ක් විතර දුරින් එද්දී අපේ අයියා එකපාරම අඩිපාරේ නතර වුණා.මොකක්ද ශබ්දයක් ඇහෙනවා කියලා. අපි ගල් ගැහිලා වගේ නතරවෙලා පුවක් වල පැත්තට ඇහුම්කම් දුන්නා...වැස්ස නිසා බටහෙල කන්දෙන් මහ විශාල වතුර පාරක් පුවක් වල හරහා පහළට ගහගෙන යන නිසා මහා ශබ්දයක් තමයි එදා තිබුණේ....ඒත් ටික වෙලාවකින් රෙදි ගලක අපුල්ලනවා වගේ ශබ්දයක් ආවා.. ගමේ මිනිස්සු කිව්ව හොල්මන් කතා මට මතක් වෙන්න ගත්තා..ඒත් අපේ අයියා වැඩිය ගණන් ගන්නෙ නැතුව තවත් අඩි කිහිපයක් ඉස්සරහට ගියා.අපිත් එකට ගුලිවෙලා වගේ අයියා පස්සෙන් ගියා..එකපාරම පුවක්වල පැත්තෙන් යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් එක්කම වැලි වලින් අපි ඉන්න පැත්තට කවුදො ගහනවා වගේ දැණුනා..ඒත් එක්කම මහා හූ හඬක් ඇහුණා..ඒ හූ ශබ්දය නම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට කරන්න බෑ..ඒ තරම් හයියෙන් තමයි ඒ ශබ්දේ ඇහුණේ..ඒත් එක්කම ආපු ඔක්කොම ආපහු හැරිලා කෑගහගෙන ආරන්‍ය පැත්තට දුවන්න පටන් ගත්තා...මගේ පස්සෙන් අපේ අයියා ආවා...අපි අරගෙන ආපු කුඩ තැන් තැන්වල..කකුල්වල දාගෙන ආපු බාටා ගිය අතක් නෑ....අපි දුවගෙන ආවත් අර හූ ශබ්දෙනම් අඩු වුණේ නෑ...ටිකදුරක් ඉස්සරහට යද්දී තව හූ ශබ්දයක් ඇහුණා...අපි එකා පිටිපස්සේ එකා වැස්සෙම ආයෙත් ආරන්‍යට පණ එපා කියාගෙන දිවුවා. අනිත් අයගැන නම් මට වැඩි මතකයක් නෑ.හැබැයි මම දෙපාරක් ලිස්සලා වැටුණා..

    කොහොමහරි අපි ආයෙත් ආරන්‍යට ගිහින් වුණු දේ අප්පච්චිලාට කිව්වා..ඒ වෙලාවෙම අපි එක්කගෙන පුවක් වලට යන්න හැදුවත් අපි කවුරුවත් ආයෙත් යන්න කැමති වුණේ නෑ..ලොකු තාත්තයි,අප්පච්චියි,තවත් මාමලා කීපදෙනෙක් වුණේ මොකක්ද බලන්න ඒ පැත්තට ගියා.බලද්දී මගේ දණහිස් දෙකම තුවාල වෙලා.අනිත් අයටත් පොඩි පොඩි තුවාල.කැලුම් මල්ලී නම් එදා ඇඩුවත් එක්ක.ඒ තරම් අපි භය වුණා..

    පුවක් වලට ගිහින් ආපු අප්පච්චිලා නම් කිව්වේ එතැනට අරක්කු බොන්න ඇවිත් උන්නු මාමලා වගයක් අපිව භයකරලා කියලයි.එහෙම කියලා අපේ බය නැති කරන්න එයාට උත්සහ කරන්න ඇති.පොඩි උන් නම් ඒ කතාව විස්වාස කළා.ඒත් අපි නම් විස්වාස කළේ නෑ..මොකද එහෙම හයියෙන් මහ වැස්සක හූ කියන්න මෙලොව මනුස්සයෙක්ට නම් බෑ කියලා තේරුම් ගන්න තරම් වයසක අපි හිටපු නිසා.පහුවෙනිදා මටයි අයියටයි දෙන්නටම නැගිටින්න බැරි තරම් උණ හැදුණා.දණහිස් තුවාල වුණු නිසා අමාරුව දෙගුණ තෙගුණ වුණා...

