Roller coaster.. O.o

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
අහ්! කස්ටිය කොහොමද?

CoasterPhoto.ashx

Tatsu

Roller coaster එකක රවුමක් යමුද?
ඊට කලින් අපි මේවගේ ඉතිහාසය ටිකක් හොයලා බලමු..

1885 ජනවාරි 20 වෙනිදා තමයි LaMarcus Adna Thompson කියන පොර Roller coaster එකකට patent බලපත්‍රය අරන් තියෙන්නේ.. ඒත් ඒවට ඊට වඩා දිග ඉතිහාසයක් තියෙනවලු ඕං..
ගොඩක් අය විශ්වාස කරන්නේ මේවට මුල රුසියන් කාරයොලු..උන් winter එකට කරපු සෙල්ලමක් මේකට මුල් උනා කියලා තමයි කියන්නේ..

Historiansලා (මේක සිංහලෙන් ටයිප් කරන්න අකුරු දන්නේ නෑ ඕයි!) කියන්නේ රුසියාවේ Catherine the Great (රැජිණක්) විසින් Saint Petersburg වල ලොකේ මුල්ම අරක.. ඒ කිව්වේ Roller coaster එක හැදෙව්වා කියලා 1784 දී..

තවත් අරයලා කොටසක් විශ්වාස කරන්නේ මුල්ම කෝස්ටර් එක හැදුවේ 1812 දී ප්‍රංශ ජාතිකයන් විසින් පැරිස් වල කියලා (පැරිස් අක්කා දන්නවද දන්නේ නෑ :confused:)

ඒ ඔක්කොම අස්සේ 1827 දී ඇමරිකාවේ Summit Hill, Pennsylvania වල තියෙන(තිබ්බ) කැනීම් සමාගමක් හදලා තියෙනවා Mauch Chunk gravity railroad කියලා කෝච්චි පාරක් (පෙරේරා අයියේ.. මෙන්ඩෝ..:rolleyes:)
14km දිග මේක හදලා තියෙන්නේ ගල් අගුරු ප්‍රවාහනයට. ඒත් ඉතින් මේක 1850 විතර වෙනකොට thrill-seekersලට සත 50ට fun එකක් දීලා තියෙනවා..
ඒක තමයි මුල...

ඔන්න ඒකෙන් පස්සේ ..
අර කලින් කිව්ව පේටන්ට් ගත්ත පොර 1884 දී Brooklyn වල Coney Island එකේ Switchback Railway කියලා කෝස්ටර් එකක් හදලා තියෙනවා..
250px-Thompsons_Switchback_Railway_1884.jpg

මේ තියෙන්නේ ඒක..

ඔහොම ගිහින් 1927 හදපු මෙන්න මේක තමයි the best known historical roller coaster එක.. :)
800px-Coney_Island_2010_109.JPG


ඒවා ඔක්කොම හදලා තියෙන්නේ ලී වලින්..
එතකොට මුල්ම වානේ කෝස්ටර් එක හදන්නේ 1959 දී අපි කවුරුත් දන්න Disneyland එකේ..
වානේ ඕන අතකට නවන්න පුලුවන් හින්දා එයාලට පුලුවන් වෙලා තියෙනවා බොක්ක කූල් වෙන වැඩ කෑලි කෝස්‍ටර් එකට එකතු කරන්න..

ඔන්න ඔහොමයි ළමයිනේ Roller coaster එකේ ඉතිහාසය ලියැවිලා තියෙන්නේ..(කෑලි අඩු RAUXZ version එක :P)

ඉතින් එහෙනම්.. කස්ටිය ලොකේ තියෙන හොදම කෝස්ටර් එකක රවුමක් යමුද?
ඒක තමයි ටට්සු (Tatsu - අර උඩින්ම තියෙන්නේ ඒක තමයි..)



මේ තියෙන්නේ තව එකක්.. De javu. මේක නම් ගොඩක් අමාරු එකක්.. කරකැවිල්ල හැදෙනවා.. ගිහින්ම බලන්නකෝ..



කොහොමද ෆන් ද?

තව නෑ.. ඉවරයි..


rauxz @ elakiri.com
 
Last edited:

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ෆට්ට:D
    ඕකේ වටයක් ගිහින් ආපුවම හොඳ ගණන් ඇති.