Share Market Mega Thread

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    2021-02-12

    New-Project-7.png

    ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ඒ්කක ප්‍රමාණය අද (12) දිනයේ දී වාර්තා විය. ඒ් අනුව අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒ්කක 387.19 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී ඒය ඒ්කක 7985.00 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 5.10% ක සුවිශේෂී වර්ධනයකි.

    පසුගිය ජනවාරි 22 දින ඒකක 332.18 කිින් සියලු කොටස් මිල දර්ශක අගය වැඩි වූ අතර ඒය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධනාත්මක ඒ්කක ප්‍රමාණය වේ.

    2021 ජනවාරි 27 න් පසු ගනුදෙනු දින 9 ක් තුළ දී දින 7 ක දීම සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අතර අවසාන ගනුදෙනු දින 4 තුළ දීද මිල දර්ශකවල අඛණ්ඩ පහළ යාමක් වාර්තා විය.

    අද දිනයේ දී රුපියල් බිලියන 5.17 ක ගනුදෙනු පිරිවැටුමක් කොටස් ගනුදෙනු හරහා වාර්තා වී තිබේ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,315
    113

    ධම්මික පෙරේරාගේ ටයිල් සමාගම් තුනක ලාභාංශ ගෙවීම මාර්තු 17 දා​

    February 13, 2021 admin

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ටයිල් සමාගම් තුනක් වන ලංකා ටයිල්ස් පීඑල්සී (TILE.N), ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී (LWL.N) සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී (RCL.N) යන සමාගම් සිය කොටස් හිමිකරුවන් සඳහා වන ලාභාංශ ගෙවීම පිළිබඳව නිවේදන නිකුත් කර තිබේ.
    මේ අතරින් ලංකා ටයිල්ස් පීඑල්සී සමාගම සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 12.30ක ලාභාංශ ගෙවන බව පවසයි. එහිදී මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවනු ලබන බවත් එය දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමක් බවත් ලංකා ටයිල්ස් පවසයි. සමාගමට අනුව එහි ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 23 වැනිදා නම් කර ඇති අතර ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.
    එසේම ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගම මගින් සිදු කරන ලාභාංශ ගෙවීමේදී එක් ඡන්ද හිමි කොටසක් සඳහා රුපියල් 10ක් ලබා දෙන බව පවසයි. එහිදී 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මෙම ලාභාංශ ගෙවන අතර එය දෙවැනි අතරමැදි ලාභාංශය ලෙස සඳහන් වෙයි. එම සමාගමේද ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ලබන පෙබරවාරි 23 වැනිදා නම් කර ඇති අතර ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 17 වැනිදා නම් කෙරී ඇත.

    Enbsl
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    Share value ekath ekka gewana gaana adu wela kalinta wada
     
    • Like
    Reactions: adowhybn

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    දුම්කොළ සමාගම යළිත් මෙරට විශාලම සමාගම බවට පත්වෙයි

    February, 15, 2021 ude new ekak
    New-Project-11.png

    කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ පසුගිය සතිය තුළ දී වාර්තා වූ අනපේක්ෂිත උච්ඡාවචනයන්ගෙන් පසු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, විශාලතම සමාගම් ලැයිස්තුව නැවත වරක් සංශෝධනය වී තිබේ.
    මේ අනුව 2021 ජනවාරි අවසාන සතියේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් අංක 1 දක්වා සීඝ්‍රයෙන් ඉහළට පැමිණි LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී මේ වන විට දෙවැනි තැනට පත්ව තිබෙන අතර රු. බිලියන 206 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමින් ලංකා දුම්කොළ සමාගම අංක 1 ස්ථානය යළිත් වරක් තහවුරු කර ගෙන ඇත. දෙවන තැන සිටින LOLC හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 204.69 ක් වන අතර තෙවන ස්ථානයේ සිටින ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. බිලියන 203.53 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබයි.
    ඒමෙන්ම ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම රු. බිලියන 101.26 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගයකට හිමිකම් කියමින් මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය දක්වා පැමිණෙද් දී පසුගිය සිකුරාදා (12) ගනුදෙනු අවසාන විට වෙනත් කිසිදු සමාගමක් රු. බිලියන 100 ඉක්මවූ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් නොකීම විශේෂත්වයකි.
    සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

    deranabiz
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    දුම්කොළ සමාගම යළිත් මෙරට විශාලම සමාගම බවට පත්වෙයි

    February, 15, 2021

    Patta mcn
     
    • Like
    Reactions: adowhybn