අවුල්ද?
කොහෙත්ම නැත..
මට ( මා මෙන්ම කුහක ආත්මාර්තකාමී දොස්තරයින් සියලු දෙනාට ) වැඩේ දුන්නා යැයි සිතා සිගිති ආතල් එකක පසුවන ඔබට ලියන වග නම්...
මට, මාගේ දෙමාපියන් සිව් දෙනාට , බිරිඳට සහ දරුවන්ට නැති වූ දෙයක් නැත...
මට / අපට උපාධියක් සහ හොද වැටුපක් සහිත රැකියාවක් ඇත..
ඔබට සහ ඔබේ දරුවන්ට ?
අදාල නැත
මා සහ මාගේ කෙනෙක් රෝගී වු විට ප්‍රතිකාර කල යුත්තේ කවුද කොතනින්ද යැයි තෝරා ගැනීමට දැනුමක් මට /අපට ඇත..
ඔබට?
අදාල නැත
නිදහස් අධ්‍යාපනය තිබියදී පවා දෙදෙනාම රජයේ සේවකයෝ වූ මගේ දෙමව්පියන් අවුරුදු පහටම එකදු සාරියක් කමීසයක් නොගෙන අමාරුවෙන් වියදම් කළ අතර..
පොල් කඩන සිරිපාල , දළු කඩන ලෙච්චමී ( රැකියාවෙන් පහත් නොකල අතර ආර්ථික තත්වය පෙන් වීමට යොදාගත් බව සලකන්න) ලක්ෂ 95 වැයකර දරුවන් ඩොකාලා කරනු ඇත..
අදාල නැත
මාගේ/ අපගේ දරුවාද ඉගෙන නොගෙන පිස්සු කෙලියොත් සයිටම් දමා ඩොකෙක් කිරීමට මුදල් ඒ කාලේ වන විට මට / අපට සොයාගත හැකි වනු ඇත..
ඔබට?
අදාල නැත
ඔබේ දරුවා අමාරුවෙන් රජයේ කැම්පස් යන විට ඒ කාලේ අපට ඉගැන් වූ විශිෂ්ඨ ගුරුවරු වැඩි මුදලට සයිටම් හී මගේ දරුවාට උගන්වනු ඇත
මට / අපටද නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කල හැක..
ඔබට?
අදාල නැත
නොබෝ දිනකින් ආරම්භවන සයිටම් පෞද්ගලික පශ්චාත් උපාධි ආයතනයෙන් මා / අප විශේෂඥ වෛද්‍ය වරු වීමටද බැරි නැත..
ඔබ?
අදාල නැත
අප කෑගහන්නේ පෞද්ගලික වෛද්‍ය
සේවයට තරගකරුවන් සයිටම් හරහා එන බයට කියා සිතන අයට කියන්නේ
60% කට වඩා වෛද්‍යවරු ( මාද ඇතුලුව) පෞද්ගලික සේවයේ නොයෙදෙන නිසා අදාලම නැත....
අවසන් වශයෙන් සයිටම් දියසේන කුමාරවරැ පැමින හංදියේ ඩිස්පැන්සරියේ ඩොකාට කෙලිනකන් සහ වෛද්‍ය බමුණු කුළය කඩනකන් ඇස් කන් අයා බලා සිටින ඔබට කියන්න ඇත්තේ
සාමාවන්න
සයිටම් එකෙන් එලියට එන වෛද්‍ය වරු නිසා කුලකය තවත් වැඩිවනු ඇත
GMOA බලය වැඩිවනු ඇත බමුණු කුළය තහවුරු වනු ඇත
දෙගොල්ලොම එකතු වී ඔබේ හීනය හීනයක්ම කරනු ඇත..
අපේ සල්ලිවලින් ඉගෙන ගෙන මුන්ගේ තියන කුහක ආත්මාර්ත කමට කියන කතා යැයි හිතෙන ජනතාවට කීමට ඇත්තේ..
පරාර්තකාමී දේශපාලුවන්ට තවත් කඩේ පලයල්ලා උන් ලෙඩ උනාම පිටරට ගිහින් බෙහෙත් ගන්න උබල බදු ගෙවපල්ලා
දේශපාලුවන්ගේ දරුවන් උබලගේ සල්ලිවලින් ආතල් අරන් ඒ සල්ලිවලින් දොස්තර වරු වි නීතියේ දෙවගනට පයින් ගසා ඉතුරු සල්ලි ටිකටත් කෙලින්න ( සමාවන්න පරාර්තකාමී සේවය කොරන්න) නොබෝ දිනකින් ඔබ වෙත එනු ඇත...
නුබලාට කොරන්න ගිහින් කුහක ආත්මාර්තකාමී ලේබලේ වද්ද ගන්නවාට වඩා පරාර්තකාමි දේශපාලුවන් සහ දරුවන් සමග ඔබ ආතල් එකේ ඉන්න හැටි බලා
අපද අතල් එකේ සිටින්නෙමු.
ඉස්තුදී...
අදාල නැත
ඉස්සුවේ fb එකේ ඩොකෙක් ගෙන්




