ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දිරිගැන්වීම ගැන කතා කළහොත් දේශීය මට්ටමෙන් පමණක් නොව අන්තර්ජාතික මට්ටමෙන්ද ඒ කටයුත්ත සාර්ථකව මෙතෙක් ඉටු කළ දිරිගැන්වීමේ කණ්ඩායමේ නායකයා වන්නේ පර්සි අබේසේකරයි. පර්සි කියූ පමණින් බොහෝ දෙනාට සිහියට නැඟෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාපිටිය වටා ජාතික කොඩිය රැගෙන පර්සි ඇවිදින ආකාරයත් පර්සි ශ්‍රී ලංකා කොඩිය ලෙළදෙවන විලාසයත්ය.
එහෙත් අද කියන්නට යන්නේ පර්සි වසර 30ක් පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික කොඩිය වැනූ ආකාරය ගැන නෙවෙයි. පර්සි මෑතකදී හමු වූ විට මා පර්සිගෙන් ඇසුවේ “පර්සි ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියේදී පී්‍රති සින්ටා කිංස් - ඔධ් - පන්ජාබ් කොඩිය වනන්නේ පර්සි කරන විදියට කියල ආරංචියි. ඒක ඇත්තද?” යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් පර්සි මා ඉදිරියේ දිගහැරියේ අප කිසිවකු මෙතෙක් නොඇසූ කතාවකි.
“ඔව් ඒකෙ ඇත්තක් තියෙනවා. 2010 අවුරුද්දේ අයිෆා සම්මාන උළෙලට ඉන්දියාවේ නළු නිළියන් ආපු වෙලාවෙ ඔවුන්ගේ ප්‍රසිද්ධ බොලිවුඩ් නිළියක් වන පී්‍රති සින්ටා ක්‍රිකට් තරගයක් සඳහාත් එස්.එස්.සී. ක්‍රීඩාංගණයට ඇවිත් තිබුණා. ඒ වෙලාවෙම ඇය මා ගැනත් සොයලා මා හමුවීමට උත්සාහ කර තිබුණත් එදින මට ඇයව මුණගැසුණේ නැහැ. එහෙත් ඇයගේ ඊ-මේල් ලිපිනය මට ලැබෙන්න සලස්වා තිබුණෙ, ඇයට ඉක්මනින්ම පණිවුඩයක් එවන ලෙස ක්‍රිකට් ආයතනයේ මගේ හිතවතකු මඟින් දැන්වීමකුත් කරලයි.
ඒ අනුව 2010 ජූලි මාසෙ දිනක මම ඒ දීපු ඊමේල් ලිපිනයට විමසීමක් කරල පණිවුඩයක් ඇරියා. ඇය 2010 ජූලි 13දාම ඊට පිළිතුරක් එවල තිබුණා. “ඊළඟ අයි.පී.එල්. තරගාවලියේදී කිංස් - XI - පන්ජාබ් කණ්ඩායමේ දිරිගැන්වීමේ නායකයා ලෙස ඔබ පත්කරන්න අපි කැමැතියි. කුමාර් සංගක්කාර හෝ මහේල ජයවර්ධන හමුවී ඔබගේ ජීවදත්ත තොරතුරු ඇතුළත් අයැදුම්පත්‍රයක් අපට එවන්න. එවිට අපි ඒක අනුමත කරල ඒ කාලයට අදාළව සියලුම වියදම් ගෙවන්නම්. තවත් ගුවන් ප්‍රවේශපත්‍ර වියදමින් 50%කුත් අනෙකුත් වියදම්වලින් 70%කුත් අපි ගෙවනවා” එහි කියලා තිබුණා.
ඒ අවස්ථාවේදී මම ඊට පැහැදිලි ප්‍රතිචාරයක් දුන්නෙ නැහැ. නිහඬව සිටියා. ඉන් අවුරුද්දකට පසුව 2011 දීත් නැවැතත් මගෙන් ඒ ඉල්ලීමම කළා. මෙවර පී්‍රති පමණක් නෙවෙයි කිංස් - XI - පන්ජාබ් පිලේ අනෙකුත් හිමිකරුවා වන ප්‍රසිද්ධ හින්දි නළු විවේක් ඔබ්රෝයත් ඊ-මේල් එකක් එවල තිබුණා. “පී්‍රති විසින් පසුගිය වර කරන ලද ඉල්ලීම ඔබ ප්‍රතික්‍ෂේප කළත් ඊට වඩා පහසුකම් ලබාදී හෝ ඔබ අපට ගෙන්වා ගත යුතු නිසයි මමත් නැවැත ඉල්ලන්නෙ. ලබන තරගාවලියටවත් අපේ චියර් ලීඩර් වෙලා එන්න. කලින් කීව දීමනා තවත් 50%කින් වැඩි කරන්න අපි කැමැතියි“ 2011 ජූනි 2දා එවපු ඊමේල් එකෙන් ඉල්ලා තිබුණා. ඊට අකැමැති බව නොකියා දින 6කට පසුව ඊට තව පිළිතුරක් යැව්වත්, ඊට පසු ඊ-මේල් එකට පිළිතුරක් නොයවා නොගියේ මගේ ප්‍රතිපත්තියට එය පටහැනි වන නිසයි“ කියල පර්සි නිහඬ වුණා.
ඒ නිහඬතාවෙන් පර්සි මට නොකියා කීවේ වසර 30ක් පමණ මගේ මවුබිම වෙනුවෙන් ජාතික කොඩිය වැනුවත් ඉන්දියාවට ගිහින් පන්ජාබ් කොඩිය වනන්නට නම් කෙතරම් සල්ලි දුන්නත් බැරිය යන අදහසය. එහෙත් අයි.පී.එල්. ගොස් ශ්‍රී ලංකා කොඩිය වනන්නට කීවා නම් පර්සි පී්‍රති සින්ටා හා විවේක් ඔබ්රෝයිගේ අදහසට කැමැත්ත දෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.
ගත්තේ බුකියෙන්
Last edited:
