විදුලිබල මණ්ඩලයේ රු.බි. 20ක් වටිනා ණයකර නිකුතුව 8 වැනිදා
April 2, 2021 admin
ලංකා විදුලි බල මණ්ඩලය විසින් කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් 100ක වටිනාකමින් යුත් ණයකර කොටස් මිලියන 200ක් අලෙවි කිරිම සඳහා සඳහා සිදු කළ ඉල්ලීම කොළඹ කොටස් හුවමාරුව මගින් අනුමත කර ඇතැයි පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලය වෙත අවශ්‍ය රුපියල් බිලියන 20ක ප්‍රාග්ධන සම්පාදනයක් වෙනුවෙන් මෙම ණයකර නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. ලබන අප්‍රේල් 08 වැනිදා මෙම ණයකර කොටස් මිලදී ගැනීම සඳහා ආයෝජකයන් වෙත විවෘත කිරීමට නියමිතව ඇත.
මෙය ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර නිකුතුවක් ලෙස හඳුන්වා දී තිබේ. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරී ඇත. වසර පහක කාලයකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකර කොටස් නිකුතුවෙහි වාර්ෂික පොළී අනුපාතය 9.35% කි.
මූලික ණයකර නිකුතුවේදී ණයකර කොටස් මිලියන 100ක් දී නිකුත් කෙරෙන අතර ඒ හරහා රැස් කෙරෙන ප්‍රාග්ධනය රුපියල් බිලියන 10කි. යම් හෙයකින් මේ සඳහා අධිඉල්ලුමක් හිමි වුවහොත් තවත් ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව සමස්ත ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 20කි.
ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම ණයකර කොටස් නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “ලංකා විදුලි බල මණ්ඩලය සිය ප්‍රාග්ධන අවශ්‍යතාවන් කොළඹ කොටස් හුවමාරුව හරහා සිදු කරගැනීමට ගත් තීරණය පිළිබඳව අප සතුටු වෙනවා. විශේෂයෙන්ම ප්‍රාග්ධනය රැස් කගැනීම සඳහා වන වඩාත් සාර්ථක සහ බලපෑම් සහගත ස්ථානයක් ලෙස පෞද්ගලික හා රාජ්‍ය ආයතන විසින් කොටස් වෙළඳපොල කෙරෙහි තබා ඇති විශ්වාසය මෙමගින් යළිත්වරක් පෙන්නුම් කරනවා.” යනුවෙන් පවසා සිටියි.
enbsl
ප්‍රයිම් රෙසිඩෙන්සීස් රු. බිලියන 1.95ක මූලික මහජන කොටස් නිකුතුවකට සැරසෙයි
April 3, 2021 admin
මෙරට සුප්‍රසිද්ධ දේපළ වෙළෙඳාම් සමාගම් සමූහයක් වන ප්‍රයිම් ලෑන්ඩ් ගෘප්හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් පෞද්ගලික සමාගම කොළඹ කොටස් හුවමාරුව (CSE) තුළ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන මූලික මහජන කොටස් (IPO) නිකුතුවක් හරහා රුපියල් බිලියන 1.95ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි.
මෙහිදී සමාගම සතු සමස්ත කොටස් අතරින් 20෴ක කොටස් ප්‍රතිශතයක් එසේත් නැත්නම් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 100ක් ආයෝජකයන් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත. කොටසක් රුපියල් 10.40ක් ලෙස ගණනය කෙරී තිබේ. ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 1.40 කි.
මෙම පළමු නිකුතුව සඳහා ලැබෙන අධිඉල්ලුමත් සමගින්ම තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 87.5ක් නිකුත් කිරීමටද ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පෞද්ගලික සමාගම සූදානමින් සිටියි. ඒ හරහා රැස් කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 910කි. ඒ අනුව මෙම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.95කි.
අප්‍රේල් මාසය ඇතුළතදී මෙම මූලික මහජන කොටස් නිකුතුව ප්‍රසිද්ධියට පත් කිරිමට සමාගම බලාපොරොත්තු වන අතර එහි කළමානාකරුවන් ලෙස Acuity Partners සමාගම ක්‍රියාකරන බවත් පැවසෙයි.
මෙරට තුළ පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් මෙන්ම දේපළ වෙළෙඳාමට සම්බන්ධ සමාගම් වෙත කොළඹ කොටස් හුවමාරුව හරහා සිය ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිදු කළ ආරාධනාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් මෙලෙස කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගතවීමට තීරණයකර තිබෙන බවත් වාර්තා පවසයි.
ශ්‍රී ලංකාව තුළ ඉහළ පිළිගැනීමක් සහිත සන්නාමයක් වන ප්‍රයිම් සමූහය, ICTA Lanka වර්ගීකරණ ආයතනය මගින් එතෙක් මෙතෙක් (SL)A – වර්ගීකරණය ලබා ගත් එකම ශ්‍රී ලාංකික දේපළ වෙළෙඳාම් සමූහය ලෙසින්ද සැලකෙයි. 2016 වසරේදී ප්‍රයිම් හෝම්ස් (පෞද්ගලික) සමාගමේ ඒකාබද්ධතාවෙන් ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් බිහි විය. මේ හරහා %ප්‍රයිම් රෙසිඩෙන්සීස්^ යන නාමය යටතේ රට පුරාම ප්‍රධාන නගර තුළ කාටත් මිලදීගත හැකි පරිද්දෙන් සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සහ අලෙවිය සිදු කෙරිණි.
ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් සමාගම සඳහන් කරන ආකාරයට මේ දක්වා එම සමාගම කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගර ආශ්‍රිතව මහල් නිවාස ව්‍යාපෘති 40කට වඩා වැඩි ප්‍රමාණයක් ආරම්භ කර තිබේ. ඒ අතරින් ව්‍යාපෘති 35ක් මේ වනවිට සම්පූර්නයෙන්ම වැඩ නිමකර ඒවායේ නිවැසියන් වෙත ලබා දී තිබේ. එසේම ඉතිරි ව්‍යාපෘති 5ද මේ වසර තුළදී මේ වසර තුළදී වැඩ නිම කිරීමට සූදානමින් සිටියි.
2020 වසරේ අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමාගම රුපියල් මිලියන 138ක බදු පසු ලාභයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර එම වර්ෂයේදී අත්පත්කරගත් ආදායම රුපියල් බිලියන 5.7කි. එසේම මේ වසරේදී බදු පසු ලාභය රුපියල් මිලියන 975ක් දක්වාත්, ආදායම රුපියල් බිලියන 7.9ක් දක්වාත් වර්ධනය වෙනු ඇතැයිද ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පෞද්ගලික සමාගම පුරෝකතනය කර තිබේ.
enbsl
------
Post added on Apr 4, 2021 at 7:24 AM