Share Market Mega Thread

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    na bn math part time krnne lankwe market eka full time krnwa kyne moda wadak bn mkd politics nsa wenas wenw abn

    FD walata wada 100 gunayak hamba krnna plwn bn

    igena gaththa danna ayagen ahla emai bn

    company ekak thoragnnna bn sahenna dewal study krnna one onnam mata ubata advice krnna plwn bn


    Full time කරන අය ඉන්නව බන්..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ape broker ta kohomath api buy karaddi, sell karaddi commision ekak yanawa.. samanne 2.2 % arinna wenawa ekata..ethakota ithuru gain eka thama profit eka wenne.. man web site walin analysis karanawa.. mage hondama yaluwa gedara indan karanne stock market thama..pora lokuwata karanawa.. mata ithin eya kiyala denawa .. ey ekkama math company reports kiyawala, saha cabinet news ewa mewa poddak analys karala wadey gahanawa.. gahapu game godak awul une nah..

    broker whats app eken ewanawa msg ekak.. reports ehmath ewanawa..eth mata gdak ewa cse web eken hamba wenawa.. ewele share eke price eka dammoth ewelema ganna puluwan. man kiyanne.. podi ganak dala.. chuttak karala balanna.. ethakota oka alla ganna puluwan..

    langadi man access eke shares wagayak gaththa nagi kiyala hithagena..ara loku tender ekak apu nisa.. thawa wada wagayak hamba una nisa.. man hithuwa up wei kiyala..eth ehema une nah..

    ey wage ma cic eka podi ganak thiyeddi..pohora kathandara gana cabinet news eka danagaththa man..eth hithuwe nah nagi kiyala..bala lath gaththey nah.. eth dawas 2, 3 athulatha nagga nagillak....aparadey. ..

    Sierra
    Expolanka hit una gattanam loku profit last month
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    මචං , මම අවුරුදු 5ක් විතර ඉඳන් Share Market එකේ Invest කරනව...FB එකෙන් set උන අයියා කෙනෙක් තමයි මටත් කියලා දුන්නෙ..ලෝබ නැතුව ගොඩක් දේවල් කියලා දුන්නා...එයාගෙ සිංහලෙන් ලියපු ගොඩක් post තියෙනවා, විශේශයෙන් අලුත් අයට වැදගත් ඒවා...ඒවා මෙතන දැම්මට කමක් නැද්ද.... owner ගෙ copyrights තියලා දාන්නෙ..

    මට ඒ අයියා කිව්ව EXPO 4.50දි ඒක යනව ගනින් කියල....ගන්න කොට 4.80 වෙලා..කිව්ව වගෙම ගියා...4.80 ට ගත්ත එක වික්කෙ 18.40ට....15000ක් අරන් තිබුනෙ...හදලා බලහන් ලාබෙ ...සති 2-3ක් යන්න ඇති ...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචං , මම අවුරුදු 5ක් විතර ඉඳන් Share Market එකේ Invest කරනව...FB එකෙන් set උන අයියා කෙනෙක් තමයි මටත් කියලා දුන්නෙ..ලෝබ නැතුව ගොඩක් දේවල් කියලා දුන්නා...එයාගෙ සිංහලෙන් ලියපු ගොඩක් post තියෙනවා, විශේශයෙන් අලුත් අයට වැදගත් ඒවා...ඒවා මෙතන දැම්මට කමක් නැද්ද.... owner ගෙ copyrights තියලා දාන්නෙ..

    මට ඒ අයියා කිව්ව EXPO 4.50දි ඒක යනව ගනින් කියල....ගන්න කොට 4.80 වෙලා..කිව්ව වගෙම ගියා...4.80 ට ගත්ත එක වික්කෙ 18.40ට....15000ක් අරන් තිබුනෙ...හදලා බලහන් ලාබෙ ...සති 2-3ක් යන්න ඇති ...

    ado patta bn adapan kisima awlk na danna ona deyak share krganin sahenna watinwane bn :love: :love: :love:

    Sierra
    Expolanka hit una gattanam loku profit last month

    mcn mama PM ekaata reply kra oyage poddak idala gamu ne covid case eka lokuwat gyth aye market eka drop wenna plwn poddak ekai
     
    • Like
    Reactions: adowhybn

    shenat

    Well-known member
  • May 13, 2007
    57,774
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    මචං , මම අවුරුදු 5ක් විතර ඉඳන් Share Market එකේ Invest කරනව...FB එකෙන් set උන අයියා කෙනෙක් තමයි මටත් කියලා දුන්නෙ..ලෝබ නැතුව ගොඩක් දේවල් කියලා දුන්නා...එයාගෙ සිංහලෙන් ලියපු ගොඩක් post තියෙනවා, විශේශයෙන් අලුත් අයට වැදගත් ඒවා...ඒවා මෙතන දැම්මට කමක් නැද්ද.... owner ගෙ copyrights තියලා දාන්නෙ..

