Share Market Mega Thread

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :( :( market eka dakkama.. dukai dukai dukai
    රට බංකොලොත් වීම අබියස තියෙද්දී share market එක up වෙන්න පිස්සුද?

    උබලට තලන්න ඕන සිරාගේ මඩු වලිගෙන්...
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    සන්ෂයින් හෝල්ඩිංග්ස් කොටස් ගණුදෙනු මාර්තු 26 සිට 30 තෙක් අත්හිටුවනවාලු

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනු ලබන මාර්තු 26 වැනිදා සිට 30 වැනිදා දක්වා අත්හිටුවීමක් සිදු කරන බව එම සමාගම නිවේදනය කරයි.

    සමාගම මගින් යෝජිත සිය කොටස් අතුරු බෙදීම හේතුවෙන් මෙලෙස එම කොටස් ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ. ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන එම සමාගමේ මහා සභා රැස්වීමෙන් අනතුරුව එම දිනය අවසානයේදී පැවැති කොටස් හිමිකාරීත්වය අනුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරීමට නියමිතව ඇත.

    සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පසුගිය පෙබරවාරි 05 වැනිදා අනාවරණය කළ ආකරයට පෙබරවාරි 03 වැනිදා පැවැත්වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් තුනක් (1ට 3 අනුපාතයට) නිකුත් කිරීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 149,554,103 සංඛ්‍යාව කොටස් 448,662,309 ක් දක්වා ඉහළ යාමට නියමිතව ඇත.

    කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සිය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කෙරෙහි කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි. මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන පෙබරවාරි 25 වැනිදා පැවැත්වෙන මෙම මහා සභා රැස්වීමේදී ලැබෙන අනුමැතිය අනුව සිදු වීමට නියමිතව තිබේ.

    enbsl

    පෙර සූදානම හෙවත් විවිධ ආයෝජන අවස්ථා හඳුනාගැනීම
    තම ඉතිරි කිරීම් ආයෝජනය කිරීමේ වැදගත් කම අවබෝධ කරගත් පසු ආයෝජනය කිරිමට ඇති විවිධ ක්‍රමවේද සහ අවස්ථා හඳුනා ‍ගෙන ඒ අතරින් තමන්ට සුදුසුම ක්‍රම වේදය තෝරා ගැනීම ඉතා වැදගත් කරැණකි. ක්ෂණික හැඟීම් වලට වහල් නොවෙමින් ද නොමඟ යවනසුලු ප්‍රචාරක උපක්‍රම වලට හසු නොවෙමින් ද වෙහෙස මහන්සියෙන් උපයා ගත් තම ධනය ඉවසී‍මෙන් සහ මනා අධ්ය්‍යයනයකින් තෝරා ගත් ආයෝජන සැලැස්මක යෙදවීම මනා සංයමයකින් යුතුව කළ යුතු වෙයි.

    වාණිජ බැංකුවල ඉතිරි කිරීමේ ගිණුම් පවත්වා ගෙන යාම, මූල්‍ය හෝ කල්බදු සමාගම් වල හෝ ගිණුම් ඇරඹීම, මුදල් ණයට දීම, බැංකුවල හෝ රජයේ සුරැකුම්පත් වල ආයෝජනය, කොටස් වෙළඳපල ආයෝජනය, අනාගතයේදී මිල ඉහල යාහැකි වත්කම් මිලට ගැනීම සහ තම ව්‍යාපාර කටයුතු සඳහාම මුදල් යෙදවීම දැනට ඔබට ඇති ප්‍රධාන ආයෝජන ක්‍රම හා විධි වෙයි.

    “ඔබගේ සියලු බිත්තර එකම මල්ලක දමාගන්න එපා” (Don’t put all your eggs in one basket) යන ඉංග්‍රීසි කියමන ආදර්ශ පාඨයක් ලෙස මෙහිලා සිහිගන්වනු කැමැත්තෙමි. මින් අදහස් වන්නේ තම සියලු වත්කම් ඉහත දැක්වූ එක් ආයෝජන ක්‍රමයක පමණක් යෙදවීම නුසුදුසු බවය. එයට හේතු වන්නේ ආයෝජකයාගේ එදිනෙදා අවශ්‍යතාවන් වල වෙනස් කමි හා එක් එක් ආයෝජන ක්‍රම වල ඇති අවදානම් මට්ටමේ වෙනසත් ප්‍රතිලාභවල ඇති වෙනස් කමුත්ය. කෙසේ වතුදු තම ආයෝජන අනවශ්‍ය ලෙස ආයෝජන ක්‍රම විශාල සංඛ්්‍යාවක නොයෙදවීමටද වග බලාගත යුතුය. (Don”t put your eggs in too many baskets either) ඒ මන්ද යත් එවිට එම ආයෝජනවල කාර්‍ය්‍ය සාධනය පිළිබඳ සොයා බැලීම දුශ්කර බැවිනි. වඩාත් යෝග්‍ය වන්නේ තමන්ට පහසුවෙන් පාලනය කරගත හැකි සුදුසු ආයෝජන ක්‍රම කිහිපයක පමණක් තම ඉතිරි කිරීම් යෙදවීමය.

    ආයෝජකයෙකු තම එදිනෙදා සහ කෙටිකාලීන අවශ්‍යතා සඳහා කිසියම් නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් වෙන් කර තැබීම අනිවාර්ය වේ. මෙම අරමුදලේ ප්‍රමාණය එක් එක් තැනැත්තාගේ අවශ්‍යතාවන් අනුව තීරණය කල යුතුය. එම අරමුදල පහසුවෙන් අවශ්‍ය විට ආපසු ලබාගත හැකිලෙස සුදුසු ඉතිරි කිරීමේ ගිණුමක තබාගත හැකිය. වෙනත් ආයෝජන අවස්තා සඳහා සිත යෙදවිය යුත්තේ ඉන් පසුව ඉතිරියක් ඇතිනම් පමණි.
    Amila Muthukutti
    Financial Advisor
    ------ Post added on Mar 1, 2021 at 4:31 PM

    image004(2).jpg

    ------ Post added on Mar 1, 2021 at 4:56 PM

    සෙලාන් බැංකුවේ වැඩි බලය වෙනුවෙන් ධම්මික – ඉෂාර සීතල සටනක. කැප්ටන් පවුල ඉවතට

    Dhammika-Ishara-Ada-Derana-Biz.png

    වර්තමාන‌යේ දී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා කවුරුන්දැයි ඇසුවහොත් නිතැතින්ම මනසට ඒන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නාමයයි. කෙසේවෙතත් ධම්මික ගේ මෙම කිරුළට අභියෝගයක් වෙමින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් සමූහයක් වන LOLC සමූහයේ උපසභාපති ඉෂාර නානායක්කාර ගේ නම ද මේ වන විට ඒම ලැයිස්තුවේ ඉහළට පැමිණ ඇත. පසුගිය වසරේ දී LOLC සමූහයේ උප සමාගමක් වූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම ඩොලර් මිලියන 603 ක් හෙවත් රු. බිලියන 120 ක මිලකට විකිණීමත් සමඟම ඉෂාර නානායක්කාර වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. ඒසේම පසුගිය ජනවාරි මාසයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටස් මිල රු. 500 ඉක්මවා යාමත් සමඟම එය කොටස් වෙළෙඳපොළේ විශාලම සමාගමට පත්වීම ඒකී අවධානය දෙගුණ තෙගුණ කරලන්නට සමත්විය.

    කෙසේවෙතත් මේ කතාව මෙකී ශ්‍රී ලංකාවේ ලොකුම සල්ලිකාරයන් දෙදෙනාගේ අවධානය මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වෙත යොමු වී තිබෙන ආකාරය අනාවරණය කිරීමටයි.

    වර්තමානයේ දී ලංකාවේ ලොකුම ධනවතා ධම්මික පෙරේරා හෝ ඉෂාර නානායක්කාර යන දෙදෙනාගෙන් ඒක් අයෙකු වුව ද මීට වසර 20 කට පෙර ඒම කිරුළ දැරුවේ කවුරුන්දැයි යන්න විමසුවහොත් මතකයට නැගෙන නම් කිහිපයකි. ඒ අතුරින් ලලිත් කොතලාවල ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි බව අතිශෝක්තියක් නොවේ. මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව ලලිත් කොතලාවලගේ සභාපතිත්වය යටතේ 1987 වසරේ දී ආරම්භ වන්නකි. කෙසේවෙතත් 2008 වසරේ දී සෙලින්කෝ සමූහයේ අනුබද්ධ සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවන් හේතුවෙන් ඒම සමූහයේ කඩා වැටීමත්, ඉන්පසු මහ බැංකුවේ මැදිහත් වීම මත සෙලාන් බැංකුව යළි යථාතත්තවයට පත් වීමත් සිදුවේ.

    අද වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස් වෙනවෙනම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත. මෙහිදී ඡන්ද බලය හිමි කොටස් හිමිකාරීත්වය අනුව ලැයිස්තුවේ මුල් තැන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිව ඇත්තේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 15%කට හිමිකම් කියමිනි. නමුත් 2020 වසර දෙස අවධානය යොමු කිරීමේ දී මෙම ලැයිස්තුවේ සෙසු ස්ථානවල කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.

    2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ප්‍රමුඛ කොටස්කරුවකු නොවූ ධම්මික පෙරේරා 2020 සැප්තැම්බර් 30 වන විට කොටස් මිලියන 15.92 ක් හෙවත් 6.20%ක කොටස් අයිතියක් අත්පත් කර ගනිමින් සෙලාන් බැංකුවේ 6 වැනි කොටස්කරුවා බවට පත්ව ඇත. ඒ වන විට LOLC සමූහය යටතේ ඇති Brown & Company PLC විසින් කොටස් මිලියන 35.61 ක් හෙවත් 13.87% ක හිමිකාරීත්වයක් සහිතව සෙලාන් බැංකු ඡන්ද බලය හිමි කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයත්, LOLC Investments Ltd විසින් කොටස් මිලියන 24.52 ක් හෙවත් 9.55% ක කොටස් අයිතියක් සමඟින් 4 වැනි ස්ථානයත් තහවුරු කර ගෙන තිබුණි.

    මේ අතර 2020 දෙසැම්බර් කාර්තුව තුළ දී සෙලාන් බැංකුවේ කොටස් අයිතිය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ධම්මික පෙරේරා කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2020 දෙසැම්බර් 31 වන විට ධම්මික සිය කොටස් හිමිකාරීත්වය කොටස් මිලියන 25.39 ක් ඒනම් 9.89% ක් දක්වා වර්ධනය කරගනිමින් මෙකී ලැයිස්තුවේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

    2020 සැප්තැම්බර් 30 වන විට මෙකී ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ සිටි සෝලි කැප්ටන් හා 16 වැනි ස්ථානයේ සිටි ඔහුගේ දියණිය ලීසා කැප්ටන් 2020 දෙසැම්බර් 31 දින වන විට ප්‍රමුඛ කොටස්කකරුවන් 20 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. සෝලි කැප්ටන් යනු මෙරට ප්‍රමුඛතම බිලියනපතියෙකි. දැවැන්ත සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඒල්සී කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ අංක 01 ට සිටින පුද්ගලයා යි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රාග්ධනයෙන් 11.6% ක් හෙවත් කොටස් මිලියන 152.60 ක් ඔහු ගේ නම ඉදිරියෙන් ලියැවී තිබෙන අතර ඔහුගේ පුත් රූසි කැප්ටන් ඒම ලැයිස්තුවේ 8 වැනි තැන සිටින්නේ කොටස් මිලියන 25.86 ක් හෙවත් 2%ක ප්‍රමාණයකට හිමිකම් කියමිනි. 2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ 06 වැනි තැන සිටි රූසි කැප්ටන් ගේ කොටස් මිලියන 15.80 ක් හෙවත් 6.16% ක්වූ හිමිකාරීත්වය ඉන්පසු දක්නට ලැබෙන්නේ නැත. මේ අනුව පැහැදිලි වන්නේ කැප්ටන් පවුල සතුව පැවති සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇති බවකි.

    සෙලාන් බැංකුවේ නිෂ්ඡන්ද කොටස් හිමිකාරීත්වයෙන් 46% ක් හෙවත් කොටස් මිලියන 119.75 ක් LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී සතුව පවතී.

    මෙම ලැයිස්තුව තවදුරටත් වෙනස් වී ඇත්දැයි සෙවීමට නම් 2021 මාර්තු 31 මූල්‍ය වාර්තා ඒළිදකින තෙක් සිටිය යුතු වනු ඇත.

    2020 දෙසැම්බර් 31 දිනට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින 20 දෙනා පහතින් දැක්වේ.

    0013.jpg

    biz ada derana
    ------ Post added on Mar 1, 2021 at 5:26 PM
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    ශ්‍රී ලංකාවේ ලොකුම බිස්කට් හා චොකලට් කර්මාන්තශාලාව හෝමාගමට. ධම්මික පෙරේරාගේ තවත් දැවැන්ත වැඩක්

    • ජාත්‍යන්තර සන්නාමයන්ගේ බිස්කට් වර්ග 5 ක් හා චොකලට් වර්ග 3 ක්
    • නව රැකියා 1,500 ක්
    • දර්ශනීය කොකෝවා වගාවක්
    • කාර්මාන්තශාලාවේ ධාරිතාවය, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවයට සමානයි
    ශ්‍රී ලංකාවේ වාර්ෂික බිස්කට් සහ චොකලට් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලික වැඩකටයුතු මේ වන විට ලහිලහියේ සකස් වෙමින් පවතී. හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ අක්කර 35 ක භූමිභාගයක මෙම අතිනවීන කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූලික අදියරේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නවතම ව්‍යාපාරික මුල පිරීමක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික බිස්කට් අවශ්‍යතාවය ටොන් 12,000 ක් සහ චොකලට් අවශ්‍යතාවය ටොන් 1,400 ක් පමණ වේ. මෙකී අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීමට මෙලෙස ඉදිවන නව කර්මාන්තශාලාව සමත් වුවද, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙනු ඇත.

    අද දෙරණ Biz වෙත වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකිරීම මෙකී නව කර්මාන්ශාලාවේ ප්‍රධාන අරමුණයි. ඒ් අනුව ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් එන බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක් මෙම කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිතය.

    මීට අමතරව මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මහාපරිමාණ කොකෝවා වගාවක් ද ආරම්භ කිරිමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ් අනුව මෙතෙක් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයක් යටතේ පමණක් බහුලව දැකිය හැකි වූ දර්ශනීය කොකෝවා වගාවක් නුදුරේදීම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පුරවරයේ දී අපට දැකගත හැකිවනු ඇත.

    මෙම කර්මාන්ත ශාලාව හරහා නව රැකිය 1,500 ක් නිර්මාණය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමඟ හවුලකට කැබිනට් අනුමැතිය. දේශීය නියෝජිතයා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්

    JKH-150-Years-logo-01-1.jpg

    කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
    ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කරන ලද ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැත.
    දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කර ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC (APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    bizadaderana

    විදුල්ලංකා පීඑල්සී ඔරික් කෝපරේෂන්හි 51%ක් අත්පත් කරගනී

    කොළඹ කොටස් හුවමාරුවෙහි උපයෝගිතා අංශය යටතේ ලැයිස්තුගත සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සීමාසහිත ඔරික් කෝපරේෂන් (පෞද්) සමාගමේ 51%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කර ගැනීම පසුගියදා සිදු වූ බව පවසයි.

    මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් සමාගමක් වන ඔරික් කෝපරේෂන් සමාගම සතුව මොනරාගල ප්‍රදේශයේ භූමිය මත ඉදි කෙරෙන මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් සඳහා වන හිමිකම සහ අනුමැතිය සහිත බවත් සඳහන් වෙයි.