    මේ මම කිවුවේ අවුරුදු 10කට විතර කලින් මට වුණු ඇත්තම කතාවක්.එදායින් පස්සේ ඒ පුවක් වල පැත්ත පලාතේ අපි කවුරුවත් ගියේ නෑ..අපට පස්සේ මාමලා දෙන්නෙක් එතැන මාලු බැදගෙන කාලා තොවිලයක් පවා තියන්න වුණා..ඒ විතරක් නෙවෙයි.හරක් බඳින්න ගිය ගෑනු අයත් බයවෙලා තිබුණා...

    කාලයත් එක්ක කිවුලේ ආරන්‍ය සේනාසනයේ හිටපු තාපසතුමයි මහණ වුණු හාමුදුරුවොයි දෙන්නම ආරාමය අතහැරලා ගියා.ඒ නිසා පුවක් වල පැත්තත් එහෙමම පාලුවට් ගියා.ආරන්‍යත් පාලුවට ගියා.දැන් නම් මිනිස්සු ඒ පැත්තට යන්නේ නැතිවම ඇති.මොකද දැන් හැමෝටම වතුර තියෙනවා.හැම ගෙදරටම ටැප් වතුර තියෙන නිසා ඒ පැත්ත ගොඩක්ම පාලු ඇති...ඒ වගේම හොල්මනුත් වෙනදාටත් වඩා ක්‍රියාශීලී ඇති...ලගදී ගියපු නැති නිසා මගේ ළඟ photos නම් නෑ..ඒත් මීට මාස කීපයකට කලින් බටහෙළ කන්දේ ගහපු photo එකක් මම දාන්නම්..පොකුණේ පොටෝ එකක් නම් නෑ...ඒත් හදිසියේ වත් ආපහු ඒ පැත්තට ගියොත් පොකුණේ පොටෝ එකක් දාන්නම්...

    මම කලින් හොල්මන් විශ්වාස කළේ නෑ..ඒත් මට අත්දැකීම් ගොඩාරියක් අහබ්බෙන් හරි විඳින්න සිද්ධවුණු නිසා ඇසි දිසි මානයෙන් ඔබ්බට එහා ලොවක් තියෙන බව දැන් නම් තරයේම විශ්වාස කරනවා....පුවක් වලේ අවතාරයක් දැකලා නැතත් කිසියම් අමනුෂ්‍ය කතන්දරයක් ඔබ අප කවුරුත් නොදන්න්නා මානයක සිට අපට දැනුම් දෙන්නට උත්සුක වෙනවා ඇති..... #මේ තියෙන්නේ බටහෙළ කන්දේ චායාරූපයක් ...

    35517240_2186356741593645_6330404202254172160_n.jpg


    ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏

    සුමේධ හෙට්ටිආරච්චි _
     
    • Like
    Reactions: IKL

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    බෙන් 10;24399919 said:
    යාලුවනේ මම මේ කියන්න හදන කථාව සත්‍යම සිදුවීමක්...මම කලින් මේ ගෲප් එකට දැමුව තෙලබෝ කන්ද ගැන කතාව වගේම මේකත් ඇත්ත සිදුවීමක්....මේ කතාව සිද්ධවෙලා දැනට අවුරුදු 10ක් විතර ඇති. ටිකක් පරණ කතාවක් වුණත් ඔයාලා ගොඩක් කැමති වෙයි...

    ඔයාලා ගොඩක් දෙනක් දන්නවා ඇති නැත්තම් අහලා ඇති මාලිගාවිල ගැන.මාලිගාවිල _ මොණරාගල ප්‍රධාන පාරේ රත්වත්ත මාවත,කිවුලේ කන්ද කියන කන්දේ තමයි මම මේ කියන සිදුවීම වුණේ... කිවුලේ කන්ද කියන පැත්ත රත්වත්තමාවතේ හැමෝම අතර ප්‍රසිද්ධයි..මොකද අගෝස්තු - නොවැම්බර් වගේ වෙනකල් මේ පැත්තට හරියට වහින්නේ නෑ...වැස්ස ගොඩක්ම අඩුයි..ඒ නිසා ගමේ ගොඩක් දෙනෙක් කිවුල කන්දේ තියෙන දිය උල්පත් වලින් තමයි නාන්නේ...ගමේ කීපදෙනක් එකතුවෙලා පිරිසිදු වතුර තියෙන දියකඩිත්තක් හොයාගෙන පිරිසිදු කරගෙන ඒකෙන් තමයි හැමදාම නාන්නේ... මේ පොඩි පොඩි දියකඩිති වලට වතුර එන්නේ කිවුල කන්දේ තියෙන් පුවක් වල කියන තරමක් විශාල පොකුණකින්..පුවක් ගස් වලින් වටවෙලා තියෙන නිසා මේ වතුර පොකුණට හැමෝම වගේ කියන්නේ පුවක් වල කියලා... මේ පොකුණ වටකරලාම තියෙන්නේ ඝන කැළෑව.පෙනෙනෙ තෙක් මානයක් පුරාවටම සරුවට වැඩුණ පුවක් ගස්, කුඹුක් ගස් වගේම කළුවර ගස් ගොඩකින් තමයි පොකුණ ආවරණය වෙලා තියෙන්නේ.