    මට ඒ අයියා කිව්ව EXPO 4.50දි ඒක යනව ගනින් කියල....ගන්න කොට 4.80 වෙලා..කිව්ව වගෙම ගියා...4.80 ට ගත්ත එක වික්කෙ 18.40ට....15000ක් අරන් තිබුනෙ...හදලා බලහන් ලාබෙ ...සති 2-3ක් යන්න ඇති ...

    Author ගෙන් අහල දාන්න. නමත් දැම්මම කිසි ප්‍රශ්නයක් නෑ.

    කාටත් වැදගත් වෙයි ඒ දේවල්.
     
    • Like
    Reactions: adowhybn

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    ටික ටික දාන්නම් මචංලා...ඒවා හොයා ගන්නත් ඕන


    කොටස්‌ වෙළෙඳපොළට පිවිසෙමු

    කොටස්‌ වෙළෙඳපොළට අලුතින්ම පිවිසීමට බලාපොරොත්තු වන නවක ආයෝජකයකු ඒ සඳහා කළ යුත්තේ කුමක්‌ද? එසේත් නැත්නම් කොටස්‌ වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට (සමාගම් කොටස්‌ මිලදී ගැනීමට) කැමැති අයකු ඒ සඳහා කුමක්‌ කළ යුතුද? කොටස්‌ වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින අයට දැනගැනීමට වඩාත්ම අවශ්‍ය වන්නේ මේ කාරණය බවට කිසිම සැකයක්‌ නැත. ඒ නිසා මේ ලිපියෙන් අපගේ මූලික අවධානය යොමු වන්නේ යම් ආයෝජකයකුට කොටස්‌ වෙළෙඳපොළට පිවිසිය හැක්‌කේ කෙසේද යන්න ගැනයි.
    කොටස්‌ වෙළෙඳපොළට පිවිසීම කැමැති අයෙක්‌ ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ කොටස්‌ තැරුව්කාර ආයතනයක්‌ වෙත ගොස්‌ ලියාපදිංචි වීමයි. එනම් ඔබ වෙනුවෙන් ගිණුමක්‌ විවෘත කර ගැනීමයි. කොටස්‌ වෙළෙපොළක ගනුදෙනු කළ හැක්‌කේ කොටස්‌ තැරැව්කාර ආයතන මගින් පමණි. ඒ නිසා ඔබට කොටස්‌ වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කොටස්‌ තැරැව්කාර ආයතනයක්‌ වෙත යැම අනිවාර්යය කරුණකි.

    කොටස්‌ මිලදී ගැනීම

    කොටස්‌ වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට කැමැති අයකුට එය කළ හැකි ප්‍රධාන ආකාරයන් දෙකකි. ඒ මෙසේයි.

    1. ප්‍රාථමික වෙළෙඳපොළ මගින් (මුලින්ම කොටස්‌ නිකුත් කරන සමාගමකින් සෘජුවම කොටස්‌ මිලදී ගැනීම.)

    2. ද්විතීයික වෙළෙඳපොළ මගින් (කොළඹ කොටස්‌ වෙළෙඳපොළ තුළින් කොටස්‌ මිලදී ගැනීම)

    ප්‍රාථමික වෙළෙඳපොළ සහ ද්විතීයික වෙළෙඳපොළ යන වචන ගැන ඔබ කළබල විය යුතු නැත. ඒවා අපි ඉතා සරලව පැහැදිලි කර ගනිමු.

    ප්‍රාථමික වෙළෙඳපොළ (Primary Market)

    සමාගමක්‌ මුලින්ම මහජනයාට කොටස්‌ නිකුත් කිරීම ප්‍රථමික වෙළෙඳපොළයි. එම අවස්‌ථාවේදී එම සමාගමෙන් සෘජුවම කොටස්‌ මිලදී ගැනීම හඳුන්වන්නේ ප්‍රාථමික වෙළෙඳපොළෙන් කොටස්‌ මිලදී ගැනීමක්‌ ලෙසයි. සමාගමක්‌ මෙසේ මහජනයාට කොටස්‌ නිකුත් කරන්නේ ඇයි ද යන්න ගැන අප දැනටමත් සාකච්ඡා කර තිබේ.

    සමාගමක්‌ මහජනයාට කොටස්‌ නිකුත් කිරීමේදී එම කොටස්‌ නිකුතුව පිළිබඳව ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක්‌ ලබාදේ. ඒ පිළිබඳ පුවත්පත් දැන්වීම් පළ කරයි. සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන් කැඳවා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ ද පවත්වයි. ඒ හරහා කොටස්‌ නිකුතුව පිළිබඳ විස්‌තර ප්‍රසිද්ධියට පත් කරනු ලබයි. මෙවැනි පුවත්පත් දැන්වීම් සහ ප්‍රවෘත්ති ඔබ කොතෙකුත් පුවත්පත්වල දැක තිබෙනවා විය හැකිය. මේ ප්‍රචාරය හරහා යම් සමාගමක්‌ මහජනයාට කොටස්‌ නිකුත් කිරීමට යන බව අපට දැනගත හැකිය. විශේෂයෙන්ම අදාළ සමාගම විසින් තම කොටස්‌ නිකුතුව පිළිබඳ පළ කරනු ලබන පුවත්පත් දැන්වීම්වල, සමාගම විසින් කොටස්‌ නිකුතුව ආරම්භ කරන දිනය සහ අවසන් කරන දිනය මෙන්ම කොටස්‌ මිලදී ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් හට ඒ සඳහා අවශ්‍ය වන ලිපිලේඛන ලබා ගත හැකි ස්‌ථාන පිළිබඳවද සඳහන් කරනු ලබයි.

