විදුලියෙන් ක්‍රියාකරන වතුර ෆිල්ටර් මෑත කාලෙදි ඉතාමත් ඉක්මනින් ලංකාවේ ජනප්‍රිය වුනා. කිවුල් වතුර තියෙන පැති වල මේ ෆිල්ටර් වැඩි වශයෙන් පාවිච්චි කරනවා. කට්ටිය කතාවට කියන්නේ "කරන්ට් එකෙන් වැඩ කරන වතුර ෆිල්ටර්" කියලා.
ඇත්තටම මේවයේ අන්තර්ගත වෙලා තිබෙන තාක්ෂණය මොකද්ද කියල මට ගැටලුවක් තිබ්බා. ජලයේ කිවුල් ගතිය පවා මේවායින් ඉතාමත් හොඳින් ඉවත් කරන නිසා මුළින්ම මතක් වෙන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය යි. නමුත් මේවායේ ක්‍රියාත්මක වන්නේ ඊට ගොඩක්ම වෙනස් තාක්ෂණ ක්‍රමයක්. ඒ නිසා මේ වතුර ෆිල්ටර් පාවිච්චි කරන අය මේව ගැන යම් තොරතුරු ටිකක් දැනගෙන සිටීම ප්‍රයෝජනවත් මං හිතන්නෙ. ඒ නිසා දැනටමත් RO Water Filters පාවිච්චි කරන අයටත්, ඉදිරියේදි මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් මේ තොරතුරු වැදගත් වේවි.

ඇත්තටම මචන්ලා Reverse Osmosis තාක්ෂණය ජලය පිරිසිදු කරන්න භාවිතා කරන තාක්ෂණයක් ම නෙවේ. ජලයේ දිය වෙලා තියෙන ලවණ වර්ග හා නැනෝ මීටර් පරිමාණයේ අංශු ඉවත් කරන්න තමයි මේ තාක්ෂණය භාවිතා කරන්නේ. විශේෂයෙන් මුහුදු ජලයෙන් පිරිසිදු පානීය ජලය නිපදවා ගැනීමටත්, ජලයේ කිවුල් ගතිය ඉවත් කරගැනීමටත් මේ තාක්ෂණය විශාල වශයෙන් යොදා ගන්නවා. RO එහෙමත් නැත්තම් Reverse Osmosis හි සිංහල තේරුම "ප්‍රති ආස‍්‍රැතිය" කියන එකයි. Reverse Osmosis කියන වචන දෙක බරපතල විදිහට පෙනුනට ඇත්තටම මේක සරල ක්‍රියාවලියක්. දැනගත්තට පස්සෙ "අප්පෝ මේකද මේ" කියල හිතෙයි
. ආස‍්‍රැතිය කියන වචනය දැක්කම ටිකක් හුරුපුරුදුයි වගේ දැනේවි. O/L පන්ති වලදි තමයි මුලින්ම මේ වචනෙ ඉගෙන ගන්නේ. (Biology වගේ විශයයන් වැඩිදුරට ඉගෙන ගත්තු අයට නම් මේ වචනය අමුතුවෙන් මතක් කරගන්න දෙයක් නෑ). මතකද O/L වලදි ඉගෙන ගත්තා, "සාන්ද්‍රණ වෙනස් ද්‍රාවණ දෙකක් අර්ධ පාරගම්‍ය පටලයකින් වෙන් කර තැබූවිට සාන්ද්‍රණය අඩු ද්‍රාවණයේ සිට සාන්ද්‍රණය වැඩි ද්‍රාවණය දක්වා අර්ධ පාරගම්‍ය පටලය හරහා ද්‍රාවක අංශු ගමන් කරයි, මෙම ක්‍රියාවලිය ආස‍්‍රැතිය නමින් හැඳින්වේ" කියලා
. ඈ ඈ ඈ මොකද්ද යකෝ ඒ කිව්වේ කියල හිතෙයි සමහර අයට
, හැමෝටම මතක නෑනෙ ඉතින් මේව, දැන් ඊට වඩා මතක තියාගන්න දේවල් තියෙනවනේ නේද මචන්ලා
. හරි කමක් නෑ, මතකය අලුත් කරගමු.
