පරීක්ෂනයට ඉඩදී බොන්ඩ් මහේන්ද්‍රන් ඉවත්වෙයි..! ඒ බව කලින් දැනගෙන ලකුණු දමාගැනීමට ‘හොරු වෙනුවෙන් හොරු‘ පැවැත්වූ උද්ඝෝෂණයේදී ‘රත්තරන්ට‘ දෙවියන් දඬුවම් දෙයි (Video)
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.24, ප.ව.3.30) කෝප් කමිටුව විසින් මහ බැංකු අධිපතිවරයා පිලිබඳ කෙරෙන පරීක්ෂණය අවසන් වන තුරු සේවයෙන් ඉවත් වීමටත් සේවා දිගුවක් ඉල්ලා නොසිටීමටත් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හෙවත් බොන්ඩ් මහේන්ද්‍රන් විසින් තීරණය කර ඇතැයිද තමාගේ තීරණය ජනාධිපති අගමැති වෙත දන්වා ඇතැයිද ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ඒ අනුව රජය විසින් වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක් පත් කෙරෙනු ඇත. (ලංකා ඊ නිව්ස් ‘බොන්ඩ් මහේන්ද්‍රන් ඉවතට : වැඩ බලන මහ බැංකු අධිපතිවරයෙක්.?‘ යනුවෙන් මේ බව වාර්තා කෙළේ පසුගිය 19 දා ය)
මෙම ආරංචිය කලින් දැනගත් මරාවාදී හොරු වෙනුවෙන් හොරු කල්ලිය ලකුණු දමා ගැනීම සඳහා මහ බැංකු අධිපතිට ඉල්ලා අස්වන්නැයි කියමින් අද දහවල් කොළඹදී ව්‍යාජ විරෝධතාවයක් පැවැත්වූ අතර එහිදී පොලිස් බැරියර් බිඳීමට ගිය රෝහිත අබේගුණවර්ධන හෙවත් ‘රත්තරන්‘ නමැති නීල කාස හොරාගේ බෙල්ලට තමන් විසින්ම පෙරලීමට ගිය පොලිස් බැරියරයක්
වැටීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කරන ලදී.
වනචර දශකයක් පුරා එකදු චෝදනාවක් ලත් අයෙක් ඉල්ලා අස් නොවූ මරාවාදීන් යහපාලන ආණ්ඩුවේ චූදිතයන්ට ඉල්ලා අස්වෙන්නැයි කියමින් පෙළපාලි යෑම පට්ට පල් විහිළුවක්
වන අතර එවැනි විහිළු සපයන විරෝධතාවයකදී රෝහිත අබේගුණවර්ධන වැනි නීල කාස හොරෙකුගේ බෙල්ලටම බැරියරයක් ඇද වැටීම දෙවියන් විසින් දුන් දඬුවමක් බව ජනතාව කියති.