    මෙසේ ජනමාධ්‍ය මගින් කරන ප්‍රචාරයට අමතරව යම් සමාගමක්‌ කොටස්‌ නිකුතුවක්‌ සිදුකිරීමේදී, එම කොටස්‌ නිකුතුවට අදාළ සියලු විස්‌තර සඳහන් කර පොතක්‌ නිකුත් කරයි. එය හඳුන්වන්නේ සංස්‌ථා ප්‍රකාශය (Prospectus)වශයෙනි. ඇතැම් සමාගම් මෙම සංස්‌ථා පත්‍රය සිංහලෙන්ද මුද්‍රණය කරයි. එහෙත් බොහෝ සමාගම් තවමත් මෙය ප්‍රකාශයට පත් කරන්නේ ඉංගී්‍රසි භාෂාවෙන් පමණකි.

    සංස්‌ථා ප්‍රකාශයට ඇතුළත් වන කරුණු

    සමාගමක කොටස්‌ මිලදී ගැනීමට අපේක්‍ෂා කරන ආයෝජකයන්ට, තම තීරණය ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය සියලු තොරතුරු මෙම සංස්‌ථා ප්‍රකාශයේ ඇතුළත්ය. ඒ අතරින් පහත සඳහන් කරුණු සංස්‌ථා ප්‍රකාශයට ප්‍රධාන වශයෙන්ම ඇතුළත් කරයි.

    * සමාගමේ නම.
    * අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පිළිබඳ විස්‌තර.
    * කොටස්‌ නිකුත් කිරීමේ අරමුණ.
    * කොටස්‌ නිකුතුවේ විස්‌තර.
    * නිකුත් කරන කොටස්‌ ප්‍රමාණය.
    * කොටසක්‌ නිකුත් කරන මිල.
    * කොටස්‌ නිකුතුව ආරම්භ වන දිනය සහ අවසන් කරන දිනය.
    * සමාගමේ ප්‍රාග්ධනය සහ කොටස්‌ ප්‍රමාණය පිළිබඳ විස්‌තර.
    * සමාගමේ ගිණුම් විස්‌තර.
    * කොටස්‌ මිලදී ගත හැකි ආකාරය.
    * කොටස්‌ බෙදා හරින ආකාරය.
    * සමාගමේ ව්‍යාපාර කටයුතු හා ඒවායේ ස්‌වභාවය.
    * සමාගමේ ව්‍යහය සහ ශාඛා ජාලය පිළිබඳ විස්‌තර.
    * සමාගමේ ප්‍රධාන නිලධාරීන් පිළිබඳ විස්‌තර.

    මීට අමතරව ආයෝජකයාට එම සමාගමේ කොටස්‌ මිලදී ගැනීමේ තීරණය ගැනීමට වැදගත් වන තවත් තොරතුරු රැසක්‌ සංස්‌ථා ප්‍රකාශයට ඇතුළත් වේ. මෙය කියවා බැලීමෙන් පසු ආයෝජකයාට එම සමාගම පිළිබඳ පුළුල් දැනීමක්‌ ලබාගත හැකි වේ. මෙම සංස්‌ථා ප්‍රකාශය, සමාගම සඳහන් කරන ඕනෑම ස්‌ථානයකින් නොමිලයේ ලබාගත හැකිය.

    සංස්‌ථා ප්‍රකාශය ලබාගත හැකි තැන්

    * සමාගමෙන් හෝ සමාගමේ ශාඛා ජාලය හරහා.
    * සියලුම කොටස්‌ තැරැව්කාර ආයතන මගින්.
    * කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වෙබ් අඩවියෙන්.
    * සමාගමේ වෙබ් අඩවියෙන්.
    * සමාගම සඳහන් කරන වෙනත් ඕනෑම ස්‌ථානයකින්.

    සංස්‌ථා ප්‍රකාශය කියවා තේරුම් ගැනීමට අපහසු ඕනෑම අයකුට තමා තෝරාගත් කොටස්‌ තැරැව්කාර ආයතනය මගින් ඒ පිළිබඳ වැඩිදුර විස්‌තර විමසා දැන ගත හැකිය. සමාගම් විසින් සංස්‌ථා ප්‍රකාශය නිකුත් කිරීමේදී එම සමාගමේ කොටස්‌ ඉල්ලුම් කිරීම සඳහා අයදුම්පතක්‌ ද නොමිලයේම ලබාදෙයි. සංස්‌ථා ප්‍රකාශය කියවීමෙන් පසු එම සමාගමේ කොටස්‌ මිලදී ගැනීමට තීරණය කරන්නේ නම් අයදුම්පත්‍රය පිරවිය යුතු වන අතර ඒ සඳහා ද කොටස්‌ තැරැව්කාර ආයතනයේ සහාය ලබාගත හැකිය.

    Asanka Senevirathna (Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින්
     
    Last edited:

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    පලමු කොටස.....


    01. කොටස් ගනුදෙනු සඳහා මා කුමක් කල යුතුද?

    ඔබ සතුව මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් (සි. ඩී. එස්) තිබිය යුතුය. එහි ක්‍රියාදාමය ඉතා සරලය. කොටස් තැරැව්කරුවන් (stock brokers) අතුරින් එක් තැරැව්කරුවකු හමු වී ලියාපදිංචිය සඳහා ලියකියවිලි ලබා ගත යුතුය. පසුව එම ලියකියවිලි සම්පූර්ණ කර ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් සහ මාස 6ක් ඇතුළත ලබා ගත් උපයෝගිතා බිල් පතක් (පදිංචිය තහවුරු කිරීම සඳහා) සමඟ තැරැව්කරුට භාර දිය යුතුය. සාමාන්‍යයෙන් සී. ඩී. එස්. ගිණුමක් ආරම්භ වීමට දින දෙකත් තුනත් අතර කාලයක් ගත වේ.
    ඔබට තැරැව්කරු හරහා ඔබගේ සි.ඩි.එස්. ගිණුම ආරම්භ කර තිබේ දැයි තහවුරු කර ගත හැකිය.වර්තමානයේ CDS Accoints, online උවද open කල හැකිය... Link එක https://www.cds.lk/open-accounts-online/.... තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Applicationද ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.දුරකථනයකින් වුවද උපදේශකවරයෙකු අමතා කොටස් ගනුදෙනු කල හැකි වේ.ඉහත සඳහන් මුලික ලියකියවිලි සහ තොරතුරු තැරැව්කරු මත වෙනස් විය හැක.

    02. කොපමණ මුදලකින් ගනුදෙනු ආරම්භ කල හැකිද?

    ඔබට රුපියල් 100 කින් වුවද ගනුදෙනු ආරම්භ කල හැක. එය රඳා පවතින්නේ ඔබ ගනුදෙනු කිරීම සඳහා තෝරා ගනු ලබන සමාගමේ කොටස් මිල මතය. ඇතැම් සමාගම් වල කොටස් ගනුදෙනු වන්නේ ඉතා අඩු මිලකටය.
    ඇත්තෙන්ම ඔබට ඕනෑම මුදලකින් ගනුදෙනු කිරීම ආරම්භ කල හැකිය. එම නිසා දැන්ම ගනුදෙනු කිරීමට යොමු වන්න. ඔබ ලබා ගන්නා අත්දැකීම් සහ දැනුම උපයෝගී කර ගනිමින් ඔබගේ ආයෝජනය වැඩි දියුණු කරගත හැක.

    03. ලියකියවිලි සම්පුර්ණ කිරීම සඳහා උපදෙස්

    සි.ඩි.එස්. ගිණුමක් ආරම්භ කිරීම සඳහා ඔබ විසින් පහත සඳහන් ලියකියවිලි පිරවිය යුතුය. ඊට අමතරව ඔබගේ තැරව්කරු ඔවුන් සපයන සේවාවන් සඳහා වැඩිදුර තොරතුරු ඉල්ලා සිටිය හැක. පහත සඳහන් ලියකියවිලි භාවිතයේදී යොදා ගන්න ආකාරයෙන් දක්වා ඇත.
    නිවැරදිව පිරවූ සි.ඩි.එස් පෝරමය.
    ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්.
    ඔබ සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් විදේශ ගමන් බලපත්‍රයේ හෝ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක් ලබා දිය හැකිය. (ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය නොමැතිනම් ජාතික හැඳුනුම්පත් අංකය දිවුරුම් ප්‍රකාශයක් මගින් සනාථ කල යුතුය.)
    ඔබේ හැඳුනුම් පතෙහි සඳහන් ලිපිනය සහ දැනට පදිංචි ලිපිනය එකිනෙකට වෙනස් නම් එහි පදිංචිය සනාථ කිරීම සඳහා උපයෝගිතා බිල්පතක් (විදුලි/ දුරකථන) ඉදිරිපත් කල යුතුය.
    ඉහත සඳහන් උපයෝගිතා බිල්පත ඔබ දෙමව්පියන්ගේ නමට ඇත්නම් එම ඥාතී සම්බන්ධතාවය සනාථ කල යුතුය.
    තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Applicationද ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත

    04. මා විසින් මිලදී ගත යුතු කොටස් වර්ගය පිළිබද දැනුවත් වන්නේ කෙසේද?