මුලින්ම මේ වචන වල තේරුම බලමු

[*]ද්‍රාවකය - යම් දෙයක් දිය කිරීමට යොදා ගන්නා දියරයක සංශුද්ධ ආකාරය. උදාහරණ විදිහට පිරිසිදු ජලය, තිනර් වගේ ද්‍රව ගන්න පුළුවන්
[*]ද්‍රාව්‍ය - ද්‍රාවකයක දිය කරන දේවල් ද්‍රාව්‍ය කියල හඳුන්වනවා. උදාහරණ විදිහට සීනි, ලුණු වගේ දෙවල් ගන්න පුළුවන්.
[*]ද්‍රාවණය - ද්‍රාවකයක ද්‍රාව්‍යයක් දිය කරාම හැදෙන්නෙ ද්‍රාවණයක්. වතුරයි ලුණුයි මිශ්‍ර කරාම හැදෙන්නෙ ලුණු ද්‍රාවණයක්.
[*]ද්‍රාවණයක සාන්ද්‍රණය - ද්‍රාවණයේ ඒකක පරිමාවක( උදා - ලීටර් එකක) දිය වෙලා තියෙන ද්‍රාව්‍ය අංශු ප්‍රමාණයට තමයි සාන්ද්‍රණය කියන්නේ. ද්‍රාවණයේ ද්‍රාව්‍ය අංශු ප්‍රමාණය වැඩියි නම් සාන්ද්‍රණය වැඩියි, ද්‍රාව්‍ය අංශු ප්‍රමාණය අඩුයි නම් සාන්ද්‍රණය අඩුයි(ලුණු වැඩියෙන් වතුරෙ දිය කරල නම් ලුණු ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩියි, ලුණු අඩුවෙන් දිය කරල නම් ලුණු ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩුයි)
දැන් මේ වචන ගැන ටිකක් පැහැදිලි ඇති. ආස‍්‍රැතිය කියන ක්‍රියාවලිය ගැන තව ටිකක් පැහැදිලි කරගන්න පහල තියෙන රූපය බලන්න.
මේ රූපයේ විදිහට අර්ධපාරගම්‍ය පටලය හරහා සාන්ද්‍රණය වැඩි පැත්තෙ ඉඳන් සාන්ද්‍රණය අඩු පැත්තට ද්‍රාවක අංශු(ජල අංශු) ගමන් කරනවා. ඒකට හේතුව මොකද්ද? පැහැදිලියිනෙ කාරනේ, සාන්ද්‍රණය වැඩි පැත්තෙ ජල අංශු ප්‍රතිශතය අනික් පැත්තට වඩා අඩුයිනේ, ඒ නිසා ජල අංශු, වැඩිපුර තියෙන පැත්තෙ ඉඳන් අඩු පැත්තට යනවා. සාධාරනයිනෙ වැඩේ. ඒත් මොකද ලුණු අංශු යන්නෙ නැත්නේ, හරි නම් ලුණු අංශුත්, ලුණු අංශු වැඩි පැත්තෙ ඉඳන් ලුණු අංශු අඩු පැත්තට යන්න ඕනේ නේ. ඕන්න ඕක තමයි වැදගත්ම කාරණය, අර අර්ධ පාරගම්‍ය පටලය ලුණු අංශු වලට යන්න දෙන්නෙ නෑ, ඒකට හේතුව තමයි ඔය පටලයේ තියෙන ඉතාමත් කුඩා සිදුරු වලින් ජල අංශු වගේ ගොඩක් පොඩි අංශු වලට යන්න පුළුවන් වුනත් ලුණු අංශු වගේ ටිකක් ලොකු අංශු(ලොකුයි කිව්වට ඇහැට පේන්නෙ නෑ හොඳේ) වලට යන්න නොහැකි වීම. ඔය පටලයට අර්ධ පාරගම්‍ය කියන්නෙත් ඔය හේතුව නිසාමයි. සත්ව සෛල පටලය ඔය අර්ධ පාරගම්‍ය පටල වලට උදාහරණ කියල O/L පන්ති වලදි ඉගෙන ගත්ත මතක ඇති.
වියලි මිදි ටිකක් වතුරට දාල පැයකින් විතර බලන්න, මිදි ගෙඩි පිම්බිලා තියේවි. ඒකට හේතුවත් ඔය ආස‍්‍රැතිය කියන ක්‍රියාවලියම තමයි. වියලි මිදි වේලිලා තියෙන නිසා මිදි ගෙඩිය ඇතුලෙ වතුර ගොඩක් අඩුයි, ඒ නිසා සාන්ද්‍රණය ගොඩක් වැඩියි, ඒ නිසා බාහිරින් මිදි ගෙඩිය ඇතුලට සෛල පටල හරහා වතුර ඇවිල්ලා පිම්බෙනවා. ආස‍්‍රැතිය කියන ක්‍රියාවලිය ගැන දැන් පැහැදිලි ඇති.
මෙම ආස‍්‍රැතිය කියන ක්‍රියාවලිය ගැන අධ්‍යනය කරපු විද්‍යාඥයො මෙහි මූලික උපාංගය වුනු අර්ධ පාරගම්‍ය පටලය ගැන වැඩිපුර අවධානයක් යොමු කරා. මෙම අර්ධ පාරගම්‍ය පටලය හරහා ලවණ අංශු වලට( උදා - සෝඩියම් ක්ලෝරයිඩ්(ලුණු), මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට්.......) යන්න බැරිනම් මේ පටලය හරහා ලවණ දියවුනු ජලය යවලා ලවණ ඉවත් කරගන්න පුළුවන් නේද කියල කල්පනා කරලා ඒ ගැන වැඩිදුරට පරීක්ෂණ කරන්න පටන් ගත්තා. මුල් කාලෙ පරීක්ෂණ වලට අර්ධපාරගම්‍ය පටලය විදිහට පාවිච්චි කරල තියෙන්නෙ ඌරු මුත්‍රාශයක්
. පරීක්ෂණ සාර්ථක වුනා. ඇත්තටම මේකෙදි සිදුවෙන්නෙ ආස‍්‍රැතියෙදි වුනු දෙයට ප්‍රතිවිරුද්ධ දෙය යි. ඇයි එහෙම කියන්නෙ?
ස්වභාවිකවම සිදුවන ආස‍්‍රැති ක්‍රියාවලියෙදි වෙන්නෙ සාන්ද්‍රණය අඩු පැත්තෙ ඉඳන් සාන්ද්‍රණය වැඩි පැත්තට පටලය හරහා ජලය ගලන එක. නමුත් මෙහිදී සිදුකරන්න උත්සහා කරන්නේ ලවණ සාන්ද්‍රණය වැඩි පැත්තෙ ඉඳන් ලවණ සාන්ද්‍රණය අඩු පැත්තට ජලය යවන එක. ඒ නිසා මේ ක්‍රියාවලිය ප්‍රතිආස‍්‍රැතිය කියල නම් කරා
. දැන් ආස‍්‍රැති ක්‍රියාවලිය නවත්තලා ප්‍රතිආස‍්‍රැතිය සිදු කරන හැටි බලමු.
ඉබේම සිදුවන ආස‍්‍රැතිය නවත්තල ප්‍රතිආස‍්‍රැතිය සිදු කරවන්න නම් මුලින්ම ආස‍්‍රැති ක්‍රියාවලිය නවත්තන්න ඕනේ. ඒකට සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයට පීඩනයක් ඇති කරවන්න වෙනවා. පහලින් තියෙන රූපය බලන්න,
මේ විදිහට ආස‍්‍රැතිය වෙන එක නවත්තන්න(නවත්තන්න විතරක්) සාන්ද්‍රණය වැඩි පැත්තට දෙන්න ඕනෙ පීඩනයට කියන්නෙ ආස‍්‍රැති පීඩනය කියලා.( මුහුදු ජලය සඳහා ආස‍්‍රැති පීඩනය 27bar විතර වෙනවා). ආස‍්‍රැතිය වෙන එක නවත්තලා විතරක් මදිනේ පටලය හරහා විරුද්ධ අතට ද්‍රාවණය ගමන් කරවලා ප්‍රතිආස‍්‍රැතිය සිදුකරවන්න ඕනේ නේ. ඒකට ආස‍්‍රැති පීඩනයට වඩා ටිකක් වැඩි පීඩනයක් දෙන්න වෙනවා. RO Water Filter වල මේ පීඩනය ලබා දෙන්නෙ Water Pump එකකින්. ඔය විදිහට ප්‍රතිවිරුද්ධ අතට පීඩනයක් ඇතිකරල ප්‍රතිආස‍්‍රැතිය සිදු කරවන කොට ක්‍රම ක්‍රමයෙන් සාන්ද්‍රණය වැඩි පැත්තෙ සාන්ද්‍රණය තව තවත් වැඩි වෙනවා(ජලය ටික ටික අඩු වෙන නිසා). දකුණු පැත්තෙ ලවණ සාන්ද්‍රණය ඉතා අඩු පිරිසිදු ජලය එකතු වෙනවා. ඔය විදිහට යද්දි එක්තරා අවස්ථාවකදී තවදුරටත් ප්‍රතිආස‍්‍රැතිය කරවන්න බැරිවෙන තත්වයක් උදා වෙනවා( වම් පැත්තෙ ලවණ සාන්ද්‍රණය ඉතා අධික වී ඇති නිසා), එතකොට අර ලවණ සාන්ද්‍රණය ඉතා අධික ජලය ඉවත් කරල දානවා. RO Water Filters වල වෙන්නෙත් ඔය වැඩේමයි(Drain Hose එකක් තියෙනව දැකල ඇති). මෙච්චර ලොකුවට මේ තාක්ෂණය ගැන විස්තර කරාට දැලකින් වතුර යවල පෙරාගන්නව වගේ සරල ක්‍රමයක් කියල හැමෝටම පැහැදිලි ඇති
.
මේ විදිහට ප්‍රතිආස‍්‍රැතිය භාවිතා කරල මුහුදු ජලයේ ලවණ ඉවත් කරන ක්‍රියාවලියක් පළමු වතාවට අත් හදා බලල තියෙන්නෙ 1949 දි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේදි. ඒ විදිහට හොයාගත්තු මේ තාක්ෂණය දැන් ඉතාමත් දියුනු තත්වයකට ලඟාවෙලා තියෙනවා. Reverse Osmosis තාක්ෂණය ක්ෂේත්‍ර ගණනාවක භාවිතා වුවත් වැඩි වශයෙන්ම යොදා ගන්නෙ ජල පිරිපහදුව සම්බන්ධ යෙදීම් වලට. හරි, මේ තාක්ෂණය ගැන දැනගත්තනේ. දැන් බලමු Reverse Osmosis Water Filter එකක ක්‍රියා පිළිවෙල.
සාමන්‍යයෙන් හැම Ro water filter එකක්ම වගේ වැඩ කරන්නෙ එකම විදිහට.මේ ෆිල්ටර් වල කෘතීම අර්ධපාරගම්‍ය පටල අඩංගු වෙනවා. ඒව අඩංගු කරල තියෙන උපාංගයට පොදුවෙ කියන්නෙ membrane එක කියලා. පහල රූප වල තියෙන්නෙ RO membrane එකක් සහ එහි හරස්කඩක්,
බාහිරින් ලැබෙන ජලය කෙලින්ම මේ RO membrane එක හරහා යවන එක සුදුසු නෑ. බාහිරින් ලැබෙන ජලයේ RO membrane එකට හානි කරවන අපද්‍රව්‍ය තිබීම තමයි ඒකට හේතුව. ඒ නිසා RO Water Filter වල Pre-filter කිහිපයක්ම අඩංගු වෙනවා. පහලින් තියෙන්නෙ RO Water Filter (කිවුල් ජලය සඳහා නිපදවපු) එකක diagram එකක්,
මේ රූපයේ විදිහට අර්ධපාරගම්‍ය පටලය හරහා සාන්ද්‍රණය වැඩි පැත්තෙ ඉඳන් සාන්ද්‍රණය අඩු පැත්තට ද්‍රාවක අංශු(ජල අංශු) ගමන් කරනවා. ඒකට හේතුව මොකද්ද? පැහැදිලියිනෙ කාරනේ, සාන්ද්‍රණය වැඩි පැත්තෙ ජල අංශු ප්‍රතිශතය අනික් පැත්තට වඩා අඩුයිනේ, ඒ නිසා ජල අංශු, වැඩිපුර තියෙන පැත්තෙ ඉඳන් අඩු පැත්තට යනවා. සාධාරනයිනෙ වැඩේ. ඒත් මොකද ලුණු අංශු යන්නෙ නැත්නේ, හරි නම් ලුණු අංශුත්, ලුණු අංශු වැඩි පැත්තෙ ඉඳන් ලුණු අංශු අඩු පැත්තට යන්න ඕනේ නේ. ඕන්න ඕක තමයි වැදගත්ම කාරණය, අර අර්ධ පාරගම්‍ය පටලය ලුණු අංශු වලට යන්න දෙන්නෙ නෑ, ඒකට හේතුව තමයි ඔය පටලයේ තියෙන ඉතාමත් කුඩා සිදුරු වලින් ජල අංශු වගේ ගොඩක් පොඩි අංශු වලට යන්න පුළුවන් වුනත් ලුණු අංශු වගේ ටිකක් ලොකු අංශු(ලොකුයි කිව්වට ඇහැට පේන්නෙ නෑ හොඳේ) වලට යන්න නොහැකි වීම. ඔය පටලයට අර්ධ පාරගම්‍ය කියන්නෙත් ඔය හේතුව නිසාමයි. සත්ව සෛල පටලය ඔය අර්ධ පාරගම්‍ය පටල වලට උදාහරණ කියල O/L පන්ති වලදි ඉගෙන ගත්ත මතක ඇති.
වියලි මිදි ටිකක් වතුරට දාල පැයකින් විතර බලන්න, මිදි ගෙඩි පිම්බිලා තියේවි. ඒකට හේතුවත් ඔය ආස‍්‍රැතිය කියන ක්‍රියාවලියම තමයි. වියලි මිදි වේලිලා තියෙන නිසා මිදි ගෙඩිය ඇතුලෙ වතුර ගොඩක් අඩුයි, ඒ නිසා සාන්ද්‍රණය ගොඩක් වැඩියි, ඒ නිසා බාහිරින් මිදි ගෙඩිය ඇතුලට සෛල පටල හරහා වතුර ඇවිල්ලා පිම්බෙනවා. ආස‍්‍රැතිය කියන ක්‍රියාවලිය ගැන දැන් පැහැදිලි ඇති.
මෙම ආස‍්‍රැතිය කියන ක්‍රියාවලිය ගැන අධ්‍යනය කරපු විද්‍යාඥයො මෙහි මූලික උපාංගය වුනු අර්ධ පාරගම්‍ය පටලය ගැන වැඩිපුර අවධානයක් යොමු කරා. මෙම අර්ධ පාරගම්‍ය පටලය හරහා ලවණ අංශු වලට( උදා - සෝඩියම් ක්ලෝරයිඩ්(ලුණු), මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට්.......) යන්න බැරිනම් මේ පටලය හරහා ලවණ දියවුනු ජලය යවලා ලවණ ඉවත් කරගන්න පුළුවන් නේද කියල කල්පනා කරලා ඒ ගැන වැඩිදුරට පරීක්ෂණ කරන්න පටන් ගත්තා. මුල් කාලෙ පරීක්ෂණ වලට අර්ධපාරගම්‍ය පටලය විදිහට පාවිච්චි කරල තියෙන්නෙ ඌරු මුත්‍රාශයක්
. පරීක්ෂණ සාර්ථක වුනා. ඇත්තටම මේකෙදි සිදුවෙන්නෙ ආස‍්‍රැතියෙදි වුනු දෙයට ප්‍රතිවිරුද්ධ දෙය යි. ඇයි එහෙම කියන්නෙ?
ස්වභාවිකවම සිදුවන ආස‍්‍රැති ක්‍රියාවලියෙදි වෙන්නෙ සාන්ද්‍රණය අඩු පැත්තෙ ඉඳන් සාන්ද්‍රණය වැඩි පැත්තට පටලය හරහා ජලය ගලන එක. නමුත් මෙහිදී සිදුකරන්න උත්සහා කරන්නේ ලවණ සාන්ද්‍රණය වැඩි පැත්තෙ ඉඳන් ලවණ සාන්ද්‍රණය අඩු පැත්තට ජලය යවන එක. ඒ නිසා මේ ක්‍රියාවලිය ප්‍රතිආස‍්‍රැතිය කියල නම් කරා
. දැන් ආස‍්‍රැති ක්‍රියාවලිය නවත්තලා ප්‍රතිආස‍්‍රැතිය සිදු කරන හැටි බලමු.
ඉබේම සිදුවන ආස‍්‍රැතිය නවත්තල ප්‍රතිආස‍්‍රැතිය සිදු කරවන්න නම් මුලින්ම ආස‍්‍රැති ක්‍රියාවලිය නවත්තන්න ඕනේ. ඒකට සාන්ද්‍රණය වැඩි ද්‍රාවණයට පීඩනයක් ඇති කරවන්න වෙනවා. පහලින් තියෙන රූපය බලන්න,
මේ විදිහට ආස‍්‍රැතිය වෙන එක නවත්තන්න(නවත්තන්න විතරක්) සාන්ද්‍රණය වැඩි පැත්තට දෙන්න ඕනෙ පීඩනයට කියන්නෙ ආස‍්‍රැති පීඩනය කියලා.( මුහුදු ජලය සඳහා ආස‍්‍රැති පීඩනය 27bar විතර වෙනවා). ආස‍්‍රැතිය වෙන එක නවත්තලා විතරක් මදිනේ පටලය හරහා විරුද්ධ අතට ද්‍රාවණය ගමන් කරවලා ප්‍රතිආස‍්‍රැතිය සිදුකරවන්න ඕනේ නේ. ඒකට ආස‍්‍රැති පීඩනයට වඩා ටිකක් වැඩි පීඩනයක් දෙන්න වෙනවා. RO Water Filter වල මේ පීඩනය ලබා දෙන්නෙ Water Pump එකකින්. ඔය විදිහට ප්‍රතිවිරුද්ධ අතට පීඩනයක් ඇතිකරල ප්‍රතිආස‍්‍රැතිය සිදු කරවන කොට ක්‍රම ක්‍රමයෙන් සාන්ද්‍රණය වැඩි පැත්තෙ සාන්ද්‍රණය තව තවත් වැඩි වෙනවා(ජලය ටික ටික අඩු වෙන නිසා). දකුණු පැත්තෙ ලවණ සාන්ද්‍රණය ඉතා අඩු පිරිසිදු ජලය එකතු වෙනවා. ඔය විදිහට යද්දි එක්තරා අවස්ථාවකදී තවදුරටත් ප්‍රතිආස‍්‍රැතිය කරවන්න බැරිවෙන තත්වයක් උදා වෙනවා( වම් පැත්තෙ ලවණ සාන්ද්‍රණය ඉතා අධික වී ඇති නිසා), එතකොට අර ලවණ සාන්ද්‍රණය ඉතා අධික ජලය ඉවත් කරල දානවා. RO Water Filters වල වෙන්නෙත් ඔය වැඩේමයි(Drain Hose එකක් තියෙනව දැකල ඇති). මෙච්චර ලොකුවට මේ තාක්ෂණය ගැන විස්තර කරාට දැලකින් වතුර යවල පෙරාගන්නව වගේ සරල ක්‍රමයක් කියල හැමෝටම පැහැදිලි ඇති
.මේ විදිහට ප්‍රතිආස‍්‍රැතිය භාවිතා කරල මුහුදු ජලයේ ලවණ ඉවත් කරන ක්‍රියාවලියක් පළමු වතාවට අත් හදා බලල තියෙන්නෙ 1949 දි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේදි. ඒ විදිහට හොයාගත්තු මේ තාක්ෂණය දැන් ඉතාමත් දියුනු තත්වයකට ලඟාවෙලා තියෙනවා. Reverse Osmosis තාක්ෂණය ක්ෂේත්‍ර ගණනාවක භාවිතා වුවත් වැඩි වශයෙන්ම යොදා ගන්නෙ ජල පිරිපහදුව සම්බන්ධ යෙදීම් වලට. හරි, මේ තාක්ෂණය ගැන දැනගත්තනේ. දැන් බලමු Reverse Osmosis Water Filter එකක ක්‍රියා පිළිවෙල.
සාමන්‍යයෙන් හැම Ro water filter එකක්ම වගේ වැඩ කරන්නෙ එකම විදිහට.මේ ෆිල්ටර් වල කෘතීම අර්ධපාරගම්‍ය පටල අඩංගු වෙනවා. ඒව අඩංගු කරල තියෙන උපාංගයට පොදුවෙ කියන්නෙ membrane එක කියලා. පහල රූප වල තියෙන්නෙ RO membrane එකක් සහ එහි හරස්කඩක්,
බාහිරින් ලැබෙන ජලය කෙලින්ම මේ RO membrane එක හරහා යවන එක සුදුසු නෑ. බාහිරින් ලැබෙන ජලයේ RO membrane එකට හානි කරවන අපද්‍රව්‍ය තිබීම තමයි ඒකට හේතුව. ඒ නිසා RO Water Filter වල Pre-filter කිහිපයක්ම අඩංගු වෙනවා. පහලින් තියෙන්නෙ RO Water Filter (කිවුල් ජලය සඳහා නිපදවපු) එකක diagram එකක්,
[*]Sediment filter(අවසාදිත පෙරණය) - ජලයේ තියෙන විශාල ප්‍රමාණයේ අංශු, රොන් මඩ, මලකඩ, කැල්සියම් ක්ලෝරයිඩ් ආදිය ඉවත් කරනවා. පහල රූපයේ තියෙන්නෙ Sediment filter එකක්
[*]Activated Carbon Filter(සක්‍රීය කරන ලද කාබන් පෙරණය) - ජලයේ තියෙන කාබනික අපද්‍රව්‍ය හා membrane එකට හානි කරවන ක්ලෝරින් ඉවත් කරනවා.
[*]Water pump - ජලය RO membrane එක හරහා පොම්ප කරනවා.( මුහුදු ජලය සඳහා 50-90bar පීඩනයක්ද කිවුල් ජලය සඳහා 10-20bar පීඩයක් සැපයීමද අවශ්‍ය වේ)
[*]RO Membrane - ෆිල්ටරයේ ප්‍රධාන උපාංගය යි. අභ්‍යන්තරයේ අර්ධපාරගම්‍ය පටල තට්ටු වශයෙන් අන්තර්ගත යි. අර්ධ පාරගම්‍ය පටලයේ 0.5nm(නැනෝ මීටර්) තරම් කුඩා සිදුරු ඇත. 0.5nm වඩා විෂ්කම්භය වැඩි අංශු පෙරීමට ලක් කරයි. පෙරීමට නොහැකි තත්වයට පත්වෙන ලවණ සාන්ද්‍රණය අධික ජලය draine hose එක ඔස්සේ බැහැර කරනු ලබයි. නිශ්පාධන අමුද්‍රව්‍ය ලෙස CTA(cellulose triacetate) , polyamide, polysulfone, zeolite යොදාගනී
RO Membrane එකක හරස්කඩක්
පහතින් දැක්වෙන්නේ එක්තරා RO Membrane එකක් මගින් ලවණ වර්ග ඉවත් කළ හැකි ප්‍රතිශතයන්,
Sodium - 85 - 94%
Sulfate - 96 - 98%
Calcium94 - 98%
Potassium - 85 - 95%
Nitrate - 60 –75%
Iron - 94 –98%
Zinc - 95 – 98%
Mercury - 95 – 98%
Selenium - 94 – 96%
Phosphate - 96 – 98%
Lead - 95 – 98%
Arsenic - 92 – 96%
Magnesium - 94 – 98%
Nickel - 96 – 98%
Fluoride - 85 - 92%
Manganese - 94 – 98%
Cadmium - 95 – 98%
Barium - 95 – 98%
Cyanide - 84 – 92%
Chloride - 85 – 92%
[*]Post Activated Carbon Filter(පසු සක්‍රීය කරන ලද කාබන් පෙරහණ) - RO Membrane එක මගින් ඉවත් නොකෙරුනු අංශු තිබුනහොත් ඒවා ඉවත් කරනු ලබයි.
[*]UV(Ultraviolet) Lamp(රූප සටහනේ පෙන්වා නොමැත) - Ro Membrane එක මගින් ඉවත් නොකෙරුනු විශබීජ තිබුනහොත් ඒවා විනාශ කරනු ලබයි.
[*]Storage Tank - පිරිසිදු කෙරුනු ජලය ගබඩා කරනු ලබයි.
ලංකාවෙ වැඩිපුර ජනප්‍රිය "KENT" RO Water Filter වල මේ සියලුම උපාංග අඩංගු වනවා
භූගත හෝ මතුපිට ජලය පහසුවෙන් සොයාගැනීමට අපහසු රටවල් වල( උදා - මැදපෙරදිග) පරිභෝජනයට සුදුසු ජලය සපයා ගන්නේ මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමෙන්. මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමේ ලාභදායීම ක්‍රමය විදිහට වර්ථමානයේ හඳුනාගෙන තියෙන්නේ මේ Reverse Osmosis තාක්ෂණය. ඒ නිසා දැනට ලෝකයේ පවතින කරදිය පිරිපහදු මධ්‍යස්ථාන වලින් 66% ක් ම ක්‍රියා කරන්නෙ Reverse Osmosis තාක්ෂණයෙන්. දැනට ලෝකයේ RO desalination plant 13000 කට වඩා ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් විශාලම plant එක පිහිටා තියෙන්නෙ ඊශ්‍රායලයේ Ashkelon නගරයේ. එහි ධාරිතාව දවසකට ජලය ලීටර් 330,000,000 ක්.
Ashkelon Reverse Osmosis Plant
කලින් කිව්ව විදිහට RO water filter වැඩ කරන්න ශක්තිය වැය වෙනවා(water pump එක ක්‍රියාකරවීමට). මුහුදු ජලය යොදාගෙන පිරිසිදු ජලය ලීටර් 1000 ක් නිපදවන්න කිලෝ වොට් පැය 2-4 වගේ ප්‍රමාණයකුත් කිවුල් ජලය සඳහා කිලෝ වොට් පැය 0.5-1 වගේ ශක්ති ප්‍රමාණයකුත් වැය වෙනවා. RO Plant එකකට යම් කිසි ජලය ප්‍රමාණයක් ඇතුල් කළ පසු එයින් පිරිසිදු ජලය ලෙස ඉවතට ගන්න පුළුවන් ජල ප්‍රතිශතය Recovery Ratio නමින් හඳුන්වනවා. කාර්යක්ෂමතාව ඉහළ RO Plant එකක මුහුදු ජලය සඳහා මේ අගය 50% ක් තරම් වෙනවා. ඉතිරි 50% සාන්ද්‍රණය අධික ජලය ලෙස බැහැර කරනවා. කිවුල් ජලය සඳහා මේ අගය 80% ක්. ප්‍රතිආස‍්‍රැතිය මගින් ජීවීන්ට අහිතකර බැර ලෝහ වර්ග ද (උදා - රසදිය, කැඩ්මියම්, ආසනික්, ඊයම්, නිකල්, තඹ............) ඉවත් කළ හැකි නිසා අප ජලය ප්‍රතිචක්‍රීකරණය සඳහාද මේ ක්‍රමය යොදා ගන්නවා
.
Reverse Osmosis තාක්ෂණයේ දුර්වලතා
හැම හොද දෙයකම නැරක පැත්තක් තියෙනවා වගේ Reverse Osmosis තාක්ෂණයේත් යම් යම් දුර්වලතා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල RO Palnt එකක ජලය පිරිසිදු කළ හැකි ප්‍රතිශතය(Recovery Ratio) 80% වගේ ඉහල අගයයක් ගත්තත් කුඩා RO water filter වල මේ ප්‍රතිශතය 5%-20% වගේ වෙනවා. ඉතිරි 95%-80% ජල ප්‍රමාණයම අපතේ යැවෙනවා
. කුඩා ෆිල්ටර් වල ඇති කුඩා water pump වලට RO Membrane එක හරහා කාර්යක්ෂමව ජලය පොම්ප කිරීමට නොහැකිවීම තමයි ඒකට හේතුව
. මේක සැලකිය යුතු මට්ටමේ ගැටළුවක්. ඒ වගේම මේ ෆිල්ටර් වලින් ඉවතලන ලවණ සාන්ද්‍රණය අධික ජලය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් ගෘහාශ්‍රිතව නොමැතිවීමද ගැටලුවක්. ඒ වගේම මෙම RO water plant සඳහා ඉහල පිරිවැයක් දැරීමට සිදුවනවා
. සාමාන්‍යයෙන් බීමට සුදුසු ජලයේ යම් ප්‍රමාණයකට ශරීරයට හිතකර ලවණ වර්ග අඩංගු විය යුතුයි. නමුත් RO Water Plant මඟින් මේ ලවණ වර්ග සියල්ල සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කරනවා. දීරඝ කාලීනව ලවණ රහිත ජලය පානය කිරීම සෞඛ්‍ය ගැටළු ඇති කරනවා. විශාල ප්‍රමාණයේ RO water plant වලදි පිරිසිදු කරණයෙන් පසු ජලයට හිතකර ලවණ යම් ප්‍රමාණයක් මිශ්‍ර කිරීම මගින් මේ ගැටළුව මගහරවා ගත්තත් කුඩා ප්‍රමාණයේ RO water filter වල මේ වගේ ක්‍රම ඇතුලත් වෙනවද කියන එක සැකයක්. ආස‍්‍රැත ජලය(ලවණ නොමැති සංශුද්ධ ජලය) නිපද වීමට ගන්නා Ro water plant එකකින් එන ජලය කොහෙත්ම බීමට සුදුසු වෙන්නෙ නෑ. එම නිසා තමන් ලඟ තියෙන්නෙ බීමට සුදුසු ජලය ලබාදෙන RO water filter එකක්ද කියලා දැන සිටිය යුතුයි

.Reverse Osmosis තාක්ෂණයේ දුර්වලතා

.------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
කියවා බැලූ හැමෝටම ස්තූතියි.

ත්‍රෙඩ් එක ගැන අදහස් ගොඩක් වටිනවා.
Last edited: