..*..SADHARANA WADAYA..*..

maleemsg

Member
freednbeing said:
මාත් ගනේගොඩ එක්ක ඕක අම්බානක කතා කරල තියෙනව. අපි හිතමු යම් පොදු රාමුවකට අනුව වරදක් කරන මනුස්සයෙක් ඉන්නව කියල. එයා ඒ මොහොතෙදි සාධාරණ වුණාට පස්සෙ දවසක හෝ එයාට හිතෙන්න පුළුවන් එයා වැරදි කියල. ඒ නිසා මොන දේවත් ගණංගන්න තරම් දේවල් නෙවෙයි. සිද්ධ වුණ දේ දිහා බලල හිතල වඩා නිවැරදි වෙන්න පුළුවන් හැකියාවක් මිනිස්සුන්ට තියෙනවනේ... ඒ නිසා කාලයට මිස වෙන දේකට මිනිස්සු නිවැරදි වීම කියන එක වලකවන්න බෑ. ලෝකය මොනව වුණත් කැරකෙන්නෙ ඉදිරියට කියලයි ගනේගොඩ අයියනම් කියන්නේ...

ඒකම නේද බොබ් කියන්නේ Redemption Song එකේදි....
Have no fear for atomic energy,
cos none of them can stop the time...
කියලා...?

ප.ලි.

මිනිස්සු නිවැරදි වීම කියන එක තමයි අවශ්යතාවය කියන දේ පදනම් කරගෙන මේක මම කිව්වට සාධාරණවාදය අනුව ආයෙත් හිතන්න පුළුවන් මිනිස්සු නිවැරදි වෙන්නම ඕනද කියලා නේද?

:yes: :yes: කාලය සමග මිනිසාගේ සිතුවිලි හා දර්ශන පථය වෙනස් වෙනවා....හරිය*ට මේ මං වගේ
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
සාකච්ඡෘව ගිහින් වගේ හොදට:eek:
අදවත් සෙට් වෙන්න බලන්නම් කොහොම හරි මේ ගැන කතා බහ කරන්න:)
 

maleemsg

Member
freednbeing said:

:lol::lol::lol:

ඔයා දැනට නම්


"මම පොඩ්ඩක් වෙනස්..."

නේද?

නෑ ෆ්*රීඩ්...කාලයක් මමත් හිතුවා අපි අනුන් වෙනුවෙන් අනුන් ගැන හිතන්න ඔනි ..අපි කරන දෙවල් අනුන් පදනම් කරගෙන අපේ රටාවකට.... අපේ ආගමේ හැටියට අරකේ හැටියට මේකේ හැටියට වෙන්න ඔනි...අනුන් ඇදුම් අදින කොට අපි ගැන හිතලා අදින්න ඔනි... මම අදිනකොට බලන එකා ගෙන හිතන්න ඔනි ඔය වගෙ ගොඩක් දෙවල්....ඒත් දැන් මම අනුන්ගෙ දෙවල් මගෙ ඔලුවට දා ගන්න එකයි මගෙ දෙවල් අනුන්ගෙ ඔලුවට යන්නෙ කොහොමද කියන එකයි හිතන එක නවත්තන්න try කරනවා... මම මගේ රටාව හදා ගන්න උත්සහ කරනවා එකයි මම කිව්වෙ...!
මම ඒ විදියට හිතන්න පුරුදු උනෙ 100%ක් මගෙ හිතින් හිතලා නෙවෙයි මේ EK එක අතුලේ අපේ අයියලා කතා කරපු වාද කරපු දෙවලුත් පදනම් උනා....

අපේ ජීව්තේට හොද දෙයක් වෙනවා නම් ඇයි අපි බල බල ඉන්නෙ නැද්ද මං අහන්නෙ?:P
 
maleemsg said:
නෑ ෆ්*රීඩ්...කාලයක් මමත් හිතුවා... :P
නියමයි.... නිවැරදියි. අපි හිතන්න හුරු වෙලා ඉන්නෙම රාමුවක් තුලයි. ඒක තනිකරම අපේ වරදක්වත් වෙන කාගෙවත් වරදක්වත් නෙවෙයි. ඒකයි සිස්ටම් එක හෙවත් ක්රමය කියන්නේ.
අර බෝ කිව්ව වගේ නිවැරදිව හිතන්න පටන්ගන්න නම් අපිට අපේ හිත කියන කඩදාසියේ තියෙන බලි රූප සේරම මකල හිස් කොලයක් බවට හිත පත්කරගන්න වෙනව. ඒක ඇත්තටම කරන්න බැරි තරම්. මොකද අපි එහෙම හිතන්නෙත් අපිට උගන්වපු භාෂාවකින්නේ. ඒ නිසා අපිවත් නොදන්න රාමු ගොඩක් තවමත් අපිව වෙලල තියෙනවා. කොහොමටවත් අපිට පූර්ණ ගැලවීම ගැන නම් උපකල්පන විතරයි ගොඩක් විට කරන්න පුළුවන් වෙන්නේ. ඒත් අපි දන්නවනම් අපි ඒ නිවැරදි මාවතේ ඉන්නව කියල, ආයෙ දෙපාරක් හිතන්න ඕන නෑ.
හැබැයි හැමදේම දරාගෙන මේ ක්රමය තුල ඉද්දි අපට යම් තරමකට හෝ අනුන් ගැනත් හිතන්න වෙනව. අර ජයන්ත අයියගෙ කමෙන්ට් එකක් තිබුණෙ ගඟේ යන එක ගැන කියල... එයා ඒකයි ඒ කියන්න උත්සාහ කලේ...
 
Last edited:

maleemsg

Member
freednbeing said:
නියමයි.... නිවැරදියි. අපි හිතන්න හුරු වෙලා ඉන්නෙම රාමුවක් තුලයි. ඒක තනිකරම අපේ වරදක්වත් වෙන කාගෙවත් වරදක්වත් නෙවෙයි. ඒකයි සිස්ටම් එක හෙවත් ක්රමය කියන්නේ.
අර බෝ කිව්ව වගේ නිවැරදිව හිතන්න පටන්ගන්න නම් අපි අපේ හිත කියන කඩදාසියේ තියෙන බලි රූප සේරම මකල හිස් කොලයක් බවට හිත පත්කරගන්න වෙනව. ඒක ඇත්තටම කරන්න බැරි තරම්. මොකද අපි එහෙම හිතන්නෙත් අපිට උගන්වපු භාෂාවකින්නේ. ඒ නිසා අපිවත් නොදන්න රාමු ගොඩක් තවමත් අපිව වෙලල තියෙනවා. කොහොමටවත් අපිට පූර්ණ ගැලවීම ගැන නම් උපකල්පන විතරයි ගොඩක් විට කරන්න පුළුවන් වෙන්නේ. ඒත් අපි දන්නවනම් අපි ඒ නිවැරදි මාවතේ ඉන්නව කියල, ආයෙ දෙපාරක් හිතන්න ඕන නෑ.
හැබැයි හැමදේම දරාගෙන මේ ක්රමය තුල ඉද්දි අපට යම් තරමකට හෝ අනුන් ගැනත් හිතන්න වෙනව. අර ජයන්ත අයියගෙ කමෙන්ට් එකක් තිබුණෙ ගඟේ යන එක ගැන කියල... එයා ඒකයි ඒ කියන්න උත්සාහ කලේ...

ඔව් ඔව්....අනුන්ව සම්පුර්නයෙන් අයින් කරලා ගල් වගේ වෙන්න බෑ...ඒක නෙවෙයි මම අදහස් කලේ...අනුන් පළවෙනි තැනට එන්නේ නැ කියන එකයි....!:)

**ඒගැන මගේ අදහස සේවිම thread එකේ තියනවා...:)
 
maleemsg said:
ඔව් ඔව්....අනුන්ව සම්පුර්නයෙන් අයින් කරලා ගල් වගේ වෙන්න බෑ...ඒක නෙවෙයි මම අදහස් කලේ...අනුන් පළවෙනි තැනට එන්නේ නැ කියන එකයි....!:)

**ඒගැන මගේ අදහස සේවිම thread එකේ තියනවා...:)
ඔව් වොව් මම දන්නවා. ඒකනේ මුලින්ම කිව්වෙ නියමයි කියලා... මම මගේ අදහස් දැක්වීමයි කලේ..


කෝ මේ කස්ටිය අද? බෝ කියල තිබුණ රෑට සෙට් වෙන කතාවක්... එයාට අදත් රෑ වෙන්නෙ හෙට වගේ...
 

maleemsg

Member
freednbeing said:
ඔව් වොව් මම දන්නවා. ඒකනේ මුලින්ම කිව්වෙ නියමයි කියලා... මම මගේ අදහස් දැක්වීමයි කලේ..


