Second hand cars prices

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    Good thread about cars

    Amu amuwema ussapu article ekak meka. hondai kiyla hithuna nisa balanna damme.

    Author - හිතුමතේ ජීවිතේ

    වාහනයක් එහෙම නැත්නම් වන්ඩියක් එහෙම නැත්නම් රෝද හතරක් ගන්න හිතන් ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියලා හිතලා මේ සටහන ලියලා තියන්න හිතුනා...මේක ලියන්න ගොඩක් ම හිතුනෙ ගොඩක් අයගේ වාහන සම්බන්ධව ඇති ගැටලු නිතර අහලා දැකලා තිබ්බ නිසා....මම වාහන ගැන සියල්ල දන්නා කෙනෙක් වත් ඉන්ජිනේරු වෙක් වත් නෙවෙයි...නමුත් මට අධික රථ ගාය...මෙහෙමයි වැඩේ..
    ඉස්සර වෙලාම කියන්න ඕන වාහනයක් කියන්නෙ යකඩ ගොඩක්...ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් හිත් පිත් නැති යකඩ ගොඩක් කියලා....නෑ එහෙම නෑ...ඕනම වාහනයක් පදවන්නාගේ අත් වලට හැසිරීමට සහ මුළු ශරීරයටම හුරු වෙන එක වෙනවා....ඒක නිසා හිත් පිත් නැති යකඩ ගොඩක් කියන්න එපා....ඒකටත් හිතක් කියලා දෙයක් ඇති...ඒක උඩ ඉන්න දෙවියෝ විසින් පාලනය කරනවා ඇති...ඒක නිස වාහනයට ආදරේ කරන්න... <3 ඒ වගේම මොනම හිතවත් කම තිබ්බත් කමක් නෑ වෙන කිසිම කෙනෙක්ට තමන්ගේ වාහනේ අතාරින්න එපා....තමන්ගේ ජීවිතේ බෙද හදා ගත යුතු නැති දේවල් 4න් එකක් තමා වාහනේ....
    වාහනයක් ගන්න කොට ඉස්සරවෙලාම බලන්න ඕන තමන්ගේ උවමනාව මොකද්ද කියලා....මම දැකපු දේවල් වලින් මම ඒ දේ පැහැදිලි කරන්නම්...
    1) ලස්සන සුපිරි පට්ට වන්ඩියක් ඕන කොටසක් ඉන්නවා....
    2) මොකක් හරි වාහනයක් ඕන කොටසක් ඉන්නවා....
    3) දැනෙන්න වාහනයක් පදින්න උවමනාවක් තියෙන කොටසක් ඉන්නවා...
    4) පෙනුමට වාහනයක් පාවිච්චි කරන කොටසක් ඉන්නවා....
    5) අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න ඕන වෙච්ච අය කොටසක් ඉන්නවා.....
    මේ ඇති...මෙතන ඉඳන් පටන් ගන්නම් මම....
    ලස්සන සුපිරි වන්ඩියක් පදින්නම නම් අනිවාර්යෙන්ම ඔබට මාසෙකට 50000 වත් වාහනයට වියදම් කරන්න හැකියාවක් තියෙන්න ඕන...මේ වගේ වාහන අදි සුඛෝපබෝගි ඝනයට වැටෙන්නෙ...වියදම අධිකයි...වාහනයක මිලත් ලක්ශ 70න් එහා...මොන්ටෙරෝ ප්රාඩෝ ජීප් හමර් බෙන්ස් බී එම් ඩබ්ලිව් අවුඩි වගේ පට්ට වන්ඩි තමා මේ ගනයට වැටෙන්නෙ....දවසක ආදායම රු 10000 වත් තියේ නම් මේ වගේ වාහනයකට යන්න කිසිම අවුලක් නෑ.....මේ වාහන ගැන දැන ගන්න ඕන නම් අහන්න මම කියන්නම්....
    අනෙක් කාරණය තමා මොකක් හරි වාහනයක් ඕන කියලා හිතෙන අය...මේ අය ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙනවා වාහන නිසා....මේ අයට දෙන්න තියෙන උපදේෂය තමා වාහනයක් ගන්න කලින් තමන්ගෙ උවමනාව ගැන දෙපාරක් හිතන්න ඕන....මෙහෙම අයට හරියන්නෙ 1500 CC කාණ්ඩයේ වාහන...මොකක් හරි වාහනයක් කියලා හිතලා බෙල්ටා යාරිස් වගේ වාහන අරන් පස්සෙ කෑ ගහනවා විකුන ගන්න බැරි වුනාම...බෙල්ටා යාරිස් වගේ ආහන නිශ්පාදනය කරන්නෙ විශේෂිත උවමනා වලට.....උදා හරණ කුලී රථ සේවා
    පෙනුමට වාහනයක් පාවිච්චි කරණ අය ගොඩක්ම බලන්නෙ වාහනේ ලස්සන....එයාලට හරියන්නෙ පුම්බලා හැඩ දාලා තියෙන වාහන....
    අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරලා වාහනයක් ගන්න හිතන් ඉන්න අයට මම උපදෙස් ටිකක් දෙන්නම්....මම කියන්නම් ලක්ශ 20 ට අඩු ලක්ෂ 10 ට වැඩි හොඳ වාහන ටිකක්.....තමන්ගේ රුචි අරුචි කම් වල හැටියට තෝරලා බේරලා ගන්න...
