Riding In Traffic [Tips]
අවුරුදු ගණනාවක යතුරුපැදි ධාවනයෙන් මා ලැබූ අත්දැකීම් අතර ඉතාමත්ම අමිහිරි අත්දැකීම් වලින් සහිත අවස්ථාවක් ලෙස වාහන තදබදයක් ඇති නාගරික ප්‍රදේශ වල ගමන් කිරීම හඳුන් වන්න පුළුවන්.
බයික් එකක් කියන්නේ වාහන අතුරෙන් කුඩා වාහනයක් නිසා ඕනෑම තැනකින් රිංගා යාමේ හැකියාව තියෙනවා නමුත් ඔන්න ඔය හේතුව නිසාම බොහෝ අවස්තාවලදී අනතුරට පත් වීම් ද වාර්තාවනවා.මමද අනුනවයෙන් බේරුන අවස්ථා ගණන සුළු පටු නොවෙයි.
ඉතින් මේ නිසාම මම තීරණය කළා ඔබ විසින් කොහොමද traffic එකක ඔබගේ බයික් එක ධාවනය කල යුත්තේ කියල කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්න.
මම මෙහි බොහෝ කරුණු උපුටාගත්තේ Motorcyclistonline කියන වෙබ් පිටුවෙන් සහ එම කරුණු ලංකාවට ගැලපෙන පරිදි වෙනස් කළා.
ඔබ අවසාන වතාවට traffic එකක ඔබගේ බයික් එක ධාවනය කරපු අවස්තාව මතක් කරන්න. ඔබ අවට තිබු වාහන, මිනිසුන්, වාහන ඔබ වෙතට සහ ඉවතට යන වේගය, ඔබ මාර්ග සංඥා දිහා බලපු ආකාරය, කහ ඉරි මතින් මාරු වන මිනිසුන්, Traffic lights, වැසි බර කාලගුණය, මාර්ගයේ ඇති වලවල්, කහ ඉරි සහ සුදු ඉරි මතින් යන විට බයික් එක ලිස්සන සුළු වීම ඒ වගේම නොසැලකිලිමත් රියදුරන්, මොබයිල් ෆෝන් එක කනේ ගසාගෙන, ආහාර ගනිමින්, දරුවන් සුරතල් කරමින් රිය පදවන අය, හෙල්මට් නැතිව ගමන් කරන බයික් ඒ වගේම එහෙන මෙහෙන් මාර්ග නීති නොතකා ධාවනය කරන ත්‍රී රෝද රථ, මෙකී නොකී නොයෙක් දෑ ඔබට නිසැකවම මතක් වෙනවා ඇති.
Traffic එකක බයික් එකක් පමණක් නෙවෙයි වාහනයක් එලවනවා කියන එක උනත් භයානක හීනයක් කියල කියන්න පුළුවන්.විශේෂයෙන්ම අලුතින් බයික් පදින අයට.එක මම හොඳටම දන්නේ අපිත් එක්ක වැඩ කරන ස්ත්‍රී පාර්ශවයේ අය දැන් දැන් scooter පැදීම නිසා එයාලට වගේම අනිත් යටත් ඒක භයානක තත්වයක් වෙලා (හැමෝ ගැනම නෙවෙයි කිව්වේ හොඳේ).ඉතින් මේ වගේ දේවල් නිසා බයික් එකක් traffic එකක පදින කොට බොහොම ඉවසිලිවන්තව , ප්‍රවේශමෙන්, මාර්ග නීති වලට ගරු කරමින්, ස්ථානෝචිතව තීරණ ගනිමින් කටයුතු කරන්න ඕන. මොකද ඇත්තම කිව්වොත් බයික් එකක් පදිනවා කියන එක තරම් අමාරු සහ අවදානම් සහිත දෙයක් තවත් නැතිව ඇති.
ඉතින් ඒ සඳහා වැදගත් වෙන ප්‍රධාන කරුණු 15ක් ගැන ඔබත් එක්ක සාකච්චා කරන්නයි මේ සුදානම් වන්නේ.
01. වෙනත් වාහන වල රියදුරන්ගේ හිස හැරවීම සහ ඔහු බලන දිශාව අධ්‍යනය කරන්න.
ඉදිරියෙන් තිබෙන හෝ පනිනෙන වාහනයක රියදුරාගේ හිස හැරවීම මඟින් අපිට ඔහු විසින් කිරීමට බලාපොරොත්තු වන දේ හෝ හැරවීමට බලාපොරොත්තු වෙන දිශාව පිළිබඳව අදහසක් ගන්න පුළුවන්.මොකද සමහර රියදුරන් තම පැති කණ්නාඩි භාවිත කලද සමහරු භාවිත නොකරන නිසා හිසේ චලනය දෙස බැලීම යහපත්වේ.
02.ඔබගේ පැති කණ්නාඩි භාවිතා කරන්න.
ඔබගේ පැති කණ්නාඩි මත ඔබගේ ජීවිතය රඳාපවතිනවා කියල කවුරු හරි ඔබට කිව්වොත් එය 100% සත්‍යයකි. බොහෝ දෙනෙක් තම වාහනයේ , බයික් එකේ පති කණ්නාඩි හරියට භාවිත නොකරයි.ඔබ ඔබගේ සංජානනයට ඉඩදී කටයුතු කරනවට වැඩ හොඳයි පැති කණ්නාඩි වලින් හොඳට බලා තීරණ ගැනීම.එම නිසා ගමන පටන් ගැනීමට පෙර පැති කණ්නාඩි නිසි ලෙස සකසාගන්න. කිසිම වෙලාවක ඔබට පිටුපස නොපෙනන හුණු බිජු වගේ බාල පැති කණ්නාඩි භාවිත නොකරන්න.
ඒ නිසා ඔබ කුමන දිශාවකට බයික් එක හැරවුවද හොඳින් පැති කණ්නාඩි බලා හරවන්න.ඒ වගේමයි පැති කණ්නාඩි වලින් නිරීක්ෂණය කිරීමේදී එය ක්ෂණිකව සිදු කරන්න. මොකද සුළු අතපසු වීමකින් ඔබ අනතුරට පත්විය හැකියි.
03.කිසිම අවස්තාවකදී වමෙන් ඉස්සර කරන්න එපා.
වර්තමානයේ නම් අපේ රටේ කොච්චර කිව්වත් බයික් පදින අය කරන සුලභ නමුත් ඉතාම භයානක සහ මෝඩ වැඩක් වන්නේ වමෙන් ඉස්සර කිරීමයි.ලංකාවේ සිදුවන යතුරු පැදි අනතුරු වලින් බහුතරයක් සිදුවන්නේ මෙම වමෙන් ඉස්සර කිරීම නිසයි.මොකද ඉදිරි වාහනය සහ පාර අයිනට ඇති ඉඩ සීමිත වීම, බස් වලින් එක වර මිනිසුන් බැසීම, වාහන වල දොරවල් ඇරීම, අතුරු පාරවල් වලින් වාහන දැමීම හෝ මිනිසුන්
පැනීම, වැනි විවිධාකාර දේ සිදුවිය හැකියි. අනික බොහෝ රියදුරන් වමේ පැති කණ්නාඩි බලන්නේද අඩුවෙනි.ඒ නිසා සැලකිලිමත් වන්න.
මේ පේනවනේ ලංකාවෙත් මීට වඩා වෙනසක් නෑ.....
04.තිරිංග සුදානමින් පවත්වා ගැනීම.
Traffic එකක බයික් එකක් පැදීමේදී brake lever වලට අත සහ කකුල තබාගෙන යාමෙන් හදිස්සි අවස්තාවකදී ක්ෂණිකව බ්‍රේක් කරගන්න පුළුවන් වෙයි.නැතහොත් ඔබ බ්‍රේක් lever එක කර අත හෝ කකුල රැගෙන යන්නට ප්‍රථම අනතුරට ලක්විය හැකි වේ. මන්ද ඔබ සුදානම් ශරීරයෙන් සිටීම වැදගත් වේ. ඉදිරිපස බ්‍රේක් ලිවර් එක ඇල්ලීමේදී නම් ඒ සඳහා මැදගිල්ල සහ දබරගිල්ල එය මත තබාගෙන අනෙක් ඇඟිලි තුනෙන් grip කරගෙන සිටීම එක් ක්‍රමයකි.
05.හොඳින් පරීක්ෂාකාරීව වටපිටාව නිරීක්ෂණය කිරීම.
තම වටපිටාව ගැන හොඳින් අවබෝධයෙන් සිටින්න.පොඩි ළමයි, වැඩිහිටියන්, සතුන් මාර්ගය හරහා හදිසියේ මාරු විය හැකියි.ඒ වගේම නවතා ඇති වාහනයක් ඉස්සරකිරීමෙදී අනිවාර්යෙන්ම එම වාහනය පසු කිරීමට ඔන්න මෙන්න තියෙද්දේ වේගය අඩු කර හොඳින් බලන්න කවුරුන් හෝ පාර පනීද කියා.තවත් කරුණක් වන්නේ බොහෝ අවස්තාවලදේ බස් රථ වල ගමන් කරන මගීන් විසි කරන දෑ ඔබගේ මුහුණේ වදින්න පුළුවන් එම අවස්තාවලදී හදිස්සි නොවන්න.ඒ වගේමයි ඔබ නවතා ඇති වාහනක් ඉස්සර කිරීමෙදේ වාහනයේ රියැදුර දොර හැරීමට ඉඩ ඇත. එය පිළිබඳවද සැලකිලිමත් වන්න.
06.Traffic එක වැඩි අවස්තාවක බයික් එක තබාගතයුතු තැන.
මෙවැනි අවස්ථාවල ලංකාවේ නම් දකුණු පැත්තට වෙන්න තබාගන්න.හරි මඩ තබාගැනීමෙන් ඔබ මෙන්ම පසුපස වාහනයටද එය කරදරයක් විය හැකිවෙයි වගේම වාහන දෙකට සිරවී අනතුරටද ලක් විය හැකියි..වම් පැත්තෙන් තබාගැනීමෙන් ඔබට ලෙසියකට ඉදිරියට යන්නට නොලැබෙන අතර ඉහත දක්වන ලද වම්පැත්තෙන් ඉස්සර කිරීම නිසා සිදිවිය හැකි අනතුරුද සිදුවිය හැකියි.ඒ වගේම ඔබ දකුණු පැත්තෙන් තබාගත් විට ඉදිරි වාහනයේ රියදුරුටද ඔබව හොඳින් පෙනේ.පළමු ගියරයට මාරු කොට ඉදිරියට යාමට සුදානමින් සිටින්න.
හැබැයි ඉතින් ඩීසල් වාහන වලපිටුපසින් දකුණු පස ඉන්න විට ටිකක් සැලකිලිමත් වන්න මොකද ඒ වාහන accelerate කරන විට ලොකු දුමාරයක් ඔබව වසාගන්න ඉඩ තියෙනවා.
07.වාහන හැරවීම නිරීක්ෂණය.
ඔබගේ ඉදිරියෙන් වාහනයක් හැරවීමට සුදානමින් සිටි නම් දකුණේ නීතියට අනුව ඔබ ඒ සඳහා ඉඩ දියයුතුවෙයි.ඒ වගේමයි වාහනයක් දකුණට හෝ වමට හරවන අවස්තාවේදී ඔබ කිසිම විටක වාහනයත් වංගුවත් අතරින් යාමට උත්සාහ කරන්න එපා.ඔබව අනතුරට ලක්විය හැකි වෙයි.
08.සුදානම් වීම.
හැම වේගය අඩුවන අවස්ථාවකදීම සහ නවත්වන අවස්ථාවකදීම ඔබ නැවත බයික් එක ඉදිරියට යාම සඳහා සුදානම් කර ගතයුතුවෙනවා.ඒ නිසා නිසි ගියරයට මාරු කරගැනීම, clutch එක සුදානම් කරගැනීම.වටපිටාව හොඳින් නිරීක්ෂණය කිරීම ඉදිරියෙහි සහ පසුපස තිබෙන වාහන පිළිබඳව දැනගැනීම මෙන්ම ඔබත් සමඟ සිටින වෙනත් යතුරුපැදි කරුවන් පිළිබඳව සැලකිලිමත් වීම.
09.මාර්ගය පිළිබඳව සැලකිලිමත් වීම.
බොහෝදෙනෙක්ට අමතක වෙන නමුත් තවත් ඉතාම වැදගත් දෙයක් තමයි මාර්ගය නිරීක්ෂණය කිරීම.එයට හේතුව වන්නේ අපේ traffic එකක බයික් එක පැදීමේදී වාහන් පසුපසින් ගමන් කිරීමේදී ඉදිරිපස වාහනය වලවල් මගහැරියත් සමහර වෙලාවට අප ඒ වලවල් වලට වැටෙනවා.ඉතින් මේ නිසා බොහොම පරිස්සමෙන් පසුපසින් යා යුතුය. හොඳම දේ වන්නේ එක්කෝ දකුණු පසින් හරි වම් පසින් හරි පසුපසින් යාමයි.මොකද වාහනයක රෝදය වලවල් මගහරින නිසා එම පථයේ ගමන් කිරීමෙන් අපටද වලවල් වලින් බේරී ගමන්කළ හැකි වෙයි.
මම මෙහි වලවල් ගැන පමණක් කිව්වට වලවල්, CEB, SLT වගේ ආයතන වලින් සැදු වලවල් වල පියන්, ගැටී වැනි විවිධාකාර දේ තිබිය හැකිවේ.
10.ඉඩකඩ සහිත ස්ථාන වල හැකි ඉක්මනින් ගමන් කිරීම තුලින් තදබදයෙන් නිදහස් වීම.
බොහෝ විට traffic lights තිබෙන ස්ථාන වලදී සහ ධාවන පත 2ක් හෝ 3 ක් සහිත මාර්ගවලදී ඔබට ඉඩකඩ තිබේ නම් සහ මාර්ගය විවෘත නම් හැක ඉක්මනින් ගමන් කරන්න එවිට ඔබට traffic එක මගහැර ගත හැකි වෙයි. නමුත් කිසිම අවස්තාවකදී රේස් යාමට කටයුතු නොකරන්න. එය ඔබටත් බයික් එකටත් පිටස්තර අයටත් විපතක් ගෙන ඒමට හැකි වේ.
ඒ වගේම ඔබට විවෘත මාර්ගයක ගමන් කිරීමට අවස්තාව ලැබුනුහොත් වාහන එකිනෙක පසුකරමින් යමින් traffic එක මගහැරයන්න උත්සාහ කරන්න.නමුත් කිසිම විටක අවදානම්කාරී ලෙස වාහන ඉස්සරකිරීමෙන් වලකින්න.
11. ඉදිරියේ තිබෙන වාහන වල දිග පළල පිළිබඳව අධ්‍යනය කිරීම.
ඔබ කිසියම් අවස්තාවකදී ඉදිරියෙන් තිබෙන වාහනයක් ඉස්සර කිරීමට යාමට පෙර එම වාහනයේ දිග සහ පළල පිළිබඳව සැලකිලිමත් වන්න. මන්ද එය පළල වාහනයක් නම් ඉදිරියෙන් එන වාහනය සහ මෙම වාහනය අතර ඔබට ඉඩ මදි විය හැකිය. දිග වැඩි වෙයි නම් ඔබට එම වාහනය ඉස්සර කිරීමට සැලකියයුතු කාලයක් ගත වෙයි.
විශේෂයෙන්ම ලොරි, බස්, කන්ටේනර්,ටිපර් වැනි වාහන ඉස්සර කිරීමෙදේ මෙන්ම පසුපසින් පැමිණෙද්දී ඉතාම ප්‍රවේශම් වන්න.
පසු පසින් පැමිණෙද්දී ප්‍රවේසම් වන්න කියල කිව්වේ එවැනි වාහන වලට ඉක්මනින් බ්‍රේක් කර ගැනීමට නොහැකි නිසා.
මේ වගේ වැඩ නම් කවදාවත් හීනෙන්වත් කරන්න හිතන්න එපා....!
12.සංඥා කිරීම.
සෑම විටම ඔබ වාහනයක් ඉස්සර කිරීමට යන අවස්තාවලදී side lights යොදා ඉස්සර කිරීමෙදී Horn කිරීමද සිදු කරන්න.මන්ද බයික් එක කුඩා නිසා ඉදිරිපස වාහනයේ රියදුරාට එය නොපෙනෙන්නට පුළුවන්.එතුලින් ගොඩක් අනතුරු වලක්වාගත හැකි වෙයි.නමුත් නිරතුරුව Horn ගැසීම තුලින් අනවශ්‍ය ආකාරයට ශබ්ද දුෂණය කිරීමෙන් බයික් පදින්න උත්සාහ කරන්න එපා.
13.මාර්ග සංඥා
සෑම විටම මාර්ග සංඥා වලට ගරු කරන්න කිසිම විටෙක ඒවාට පටහැනිව ගමන් කරන්න උත්සාහ කරන්න එපා. මන්ද බොහෝදෙනා තමන්ගේ හදිස්සිය වැඩි වූ අවස්තාවලදී මාර්ග සංඥා පිළිපදින්නේ නැතිව හිතුමතේට ධාවනය කිරීම නිසා අනතුරු වලට ලක්වේ. එතුලින් තමන්ගේ කාලයද, ජීවිතයද මුදල්ද වගේම අන් අයෙකුගේ ජීවිතයකට හෝ දේපලකටද හානි විය හැකිය.
14.තම බයික් එක පිළිබඳව සැලකිලිමත් වීම සහ නොකළයුතු දෑ.
බොහෝ අය traffic වල ගමන් කිරීමේදී බයික් එක අනවශ්‍ය ආකාරයට රේස් කරයි. මෙතුලින් සිදුවන්නේ අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය වීම සහ ශබ්ද දුෂණය සිදුවීමයි.Traffic එකක් යනු ධාවන තරඟයක් නොවන බව හොඳින් තේරුම් ගතයුතුයි.මෙලෙස රේස් පදින්න සහ වෙට්ටු දමන්න ගොස් වෙනත් වාහන වල ගැටී, පැති කණ්නාඩි වල හැපී, වාහනවල යටවී අකාලයේ මරුමුවට පත්වන අය බොහෝ වෙති.
15. ජීවිතයේ සහ යකඩ ගොඩක වටිනාකම සමාන නොවන බව සැම විටම මතක තබා ගන්න.
ඔබ මුලින්ම ඔබගේ ජීවිතය පිළිබඳව සැලකිලිමත් වන්න. එවිට ඔබ අනයගේ ජීවිත වලටත් ආදරය කරනු ඇත.වාහනයක් අනතුරට ලක් වුවහොත් නැවත සාදාගත හැකි නමුත් ජීවිතයක් නැති වුවහොත් නැවත එය ලබාගත නොහැකි වේ.ඔබ යතුරු පැදියක් ධාවනය කරන පුද්ගලයෙක් නිසා විශාල අවදානමක් සහිතව ගමන් කරයි.සමහර විට ඔබ කොතරම් ප්‍රවේසම් සහගත වුවත් වෙන අයකුගේ වරදකින් ඔබ අනතුරකට ලක්විය හැකියි.එම නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.
මේ පෙන්නුම් කරන්නේ ඉක්මනින්ම දිව්‍යලෝකේ යන්න හදන මනුස්ස දුවක්........!
මේත් අපේ අසල්වැසි ඉන්දියාවේ.තවම ලංකාවට මේක බෝවෙලා නැහැ. නමුත් මේ scooter සෙල්ලමත් එක්ක ඒකත් අනිවාර්යෙන්ම බෝවෙයි.
තුන්දෙනෙක් ඩබල් දාල....

තුන්දෙනාගෙම හෙල්මට් නෑ 
ඒ අස්සේ පදින එකී ෆෝන් එකකුත් කනේ ගහගෙන.....

ඔයාලත් ඔයාලගේ අත්දැකීම් බෙදාහදා ගන්න. මම පුළුවන් විදියට ත්‍රෙඩ් එක update කරන්නම් ඒ ටිකත්......!
=========================================================
මෙන්න අපේ එළකිරි සාමාජිකයින්ගේ අදහස්:
harindugamlath
" පැති කණ්නාඩි බලල එකපාරට හරවන්න යන්න එපා කොයිවෙලාවක වත් වාහන ලඟ ලඟ යනවනම්. මොකද කොච්චර හොඳට කණ්නාඩියෙන් පාර පෙනුනත් අපේ ලඟම ඉන්න අයව පෙන්නේ නෑ හරියට.
තේරෙන විදියට කිව්වොත් අපේ කන ගාව නැත්නම් පිටිපස්සේ රෝදෙ ගාව ලඟින්ම ඉන්න බයික් කාරයන්ව පේනවා අඩුයි. ෆුල් ෆේස් එකත් දැම්මම ලොකු කණ්නාඩියක් තිබ්බත් ඔය වැඩේ වෙනවා.
ඒ වෙලාවට සද්දෙන් හරි ඉවෙන් වගේ හරි දෙනගන්න වෙනව එකෙක් ලඟ ඉන්නව කියල.
ඒ හින්ද මොකෙක්වත් නෑ කියල විශේෂයෙන් වමට හරි දකුණට හරි කැපුවොත් පිටිපස්සෙන් ආපු එකා රොදේ පටලවාගෙන පාර මැද්දේ දකදොයියං වෙන්න තමා වෙන්නේ.
සයිඩ් කණ්නාඩියටත් නොපෙනීයන තැනක් තියනව කියල මතක තියාගන්න එක හොඳවෙයි පාර මැද්දේ බඩගානවට වඩා.
තරමක් ලොකු වාහන ලොරි නැත්නම් බස් වගේ එවා උදාහරනෙකට දකුණට වංගුවක් ගන්න තියනකොට පාරේ වම්පැත්තේ අයිනට අරගෙන ඊට පස්සේ දකුණට කපල තමා වංගුව ගන්නේ. ඒවෙලාවට හිතෙනව පාරේ අයින් කරන්නේ හදන්නේ කියල. ඒ වාහනේ අයින් කරන්න හදනව කියල ඉස්සර කරන්න හදන්න එපා ඉස්සර කරල මැදදි ඇඟට ආවම වෙන දේ කියන්න ඕනේ නෑනේ.
හොඳට බැලුවොත් තෙරුම් ගන්න පුලුවන් මොකක්ද කරන්න හදන්නේ කියල.
මේක කියලා දුන්නේ අපේ තාත්තා. එයා අඳුරන කෙනෙක් ඔය වැඩේ කරල ඇක්සිඩන්ට් වෙලා තිබ්බ."
mahesh1297
" මේක මගේ අත්දැකීමක්.. රේල් පාර, තාර පාර හරහා තියෙන තැන් වලදී ගොඩක් පරෙස්සම් වෙන්න ඕන.. කෝච්චිය නිසාම නෙවෙයි..මම ගැටඹේ Railway Crossing එකේදී ඉස්සරහා රෝදේ යකඩ පීලි උඩ ලිස්සලා වැටුනා..හෙමින් ගියෙත්..හැබැයි වැස්සේ..අනික ඉස්සරහ ටයර් එකත් අලුත්ම එකක්..120/70/17 කියන්නේ පළල වැඩි ටයර් එකක් වෙලත් මාර ලිස්සිල්ලක් ඒක..පස්සෙන් ආවේ BMW car එකක්..ඒකෙ බ්‍රේක් හොඳ නිසා එදා බේරුනා.."
Survivor.
" කන්දක වගේ නම් වෙන වාහන ලං කරලා නවත්තන්න එපා. මොකද ඉස්සරහ වාහනේ එලවන එක්කෙනාට ක්ලච් බැලන්ස් නැත්තං ඒ වාහනේ පස්සට එනවා. අන්තිම දශමෙටම නවත්තං හිටියොත් වදිනවා ෂුවර්. ගොඩක් බයික් කට්ටිය දශමෙට නවත්තං ඉන්නවා ඉක්මනට ඉස්සර කරන්න."
=========================================================
හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........
මගේ වෙනත් ලිපි:
ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
Honda VTR250
Honda Hornet CB250F
Honda Jade CB250F
Latest Scooters From Honda 2013
Honda CB400 Super Four
All-in-one Honda CB400 SF models
Chain Lubricants [GUIDE]
What is Honda Dio HET (Indian)
Motorcycle Lease [Guide]
Types of Motorcycle Chain [Guide]
Brake Fluid (DOT 3,DOT 4,DOT 5,DOT 5.1) [Guide]
Nitrogen for Tyres [Guide]

Last edited:
keep it up