යමහා රේ (used) එකක් ගත්තා. පළවෙනි වාහනේ.
මට කියපල්ලා කෝ උඹලා bike එකේ හදිස්සියට තියාගෙන ඉන්න දේවල්.
තව bike එක ලස්සනට තියා ගන්න පාවිච්චි කරන දේවල්
ලස්සනට නං අමුතුවෙන් මොනවත් කරල නෑ...අනික මගේ බයික් එක ස්කූටර් එකකුත් නෙවෙයි.
ඒත් බයික් එකේ කී එකත් එක්ක පොඩි ෆෝල්ඩර් නයිෆ් එකක් (පොඩි පිහියක් ) තියෙනව.තව සීට් එක යට රීචාර්ජබල් පෙන් ටෝර්ච් එකකුයි, ලයිටර් එකකුයි තියෙනව.(මේව තියෙනවනං යතුරු කට කැපෙන්නැති විදියකට තියන්න ඕන.නැත්තං යතුරු කටට බඩුම තමයි.)තව ටූල්ස් 2-3කුත් තියෙනව.ෆාස්ට් චාර්ජර් එකකුයි, ෆ්‍රොන්ට් ඇන්ඩ් රියර් කැම් එකකුයි ගහන්න හිතන් ඉන්නව.
බයික් එකක් පදිනවනං ඒ විදියට පාරෙ පලයන් මචං.අනිත් වාහන කාරයින්ට කරදරයක් නොවෙන විදියට.බයිකර්ස්ල යන විදියෙන්ම තමයි ගොඩක් උන් බනින්නෙ.තමන් හරියට යනවනං මොනම වාහනකාරයෙකුටවත් කොර වෙන්න ඕනත් නෑ...වැරැද්ද උඹේ නං එකෙන්ම පිලිගනිම්.මම ඒ විදියට ගොඩක් ප්‍රස්න විසඳගෙන තියෙනව ඒ වෙලාවෙදිම, බොහොම සුහදව....

මාර්ග නීති අනුව පාරෙ පලයන්....ජය වේවා....


ප.ලි...
ස්කූටර් වල එන ගෑනු විතරක් සත පහකට විස්වාස කරන්න එපා....


තොරොම්බොල් කරත්තෙ වාගෙ බලුප් කෑලි, LED, ඔය බීට් මගුලුයි ගහන්න එපා.හීනමාන බේසික් පුත්තු සමහරු හිතන් ඉන්නව හරි ලස්සනයි කියල.උඹේ හෙඩ් ලයිට් එකේ එලිය සුදු පාටයි නං විතරක් බිමට ඈන්ගල් කරල ගැලපෙන තැනකින් කහ එලිය තියෙන ෆොග් ලයිට් එකක් ගහගනින්...