    ඉස්සර වෙලාම කියන්න ඕන කිසිම ආරක්ෂාවක් සැප පහසුවක් නැති ඉන්දියානු වාහන වලට උදා හරණ : නැනෝ ඇල්ටෝ මරුටි ගෙවන අධික මුදල අපරාදේ කියලා....ඇත්තටම අපරාදේ...මරුටියක් ඇල්ටො එකක් ලක්ශ 15 වගේ කිට්ටු වෙන ගානක් වෙනවා....ඉන්දියානු හෝ වෙනත් ජපන් නොවන වාහනයක් මිලදී ගන්නවා නම් අඩුම තරමේ එක එයාර් බෑග් එකක් වත් ( ඔප්ෂන් යනු ඉදිරි පස එයාර් බෑග් දෙකක් සහිතව පැමිනීම - අවම ) පවර් මිරර් සහ පවර් ස්ටියරින් පහසුකම වත් තියෙන වාහනයක් ගන්න....මොකද ඔබ වියදම් කරන්නෙ ලක්ශ 15 මිසක් කොස් කොල දෙල් කොල නෙවෙයි...ඕනම කෙනෙක් ට හිතෙයි ඕන තරම් පාර්ට්ස් තියෙනවා පාර්ට්ස් මිල අඩු නිසා ඉන්දියන් වාහනයක් හොඳයි කියලා...හොඳයි තමා ඒත් ලක්ෂ 15 ගෙවලා ඇයි අපි කිසිම සැප පහසුවක් නැති ආරක්ෂාවක් නැති වාහනයකට යන්නෙ..? එදිනෙදා ජීවිතයට පොලේ යන්න ලඟ පාතකට ඇවිදින්න යන්න බල්ලො නාවන්න එක්ක යන්න පොඩි එකා පන්ති දාන්න යන්න නම් හොඳ වාහනයක් තමා ඇල්ටෝ....මරුටි නම් ඒත් එපා...හාට් ඇටෑක් හැදෙනවා වාහනේ එලවනකොට.....
    සමාන්යෙන් ලක්ෂ 20 අඩුවෙන් ගන්න පුළුවන් වාහන විදියට
    NISSAN FB 15/FB 14
    Puget 406
    Mazda BJ5P
    Toyota CARINA
    Toyota SOLUNA
    TOYOTA tercel
    TOYOTA Starlet
    TOYOTA 110
    වගේ වාහන ගන්න පුළුවන්....ටොයෝටා වියෝස් කියන්නෙත් හොඳ වාහනයක්...නමුත් ලක්ෂ 20 කට එකක් හොයා ගන්න නම් බැරි වෙයි....FB 15 කියන්නෙ අවිවාදයෙන්ම සුපිරිම කාර් එකක්...තෙල් හොඳට කරනවා...සැප පහසුවත් හොඳයි....FB14/B14 ගැන නම් කියන්න තියෙන්නෙ වාහනයක් ගන්නවා නම් අඩුම වශයෙන් G නම්බර් එකක් වත් ගන්න....ලංකාවෙ තියෙන අනිත් හැම FB14/B14 කාර් එකක්ම දැන් පට්ටම ගහලා අම්බානෙක දුවලා තියෙන කාර්...ලක්ෂ දෙකෙන් එහා පැදලා ඇති....අනිත් එක තමා නිසාන් සුපර් සැලූන් කාන්ඩෙ අන්තිමටම ආපු තෙල් කරන එකම වාහනේ FB15 එක විතරයි....පොදුවෙ වාහනයක් ගන්නවා නම් අවම වශයෙන් 1999 පස්සෙ වත් ආපු වාහනයක් ගන්න...2003 2005 වගේ වාහනයක් නම් ගොඩක් ම හොඳයි....1999 ආපු හොද වාහනත් තියෙනවා හොඳට බලල ගන්න ඕන...
    ගොඩක් අයගේ මතයක් තියෙනවා වාහන නම් ටොයෝටා සහ නිශාන් කියලා...එහෙම එකක් නෑ...ඉන්දියානු චීන නොවන ඕනම වාහනයක් හොඳයි...එකම දේ තමා ලංකාවෙ මාකට් එකක් හැදිලා නැති කම....නමුත් 406 එක සහ මැස්ඩා කියන්නෙ පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහන දෙකක්....406 එකක් ගන්නවා නම් මැනුවල් එකෙක් හොයලා ගන්න...ඔටෝ එකේ පොඩි අවුලක් තියෙනවා...ඔය අවුල හදනවා නම් හදා ගන්න පුළුවන් තැනක් කියන්නම් ඉසුරුපායට එහා පැත්තෙ ගැරජ් එකක ඕන තරම් බඩු තියෙනවා හදන වැඩ්ඩොත් ඉන්නවා...රුපියල් 15000 වගේ යන්නෙ වැඩේට....මැස්ඩා එක ගැන කියනවා නම් ස්පෝට් කාර් එකක් වගේ පදින්න ආස නම් අරන් පැදලා බලන්න...අදිනවා ඇදිල්ලක් නැති වෙන්න....මේවට පාර්ට්ස් නුත් තියෙනවා ඕන තරම්....මැස්ඩා ඒජන්ට් කොලෝනියල් මෝටර්ස් තලවතු ගොඩ ගරාක් එකක් තියේ...ඕන තරම් බඩු එතන තියේ...
    මම අනිත් කිව්ව හැම වාහනයක්ම සුපිරියටම තෙල් කරන සුවඳටත් දුවන වාහන...SOLUNA / Tracel කියන්නෙ ටැක්සි සර්විස් එක වෙනුවෙන් හඳුන්වලා දුන්න වාහන...සැප පහසුවත් හොඳයි නඩත්තු වියදමකුත් නෑ..ආදරෙන් බලා ගත්තොත් වාහනේ අපිටත් ආදරේ කරයි.....මොනවා හරි අමතර දෙයක් දැන ගන්න ඕන නම් අහන්න...පුළුවන් විදියට දන්න විදියට කියලා දෙන්නම්...
    ආයෙත් කියනවා වාහනේට ආදරේ කරන්න....වෙන කිසිම කෙනෙක්ට අතාරින්න එපා....<3
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    AE100 එක නම් පට්ට වාහනේ. හැබැයි දැන් සමහර ජපන් වාහන උනත් බහිනවා මචන්. මොනවා උනත් ඔය චීන / ඉන්දීයන් ලඩි වලට වඩා නම් හොදයි.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    AE100 එක නම් පට්ට වාහනේ. හැබැයි දැන් සමහර ජපන් වාහන උනත් බහිනවා මචන්. මොනවා උනත් ඔය චීන / ඉන්දීයන් ලඩි වලට වඩා නම් හොදයි.

    tercel eka kohomada?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    FB 15 කියලා කියන්නෙ මෙන්න මේ වන්ඩිය....අවිවාදයෙන� ��ම සුපිරි කාර් එකක් කිව්වෙ නිසාන් සනි (NISSAN SUNNY) කාන්ඩය යටතේ එන අන්තිමටම තෙල් කරන වාහනය වෙන්නෙ මෙ FB 15 එක...ඊට පස්සෙ ආපු N16 එහෙම තෙල් කරනවා අඩුයි...මේකෙත් ප්රධාන මොඩල් දෙකක් එනවා සුපර් සලෝන්( Super Saloon) සහ EX Saloon) කියලා...1300 cc , 1500cc එන්ජින් ධාරිතාවයෙන් යුක්ත වාහන එනවා...ඊට අමතරව VIP මොඩල් කියලා එකක් එනවා බැජ් එකත් එක්ක...ඒක එන්නෙ සිංගප්පූරුවෙන්...ස� �ංගප්පූරුවෙ ඇසෙම්බල් කරන වාහනයක්...මේ වාහන වල ලොකු දෝෂ මුකුත් නෑ..ආපු එකම අවුල එයාර් බෑග් සෙන්සර් ලෙඩක් ආවා...හදන තැන් නම් ඕන තරම් තියෙනවා....මිල පරාසය යන්නෙ 17- 19 අතර..සුදු පාට එක පොඩ්ඩක් මිලෙන් වැඩියි....
    ඊට අමතරව කියනවා නම් මේකෙ නව සංස්කරණයක් ආවා New Shell මොඩල් කියල....ඒක නම් දැනට යන්නෙ 20 වගෙ පරාසයක...කොහොම වුනත් වාහනයක් ගන්න ගියාම කියන මිලට කවදාවත් ගන්න එපා...කොහොම හරි 50000 වත් අඩු කරගන්න බලන්න......

    by - හිතුමතේ ජීවිතේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    මං කලින් කිව්වා නේ FB14/B14 ගැන...මෙයා FB15 ගෙ ලොකු අයියා කිව්වොත් නිවැරදියි....1995 ඉඳලා 1999 දක්වා ජපානය තුල මේ වාහන නිශ්පාදනය කරා..මෙකෙත් Super Saloon සහ Ex Saloon කියලා මොඩල් දෙකක් ආවා...ඩීසල් සහ පෙට්රල් වර්ශන් දෙකක් තියෙනවා....කවුරු හරි මේ වාහනය ගන්න බලාපොරොත්තුවක් තියේ නම් ඩීසල් වාහනේ දිහා හැරිලා වත් බලන්න එපා...ගන්නව නම් ( ගන්නම ඕන නම් ) පෙට්රල් එකක් ගන්න...හැබැයි ලංකාවෙ දැනට තියෙන මේ ජාතියේ වාහන සියල්ලම අවමය 170000 එහා පැදලා ඇති...ඒ කියන්නෙ දැන් සීයා කාලේ ඉන්නෙ...ගන්නවා නම් අවමය GA - XXXX නම්බර් එකක් ගන්න...GA නම්බර් ආවෙ 1999 ( Registered 2000 )
    හොඳ වාහනයක්...හොඳම කන්ඩිෂන් එකේ තියෙන වාහන ඕන තරම් තියේ....හොයා ගන්න අමාරු නෑ ඉන්ග්ලිශ් නම්බර් එකක් ලක්ෂ 14 - 15.50 අතර ගානට විකිනෙන්නෙ....මේ ජාතියේ එකක් ගන්නවා නම් අඩු කරලම ඉල්ලන්න...මොකද දැන් තියන් ඉන්න අයටත් විකුන ගන්න බැරුව ඉන්නෙ ඕක...හේතුව පරන වැඩි නිසා....
    මේකෙ 1300 කාන්ඩය හඳුන්වන්නෙ B14 කියලා 1600 cc කාන්ඩය FB14 කියලා...

    by - හිතුමතේ ජීවිතේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    හැමෝගෙම හීනයක් නේ වාහනයක් ගන්න එක....ඉතින් තමන්ගෙ අතේ තියන මුදලට වාහනයක් තොර්‍රලා බේරලා ගන්න එකට උදව්වක් තමා මට කරන්න පුළුවන්....ලංකාවෙ හැදිලා තියෙන මාකට් එක අනුව ටොයොටා සහ නිසාන් වගේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන වාහනයක් ගන්න එක ඇඟට ගුණයි...නමුත් ටොයොටා නිසාන් වගේ වාහන වගේම මාකට් එකක් තියෙන වාහන ඕන තරම් තියෙනවා...එහෙම නොවන වාහන ගන්නවා නම් කවදාවත් පැදලා වත් නැති කෙනෙක්ගෙන් අහන්න එපා....උදාහරන PANDA එකක් පැදලා නැති කෙනෙක්ගෙන් පැන්ඩා කාර් ගැන අහලා වැඩක් නෑ...එයාලගේ අදහස් එයාලගේ අත්දැකීම් ගන්න නම් වාහනයක් පැදපු කෙනෙක්ගෙන්ම අහන්න ඕන...ඒකයි මම කියන්නෙ

    by - හිතුමතේ ජීවිතේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    ටොයොට ඇක්වා වාහනයෙ තෙල් (පෙට්‍රල්) කොච්චර විතර කරනවාද? අනිත් හයිබ්‍රිඩ් වාහන වලට වඩා ඒක හොදයිද?

    ඉස්සර වෙලාම කියන්න ඕන හච්බැක් වර්ශන් වල ඉඩ කඩ සැප පහසුව බලන්න එපා....ගොඩක් අය ඔය වාහනේ අරගෙන පස්සෙ කෑ ගහනවා ඉඩ මදි හිර වෙලා වගේ එහෙම කියලා...ඉතින් හච්බැක් වර්ශන්ස් වල හැටි එහෙමයි....ඇක්වා වාහනය ගත්තම ටොයෝටා කම්පැනියෙන් කියනවා ලීටරේට කිලෝ මීටර් 40ක් කරනවා කියලා....ඒ ඉතින් ජපානයේ තියෙන පෙට්‍රල් වල , මෙහේ වගේ ට්‍රැෆික් වල නෙවෙයි...පරික්ශනා ගාරයේදි.....පෙට්‍රල් කරන එක රඳා පවතිනවා වාහනය පදවන්නාගේ හැකියාව මත....Driving Skills කියලා කියන්නෙ...අනික ලංකාවෙ 95 ඔක්ටේන් කියලා එන්නෙත් සුපිරිම සුපිරි පෙට්‍රල් එකක් නෙවෙයි...ඉතින් ඔය දෙකේ තියෙන ප්‍රශ්නත් එක්ක්ක ඇක්වා එක වැඩිම වුනොත් 28ක් කරාවි....ඊට එහා කිසිම වාහනයක හයිබ්‍රිඩ් වාහනයක ලොකු පෙට්‍රල් සේව් එකක් බලාපොරොත්තු වෙන්න එපා....

    අහපු ප්‍රශ්නෙට උත්තරේ විදියට

    Outstation - 28-30 Km
    City : 20-22 Km

    අනෙක් හයිබ්‍රිඩ් වලට වාඩා ඒක හොදයි කියලා කියන්න අමාරුයි...හයි බ්‍රිඩ් ඇක්වා එක ගත්තොත් ඒක හච් බැක්...ෆිට් එක හච් බැක් ප්‍රිය්ස් එක සේඩාන් කොරොල්ලා ඇක්සියෝ එක සේඩාන්...අතේ තියෙන්නෙ ලක්ශ 40 වගේ නම් ඉතින් කොච්චර හොඳ උනත් ප්‍රියස් එකක් ගන්න බෑ නේ...අතේ තියෙන මුදලට ගන්න තියෙන වාහනේ තමා ඇක්වා...

    ඇක්වා සහ ෆිට් ගත්තොත් ඒ දෙකෙත් වෙනස් කම් ගොඩක් තියෙනවා...ගොඩක් අය කියන කතාවක් තමා ෆිට් එක පිකප් ඇක්වා එක පිකප් නෑ කියලා....ඉතින් හයිබ්‍රිඩ් කන්සෙප්ට් එක පෙට්‍රල් සේවින්ග්ස් නම් ෆිට් එක පිකප් වෙන්නෙ මෙන්න මේ හේතු නිසා...

    ෆිට් එකේ තියෙන ටෙක්නොලොජි එක වෙනස් ඇක්වා එකට වඩා...ඇක්වා එකේ කිලෝමිටර් 40 වගේ වේගයක් එනකන් බැටරියෙන් තමා දුවන්නෙ...නමුත් ෆිට් එක වැඩි බරක් එන්ජින් එකටත් අඩු බර බැටරියටත් තමා බෙදලා දෙන්නෙ....ඉතින් එහෙම බැලුවම හයි බ්‍රිඩ් වාහන අරන් ඇගේ හයියෙන් ස්පෝර්ට් වගේ පර්ෆෝමන්ස් බලාපොරොත්තු වෙන්න එපා...

    සමස්ථයක් විදියට ගත්තම ඉඩකඩ පහසුව ගත්තොත් ෆිට් හොඳයි....දෙකේ පෙට්‍රල් කෙරුවාව නම් 20 වැඩියෙන් අනිවාර්යෙන්ම කරනවා.....

    මම රෙකමන්ඩ් කරන්නෙ : ඇක්වා

    by - හිතුමතේ ජීවිතේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    වාහනයක තෙල් කරන විදිය වෙනස් වෙනවා මෙන්න මේ වගේ දේවල් වලින්...පුළුවන් නම් අනුගමනය කරන්න ස්පෙෂලි හයිබ්‍රිඩ් වාහන වල

    1) වාහන්යේ නියමිත හුලං ප්‍රමානය නිතරම පවත්වා ගන්න....දුර ගමනක් යනවා නම් යන්න කලින් ටයර් ප්‍රෙෂර් එක බැලන්ස් කරන් යන එක පුරුද්දක් කරගන්න....
    2)වීල් එලයින්මන්ට් එකක් කරගන්න අවුරුද්දකට සැරයක් වත්....
    3) නිසි නඩත්තුව ( අන්ජින් ඔයිල් මාරු කරලා එයාර් ෆිල්ටර් ඔයිල් ෆිල්ටර් ) ගොඩක් අය මේ දේ ගැන හිතන්නෙ නෑ....එන්ජින් ඔයිල් පවා තෙල් කරන එකට පොඩි හරි බලපෑමක් දෙනවා..ටියුන් අප් එකක් කරවා ගන්න ඉඳලා හිටලා වත්...
    3) තෙල් ෆුල් ටෑන්ක් ගහලා අඩු වෙන ප්‍රමානය පුරවන්න....
    4) වාහනය හැකි තාක් හෙවනකින්ම නවත්තන්න....කම්මැලි කමට අව්වෙ නවත්තන්න එපා...හෙවන තියෙන තැනක නවත්තලා තමන්ගෙ උවමනාවට පයින් එන්න....
    5) වාහනේ ඔරිජිනල්ම තත්වෙන් තියන්න...බොඩි කිට් ස්පොයිලර් අරවා මේවා එපා....
    6) නිතරම පැයට කිලෝ මීටර 50 - 55 අතර ධාවනයට හුරු වෙන්න...හදිසියක් නැහැ නේ හෙමින් යන්න ඉතින්....
    7) හැකිතාක් එක්සලරේට් කරමින් ධාවනයෙන් වලකින්න...වාහනය ට බර දාලා අදින්න යන්න එපා....වාහනයට හෙමින් අවශ්‍ය වේගයට යන්න ඉඩ දෙන්න....
    8) නිතර ගියර් මාරු කරමින් ධාවනයේදි තෙල් අධිකව පිච්චෙනවා...සහ නියමිත වේලාවට නියමිත ගියරයේ ධාවනය කරන්න...
    9) රථවාහන තදබදයන් හැකිතාක් මග හරින්න...
    10) හයි වේ වල ගමන් කරනවා නම් අවමය පැයට කිලෝමීටර් 70 වත් යන්න....හයි වේ වල උපරිම වේගය පැයට කි මි 100 කියලා ගහලා තියෙන්නෙ ඔබ 100 ට යන්න ඕන කියන එක නෙවෙයි....
    11) Cruse Control වාහනයක් නම් හයි වේ වල දි එම පහසුකම භාවිතා කරන්න..
    12) ඇත්තටම එලියේ රස්නෙ නැත්නම් ඒ සී නැතුව ධාවනය කරන්න....සීත පලාත් වල ධාවනයේදි ඒ සී භාවිතයෙන් වලකින්න....
    13) හයි වේ වල ධාවනය කරනවා නම් වීදුරු නිසි පරිදි වසා දමන්න....
    14) මුහුදු බඩ මාර්ගයේ ධාවනය වෙනවා නම් හැකි තාක් සෙමින් පදවන්න...ලස්සන බල බල යන්න :)

    තව විස්ථර මේතැනින් (http://en.wikipedia.org/wiki/Energy-efficient_driving) සහ මෙතනින් (http://www.wikihow.com/Hypermile)....කියවලා අනුගමනය කරන්න....මම ඔය කිව්වෙ ප්‍රධානම වැරදි ටික අපි කරන....

    වාහනයටත් හොඳයි...අතටත් හොඳයි....

    by - හිතුමතේ ජීවිතේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    ඇල්ටො හ්ම්ම්....ඉස්සර වෙලාම කියන්න ඕන අපි හැමෝටම සල්ලි නෑ....සල්ලි තියෙනවා නම් ඇල්ටො පදින්නෙ නෑ....මම පිළිගන්නවා....ඇල්ටො එකක් බ්‍රැන්ඩ් නිව් ගන්නවා නම් ලක්ෂ 15 යනවා...(ර්‍Round off ) බ්‍රැන්ඩ් නිව් ම වාහනේ එනවා....මම කියන්නම්

    ඇල්ටො වල තියෙන වාසි

    1) බ්‍රැන්ඩ් නිව් වාහනයක්
    2)පාර්ට්ස් මිල අඩුයි
    3)නඩත්තු වියදම අඩුයි
    4)තෙල් කෙරුවාව හොඳයි
    5)අවුරුදු 5 කැත නැතුව පාවිච්චි කරන්න පුළුවන්

    දැන් බලමු අවාසි

    1) දුර ගමන් යන්න අමාරුයි - සැප පහසුව නැහැ
    2) රළු භාවිතයට සුදුසු නැහැ
    3) ඉඩ කඩ අඩුයි - ඇතුලෙ හිර වෙලා වගේ
    4) පැයට කිලෝමීටර 60 එහා යන්න බැහැ - දෙදරන වා ලිස්සයි විසිවෙනවා වගේ දැනෙනවා...
    5)දීර්ඝ ගමනක් ඩ්‍රයිව් කරාම ඇගට අමාරුයි - අත් දැකීමෙන් කියන්නෙ
    6) සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකමක් ඇත්තෙම නෑ...සෑහෙන්න පාඩු පිට දෙන්න වෙන්නෙ
    7) එයාර් බෑග් නෑ / පවර් ෂටර්ස් / පවර් මිරර් නැහැ
    8) සේෆ්ටි එකක් නැහැ - හැපුනොත් තැලෙනවා
    9) ලොකු වේගෙකින් ගිහින් බ්‍රේක් කලොත් බ්‍රේක් වදිනවා හොරයි - වාහනේ බර අඩු නිසා ඔරොත්තු දෙන්නෙ නෑ...
    10) ඒසි දාගෙන කඳු වගේ අදින්න බෑ / පිකප් කරන්න අමාරුයි
    11) බර පටවලා යන්න අමාරුයි - 5 දෙනෙක් වගේ පටවලා කඳු යන්න අමාරුයි

    මේ වගේ ගොඩක් විස්තර තියෙනවා....

    දැන් බලමු ලක්ශ 15 කට ගන්න පුළුවන් වාහන

    2001 Toyota Soluna - 12.75 - 13.85 LKR
    2001 Peugeot 406 - 12.50 - 15.85 LKR
    Nissan Sunny FB14 - 13.50 -15.75 LKR
    2000 Mazda Familia BJ3P - 15.20 - 17.50 LKR

    මම මේ කිව්වෙ ෆුල් ඔප්ෂන් / කම්ෆර්ටබල් / ඩීසන්ට් ලුක් / ඉන්ග්ලිශ් නම්බර් තියෙන වාහන වලින් කොටසක්...තව තියෙනවා...ඇල්ටො එකක් එක්ක කම්පෙයාර් කරාම තියෙන වාසි බලමු

    1) ෆුල් ඔප්ෂන් / ඩීසන්ට් ලුක් / කම්ෆටබල්
    2) 1500 CC / 2000 CC එන්ජිම
    3) පිකප් / ඇඟට අමාරු නෑ
    4) සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙනවා

    අවාසි බැලුවොත්

    1) බ්‍රෑන්ඩ් නිව් නෙවෙයි / පාවිච්චි කරලා
    2) ගරාජ් ගානෙ ලගින්න වෙන්න පුළුවන්
    3) ස්පෙයාර්ස් සාපේක්ෂව මිලයි
    4) නඩත්තු වියදම සාපේක්ෂව මිලයි


    සල්ලි ගැන බැලුවොත් නම් ඇල්ටො එකක් ගත්තට කමක් නෑ...ඒත් වාහනයක් ගැන බැලුවොත් ඇල්ටො එකක් ගන්න එක පාඩුයි වගේ...වාහනය ගැන කියන්න වැරැද්දක් නෑ ඉතින් මොන දේ නැතත් හරකා වගේ දුවනවා වාහනේ....මම ඔය කිව්ව ඒවා ගැන හිතලා සල්ලි වලට වටිනාකමක් එන විදියාට ආයෝජනය කරන්න

    by - හිතුමතේ ජීවිතේ
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    AE100 එක නම් පට්ට වාහනේ. හැබැයි දැන් සමහර ජපන් වාහන උනත් බහිනවා මචන්. මොනවා උනත් ඔය චීන / ඉන්දීයන් ලඩි වලට වඩා නම් හොදයි.

    Pissuda ban? Kalin 7-9 giya doctor sunny yanne 10-12 :cool:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    Mazda bj5p, nissan fb15 මේ දෙකෙන් හොඳ මොකද්ද? මට මේ වාහන දෙක ගැන දාන්න කෙනෙක් විස්තරයක් කියන්න .......... PLSSSSSSSSSSSSSS

    ඔය වාහන දෙකම හොඳ වාහන දෙකක්....නිසාන් එක ගත්තොත් ඒකේ 1300 ඉඳලා 1500 වෙනකන් තියෙනවා...දෙකේම එන්ජින් ලොකු වෙනසක් නෑ....මාකට් එක අනුව ගත්තම නිසාන් එකට පොඩි මාකට් එකක් තියෙනවා..හේතුව බ්‍රෑන්ඩ් එකේ වටිනාකම....
    තෙල් කෙරුවාව අතින් ගත්තොත් නිසාන් එක අවිවාදයෙන්ම සුපිරි කාර් එකක්....හොඳටම තෙල් කරන්නෙ නිසාන් එකේ....හැබැයි ඉතින් ජෙට් එක වගේ විදින්නෙ නම් මැස්ඩා එක....මැස්ඩා වාහන ඇත්තටම හොඳයි...ඒත් ස්පෙයාර් පාට් වල මිල පොඩ්ඩක් වැඩියි...ඒත් ලොකුම අවුලක් නෑ ඒ තරම් මිලකුත් නැහැ...කොලෝනියල් මෝටර්ස් තමා ඒජන්ට් මැස්ඩා එකේ....

    මගේ අදහස :

    ලෝන්ග් ඩ්‍රයිව් කරන්නෙ නැත්නම් ( ලඟ ලඟ දුර විතරක් නම් යන්නෙ ) මැස්ඩා එකකට යන්න.....මැස්ඩා කාර් එකක තියෙන ප්‍රෆෝමන්ස් අත් විඳලමා බලන්න...නිසාන් එකක් පිකප් කරන්න හදනකොට මැස්ඩා එක විදලා ඉවරයි....ගන්නවා නම් ප්‍රාඩෝ ලයිට් මොඩල් එකක් ගන්න...ඒක තමා මාකට්ම

    නිසාන් එක ගන්න තෙල් කෙරුවාව ගැන සැලකිලිමත් නම්....නිසාන් එකේ ලොකු ලෙඩකට කියලා ආවෙ එයාර් ෆ්ලෝ සෙන්සර් එකේ ලෙඩ තමා...අනෙක්වා නම් ඕනෑම වාහනයකට එන පොදු ලෙඩ......


    by - හිතුමතේ ජීවිතේ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,771
    11,401
    113
    ගොඩක් කට්ටිය මගෙන් පැසේජ් කරලා අහලා තිබ්බ අළුත් වෑන් එක KDH ගැනත් කියන්න කියලා...මාත් උද්ගලිකව ආස වාහනයක් තමා KDH එහෙම නැත්නම් පෙට්ටි ඩොල්පින් එක....වන්ඩිය ගැන කියනවා නම් අදින ඇදිල්ල පට්ට පෙනුම සැප හැම දෙයක්ම කියන්න වචන නෑ...කොටින්ම ගිනි ගින්දර...හැබැයි ඔය වාහනේ ( පොදුවෙ වෑන් ) තරම් ජපානේ දුක් විදින වාහනයක් නැතුව ඇති...එන්ජිමට කටක් තිබ්බ නම් කෑ ගහලා අඩයි....ඒ තරම් මේ වාහන දුවනවා..අවුරුඩ්ඩක් ඇතුලත අනිවාර්යෙන්ම 150000KM නම් පනිනවා....

    ජපානය ප්‍රදාන වශයෙන්ම වෑන් හදන්නෙ ඩිලිවරි සර්විස් එක ඉලක්ක කරගෙන...මම කලිනුත් කියලා ඇති වෑන් ගැන..වෑන් දැකලා ඇති සුපර් කියලා (SUPER GL) මාදිලියක් සහ DX කියලා මාදිලියක් එනවා...ඒකෙන් DX කියන මාදිලිය ප්‍රධානවශයෙන්ම භාවිතා කරන්නෙ බඩු ප්‍රවාහනය සඳහා විතරමයි....මාළු , මස්.. කෑම ජාති.. ෆාර්ම් වල සත්ව ආහාර වගේ දේවල් ප්‍රවාහනය කරන්න තමා ගන්නෙ...Super GL එක යොදාගන්නෙ පැසෙන්ජර් සර්විස් වෙනුවෙන්....ඔය වාහන දෙක අතර වෙනස නම් සස්පෙන්සන් වල වෙනස් කම්... DX වල Hard Suspension . Super GL වල Soft Suspension

    ලංකාවට එන ගොඩක් වාහන ඔරිජිනල් නෙවෙයි DX එක GL එකට කන්වර්ට් කරනවා...

    තෙල් කෙරුවාව නම් ඉතින් 9Km තමා කරන්නෙ...මතක තියා ගන්න මේ වාහන වර්ග වලට ගහන්න ඕන සුපර් ඩිසල්...

    by - හිතුමතේ ජීවිතේ