Rep ද මොනාද කපන්න එන්න.....

Nalindap

Junior member
  • Jan 22, 2008
    64
    8
    8
    Rep ද මොනාද කපන්න එන්න.....

    මේ අහපන්!

    මන් කවුද? උඹ කවුද? බෞද්ධ, කතෝලික හෝ මුස්ලිම් වෙන්න පුලුවන් අවිවාදෙන් පිලිගනින් මේක බෞද්ධ සංස්කෘතියක් තියන රටක්. මුස්ලිම් සහෝදරය උඹේ පල්ලියෙ ගමටම ඇහෙන්න සද්දෙ දාද්දි උන් උඹලට ගල් ගැහුවෙ නෑ බන්, මගෙ පල්ලියෙ මන්ගල්ලෙට Loudspeaker දාගෙන ගීතිකා දාද්දි උන්ගෙ පන්සලේ කටිනෙට දාපු Loudspeaker off කරේ උන්ගෙ සහජීවනේ හින්ද තමා බන්. වෙසක් එකට දන්සල් කෑවෙ උඹල අපි බෙදිලද? මේ අපේ රට බන් මේක විනාස කරන්න හිතනව කියන්නෙත් කන්නදීපු පතේ රෙනව වගේ වැඩක් බන්.

    එපා සහෝදරය!!!!

    උඹ කොළද, රතුද නැත්තන් නිල්ද? පලයල්ල බන් යන්න ඔය රගන එකෙක් කියපල්ල බලන්න හෙට උබට පුලුවන්ද ඔය දේශපාලකයෙක් appointment එකක් නැතුව හම්බෙන්න? උන්ට බලේ දුන්නෙ කවුද? උඹයි මායි බන්. උන් පාර්ලිමේන්තු ගිහින් බලේ රැකගන්න ගහගන්නව උඹල උන්ව බෙදාගන්න මේකෙ ගහගන්නව, ඔය එකෙක් හම්බෙලා අහපන් මන් මේ ඔබතුමාට FB එකේ රෙදි නැතුව කඩේ යනව මාව දන්නවද කියල, උඹව හරහට දාල නල්වයි බලන් ඉදපන්. අනේ බන් උඹව ඔනෙ උන්ට ඕක අස්සේ රින්ග ගන්න විතරයි බන්.

    ගහමු සින්හල අපි මුස්ලිම් උඹලට නෙවෙයි, දෙගොල්ලම එකතුවෙලා බෝල pass කරන දේශපාලකයන්ට.

    අනික සහෝදරය ඇමතිල කොටි ගනන් ගහනව කියල ඇයි බන් උඹල අඩන්නෙ? යකෝ මෛත්‍රී පාලට විධායක බලතල තියෙනවා කියල අමතක වෙලා කියල අඩන තොපිට මතක නැද්ද උන්ට වඩා තොපේ කතිරෙ බලවත් කියල. තොපේ කතිරෙන් තමා ඔකුන් ඔතෙන්ට යන්නෙ කියල. ඔක්කොටම කලින් ඒක තෙරුම් ගනිල්ල බන්....

    සහෝදරය අපි පස්සෙ වැරදි කියන්න එපා මූනට දැම්ම කියපන්.
    ජේසු පිහිටයි උඹල හැමෝටම.:love: