RIP ~ Sasliit ~

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හිතා ගන්න බෑ සසා අයියේ මෙච්චර ඉක්මනට හැමදෙයක්ම දාලා ගියේ කොහොමද. එලකිරි රේඩියෝ වෙනුවෙන් කොච්චර මහන්සි උනාද.උබට නිවන් සුව අයියේ කිසිම දවසක මෙවන් අකල් මරණයකට ගොදුරැ නොවේවා.
    ...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඇත්තමද මචං ??? අනේ හිතාගන්නවත් බැ,මට සාස්ලිට් අයියා ඉස්සර මෙහෙම කරපන් මල්ලි මෙ විදියටත් කලොත් හොඳයි කිය කිය මෙසෙජ් එවනවා,ගොඩක් උදව් කලා,මොකක්ද හෙතුව නැතිවෙන්න..........???? නිවන් සුව අයියේ !!!!!! :(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචං සසා.
    පිස්සු වගේ බං මට මේක අහලා.
    මේ දැන් ටිකකට කලින් ගමයා කෝල් කරලා කිව්වේ මේක මට.
    කියන්න වචන නෑ අයියේ.
    උඹ මාරම චරිතයක්.
    හොද උන්ව දෙව්යන් වහන්සේ කලින්ම ගන්නවා කියන එක දැන් ඇත්ත කියලා තේරෙනවා.
    අයියේ දැන් අක්කයි පොඩි එකයි????

    අනේ මන්දා බං...
    සසා (සුමුදු) අයියගේ ආත්මය සමාදානයේ සැතපේවා!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහු.....................

    ඔහු නොකියාම නික්ම ගියේය.......

    එලකිරියේ රේඩියෝව නැවත පණ ගසා නැගිටින කාලයේ ඔහු අපි එ සත් කාර්‍යට උර දුන්නේ අපෙන් පසු පැමිනෙන පරම්පරාව යහපත් මිනිසුන්, සුන්දර මිනිසුන් කල යුතුය අය අපේ පොදු මතය නිසාය......

    රසාස්වාදනය පිලිබඳව ඔහුට තිබූ ඇම්ම හොඳින්ම පෙනුනේ එලකිරියේ චැට් බාර් එක තිබූ ඒ කාලයේය..ඔහුත් මාත් ගීත වල නිරුක්ති, විඳීම්, සරු තැන් ගැන වරු ගනන් චැට් ගසා ඇත.


    ඔහු එලකිරියට දුන් බොහෝ දේ අතර සුන්දර ගීයක ඇරඹුම 1 සහ 2 වෙත ඔහු කල ගීත විඳීම් ගැන ලිපි පවතින්නේ අග්‍ර ම ස්ථානයේය....


    එලකිරි රේඩියෝවට ඔහු ගෙන ආ මියුරු ගී සර ත්, ඔහු ඔහුගේ බිරිඳ සමඟ ගෙන ආ ඉරබටු තරුවත් සදානුස්මරණීය වේ.....

    සකිය නුඹට නිවන් සුව නොපතමි....

    නුඹ නැවත ඉපදිය යුතුය...දීර්ඝායුෂ සහිතව නැවත් ඉපදිය යුතුය....

    ඒ අප පටන් ගත් දෙය තවම ආවසන් නොමැති නිසාය.....
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    සොයුර ඔබට නිවන් සුව ලැබේවා ....
    ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතාගන්නවත් බැරි දෙයක්. හිත හොඳ මානුෂීය ගුණවලින් පිරුණු සහදෘයෙක්. සසර වසන තුරු‍ මෙවන් විපතක් නොවේවා