ඕක හෙනම inefficient, හිතපන් ශක්තිය convert වෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ශක්ති හානිය වැඩියි. ඒක අවුලක් නෑ අඩුගානේ කිලෝමීටර් 300ක්වත් යන්න පුලුවන්නම්. හැබැයි මේකෙ claimed range එක 220යි, ඒ කියන්නේ 150ක් 160ක් තමයි electric වලින් යන්න පුළුවන්. එතනින් එහාට පෙට්‍රල් බර පන්තියෙන් පුච්චන්න ඕනේ electric කරලා මෝටරේ කරකවන්න. අනික තඩි බැට්‍රියක බරත් ඇදගෙන. PHEV එක දෙපැත්තටම බැලන්ස්, daily වැඩට යන්න හවස ඇවිත් plug කරනවා, දුර යද්දි පෙට්‍රල් එන්ජිම වැඩ. බැට්‍රිය පොඩියි, බර අඩුයි, efficiency වැඩියි.