කෝ මේ කස්ටිය අද? බෝ කියල තිබුණ රෑට සෙට් වෙන කතාවක්... එයාට අදත් රෑ වෙන්නෙ හෙට වගේ...

:P :P බෝ බොනවා ඇති....:rolleyes: :P
 

maleemsg

Member
freednbeing said:
අද කවියො සෙට් එකම නෑ වගේ. චර්මපත්රයා අපට නගින්න බෝංචි වැලක් හිටවලා කොහේ ගිහින්ද මන්දා...

එයා......කොහෙ*ට හරි මොකක් හරි දිහා බලාගෙන කවියක් ගැට ගහනවා ඇති....:rolleyes: :P

apooi mama kalin log out wenawa,..dennam awoth mama sune sun
 
maleemsg said:
එයා......කොහෙ*ට හරි මොකක් හරි දිහා බලාගෙන කවියක් ගැට ගහනවා ඇති....:rolleyes: :P

apooi mama kalin log out wenawa,..dennam awoth mama sune sun
එහෙම වෙන්නෑ... මොකද අපි ඉන්නේ සාධාරණවාදය ඇතුලේ :lol::lol::lol:
 
maleemsg said:
ඒක සැබැයි සැබැයි සැබැයි....:lol: :lol: :lol:

එයාලා එනකම් අපි වැලක් අදින එක සාධාරන*යි...!:P


සාධාරණයි නේන්නම්!

ඇත්තටම මෙහෙම හරි සාධාරණවාදය ගැන කතා කරන්න ලැබුණ අවස්ථාව නියමයි. කෝකත් සාධාරණයිනේ. සාධාරණවාදය මට හිතෙන්නෙ මුල්ම මිනිස් සමාජ වල තියෙන්න ඇති කියලයි. ඒ කාලෙ මේ තරම් මිනිස්සු හිටියෙත් නැති එකේ සහ මිනිස්සුන්ගෙ අවශ්යතා සීමිත වෙලත් තිබුණ එකේ මිනිස්සු නොහිතා සාධාරණව ඉන්න ඇති. නමුත් මිනිස් සමාජය සංකීර්ණ වෙලා මිනිස්සු අතර පන්තිමය වෙනස්කම්, පරතරයන්, සමාජ තත්ත්වයන් ඇති වුණාම තමයි සාධාරණවාදය නැතිවෙන්නේ. මොකද ඊට පස්සෙ ක්රමයෙන් නීති පද්ධති බිහි වෙලා මිනිස්සුන්ගෙ සාධාරණ අයිතීන්ට සීමා පනවනව. අතීතයෙදි මිනියක් මරණ එක පවා අතිශය සාධාරණ වුණ කාලයක් තියෙන්නත් ඇති. දැන් අපි ඒක දිහා මානුෂිකව බලන්න පෙළඹිලා. මිනිය මරණ කෙනාට ඒ වෙනුවෙන් තියෙන අයිතියට වඩා මැරෙන කෙනාගෙ ජීවත්වීමේ අයිතිය පිළිගන්න එකයි අපි කරන්නේ..

මට unforgivable ෆිල්ම් එක මතක් වෙනවා...
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
:P :P බෝ බොනවා ඇති....:rolleyes: :P
විසකටූ විසකටූ:growl:
මඩ ගහනව නිමක් නැහැ බෝ පැලේට
සාධාරණ වාදය නිසා බේරුණා කියලා හිතාගනු:lol: :rofl:
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
ෆ්රී කියවලා තියනවද දන්නෙ නැහැ ජැක් ලන්ඩන්(Jack London)ගෙ ක්රුති
මම කියවල තියනව එකක් මුහුදු වෘකයා කියල(sea wolf) අන්න ඒකෙ මේ සාධාරණ වාදය ගැන තරමක් හෙදට කියල තියනව කියල මට හිතෙනව
ඒකෙ නැවක කප්පිත්තෙක් ඉන්නව එයාගේ අදහස තමයි මිනිසා කරන ලොකුම පව තමයි තමන්ගේ ජීවිතය නොතකා පරාර්තකාමී විම කියල
ඒ නිසා ඒ පුද්ගලය මිනියක් මරන්න උනත් පෙළඹෙන්නෙ කිසිම පැකිලීමක් නැතිව
මොකද ඒ දෙය තමන් තමන්ලේ සුබ සිද්දිය උදෙසා තමන්ගේ ආරක්ෂෘව උදෙසා කල යුත්තක් කියන තමන්ට සාධාරණ වූ පසුබිමේ ඉදල