Samsung Galaxy S III - අයිෆෝනය හා සටනට එන කොරියන් සූරයා

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Samsung Galaxy S III - අයිෆෝනය හා සටනට එන කොරියන් සූරයා


    අද සිට (21 June) ඇමරිකාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ වෙළඳපොලට නිකුත්වෙන සැම්සුන්ග් ගැලක්සි S III ජංගම දුරකථනය මෙතෙක් නිකුත්වූ ඇන්ඩ්‍රොයිඩ ජංගම දුරකථනවලින් ඇපල් අයිෆෝනයට හොඳම අභියෝගය දිය හැකි නිර්මාණය බව ජංගම දුරකථන වෙළඳපොල විශ්ලේශකයින් පවසනවා. අද දෙරණ අන්තර්ජාල සංස්කරණයට අනුව මෙහි මිල රු.115,000 ලෙස නියමකොට තිබෙනවා. ඇමරිකාවේ මිල ඩොලර් 199සිට ඉහලට නියමකොට තිබෙන බව අමෙරිකානු වෙබ් අඩවි වාර්තා කරනවා.


    නවතම ගුණාංග (features) රාශියකින් සපිරි ගැලක්සි SIII අයිෆෝනයට වඩා ඝනකමින් අඩුවන අතර, අයිෆෝනයට වඩා විශාල අඟල් 4.8ක සුපර් ඇමෝලෙඩ් වර්ගයේ HD LED තිරයකින්ද යුතු වනවා. එපමණක් නොව, මෙහි තිරය අයිෆෝනයේ 960x640 විබේධනයට වඩා ඉහල, පික්සල් 1280x720ක විබේධනයකින් යුක්තයි.



    ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන ඇන්ඩ්‍රෝයිඩ් 4.0 "අයිස්ක්‍රීම් සැන්ඩ්විච්" අඩංගුකොට නිපදවා ඇති ගැලක්සි SIII සැබැවින්ම ඉහලපෙලේ නිර්මාණයක්.



    ගැලක්සි S III හි නවතම ගැජමැටික්ස්....

    Smart Stay තාක්ශණය
    -මෙම තාක්ශණයට අනුව SIII හි ඉදිරිපස කැමරාව සැමවිටම භාවිතාකරන්නාගේ මුහුණ හඳුනාගෙන දෑස් දෙස අවධානය යොමුකරගෙන සිටිනවා (eye tracking). භාවිතාකරන්නාගේ දෑස් දුරකථනයෙන් වෙනතකට යොමුවූ වහාම එය තිරයේ තීව්‍රතාවය අඩුකරගෙන (screen brightness) බැටරි ආරෝපණය සංරක්ශණය කරගන්නවා. නැවතත් භාවිතාකරන්නාගේ දෑස් දුරකථනයට යොමුවූවිට එය ක්ශණිකව බැටරි සංරක්ශක අවස්ථාවෙන් මිදී යලි පණගැන්වෙනවා. - අපේ ලැප්ටොප් වලටත් මේ තාක්ශණය එනවානම් කොතරම් පහසුවක්ද?


    Buddy Shot
    - ඔබ යමෙකුගේ ඡායාරූපයක් මුල්වතාවට ගෙන එම තැනැත්තාගේ නම ඇතුලත්කොට ඡායාරූපය ගබඩාකරගත්විට, එම තැනැත්තාගේ ඊමේල් ලිපිනය හෝ දුරකථනයේ MMS පහසුකම ඇත්නම් ක්ශණයකින් ඡායාරූපය එම තැනැත්තාට යැවිය හැකි අතර, ඉන් පසුව එම තැනැත්තාගේ ඡායාරූපයක් ගන්නා සැමවිටම "tap on the screen" මගින් එම ඡායාරූප අදාල පුද්ගලයාට යැවිය හැකිය. මෙහිදී සිදුවන්නේ SIII ෆෝනය එම තැනැත්තාගේ මුහුණුවර හඳුනාගෙන එය එම තැනැත්තාගේ contact details සමග ගබඩා කරගැනීමයි.