    ඔබට ආයෝජන උපදේශකවරයෙකු සිටින්නේ ඒ සදහා ය. සෑම තැරැව්කාර සමාගමකටම ප්‍රවීන ආයෝජන උපදේශකවරුන් කණ්ඩායමක් සිටි. ඔබගේ සි. ඩී. එස් ගිණුම ආරම්භයත් සමග තැරැව්කාර සමගම විසින් ඔබට ඔබ සදහා වෙන් වූ ආයෝජන උපදේශක වරයෙකු ලබා දේ. ඔබ ඔහු හට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් හෝ ඔහු හමු වීමෙන් ආයෝජනය කිරීමට සුදුසු කොටස් පිළිබද තොරතුරු ලබා ගත හැක. එහිදී ඔබගේ උපදේශකවරයාටද ඔබගෙන් විමසීමට යම් යම් තොරතුරු තිබිය හැක. උදාහරණ ලෙස ඔබ ආයෝජනය කිරීමට අපේක්ෂා කරනු ලබන කාලය, මුදල වැනි තොරතුරු ඔහුට ලබා දිය යුතුය.
    ඔබ ඕනෑම වෘතියක දී සිටින්නෙකු විය හැක. එමෙන්ම ඔබ ඔබගේ වෘතියෙහි ප්‍රවීනයෙකුද විය හැක. කෙසේ වෙතත් ඔබගේ ආයෝජන උපදේශකවරයා කොටස් වෙළදපළ ගනුදෙනු පිළිබද ප්‍රවීනයෙකු වේ. එම නිසා ඔහුගෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්න.එය කෙසේ වුවත් සෑම විටකම උපදෙස් ලබා දෙනු ලබන්නේ කොටස් වෙළදපළ පිළිබද තොරතුරු රැස් කිරීමටය.ඒ තුලින් ඔබට එහි ප්‍රවීනයෙකු මෙන්ම පොහොසතකු විය හැක.

    05. මා හට කොටස් වෙළඳපොළ තුල කොපමණ වේගයකින් මුදල් ඉපැයිය හැකිද? අවම ප්‍රතිලාභය කොපමණද?

    ප්‍රතිලාභ යනු සරලව, ඔබ අඩු මිලට කොටස් මිලදී ගෙන වැඩි මිලට විකිණීමය.* එසේම ඔබගේ ශුද්ධ ලාභය ගණනය කරනු ලබන්නේ ගැණුම් කොමිස් සහ විකුණුම් කොමිස් අඩුකිරීමෙන් පසුවය. එබැවින් ඔබගේ ප්‍රතිලාභ මුළුමනින්ම කොටස් මිල වෙනස් වීම් මත රඳා පවතී. කොටස් මිල විවිධ හේතුන් මත ඉහළ පහළ යා හැක.එම නිසා අපට නිශ්චිතව අවම ප්‍රතිලාභ හෝ මුදල් ඉපැයිය හැකි වේගය කිව නොහැක.
    ඔබ ආයෝජනය සදහා නිවැරදි ලෙස කොටස් තොරා නොගතහොත් ඔබට අලාභයන්ටද මුහුණ දීමට අවස්ථාව ඇත. ඔබගේ ප්‍රතිලාභ ඔබ තෝරා ගනු ලබන කොටස මතද රඳා පවතී. *කොටස් ආයෝජනයෙහි ලාභාංශ ප්‍රතිලාභ ද ඇත
    .
    06. කොපමණ කාලයකින් මට මගේ මුදල් නැවත ලබා ගත හැකිද?

    විකුණුම් ගනුදෙනුව සිදුවූ දින සිට වෙළඳ දින 3කින් අදාල මුදල ඔබගේ ගිණුමට බැර කෙරේ. එබැවින් ඔබ විකිණීමට අදහස් කරන ඕනෑම දිනක සිට වෙළඳ දින 3 ක් ඇතුලත මුදල් නැවත ලබා ගත හැකිය. ඔබ සැනෙකින් කොටස් විකිණීමට අදහස් කරන්නේ නම්, ඔබට එම කොටස් විකිණීමට හැකි වන්නේ වෙළඳපොළ පවතින මිලටය. කොටස් විකිණීමේදී බොහෝ දුරට ඔබට අවශ්‍ය මිලට කොටස් විකිණීමට නොහැකි විය හැකිය
    .
    07. මගේ මුදල් කොටස් වෙළඳපොළ තුල ආරක්ෂිත ද?

    ප්‍රථමයෙන් ඔබ කරනු ලබන්නේ කිසියම් සමාගමක හෝ සමාගම් කිහිපයක කොටස් මිල දී ගැනීමය. කොටස් වෙළඳපොළ සහ තැරැව්කරුවන් යනු ඔබගේ ගනුදෙනු සඳහා සහාය දක්වන්නන් පමණි. ඔබ සතුව සමාගමක කොටස් තිබෙනවා යනු ඔබට සමාගමෙන් සුළු ප්‍රතිශතයක අයිතියක් ඇති බවය.
    කොටස් මිල රඳා පවතින්නේ සමාගමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මතය. සමාගමේ ක්‍රියාකාරිත්වය හා ඒ පිළිබඳ වාසිදායක තොරතුරු පවතීනම් සමාගමේ කොටසක මිල ඉහල යා හැක. එසේම අවාසිදායකනම් එය කොටස් මිල පහල යාමට බලපානු ඇත. එම නිසා මුදල් වල ආරක්ෂිතභාවය බොහෝ විට රඳා පවතින්නේ තෝරාගත් සමාගමේ ක්‍රියාකාරිත්වය හා එහි තොරතුරු ව්‍යාප්තිය මතය.

    08. මගේ ආයෝජනයට පාඩු සිදු විය හැකිද?

    ඕනෑම ආයෝජනයක් සඳහා අවදානමක් ඇත. ඔබ මිලට ගත් කොටස් වල අගය පහත වැටීම කොටස් සඳහා ඇති ප්‍රධාන අවදානම ලෙස හැඳින්විය හැක. නමුත් සමාගමක ක්‍රියාකාරිත්වය පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන්නේනම් ඔබට කොටස් මිල පහත වැටීමෙන් සිදුවන අලාභය අවම කර ගත හැක. එමෙන්ම කොටස් මිල සඳහා ආර්ථික, දේශපාලනික, සමාජීය, තාක්ෂණික සහ අනෙකුත් බාහිර සාධක බලපානු ඇත.
    විවිධ සමාගම් වල හෝ විවිධ ක්ෂේත්‍රවල කොටස් ආයෝජනය කිරීමෙන් ඔබට මෙම අවදානම අවම කරගත හැක.
    කෙසේ වෙතත් අවධානය යොමු කල යුතු කරුණක් නම් ඔබට දැරිය හැකි අලාභයේ ප්‍රමාණයට පමණක් ආයෝජනයේ යෙදීමයි.

    09. මම කොටස් ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටිමි. මට දියහැකි උපදෙස් මොනවද?

    ඔබ කොටස් වෙළඳපොළට අලුතෙන් සම්බන්ධ වන්නට සිතන්නේ නම්, එම විෂයපථය සම්බන්ධව හැකිතාක් දැනුම රැස් කරගන්න. විශේෂයෙන්ම වෙළෙඳපොල දින කිහිපයක්ම හොඳින් නිරීක්ෂණය කරන්න. තෝරාගත් කොටස් ස්වල්පයක් දින කිහිපයක් පුරා හොඳින් අධ්‍යයනය කරන්න.
    ප්‍රයෝගිකව ඔබ කොටස් කිහිපයක් මිලට ගත්තේ යයි සිතන්න. ඉන්පසු එම උපකල්පිත ආයෝජනය දෛනිකව වෙළඳපොළ සමඟ වෙනස් වන ආකාරය අධ්‍යයනය කරන්න. මෙමඟින් ඔබ සත්‍ය වශයෙන්ම මුදල් ආයෝජනය කිරීමෙන් මිල උච්ඡාවචනය වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලැබෙනු ඇත.
    තවද, හැකිතාක් කොටස් වෙළඳපොළ පිළිබඳව සහ කොළඹ කොටස් වෙළඳපොළට සම්බන්ධ ලිපි ලේඛන පරිශීලනය කරන්න. ඔබ මෙම දැනුමෙන් පුර්ණ වන තරමටම ඔබට එය සැබෑ තත්වයට මුහුණ දීමේදී වාසියක් වනු ඇත. අන්තර්ජාලය තුලින් ඔබට මෙම දැනුම වැඩි ඇතක නොවේ.
    ඔබට විශ්වාසදායී, ඔබට සැබෑ ලෙස කොටස් වෙළඳපොළ පිළිබඳව උපදේශයක් ලබා දියහැකි ප්‍රවීනයෙකු හා නිතර කතා කරන්න.
    ඔබ දැනුමෙන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ යයි සිතන විට ඔබට සහජ තීරණ ගැනීමේ හැකියාව නිතැතින්ම උදා වනු ඇත.

    10. ඕනෑම් කෙනෙකුට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිද?

    ඇත්තෙන්ම, ඔබ අවුරුදු 18ට වැඩිනම් හා ඔබ සතුව ජාතික හැදුනුම් පත තිබේනම් ඔබට සි.ඩි.එස් ගිණුමක් ආරම්භ කල හැකිය.

    ඉතිරිය ඊගාව කමෙන්ටුවේ......
    Asanka Senevirathna (Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින්
     

    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    දෙවන කොටස.......

    11. මම කොටස් මිලදී ගැනීමට අදහස් කරනු ලබන්නේ නම් සි.ඩි.එස් ගිණුමක් තිබීම අනිවාර්යද?

    ඔව්. මක්නිසාද යත් තවදුරටත් කොටස් සහතික නිකුත් කිරීමක් නොකරන බැවින්ය.

    12. මගේ ආයෝජන උපදේශක හට මා සදහා කාලයක් නොමැත. එම නිසා මා සිතන ආකාරයට මා හට සාධාරණ සේවාවක් නොලැබේ.

