~~~ Russian Airshow 2015 ~~~

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo


    ගොඩ කාලෙකින් එලකිරි එකේ අලුත් පොස්ට් එකක් දාන බැරි උනා.
    ඉතින් අද මට office එකේ වැඩ ටිකක් අඩු උන නිසා මේ ටික දාන්න හිතුවා

    හැමෝම කැමතිනේ plane වලට. මේ Russian Airshow 2015 ෆොටෝ ටිකක්.

    මෙන්න Official site eka







    මෙයා තමන්ගේම plane එකකින් exhibition එක බලන්න ඇවිත් :D



    ඔන්න Vintage planes set එකක්

    මෙන්න AN-2 එක. මේක තමයි ලංකාවත් පාවිච්චි කරන AN-32 එකේ ආරම්භය. මුලින්ම මේක හදලා තියෙන්නේ පැරෂුට් භටයන්ව ගෙනියන්න. පස්සේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් විදියට වෙනස් වෙලා තියෙනවා. අද වෙනකොට ලෝකයේ AN-124 සහ AN-225 කියන යානාවන් නිපදවලා තියෙනවා. AN-225 තමයි ලෝකයේ තියෙන ලොකුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වෙන්නේ .




    ඔන්න තව ෆොටෝ ටිකක්









    මේ තමයි MD 900 helicopter එක. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේකේ වෙන හෙලිකොප්ටර් වල වගේ ටෙල් රොටර් එකක් නැති එක. මේකේ ටේල් එකෙන් සම්පීඩනය කරපු වාතය විදීමෙන් වෙනත් හෙලිකොප්ටර් වල රොටර් එකෙන් කරන ක්‍රියාවම කරනවා. ඒ වගේම මේ සැකැස්ම නිසා පිටවෙන ශබ්දය සහ රෝටරය නිසා වෙන අනතුරු ගොඩක් දුරට අඩු වෙලා තියෙනවාලු.



    මේ MI-8 හෙලිකොප්ටරය. මේකයි ගුවන් හමුදාව පාවිච්චි කරන MI-17 එකයි අතර ලොකු වෙනසක් නම් නැහැ. MI-8 වැඩිපුර පාවිච්චි කරන්නේ මගීන් ප්‍රවාහනයට. ඒ උනාට MI-17 යුද කටයුතු වලට පාවිච්චි කරනවා.





    මේ YAK-52s ගුවන් යානය. මේකත් පරණ එකක් . හදලා තියෙන්න 1976-79 කාලයේ. නියමුවන් පුහුණු කරන්න යොදා ගන්න එකක්. එත් දැන් නම් රුසියාවට YAK-130 වගේ ජෙට් එන්ජින් සහිත නවීනතම නියමුවන් පුරුදු කරන යානා තියෙනවා







    මෙන්න Mikoyan-Gurevich MiG-3 ගුවන් යානාව. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාවිච්චි කරන MiG-27 ගුවන් යානාවේ ආරම්භය. මේක හදල තියෙන්නේ දෙවන ලෝක යුද්දෙට. මේක දෙවන ලෝක යුද්දෙදි ලොකු කාර්ය භාරයක් කරපු ගුවන් යානාවක්. ප්‍රහාරක ගුවන් යානාවක් විදියට තමයි මේක හදල තියෙන්නේ. නමුත් අද වෙනකොට ජෙට් එන්ජින් සහිත Mikoyan-Gurevich MiG-29 වගේ යානාවන් නිෂ්පාදනය වෙලා තියෙනවා. ඒවායේ ෆොටෝස් පහල තියෙනවා





    ඔන්න එහෙනම් Mikoyan-Gurevich MiG-29 එකකුත් බලාගන්න





    ඔන්න එකේ තව වැඩ කෑල්ලක්. මේවගේ වැඩක් කරන්න පුළුවන් ගුවන් යානා ලෝකයේ ගොඩක් නෑ



    ඔන්න බඩු . Sukhoi Su-34. ලෝකයේ හදපු advanced ම ප්‍රහාරක ගුවන් යානාවක්. මේක ගොඩබිම් ප්‍රහාර එල්ල කරන්න විශේෂයෙන්න හදපු එකක් . මේකේ design එක Su-27 (මේකත් ලෝකයේ හදපු හොදම ප්‍රහාරක ගුවන් යානාවක්) ගුවන් යානයේ architecture එක. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානාවක නියමුවන් ඉන්නේ එක්කෙනෙක්ගේ පිටිපස්සට වෙන්න. ඒ උණත් මේකේ දෙනනම එක row එකක වාඩි වෙලා ඉන්නවා.