    තරමක් විශාල බේසමක් හැඩයට නිල්පාට වතුර පිරිලා තියෙන මේ පොකුණ ගමේ කා අතරත් ගොඩක් ප්‍රසිද්ධයි.මොකද මේ පොකුණේ වතුර ගොඩක්ම සීතලයි.ඒ නිසා සවස් කාලයට , ගමේ කිහිප දෙනෙක්ම මේ පුවක් වළේ ඉන්න එක සුලභ දෙයක්...කොහොම වුණත් පුවක් වල අවට තියෙන ඝන කැලෑව නිසා ඒ අවට තියෙන්නේ මහ අමුතුම කළුවරක්..ගමේ වැඩිහිටියෙක් ඇරෙන්න ගැහැණු අය වගේම ළමයි මේ පැත්තේ තනියෙන් ගැවසෙනවා බොහොම අඩුයි.හරක් බඳින්න යන අය ඇරෙන්න තනියෙන් පුවක් වල පැත්තේ කිසිකෙනෙක් ගැවසෙන්නේ නැති තරම්....

    මම මුලින් කිව්වා වගේ අපේ ගමේ අය මීට අවුරුදු 10කට විතර කලින් වතුර නිසා ගොඩක් දුක් වින්දා...හැමෝම වතුර ගත්තේ ළිං වලින්...ටැප් ලියින් ගමට තිබුණේ නෑ...නළ ළිං වගේම ගමේ පොදු ළිං ජලය තමයි හැමෝම පාවිච්චි කළේ..ඒ නිසා කිවුලේ කන්දේ තියෙන ජල උල්පත් ගමේ හැමෝටම නිහඩ සේවයක් කළා......

    මේ කාලයේම කිවුලේ කන්දේ තියෙන ගල් ලෙනක් ගමේ මිනිස්සු එකතුවෙලා පිරිසිදු කරලා ආරන්‍ය සේනාසනයක් හදලා තාපසයෙක් වැඩෙම්මුවා..මේ නිසා ගමේ හැමෝම කිවුලේ කන්දේ තියෙන ආරන්‍ය එක්ක සම්බන්ධකම් පැවැත්වුවා...කිවුලේ ආරන්‍ය සේනාසනය කියලා ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ වුණා...කෙනෙක් මේ ආරන්‍යට යනවා නම් මම මුලින් කිවුව පුවක්වල පහුකරලා යන්න ඕනි.ඒ නිසා දවල් කාලයේ වගේම හවස් වෙනකල් පුවක් වල ජනාකීර්ණ වුණා...

    කාලයක් මෙහෙම යද්දී පුවක් වලේ හොල්මන් ඉන්නවා... යන එන අයට හවස් කාලයේ ගල්, වැලි ගහනවා
    ..එක එක සද්ද කරනවා..රෑ මැදට නාන ශබ්ද,රෙදි අපුල්ලන ශබ්ද , හූ කියන ශබ්ද වගේ දේවල් ඇහෙනවා කියලා කා අතරත් ප්‍රසිද්ධ වුණා...ඒ නිසා ආරන්‍යට යන අය පුවක් වල ළඟ තිබුණු පාර වෙනුවට වෙනත් කෙටි පාරක් භාවිතා කරන්න පටන් ගත්තා..ඒත් එක්කම ක්‍රමයෙන් පුවල් වල පාළුවට ගියා..ගමේ මිනිස්සු නාන්න යන එක සීමා කළා...බය නැති වැඩිහිටි පිරිමි විතරක් දිනපතා මේ පොකුණෙන් නෑවා. අපි නම් පැත්ත පලාතකවත් ගියේ නෑ...යන්න බය නැති වුණත් ගෙවල් වලින් යන්න දුන්නේ නෑ....😊