    Direct Call
    - ඔබ යමෙකුට කෙටි පණිවුඩයක් යවමින් සිටීනම් හෝ යමෙකුගෙන් කෙටි පණිවුඩයක් ලැබුණු විට ඔබ ෆෝනය කන ලඟට ගෙන ගියහොත් ෆෝනය ස්වයංක්‍රීයවම එම පුද්ගලයාගේ දුරකථන අංකයට ඇමතුමක් ගනියි. බොත්තම් එබීමක් අවශ්‍ය නැත.


    Instant Mute
    - ඔබට mute ෆෝනය කල යුතුනම් හෝ ඔබ සවන්දෙමින් සිටින ගීතය/වීඩියෝව pause යුතුනම් අත්ලෙන් ෆෝනයේ තිරය වැසීමෙන් ක්ශණිකව එය mute / pause වේ. ෆෝනය මේසය මත තිරය යටට තිබෙන සේ තැබීමෙන්ද මෙයම සිදුවේ.

    Near Field Communication
    - NFC තාක්ශණය ඇති වෙනත් ජංගම දුරකථන සමග ඡායාරූප හා දත්ත හුවමාරුව සඳහා එවැනි දුරකථනයක SIII සෙමින් වැද්දීමෙන් දත්ත හුවමාරුව සිදුවේ.


    Camera Features

    • 8 Megapixel Camera
    • එකපිට එක ඡායාරූප 20 නොනවත්වා ගත හැකි burst mode පහසුකම
    • Best photo feature - burst mode මගින් ගන්නා ඡායාරූප අතරින් හොඳම එක තෝරාදීමටද මෙම ෆෝනයට හැකිය
    • HD වීඩියෝ පටිගතකරන අතරම ස්වයංක්‍රීයව ඡායාරූපද ගැනීම

    දුර්වලතා හා විවේචන

    S III ෆෝනයේ ප්‍රධානම දුර්වලතාවය ලෙස විචාරකයින් දක්වන්නේ එහි S Voice නම් කටහඬ හඳුනාගැනීමේ වැඩසටහනයි. ඇපල් අයිෆෝනයේ "සිරි" වැඩසටහනට තරඟයක් දෙන්නට මෙම නව තාක්ශණය හඳුන්වාදුන්නද එය සිරි වැඩසටහනට වඩා බොහෝ පිටුපසින් තිබෙන, දුර්වල වැඩසටහනක් බව විචාරකයින් පවසනවා.


    අනෙක් විවේචනය නම් මෙම ෆෝනයේ ඇති අතිවිශාල features and settings ප්‍රමාණයයි. මෙම features භාවිතාවට setup කිරීම හා ඉගෙන ගැනීම අපහසු කටයුත්තක් ලෙස ඔවුන් පවසනවා. සැම්සුන්ග් ඉන්ජිනෙරුවන් උවමනාවට වඩා පහසුකම් ගොඩක් ඇතුලුකොට ෆෝනයේ ක්‍රියාකාරිත්වය අනවශ්‍ය ලෙස සංකීර්ණකොට ඇති බවට චෝදනා නැගෙනවා




    ගැලක්සි S III තාක්ශණික දත්ත

    Network
    - 2G, 3G HSDPA/HSUPA, 4G LTE (4G LTE තාක්ශණය ඇති ජංගම දුරකථන සමාගම් වලින් පමණි)

    Screen
    - 4.8" Super AMOLED HD, 1280x720
    Screen Protection
    - Scratch proof Corning Gorilla glass

    Memory
    - Upto 64GB internal, Expansion up to 64GB with MicroSD card
    Communication
    - NFC, WiFi, Bluetooth

    OS
    - Android 4.0 Ice Cream Sandwich

    CPU
    - Quad-core 1.4 GHz Cortex-A9
    System on Chip
    (SOC) - Samsung Exynos QuadCore
    Graphics Chip
    - Mali 400MP

    Primary Camera
    - 8MP, Autofocus with LED flash, Burst mode, HD Video
    Front Camera
    - 1.9MP




     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    Samsung-Galaxy-S3-phone-exploded in a car


    • The user, from Ireland, said the phone 'exploded' while charging in his car
    • 'It could have burned the side of my face or through my pocket and my leg, or set fire to my bed'
    • Samsung have launched an investigation into the unverified images

    article-2162638-13B7956E000005DC-318_634x575.jpg





    article-2162638-13BB1E9D000005DC-538_634x508.jpg




    article-2162638-13BB1E19000005DC-514_634x376.jpg

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113