    මෙයා ගැන විකිපිඩියා එක මෙහෙම කියනවා

    General characteristics

    Crew: 2
    Length: 23.34 m (72 ft 2 in)
    Wingspan: 14.7 m (48 ft 3 in)
    Height: 6.09 m (19 ft 5 in)
    Wing area: 62.04 m² (667.8 ft²)
    Empty weight: 22,500 kg (49,608 lb)
    Loaded weight: 39,000 kg (85,980 lb)
    Useful load: 12,000 kg [51] (26,455 lb)
    Max. takeoff weight: 45,100 kg (99,425 lb)
    Powerplant: 2 × 13,500 kgf (132 kN, 29,762 lbf) afterburning thrust Lyulka AL-31FM1[80] turbofans
    Internal fuel: 12,100 kg (15,400 l)

    Performance

    Maximum speed:
    High altitude: Mach 1.8+ (≈2,000 km/h, 1,200 mph)
    Low altitude: Mach 1.2 (1,400 km/h, 870 mph) at sea level
    Cruise speed: unknown
    Range: 1,100 km (680 mi) at low level altitude
    Combat radius: 1,000+ km (about 680 mi)
    Ferry range: 4,000 km (2,490 mi)
    Service ceiling: 15,000 m (49,200 ft)
    Thrust/weight: 0.68


    Russian_Air_Force_Sukhoi_Su-34.jpg


    Sukhoi_Su-34








    Sukhoi_Su-34


    ඔන්න මහේ ආසම SU-27 එක :D:D:D:D:D:D. මේ Falcons of Russia එරෝබැටික් ටීම් එක.
    සුපිරි වැඩ ටිකක් දානවා :love::love::love::love::love::love:



















    අන්තිමට මේකත් දාන ඕන . මේක තමයි PAK-FA එහෙමත් නැත්නම් SU-50 කියලත් කියන රුසියාවේ අලුත්ම ප්‍රහාරක ජෙට් ගුවන් යානය. මේක 5 වන පරම්පරාවේ ගුවන් යානයක්. මේක හදල තියෙන්නේ ඇමරිකානු F-22 සහ F-35 ගුවන් යන වලින් වන තර්ජනය නැති කරන්න. මේක ගැන කතා කරන්න වෙනම ලිපියක් ලියන්න උනත් පුළුවන්. මාරම සිරා features තියෙන ගුවන් යානයක්. ඉන්ටෙර්නෙට් එකේ මේ සම්බන්දව ගොඩක් දේවල් කියල තියෙනවා . අසාවක් තියෙන කෙනෙක් පොඩ්ඩක් search පාරක් දාල බලන්න. එක එයාගේ මුල්ම පරම්පරාව උන SU-27 එකේ හැඩයට වැඩ ටිකක් වෙනස් . ඔන්න එහෙනං ෆොටෝ ටිකකුත් බලලම ඉන්න

















    ඔන්න එහෙනම් එකත් ඉවරයි. ලොක්කට මාට්ටු නොවී මේක ගහන්න සෑහෙන මනසියක් ගත්තා
    :lol::lol::lol::lol::lol:

    ඉතින් ඔයාල මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්ත නම් රේප් නැතත් තව කෙනෙකුට බලන්න හරි bump එකක් දාගෙන යන්න

    P.Sකට්ටිය මම හිතුවට වැඩ මේකට ඉන්ටෙර්ස්ට් හින්ද මම මේ clip දෙක ඇද්ද කරා . මේක මන් වෙන air show එකක video එකක්





    ඔයාලගේ අදහස් තියෙනවා නම්, දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහන්න

    හැමෝටම සුබ දවසක්




     
    Last edited:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    SU-27, SU-30, SU-34, SU-35, SU-50 ඇමරිකාවට හිතගාන්න අමාරුම Designs. SU-27 පරණ මොඩෙල් එකක් වුනත් දැනටත් වඩා හොදයි.

    SU-47 දැකල තියෙනවද


    h4.jpg