    ඔන්න දවසක් කිවුලේ ආරන්‍ය සේනාසනයේ හාමුදුරුවෝ කෙනෙක් මහණ කරන්න පිංකමක් තිබුණා...මට හරියටම මතක නෑ..ඒ පිංකම එක්ක තවත් මොකක් හරි විශේෂ වැඩක් එදා ආරාමයේ වුණා..කලෑව මැද මේ ආරාමය තිබුණු නිසා කරන්ට් එක තිබුණේ නෑ..චිමිනි ලාම්පු වගේම පෙට්‍රෝල්මැක්ස් ලාම්පු වලින් තමයි ආරාමයට ආලෝකය ලබාගත්තේ... මේ ආරාමයේ සිද්ධවෙන විශේෂ වැඩක් නිසා ගෙදර හැමෝම වගේම ගමේ ගොඩක් ගැහැණු පිරිමි අය ආරාමයේ එක එක වැඩ කරන්න ඕනි නිසා නතර වුණා....මමත් අම්මා, අප්පච්චි,අක්කලා,අයියා ,එක්ක එදා රෑ ආරාමයේ තමයි හිටියේ...ගමේ අය 60 -70 ක් විතර එදා ආරාමයේ වැඩට ඇවිත් හිටියා....

    අපි එතකොට පොඩි ළමයි නිසා ගොඩක් ලොකු වැඩ කරන්න වුණේ නෑ...දැන් වගේ ස්මාර්ට් ෆෝන් හැමෝටම තිබුණේ නෑ...අපේ වයසේ කාටවත් තිබුණේ නෑ...ඒ නිසා අපි ළමයි 10-15 ක් විතර එකතුවෙලා සෙල්ලම් කළා..හොල්මන් කතා කියෙව්වා...මෙහෙම ඉද්දී රෑ 10.30 ට විතර මහ හයියෙන් වහින්න පටන් ගත්තා...මගේ ජීවිතේ මම දැකපු ලොකුම වැස්ස එදා තමයි මම දැක්කේ...මුලු කිවුලේ කන්දම පෙරලිලා යයි කියලා මට හිතුණා..බටහෙලේ කන්ද පැත්තෙන් එන අකුණු ශබ්දෙන් කන් අගුල් වැටිලා වගෙයි මට දැනුණේ....වැස්ස එක්ක කන්දක ඉන්න කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම අද්දැකීමක්මක් මම එදා ලැබුවා...කොහොමහරි රෑ 11.20 විතර වෙද්දී වැස්ස ටිකක් අඩු වුණා..ඒත් අකුණු ගහන එක නම් නතර වෙලා තිබුණේ නෑ...

    කොහොමහරි රෑ 11.30ට විතර අපේ ලොකු තාත්තා අපි ඉන්න තැනට ඇවිත් කිවුවා, ගෙදර යන්න වෙනවා..."සුදු රෙදි ගෙනත් නෑ..ස්වාමීන් වහන්සේලාගේ පුටුවලට දාන්න , සුදු වියන් බඳින්නත් ඕනි කියලා....ලොකු වැඩක් කලේ නැති නිසා එතන හිටපු ළමයිගෙන් අවුරුදු 14, 15,16 වගේ සෙට් එකෙන් මමයි,අපේ අයියයි, ලොකු තාත්තලාගේ අයියයි,තව මල්ලිලා දෙන්නෙකුයි අපි පස් දෙනෙක් සුදු රෙදි අරන් එන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්න බලෙන් වගේ ඉදිරිපත් වුණා...එතන හිටපු ළමයිගෙන් ලොකුම ළමයි ටික අපි නිසා මොරාල් එකක් අරගෙන අපි පස් දෙනා කන්ද පාමුලම තියෙන අපේ ලොකු තාත්තලාගේ ගෙදර එන්න පිටත් වුණා....

