මෙයින් වැටහෙන වැදගත්ම කරැණ වන්නේ භාග්‍යවතුන් වහන්සේ ලෝකොත්පත්ති ප්රමුඛ කොට නොවදාලේ අන් කරැණක් නිසා නොව ඉන් සත්ත්වයාට වන්නාවු සෙතක් නොමැති බැවිනි. එසේම සසර දුකෙන් නිදහස් විමට අවශ්‍ය සෑම සියළු කරැණක්ම මනා කොට උන්වහන්සේ දේශිතයි. ඒ බැවින් බුදුපියාණන්වහන්සේ දේශිත ධර්මරත්නය ස්වාක්ඛාතයි. අන් ධර්මයන් මෙන් යමෙකුගේ ආඥාවවක් හෝ බලකිරිමක් මත බුද්ධ දර්ශනය පදනමි නොවෙයි. එය අනුන් කියනු ඇසිමෙන් නොව තමන් විසින්ම මාර්ගය පිරිමෙන් ප්රත්යක්ෂ වශයෙන් දැකිය හැකි බැවින් සන්දිටිඨිකයි. සතර මාර්ගයන් ඇතිකර ගැනිමට තරම් ධර්මානුප්‍රතිපදාව පිරිමෙන් සිත දියුණු කරගත් තැනැත්තන්ට එසැනින්ම ඵල දෙන ධර්මයක් වන බැවින් අකාලිකයි. එසේම කලකට බොරැ වි කලකට සත්‍යක් වන්නක් නොව සෑම කාලයටම වලංගු හා නිවැරදි වන බැවින් හා තාක්ෂනය විද්‍යාව සමඟ වඩ වඩා පැහැදිලි වන බැවින්ද අකාලිකයි. එසේම අන් ධර්මයන් මෙන් විශ්වාසය මත පදනම් විමෙන් තොරව එන්න ප්‍රථිපත්තිය පුරා ඔබම අත්දකින් කියා ඔනෑම අයෙකුට බියකින් සැකයකින් තොරව කිව හැකි බැවින් ධර්මය එහිපස්සිකයි. කෙතරමි අපහසුතාවයන් මතවුවද අතනොහැර දරා සිටිමටම සුදුසු ධර්මයක් වන බැවින් ඕපනායිකයි. වැදගත්ම කරැණ බුද්ධ දර්ශනයේ කියවෙන පරම සැනසීම බුදු රජානන්වහන්සේගෙන් හෝ අන් අයෙකුගෙන් ලැබෙන්නක් නොව, තමා විසින්ම බුදුරජානන්වහන්සේ විසින් පෙන්වන මාර්ගය අනුගමනය කිරීමෙන් මෙලොවදීම අත්දැකිය හැකි ධර්මයක් විමයි. එහි බලකිරිමි නැත. නුවනැත්තන් හට නිරතුරැව විවෘත මෙම ධර්මය ගැන බුදුපියානන්වහන්සේම දේශනා කලේ මේ ආකාරයෙන් ස්වාක්කාතෝ භගවතා ධම්මෝ යන පාඨයේ අර්ථය වන්නේ මෙයයි. එබැවින් ලොකොත්පත්ති කතාවෙන් ඇති වැඩක් නැති බව ඔබටත් දැන් පැහැදිලි වනු ඇත.
මිනිසුන් දෙවියන්ගේ පිහිට සොයනුයේ මිනිසුන්ට හැම දේම කරගත නොහැකි බැවිනි. මිනිසුන්ට හැම දේම නොවැටහෙන බැවිනි. එය සිසුවා ගුරැවරයාගේ උපකාරය මත උගන ගන්නා සේය. ගුරැවරයා උගත් සියළු දේ සිසුවාද දන්නේ නමි ඔහු ගුරැවරයෙකු මිස සිසුවෙක් නොවනු ඇත. මේ සමඟම තවත් වැදගත් කරැණක් සඳහන් කලයුතුයි. මේ කරැනු සඳහන් වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ 8 වන අපණ්ණක වර්ගයේ 28 වන අචින්තෙය්‍ය සූත්‍රයේයි. එහි සදහන් පරිදි
"මහණෙනි, යමි දෙයක් සිතන තැනැත්තා උන්මාදයට ද දුකට පත්වන්නේද, ඔහුට සිතාගත නොහැකි වන්නේද, නොසිතිය යුතුද වු කරැනු සතරක් වෙත්. කවර සතරක්ද යත්.
මහණෙනි, බුදුවරුන්ගේ බුද්ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, කර්ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, ලෝක විශය නොසිතිය හැකිය. නොසිතිය යුතුය.මහණෙනි, මේ සතර නොසිතිය යුතුය. මෙහි නොසිතිය හැකිය යනු සිතන්නට බැරිය යන්න නොවේ සිතා නිවැරදි නිගමනයකට සාමාණ්‍ය ජනයාට පැමිණිය නොහැකි බැවිනි. නොසිතිය යුතුය කිවේ සත්ත්වයින් දුකට, පිඩාවට හෝ උන්මත්තක භාවයට පත්වන බැවිනි. කැමැති පුද්ගලයන්ට සිතිමට එයින් භාධාවක් නැත.
එය අවිශයයි යන්නට හේතුව මුලින්ම ඇතිවුයේ කිකිළියද බිත්තරයද යන්නට පිළිතුරක් සොයන්නට යෑම මෙනි. කිකිළිය ද බිත්තරයද මුලින් ඇතිවුයේ යන්ට පිළිතුරක් කෙදිනක හෝ සොයන්නට බැරිවිට, ඒ දෙකින් එකක් යමෙක් මවන්නට ඇතැය සිතා සිත සනසාගන්නා මෙන්, ඇතමෙක් මැවුමිවාදය පනවන ලදි. එහෙත් එම මැවුමිකරැ ඇතිවුයේ කෙසේදැයි යමෙක් සිතා බැලිය යුතුයි. යමක් ඇති නමි, එහි මුලක් හෙවත් හට ගැන්මකුත් තිබිය යුතු යැයි යන න්‍යාය මත සිතා ලොකයේ මුල සොයන්නට ගොස් ඔවුන් නොයෙක් මිත්‍යා මත ඇති කර ගැනිම මෙයට හේතුවයි.