ඇමරිකාවෙන්ලු බන් ඉඩම් දෙන්නේ. ඔක්ලහෝමා වලින්. පී. අර් එකකුත් දෙනවා. පාඩු නෑ බන් හංසයාට කතිරෙ ගහන් එක. පඩිත් 10,000කින් වැඩි කරනවා....මරැ තමයි. මහින්ද ඒ වගේද. මිනිහ පොඩි පොඩි වැඩනෙ කරන්නේ.
පාලම් හදලා, වරායවල් හදලා, පාරවල් ටික හදලා, ක්රීඩා පිටි හදලා, රණ විරැ ගම්මාන හදලා, ධීවර විශ්ව විද්යාල හදලා, කලා ගම්මානයක් හදලා, ගුවන් තොටුපලකුත් හදලා, යටි තල පහසුකම් සංවර්ධනය කරලා..........වැඩක්ද...? මිනිහ පඩිය වැඩිකරන්නෙත් රැ 2500. අපරාදෙනෙ. චා චා මදි මදි. 30 අවුරැද්ධක යුද්දේ ඉවර වෙලා මාස 8යි. කෝ තාම රට සිංගප්පූරැව, ඇමරිකාව වගේ උනේ නෑ නෙ. ඒක නිසා මේ සැරේ මම නම් ඡන්දෙ දෙන්නේ කලවැද්දාස් පිලට.ටෞන් එලකිරි බන්. මතකයිනෙ රනිල් මහත්තයා රට අතට ගත්ත ටිකේ කරපු දේවල්. කොච්චර කලාද.
ඉස්සෙල්ලම කොටිය පවු කියල 1/3 ක්ම ලියලා දුන්නා. ප්රජාතන්ත්රවාදයනෙ. ඊලගට බුද්ධි අංශ නිලධාරින් වැඩී කියලා 48ක්ම කොටියටම කොන්ත්රාත් එක දීලා මරලා දැම්මා මහපාරේ.
සතොස විකිණුවා, තව තව රාජ්ය දේපල සෑහෙන්න විකුණුවා. ජාතික රෑපවාහිනියෙ ප්රවුත්ති වලට ප්රභාකරන්ට " ප්රභාකරන් මහතා " කියලා කියෙව්වා. රාජ්ය සේවය කප්පදු කරලා කොල්ලොන්ට බ්රේස්ලට්, චුයිංගම් දුන්නා හප හප ඉන්න. මේ සැරේ ආවොත් රින්ගින් ටෝන්සුත් දෙනවා. ෂා..එල එල.
අලුතෙන් කියලා කිසිම සංවර්ධන ව්යාප්රැති නෑ. යුද්ධයක් කලෙත් නෑ. කරපු කිසිම දෙයක් නෑ.