    වැස්ස නිසා පාර ගොඩක් ලිස්සනවා.ඒ නිසා ටෝච් 3 කුයි කුඩ කීපයකුයි අරන් අපි එකා පිටිපස්සේ එකා දැන් කැලෑ පාර දිගේ එනවා...මුලින්ම ගියේ අපේ අයියා..එයා මට වඩා අවුරුදු 2 කින් වැඩිමල්..ඊළඟට තව අය්යලා දෙන්නෙක්..මමයි ලොකු තාත්තලාගේ පොඩිමල්ලි කැලුමුයි එක කුඩේකින් අන්තිමේට ගියේ..මොකක් හරි ඇබැද්දියක් වුණොත් දුවන්න බලාගෙන...😊

    අපට කිලෝ මීටරයක් විතර කැලෑව පහුකරලා තමයි ලොකු තාත්තලාගේ ගෙදරට යන්න තිබුණේ..අපි හොල්මන් කතා කිය කිය හිටපු නිසා හිත ටිකක් නෙවෙයි ගොඩක්ම ගැස්සිලා තිබුණේ..ඒත් අපි 5 ක් හිටිය නිසා වැඩි අවුලක් වුණේ නෑ...මට අදවගේ මතකයි.වැස්සත් එක්ක මුලු කැලෑවම එදා ගොඩක් කළුවර වෙලා තිබුණේ...ඒ කළුවර මකන්න අපේ ටෝච් එලි ප්‍රමාණවත් වුණේ නෑ...පොද වැස්සත් එක්ක සැරින් සැරේ එන විදුලි එළි මගේ හිතේ තිබුණු භය දෙගුණ තෙගුණ කළා...ගස් සුළගට සෙලවුණේ කවුරුහරි බලෙන් ගස් එහාට මෙහාට තල්ලු කරනවා වාගෙයි ...

    අපි කොහොම හරි පුවක් වලට මීටර් 50 ක් විතර දුරින් එද්දී අපේ අයියා එකපාරම අඩිපාරේ නතර වුණා.මොකක්ද ශබ්දයක් ඇහෙනවා කියලා. අපි ගල් ගැහිලා වගේ නතරවෙලා පුවක් වල පැත්තට ඇහුම්කම් දුන්නා...වැස්ස නිසා බටහෙල කන්දෙන් මහ විශාල වතුර පාරක් පුවක් වල හරහා පහළට ගහගෙන යන නිසා මහා ශබ්දයක් තමයි එදා තිබුණේ....ඒත් ටික වෙලාවකින් රෙදි ගලක අපුල්ලනවා වගේ ශබ්දයක් ආවා.. ගමේ මිනිස්සු කිව්ව හොල්මන් කතා මට මතක් වෙන්න ගත්තා..ඒත් අපේ අයියා වැඩිය ගණන් ගන්නෙ නැතුව තවත් අඩි කිහිපයක් ඉස්සරහට ගියා.අපිත් එකට ගුලිවෙලා වගේ අයියා පස්සෙන් ගියා..එකපාරම පුවක්වල පැත්තෙන් යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් එක්කම වැලි වලින් අපි ඉන්න පැත්තට කවුදො ගහනවා වගේ දැණුනා..ඒත් එක්කම මහා හූ හඬක් ඇහුණා..ඒ හූ ශබ්දය නම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට කරන්න බෑ..ඒ තරම් හයියෙන් තමයි ඒ ශබ්දේ ඇහුණේ..ඒත් එක්කම ආපු ඔක්කොම ආපහු හැරිලා කෑගහගෙන ආරන්‍ය පැත්තට දුවන්න පටන් ගත්තා...මගේ පස්සෙන් අපේ අයියා ආවා...අපි අරගෙන ආපු කුඩ තැන් තැන්වල..කකුල්වල දාගෙන ආපු බාටා ගිය අතක් නෑ....අපි දුවගෙන ආවත් අර හූ ශබ්දෙනම් අඩු වුණේ නෑ...ටිකදුරක් ඉස්සරහට යද්දී තව හූ ශබ්දයක් ඇහුණා...අපි එකා පිටිපස්සේ එකා වැස්සෙම ආයෙත් ආරන්‍යට පණ එපා කියාගෙන දිවුවා. අනිත් අයගැන නම් මට වැඩි මතකයක් නෑ.හැබැයි මම දෙපාරක් ලිස්සලා වැටුණා..