    එසේම අද වනවිට ඔරික් කෝපරේෂන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඇති කරගෙන තිබෙන බලශක්ති හුවමාරු එකඟතාව යටතේ, එම සමාගම මගින් වසර 20ක කාලයක් සඳහා ඒකකයක් රුපියල් 15.97 බැගින් මණ්ඩලය වෙත ගෙවීමක්ද සිදු කරන බවත් පවසයි.

    මෙම කොටස් අත්පත් කරගැනීමට අනුව විදුල්ලංකා සමාගම තවදුරටත් ඔරික් කෝපරේෂන් සමාගමේ 10%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට නියමිතව ඇති බවත්, එසේම තවදුරටත් සිදු කරන ආයෝජන හරහා අදාළ සමාගම තුළ තම හිමිකාරීත්වය 87%ක් දක්වා වර්ධනය කරගැනීමටත් කටයුතු යොදන බවත් පවසා සිටියි.

    මෙහිදී අදාළ අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් පසුගිය දෙසැම්බර් මාසයේ 22 වැනිදා නිවේදනය කළ රුපියල් මිලියන 250ක් වටිනා සිය නිෂ්ඡන්ද කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

    දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මොනරාගලදී සිදු කරන ඉහත සඳහන් ව්‍යාපෘතිය අත්පත් කරගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 125ක් ලෙස ගණන් බලා තිබේ. මේ අතර විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් සීමාසහිත වෙනර්ජි ලංකා (පෞද්) සමාගම ලෙස සිය පූර්ණ පරිපාලිත සමාගමක් ද ස්ථාපිත කර ඇති බවත්, ඒ හරහා තරගකාරී ටෙන්ඩර් සඳහා ලංසු ඉදිරිපත් කිරීම මූලික අරමුණ බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

    enbsl
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Long term PAP eka gana idea ekak toyeda machan?
    eyala ara aluthin heduwa balagare weda iwarai kiyala balagare weda patan aran kiyala tibba. eka nisa oka long term hoda wei (day trade karana ayata nam wedak na). auruddata Million 100k wage adayamak enawa kiyala eyala kiyanne ea project eken.Iye director purchase tibba 9,474,013 k 3.50LKR walin. giya
    February idan director purchase yanwa loku quantity walin.
    Dividend nam 0.12 LKR. XD date nam tibba Payment date March 16da koheda
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63

    ela machan
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    ශ්‍රී ලංකාවේ ලොකුම බිස්කට් හා චොකලට් කර්මාන්තශාලාව හෝමාගමට. ධම්මික පෙරේරාගේ තවත් දැවැන්ත වැඩක්

    • ජාත්‍යන්තර සන්නාමයන්ගේ බිස්කට් වර්ග 5 ක් හා චොකලට් වර්ග 3 ක්
    • නව රැකියා 1,500 ක්
    • දර්ශනීය කොකෝවා වගාවක්
    • කාර්මාන්තශාලාවේ ධාරිතාවය, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවයට සමානයි
    ශ්‍රී ලංකාවේ වාර්ෂික බිස්කට් සහ චොකලට් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලික වැඩකටයුතු මේ වන විට ලහිලහියේ සකස් වෙමින් පවතී. හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ අක්කර 35 ක භූමිභාගයක මෙම අතිනවීන කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කෙරෙන මූලික අදියරේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නවතම ව්‍යාපාරික මුල පිරීමක් ලෙසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

    මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික බිස්කට් අවශ්‍යතාවය ටොන් 12,000 ක් සහ චොකලට් අවශ්‍යතාවය ටොන් 1,400 ක් පමණ වේ. මෙකී අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලීමට මෙලෙස ඉදිවන නව කර්මාන්තශාලාව සමත් වුවද, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතාවයෙන් 15% ක් පමණක් මෙම කර්මාන්ත ශාලාවෙන් නිකුත් කෙරෙනු ඇත.

    අද දෙරණ Biz වෙත වාර්තා වන ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනයන් සිදුකිරීම මෙකී නව කර්මාන්ශාලාවේ ප්‍රධාන අරමුණයි. ඒ් අනුව ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් එන බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක් මෙම කර්මාන්තශාලාවේ දී නිෂ්පාදනය කිරීමට නියමිතය.