    බොහොමයක් ආයෝජන උපදේශකවරුන් කාර්ය බහුල වී ඇත්තේ පසුගිය වසර තුල කොටස් වෙළදපළ අත්දුටු වර්ධනයන් නිසාවෙනි. එම නිසා එක් ආයෝජකයෙකු වෙනුවෙන් ඇති කාලය අඩු වි ඇත. ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් විය හැකි කාලයක් නොලබන්නේ නම්, ඔබ ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමට පෙළඹිය යුතුය. එම නිසා නිවැරදි අවශ්‍ය තොරතුරු ලබා නොගැනීමට ඔබද යම්තාක් දුරකට වැරදිකරුවකු විය හැක.
    තව දුරටත් ඔබ ඔබගේ උපදේශකවරයාගෙන් සැහීමකට පත් නොවන්නේ නම් ඔබට වෙනත් උපදේශකවරයෙක් තැරව්කරුගෙන් ඉල්ලා සිටිය හැක. එසේ නොමැතිනම් ඔබට වෙනත් තැරව්කරුවකු වෙත යා හැක.

    13. ඉතුරුම් ගිනුමක හෝ ස්ථාවර තැම්පතුවක ආයෝජනය නොකර කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරන්නේ ඇයි? එයින් ලැබෙන අමතර ප්‍රතිලාභ මොනවද?

    ඔබ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කිරීමෙන් ඔබට මාසිකව පොලි අදායමක් ඉපැයිය හැක.(බැංකුව බුන්වත්භාවයට පත් නොවන්නේ නම්). කෙසේ වෙතත් ප්‍රතිලාභය ස්ථාවරය.ඔබ නිසි අවබෝධයකින් යුතුව කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු කරන්නේ නම්, ඔබගේ ප්‍රතිලාභය අසීමිතය. එහෙත් ඔබ මතකයේ තබා ගතයුතු කරුණක් වන්නේ කොටස් මිල සැමවිටකම ඉහළ පහළ යන බව සහ ඉන් ඔබට අලාභයන් සිදුවීමට අවස්ථාව ඇති බවය.ඔබ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කල යුත්තේ ඔබට එම අවදානමට මුහුණ දීමට හැකිනම් පමණි.
    සෑම ආයෝජනයකම වාසි මෙන්ම අවාසිද ඇත.එම නිසා ඔබ මුහුණ දීමට සුදානම් අවදානම සහ කුමන ආයෝජනයක මුදල් යොදවන්නේ ද යන්න ඔබ තීරණය කල යුතු කරුණකි.("ඉහළ අවදානමට ඉහළ ප්‍රතිලාභ" සංකල්පය.)

    14. මා මිලට ගත කොටස් සඳහා ගෙවීම් කල යුත්තේ කෙසේද?

    ඔබ කොටස් මිලදී ගත දින සිට වෙළඳ දින 3ක් ඇතුලත (T+3), තැරැව්කාර සමාගම් බැංකු ගිණුමට, ඔබ මිලටගත් කොටස්වලට සමාන මුදල් ප්‍රමාණයත් එයට අදාළ කොමිස් මුදලත් තැන්පත් කල යුතුය.

    15. ඉහත කාලය ඇතුලත මට ගෙවීම කල නොහැකි නම්?

    ඔබ කොටස් මිලදී ගත් දින සිට වෙළඳ දින 3ක් (T+3) ඇතුලත මුදල් තැන්පත් නොකළහොත්, තැරැව්කාර සමාගම විසින් ගනුදෙනුවක් දින 5ක් (T+5) අදාළ කොටස් විකුණා ඔවුන්ට හිමි මුදල නැවත ලබා ගනු ඇත.

    16. තැරැව්කරුවෙකුගේ මැදිහත්වීමෙන් තොරව මට තනිව කොටස් ගනුදෙනු කල හැකිද?

    වර්තමානයේ බොහෝ තැරැව්කාර සමාගම් අන්තර්ජාල ගනුදෙනු මෘදුකාංග (Online Trading Applications) සේවා සපයයි. මෙම මෘදුකාංග ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා ඔබට තනිව කොටස් ගනුදෙනු වල නියැලීමේ අවස්ථාව ඇත.තැන්පතුවෙ ප්‍රමාණය මත Online Trading Application එක ලබා ගැනීමට හැකිවේ.මෙමගින් ආයෝජකයන්ට ස්වධීන තීරණ මත ගනුදෙනු වල නියැලීමට ඉඩ සැලසේ. එහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල දක්නට පුළුවන. යහපත නම්, ආයෝජන උපදේශකයෙකු අමතා ගනුදෙනු කිරීමේදී ඇතිවන ප්‍රමාදය මගහැරීමෙන් ඔබට ක්‍ෂණික ගනුදෙනු මගින් වාසි උදාවනු ඇත. මෙහි අයහපත් ප්‍රතිඵලය නම් ඔබ ස්වාධීනව තීරණ ගන්න හෙයින් ඔබ වැරදි තීරණයකට එළඹීමේ සම්භාවිතාව ඉහල යයි. එනමුත් ආයෝජන උපදේශකයෙකුට කොටස් පිළිබඳව මනා අවබෝධයක් ඇති හෙයින් ඔබට වඩා හොඳ තීරණයක් ගැනීමට උපකාර විය හැකිය.
    එබැවින් අපගේ අවවාදය, ඔබ ස්වාධීනව ගනුදෙනු වල යෙදෙන අතරම ඔබගේ ආයෝජන උපදේශකයා සමඟ නිරතුරුව සම්බන්ධ වී වෙළෙඳපොල නවතම තොරතුරු සමඟින් දැනුවත් විය යුතුය යන්නයි.

    17. මාගේ ඉංග්‍රීසි දැනුම එතරම් හොද තත්වයක නොමැත. එය ප්‍රශ්නයක්ද?

    කොහෙත්ම නැත. කොටස් කියවීම ඉගෙන ගන්න හරිම පහසුයි. තවද තැරැව්කාර සමාගම් සියලු තොරතුරු ඉංග්‍රීසි බසින් මෙන්ම සිංහල බසින්ද ලබා දෙනු ලබයි. එමෙන්ම, ඔබට හොඳින් ඉංග්‍රීසි බස කතා කිරීමට හැකි වුවත්, ඔබගේ උපදේශකයා සමඟ ඔබ හිතවත් වෙත්ම ඔබගේ සංවාදය සිංහල බසින් කිරීමට ඔබ පෙළඹෙනු ඇත. මෙය ලංකාවේ බොහෝ ව්‍යාපාර සම්බන්ධතා වලට පොදුවූ කරුණකි.
    නැවතත්, කොටස් වෙළඳපොළ ගනුදෙනු සදහා ඔබට හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නොවේ.

    18. කොළඹ කොටස් වෙළඳපොළ බලවත් ආයෝජකයින් අතලොස්සකගේ වුවමනාව මත දෝලනය වන බව සත්‍යක්ද

    අපට මේ පිළිබඳ නිශ්චිත පිළිතුරක් දීමට හැකියාවක් නැත. ඔබ දැනටමත් දන්නා පරිදි කොළඹ කොටස් වෙළඳපොළ ලෝකයේ දියුණු රටවල කොටස් වෙළඳපොළවලට සාපේක්ෂව කුඩා පරිමාණයේ වෙළඳපොළකි. විශේෂයෙන්ම සැලකිය යුතු කාරණයක් නම්, මෙම මිත්‍යාව හෝ සත්‍ය ලෝකයේ බොහෝ දියුණු කොටස් වෙළඳපොළ වලටද බලපාන කරුණක් බවයි. එබැවින් කිසිවෙක් නිශ්චිත පිළිතුරක් නොදන්නා මෙම ප්‍රශ්නය සම්බන්ධව ඔබ නිකරුනේ සිතීමට කාලය ගත කිරීම ඵලදායි නැත. ඔබ සිතිය යුත්තේ කොටස් වෙළඳපොළ තුල ඔබට දියුණු වීමට අවස්ථා ඇත්ද, නැත්ද යන්න ගැන පමණි.

    Asanka Senevirathna (Biz Assist Holdings) අයියා පල කල පෝස්ටුවකින්
     
    • Like
    Reactions: adowhybn and Pinkbc

    24X7

    Well-known member
  • Oct 22, 2017
    739
    568
    93
    මම දැන් නම් වැඩිය ලංකාවේ ඒවා ගන්නේ නැ. කොරෝන කාලේ නම් ගොඩක් ගත්තා දැන්නම් මාකට් එක ගොඩක් වැඩි..

    1) මේක මට 100% අනුමත කරන්න පුළුවන් ඕන කෙනෙකුට. subscribe කරන්න වටිනවා අලුත් කෙනෙකුට (මෙයා දැන් නම් වීඩියෝ දාන්නේ නැ මොකද දන්නේ නැ)
    keshan hareshu - https://www.youtube.com/channel/UCxtp3AXsgmkpUP3U8fSf2CQ/about

    2) මේකත් ගොඩක් හොද එකක් මට 80% අනුමත කරන්න පුළුවන්
    Tellers Academy - https://www.youtube.com/user/fsamanthika

    3) මේකත් ගොඩක් හොද එකක් මට 60% අනුමත කරන්න පුළුවන්
    Senima Investing - https://www.youtube.com/channel/UCHkHd7hnRNnGxKN1e1MjXVw

    4) මේකත් ගොඩක් හොද එකක් මට 45% අනුමත කරන්න පුළුවන් අලුතින් එන කෙනෙකුට (මෙයා ගේ ඔක්කොම මම බලලා නැ පොඩ්ඩක් මෙයා ගන්න ඒවා අනිත් කට්ටියට මර්කෙට් කරනවා )
    SL BiZ - https://www.youtube.com/c/SLBiZ/about

    මේ හැමෝගෙම වීඩියෝ ඔක්කොම මම බලලා නැ මට ඕන ඒවා පමණක් මම බලනවා.