    කොහොමහරි අපි ආයෙත් ආරන්‍යට ගිහින් වුණු දේ අප්පච්චිලාට කිව්වා..ඒ වෙලාවෙම අපි එක්කගෙන පුවක් වලට යන්න හැදුවත් අපි කවුරුවත් ආයෙත් යන්න කැමති වුණේ නෑ..ලොකු තාත්තයි,අප්පච්චියි,තවත් මාමලා කීපදෙනෙක් වුණේ මොකක්ද බලන්න ඒ පැත්තට ගියා.බලද්දී මගේ දණහිස් දෙකම තුවාල වෙලා.අනිත් අයටත් පොඩි පොඩි තුවාල.කැලුම් මල්ලී නම් එදා ඇඩුවත් එක්ක.ඒ තරම් අපි භය වුණා..

    පුවක් වලට ගිහින් ආපු අප්පච්චිලා නම් කිව්වේ එතැනට අරක්කු බොන්න ඇවිත් උන්නු මාමලා වගයක් අපිව භයකරලා කියලයි.එහෙම කියලා අපේ බය නැති කරන්න එයාට උත්සහ කරන්න ඇති.පොඩි උන් නම් ඒ කතාව විස්වාස කළා.ඒත් අපි නම් විස්වාස කළේ නෑ..මොකද එහෙම හයියෙන් මහ වැස්සක හූ කියන්න මෙලොව මනුස්සයෙක්ට නම් බෑ කියලා තේරුම් ගන්න තරම් වයසක අපි හිටපු නිසා.පහුවෙනිදා මටයි අයියටයි දෙන්නටම නැගිටින්න බැරි තරම් උණ හැදුණා.දණහිස් තුවාල වුණු නිසා අමාරුව දෙගුණ තෙගුණ වුණා...

    මේ මම කිවුවේ අවුරුදු 10කට විතර කලින් මට වුණු ඇත්තම කතාවක්.එදායින් පස්සේ ඒ පුවක් වල පැත්ත පලාතේ අපි කවුරුවත් ගියේ නෑ..අපට පස්සේ මාමලා දෙන්නෙක් එතැන මාලු බැදගෙන කාලා තොවිලයක් පවා තියන්න වුණා..ඒ විතරක් නෙවෙයි.හරක් බඳින්න ගිය ගෑනු අයත් බයවෙලා තිබුණා...

    කාලයත් එක්ක කිවුලේ ආරන්‍ය සේනාසනයේ හිටපු තාපසතුමයි මහණ වුණු හාමුදුරුවොයි දෙන්නම ආරාමය අතහැරලා ගියා.ඒ නිසා පුවක් වල පැත්තත් එහෙමම පාලුවට් ගියා.ආරන්‍යත් පාලුවට ගියා.දැන් නම් මිනිස්සු ඒ පැත්තට යන්නේ නැතිවම ඇති.මොකද දැන් හැමෝටම වතුර තියෙනවා.හැම ගෙදරටම ටැප් වතුර තියෙන නිසා ඒ පැත්ත ගොඩක්ම පාලු ඇති...ඒ වගේම හොල්මනුත් වෙනදාටත් වඩා ක්‍රියාශීලී ඇති...ලගදී ගියපු නැති නිසා මගේ ළඟ photos නම් නෑ..ඒත් මීට මාස කීපයකට කලින් බටහෙළ කන්දේ ගහපු photo එකක් මම දාන්නම්..පොකුණේ පොටෝ එකක් නම් නෑ...ඒත් හදිසියේ වත් ආපහු ඒ පැත්තට ගියොත් පොකුණේ පොටෝ එකක් දාන්නම්...

    මම කලින් හොල්මන් විශ්වාස කළේ නෑ..ඒත් මට අත්දැකීම් ගොඩාරියක් අහබ්බෙන් හරි විඳින්න සිද්ධවුණු නිසා ඇසි දිසි මානයෙන් ඔබ්බට එහා ලොවක් තියෙන බව දැන් නම් තරයේම විශ්වාස කරනවා....පුවක් වලේ අවතාරයක් දැකලා නැතත් කිසියම් අමනුෂ්‍ය කතන්දරයක් ඔබ අප කවුරුත් නොදන්න්නා මානයක සිට අපට දැනුම් දෙන්නට උත්සුක වෙනවා ඇති..... #මේ තියෙන්නේ බටහෙළ කන්දේ චායාරූපයක් ...

    35517240_2186356741593645_6330404202254172160_n.jpg


    ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏

    සුමේධ හෙට්ටිආරච්චි _


    tfs+