    මීට අමතරව මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මහාපරිමාණ කොකෝවා වගාවක් ද ආරම්භ කිරිමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ් අනුව මෙතෙක් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයක් යටතේ පමණක් බහුලව දැකිය හැකි වූ දර්ශනීය කොකෝවා වගාවක් නුදුරේදීම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පුරවරයේ දී අපට දැකගත හැකිවනු ඇත.

    මෙම කර්මාන්ත ශාලාව හරහා නව රැකිය 1,500 ක් නිර්මාණය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමඟ හවුලකට කැබිනට් අනුමැතිය. දේශීය නියෝජිතයා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්

    JKH-150-Years-logo-01-1.jpg

    කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, 2021 පෙබරවාරි මස 01 දින දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
    ඒ අනුව, සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කරන ලද ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති අතර ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු නම් කර නොමැත.
    දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා පදනම් කර ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පරිදි Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) සහ එම සමාගමේ දේශීය නියෝජිත වන John Keels Holding PLC (APSEZ Consortium) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු භාර දීමේ පදනම යටතේ බටහිර බහළු පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    bizadaderana

    විදුල්ලංකා පීඑල්සී ඔරික් කෝපරේෂන්හි 51%ක් අත්පත් කරගනී

    කොළඹ කොටස් හුවමාරුවෙහි උපයෝගිතා අංශය යටතේ ලැයිස්තුගත සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සීමාසහිත ඔරික් කෝපරේෂන් (පෞද්) සමාගමේ 51%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කර ගැනීම පසුගියදා සිදු වූ බව පවසයි.

    මෙරට තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් සමාගමක් වන ඔරික් කෝපරේෂන් සමාගම සතුව මොනරාගල ප්‍රදේශයේ භූමිය මත ඉදි කෙරෙන මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් සඳහා වන හිමිකම සහ අනුමැතිය සහිත බවත් සඳහන් වෙයි.

    එසේම අද වනවිට ඔරික් කෝපරේෂන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඇති කරගෙන තිබෙන බලශක්ති හුවමාරු එකඟතාව යටතේ, එම සමාගම මගින් වසර 20ක කාලයක් සඳහා ඒකකයක් රුපියල් 15.97 බැගින් මණ්ඩලය වෙත ගෙවීමක්ද සිදු කරන බවත් පවසයි.

    මෙම කොටස් අත්පත් කරගැනීමට අනුව විදුල්ලංකා සමාගම තවදුරටත් ඔරික් කෝපරේෂන් සමාගමේ 10%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට නියමිතව ඇති බවත්, එසේම තවදුරටත් සිදු කරන ආයෝජන හරහා අදාළ සමාගම තුළ තම හිමිකාරීත්වය 87%ක් දක්වා වර්ධනය කරගැනීමටත් කටයුතු යොදන බවත් පවසා සිටියි.

    මෙහිදී අදාළ අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් පසුගිය දෙසැම්බර් මාසයේ 22 වැනිදා නිවේදනය කළ රුපියල් මිලියන 250ක් වටිනා සිය නිෂ්ඡන්ද කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

    දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මොනරාගලදී සිදු කරන ඉහත සඳහන් ව්‍යාපෘතිය අත්පත් කරගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා වැය වන මුදල රුපියල් මිලියන 125ක් ලෙස ගණන් බලා තිබේ. මේ අතර විදුල්ලංකා පීඑල්සී සමාගම මගින් සීමාසහිත වෙනර්ජි ලංකා (පෞද්) සමාගම ලෙස සිය පූර්ණ පරිපාලිත සමාගමක් ද ස්ථාපිත කර ඇති බවත්, ඒ හරහා තරගකාරී ටෙන්ඩර් සඳහා ලංසු ඉදිරිපත් කිරීම මූලික අරමුණ බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

    enbsl

    :yes: :yes: :yes:

    ela machan

    mcn advice ekathama meka buy krnna epa dn risk ekak tynwa