ASPH gena mokada hithanney
Auruddak wath HOLD karan inna wei machan, oka 0.10k yanwa kiyanne , long term thama ASPH-N
18-01-2021
මෙල්ස්ටාකෝර්ප් සමාගම DCSL හි කොටස් 50,000ක් විකුණයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සිය පරිපාලිත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සීහි තමන් සතුව තිබූ කොටස් 50,000ක් අලෙවි කර ඇතැයි පවසයි.
පසුගිය ජනවාරි 11 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී එක් කොටසක් රුපියල් 23 බැගින් අලෙවි කෙරී ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් 1,150,000 කි.
ඒ අනුව මෙම කොටස් අලෙවියෙන් පසුව ඩිස්ටිලරීස් ඔෆ් කම්පැනි ශ්‍රී ලංකාහි මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සතු කොටස් ප්‍රමාණය කොටස් 4,252,959,164ක් එනම් 92.4556%ක් ලෙස සටහන්ව තිබේ. 2020 මාර්තු 31 වැනිදා වනවිට මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සතුව තිබූ ඩිස්ටිලරීස් ඔෆ් කම්පැනි ශ්‍රී ලංකා පීඑල්සී කොටස් ප්‍රමාණය 4,253,009,164ක් විය.
මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකාහි පළමු කොටස් හිමිකරුවා වූ අතර දෙවැනි තැන මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට් (සිලෝන්) පෞද්ගලික සමාගමට (3.21%) හිමිව තිබේ. එසේම තෙවැනි තැන ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී (0.98%) වෙත හිමිව ඇත. මෙම සමාගම් තුන මෙන්ම ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකාහි හිමිකාරීත්වය දරන්නේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාය.
enbsl
ලක්ෂපාන බැටරි සමාගම සිය හිමිකම් නිකුතුවෙන් ලැබෙන මුදල් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරනවාලු
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සිය යෝජිත හිමිකම් කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් එහි මූලික අරමුණ වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙත ආයෝජනයට පෙර රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.
මෙම හිමිකම් නිකුතුව සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන් වෙත දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කරමින් ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ.
ඒ අනුව මෙම කොටස් හිමිකම් නිකුතුව හරහා රැස් කරගන්නා රුපියල් මිලියන 540ක (540,000,000) මුදල ආසන්න වශයෙන් වාර්ෂිකව 5%ක ප්‍රතිලාභයක් ලැබෙන ලෙස රජයේ සුරැකුම්පත් තුළ ආයෝජනයට සැලසුම් කර ඇතැයි ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී සිටියි.
පසුගිය නොවැම්බර් 18 වැනිදා ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව ලබන පෙබරවාරි 10 වැනිදා මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කිරිමට නියමිතව ඇත. මෙහිදී නව සාමාන්‍ය කොටස් මිලියන 36ක් (36,000,000) නිකුත් කිරීමට සැලසුම් කර සිටියි. එහිදි එක් කොටසක් රුපියල් 15 බැගින් අලෙවි කරන අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 540 කි.
ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී දැනට ඔවුන් විසින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් 13ක් වෙනුවෙන් අලුතින් නව සාමාන්‍ය කොටස් 12ක් නිකුත් කිරීම සිදු කරයි.
සමාගම වියළි කෝෂ නිෂ්පාදනය අත්හිටුවීමෙන් අනතුරුව තිරසාර ව්‍යාපාරික ක්‍රමවේදයක් ගොඩනැගීම සඳහා සිදු කරන කටයුත්ත වෙත අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කිරිමට සූදානමින් සිටියි.
ඒ අනුව මෙම නිකුතුව හරහා ලැබෙන රුපියල මිලියන 540ක මුදල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර/සිය සමාගමේ ව්‍යපාර විවිධාංගීකරණය සහ පුළුල් කිරීම සඳහා වන ව්‍යාපෘති වෙත යොදා ගැනීම සැලසුම වී ඇත. ඒ අතරින් සමාගම මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය යටතේ වහල මත සවි කෙරෙන සූර්ය පැනල ව්‍යාපෘති වෙත අවධානය යොමු කර ඇතැයි පවසයි.
ඒ අනුව දැනටමත් මේ සඳහා වන ව්‍යාපෘතියක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවත්, එම ව්‍යාපෘති අනුමත වීම සඳහා ගත වන මාස 18ක කාලයක් සඳහා මෙම මුදල් මෙලෙස රජයේ සුරැකුම්පත් තුළ ආයෝජනයට කටයුතු කරන බවත් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.
සමාගම පවසන ආකාරයට මෙහිදී එම ව්‍යාපෘතිය අදියර තුනකින් යුක්තව ඉදිරිපත් කර ඇති අතර ඒවායින් නිපදවන විදුලි බලය මෙගාවොට් 10 කි. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 1,125 කි.
ඉන් පළමු අදියර යටතේ මෙගාවොට් 1.5ක් නිපදවෙයි. දැනටමත් එහි තාක්ෂණික හැකියාව සම්පූර්ණ කර තිබේ. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය හිමිව යුතුව අතර ඉක්මණින්ම එහි කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටියි. එහිදී මෙම හිමිකම් නිකුතුවෙන් මාස තුනක් ඇතුලතදී ව්‍යාපෘතිය අවසන් කිරීම සැලසුම වී ඇති අතර ඒ සඳහා වන වියදම රුපියල් මිලියන 170 කි.
දෙවැනි අදියර යටතේ මෙගාවොට් 1.5ක විදුලියක් නිපදවෙන අතර එහිද තාක්ෂණික හැකියාව පිළිබඳ අධ්‍යයනය අවසන් කර ඇත. ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය සඳහා එහි ලියැවිලි ලබා දී තිබේ. හිමිකම් නිකුතුවෙන් මාස හයකට පසුව මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කළ හැකි බව ලක්ෂපාන බැටරීස් පීඑල්සී සමාගම පවසයි. එහි වියදම රුපියල් මිලියන 170 කි.
එසේම තෙවැනි අදියර යටතේ මෙගාවොට් 7ක විදුලියක් නිපදවෙයි. එහි මූලික ඇගයීම් අවසන් කර තිබෙන අතර, තාක්ෂණික හැකියාව පිළිබඳ අධ්‍යයනය සිදු කිරිමට නියමිතව ඇත. එහිදී මෙම තාක්ෂණික අධ්‍යයනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුව සිටියි. මෙම හිමිකම් නිකුතුවෙන් මාස 18ක් ඇතුලතදී මෙම ව්‍යාපෘතිය නිමා කළ හැකි බව සමාගම පවසයි. මේ සඳහා වන වියදම රුපියල් මිලියන 785 කි.
ඒ අනුව මෙගාවොට් 10ක මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන රුපියල් මිලියන 1,125ක මුදලින් රුපියල් 540ක් මෙම හිමිකම් නිකුතුවෙන් ලබා ගන්නා බවත්, ඉතිරි රුපියල් මිලියන 585 ණයක් ලෙස ලබා ගන්නා බවත් ලක්ෂපාන බැටරීස් පීඑල්ස් සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත වැඩිදුරටත් පවසා සිටියි.
enbsl
HNB
HNB බැංකුව ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ වැඩසටහන දියත් කරයි
තමන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙරට අද්විතීය හා සුවිශේෂී ව්‍යවසායකයින් ලබා ගත් ජයග‍්‍රහණ සමරනු වස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ යන සිය නවතම වැඩසටහන දියත් කළ බව නිවේදනය කරයි.
HNB සම්බන්ධ වී සිටින සියලූම සමාජ මාධ්‍ය වේදිකා හරහා දියත් කළ මෙම නවතම වැඩසටහන මගින් එදා මෙදා තුර බැංකුවේ සුවිශේෂී වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පදනම තමන් පැමිණි ව්‍යාපාරික ගමන් මග සහ ලබා ගත් ජයග‍්‍රහණ පිළිබඳව විශේෂයෙන් පිළිබිඹු කරයි.
‘‘රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදනයෙන් හරි අඩකට වඩා මෙන්ම සමස්ත සේවා නියුක්තියෙන් 45% ක් සඳහා විශාල දායකත්වයක් ලබා දෙන අංශයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලියයි. බැංකුවක් සතු විශාලතම සුළු හා මධ්‍ය පරිමාණ සේවාදායක කළඹට හිමිකම් කියන HNB මෙම ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් දිර්ඝ කාලයක් තිස්සේ කටයුතු කර ඇති නිසා ඔවුන් වෙනුවෙන් හැකි උපරිම සහයෝගයක් ලබා දීම අපගේ වගකීම යැයි අප විශ්වාස කරනවා. “ බැංකුව පවසයි.
මෙම නවතම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් HNB හි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා ‘‘මෙම වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක ව්‍යවසායන් කිහිපයක ව්‍යාපාරික ගමන්මග පෙන්වීමට අන්තර්ජාල අවකාශයක් නිර්මාණ කිරීමටයි. එමගින් ඔවුන්ගේ වෙළෙඳ සන්නාමය තව තවත් ඔසවා තැබීමටත් ඔවුන්ගේ ව්‍යාපාරවල දියුණුව අඛණ්ඩව පවත්වා ගැනීමට උපකාර කිරීමටත් අපට හැකි වනවා. ඒවගේම තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අනෙක් පුද්ගලයින්ට ද එය විශාල ධෛර්යයක් වේවි. මෙය අභියෝගාත්මක කාල පරිච්ෙඡ්දයක් වුවත් විශ්වාසයෙන් යුතුව ශක්තිමත්ව නැගී සිටීමට ඔබ තබන සෑම පියවරකදීම අප ඔබ සමඟ සිටිනවා.’’ යනුවෙන් පැවසුවේය.
1989 දී ‘ගැමි පුබුදුව’ සංකල්පය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටම විශේෂ වූ බැංකු හා මූල්‍ය සේවාවක් ස්ථාපිත කළ මෙරට පුද්ගලික අංශයේ පළමු බැංකුව වූයේ HNB ය.
දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී ප‍්‍රජාවට විශේෂ මූල්‍ය සේවා සැපයීමට අමතරව HNB පරම්පරා ගණනාවක් තිස්සේ තම ව්‍යාපාර සාර්ථකව අඛණ්ඩව පවත්වා ගෙන සුළු හා මධ්‍ය පරිමාණ සේවාදායකයින්ට අවශ්‍ය දැනුමින් හා කුසලතාවලින් සවිබල ගැන්වීමට ද කටයුතු කරයි.
එමෙන්ම උපදේශන සේවාවලට අමතරව තම ව්‍යාපාර කටයුතු දේශීය මෙන්ම අපනයන වෙළෙඳපොළ දක්වා ව්‍යාප්ත කිරීමට ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සහාය ද බැංකුව ලබා දෙයි.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙරට ආර්ථිකයේ තීරණාත්මක අංශ සඳහා තිරසාර මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා පුළුල් වූ මූල්‍ය සම්පත් හා තාක්ෂණික හැකියාවන් උපරිම ලෙස යොදා ගැනීමට බැංකුව දරණ ප‍්‍රයත්නය උදෙසා HNB දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අඛණ්ඩව සම්මානයට පාත‍්‍ර වී ඇත.
COVID-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යවසායකයින්ට අවශ්‍ය කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ එක්ව පිහිට වූ සෞභාග්‍යා කොවිඞ්-19 පුනරුද සහන ණය යෝජනා ක‍්‍රමය යටතේ HNB රුපියල් බිලියන 5ක සහන අරමුදලක් ද දියත් කළේය.
මේ අනුව රජයේ ණය යෝජනා ක‍්‍රමවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB හි මෙම කොවිඞ් සහන අරමුදලෙන් සහන පොළී අනුපාතයකට කාරක ප‍්‍රාග්ධණ ණයක් ලබා ගැනීමට ද බැංකුව අවස්ථාව ලබා දුන්නේය.
මේ ආකාරයට, කොවිඞ් වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමේ රජයේ අරමුණට HNB තමන්ටම අයත් අභ්‍යන්තර අරමුදලක් මගින් සහාය වීම විශේෂයෙන් කැපී පෙනේ.
එමෙන්ම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ප‍්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ ඩොලර් මිලියන 60ක දිගු කාලීන ණය ගිවිසුමකට එළැඹීමට ද මෑතකදී HNB හට හැකි විය.
ශ්‍රී ලංකාවේ වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවක් ලෙස සිය කාර්යභාරය සැලකිල්ලට ගෙන ලොක්ඩවුන් කාල පරිච්ඡේදය පුරාවට අඛණ්ඩවම පුළුල් පරාසයක ඩිජිටල් බැංකු සේවා සහතික කිරීමට HNB සමත් විය. මෙම සේවා අතර කාඞ්පත් මඟින් සිදු කරන ගෙවීම් සඳහා බ්ලූටූත් (Bluetooth) උපාංගය මඟින් ක‍්‍රියාත්මක වන අඩු වියදම් HNB MOMO විසඳුම සහ QR කේතය පදනම් කරගත් බැංකුවේ ප‍්‍රධානතම ජංගම ගෙවීම් යෙදවුම වන HNB SOLO හරහා පරිශීලකයින්ට ආරක්ෂිතව ස්පර්ශයෙන් තොර ගනුදෙනු කටයුතු කිරීමේ හැකියාව ලබා දෙයි.
මීට අමතරව බැංකුවේ AppiGo විප්ලවීය අන්තර්ජාල භාණ්ඩ හා සේවා විකුණුම් වේදිකාව සමඟ සම්බන්ධ වීම මගින් ඕනෑම ව්‍යාපාරයකට පහසුවෙන් හා ඉක්මනින් අඛණ්ඩව ඉ-වානිජ්‍ය (e-commerce) හැකියාවන් පිහිටුවීමට අවස්ථාව ලබා දෙයි.
පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන HNB මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.
------
Post added on Jan 18, 2021 at 3:33 PM