SEO මෙගා ත්‍රෙඩ්

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    how-to-track-seo-ranking-webp.webp


    SEO කියන්නේ එක්තරා විදිහකට කියනවනම් රත්රන් ආකාරයක්. හැබැයි ආකාර වලින් රත්රන් අරගෙන නිස්සාරනය කරනවා වගේ ටිකක් අමාරු දෙයක් . නමුත් හරියට ටච් එකේ ඉන්නවනම් කරන්න බැරි නැහැ. අවාසනාවට ලංකාවේ SEO සුපිරි ඩයල් අඩුයි. ලංකාවේ SEO කරන අය අඩු වෙලා තියෙන්නේ ප්‍රවීනයින් තම රහස් රැකීමයි. ඔවුන් පාවිච්චි කරන SEO tactics අනෙක් අයට කියල දෙන්න මැලි කමක් දක්වනවා.

    අපේ මේ ත්‍රෙඩ් එකෙන් SEO ගැන පුළුල්ව සාකච්චා කරමුද. මොකද මගේ SEO දැනුමත් හරිම අඩුයි.
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    how-to-track-seo-ranking-webp.webp


    SEO කියන්නේ එක්තරා විදිහකට කියනවනම් රත්රන් ආකාරයක්. හැබැයි ආකාර වලින් රත්රන් අරගෙන නිස්සාරනය කරනවා වගේ ටිකක් අමාරු දෙයක් . නමුත් හරියට ටච් එකේ ඉන්නවනම් කරන්න බැරි නැහැ. අවාසනාවට ලංකාවේ SEO සුපිරි ඩයල් අඩුයි. ලංකාවේ SEO කරන අය අඩු වෙලා තියෙන්නේ ප්‍රවීනයින් තම රහස් රැකීමයි. ඔවුන් පාවිච්චි කරන SEO tactics අනෙක් අයට කියල දෙන්න මැලි කමක් දක්වනවා.

    අපේ මේ ත්‍රෙඩ් එකෙන් SEO ගැන පුළුල්ව සාකච්චා කරමුද. මොකද මගේ SEO දැනුමත් හරිම අඩුයි.
    කලිනුත් මේ විදියෙම thread එකක් දැම්මා නේද?
    මෙහෙං අපි SEO කරනකොට, ගූගල් පැත්තෙන් algorithm update කරනවලු වැඩි වැඩියෙන් quality check කරලා ඒ අනුව ranking හදන්න. ඒ නිසා ඕක නිතරම update වෙන වැඩක් කියලා කියන්නෙ. නිරන්තර reasearch කරලා තමා trends අල්ලගන්න වෙන්නෙ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙගා කියල කිවුව නිසා මම මේ දිගා වෙලා බලන්න ආවේ.... කෝ බං මොකුත් නෑනේ

    Keyword research කරන ටූල්ස් පට්ට ගණන් නේ බං.... කොහොමද අලුතෙන් පටන් ගන්න කෙනක් කරන්නේ සාමාන්‍යයෙන්. SEMRush, Ahrefs වගේ ටූල්ස් group buy/ shared විකුණන උන්ගෙන් ගත්තොත් අවුල්ද? මොනවද තියෙන අවාසි, තනියම ගන්න ගියොත් මාසෙට $ 200 ක් විතර යනවනේ.. උඹලා කොහොමද මැනේජ් කරගන්නේ?
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නිශ්ශංක මූදු මංකොල්ල කාරයා කිවුවද රාජෆක්කලා ගොඩ දාන්න SEO කරලා පුළුවන් කියලා
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේක මම වෙන තැනක ලියපු එකක්. මෙතනට තමයි ගොඩක් ගැලපෙන්නේ.

    SEO වලදී ගන්න ඕන එකම තියරි එක තමයි හැම වෙලාවේම search engine එකක් update වෙන්නේ එය භාවිතා කරන අයට හොඳම කන්ටෙන්ට් දෙන්න.

    මුල්ම කාලේ meta tags තමයි SEO එත් page එකේ නැති දේවල් පවා meta tags වල දාලා ඒ කාලේ SEO පණ්ඩිතයෝ search engine නොමග යවන්න ගත්තා. ඒ එක්කම meta tags නොසලකා page එකේ තියෙන keywords extract කරන්න search engine update වුනා එත් content quality එක මනින්න ක්‍රම මුල් කාලේ search engine වල තිබුනේ නැහැ.

    content quality එක මනින්න AI නැති කාලේ තමයි backlinks මගින් content එක හොඳද නැද්ද කියලා සොයන ක්‍රම හැදුනේ. එක තමයි google පොඩි එකා කාලේ කලේ ඒ එක්කම google බබා කරන්න SEO කරන අය්යලා backlinks ගැහුවා පස්සේ google කලේ backlinks වල quality එක සොයන්න ක්‍රම හදාගත්තා ඒ ක්‍රමයක් තමයි page එකකට තියෙන backlinks එයට related ද කියල guess කිරීම සහ වෙනත් ක්‍රම හදාගත්තා.

    දැනට වසර කිහිපයක සිට google content quality එක මනින්න AI භාවිතා කළා. එතනදී සයිට් එකක් up කරන්න කෙලින්ම දායක වන්නේ content quality එක විතරයි ප්‍රධාන වශයෙන්. නමුත් මොන AI එකට වුනත් අපේ කන්ටෙන්ට් එක අඳුනා ගන්න සහ එයට ගැලපෙන සහ හිට් කරන්න ඕන keywords ගැන අපි හිතන්න ඕන. ඒ හැර search engine නොමග යවන දේවල් ගැන කියන SEO පණ්ඩිතයෝ කරන්නේ තනිකර බොරුවක්.

    මේ ටික හිතේ තියෙන IQ එක හොඳ මිනිහෙකුට තමයි SEO වලින් සාර්ථක වෙන්න පුළුවන්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    You cannot Fool the god.

    මම 2012 දි Blogspot බ්ලොග් එකක් පටන් ගත්තා.පොඩ් පොඩි ටෙක් කෑලි දාන්න.
    මගෙ ලග Huawei Dongle එකක් තිබුනා. මම මුලින්ම කරේ ඒක Unlock කරලා ...කරන විදිය English වලින් ලියලා Publish කරපු එක.
    කොහොමහරි මගෙ Life එක කෙල උනා. Post දෙකක් වගෙ දැම්මෙ මම නොදැනුවත්වම අතැරිලා ගියා. මට පරන කුනු අවුස්සද්දි ඕක මතක් වෙලා ලොග් වෙලා බැලුවා. අඩො එ 2012 ලියපු එව්වට 2020 -21 දිත් comments and Traffic ඇවිල්ලා තිබුන. ඒව සුපිරිම Original Writings. ඒ දවස් වල ඔය AI ...paraphrasing මුකුත් තිබ්බෙ නෑ. Manual කරන ලබ්බක් තමා. ලූප් හෝල් වලින් ගේම ගහන එක ටික කාලයයි කරන්න පුලුවන් ඉස්සර වගේ නෙමෙයි දැන් අහුවෙනවා.

    මට හිතෙන විදියට අර IncomeSchool සෙට් එකත් සල්ලි හොයන්නෙ Youtube සහ Mentorship වලින්. ඇත්ත්ටම කොහොමද දන්නෙ නෑ.
     
    • Like
    • Wow
    Reactions: Erzo and acryan